Pages

Saturday, September 21, 2013

අපරාධ බොහොමයකට මුල්වූ මාළිගාවත්තෙන් නව නිපැයුමක් - ‘මුරුක්කු ගංජා’

මුරුක්කු පැකට්වල අඩංගු මුරුක්කු අස්සේ කාටවත් සැක නොසිතෙන ආකාරයට සඟවා බෙදා හරින්නට සූදානම් කර තිබූ රුපියල් ලක්‍ෂ 10 ක් පමණ වටිනා ගංජා කිලෝ පහමාරක පමණ ප්‍රමාණයක් මාලිගාවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු ඔත්තුවක් මත බ්‍රහස්පතින්දා (19) දහවල් මාලිගාවත්තේ නිවසක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී, ‘මුරුක්කු ගංජා’ තොගය සොයා ගෙන ඇත. 

ඉන්දියන් ජාතිකයෙකුගෙන් ගංජා ලබා ගෙන මාලිගාවත්තේ නිවසේ දී එම ගංජා කුඩා පැකට් වශයෙන් සකස් කර මුරුක්කු පැකට්වල බහා බෙදා හරිමින් තිබූ බව අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිසියට පවසා ඇත. මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රොහාන් පෙරේරා මහතාගේ උපදෙස් මත එහි දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති චන්දන වන්නිආරච්චි මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මුරුක්කු පැකට්වල ඇසුරූ ගංජා කිලෝ 5 ½ ක් අල්ලයි, මනෝජ්කුරේ - මොරටුව
2013 සැප්තැම්බර් 20  1:45 p.m
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=18104:-5-f-&catid=34:news&Itemid=62

0 comments: