Pages

Saturday, September 28, 2013

ඉන්දු - ලංකා ගිවිසුම සකසා ඇත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නොසලකායි! ටී.එන්.ඒ. තටු කපන්න ගෝමින් සූදානමින්!

ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි මහතා ඉන්දු - ලංකා ගිවිසුම සකස්‌ කළේ ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නොසලකා හරිමින් බව පසුගිය 26 දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවෙන් තහවුරු වන බව අධිනීතිඥ ගෝමින් දයාශ්‍රී මහතා 'දිවයින' ට ඊයේ (27 දා) ප්‍රකාශ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව මෙරට කිසිදු ඉඩමක්‌ පළාත් සභාවේ අයිතියට පවරාගත නොහැකි බව ද සියලු ඉඩම් පිළිබඳ වගකීම මධ්‍යම රජයට පැවරෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියානුවන් හැදූ ඉන්දු ලංකා ගිවිසුම ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා රාමුවට ඇතුළු කළ පසුව ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම මධ්‍යම රජය යටතට පැවරෙන බව කී දයාශ්‍රී මහතා එය ඉන්දියානුවන් නොදැන සිටි බව ද කීය.


ඒ අනුව උතුරු පළත් සභාවට ඉඩම් බලතල ඉල්ලා ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් කරන බලපෑම පුස්‌සක්‌ වන බව කී ගෝමින් දයාශ්‍රී මහතා ඉන්දියාවට සිදුවන්නේ වලිගය සඟවාගෙන සිටීමට බව ද කීය.


මේ ආකාරයටම පොලිස්‌ බලතල ඉල්ලා ද්‍රවිඩ ජාතික සන්ධානය සිදුකරන බලපෑමට එරෙහිව එහි තටු ගැලවීමට ද තමන් උත්සාහ කරන බව ගෝමින් දයාශ්‍රී මහතා ප්‍රකාශ කළේය.


අජිත් අලහකෝන්
http://www.divaina.com/2013/09/28/news03.html

සබැඳි ලිපි -
[

රජයේ ඉඩම් අයිතිය පළාත් සභාවලට නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5504.htmlපලාත් සභාවලට ඉඩම් බලතල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_26.html
]

0 comments: