Pages

Sunday, September 29, 2013

උතුරේ ඡන්ද ප්‍රතිඵලය නිවැරැදිව කියවිය යුතුයි!

උතුරේ පළාත් සභා ඡන්දය පිළිබඳව මේ වන විටත් විවිධ අර්ථකථන මෙන්ම විග්‍රහයන්ද සිදුකර තිබේ. එහෙත් ඒ සියල්ලම ඉඳුරා සත්‍ය හෝ නිවැරැදි යෑයි කිව නොහැක. මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් උතුරේ ජනතාව ආණ්‌ඩුවට මෙන්ම දකුණේ ජනතාවට හා දෙමළ නායකයන්ටද දී තිබෙන පණිවිඩය නිවැරැදිව වටහා ගැනීම අත්‍යවශ්‍යය. තිස්‌ අවුරුදු විනාශකාරී යුද්ධයෙන් තමන් විසින් අත්කර ගන්නා ලද අප්‍රමාණ වධ හිංසාවලින් සම්පූර්ණයෙන් මිදුණු අලුත් ජීවිතයක්‌ තමන්ට වුවමනා බව ඔවුහු මෙම ප්‍රතිඵලයෙන් තිරසරව කියා සිටිති.

ආණ්‌ඩුව විසින් උතුරු පළාත සංවර්ධනය කිරීමට දියත් කරන ලද උතුරු වසන්තයේ සියලු ප්‍රතිලාභ භුක්‌ති විඳිමින් වුවද ඔවුහු සන්ධානය වෙනුවෙන් සිය මනාපය පළ නොකළහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළ පරිදිම උතුරට විනාශ වූ ජීවිත හැර අන් සිsයල්ලක්‌ම ලබා දීමට රජය සූදානම් බව උතුරු වසන්තයේ ගමන් මග බලන ඔවුන්ටද ඒත්තු යනු ඇත. එහෙත් සැප්තැම්බර් 21 වැනිදා ඔවුහු ඒ සියල්ල අමතක කර තමන්ට හිමිවූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නිදහසේ ප්‍රයෝජනයට ගත්හ.

ආණ්‌ඩුව උතුරට ඡන්දය ලබාදීම මෙන්ම ඡන්ද ව්‍යාපාරයට බලපෑම් කළේද යන්න පිළිබඳ කෙබඳු විවේචන එල්ල වුවත් මේ ප්‍රතිඵලයෙන් තහවුරු වන්නේ උතුරේ ජනතාවගේ හෘදයසාක්‍ෂිය ඒ කිසිවකින් අඩපණ වී නොමැති බවය. එනිසා අපට ඒවා පිළිබඳ විවේචනද අවශ්‍ය නැත. අපට මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ දැන් ඉතින් කුමක්‌ විය හැකිද යන්න පමණි. 

දෙමළ එක්‌සත් පෙරමුණ යනු විවිධ මතභේද සමග වුවද උතුර වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන දේශපාලන සංවිධානයයි. එහි බටහිර ගැති හා දෙමළ ඩයස්‌පෝරාවේ රූකඩද සිටිති. එසේම තවමත් ඊළාම්වාදී මළකඩ සහිත නායකයෝද එහි සිටිති. අපට ඒ කිසිවෙක්‌ වැදගත් නැත. එහෙත් ඔවුහු මෙහිදී කෙබඳු දේශපාලන න්‍යාය පත්‍රයක්‌ ඉදිරිපත් කරත්ද? යන්න පිළිබඳව අපි විමසිල්ලේ සිටිමු.

දෙමළ සන්ධානය උතුරේ ජනතාවට ඉදිරිපත් කළ ඊනියා මැතිවරණ ප්‍රකාශනය තුළ තිබෙන යටි අරමුණ කුමක්‌ වුවත් දෙමළ ජනතාවට වුවමනා නිදහස්‌ හා සාමකාමී ජීවිතයක්‌ බව අපගේ වැටහීමයි. ඇත්ත වශයෙන්ම මෙම ඡන්ද සටනේදී දෙමළ සන්ධානය විග්නේශ්වරන් මහතා මහ ඇමැති ලෙස උතුරට ඉදිරිපත් කළෙත් ජනතාවගේ ආකර්ෂණය හා විශ්වාසය දිනා ගැනීම සඳහා බව නිසැකය. විග්නේශ්වරන් දේශපාලනයෙන් කුජීත වූ චරිතයක්‌ද නොවේ. ඔහුට දකුණේ සිංහලයන් සමග සමීපතම ඥතිත්වයක්‌ද තිබේ. එහෙත් අපි ඔහු පිළිබඳ සහතිකයක්‌ ලබා දීමට ඉක්‌මන් නොවෙමු. එය තීන්දුවන්නේ මහ ඇමැති ලෙස ඔහුගේ දේශපාලන භාවිතය හා හැසිරීම් තුළින් පමණි.

විග්නේශ්වරන් මහතාගේ දේශපාලන මනස හා හෘදයසාක්‍ෂිය අනාගතයේදී අපට කියවා ගත හැකිය. මේ අතර ඔහු තුළින් දෙමළ සන්ධානයේa කටහඬ ද ඇසෙයි. දැනටම ඔහු උතුරේ ආණ්‌ඩුකාරවරයා ඉවත් කරන ලෙස ඉල්ලීමක්‌ කර තිබේ. එසේම ව්‍යවස්‌ථාවෙන් හිමිවන බලය ලබා ගැනීම ඔහුගේ අදහස බවත්, එය ඉටුකර ගැනීමට බාධා තිබේ නම් ඉන්දියාවට හෝ ජාත්‍යන්තරයට යැමට සිදුවන බවත් ඔහු ප්‍රකාශ කර ඇත. මේ අදහස දෙමළ සන්ධානය විසින්ම පළකරන ලද අදහස්‌වල දොaංකාරයක්‌ පමණි.

දෙමළ සන්ධානය 13 වැනි සංශෝධනයේ සියලු බලතලද අපේක්‍ෂා කරයි. පොලිස්‌ බලතල හා ඉඩම් බලතල ගැන ඔවුහු දිගින් දිගටම කියා සිටිති. දැන් ඉඩම් බලතල පිළිබඳව නම් ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්චිත තීන්දුවක්‌ද ප්‍රකාශ කර තිබේ. ඒ අනුව රජයේ ඉඩම් අයිතිය පළාත් සභාවලට හිමි නොවන බවද ශේ්‍රෂ්ඨාධිකරණය තහවුරු කර තිබේ. දෙමළ සන්ධානය කුමක්‌ කීවත් නීතියට ගරුකරන, නීතිය හා යුක්‌තිය ක්‍රියාත්මක කළ වෘත්තිකයකු ද වූ විග්නේශ්වරන් මහතාට එය ප්‍රතික්‍ෂ්aප කළ නොහැක.

දෙමළ ජනතාව - විශේෂයෙන්ම උතුරේ ජනතාව වසර තිහකට අධිකව පීඩාවට පත් වූයේද දෙමළ නායකයන්ගේ බලකාමය නිසාය. සිංහල ජනතාවද මේ දේශපාලන බලකාමයේ අනිටුපල ඉඳුරා දනිති. ප්‍රභාකරන්ට බියේ රහසිගත ජීවිත ගෙවූ දෙමළ සන්ධානයේ නායකයෝද තම ජනතාවට අලුත් ජීවිතයක්‌ ලබා දීමේ වුවමනාව පසෙකට දැමූ අය වෙති.

පළාත් සභාවලට ඒ ජනතා අවශ්‍යතා අනුව රජයේ ඉඩම් පාවිච්චි කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයයි. එසේනම් ඉඩම් බලතල ගැන අමුතු නිදහසක්‌, බලයක්‌ ඉල්ලා සිටීමට පළාත් සභාවලට අවශ්‍යතාවක්‌ද පැන නොනගී. එයටත් පටහැනිව ඉඩම් බලතල ඉල්ලීම ප්‍රභාකරන්ගේ ඊළාම් ඉල්ලීමට වඩා වෙනසක්‌ නැත.

කෙසේ හෝ අපගේ යෝජනාව වන්නේ උතුර මෙහෙයවීමට ජනවරම ලද විග්නේශ්වරන් මහතා නිදහස්‌ මනසකින් මේවා බලා තේරුම් ගෙන සිය වගකීම් ඉටුකළ යුතු බවය. උතුරේ පාලනය සාර්ථක වන්නේ මධ්‍යම ආණ්‌ඩුව සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමෙන් බවද අපගේ අවබෝධයයි. අප දකින ආකාරයට අනුව උතුරේ ජනතාව සිය ජනවරම ලබා දුන්නේද දෙමළ සන්ධානයේ සමහරුන්ගේ හෝ දෙමළ ඩයස්‌පෝරාවේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට නම් නොවේ. උතුරේ ජනතාවගේ අභිලාෂය ශ්‍රී ලාංකිකයන් ලෙස තම මූලික අයිතීන් සාමකාමීව හා ප්‍රජාතන්ත්‍රවාදීව දිනා ගැනීම පමණි. එනිසා උතුරේ ජයග්‍රහණය කිසිසේත්ම ඊළාම්වාදයේ හෝ බෙදුම්වාදයේ ජයග්‍රහණයක්‌ නොවන බවද දෙමළ සන්ධානය වටහා ගත යුතුය. උතුරේ ජනතාව ඡන්දය දුන්නේ උතුර කඩාගෙන වෙන් වන්නටද නොවේ.

උතුරේ බිහිවන අලුත් පාලන භාරකාරත්වය ප්‍රජාතන්ත්‍රවාදයේ හා ව්‍යවස්‌ථාවේ සීමාවන්ට ගරු කරමින් උතුර දකුණ අතර මනා සබඳතාවක්‌ ගොඩනැංවීමට සමත් විය යුතුය. ඊනියා දෙමළ ඩයස්‌ පෝරාවේ හොටබරියන්ට හෝ බටහිර අධිරාජ්‍යවාදයේ සෙවණ යට වැඩෙන ඊළාම්වාදී නග්න වෘකයන්ට හෝ උතුරට හොට දැමීමට ඉඩ නොදීමද අතිශයින්ම වැදගත්ය. උන්ගේ වසුරු බුදින මේ රටේ එන්.ජී.ඕ. නඩවලින්ද උතුරට එකතු වන්නේ විෂබීජ මිස අන් දෙයක්‌ නොවේ.

තතු මෙසේ හෙයින් ප්‍රභාකරන් උතුරේ ජනතාව ඇද දැමීමට වෑයම් කළ ඊළාම්වාදී නරකාදියට ඒ ජනතාව යළි ඇද නොදමා ඔවුන්ගේ ආධ්‍යාත්මික අභිලාෂයන් මල්ඵල ගැන්වීමට විග්නේශ්වරන් මහතාට හැකි වුවහොත් උතුරේ අයට මෙන්ම දකුණේ අපටද සතුටු විය හැකිය. කැවුම් කිරිබත් මෙන්ම මසල වඩේ හා උලුඳු වඩේද රස බැලිය හැකිය. පෙරහැර කළ හැකිය. අලුත් නෑකම්ද ඇතිකර ගත හැකිය.

දිවයින කතුවැකිය
http://www.divaina.com/2013/09/29/editorial.html

සබැඳි ලිපි -
[
(උතුරේ) මැතිවරණ ප්‍රතිඵල කියවීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1455.html
කොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.html
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තය
http://denethharinna.blogspot.com/2013/09/blog-post_11.html
ඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

0 comments: