Pages

Saturday, September 21, 2013

80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!


දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද අනිවාර්ය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පැනවූ නියෝගය අභියෝගයට ලක්‌ කරමින් ලංකා දුම්කොළ සමාගම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබුණු පෙත්සමේ තීන්දුව ඊයේ (20 දා) ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ප්‍රමුඛ සංඝරත්නය අධිකරණයෙන් නික්‌ම ගිය අයුරු.

දුම්පානයෙන් මිදීමට ජනතාවට කරන අවවාදයක්‌ වශයෙන් දුම්පානය කිරීමේ ආදීනව හා ශරීර සෞඛ්‍යයට ඉන් වන හානිය රූප සටහන් මගින් පෙන්වා දීමට සෑම සිගරැට්‌ පැකැට්‌ටුවකම මතුපිට ඉඩකඩ ප්‍රමාණයෙන් 80% ක්‌ අනිවාර්යයෙන්ම වෙන්කළ යුතු යෑයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා කළ නියෝගය ක්‍රියාත්මක කිරීම ශේ්‍රෂ්ඨාධිකරණය විසින් ලබන වර්ෂයේ ජනවාරි 22 වැනිදා දක්‌වා අත්හිටුවන ලදී.

ශ්‍රේෂ්ඨාධිකරණය ඇමැතිගේ නියෝගය එලෙස අත්හිටුවීමට තීරණය කළේ ලංකා දුම්කොළ සමාගම කළ ඉල්ලීමක්‌ සලකා බැලීමෙන් පසුවය.

සලීම් මර්ෂුප්, සත්‍ය හෙට්‌ටිගේ සහ එස්‌. ඊ. වනසුන්දර යන ත්‍රිපුද්ගල ශේ්‍රaෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගය පැවැත්විය.

විනිසුරු මඬුල්ලේ තීරණය ඒකමතික නොවූ අතර මර්ෂුප් හා හෙට්‌ටිගේ යන විනිසුරුවරු දෙදෙනා ඇමැති නියෝගය අත්හිටුවීමට තීරණය කළ අතර විනිසුරු වනසුන්දර මහත්මිය ඊට විරුද්ධ වූවාය.

මේ සම්බන්ධයෙන් ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ ඇති නඩුවේ ඇපෑල ලබන වර්ෂයේ මැයි 07 දා විභාග කිරීමට ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේය. 

ජනාධිපති නීතිඥවරුන් වන පායිස්‌ මුස්‌තාපා සහ අලි සබ්රි යන මහත්වරු ලංකා දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටි අතර රජයේa නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක්‌ ද සිල්වා මහතා සෞඛ්‍ය ඇමැති වෙනුවෙන් පෙනී සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක්‌ ද සිල්වා මහතා පැවසුවේ සිගරැට්‌ පැකට්‌ මතුපිට දුම්බීම වැළැක්‌වීමේ අවවාදාත්මක රූප සටහන් පළකිරීම ශ්‍රී ලංකාවේ පමණක්‌ සිදු වන්නක්‌ නොවන බවයි. කෙසේ වුවද ඒ සඳහා දිය යුතු ඉඩකඩ ප්‍රමාණය 75% දක්‌වා අඩුකර නියෝගය ලිහිල් කිරීමට ඇමැතිවරයා දැන් එකඟත්වය පළකර ඇති බවත්, සිගරැට්‌වල වෙළෙඳ ලකුණ පැකට්‌ටුවේ යෙදීමට ඉඩකඩ ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ µdයිස්‌ මුස්‌තාපා මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සිගරැට්‌ නිෂ්පාදනයට විවිධාකාරයෙන් කරනු ලබන බලපෑම්, අවහිර, බාධා නිසා විදේශ රටවලින් සිගරැට්‌ මෙහි ගෙන්වා අලෙවි කිරීමේ හොර ජාවාරම් දැන් ජයටම සිදුවෙන බවයි.

අවවාදාත්මක පින්තූර සටහන්වලට 80% ක්‌ ඉඩදුනහොත් සිගරැට්‌වල වෙළෙඳ ලකුණු පවා පැහැදිලිව ප්‍රදර්ශනය කිරීමට නොහැකි වෙන බවත්, එනිසා ඇමැති නියෝගය අදාළ නීතිරීතිවලට පටහැනි බවත් ජනාධිපති නීතිඥ මුස්‌තාµd මහතා වැඩිදුරටත් කීය.

සරත් ධර්මසේන | ඡායාරූපය - සමන් රණවීර
http://www.divaina.com/2013/09/21/news22.html

සබැඳි ලිපි -
[

සිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.html
]

0 comments: