Pages

Saturday, November 30, 2013

සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කළ පකිස්‌තානයේ සී. අයි. ඒ. ප්‍රධානියාට යුද අපරාධ චෝදනා ???

ඩ්‍රෝන් යානාවලින් ප්‍රහාර එල්ල කර සිවිල් වැසියන් ඝාතනය කිරීම ගැන පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද්හි සී. අයි. ඒ. ප්‍රධානී ජෝන් බ්‍රිමන්ට යුද අපරාධ චෝදනා එල්ල කරන්නැයි තෙහෙරිනක්‌ ඉන්සාප් පක්‍ෂය පකිස්‌තාන් රජයෙන් ඉල්ලා ඇත.

පසුගිය 21 දා කයිබර් ප්‍රදේශයේ ඉස්‌ලාමීය ආගමික මධ්‍යස්‌ථානයට ඩ්‍රෝන් ප්‍රහාර එල්ල වූ බවද එම පක්‍ෂය කියා සිටී.

ඇමරිකානු සී. අයි. ඒ. නිලධාරියාගේ අනන්‍යතාව හෙළි වීම නිසා පකිස්‌තාන් රජය බරපතල දුෂ්කරතාවකට පත් වී ඇත. ඩ්‍රෝන් ප්‍රහාර නිසා සිවිල් වැසියන් 3500 ක්‌ මියගොස්‌ ඇතැයි එක්‌සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වී තිබේ.

http://www.divaina.com/2013/11/30/forign01.html

Pic from | https://www.google.lk/search?q=drone+attack&espv=210&es_sm=93&source=lnms&tbm=isch&sa=X&ei=7R2aUoSbEouziQeVtIG4CA&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=26NLsa2KfxBDiM%3A%3BucgpNsX4aco9zM%3Bhttp%253A%252F%252Fdailymessenger.com.pk%252Fwp-content%252Fuploads%252F2012%252F08%252FUS-Drone-attacks-on-Pakistan.jpg%3Bhttp%253A%252F%252Fdailymessenger.com.pk%252Fpakistan%252F2012%252F08%252F23%252Fus-embassy-conveyed-protests-against-drone-attacks-fo%252F%3B399%3B284

ඕල්කට්‌ කුසලාන බෞද්ධ පාසල් ක්‍රිකට්‌ තරගාවලිය අද ඇරඹේ

හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ අනුස්‌මරණ බෞද්ධ පාසල් ක්‍රිකට්‌ තරගාවලිය අද (30 දා) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙයි.

මහනුවර ධර්මරාජ විදුහලේ ක්‍රීඩා පදනම විසින් තරගාවලිය සංවිධානය කරනු ලබන අතර සිංගර් ශ්‍රී ලංකා ආයතනය ඒ සඳහා පූර්ණ අනුග්‍රහය දක්‌වනු ඇත.

14 වැනි වරටත් සංවිධානය කොට ඇති මෙම ක්‍රිකට්‌ තරගාවලිය අංශ දෙකකින් සමන්විත වෙයි. ඒ අනුව අද (30 දා) සහ හෙට (1 දා) බෞද්ධ පාසල් ආදි සිසුන්ගේ වයස අවු. 40 ට වැඩි ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වෙන අතර දෙසැම්බර් 2 දා අවසන් බෞද්ධ පාසල් සය සාමාජික ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වීමට නියමිතය.

කොළඹ ආනන්ද, නාලන්ද, මහනුවර ධර්මරාජ, කුරුණෑගල මලියදේව, ගාල්ල මහින්ද, අම්බලන්ගොඩ ධර්මාශෝක, මාතර රාහුල සහ පන්නිපිටිය ධර්මපාල යන විදුහල් වල වත්මන් ක්‍රිකට්‌ කණ්‌ඩායම් සය සාමාජික තරගාවලිය සඳහා ද, ආදිශිෂ්‍ය කණ්‌ඩායම් වයස අවු. 40 ට වැඩි තරගාවලිය සඳහා ද සහභාගිවනු ඇත.



උතුරේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව ඉහළට

උතුරු පළාතේ ඡන්ද දායක සංඛ්‍යාව 2013 නව ඡන්ද නාම ලේඛනයට අනුව තවත් හැට දහසකින් පමණ වැඩිවනු ඇති බව මැතිවරණ කාර්යාලය පවසයි.

නව ඡන්ද නාම ලේඛනය සඳහා යාපනය දිස්‌ත්‍රික්‌කයෙන් 50,279 ක්‌ හා වන්නි දිස්‌ත්‍රික්‌කයෙන් 29,846 ක්‌ අලුතින් ලියාපදිංචිය ඉල්ලුම් කර ඇත.

එමෙන්ම ලියාපදිංචි වීමට නොහැකි වූ අයට අභියාචනා ඉදිරිපත් කිරීමට ඉකුත් ඔක්‌තෝබර් මාසයේ ලබා දුන් කාල සීමාවේදී යාපනයෙන් 2,880, වවුනියාවෙන් 5,485 ක්‌, මුලතිව් 1,778 ක්‌ හා මන්නාරමෙන් 4,226 ක්‌ අලුතෙන් ලියාපදිංචිය ඉල්ලුම් කර ඇත.

මේ අතර රට හැර යෑම, මියයැම, ද්විත්ව ලියාපදිංචිය ආදී හේතූන් මත ඉකුත් 2012 ඡන්ද නාම ලේඛනයේ උතුරු පළාතේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 35,196 දෙනෙකුගේ නම් කපා හරිනු ඇත.

2012 ඡන්ද නාම ලේඛනයට අනුව උතුරු පළාතේ ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව (714,488) හත්ලක්‍ෂ දහහතරදහස්‌ හාරසිය අසූ අටකි.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/11/30/news24.html

ශ්‍රී ලංකාවේ ජනගහනය ලක්ෂ 202යි. සිංහල 151, බෞද්ධ 142 වැඩිම නිවාස ගම්පහ දිස්ත්‍රික්කයේ. දෙවනුව කොළඹ

ජන සංගණනය සඳහා 2011 සහ 2012 යන වසරවලදී රුපියල් කෝටි 173 ක්‌ (රුපියල් 173,22,77222 ක්‌) වැය වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (29 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම මුදලින් රුපියල් කෝටි 87 ක්‌ (රුපියල් 86,8742,660 ක්‌) පමණ වැය වී තිබෙන්නේ සංගණනය සඳහා සහභාගි වූ නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ගෙවීම වෙනුවෙන් බව ද ඇමැතිවරයා කීවේය.

සංගණනයට පුද්ගලයන් 99000 ක්‌ යෙද වූ බව ද කී ඇමැතිවරයා ගණන් ගන්නා නිලධාරීන් 81000 ක්‌ද අධිකරණ නිලධාරීන් 16,000 ක්‌ සහ දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්‌ඩලයේ 2000 ක්‌ දෙනා ද ඊට ඇතුළත් බව ඇමැතිවරයා පැවැසීය.

මෙම ජන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය දෙකෝටි දෙලක්‍ෂ හැටතුන්දහස්‌ හත්සිය විසිතුනක්‌ බව ද කී ඇමැතිවරයා ඉන් එක්‌කෝටි පනස්‌එක්‌ලක්‍ෂ හැත්තෑතුන්දහස්‌ අටසිය විස්‌සක්‌ සිංහල ජනතාව බව ද කීවේය.

දෙමළ ජනතාව තිස්‌එක්‌ලක්‍ෂ දහතුන්දහස්‌ දෙසිය හතළිස්‌ හතක්‌ බව ද ශ්‍රී ලංකා යෝනක දහඅටලක්‍ෂ හැටනවදහස්‌ අටසිය විස්‌සක්‌ද, බර්ගර් තිස්‌හත්දහස්‌ හැටඑකක්‌ බව ද කී ඇමැතිවරයා මැලේ ජාතිකයන් හතළිස්‌ දහස්‌ එකසිය අසූනවයක්‌ හා වෙනත් ජාතීන් විසිනවදහස්‌ පන්සිය අසූහයක්‌ සිටින බව ද ප්‍රකාශ කළේය.

බෞද්ධයන් එක්‌කෝටි හතළිස්‌ දෙලක්‍ෂ විසිදෙදහස්‌ අටසිය හතළිස්‌ හතරක්‌, හින්දු විසිපන්ලක්‍ෂ පනස්‌හතරදහස්‌ හයසිය හයක්‌, ඉස්‌ලාම් දහනවලක්‍ෂ හැටහත්ලක්‍ෂ දෙසිය විසිහතක්‌, රෝමානු කතෝලික හා ක්‍රිස්‌තියානි පහළොස්‌ලක්‍ෂ නවදහස්‌ හයසිය හයක්‌ සිටින බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ නිවාස පනස්‌එක්‌ලක්‍ෂ හැටපන්දහස්‌ තුන්සිය තිස්‌ එකක්‌ තිබෙන බව කී ඇමැතිවරයා වැඩිම නිවාස සංඛ්‍යාවක්‌ තිබෙන දිස්‌ත්‍රික්‌කය ගම්පහ බව ද කීවේය.

ගම්පහ නිවාස පන්ලක්‍ෂ අනූදෙදහස්‌ හැටහතරක්‌ තිබෙන බව ද දෙවැනුව වැඩිම නිවාස සංඛ්‍යාවක්‌ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ඇතැයි ද කී ඇමැතිවරයා එම සංඛ්‍යාව පන්ලක්‍ෂ පනස්‌පන්දහස්‌ නවසිය විසි හයක්‌ බව ද කීය.

කොළඹ දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.

http://www.divaina.com/2013/11/30/news18.html

අභාවප්‍රාප්ත අලස්‌ මහතාගේ දේහයට අවසන් ගෞරව

කොළඹ ඩී. එස්‌. සේනානායක විදුහලේ ආරම්භක විදුහල්පති සහ ගේට්‌වේ ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ ආර්. අයි. ටී. අලස්‌ මහතාගේ දේහය බොරැල්ලේ පිහිටි ඒ මහතාගේ නිවසේ ඊයේ (29 වැනිදා) තැන්පත් කර තිබියදී අවසන් ගෞරව දැක්‌වීම සඳහා පැමිණි සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන, ඛනිජ තෙල් සම්පත් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන යන මහත්වරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා සමඟ දේහයට අවසන් ගෞරව දැක්‌වූ අයුරු.

ඡායාරූපය - සමන් රණවීර
http://www.divaina.com/2013/11/30/news37.html

සබැඳි ලිපි -
[
දස්කම්, විස්කම් මවමින් කොළඹ විනයකරුකම පාසල තැනූ, ඩී. එස්. නියමු ආර්. අයි. ටී. අලස්http://denethharinna.blogspot.com/2013/11/blog-post_4629.html
]

සත්‍ය සෙවීමේ කොමිසමට දකුණු අප්‍රිකාවේ සහාය

වන්නි මෙහෙයුම සමයේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට ශ්‍රී ලංකා රජය යෝජනා කළ සත්‍ය සෙවීමේ කොමිසමට සහාය දැක්‌වීමට දකුණු අප්‍රිකානු ජනාධිපති ඡේකබ් සුමා මහතා කැමැත්ත පළකර ඇත.

ඒ සඳහා පූර්ණ සහාය සහ අවශ්‍ය සැලසුම් ශ්‍රී ලංකා රජයට ලබාදීමට ක්‍රියාකරන බව දකුණු අප්‍රිකානු රජය ඊයේ (29) මෙරටට දැනුම් දී තිබේ.

මෙම සත්‍ය සෙවීමේ කොමිසම ගැන දකුණු අප්‍රිකානු ද්‍රවිඩ සන්ධානයෙන්ද අදහස්‌ විමසා ඇති අතර ඉන්දියාවේ අදහසද විමසන බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. මෙම කොමිසම පත්කර විමර්ශන කටයුතු කිරීමට වසර 1 1/2 ක්‌ පමණ ගතවනු ඇතැයි අපේක්‌ෂා කෙරේ.

එහෙත් කොටි ඩයස්‌පෝරාව මෙම කොමිසමට එරෙහි වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/30/news12.html

කොටි නාඩගම්වලට රටවල් 6ක්‌ ඉඩදෙයි

මියගිය කොටි ත්‍රස්‌තවාදීන් සැමරීම සඳහා කොටි හිතවාදී පුද්ගලයන් විසින් සංවිධානය කළ උත්සව පැවැත්වීමට රටවල් හයක ආණ්‌ඩු ඉඩදී ඇත.

බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ස්‌විට්‌සර්ලන්තය, නෝර්වේ, ජර්මනිය සහ කැනඩාව යන රටවල් මෙලෙස ඉඩ ලබාදීම නිසා අදාළ උත්සව ඉකුත් දෙදින තුළ (27 සහ 28) පැවැත්වීමට කොටි හිතවාදී සංවිධාන පියවරගෙන තිබිණි.

මෙම සමරු උත්සව සඳහා ඇතැම් රටවල දේශපාලනඥයන්ද සහභාගි වී තිබේ.

බ්‍රිතාන්‍යය එරට තුළ කොටි සංවිධානය තහනම් කළද මෙම සැමරුම් උත්සව සඳහා ඉඩ ලබාදී ඇත.

මෙම සමරු උත්සවවලදී කොටි හිතවාදීන් විසින් යළිත් අරමුදල් රැස්‌ කිරීමටද පියවරගෙන තිබිණි.

අතුරුදන්වූවන් ලෙස ප්‍රකාශයට පත්වී සිටි සහ මෙතෙක්‌ සැඟව සිටි කොටි ත්‍රස්‌තවාදීන් රැසක්‌ද මෙම සමරු උත්සවවලට සහභාගි වී තිබීම විශේෂ සිද්ධියක්‌ව තිබිණි.

මේ අතර ඇමෙරිකානු කොටි ඒජන්ත රුද්‍රකුමාරන් පවසා ඇත්තේ තෙවැදැරුම් ක්‍රමවේදයක්‌ වන ඊළම යළිත් ලබා ගැනීමට ක්‍රියාකරන බවය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/30/news11.html

එල්ටීටීඊ ම්ලේච්චත්වය කියන චිත්‍රපටයක්‌ යුරෝපා සංගම් පාර්ලිමේන්තුව හමුවේ | The Last Phase


එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ ම්ලේච්චත්වය පෙන්නුම් කරමින් හිටපු එල්ටීටීඊ ප්‍රබල ක්‍රියාකාරිනියක කරන පාපොච්ඡාරණයක්‌ අලලා සැකසුණු කෙටි චිත්‍රපටයක්‌ බෙල්ජියමේ බ්‍රසල්ස්‌ නුවර පිහිටි යුරෝපා සංගම් පාර්ලිමේන්තුව හමුවේ ප්‍රදර්ශනය කිරීමට ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවට ඉකුත් 28 වැනිදා අවස්‌ථාව හිමි විය.

ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදය නිසා තමා හා තම දරුවන් ඇතුළු පවුලේ සියලු දෙනාගේ ජීවිත ඛේදනීය ඉරණමකට ගොදුරු වූ අයුරු එම එල්ටීටීඊ ක්‍රියාකාරිණිය ඉතා සංවේදී ලෙස ලෝකයට කියන අන්දම අන්තර්ගත වන අයුරින් මෙම කෙටි චිත්‍රපටය නිර්මාණය වී ඇත. මෙම ප්‍රදර්ශනය සඳහා පැය දෙකක කාලයක්‌ ශ්‍රී ලංකාවට ලබා දීමටද යුරෝපා පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම චිත්‍රපටය යුරෝපා සංගම් පාර්ලිමේන්තුව හමුවේ විකාශය කෙරුණු අවස්‌ථාවේ එහි රැස්‌ව සිටි යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම විදේශ තානාපති නිලධාරීන් ඇතුළු සියලු ආරාධිතයන් දැඩි වික්‍ෂිප්තභාවයකට පත්වූ බව බ්‍රසල්ස්‌හි දූතමණ්‌ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. 

ජීවන් චන්දිමාල් නමැති ශ්‍රී ලාංකිකයකු "අවසාන පියවර" (The Last Phase) යන තේමාව යටතේ දැනට යාපනය වඩුක්‌කෝඩෙයි ප්‍රදේශයේ ජීවත් වන කොටි ක්‍රියාකාරිණියක වූ ජයවදනී නමැති තිදරු මවක වටා ගෙතුනු සත්‍ය සිදුවීම් මාලාවක්‌ යොදා ගනිමින් මෙය නිර්මාණය කර ඇත.

බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ක්‍රියාකාරිත්වය හමුවේ යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වන ජෙෆ්රි මැන් හෝඩ්න් මහතාගේ පූර්ණ සහාය ලබා ගනිමින් එය බ්‍රසල්ස්‌හි ප්‍රදර්ශනය කිරීමට අවස්‌ථාව හිමි හිමි කරගෙන තිබෙන අතර මෙම ප්‍රදර්ශනයෙන් අනතුරුව එය නැරඹූ යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු තානාපතිවරුන් මෙම සත්‍යය ලෝකයට ගෙන යැමට ශ්‍රී ලංකාව කටයුතු නොකරන්නේ ඇයිදැයි යනුවෙන් ප්‍රශ්න කිරීමක්‌ සිදු කර ඇත.

සමන් ගමගේ
http://www.divaina.com/2013/11/30/news36.html

YouTube Trailers |
සබැඳි තොරතුරු -
ත්‍රස්තවාදයේ සැගවුන තැන් සොයා ගිය “The Last Phase” එළිදැක්වේ

එල් ටි ටි ඊ කාන්තා සෙබලියකු මානුෂීය මෙහෙයුමේ අවසන් අධියරේදී මුහුන පැ අද්දැකිමි ඇතුලත් සත්‍ය කතාව විදහා දක්වන ‘The Last Phase’ නැමති වාර්තාමය චිත්‍රපටය එළිදැක්වීම ඊයේ (මැයි 20) දින කොළඹ ලේක්සයිඩ් හෝටලයේදී ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.

විනාඩි 45 ක කාලයක් පුරා දිවෙන මෙම වාර්තාමය චිත්‍රපටය දේශිය චිත්‍රපට කේෂ්ත්‍රයේ ප්‍රවීණයෙකු වන ජීවන් චන්දිමාල් විසින් අධ්‍යක්ෂණය කර ඇත.

එල් ටී ටී ඊ සංවිධානය විසින් අනාථ ළමුන් සදහා ඇති කරන ලද සෙන්චෝලෙයි නැමති අනාථ නිවාසයක හැදි වැඩෙන මෙම දමිළ ජාතික ලදැරිය ජයවඩනි එල් ටි ටි ඊ කාන්තා සෙබලියකු දක්වා හැදී වැඩෙනුයේ ත්‍රස්ත සංවිධානය විසින් සිංහල ජාතිය සම්පූර්ණයෙන්ම පිලිකුල් සහගත ලෙස හෙලා දකිනු ලැබිම සදහා පොළබවන ලද පරිසරයකදීය. ඇයද අනෙක් ළමුන් මෙන් හැදී වැඩෙනුයේ ආයුධවලින් සන්නද්ධ පරිසරයකය. ඇය දක්ෂ ශිෂ්‍යාවක් වුවද ඇයට තම බලාපොරොත්තුව වූ උසස් අධ්‍යාපනයේ දොරටු විවරකරගැනිමට ත්‍රස්ත සංවිධානය විසින් ඉඩ ලබාදෙනු නොලැබේ. ඒ වෙනුවට ඇය ත්‍රස්ත සංවිධානයේ හෙද සාමාජිකාවක ලෙස බදවා ගනු ලැබිණ.

යුද්ධයේදී හා යුද්ධයේ අවසන් අධියරේදී ඇය දුටු දසුන්වලින් හා ඒ කාලය තුලදී අත්විදි දේවල් අද වන විට ඇගේ ජීවිතයේ කිසිදා නොමැකෙන කැලැල් බවට පත්ව ඇත. එල් ටී ටී ඊ ත්‍රස්ත සංවිධානය විසින් සිවිල් වැසියන්ට හා ඔවුන්ගේම සාමාජිකයිනට යුද කාලය තුලදී කරන ලද විවිධ අසාධාරණකම් හා දරුණු වධ හිංසා පිලිබඳව ඇය හා ඇගේ පවුලේ සාමාජිකයින් සාක්ෂි දරණු ලැබේ.

ජයවඩනි ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයින් යුද්ධයේ අවසන් අධියරේදී සිය ජීවිත බේරාගෙන යුද හමුදා පාලන ප්‍රදේශ කරා ගමන් කරන විට එල් ටී ටි ඊ සංවිධානය විසින් කරන ලද ප්‍රහාරයක ප්‍රථිපලයක් වශයෙන් පවුලේ සාමාජිකයින් වෙන්වන අතර ඔවුන් නැවත මුණ ගැසෙනුයේ මාසයකට පමණ පසුව ආරක්ෂක හමුදාවල සහායෙනි.

මෙම වාර්ථාමය චිත්‍රපටයෙන් මෙම සාමාජිකාවගේ සත්‍ය ජීවිත කතාව හා සෙන්චෝලෙයි නැමති අනාථ නිවාසවල සැබෑ තත්වය මැනෙවින් විස්තර කර ඇති අතර එය ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම පිලිබඳව හා යුද්ධයේදී ආරක්ෂක හමුදා විසින් මානුෂීය අයිතීන් කඩකරන ලදැයි මොරනගන උදවියට කදිම පිළිතුරකි.

මෙම උත්සවයේ විශේෂ දේශණය කොළඹ විශ්ව විද්‍යාලයේ නීති අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වසන්තා සෙනවිරත්න මහත්මිය විසින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකාව පසුගිය දශක 3 ක පමණ කාලයක් තිස්සේ ලෝකයට මරාගෙන මැරෙන ත්‍රස්තවාදය හදුන්වා දුන්, කුඩා ළමුන් අතට තුවක්කුදී යුද පෙරමුණට යැවූ හා අහිංසක සිවිල් ජනතාව හා තමන්ගේම කණ්ඩායමේ සිට ආබාධිත තත්වයට පත්වූ සාමාජිකයින් අමු අමුවේ මරා දැමූ බෙදුම්වාදී ත්‍රස්තවාදී කණ්ඩායමට එරෙහිව සටන් කර එය ජයග්‍රහණය කලේය. එසේම මෙම ත්‍රස්තයින්ගේ බිහිසුණු ක්‍රියාවන් මෙරටට පමණක් සීමා නොවුන අතර ඔවුන්ගේ ක්‍රියා කලාපයට විරුද්ධ වූ අසල්වැසි රටවල් කරාද ව්‍යාප්ත විය.

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා රජයේ ක්‍රියා කලාපය විශිෂ්ඨ එකක් විය. ලෝකයේ කිසිදු රටක මේ වන තෙක් එම රටට එරෙහිව ආ එවැනි ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයන් සාර්ථකව පුනරුත්ථාපනය කර ඔවුනට නිවාස තනාදී, වෘතීය පුහුණුව තුලින් රැකියා ලබාදී ඔවුන් රැකබලා ගනිමින් නැවත පෙර සිටි තත්වයට ගෙන විත් නොමැති අතර අප රටට මෙතරම් කෙටි කලක් තුලදී එම කාර්යය කිරීමට හැකිවිය. යුද්ධය නිමාවීමෙන් පසුව අප රට විසින් මුලු ලෝකයටම ලබා දුන් හොදම ආදර්ශය වූයේද එයයි.

එසේම මෙම වාර්ථාමය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ ජයවඩනි නැමති හිටපු එල් ටී ටී ඊ සාමාජිකාවද රජය විසින් කරගෙන යනු ලබන මෙම වැඩපිලිවෙලට සහාය දෙමින් මෙතෙක් කල් ලොවට වසන් වී තිබූ එහි නියම සත්‍යය හෙළි කිරීමට දායකවීම පිළිඹදව පැසසිය යුතුය.

චිත්‍රපටය පෙන්විමෙන් අනතුරුව ඒ පිළිබඳව විද්වත් සාකච්ඡාවක්ද පවත්වන ලද අතර ඒ සදහා කොළඔ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ෂර්යා ස්කාන්ගිවල්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රෝස් විජේසේකර මහත්මිය හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වසන්තා සෙනෙවිරත්න මහත්මිය සහභාගී වූහ.

ඊයේ පැවති මෙම වාර්ථාමය චිත්‍රපටය එළි දැක්වීමේ අවස්ථාව සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදේශීය රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින්, අධ්‍යාපනඥයින් ඇතුළුව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක්ද සහභාගී වූහ.

http://www.gossiplankahotnews.com/2013/05/last-phase.html

ඒකාධිකාරිය බින්දොත් පිළිකා එන්නතේ මිල භාගයක්‌ අඩුවෙයි

පිළිකා එන්නත් ඒකාධිකාරිය බිඳ දමන්නේ නම් "නැබ් පැක්‌ලිටැක්‌ස්‌ල්" (Nab Paclitaxl) නම් ඖෂධය රුපියල් තිස්‌අටදහසක මිලකට වෙනත් ඖෂධ සමාගම්වලින් ගත හැකි බව වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවසීය.

මෙම ඖෂධය මෙතෙක්‌ කලක්‌ මිලදීගෙන ඇත්තේ රුපියල් හැත්තෑතුන්දහසක්‌ වැනි මිලකට යෑයි ද එම නිලධාරියා කියා සිටියේය.

රෝගී ළමුන්ට ලබාදීම සඳහා පිළිකා රෝහලට මිලදීගෙන තිබූ ඖෂධ සොරකම් කර යළි වෛද්‍ය සැපයුම් අංශයට විකුණූ ජාවාරමට සම්බන්ධ අසාදුගත ලේඛනගත කළ (black list) සමාගම මෙතෙක්‌ කලක්‌ මෙම ඖෂධය වටිනාකමට වඩා දෙගුණයක මිලකට ලබාදී ඇතැයි ද එම නිලධාරියා පැවසීය.

මෙම ඖෂධ ඒකාධිකාරය බිඳ දමා අලුත් ඖෂධ සමාගම්වලට ලියාපදිංචිවීමට අවසර ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කළ ද අදාළ ඒකාධිකාරය පවත්වාගෙන යන සමාගම් විසින් උපක්‍රම දමා ඒකාධිකාරය රැකගැනීමට කටයුතු කරන බවද එම නිලධාරියා කියා සිටියේය.

කඩිනමින් නව සමාගම් ලියාපදිංචි කර අඩු මිලට පිළිකා ඖෂධ ලබාගැනීම හරහා වසරකට රුපියල් මිලියන තුන්සියයක මුදලක්‌ ඉතිරි කරගත හැකි බවද වෛද්‍ය සැපයුම් අංශය ගණන් බලා ඇත.

ශිරාන් රණසිංහ 
http://www.divaina.com/2013/11/30/news03.html

රටවල් තුනකින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌

ලබන වසරේ මාර්තු 3 දා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමුළුවට මහා බ්‍රිතාන්‍යය කැනඩාව සහ ඇමරිකාව යන රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ඒකාබද්ධ යෝජනාවක්‌ ගෙන ඒමට තීරණය කර ඇත.

මේ වන විට ඇමරිකාව යෝජනා 2 ක්‌ ගෙනවිත් තිබේ. ශ්‍රී ලංකා රජය යුද අපරාධ සිදුකළ බවට දන්වමින් මෙම යෝජනාව මාර්තු 21 සහ 23 යන කාලසීමාවේ ඉදිරිපත් කෙරෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියාසිටී.

බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් විලියම් හේග් මෙකී යෝජනාව ගොනු කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ සමග එක්‌ව ක්‍රියාකරන බවද හෙළි වී ඇත.

බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාව විසින් එකී ශ්‍රී ලංකා විරෝධී යෝජනාව ගැන රටවල් අටක සිටින කොටි හිතවාදීන්ට යෑවූ රහස්‌ විද්යුත් ලිපියක්‌ වැරදීමකින් කොටි විරෝධියකු වෙත ලැබීමෙන් එම යෝජනාව ගැන අනාවරණය වී තිබේ.

මෙකී යෝජනාවට පසුබිම සකස්‌ කිරීමක්‌ ලෙස මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේද මාර්තු 20 දා ශ්‍රී ලංකාව සම්බන්ධව සිය ලිත වාර්තාව සමුළුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර එකී යෝජනාව ගැන සාකච්ඡා කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදී සංවිධාන 7 ක්‌ අගමැති ඩේවිඩ් කැමරන් හමුවීමට කටයුතු යොදා තිබේ.

ලබන වසරේ මානව හිමිකම් සමුළුවට අලුතින් සාමාජිකයන් 14 ක්‌ පත්වී ඇති අතර ඊට බ්‍රිතාන්‍යයද ඇතුළත් වේ.

එහෙත් ශ්‍රී ලංකාවට පක්‌ෂපාතී චීනය, කියුබාව, රුසියාව, සවුදි අරාබියාව සහ වියට්‌නාමය වැනි රටවල් මානව හිමිකම් කවුන්සිලයට ඇතුළත්වීම නිසා එම ඒකාබද්ධ යෝජනාවට දැඩි විරෝධතාවයක්‌ එම රටවල තානාපති නිලධාරීන් ඉදිරිපත් කරනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග දන්වයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/12/01/news05.html

දස්කම්, විස්කම් මවමින් කොළඹ විනයකරුකම පාසල තැනූ, ඩී. එස්. නියමු ආර්. අයි. ටී. අලස්

රාජකීය විදුහලේ කලබලකාරී පරිසරයක් නිර්මාණය වන්නේ උදේ විදුහල පටන් ගැනීමට පෙරය. ළමෝ කලබලයෙන් පන්ති කාමරවලට යති.  එය 1967 වර්ෂයේ තවත් දිනයකි. අපොස සාමාන්‍ය පෙළ පන්තිවලට ගණිතය උගන්වන මහරගම ගුරු අභ්‍යාස විදුහලේ පුහුණුව ලැබු ආර්. අයි. ටී. අලස් පොත අස්සන් කොට ගුරු කාමරයට වෙනදා වගේම ගියේ කාල සටහන අනුව පන්තියකට යා යුත්තේ දෙවැනි කාල පරිච්ඡේදයේ නිසාය.

එවක රාජකීය විදුහලේ විදුහල්පති වූයේ බෝගොඩ ප්‍රේමරත්න මහතාය. ඔහු අලස්ට කතා කළේ කෙටි නමකිනි. ආර්. අයි. ටී. අලස් කියන නම කෙටි වූයේ Mr. Rita යනුවෙනි.

රාජකීය විදුහලේ කාර්යාල කාර්ය සහායකයා ගුරු කාමරයට යමින් සිටි අලස් සර්ට තුණ්ඩුවක් ගෙනාවේය. තුණ්ඩුව Mr. Rita ටය. එය එවා තිබුණේ විදුහල්පතිය. අධ්‍යාපන ඇමැති අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල, ලේකම් එම්. ජේ. පෙරේරා සහ අධ්‍යාපන අධ්‍යක්ෂ හෙට්ටිආරච්චි යන තිදෙනාට අලස් මුණ ගැසෙන්නට අවශ්‍ය බව විදුහල්පතිගේ තුණ්ඩුවේ සටහන් විය.

ඊරියගොල්ල ගුරුවරුන්ගෙන් පළිගත් ඇමැතිවරයකු හැටියට ප්‍රකටය. ඔහු හමුවන්නට කළ දැන්වීමෙන් අලස් කලබලයට පත්විය. අලස් වෘත්තීය සමිති කාරයෙකි. ඔහු විසින්ම ආරම්භ කළ ද්විතීයික පුහුණු ගුරුවරුන්ගේ වෘත්තීය සමිතියේ ප්‍රථම සභාපතිවරයා ද ඔහුය. ඊරියගොල්ල ඉදිරිපත් කළ අධ්‍යාපන ධවල පත්‍රිකාවට රටපුරා විරෝධය පළවිය. අලස් ද වෘත්තීය සමිතිය තුළ ධවල පත්‍රිකාව දැඩි විවේචනයට ලක් කළේය. ඇමැතිවරයා මුණ ගැසෙන්නට අවශ්‍ය බව කියා විදුහල්පති එවු තුණ්ඩුවෙන් අලස් කලබල වූයේ එනිසාය..

ධවල පත්‍රිකාව විවේචනයට ලක්කළ නිසා රාජකීය විදුහලෙන් වෙනත් තැනකට මාරු කරන්නට අධ්‍යාපන ඇමැති තීරණය කළා විය හැකිය. තුණ්ඩුව රැගෙන විදුහල්පති බෝගොඩ ප්‍රේමරත්න හමුවූ අලස් එක්වරම කීවේ “විනාශයි” යන්නය. බෝගොඩගේ ප්‍රතිචාරය වූයේ සිනහවක් පමණි.

අලස් එකල අවුරුදු තිස් පහ නොඉක්මවූ තරුණයෙකි. ඒ නිසා ඔහු අමාත්‍යාංශයේ ප්‍රධානීන් තිදෙනා මුණ ගැසෙන්නට ගියේ කෝට් එකක් හා ටයි එකක් පැලඳ නොව කලිසම හා කමිසයෙන් සැරසිලාය. රාජකීය විදුහලින් දේශපාලන මාරුවක් ලැබෙන්නට සිටියදී මොන ටයි කෝට් දැයි අලස්ට සිතෙන්නට ඇත.

“මට ඇමැතිතුමා හම්බවෙන්න ඕන” අලස් පියන්ට කීය. අලස් දෙස දැඩි උනන්දුවකින් බැලු පියන් සහෝදරයා “නෑ. නෑ. ඇමැති හම්බවෙන්න බෑ” යයි ගුගුලේය.

“මට ඇමැති හම්බවෙන්න ඕන නෑ. ඇමැතිතුමාටයි මා හම්බ වෙන්න අවශ්‍ය” අලස් එසේ කියා තමන් කවුදැයි පියන්ට හඳුන්වා දුන්නේය. පියන් අලස් ඇමැතිතුමා ළඟට කැඳවාගෙන ගියේය.

ඇමති මැද වාඩිවී සිටී. ඔහුගේ දකුණුපස ලේකම් එම්. ජේ. පෙරේරා ය. වම්පස අධ්‍යාපන ලේකම් හෙට්ටිආරච්චිය. ඊරියගොල්ල කෙළින්ම මාතෘකාවට බැස්සේය.

“අපි අලුතින් විදුහලක් පටන් ගන්නවා. ඔයා තමයි ඒකෙ විදුහල්පති. ඒ නිසා ග්‍රෙගරි පාරට යන්න, එතැන ඉඩම් කෑල්ලක් තියෙනවා. අප හිතාගෙන ඉන්නේ ඒ ඉඩමේ ගොඩනැගිල්ලක් හදන්න. ඒ නිසා ඉඩම පවරාගන්න ඕනැ” ඊරියගොල්ල කීවේය.

“ගරු ඇමැතිතුමනි! සමාවෙන්න. විදුහල්පති තනතුරකට මට සුදුසුකම් නැහැ. මම උප ගුරුවරයෙක් විතරයි. පාසල් පරිපාලනය ගැන මට අත්දැකීම් නෑ” අලස් කීවේය.

“ඔබ මෙතැනට ගෙන්නුවේ විදුහල්පතිකම දෙන්නයි. ඔබේ දක්ෂතා අපි දන්නවා. මේක භාර ගන්න ඕනෑ” ඇමැති එසේ කියන විට විදුහල්පතිකම භාර නොගත්තොත් සිදුවිය හැකි දේ ගැන අලස්ට සිහි විය.

“ඇමැතිතුමනි, මං මේ ගැන විදුහල්පතිට දැනුම් දෙන්න ඕන. ඒකට මට වේලාවක් ඕන.” අලස් කීවේය.

“හරි ටැක්සියක් අරන් ගිහින් විදුහල්පතිට කියල ඒකෙන්ම එනවා” ඊරියගොල්ල අණ කළේය.

ඉගැන්වීමටත් පාලනයටත් දක්ෂයකු සොයමින් සිටි ඊරියගොල්ලට අලස්ගේ නම යෝජනා කර ඇත්තේ බෝගොඩ ප්‍රේමරත්න මහතාම බව අලස් ඔහු හමුවී කළ කතාවෙන් හෙළි විය.

ඉඩම් පවරා ගත්තේය. කැලෑවට ගොස් තිබුණ කූඹි කැලේ එළි පහළ වී දින 14 ක් ඇතුළත 80 x 20 ගොඩනැගිල්ල හැදුණේය. එසේ හැදු ගොඩනැඟිල්ලේ 1967 වසරේ ඩී. එස්. සේනානායක විදුහල බිහි විය. අලස්ගේ නමත් සමඟ ඩී. එස්. සේනානායක විදුහලත් සේනානායක විදුහල සමඟ අලස්ගේ නමත් එකට කියැවුණේ ඉන් පසුවය.

අධ්‍යාපන ‍ක්ෂේත්‍රයේ පියා, මව, පුතා යන වචන හඳුන්වා දුන්නේ අලස්ය. විදුහල්පති ලියුම්වලට අස්සන් කළේ “විදුහල්පති පියා” යනුවෙනි. ගුරුවරියන් අස්සන් කළේ ගුරු මෑණි ලෙසිනි. ගුරුවරුන් ගුරු පියා ලෙසිනි.

මේ සටහන මෙසේ කෙටියෙන් අවසන් කළ නොහැක. එය අලස් ලියු ජීවිත කතාවටත් වඩා දීර්ඝ විය හැකිය. ඔහුට පක්ෂ දේශපාලනයක් තිබුණේ නැත. ජාත්‍යන්තර පාසල් සංකල්පය යටතේ ද ඔහු ඉහළ පෙළේ පාසල් පද්ධතියක් නිර්මාණය කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස ද ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් ඉටු කෙළේය. ඔහු සිය මාර්ගෝපදේශකත්වය යටතේ සමාජයට දායාද කළ විවිධ ක්ෂේත්‍රවල දක්ෂතා දක්වන බුද්ධිමතුන් රැසක් වෙති.

අපෙන් සදහටම සමුගත් අලස් විදුහල්පතිතුමා ඩී. එස්. විදුහලේ දී නිතර ගායනා කළ කවියකින් මේ සටහන නිමා කරමු.

හාවුන්ට මුවන්ට පැන යන්නමයි හිත
ඌරන්ට මීයන්ට හාරන්නමයි හිත
මාලුන්ට කිඹුලන්ට පීනන්මයි හිත
අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත

මහින්ද අබේසුන්දර
http://www.silumina.lk/2013/12/01/_art.asp?fn=af1312019

Pic 1 from | https://www.google.lk/search?q=r+i+t+alles&espv=210&es_sm=93&source=lnms&tbm=isch&sa=X&ei=cviZUsU0hpuJB7fKgKAI&ved=0CAkQ_AUoAQ&biw=1280&bih=898#es_sm=93&espv=210&q=rit+alles&tbm=isch&facrc=_&imgdii=_&imgrc=Id5Bj8cOCsKsnM%3A%3ByMa71gsntZ7MqM%3Bhttp%253A%252F%252Fkirula.us%252Fwp-content%252Fuploads%252F2013%252F11%252F19201362.jpg%3Bhttp%253A%252F%252Fkirula.us%252Fcategory%252Funcategorized%3B500%3B316

Pic 2 from | https://www.google.lk/search?q=r+i+t+alles&espv=210&es_sm=93&source=lnms&tbm=isch&sa=X&ei=cviZUsU0hpuJB7fKgKAI&ved=0CAkQ_AUoAQ&biw=1280&bih=898#es_sm=93&espv=210&q=rit+alles&tbm=isch&facrc=_&imgdii=_&imgrc=ZfGo0wMCxl8JfM%3A%3BNHayD8fSlLvUEM%3Bhttp%253A%252F%252Fupload.wikimedia.org%252Fwikipedia%252Fcommons%252Fe%252Fe7%252FAlles_hall_back.jpg%3Bhttp%253A%252F%252Fcommons.wikimedia.org%252Fwiki%252FFile%253AAlles_hall_back.jpg%3B1632%3B1224

Friday, November 29, 2013

දෙවනගලට ජයග්‍රහණයේ සේයාවක්

කලක් දළදා වහන්සේද වැඩසිටියේ යයි කියන මාවනැල්ල දෙවනගල පුදබිම ඉස්ලාම් ආගමිකයන්ගේ ග්‍රහණයෙන් මුදා දෙන ලෙස ඉල්ලමින් නැවතත් මාරාන්තික උපවාසයක් කරන්නට අද දින සිංහල රාවය ජාතික සංවිධානයේ කැදවුම්කරු මාගල්කන්දේ සුදත්ත හිමියන්, අනුරාධපුර අමතධම්ම හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා හය දෙනෙක් මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අතර දෙවනගල පූජා භූමිය සුරුකීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කරනු ලැබිණ.

දෙවනගල පුදබිමේ අනවසර ඉදිකිරීම් ඉවත් කොට එහි පුරාවිද්‍යා කැණීම් අරඹා පුදබිම සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලීම එහි අරමුණ විය.

මේ පිළිබඳව බලධාරීන්ට කිහිප අවස්ථාවක් දැනුම් දුන්ද කිසිදු ප්‍රයෝජනයක් වූයේ නැත.

එහෙත් අද දින උපවාසය ඇරඹීමෙන් පසුව දිසාපතිතුමියත්, මාවනැල්ලේ ප්‍රාදේශිය ලේකම්තුමා, පුරාවිද්‍යා කොමසාරිස්, මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ පලාත් සහකාර කොමසාරිස් වරිය, මෙම උපවාසය පැවැත්වූ ස්ථානයට පැමිණ මෙම ස්ථානය මුසල්මානුවන්ගෙන් නිදහස් කර දෙන බවට ප්‍රතිඥාවක් ලිඛිතව භාර දෙන ලදී. 
මෙහි මැනුම් කටයුතු කිරීමට අවශ්‍ය වන රු. 66,000ක ඇස්තමේන්තු මුදල ලබන මස 04 වන බදාදා හෝ ඊට පෙර මිනුම්දෝරු දෙපාර්තමෙන්තුව වෙත ලබා දෙන බව ලිඛිතව පොරොන්දු විය.
ඒ මුදල ලබා දීමෙන් අනතුරුව දෙසැම්බර් මස 11 වන දින හෝ ඊට පෙර මැනීම් කටයුතු ආරම්භ කරන බවට දුන් ලිඛිත පොරොන්දුව මත අද එම උපවාසය අත්හැරීමට තීරණය කෙරිණ.

https://www.facebook.com/photo.php?fbid=390205604443247&set=a.220316801432129.53399.150902081706935&type=1

Pic 1 From | https://www.google.lk/search?q=dewanagala+temple&source=lnms&tbm=isch&sa=X&ei=2U6YUpPeMs6higf0k4GwBQ&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=XjDOe4BlVPhF1M%3A%3BBaUCgu6tVni-8M%3Bhttp%253A%252F%252Fimg535.imageshack.us%252Fimg535%252F4677%252Fsecuredownloaddck.jpg%3Bhttp%253A%252F%252Fwww.sl-unlimited.com%252Fmodules.php%253Fname%253DForums%2526file%253Dviewtopic%2526t%253D22024%3B797%3B518

Pic 2 From | https://www.google.lk/search?q=dewanagala+temple&source=lnms&tbm=isch&sa=X&ei=2U6YUpPeMs6higf0k4GwBQ&ved=0CAcQ_AUoAQ&biw=1280&bih=898#facrc=_&imgdii=_&imgrc=WLX1OJHX1_jqoM%3A%3BNr2PFY-ammOtUM%3Bhttp%253A%252F%252Famazinglanka.com%252Fheritage%252Fkuragala%252Fimages%252Fkuragala201-550x418.jpg%3Bhttp%253A%252F%252Famazinglanka.com%252Fheritage%252Fkuragala%252Fkuragala.php%3B550%3B418

පුරාවිද්‍යා පොරොන්දුවත් සමග මහා සංඝරත්නය උපවාසය අත්හරී

dewanaදෙවනගල ඵෙතිහාසික පුරා විද්‍යා භූමිය සම්බන්ධ අන්‍යාගමික ආක්‍රමණයන්ට එරෙහිව පුරාවිද්‍යා භූමි ප්‍රේරණ කලාපය මැන නිසි සීමා නිර්ණයන් සලකුණු කරන ලෙස ඉල්ලා අනුරාධපුර සමිත ධම්ම හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය බ්‍රහස්පතින්දා (28) උදේ මාවනැල්ල නගර මධ්‍යයේ ආරම්භ කළ මාරාන්තික උපවාසය සවස 5 වනවිට අත්හැර දැමීමට දෙවනගල ජාතික උරුමය සුරැකීමේ ව්‍යාපාරය කටයුතු කළේය.

ඊයේ (28) සවස් වරුවේ උපවාස භූමියට පැමිණි මාවනැල්ල ප්‍රදේශිය ලේකම් ප්‍රියංගනී තෙතන්ගොඩ මහත්මිය සහ සබරගමු පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ තිස්ස මධුරප්පෙරුම මහතා උපවාසයේ නිරත සංඝයා වහන්සේ ඉදිරියේ අදාල ඉල්ලීම් සති දෙකක් තුළ ඉටුකරන බවට ලිඛිත ප්‍රතිඥාවක් ලබා දුන්හ.

අනතුරුව උපවාසය අත්හිටවනු ලැබිණ. මෙහි මැනීම් කටයුතු වහා ආරම්භ කිරීමට කෑගල්ල මිනින්දෝරු දෙපාර්තමේන්තුවට රුපියල් 53,400 ක මුදලක් පළමු සතිය තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන බවට සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ තිස්ස මදුරප්පෙරුම මහතා පො‍රොන්දු විය.

බන්ධුල ධර්මතිලක - කෑගල්ල
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=22382:2013-11-29-05-02-30&catid=34:news&Itemid=62

සබැඳි ලිපි -
[

උසාවි නියෝගවලට පිටුපාමින් මුසලු දෙවනගල පුදබිම ආක්‍රමණයට එරෙහි යතිවර සටනට මෑණිවරුත් එක්වෙතිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_7788.htmlදෙවනගල අන්තවාදී මුසලු ග‍්‍රහණයෙන් මුදාගන්නට භික්‍ෂූන් මාරාන්තික උපවාසයක!http://denethharinna.blogspot.com/2013/11/blog-post_4065.htmlහිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහරhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_23.html
]

උදරය හා නිල ඇඳුම පසාරු කරගෙන මස් කැබලි පිටතට ඇවිත් තිබුණා - හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඊයේ අධිකරණයේදී පවසයි

fon2මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ තමා ජාතික රෝහලට ගෙන යද්දී උදරයෙන් රුධිරය වහනය වූ බවත් උදරය හා නිල ඇඳුම පසාරු කරගෙන මස් කැබලි එළියට පැමිණ තිබුණු බවත් හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (29) කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය හමුවේ කියා සිටියේය. සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට සැලසුම් කිරීම 12 දෙනකුට මරු කැඳවීම විශාල පිරිසකට තුවාල සිදුකිරීම ඇතුළු චෝදනා 230ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නඩු පවරා ඇත. මෙම විත්තිකරුවෝ වන්නේ සෙල්වරාජා කිරුපාකරන්, ෂන්මුගලිංගම් සූරියකුමාර්, තම්බයියා ප්‍රකාශ් යන තිදෙනා වෙති. පැමිණිල්‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ තුසිත් මුදලිගේ මහතාගේ ප්‍රශ්නවලට සරත් ෆොන්සේකා මහතා සාක්ෂි දුන්නේය. දෙමළ භාෂා පරිවර්තකයකු විසින් සිංහලෙන් ප්‍රකාශ කරන සාක්ෂි දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලදී. තමන් යුද හමුදා ධුරයේ අවු. 03යි මාස 06ක්ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන ධුරයේ මාස 6ක්ද සේවය කළ බව සරත් ෆොන්සේකා මහතා කීවේය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අ.‍පො.ස. සා.පෙළ හදාරා 1971 පෙබ. 05 දින කැඩෙට් නිලධාරියකු ලෙස හමුදාවට බැඳුණු බවත් ඔහු කීවේය. දෙවන ලුතිනන් අධිකාරිය, ලුතිනන්, කපිතාන්, මේජර්, ලුතිනන් කර්නල්, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරාල්, හමුදාපති, ලුතිනන් ජෙනරාල්, යුද හමුදාපති ආදී වශයෙන් තනතුරු උසස්වීම් ලැබූ බවත් හෙතෙම සඳහන් කළේය. යුද හමුදාපති වීමට පෙර හමුදා ජීවිතයේ සිටි කාලයෙන් සියයට 70ක් යුද පිටියේ ගත කළ බව පැවැසීය. උතුරු නැගෙනහිර ඇතුළු සියලුම ප්‍රදේශවල රාජකාරි කළ බවත් විවිධ මෙහෙයුම් දියත් කළ බවත් යාපනය, කොටුව, අලිමංකඩ, මාන්කුලම, මුහම‍ලේ මුදාගත් බවත් ඔහු කීය. යුද හමුදාපති වශයෙන් ත්‍රස්තවාදය විනාශ කිරීමට නායකත්වය ලබාදුන් බවද පැවැසීය. බෝම්බ ප්‍රහාරය එල්ල වූ දිනයේ යුද හමුදා පරිශ්‍රයේ සිට තමන් දිවා ආහාරය ගැනීම සඳහා යුද හමුදා නිකේතනයට නිල රථයෙන් පිටත් වූ බවද පැවැසීය. කාර්යාලයේ සිට මීටර් 100ක් පමණ ගිය විට හමුදා සෙබළු දෙදෙනෙක් තමන්ට ආචාර කළ බවත් ඒ ඔබ්බෙන් කහපාට හා කොළපාට සල්වාරියක් හැඳගත් කාන්තාවක් සිටි බවත් ඔහු කීය. මඳ වේලාවකින් ඇගේ පපුවෙන් ගිනි බෝලයක් පිටවනවා තමන් දුටු අතර නිල රථය සිදුරු වී වීදුරු බිඳී තිබෙනු දුටු බවත් විස්තර කළේය. ඔහු තවදුරටත් මෙසේද කීය. “මට වෙඩි බෙහෙත් ගඳක් දැනුණා. රථය ඇතුළත රියැදුරු සුක්කානමේ ඔලුව ගහගෙන කෙඳිරි ගගා හිටියා. පිටුපස සීට් එකේ කෙනා බඩ අල්ලාගෙන කෙඳිරි ගගා හිටියා. ඉදිරි අසුනේ සැරයන් ප්‍රියන්ත එතනම මියගිහින් සිටියා. මුලින් මට මේක බෝම්බයක්ද කියලා එච්චර වැටහුණේ නෑ. පසුව තමයි මට දැනුණේ බෝම්බයක් පුපුරලා හානි සිදුවෙලා කියලා. ඊට පස්සේ මම විනාඩි 4ක් 5ක් වාහනේ ඇතු‍ලේ එහෙමම හිටියා. අවට සිදු වූ දේවල් ගැන මට වැටහුණේ නෑ. මට තුවාල වෙලා කියලා වැටහීමක් ආවෙත් නෑ. කවුරුත් වාහනය ළඟට ආවේ නැති හින්දා විනාඩි 5කින් විතර පස්සේ මම වාහනයේ දොර ඇරියා. මම වෙඩි නොවදින ඇඳුම් ඇඳලා හිටියේ නෑ. නිල ඇඳුමින් තමයි හිටියේ. පිටුපස ලෑන්ඩ් රෝවර් රථයේ කමාන්ඩෝ භටයෙක් දුවගෙන ආවා. ඒ වෙලාවේ අවට අනිකුත් තුවාලකරුවන් සියල්ලන්ම ඉවත් කරගෙන තිබුණා. මම කාරෙක ළඟ සිටියදී ගිලන් රථයක් ආවා. පැය 2/1ක් විතර ගියා මාව ජාතික රෝහලට ගේන්න. මගේ හිසේ, නිකටේ හා බඩේ විශාල වේදනාවක් දැනුණා. මම අත්දෙකෙන් බඩ අල්ලාගෙන හිටියා. බඩෙන් රුධිරය වහනය වෙන්න ගත්තා. මස් කෑලි නිල ඇඳුම් පසාරු කරගෙන එළියට ආවා. ඒත් මට හොඳට සිහිය තිබුණා. ගිලන් රථයෙන් එළියට ගන්නවත් මතකයි. මම වෛද්‍යවරුන්ට කීවා ඇඟ ඇතු‍ලේ හිරවීමක් තියනවා කියලා. බඩට බටයක් දාන්න කීවා. ඉන්පසු මට සිහිය නැතිවුණා. මට නැවත සිහිය එද්දී මම හිටියේ ශල්‍යාගාරයේ ලෑල්ලක් මත. නිල ඇඳුම ලෙයින් තෙත්වෙලා තිබුණා. අනිත් අය නිල ඇඳුම ගලවන්න උත්සහ කරද්දී මම ඇඟ උස්සලා එයාලට උදව් කළා. ඉන්පසු නැවත මට සිහිය නැතිවුණා. ඊට පස්සේ මට සිහිය ආවේ දැඩි සත්කාර ඒකකයේදී. දින 7කට පස්සේ” සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

නිශානි හේරත් බන්නැහැක
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=22374:2013-11-29-04-00-01&catid=42:2012-05-31-04-01-44&Itemid=90

උසාවි නියෝගවලට පිටුපාමින් මුසලු දෙවනගල පුදබිම ආක්‍රමණයට එරෙහි යතිවර සටනට මෑණිවරුත් එක්වෙති

දෙවනගල පූජා භූමිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙහෙයවන භික්ෂූන් වහන්සේ අට නමකගෙන් යුක්ත මරාන්තික උපවාසය බ්‍රහස්පතින්දා (28) පෙරවරුවේ මාවනැල්ල ප්‍රධාන බස් නැවතුමේ පිහිටි විහාරගෙයි අභියස දී ආරම්භ වූ අතර ඊට සහය පලකරමින් දෙවනගල,රුවන්දෙනිය වැනි ප්‍රදේශවලින් පැමිණි මව්වරු 25ක් පමණ මාරාන්තික උපවාසයට එක් වී ඇත.

මේවනවිට ඒ අවට විශාප පිරිසක් එක්වී සිටින අතර පොලිස් ආරක්ෂාවද තරකොට තිබේ.බෞද්ධ ප්‍රජාව අතර ඉමහත් භක්තියට පත් මෙම පූජා භූමිය අන්‍ය ආගමිකයන් විසින් ආක්‍රමණය කිරීම හේතුවෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුරාවිද්‍යා ගල් සිටුවන්නට නොහැකි වී තිබේ. 2006 වසරේ දී අධිකරණ නියෝගයක් ලබා දෙමින් දෙවනගල ගල පාමුල සිට මීටර් 400 ක් පුරාවිද්‍යා කලාපයක් බවට නම් කළේය. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්ථානය රැක ගන්නට උනන්දු නොවීම පිටුපස පළාතේ ප්‍රබල දේශපාලන අත පෙවීම් හා බලපෑම් ද පවතින බව අනාවරණය වෙයි. 

බන්ධුල ධර්මතිලක - කෑගල්ල
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=22340:2013-11-28-09-08-48&catid=34:news&Itemid=62

සබැඳි ලිපි -
[

දෙවනගල අන්තවාදී මුසලු ග‍්‍රහණයෙන් මුදාගන්නට භික්‍ෂූන් මාරාන්තික උපවාසයක!http://denethharinna.blogspot.com/2013/11/blog-post_4065.htmlහිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහරhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_23.html
]

ඉන්දියන් සාගරයේ නාවික බලය එක්‌තැන් කළ 'ගාලු කතිකාව'

දූපතක්‌ වන ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව උදෙසා සුවිශාල මෙහෙයක්‌ ඉටු කිරීමේ ප්‍රධාන වගකීමක්‌ ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇත.

එහිලා නාවික හමුදාවට ඉටු කිරීමට තිබෙන කාර්යභාරයද අති මහත් ය. දශක තුනක යුද්ධය අවසන් නිසා රට අභ්‍යන්තරයෙහි ආරක්‍ෂක කටයුතුවල නිරතවීම සහ සංවර්ධනයට දායක වීම යුද හමුදාව සතුව ඇත. එහෙත් නාවික හමුදාවට මුහුදේ පැවරී තිබෙන වගකීම් හා රාජකාරින් බහුල වී ඇත.

එල්.ටී.ටී.ඊ. ය විසින් ගෙන ගිය ත්‍රස්‌තවාදී යුද්ධය නිසා මහ සයුරේ සිදු වූ මුහුදු කොටි සටන් හේතුවෙන් නාවික හමුදාවට එල්ල වූ තර්ජනය දැන් අවසන් වී ඇතත්, වෙනත් නීති විරෝධී මුහුදු ක්‍රියාකාරකම් මැඬලීමේ අභියෝගය නාවික හමුදාව හමුවේ පවතී.

ශ්‍රී ලංකා මුහුදු කලාපයේ සිදුවන අනවසර මසුන් මැරීම, ඔස්‌ටේ්‍රලියාව බලා නීති විරෝධී සංක්‍රමණික මිනිස්‌ ජාවාරම, මුහුද ඔස්‌සේ කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම, ආයුධ ප්‍රවාහනය මැඬලීම මෙන්ම කලාපීය මුහුදේ බහුලව සිදුකෙරෙන මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව නාවික ආරක්‍ෂක මෙහෙයුම්වල නිරත වීම නාවික හමුදාවට පැවරී තිබෙන ප්‍රධාන රාජකාරි වෙති.

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය රාජකාරි ඉතා සාර්ථකව සිදු කරගෙන යන බව අද විදෙස්‌ රටවල පවා ඇගයීමට ලක්‌ වී ඇත. ඔස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබට්‌ මහතා පසුගියදා නාවික හමුදාවේ සේවය මහත් ඇගයීමට ලක්‌ කිරීම තුළින් ඒ බව මනාව තහවුරු වේ.

ඉන් අනතුරුව ඉකුත් 25, 26 දිනවල පැවැති 'ගාලු කතිකාවත 2013'  අන්තර් ජාතික නාවික හා සාගරික ආරක්‍ෂක සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා නාවික හමුදාවට තිබෙන ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳව තවත් නිදසුනකි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සංවිධානත්වයෙන් සිදුකල කළ මෙම සම්මන්ත්‍රණය මෙවර සිව්වැනි වරටත් අති සාර්ථක ලෙස පැවැත්විණි. 2010 වසරේ රටවල් 11 ක නියෝජිතයන් සහභාගි වූ අතර, 2011 වසරේ රටවල් 19 කද, 2012 වසරේ රටවල් 28 කද නියෝජිතයන්a ඊට සහභාගි වූහ. මෙවර රටවල් 35 ක නියෝජිතයෝ සහභාගි වීමෙන් වසරින් වසර මෙම සම්මන්ත්‍රණයට හිමිවන විදෙස්‌ ප්‍රතිචාර සහ පිළිගැනීම වැඩිවෙමින් පවතින බව පෙනී යයි.

'ඉන්දීය සාගර කලාපයේ මතුවෙමින් පවතින ප්‍රවණතා' යන තේමාව යටතේ පැවැති මෙම සම්මන්ත්‍රණයට ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් ඩී. කේ. ජෝශි සහභාගි වීම විශේෂ සිදුවීමක්‌ විය. මෙය දෙරට අතර නාවික සබඳතා තහවුරු කිරීමට හේතු වන බව මෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව කෙරෙහි ඉන්දීය නාවික හමුදාව දක්‌වන ප්‍රසාදය හා පිළිගැනීම තහවුරු කිරීමක්‌ බව දෙස්‌ විදෙස්‌ දේශපාලන හා ආරක්‍ෂක විචාරකයෝ පෙන්වා දෙති.

21 වැනි ඉන්දීය නාවික හමුදාපතිවරයා ලෙස ඉකුත් අගෝස්‌තු 31 වැනි දින වැඩ භාර ගත් අද්මිරාල් දේවේද්‍ර කුමාර් ජෝශි සබ්මැරීන් නාශක යුද කටයුතු පිළිබඳ විශේෂඥයකු වේ. සිය වසර 38 ක දීර්ඝ සේවා කාලය තුළ ඔහු විධාන මාණ්‌ඩලික හා උපදේශක තනතුරු රැසක්‌ ඉසිලූ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

අද්මිරාල් ජෝශි මෙම සම්මන්ත්‍රණයේ ආරම්භක සැසිවාරයේදී "ආසියානු පැසිපික්‌ කලාපයේ සාගරික කටයුතු පිළිබඳ මතුවෙමින් පවතින අවධානය සහ ඉන්දීය දැක්‌ම" යන මැයෙන් විශේෂ දේශනයක්‌ ද පැවැත්වීය.

සම්මන්ත්‍රණයේ ආරම්භක ප්‍රධාන දේශනය පැවැත්වූ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය දේශනයේදී ඉන්දියාව සම්බන්ධව මෙවන් ප්‍රකාශයක්‌ කළේය.

"ඉන්දියාව ශ්‍රී ලංකාවේ ළඟම අසල්වාසී රට වගේම අපේ කලාපයේ ඉතා වැදගත් රටක්‌. කාලයෙන් කාලයට අප දෙරට අතර ද්විපාර්ශ්වීය ගැටලු ඇති වුණත් අපේ දේශපාලන, සමාජ, ආර්ථික, සංස්‌කෘතික සබඳතා ඈත අතීතයට දිව යනවා. ඒ වගේම එම සබඳතා ඉතා විශිෂ්ටයි.

ඉන්දියාව ගැන එසේ සඳහන් කළ ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දියාව සහ චීනය කලාපයේ මුහුදු බලය තහවුරු කර ගැනීමේ උපායශීලී තරගකාරිත්වයක නිරතව සිටින බව ද අවධාරණය කර සිටියේය.

මෙම සියලු තත්ත්වයන් යටතේ කලාපීය රටවල සුහදත්වය දිනා ගනිමින් තම කාර්යභාරය ඉටුකිරීමේ වගකීම වටහා ගෙන සිටින නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් ජයනාත් කොළඹගේ යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව කරගෙන යන නාවික මෙහෙවරට නිහඬව සහයෝගය හා දායකත්වය සපයන තවත් පුංචි නාවික හමුදාවක්‌ ශ්‍රී ලංකාවේ ඇත. ඒ ගැන අපේ රටේ ජනතාව තවම හරිහැටි නොදැන සිටීම කනගාටුදායකය. දූපත් රටක්‌ වන ශ්‍රී ලංකාවේ සාගර ආරක්‍ෂාවට බොහෝ වැදගත් වන නාවික හමුදා කාර්යභාරයන්ට සහායක්‌ මෙන්ම නාවික හමුදාවේ විෂය පථයන්ට එහා ගිය වැදගත් මෙහෙවරක්‌ ඇතැම් අවස්‌ථාවල මෙම පුංචි නාවික හමුදාවෙන් ඉටුවන අවස්‌ථා ද ඇත.

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හෙවත් වෙරළ ආරක්‍ෂක බළකාය ලෙස ක්‍රියාත්මක මෙය නාවික හමුදා නිලධාරීන්ගෙන් සහ නැවියන්ගෙන් සමන්විත ආයතනයකි. මෙහි වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල් වශයෙන් කටයුතු කරනුයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්‍ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන රියර් අද්මිරාල් රවි විෙ-ගුණරත්න ය.

මෙහි ඉතිහාසය සැලකීමේදී මහින්ද චින්තනයේ 46 වැනි පිටුවේ මෙසේ සඳහන්ව ඇත.

"අප අවට ඇති සාගර සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපි තවමත් අසමත්ව සිටිමු. මේ තත්ත්වය පිටුදකිමින් ජපානය, තායිලන්තය වැනි රාජ්‍යයන් ධීවර කර්මාන්තයේ ලබා ඇති දැවැන්ත ප්‍රගතිය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා අලුතින් සිතන්නටත්, ක්‍රියාකරන්නටත් මම අදිටන් කර ගතිමි. මා ධීවර ඇමැතිව සිටි කාලයේ ඒ අරමුණ ජය ගැනීම සඳහා සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමි. මා විසින් ආරම්භ කරන ලද වෙරළාරක්‍ෂක හමුදාව වඩාත් ශක්‌තිමත් කරමින් අප රටේ සාගර සම්පත් සුරැකීමට පියවර ගන්නෙමි."

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා, 'මහින්ද චින්තනය' මගින් එදා ප්‍රකාශ කර සිටි පරිදි අද වන විට වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව ශීඝ්‍ර වර්ධනයකට ලක්‌ කිරීමට ජනාධිපතිවරයාගේ දැක්‌ම පරිදි ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පියවර ගෙන ඇත.

"සාමකාමී සමුද්‍රයීය පරිසරයක්‌ තුළින් ජාතික සුබ සිද්ධි ආරක්‍ෂා කිරීම" යන දැක්‌ම යටතේ 2000 වසරේදී එවක ධීවර ඇමැතිව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ආරම්භ කරන ලද වෙරළාරක්‍ෂක හමුදාවේ ප්‍රථම ප්‍රධානියා ලෙස විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකු වන ලුතිනන් කමාන්ඩර් සී. ආර්. බුලේගොඩ ආරච්චි කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පරමාර්ථය සහ කාර්යය මෙසේ වේ.

ආයතනයේ පරමාර්ථය

ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන නීති විරෝධී ආගමන හා විගමන වැළැක්‌වීම සඳහාත්, මත්ද්‍රව්‍ය සහ ජාවාරම් කිරීම වැළැක්‌වීම සඳහාත්, තහනම් බඩු සහ අවි ආයුධ සොයා ගැනීම සහ තහනමට ගැනීම සඳහාත්, මුහුදේදී ආපදාවලට ලක්‌වන නැව් වලට සහ එම නැව් වල සිට සොයා ගනු ලබන තැනැත්තන් සඳහා සහාය ලබාදීම සඳහාත්, සමුද්‍රීය ගමනාගමනයෙහි සුරක්‍ෂිතභාවය තහවුරු කිරීමට සහාය වීම සඳහාත්, සමුද්‍රීය පරිසරය ආරක්‍ෂා කිරීම සඳහාත්, සමුද්‍රීය ව්‍යසනයන් වැළැක්‌වීම සහ පාලනය කිරීමට කටයුතු කිරීම සඳහාත්, දේශීය සහ විදේශීය සංවිධාන සමඟÊසහයෝගයෙන් කටයුතු කිරීම සඳහාත්, එකී සියලු විෂයය පථයන්වල ජාතික සුභසිද්ධිය ආරක්‍ෂා කිරීමේ කාර්යය සඳහා සහ එමගින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කර ජාතික ආර්ථිකය සහ ජාතික ඒකාග්‍රතාවය ආරක්‍ෂා කිරීම සඳහාත් ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පිහිටුවා ඇත.

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කාර්යය

* ශ්‍රී ලංකා වෙරළ තීරයේ නීති විරෝධී මසුන් ඇල්ලීම වැළැක්‌වීම සහ මුහුදේදී සහාය ලබාදීම ද ඇතුළුව ධීවරයන් ආරක්‍ෂා කිරීම.

* නීති විරෝධී භාණ්‌ඩ ජාවාරම් කිරීමට එරෙහිව සහ ආගමනයනට එරෙහිව කටයුතු කිරීම සහ රේගුව සහ වෙනත් අදාළ අධිකාරීන්ට සහාය ලබාදීම.

* මුහුදේ දී සිදුවන මුහුදු කොල්ල නැවැත්වීම හෝ කළමනාකරණය කිරීම සඳහා පියවර ගැනීම.

* සමුද්‍රීය කලාපවල සහ ශ්‍රී ලංකාවේ දේශීය ජල තීරයේ සිදුවන විනාශකාරී ත්‍රස්‌තවාදී ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා නීතිය බලාත්මක කිරීමේ ආයතන සහ සන්නද්ධ හමුදා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම.

* මුහුදු සීමාවෙන් පිට සිදුවන මත්ද්‍රව්‍ය ව්‍යාපාර වැළැක්‌වීම.

* මුහුදේදී ජීවිත හා දේපළ සුරක්‍ෂිතතාවය තහවුරු කිරීම සඳහා අදාළ බලධාරීන්ට සහාය වීම.

* ස්‌වාභාවික ව්‍යසනයන් සිදුවූ අවස්‌ථාවලදී මිනිසුන් සෙවීම සඳහා සහභාගි වීම සහ ආරක්‍ෂා කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ එකී ව්‍යසන සහ මුහුදේ සිදුවන වෙනත් අනතුරුවලින් පසුව යාත්‍රා ගලවා ගැනීමේ සහ වෙනත් භාණ්‌ඩ සම්බන්ධයෙන් වූ මෙහෙයුම් සඳහා සහාය වීම.

* සමුද්‍රdසන්න සහ සමුද්‍රීය පරිසරය සංරක්‍ෂණය සහ ආරක්‍ෂා කිරීම සඳහා සහාය වීම.

* සමුද්‍ර දූෂණය සහ මුහුදේදී සිදුවන වෙනත් ව්‍යසන වැළැක්‌වීම සහ පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සහ එම කටයුතු නියාමනය කිරීමට සහාය දීම.

* සමුද්‍රීය සත්ත්ව හා ශාක විශේෂ සංරක්‍ෂණය කිරීම.

* ස්‌වාභාවික ව්‍යසන අවස්‌ථාවලදී ගුවන් විදුලි හෝ වෙනත් ක්‍රම මගින් අනතුරු ඇඟවීම් ලබා දීම ද ඇතුළුව තොරතුරු ව්‍යාප්ත කිරීම.

* රජය විසින් දෙපාර්තමේන්තුව වෙත කලින් කල ලබාදෙනු ලැබිය හැකි හෝ පවරන ලද කාර්යයන් ඉටුකරලීම.

වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙවර ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

සමුද්‍රීය පරිසරයේ ආරක්‍ෂාව, සුරක්‍ෂිතතාවය, පවිත්‍රතාවය, සහතික කිරීම, බලාත්මක සමුද්‍ර නීතිය ක්‍රියාත්මක කිරීම, ජෛව විවිධත්ව කළමනාකරණය, ස්‌වාභාවික හා මිනිසා විසින් නිර්මාණය කරනු ලබන ව්‍යසනයන් කළමනාකරණය සහ ජීවිත හා දේපළ ආරක්‍ෂා කිරීම මෙන්ම සමුද්‍ර පරිසරය සුරක්‍ෂිත කිරීම තුළින් පාරිසරික සමතුලිතතාවය පවත්වා ගැනීම හා සමුද්‍ර දූෂණය වැළැක්‌වීම.

ඉහත කරුණු අනුව මෙම වෙරළාරක්‍ෂක බළකායේ (ඤsඒක ඨම්රා) වැදගත්කම කොතරම් ද යන්න මනාව පැහැදිලි වේ.

වෙරළබඩ මුහුදු තීරයේ දිය නෑමේ නිරත විදෙස්‌ සංචාරකයන් ඇතුළු විශාල ගණනකගේ ජීවිත බේරා ගැනීමේ ජීවිතාරක්‍ෂක සේවයක්‌ ද මෙම බළකාය විසින් පවත්වා ගෙන යයි. එමෙන්ම ජීවිතාරක්‍ෂක භටයන් පුහුණු කිරීම ද සිදුකරයි.

විශේෂයෙන් දූපතක්‌ වන ශ්‍රී ලංකාවේ සමුද්‍රික හා ජාතික ආරක්‍ෂාවට විශාල මෙහෙයක්‌ ඉටුකිරීමේ හැකියාව සතු ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නගාසිටුවාලීමට ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැඩි අවධානයක්‌ යොමුකර කටයුතු කරමින් සිටී.

මෙම දෙපාර්තමේන්තුව නගාසිටුවාලීම සඳහා දායක වූ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරුන් වන රියර් අද්මිරාල් ආනන්ද ධර්මප්‍රිය සහ රියර් අද්මිරාල් රුවන් ඩයස්‌ යන හිටපු ජ්‍යෙෂ්ඨ නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ද මෙහිදී සඳහන් කළ යුතුව ඇත.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2013/11/29/feature.html

කොටි විරු සෑමරුඹට සම්බන්ධ අයට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්න - ඕමල්පේ සෝභිත හිමි

කොටින්ගේ දේශපාලන පෙරමුණ දෙමළ ජාතික සන්ධානයයි

කොටි මහා වීර සැමරුමට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා පවත්නා නීතිය ප්‍රමාණවත් නොවන්නේ නම් නීති සම්පාදනය කරන ලෙසත් රජයට බලකර සිටින බව ජාතික හෙළ උරුමය නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ සඳහන් කරති.

එසේ නොවුණහොත් කොටි ත්‍රස්‌තයන් නැවත වරක්‌ හුඹස්‌ තුළින් එළියට පැමිණෙනු ඇති බවත් ඊට ප්‍රථම රජය එය නියපොත්තෙන් කඩා ඉවත් කළ යුතුව ඇති බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ.

ත්‍රස්‌තවාදය පරාජය කර තෙවසරක්‌ ඉක්‌ම යැමට මත්තෙන් කොටි අවතාර, කොටි පුල්ලි, මහවිරු දේශන යාපනය කරවෙට්‌ටි ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්‌වා පැමිණෙනු ඇතැයි සඳහන් කළ ඕමල්පේ සෝභිත නාහිමියෝ කොටින්ගේ දේශපාලන පෙරමුණ දෙමළ ජාතික සන්ධානය බව අමුතුවෙන් කිව යුතු නැතැයිද සඳහන් කළහ.

කොටි මහවිරුවන් සැමරීම හා සමරු වැඩසටහන් පැවැත්වීම නීති විරෝධී බව ආරක්‍ෂක අංශ පුන පුනා නිවේදනය කර තිබියදීත් නීති විරෝධී ක්‍රියා රැසක්‌ සිදුකර ඇති බව පැවසූ ඕමල්පේ සෝභිත හිමියෝ දැන් රජය කළ යුතුව ඇත්තේ වහාම නීතිය ක්‍රියාත්මක කර නැවත එවැන්නකට ඉඩ නොතැබීම බව අවධාරණය කළහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/11/29/news31.html

කෝටි 1 1/2 ක කුඩු ගෙනා මුසලුවන් 6 දෙනා දිවි ඇති තෙක්‌ හිරේ

රුපියල් කෝටි 1 1/2 ක්‌ වටිනා ශුද්ධ හෙරොයින් තොගයක්‌ පාකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් රැගෙන ඒම සම්බන්ධයෙන් වරද පිළිගත් පාකිස්‌තානු ජාතික කාන්තාවක ඇතුළු පාකිස්‌තානුවන් සය (6) දෙනකුට බස්‌නාහිර පළාත් මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ ගෆූර් මහතා ඊයේ (28 දා) බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම කර හෙරොයින් තොගය විනාශ කිරීමට නියෝග කළේය.

හෙරොයින් ගුලි වශයෙන් ගිල ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් වූයේ කාන්තා විත්තිකාරිය වන තාබ්න්ඩිµර්රා (30) (හෙරොයින් ග්‍රෑම් 113.81), සහ අනෙකුත් පිරිමි විත්තිකරුවන් වන අහමඩ් බසීර් (53) (හෙරොයින් ග්‍රෑම් 91.88), ඔර්මාර් අසීම් (30) (හෙරොයින් ග්‍රෑම් 122.31), මොහොමඩ් අබ්රාඡ් කුHqරෙෂි (66) (හෙරොයින් ග්‍රැම් 2078.46), මහමුඩ් ආමීර් (29) (හෙරොයින් ග්‍රෑම් 73.22) සහ ෂයිඩ් මාෂින් (27) (හෙරොයින් ග්‍රෑම් 40.35) නමැත්තන්ය. 

මෙම විත්තිකරුවන් 2011 ඔක්‌තෝබර් මස සිට 2012 අගෝස්‌තු මස දක්‌වා අතර කාලය තුළ ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණ ඇත. පසුව මොවුන් ගුවන් තොටුපළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කොට තිබිණි.

රජයේ අධිනීතිඥ අසේල සේරසිංහ මහතා පැමිණිල්ල මෙහෙය වීය. 

මීගමුව සමූහ - විමල් කීර්ති
http://www.divaina.com/2013/11/29/news08.html

Thursday, November 28, 2013

Oldest Buddhist shrine holds clues to Buddha's birth - CNN

Lumbini is one of four major sites of importance for Buddhists. The other locations revered by followers of Buddhism are Bodh Gaya (where he became a Buddha), Sarnath (where he first preached) and Kusinagara (where he passed away).
Lumbini is one of four major sites of importance for Buddhists. The other locations revered by followers of Buddhism are Bodh Gaya (where he became a Buddha), Sarnath (where he first preached) and Kusinagara (where he passed away).

Oldest Buddhist shrine

Coningham, left, and Kosh Prasad Acharya direct excavations within the Maya Devi Temple. They uncovered a series of ancient temples; the oldest, they say, is from the sixth century B.C.
Coningham, left, and Kosh Prasad Acharya direct excavations within the Maya Devi Temple. They uncovered a series of ancient temples; the oldest, they say, is from the sixth century B.C.

STORY HIGHLIGHTS
Archaeologists have found Buddhist shrine from sixth century B.C.
Its remains were found under a known Buddhist shrine, built about 300 years later
Results are published in the journal Antiquity
The older structure seems to have been made of timber

(CNN) -- There are about 500 million Buddhists worldwide, but it's unclear exactly when in history this religion began. The Buddha's life story spread first through oral tradition, and little physical evidence about Buddhism's early years has been found.
Now, scientists for the first time have uncovered archaeological evidence of when the Buddha's monumentally influential life occurred. Excavations in Nepal date a Buddhist shrine, located at what is said to be the Buddha's birthplace, to the sixth century B.C.
The research, published in the journal Antiquity, describes the remains of a timber structure about the same size and shape as a temple built at the same site in the third century B.C.
Archaeologists also found reason to think that a tree grew at the center of this ancient structure, lending support to the traditional story that the Buddha's mother held onto a tree branch while giving birth to him.

"This is one of those rare occasions when belief, tradition, archaeology and science actually come together," lead study author Robin Coningham, professor at Durham University in the United Kingdom, said at a press briefing Monday. 
(මෙය, ඇදහීම, සම්ප්‍රදාය, පුරාවිද්‍යාව සහ විද්‍යාව සත්‍යවශයෙන් එකිනෙක හා බැඳුනු ඉතා විරල අවස්ථාවක් යැයි මහාචාර්ය රොබින් කොනිංහම් පවසයි)

If this study is correct, the Buddha's actual life could have overlapped with a popularly recognized time frame of 563-483 B.C. But lots of other date ranges for the Buddha have been tossed around -- some scholars say 448 to 368 B.C., for instance. (The UNESCO website about his birthplace says 623 B.C.)
"We know the entirety of the shrine sequence started in the sixth century B.C., and this sheds light on a very long debate," Coningham said.

A place for pilgrims

The Lumbini site in Nepal is one of four principal locations that are believed to be connected with the Buddha's life. Bodh Gaya is where he is became enlightened, Sarnath is where he first preached and Kusinagara is where he died.

Lumbini is located in "a subtropical chain of forests, marshes and grasslands" between Nepal's border with India and the Siwalik Range of the Himalayas, according to the study.

Historical documents from Chinese travelers show that pilgrims made the journey to Lumbini for many centuries.

The site was lost and stopped attracting pilgrims after the 15th century -- no one knows why -- but Lumbini was rediscovered in 1896. It was declared the birthplace of Buddha because of a sandstone pillar there, dating from the third century B.C. The pillar's inscription states that Emperor Ashoka visited this site of Buddha's birth.

Scholars say the more modern Maya Devi Temple at Lumbini, named after the mother of Buddha, was constructed on top of the foundations of more than one earlier temple or stupa, which is a dome-shaped Buddhist monument.

One of those older temples dates back to the third century B.C., from the time of Emperor Ashoka. But there's also evidence of the even earlier temple, which appears to have covered about the same size and shape as the Ashokan temple, Coningham said.

The earliest site

Beneath remains of the Ashokan temple, archaeologists found a series of postholes from where timber posts had rotted out.
"Indeed, our excavations have demonstrated that the earliest construction at Lumbini appears to have comprised a timber fence or railing marking a cardinal direction," the study authors wrote.
The central, open portion of the most ancient temple appears to have housed a tree, based on the discovery of large fragments of mineralized tree roots. This part of the temple also had never been covered by a roof.

To establish the dates of the earliest Buddhist shrine at Lumbini, Coningham and colleagues analyzed charcoal found within postholes, as well as sand. Different techniques used on each of these materials pointed to the same conclusion of the sixth century B.C., but the postholes indicated a range of about 800 to 545 B.C.
"If the postholes at Lumbini are indicative of a tree shrine, ritual activity could have commenced either during or shortly after the life of the Buddha," the study authors wrote.

Julia Shaw, archaeologist at University College London, applauded the research but noted in an e-mail that other ritual frameworks existed at the same time as early Buddhism, which could complicate the conclusions of the study.

"It would be difficult to determine whether the tree shrine in question was intended for the worship of the Buddha or was part of a distinct cultic context," she said.

But Coningham said that it's unlikely that this earlier structure belonged to a different spiritual tradition, other than Buddhism, because of the "continuity" of the site between the sixth century B.C. and third century B.C. structures. The Ashokan temple is clearly Buddhist, and the earlier shrine had the same footprint.
"Often when you have sites of one religious activity overtaken by another, you actually get quite dramatic changes within orientation, within use of structure," Coningham said.

Moreover, before the sixth century B.C., the area where the site is was just cultivated land, he said.

The new archaeological research on the Buddha's life will be featured in a National Geographic documentary called "Buried Secrets of the Buddha" premiering in February. The National Geographic Society partly funded the research.

By Elizabeth Landau, CNN
November 26, 2013 -- Updated 1657 GMT (0057 HKT)
http://edition.cnn.com/2013/11/25/world/asia/buddha-birthplace-buddhist-shrine/index.html?hpt=wo_t3

සබැඳි ලිපි -
[

ඉතිහාසයක් නැති ආගම් සහ මනඃකල්පිත ශාස්තෲන් අතරින් ප්‍රත්‍යක්‍ෂයෙන් තහවුරු බුදුදහම සහ බොදු ඉතිහාසයhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_2357.htmlආශ්චර්යමත් සිදුහත් උපතේ පුරාවිද්‍යා සාක්ෂි මතුවේ. වසර 3000 ට එහා බෝධිඝරයක නටඹුන් බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ සොයාගනිතිhttp://denethharinna.blogspot.com/2013/11/3000.htmlසිදුහත් කුමරුන් උපන් ස්ථානයේ ඉපැරණි රුක්ශමූලයක් වටකොට දැවයෙන් තැනූ විහාරයක නටඹුන් සොයාගනී!http://denethharinna.blogspot.com/2013/11/blog-post_5883.html
]

සුන්නි-ෂියා මුස්ලිම් කුල භේදය මැදපෙරදිග උග‍්‍ර අතට

මැදපෙරදිග කලාපයේ සුන්නි සහ ෂියා ඉස්ලාමික නිකාය භේදය උග‍්‍ර අතට පත්වී ඇතැයි වාර්තා වේ. පසුගිය මස ලෙබනනයේ ඉරාන තානාපති කාර්යාලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර දෙකකින් 25 දෙනෙකු මියගිය අතර එය අල් කයිඩා සංවිධානයට සම්බන්ධ පිරිසක් විසින් සිදුකළ බව පැවසිණි.

ඉරාකය තුළද ගැටුම් ඇවිළි යමින් තිබේ. සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ මැදපෙරදිග ආයතනයේ පර්යේෂක ෆනාර් හඩාඞ් පවසන්නේ ඉරාකයේ දසවසරක යුද්ධයෙන් අනතුරුවත් තත්වයන් වඩ වඩාත් නරක අතට හැරෙමින් ඇති බවයි.  ලෝකයේ මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් සුන්නි නිකායිකයන් වන නමුදු ඉරානය, ඉරාකය, බහරේනය යන රටවල බහුතරයක් වැසියන් ෂියා ලබ්ධිකයන් වේ.

මේ වන විට ක‍්‍රියාත්මක වන අෂුරා සහ අර්බායින් උත්සවයන් තුළ සුන්නි-ෂියා භේදය වඩාත් උද්දීපනය වී ඇති අතර උත්සවයන් මගින් යාසිඞ් කාලිෆ්වරයාගේ හමුදාවන් අතින ෂියාවරුන් විසින් ගෞරවනීය ලෙස සලකනු ලබන ඉමාම් හුසේන්ගේ මරණය සමරනු ලබයි.

දිගුකලක් පුරා පවතින සුන්නි-ෂියා අර්බුදය 2003දී ඉරාකය ඇමරිකාව විසින් ඉරාකය ආක‍්‍රමණය කර සුන්නි මුස්ලිම් නායක සදාම් හුසෙන් බලයෙන් පහකර ෂියා බලයක් ස්ථාපිත කිරීම සමග ඇවිළ ගිය බව පැවසේ.  ලෙබනන විශ්ලේෂිකා සහාර් අල්-අට‍්‍රාච් පවසන්නේ 2005දී ලෙබනනයේ හිටපු අගමැති රාෆික් හරිරි ඝාතනය කරනු ලැබීමෙන් පසුව නිකායික ගැටුම් තවත් වර්ධනය වූ බවයි.

සිරියානු ජනාධිපති බෂාර් අසාද් ෂියා නිකායේ ශාඛාවක් වන ඇලවයිට් නිකායිකයෙකු වන අතර සිරියානු රජයට එරෙහි කැරලිකරුවන් සුන්නි නිකායිකයන් වේ.  සහාර් පවසන්නේ කැරලිකරුවන්ට මුහුණදීම සඳහා සිරියානු රජයේ පාර්ශ්වය වෙත ලෙබනන හිස්බුල්ලා සංවිධානයෙන් ලැබෙන සහයෝගයට ප‍්‍රධාන හේතුව වන්නේ හරිරි ඝාතනය බවයි.

2014 අපේ‍්‍රල් මස පැවැත්වීමට නියමිත ඉරාක මැතිවරණය තුළද මෙම නිකායික අර්බුදය තවත් ඉහළ යනු ඇතැයි පැවසෙන අතර ඉරාකයේ ක‍්‍රියාත්මක වන දේශපාලන පක්ෂ දේශපාලන දෘෂ්ඨීන් මත නොව නිකාය භේදය මත ක‍්‍රියාත්මක වන බව දේශපාලන විචාරකයන් පවසති.

http://lankacnews.com/sinhala/foreign-news/105447/

දෙවනගල අන්තවාදී මුසලු ග‍්‍රහණයෙන් මුදාගන්නට භික්‍ෂූන් මාරාන්තික උපවාසයක!

කලක් දළදා වහන්සේද වැඩසිටියේ යයි කියන මාවනැල්ල දෙවනගල පුදබිම ඉස්ලාම් ආගමිකයන්ගේ ග්‍රහණයෙන් මුදා දෙන ලෙස ඉල්ලමින් භික්ෂූන් වහන්සේලා 06 දෙනෙක් විසින් මාවනැල්ල නගරයේ උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙහිදී අනුරාධපුර අමතධම්ම හිමියෝ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති අතර දෙවනගල පූජා භූමිය සුරුකීමේ ජාතික ව්‍යාපාරය විසින් මෙය  සංවිධානය කර ඇත.

දෙවනගල පුදබිමේ අනවසර ඉදිකිරීම් ඉවත් කොට එහි පුරාවිද්‍යා කැණීම් අරඹා පුදබිම සංරක්ෂණය කරදෙන්නැයිද භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටිති.

මේ පිළිබඳව බලධාරීන්ට කිහිප අවස්ථාවක් දැනුම් දුන්ද කිසිදු ප්‍රයෝජනයක් නැතැයි දෙවනගල පූජා භූමිය සුරුකීමේ ජාතික ව්‍යාපාරය කියා සිටී.

http://lankacnews.com/sinhala/news/105488/

සබැඳි ලිපි -
[
හිරු දෙව් නැගි දෙවනගලට මුස්ලිම් පා පහරhttp://denethharinna.blogspot.com/2013/05/blog-post_23.html
]

ක්‍රෙඩිට් කාඩ් වංචාවට මුසලුවා වසර 06 ක් හිරේට

වෙනත් අයකුගේ ක්‍රෙඩිට් ණය කාඩ් පත් භාවිතා කරමින් ගුවන් ටිකට් පත් මිලදී ගැනීමේ සිද්ධියකට වරදකරු වූ පුද්ගලයකුට වසර 06 ක සිරදඬුවමක් හා රුපියල් ලක්‍ෂ තුනක දඩ මුදලක් ගෙවීමට ‍කොළඹ මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා බදාදා (27) නියෝග කළේය. මෙලෙස දඩුවම් නියම වූයේ මොහොමඩ් රියාල් මොහොමඩ් ඉර්ෂාඩ් නැමැත්තෙකුටයි. ඔහු අංක 15/72 ස්ටුවට් වීදිය, කොළඹ 02 ලිපිනයේ පදිංචිකරුවෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයාට එක් එක් චෝදනාවට වසර 2 බැගින් වසර 6 ක සිර දඬුවමක් නියම කරන ලදී. එය වසර දෙක කදී එකවර ගෙවීයන පරිදි නියම කරන ලද අතර සිර දඬුවම වසර 10 ට අත්හිටුවන ලදී. 

එසේම එක් එක් චෝදනාවලට රුපියල් ලක්‍ෂය බැගින් ලක්‍ෂ 3 ක දඩයක් නියම කරන ලදී. දඩය නොගෙව්වොත් මාස 12 බැගින් මාස 36 සිරදඬුවම් නියම කරන ලදී.

නිශානි ලසිතා හේරත්
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=22306:-06-&catid=34:news&Itemid=62

මුසලු සුන්නි ෂියා වර්ග ගැටුම | ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළට එරෙහිව සවුදි අරාබියට පරමාණු බෝම්බ

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව ලෝක බලවතුන් සමග එකගතාවයකට පැමිණීම සමග සවුදි අරාබිය පාකිස්ථානයෙන් පරමාණු බෝම්බ ලබාගැනීමට සූදානම් වන බව වාර්තා වේ.

සවුදි අරාබියේ ෂූරා කවුන්සිලයේ විදේශ කටයුතු කමිටුවේ සභාපති අබ්දුල්ලා අල් අස්කර් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් වන ඇමරිකාව, රුසියාව, චීනය, ප‍්‍රංශය සහ බි‍්‍රතාන්‍යය සමග ජර්මනිය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව ගත් තීරණයෙන් තමන් කනස්සල්ලට පත්වූ බවයි.

ඉරානය තමන්ට අවශ්‍ය දේ ලබාගන්නට යම් කිසිවක් අත්හරින්නට තීරණය කරන්නට ඇති බව ඔහුගේ අදහසයි.  එමනිසා කලාපීය දේශපාලනය තුළ ඉරානයට අවකාශයක් සැලසීම අනතුරුදායක බව අස්කර් පවසා තිබේ.

බටහිර ජාතීන් සමග ඇතිකරගත් සම්මුතිය හරහා ඉරානය විසින් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීම වැළැක්විය නොහැකි වන්නේ නම් තර රටද පරමාණු බෝම්බ ලබාගැනීමට සූදානම් බව ඔහු පවසා ඇත.  නේටෝ ආරංචි මාර්ග උපුටමින් පසුගිය මසදී බි‍්‍රතාන්‍ය මාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ තමන්ට අවශ්‍ය න්‍යෂ්ටික අවි ලබාගැනීම සඳහා සවුදි අරාබිය පකිස්ථාන න්‍යෂ්ටික ව්‍යාපෘතීන්හි ආයෝජනය කර ඇති බවයි.

1980 දශකයේ සිටම න්‍යෂ්ටික අවි හිසක් රැගෙන යා හැකි මිසයිල තාක්ෂණය සවුදි අරාබිය සතු බව පැවසේ.  ඊශ‍්‍රායලයේ හිටපු බුද්ධි අංශ ප‍්‍රධානි අමෝස් යාඞ්ලින් පවසා ඇත්තේ බෝම්බය සඳහා අවශ්‍ය ගෙවීම් මේ වන විටත් සිදුකර අවසන් බවයි.  සවුදි අරාබියානුවන් පකිස්ථානයට ගොස් තමන්ට අවශ්‍ය දේ ගෙන එනු ඇතැයි ඔහු පවසා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/105407/