Pages

Friday, November 29, 2013

කොටි විරු සෑමරුඹට සම්බන්ධ අයට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන්න - ඕමල්පේ සෝභිත හිමි

කොටින්ගේ දේශපාලන පෙරමුණ දෙමළ ජාතික සන්ධානයයි

කොටි මහා වීර සැමරුමට සම්බන්ධ වූ සියලු දෙනාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා පවත්නා නීතිය ප්‍රමාණවත් නොවන්නේ නම් නීති සම්පාදනය කරන ලෙසත් රජයට බලකර සිටින බව ජාතික හෙළ උරුමය නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ සඳහන් කරති.

එසේ නොවුණහොත් කොටි ත්‍රස්‌තයන් නැවත වරක්‌ හුඹස්‌ තුළින් එළියට පැමිණෙනු ඇති බවත් ඊට ප්‍රථම රජය එය නියපොත්තෙන් කඩා ඉවත් කළ යුතුව ඇති බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ.

ත්‍රස්‌තවාදය පරාජය කර තෙවසරක්‌ ඉක්‌ම යැමට මත්තෙන් කොටි අවතාර, කොටි පුල්ලි, මහවිරු දේශන යාපනය කරවෙට්‌ටි ප්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව දක්‌වා පැමිණෙනු ඇතැයි සඳහන් කළ ඕමල්පේ සෝභිත නාහිමියෝ කොටින්ගේ දේශපාලන පෙරමුණ දෙමළ ජාතික සන්ධානය බව අමුතුවෙන් කිව යුතු නැතැයිද සඳහන් කළහ.

කොටි මහවිරුවන් සැමරීම හා සමරු වැඩසටහන් පැවැත්වීම නීති විරෝධී බව ආරක්‍ෂක අංශ පුන පුනා නිවේදනය කර තිබියදීත් නීති විරෝධී ක්‍රියා රැසක්‌ සිදුකර ඇති බව පැවසූ ඕමල්පේ සෝභිත හිමියෝ දැන් රජය කළ යුතුව ඇත්තේ වහාම නීතිය ක්‍රියාත්මක කර නැවත එවැන්නකට ඉඩ නොතැබීම බව අවධාරණය කළහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/11/29/news31.html

0 comments: