Pages

Tuesday, September 24, 2013

මුසලු අන්තවාදයේ විශ්ව ව්‍යාප්තියේ මෙවර ගොදුර කෙන්යාව | නබිගේ මවගේ නම ප්‍රකාශ කිරීමට නොහැකිවූවන්ට මරණය


සුදු වැන්දඹුව මෙහෙය වූ නයිරෝබි සාප්පු සංකීර්ණ ප්‍රහාරය

* 68 ක්‌ මරුට, 175 ක්‌ බරපතල තුවාල ලබති
* ඊශ්‍රායල් විශේෂ බළකාය සාප්පු සංකීර්ණයට කඩා වදී
* කිනියා ජනාධිපති කෙන්යාටාගේ ඥතීහු දෙදෙනකු ද මරුට
* එක්‌සත් ජාතීන්ගේ හිටපු තානාපති කොපි අවුනුර්ද ඝාතනය වේ.
* සෝමාලියාවේ සිටින 4000 ක කිනියානු සේනාව ඉවත් කර ගැනීමට ප්‍රහාරය එල්ල කළ බව අල් ෂහබාබ් පවසයි

ඊශ්‍රායලය සතු කිනියාවේ නයිරෝබි නුවර වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයට පසුගිය සෙනසුරාදා දහවල් එල්ලවූ ත්‍රස්‌තවාදී ප්‍රහාරයෙන් බටහිර ලෝකය දැඩි කැළඹීමකට පත්විය.

ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි සේවාවවට පවා මෙවන් ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ ගැන කල්තියා වාර්තා වී නොතිබිණි. අල් ඛයිදා ත්‍රස්‌තවාදීන්ට සම්බන්ධ අල් ෂහබාබ් නමැති ඉස්‌ලාමීය ත්‍රස්‌ත කණ්‌ඩායමට අයත් පහළොවකගෙන් යුත් ත්‍රස්‌තයන් පැය 30 කට අධික කාලයක්‌ තිස්‌සේ වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයේ සිටි පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට ගෙන සිය ඝාතන මෙහෙයුම දියත් කරනු ලැබීය.

කිනියානු විශේෂ බළකාය සහ ඊශ්‍රායල් විශේෂ බළකාය ද ත්‍රස්‌ත මර්දන මෙහෙයුම ක්‍රියාත්මක කිරීමෙන් පසු සාප්පු සංකීර්ණය මුදාගනු ලැබූවත් එA වන විට 68 ක්‌ ඝාතනය වී තිබිණි.

තුවාල වූ සංඛ්‍යාව 200 කට අධිකය. අල්ෂාහබාඩ් ත්‍රස්‌ත කණ්‌ඩායමේ මෙම නයිරෝබි මෙහෙයුම දියත් කර ඇත්තේ ලන්ඩන් බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සමන්තා ලෙව්ත්වේට්‌ හෙවත් සුදු වැන්දඹුව නමැත්තිය යෑයි හෙළි විය.

වෙස්‌ට්‌ගේඩ් සාප්පු සංකීර්ණයට කඩාවැදී ඉස්‌ලාමීය ත්‍රස්‌ත කණ්‌ඩායම ශුද්ධ කුරානයේ වගන්ති සහ මහමත් නබි නායකතුමාගේ මවගේ නම ප්‍රකාශ කිරීමට නොහැකිවූ පුරුෂයන්, කාන්තාවන් හා ළමුන් ද මරා දැමූ බව සිද්ධිය සියෑසින් දුටුවෝ පැවසූහ.

මේ ප්‍රහාරය සඳහා බ්‍රිතාන්‍යයේ පුරවැසි බව ලබා සිටි ලිබන් එAඩට්‌ හා අහමද් නසීර් යන බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා ද සහභාගි වූ බව අල් ෂහාබාඩ් සංවිධානය හෙළි කර ඇත.

මානව හිමිකම් මුවාවෙන් ඇමරිකාව ඉස්‌ලාමීය ත්‍රස්‌තයන්ට ඇමරිකාවේ පදිංචිවීමට ඉඩදීමෙන් සැප්තැම්බර් 11 දා ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට ප්‍රහාර එල්ල විය.

දැන් නයිරෝබි නුවර ප්‍රහාරයට ද සම්බන්ධ වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඉස්‌ලාමීය ජාතිකයන් දෙදෙනෙකි. මේ මිනිස්‌ ඝාතනයට කිනියානු ජනාධිපති උහුරු කෙන්යාටාගේ ඥතීහු දෙදෙනකු ද ගොදුරු විය.

එසේම හිටපු එක්‌සත් ජාතීන්ගේ තානාපති කොපි අව්නෝර් ද ඝාතනය විය. ඔහු ඝානා රාජ්‍යයේ කවියෙකි. ඔහුගේ පුත්‍රයා ද බරපතළ තුවාල ලැබීය. වසර 2 ක්‌ තිස්‌සේ සෝමාලියාවේ සිටින කිනියානු හමුදා සේනාංක වහාම ඉවත් විය යුතු යෑයි කියමින් අල් ෂහබාබ් ත්‍රස්‌තයන් මෙකී ප්‍රහාරය එල්ල කර තිබේ.

ත්‍රස්‌තවාදීන් වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයට කඩා වදින අවස්‌ථාවේ 1000 කට අධික පිරිසක්‌ බඩු බාහිරාදිය මිලයට ගනිමින් සිටි බව හෙළි විය.

එවැනි තත්ත්වයකට කිනියානු හමුදාව මීට පෙර මුහුණදී නොතිබිණි. මේ නිසා කිනියා ජනාධිපති කෙන්යාටා මිත්‍ර රටවල සහාය පැතීය. එහි ප්‍රතිඵලය වූයේ ඊශ්‍රායල් විශේෂ බළකාය නයිරෝබි වෙත පැමිණීමයි.

උගන්ඩාවේ එන්ටාබේ ගුවන්තොටුපළේ පලස්‌තීන ත්‍රස්‌තයන් මරා දැමීමේ මෙහෙයුම සඳහා ඊශ්‍රායල් භටයන් කිනියාවේ සිට ක්‍රියාත්මක වී තිබිණි. මේ නිසා නයිරෝබි නගරය ඊශ්‍රායලය හොඳින් දන්නා ස්‌ථානයකි.

අල් ෂහබාබ් ත්‍රස්‌ත සංවිධානයේ වෙස්‌ට්‌ගේට්‌ ප්‍රහාරය සැලවූ විගස ජනාධිපති කෙන්යාටා නියෝගයක්‌ කරමින් සෑම ත්‍රස්‌තවාදියකුම විනාශ කරන්නැයි නියෝග කළේය. "අපි ඔවුන්ට ගැලවීමට ඉඩ නොදෙන්නමු" යෑයි ඔහු කියා සිටියේය.

මියගිය පිරිස අතර ප්‍රංශ, ඕලන්ද, අප්‍රිකානු, ඉන්දීය හා කැනඩා ජාතිකයන් ද වේ. මේ අතර මෙම ත්‍රස්‌ත කණ්‌ඩායම මෙහෙයවා ඇත්තේ කාන්තාවක්‌ බවට ද තොරතුරු ලැබී තිබේ. මෙහිදී ඊශ්‍රායල් සහ කිනියානු විශේෂ බළකා විසින් සාප්පු සංකීර්ණයේ කොටුවී සිටි 800 කට අධික පිරිසක්‌ බේරාගෙන ඇත.

මෙම ප්‍රහාරයට පෙර සාප්පු සංකීර්ණයේ සිටි මුස්‌ලිම් ජාතිකයන්ව ඉවත් කිරීමට ක්‍රියා කළ බවද අල් ෂහබාබ් සංවිධානයේ ප්‍රකාශක අලි මහමුද් රේඡ් නමැත්තා පවසා තිබේ.

මේ අතර කිනියානු ආරංචි මාර්ග පැවසුවේ ඊශ්‍රායල් විශේෂ බළකාය සාප්පු සංකීර්ණය තුළ ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් නොකළේ නම් ඝාතනය වන සංඛ්‍යාව වැඩිවීමට ඉඩ තිබූ බවයි.

ඝානා රාජ්‍යයේ නියෝජ්‍ය ප්‍රවෘත්ති ඇමැති පිලික්‌ස්‌ මයෝපු ප්‍රකාශයක්‌ කරමින් ප්‍රකට කවියකු වූ කොපි අව්නුර් කිනියාවට ගියේ සාහිත්‍ය උත්සවයකට සහභාගිවීමට බවත් ඔහු ත්‍රස්‌තවාදීන්ට ගොදුරුවීම කනගාටුවට කරුණක්‌ බවයි.

එහෙත් කිනියාවේ වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණ ප්‍රහාරයෙන් බටහිර රටවල් පාඩමක්‌ ඉගෙන ගන්නේද? මානව හිමිකම් මුවාවෙන් ත්‍රස්‌තවාදීන්ට දේශපාලන රැකවරණ දෙන්නේ බටහිර රටවල්ය. එA ත්‍රස්‌තයන්ගෙන් ඉල්ලන් කන්නේත් බටහිර රටවල්ය.

මහල් හතරකින් යුත් වෙස්‌ට්‌ගේට්‌ සාප්පු සංකීර්ණයට එල්ල වූ මේ ත්‍රස්‌ත ප්‍රහාරය බරපතළ ආරක්‍ෂක දුර්වලතාවකි.

ප්‍රහාරක අවි වලින් සන්නද්ධ එකී ත්‍රස්‌ත කණ්‌ඩායම සාප්පු සංකීර්ණයට කඩාවැදීමෙන් විනාඩි 30 කට පසු පොලිසිය පැමිණ ඇතැයි පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/09/24/feature02.html

[
සබැඳි ලිපි -
නයිරෝබි ප්‍රහාරයෙන් පුද්ගලය 39 ක්‌ මරුටhttp://denethharinna.blogspot.com/2013/09/39.html
ලෝකයේ මුස්ලිම් ව්‍යාප්තිය ලංකාවට අදාල වන්නේ කෙසේ ද?
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5.html
බංග්ලාදේශ බෞද්ධ සංහාරය අපට දෙන පණිවුඩය...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_21.html
"උපවාස මාසයෙන් පසු, අදේවවාදීන් වෙත භීතිය ඇතුළු කරන්න. සියළු අදේවවාදීන් මරා දමන්න"
http://denethharinna.blogspot.com/2012/12/blog-post_20.html
කඩුවෙන් පැතිරවූ සාමයේ ආගම - අන්තවාදී මූලධර්මවාදයේ අතීත කෙරුවාව!
http://denethharinna.blogspot.com/2012/10/blog-post_28.html
යළි උත්සන්න වන මියන්මාරයේ බෞද්ධ සංහාරය
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
බෙංගාලි තලෙබාන්වරු බෞද්ධයින්ට පහර දෙති
http://denethharinna.blogspot.com/2012/11/blog-post_6.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

0 comments: