Pages

Tuesday, September 17, 2013

ටීඑන්ඒ මැතිවරණ ප්‍රකාශනය රට බෙදන ලියෑවිල්ලක්‌ බව තීන්දු කරන්න - දේශහිතෛෂි ජාතික පෙරමුණ

උතුරු පළාත් සභා මැතිවරණයට මෙවර තරග වදින ටී. එන්. ඒ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය ඒකීය රාජ්‍යයක්‌ වන ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීම සඳහා ජනවරමක්‌ ලබා ගැනීමට කූට ලෙස සකස්‌ කරන ලද්දක්‌ හැටියට තීන්දු ප්‍රකාශයක්‌ නිකුත් කරන්නැයි ඉල්ලා දේශ හිතෛෂී ජාතික පෙරමුණේ මහ ලේකම් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඊයේ (16 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේය.

පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පවත්වා අවසන් වනතුරු ලබන 21 දාට නියමිත උතුරු පළාත් සභා ඡන්දය පැවත්වීම අත්හිටුවන ලෙසට මැතිවරණ කොමසාරිස්‌වරයාට අතුරු නියෝගයක්‌ නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත. ටීඑන්ඒ පක්‍ෂයේ ලේකම් මාවයි සේනාධිරාජා, සභාපති ඒ. සම්බන්ධන්, මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සමෙන් කියා සිsටින්නේ ටී. එන්. ඒ. මැතිවරණ ප්‍රකාශනය වසර 20 ට අධික කාලයක්‌ යුද්ධයෙන් පීඩාවට පත් අහිංසක දෙමළ ජනතාව මුලාකොට නැවත බරපතළ විනාශයකට ඇද දමා කොටි ත්‍රස්‌තවාදීන්ගේ ඉලක්‌කය වූ උතුරු පළාත ශ්‍රී ලංකාවේ අනිත් පළාත්වලින් වෙන් කොට ඊළාම් රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීම සඳහා කොටි සිහිනය සැබෑ කිරීම සඳහා සකස්‌ කළ කූට ලියවිල්ලක්‌ බවයි.

පෙත්සමේ මෙසේද සඳහන් වේ.එම ප්‍රකාශනයට මේ වන විට ශ්‍රී ලංකාව තුළ පමණක්‌ නොව ජාත්‍යන්තර වශයෙන්ද පුළුල් ප්‍රචාරයක්‌ ලබාදී ඇත. ටී. එන්. ඒ. සංවිධානය පිළිගත් දේශපාලන පක්‍ෂයක්‌ නොවන නිසා ඔවුන් තරග කරන්නේ තමිල් අරසුකච්චි නමැති පිළිගත් දේශපාලන පක්‍ෂයෙනි. ගෙය ඔවුන්ගේ ඡන්ද ලකුණයි.

උතුර පළාත් සභා මැතිවරණයට නාම යෝජනා බාරදීමෙන් පසුව ඔවුන් ගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා ආධාර කරන ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පිළිගෙන ඇත. එහි ව්‍යqහයට හානි වන ආකාරයට වෙනම රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමකි. ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවා ගැනීම ටී. එන්. ඒ. පක්‍ෂයේ එක්‌ අරමුණක්‌ බව මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කර ඇත. පක්‍ෂ කිහිපයකින් යුත් ද්‍රවිඩ ජාතික සන්ධානය සිය මැතිවරණ ප්‍රකාශයට අනුව කටයුතු කරන බවට ජනතාවට ප්‍රතිඥවක්‌දී ඇති බැවින් ඔවුන්ගේ එම ක්‍රියා කළාපය ව්‍යවස්‌ථාවට පටහැනිද නැද්ද යන්න තීන්දු ප්‍රකාශයක්‌ නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින බවත් රටේත් ජාතියේත් සියලු ජනතාවගේ යහපත පිණිස ඒ සඳහා තමාට අයිතියක්‌ ඇති බවත් පෙත්සමේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

සරත් ධර්මසේන
http://www.divaina.com/2013/09/17/news21.html

සබැඳි ලිපි -
[
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_11.htmlකොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.htmlඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනය
http://denethharinna.blogspot.com/2013/09/blog-post_10.html
දෙමළ ඊළාම් බෙදුම්වාදයේ දෙවැනි ඉනිම පරාජය කිරීමට රටම පෙළගැසිය යුතුයි - චම්පිකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9181.htmlදෙමළ ජාතික සන්ධානය රට දෙකඩ කිරීමට සැලසුම් කර ඇති බව දේශපාලනඥයන්ට වැටහෙන්නේ නැහැ - වසන්ත බණ්‌ඩාරhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_3580.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

1 comments:

Amila Chathuranga said...

ආහ් අම්මේ අමරසේකරයන්ට උතුරේ ජනයා ගැන තියෙන කරුණාව..
අමරසේකර උන්නැහේලා මොනවද දැන් උතුරේ අවතැන් වෙල ඉන්න ජනතාවට ලබාදීල තියෙන ජයග්‍රහන හෙම?