Pages

Sunday, September 29, 2013

වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානය

රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රා සාම්පල පරීක්‍ෂා කිරීමේදී ඒවායේ වකුගඩුවලට හානි කිරීමට තරම් ප්‍රමාණවත් කැඩ්මියම් හා ආසනික්‌ යන රසායනිකයන් අන්තර්ගතව තිබූ බව තහවුරු වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රජරට පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව පසුගිය සතියේ නිකුත් කර ඇති වාර්තාවක සඳහන් කර තිබේ.

රජරට වකුගඩු රෝගය පැතිර යන ප්‍රදේශවල පවතින ආහාර වර්ගවල ද කැඩ්මියම් හා ලෙඩ් යන රසායනිකයන් නියමිත ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයන්ගෙන් අන්තර්ගතව තිබෙන බවත් එම ප්‍රදේශවල වකුගඩු රෝගයට ගොදුරු වූවන්ගේ නියපොතුවල කැඩ්මියම් ඉහළ ප්‍රමාණයක්‌ අන්තර්ගතව තිබෙන බවත් අනාවරණය වී ඇතැයි එම වාර්තාවෙහි දැක්‌වේ. මෙම වකුගඩු රෝගීන්ගේ හිසකෙස්‌වල ද ආසනික්‌ ඉහළ ප්‍රමාණයන්ගෙන් පවතින බව පරීක්‍ෂණවලදී තහවුරු වී ඇති බව එහි සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2013/09/29/news10.html

සබැඳි ලිපි -
[

අතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

0 comments: