Pages

Wednesday, November 20, 2013

මිනී මරමින් අධිරාජ්‍යවාදය වපුරමින් ලෝකයම කොල්ල කෑ ඩේවිඩ් කැමරන්ලා එක යුද අධිකරණයකට නොව එවැනි අධිකරණ දහයකටවත් ඉදිරිපත් කළ යුතුයි - ලාල් කාන්ත

අප රටේ මානව හිමිකම් පිළිබඳ කතා කරන ඩේවිඩ් කැමරන් යන ලෝක හොරුන්ව එක යුද අධිකරණයකට නොව යුද අධිකරණ දහයක්‌ හමුවට වත් පැමිණිය යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික කේ. ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කළේය.

ලෝකයේම මානව හිමිකම් කඩකරමින් මිනී මරමින් අධිරාජ්‍යවාදය වපුරවා ලෝකය මංකොල්ල කෑවේ ඔහු නියෝජනය කරන බ්‍රිතාන්‍ය බවත් කී හෙතෙම ඔවුන් තවමත් දුවන්නේ එම මුදල්වලින් බවත් සඳහන් කළේය. 

එම තත්ත්වය එසේ වුවද තේරුම් ගත යුතු සත්‍යනම් ඩේවිඩ් කැමරන්ලා මේ කතා කරන්නේ ඔවුන්ගේ අයිතිය යෑයිද පොදු රාජ්‍ය මණ්‌ඩලයීය සමුළුව යනු අධිරාජ්‍යවාදය තවදුරටත් පවත්වාගෙන යැම සඳහා අටවාගත් සංවිධානයක්‌ යෑයිද ලාල් කාන්ත මහතා කීවේය.

යුද්ධය අවසන් වූ පසු තම පක්‌ෂය ජාතික සංහිඳියාව වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා වත්මන් රජය ක්‍රියාත්මක කළේ නම් මෙවන් ගැටලුවට මුහුණ දීමට සිදු නොවනු ඇති බවත් හෙතෙම කීවේය.

හෙතෙම එම අදහස්‌ පළ කළේ ඊයේ (19 වැනිදා) බස්‌නාහිර පළාත් සභා මහරගම සම්බන්ධීකරණ මධ්‍යස්‌ථානය විවෘත කිරීමේ අවස්‌ථාවේදී අදහස්‌ දක්‌වමිණි.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/11/20/news20.html

0 comments: