Pages

Saturday, September 21, 2013

සෝම හිමිගේ මෑණියන්ට අසනීපයි

අපවත්වී වදාළ පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ මෑණියන් වන චාලට් වීරතුංග ආරච්චිගේ මහත්මිය රෝගාතුර තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ. මේ වනවිට අසූහත් වැනි වියෙහි පසුවන ඇය මීට දින කිහිපයකට පෙර දී නිවසෙහි ලිස්සා වැටීමෙන් පාදයකට බරපතල හානි සිදු වූ බව සෝම හිමියන්ගේ සහෝදරයකු වන ඒ.ඩී.පත්මසිරි මහතා ‘ලක්බිම Online’ වෙත පැවසීය. ගංගොඩවිල සෝම හිමියන් මෙරට බොදු පුණර්ජීවනය උදෙසා අතිමහත් කැප කිරීමක් කළ යතිවරයෙකු ලෙස ගෞරවාදරයට පත් අතර උන්වහන්සේගේ මෑණියන් කෙරෙහිද මෙරට ජනතාව සුවිශාල ගෞරවයක් හා ආදර‍යක් දැක්වූ බවද පත්මසිරි මහතා අප සමඟ කීය.

රෝගාතුරව සිටින ඇය මේ වනවිට කඩුවෙල, කොතලාවල, අංක 283 දරන ලිපිනය පිහිටි නිවසේ සිටින බවත් පත්මසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

2013 සැප්තැම්බර් 19  08:35 a.m

0 comments: