Pages

Tuesday, November 26, 2013

ආශ්චර්යයක මහත! අපරාධය වැටලූ 23ම අකාර්යක්ෂමයි. ඇස් කන් පියා සිටි අය දක්ෂයි, කාර්යක්ෂමයි, විශිෂ්ඨයි! | 'සූදු පළ වැටලූ පොලිසියේ 23 දෙනා මාරු කළේ රාජකාරිය අකාර්යක්‍ෂම නිසා' - අගමැති

සලාකා සූදු පළ වැටලූ පොලිස්‌ නිලධාරීන් විසිතුන්දෙනාට ස්‌ථාන මාරුවීම් ලබා දුන්නේ ඔවුන්ගේ රාජකාරිය අසතුටුදායක සහ අකාර්යක්‍ෂම නිසා යෑයි අගමැති දි. මු. ජයරත්න මහතා ඊයේ (25 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පත්කළ මන්ත්‍රී (ප්‍ර.ජා.ස.) අනුර කුමාර දිසානායක මහතා ස්‌ථාවර නියෝග 23/2 යටතේ අසන ලද  ප්‍රශ්නයකට පිළිතුරු දුන් අගමැතිවරයා මෙම ස්‌ථාන මාරුවීම් අවලංගු නොකරන බව ද කීවේය.

අගමැතිවරයා මෙසේ ද පැවසුවේය.

මෙම ස්‌ථානය මෙයට පෙර අවස්‌ථා 04 කදී පොලිසියේ වෙනත් අංශ විසින් වැටලීම් කර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත. සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්‌ඨාසය මගින් ද මීට පෙර එක්‌ අවස්‌ථාවකදී වැටලීම් සිදුකර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සංවිධානාත්මක අපරාධ කොට්‌ඨාසය විසුරුවාහැරීමක්‌ සිදු කර නොමැති අතර එහි අධ්‍යක්‍ෂවරයා, ස්‌ථානාධිපතිවරයා හා සෙසු තවත් නිලධාරීන් සුපුරුදු පරිදි රාජකාරිවල යොදවා ඇත. 2013.11.06 වැනි දින ස්‌ථාන මාරුවීම් ලබා ගිය නිලධාරීන් වෙනුවට නව නිලධාරීන් වශයෙන් පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌, උප පොලිස්‌ පරීක්‍ෂකවරයෙක්‌, පොලිස්‌ සැරයන් නිලධාරීන් දෙදෙනෙක්‌ හා පොලිස්‌ කොස්‌තාපල්වරුන් තිදෙනෙක්‌ අනුයුක්‌ත කොට ඇත.

සංවිධානාත්මක අපරාධ කොට්‌ඨාසය මගින් ආරම්භ කර ඇති නඩු කටයුතු කිසිවක්‌ බිඳ නොවැටෙන අතර සාක්‍ෂිකරුවන් වන ස්‌ථානමාරු ලබා පිටව ගිය නිලධාරීන් අධිකරණ නියෝග මත සාක්‍ෂි සඳහා කැඳවනු ලැබේ.

ස්‌ථාන මාරු සිදුකරනු ලැබුවේ නිලධාරීන්ගේ රාජකාරි අසතුටුදායක හා අකාර්යක්‍ෂම මට්‌ටමක පැවති නිසා බැවින් එම ස්‌ථානමාරු අවලංගු කරනු නොලැබේ.

සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්‌ඨාස අධීක්‍ෂණය කරනු ලබන්නේ නියෝජ්‍ය පොලිස්‌පති (අපරාධ) විසිනි. මෙම කොට්‌ඨාසයට නිලධාරීන් 28 දෙනකු අනුයුක්‌තව සිටි අතර පසුගිය කාල පරිච්ඡේදය තුළ ඔවුන්ගේ කාර්යක්‍ෂමතාවය ඉතා පහළ මට්‌ටමක පැවතීමත් විශේෂයෙන් ඇතැම් නිලධාරීන්ගේ හැසිරීම් රටාව සැක සහිත වීමත් හේතු කොටගෙන නියෝජ්‍ය පොලිස්‌පති (අපරාධ) විසින් මෙම අංශය ප්‍රතිසංවිධානය කිරීම සඳහා එහි සිටි නිලධාරීන් 23 දෙනකු මාරු කර යවා අලුත් නිලධාරීන් කණ්‌ඩායමක්‌ පත්කරන ලෙසට නිර්දේශිත විස්‌තරාත්මක වාර්තාවක්‌ පොලිස්‌පති වෙත 2013.10.24 දින ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අනුව පොලිස්‌පති විසින් මෙම ස්‌ථාන මාරුවීම් සඳහා 2013.10.27 දින අනුමැතිය ලබා දී ඇති අතර එම නිලධාරීන් 23 දෙනා වෙත 2013.11.06 දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්‌ථාන මාරුවීම් ලබා දී ඇත.

ඒ අනුව, ඉහත නිලධාරීන් 23 දෙනා මාරුකර යෑවීමට පොලිස්‌පති විසින් නියෝග කරන ලද්දේ 2013.10.27 දින වන අතර ඔවුන් විසින් 2013.11.04 දින සිදුකරන ලද වැටලීම හා මෙම ස්‌ථාන මාරුවීම අතර කිසිදු සම්බන්ධතාවක්‌ නොමැත.

පොලිස්‌ නිලධාරීන්ගේ ස්‌ථාන මාරු සිදුකිරීම සඳහා කිසිදු තැනැත්තකු මැදිහත් වී නොමැත. "හුලා" නමින් තැනැත්තකු හඳුනාගෙන නොමැත. පොලිස්‌ දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු සඳහා දේශපාලන බලපෑම් ඇති බව පිළිනොගනිමි.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2013/11/26/news11.html

සබැඳි ලිපි -
[

සුපිරි බූරු පිටිය සමඟ පැන නැඟි සුපිරි රජකාරී අවශ්‍යතාhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_1958.htmlඅපරාධ මර්ධනයට උපහාර! සුපිරි බූරුපිටිය වැටලූ පොලිසියේ 23ට සුපිරි මාරුවක්‌http://denethharinna.blogspot.com/2013/11/23.html
]

0 comments: