Pages

Thursday, November 21, 2013

නින්දවූර් ගැටුම පිටුපස මුස්ලිම් කොන්ග‍්‍රසයේ පළාත් සභා මන්තී‍්‍රවරු - හෙළ උරුමය

සමන්තුරේ නින්දවූර් ගැටුම පිටුපස මුස්ලිම් කොන්ග‍්‍රසයේ නැගෙනහිර පළාත් සභා පළාත් සභා මන්තී‍්‍රවරු සිටින බව තහවුරු වන්නේ යයි ජාතික හෙළ උරුමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා මේ බව සඳහන් කරයි.

සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වේ.

අක්කරෙයිපත්තුව නින්දවූර් ගම්මානයේ මුස්ලිම් ජනතාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ගැටුම නිර්මාණය කිරීම පිටුපස ශී‍්‍ර ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය සිටින බව පැය 36 ක කාලයක් පාර හරස් කර විරෝධතාවේ යෙදී සිටින්නන්ට නායකත්වය ලබා දුන්නන් දෙස බැලීමේදී තහවුරු වේ. කල්මුණේ, අක්කරෙයිපත්තුව, නින්දවූර්, සමන්තුරෙයි පමණක් නොව නැගෙනහිර පළාතේ ආරක්‍ෂක කටයුතු සදහා විශේෂ කාර්ය බලකාය යෙදවීම සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම මුස්ලිම් කොන්ග‍්‍රසයත් එහි නායකත්වයත් විරෝධය පළ කළ බව අපට අමතක නැත. මෙම ප‍්‍රදේශ වල සිදුවන නීති විරෝධී කටයුතු හා ජාවාරම් වලට එරෙහිව විශේෂ කාර්ය බලකාය නිරන්තර මෙහෙයුම් සිදු කරමින් නීතිය කි‍්‍රයාත්මක කළ අතර, එය නොඉවසන ජාවාරම්කරුවන් හා ප‍්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් මෙම විරෝධතාවය හා ගැටුම පිටුපස සිටින බව පැහැදිලිය.

පැය 36 ක් පුරා නින්දවූර්, අක්කරෙයිපත්තුව ප‍්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාකරුවන්ට නායකත්වය දුන්නේ මුස්ලිම් කොන්ග‍්‍රසයේ නැගෙනහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරයෙකි. මෙම ප‍්‍රදේශයේ සිදුවන නීති විරෝධී කටයුතු බාධාවකින් තොරව නිදැල්ලේ කරගෙන යෑමට හිසරදයක්ව පැවතියේ විශේෂ කාර්ය බලකායයි. මෙම ප‍්‍රදේශ මුදා නොගත් ප‍්‍රදේශ ලෙස පවත්වා ගැනීමේ උවමනාවක් ජාවාරම්කරුවන්ගේත්, නීති විරෝධී කටයුතු වල නිරත වන්නන්ගේත් අවශ්‍යතාවය විය. නින්දවූර් ජනතාව පොලිස් විශේෂ කාර්ය බලකායට එරෙහිව අවුස්සමින්, එය ප‍්‍රශ්නයක් කර ගනිමින් නැගෙනහිර පළාත් සභාව දෙමළ ජාතික සන්ධානයත් සමග එකතුව  පෙරළා දැමීමට මෙය නිමිත්තක් කර ගැනීමේ ආරම්භය විය හැක. තම දේශපාලන අරමුණු වෙනුවෙන් ආරක්‍ෂක අංශ වලට එරෙහිව ජනතාව කුපිත කිරීමේ මුස්ලිම් කොන්ග‍්‍රසයේ මේ කි‍්‍රයා කලාපයට අපගේ බලවත් විරෝධය පල කර සිටින අතර, නීතිය අතට ගෙන ජන ජීවිතය අඩාල කිරීමට පාරවල් වසා අරාජික තත්වයක් නිර්මාණය කිරීමට කවර බලවේගයකට හෝ ඉඩ නොදිය යුතුය.

http://lankacnews.com/sinhala/news/104993/

සබැඳි ලිපි -
[
සමන්තුරේ මුසලු අන්තවාදියෝ STF සෙබළුන්ට පහර දෙතිhttp://denethharinna.blogspot.com/2013/11/stf.htmlඅනාගතය අසුභයි! නින්දවූර් යුද පිටියක්‌! මුසලු අන්තවාදීහු පොලිසියට පහර දෙති! අසාධ්‍ය ලෙඩුන් සිටි ගිලන් රථ පවා අහුරමින් පැය 36ක් පාර වසති.http://denethharinna.blogspot.com/2013/11/36.htmlනින්දවුර් - ඇත්තම කතාව | පල්ලි වලටඅපරාධකරුවන් සෙවීමේ සිරිතක්‌ ලංකාවේ නැතhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_3493.html
ග්‍රෑන්ඩ් පාස් සිද්ධියේ තිත්ත ඇත්ත - මුසලු අන්තවාදයේ අති බිහිසුණු ව්‍යාප්තවාදය
http://denethharinna.blogspot.com/2013/08/blog-post_18.html

]

0 comments: