අගවිනිසුරු මොහාන් පීරිස්, කේ. ශ්‍රී පවන්, රෝහිණී මාරසිංහ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලිණි.
දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි, ස්‌වර්ණ හංස පදනමේ සභාපති ගාල්ලගේ පුන්‍යවර්ධන අල්විස්, බොදු මඟ සංවිධානයේ සභාපති නීතිඥ සතිස්‌චJද්‍ර ධර්මසිරි, යාපනය බෞද්ධ සංගමයේ සභාපති අරුල් රාඡ්කුමාර් සහ ජාති හිතෛෂී පෙරමුණේ ලේකම් ආචාර්ය ගුණදාස අමරසේකර මෙහි පෙත්සම්කරුවෝ වෙති.
පෙත්සම් පිළිබඳ විභාගයක් පවත්වා අවසන් වනතුරු මේ මස 21 දා පැවැත්වීමට නියමිත උතුරු පළාත් සභා මැතිවරණය තහනම් කිරීමට හෝ කල් දැමීමට නියෝග කරන්නැයි පෙත්සම්වලින් අතුරු ඉල්ලීමක් කර තිබුණ නමුත් පෙත්සම්කරුවන්ගේ නීතීඥවරුන් එම ඉල්ලීම තහවුරු කිරීමට ඊයේ කරුණු ඉදිරිපත් කළේ නැත.
නීතිඥවරුන් දැඩිව කියා සිටියේ දෙමළ සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයෙහි උතුරු පළාත් සභාවට තරග කිරීමේ අරමුණ ශ්‍රී ලංකාව තුළ වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීම යෑයි සඳහන් කර ඇති බැවින් එම පක්‍ෂය රට බෙදීමට ගන්නා උත්සාහය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක් ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය දැන ගැනීම පෙත්සම්කරුවන්ගේ අපේක්‍ෂාව බවයි.
දෙමළ සන්ධානයේ මහ ලේකම් මාවයි සේනාධිරාජා, සභාපති ආර්¾ ඒ. සම්බන්ධන්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යන මහත්වරු පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
අධිනීතිඥ කනිෂ්ක පෙරේරා, කපිල ගමගේ, පාලිත ගමගේ යන මහත්වරු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
සරත් ධර්මසේන
http://www.divaina.com/2013/09/19/news01.html
0 comments:
Post a Comment