Pages

Sunday, September 29, 2013

මන්නාරමේ පන්සල්වලට තර්ජන. බුදු පිළිම 6ක් රේල්පාරේ ගසා කුඩු කරලා

මන්නාරම මුරුක්කන් පුරාණ විහාරයේ පිළිම හතරක් ඇතුළුව මුරුක්කන් ප‍්‍රදේශයේ පිළිම හයක් පසුගියදා කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් අසල දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් වල ගසා බිඳ දමා විනාශ කොට පළා ගොස් ඇති බව මන්නාරම මුරුක්කන් පොලීසිය පවසයි.

පසුගිය 25 වන දා රාත‍්‍රී 10.00ත් පසුදා පාන්දර 5.00ත් අතර කාලය තුළ කිසියම් පිරිසක් විහාරස්ථානයේ ස්ථාන 2ක තිබූ පිළිම 4ක් කඩා බිඳ දමා විනාශ කොට පළා ගොස් ඇති බවට මුරුක්කන් පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති වල්පොළ සරණ නා හිමියන් පොලීසිය වෙත පැමිණිලි කොට ඇත.

මුරුක්කන් පුරාණ රජ මහා විහාරස්ථානයේ බෝධි ප‍්‍රාකාරය වටා පිහිටි බුදු පිළිමයක්, විහාරස්ථානයේ පත්තිනි දේව මන්දිරයේ තිබූ බුද්ධ ප‍්‍රතිමා තුනක් මෙසේ විනාශ කොට තිබූ අතර, මීට අමතරව මන්නාරම නරිකාඩු ගම්මානයේ පිහිටි කුඩා බුද්ධ මන්දිරයේ පිළිමය හා මුරුක්කන් රෙට්ටකුලම ප‍්‍රදේශයේ කෝවිලක් ආසන්නයේ තිබූ බුද්ධ ප‍්‍රතිමාවක්ද කඩා බිඳ දමා ඇති පිළිම අතර ඇති බව මුරුක්කන් නරික්කාඩු ගම්වාසීහු පැවසූහ.

මේ පිළිබදව එම විහාරස්ථානයේ විහාරාධිපති වල්පොළ සරණ නා හිමියන්ගෙන් විමසීමේදී උන්වහන්සේ පැවසුවේ, රාතී‍්‍ර කාලයේ විහාර භූමියෙන් කිසියම් කුඩා ශබ්දයක් ඇසුණු නමුත් තමන් ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් නොදක්වා සැතපුණු බවත්, පාන්දර අවදි වී බලන විට විහාරස්ථානයේ බුද්ධ ප‍්‍රතිමා නොතිබූ බවත්ය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එම ප‍්‍රතිමා විහාරස්ථානයට ඉදිරියෙන් ඇති අලූතින් ඉදිවන දුම්රිය මාර්ගයේ සිල්පර මත ගසා කඩා බිඳ දමා තිබූ අයුරු දැකගත් බවද උන්වහන්සේ පැවසූහ. වල්පොළ සරණ නාහිමියන් වැඩිදුරටත් පැවසුවේ මෙම සිදුවීම කවුරුන් විසින් සිදු කළේද යන්න සම්බන්ධයෙන් තමන් හරිහැටි නොදන්නා බවයි.

http://lankacnews.com/sinhala/news/101861/

0 comments: