Pages

Sunday, September 29, 2013

දුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්

දුම්කොළ සමාගම් වලට එරෙහිව තමන් ගෙනයන සටනේදී කිසියම් පුද්ගලයෙකු, බලවතෙකු මෙම ගැසට් නිවේදනය ගෙන ඒම කඩාකප්පල් කළහොත් එය ජාතික අරගලයක් දක්වා රැගෙන යාමට තමා ඉදිරිපත් වන බවත්, එම සටනට දිවි පරදුවට තබා නායකත්වය දීමට තමා පසුබට නොවන බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දුම්වැටියට එරෙහිව රූපමය අවවාද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කළ ගැසට් නිවේදනය අද තාවකාලිකව අත්හිටුවා ඇතත්, ජනතාව දැනුවත් කරමින් රට පුරාම විවිධ වැඩසටහන් දියත් කරමින් දුම්වැටියට එරෙහිව සටන දිගටම යන බවද අමාත්‍යවරයා පවසයි.

හෙතෙම මේ අදහස් ප‍්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2013 ලෝක දුම්වැටි විරෝධී දින ජගත් සම්මානය හිමි වීම නිමිත්තෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලය,රජරට විද්‍යාලය හා පළුගස්දමන විද්‍යාලය යන විදුහල් ප‍්‍රමුඛව පොළොන්නරුවේ සියලූම පාසැල් එක්වී සංවිධානය කළ උත්සව සභාව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා,

මුඛ පිළිකා රූප සටහන් යොදා සිගරට් පෙට්ටියේ,සෞඛ්‍ය අවවාද ඇතුළත් කිරීමට ගැසට් පත‍්‍රය සකස් කිරීමට මා ගත් තීරණය සමග එවැන්නක් කරන බවට තොරතුරු අමාත්‍යංශයෙන් පිටතට ගිහින් තිබෙනවා. එතැන් පටන් දුම්කොළ කර්මාන්තකරුවන් පාර්ලිමේන්තුවට, මගේ ගෙදරට, අමාත්‍යංශයට එන්න හැදුවා. ඒත් මට ඔය ජාවාරම්කාරයෝ එක්ක කිසිම පයුරු පාසානයක් නැහැ. මම ඔවුන්ව ප‍්‍රතික්ෂේප කළා.

ලෝකයේ මිනිසුන් සතුටින් ඉන්න රටවල් 194ක් තිබෙන බව ජාත්‍යන්තර සංවිධානයක් මීට සති දෙකකට ප‍්‍රථම ප‍්‍රකාශයට පත්කර තිබුණා. මෙයින් ලංකාව ඉන්නේ 137වැනි ස්ථානයේ.

යම් විදියකින් මම ගැසට් නිවේදනය අත්හිටෙව්වා නම් මගේ දරු මුණුපුරන්ට විතරක් නෙවෙයි මගේ ඉදිරි පරම්පරා 15කට වුණත් ලෝකයේ අංක එක ස්ථානයේ යැයි පැවසෙන සතුටින්ම මිනිසුන් කල් ගෙවන රටක සියලූ සැප පහසුකමේ යස ඉසුරු මැද ජීවත් වෙන්න තිබුණා.නමුත් මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත බේරා ගැනීම මට ඊට වඩා වටිනවා.

මම ගමෙන් ආපු මිනිහෙක්. මේ බහු ජාතික සමාගම් එක්ක හැප්පෙන්න සමහර විට මට බැරි වේවි.ඒත් මම ආපසු හැරෙන්නේ නැහැ. මම ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා දුම් බීම අත්හරින්න. වෙළද පොළවල් වලින් ඉල්ලන්නේ දුම්වැටි අලෙවි කිරීම නවත්වන්න. හැම ගමක්ම දුම්වැටියෙන් තොර කලාප බවට පත් කරන්න කියලා” යැයිද පැවසීය.

September 28, 2013 at 10:26 am | lanka C news
http://lankacnews.com/sinhala/news/101814/

0 comments: