Pages

Wednesday, September 18, 2013

කිරිපිටිවල ඩීසීඩී නැතැයි කියන පදනම කුමක්‌ද? - රජයේ වෛද්‍ය සංගමය

මෙරටට ආනයනය කෙරෙන කිරිපිටි වර්ගවල බැක්‌ටීරියා හා ඩී සී ඩී රසායනිකය අඩංගු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉකුත් අගෝස්‌තු මාසයේදී කරන ලද ප්‍රකාශය අදටත් වලංගු බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ (17 දා) පැවසීය.

ගවයන් අනුභව කරන තණකොළවලට ඩී සී ඩී රසායනිකය යෙදීමෙන් මෙන්ම ප්‍රොaටීන් වැඩි බව පෙන්වීම සඳහා ආනයනය කරන ලද කිරිපිටිවලට එම රසායනිකය යෙදීමෙන් මෙරට පරිභෝජනය කරනු ලබන ආනයනික කිරිපිටිවලට ඩී සී ඩී එක්‌ වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් දැන්වත් පිළිගත යුතු බව වෛද්‍ය සොයිසා මහතා සඳහන් කළේය.

ක්‌ලොස්‌ටි්‍රඩියම් බොටියුලිනම් බැක්‌ටීරියාව අන්තර්ගත බවට සැකකළ වේ ප්‍රොටීන් සහිත ආනයනික විශේෂිත කිරිපිටි වර්ග හා ඩී සී ඩී රසායනිකය අඩංගු බවට තහවුරු වූ කිරිපිටි වර්ග පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක්‌ ගත් ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව වෛද්‍ය සොයිසා මහතා පැවසීය. වේ ප්‍රොaටීන් සහිත කිරිපිටි වර්ගයක බොටියුලිනම් බැක්‌ටීරියාව අඩංගු බවට වාර්තා වීමත් සමඟම සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ක්‍රියා කළ ආකාරයට වඩා දස ගුණයක ක්‍රියාකාරිත්වයක්‌ එම නිලධාරීන් විසින් අදාළ කිරිපිටිවල එම බැක්‌ටීරියාව නොමැති බව ප්‍රකාශ කිරීමේදී දැක්‌වීමෙන් තත්ත්වය පැහැදිලි වන බව අවධාරණය කළේය.

කිරිපිටි නිපදවන විදේශීය සමාගම් එළකිරිවලින් වේ ප්‍රොaටීන් ඉවත් කිරීමෙන් පසු එම කිරිවල අඩංගු ප්‍රොaටීන් ප්‍රමාණය අඩු වන බවත් එසේ අඩුවන ප්‍රොaටීන් ප්‍රමාණය වැඩි කිරීම සඳහා ඩී සී ඩී රසායනිකය එකතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ අනුව ඉකුත් ජුනි මාසයෙන් පසු මෙරටට ගෙන්වූ කිරිපිටිවල එම රසායනිකය නොමැති බවට බලධාරීන් ප්‍රකාශ කරනුයේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි කළ යුතු බව වෛද්‍ය සොයිසා වැඩිදුරටත් සඳහන් කළේය.

කොළඹ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්‌ථානයේ ඊයේ (17 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකයා මෙම කරුණු අනාවරණය කළේය.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2013/09/18/news05.html

සබැඳි ලිපි කිහිපයක් -
[

ෆොන්ටෙරා සමාගම නිපදවන කිරිපිටි නොවන කිරිපිටිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6902.htmlපිටි කිරිත් එපා - දියර කිරිත් එපාhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_1228.htmlකිරි, මෙලමයින් සහ DCD - ඇත්ත මොකක්ද?http://denethharinna.blogspot.com/2013/08/dcd.htmlඉතා වැදගත් කියවිය යුතු ලිපියක් - දිවි නසා ගන්නට ඕන නම් කිරිපිටි බිව්වට කමක්‌ නෑ! - වෛද්‍ය පාලිත සමන් ජයකොඩිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9700.htmlදේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීම අර්බුදයට විසඳුමයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_6292.html
]

0 comments: