Pages

Wednesday, November 20, 2013

සිරිකොත හිරිකිත කරන බත් බැලයන් කවුද කියා වහා සොයා බැලිය යුතුයි - ඥණසාර හිමි

සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය හිරිකිත තැනක්‌ කරන ඊනියා බලවේග කවුදැයි වහාම හඳුනාගත යුතු බව බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ ප්‍රකාශ කළහ.

තමන් වහන්සේ ඇතුළු භික්‍ෂූන්වහන්සේලාට පසුගියදා මුහුණදීමට සිදුවූ අපහසුතාවය පිළිබඳව එජාපය සමාව ගැනීම අගය කරන බවත් ඉදිරියට එවැනිදේ සිදු නොවීමට වගබලා ගන්නා ලෙසත් පැවසූ උන්වහන්සේ සමාව ගැනීම තුළින් වරදක්‌ කර ඇති බව පසක්‌ වන බවත් කීහ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ එම අදහස්‌ පළ කළේ අදාළ අවාසනාවන්ත සිදුවීම පිළිබඳ විරෝධය පළකර සාකච්ඡා කිරීම සිය සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා ප්‍රමුඛ ක්‍රියාකාරීන් ඊයේ (19 වැනිදා) සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය වෙත වැඩම කළ අවස්‌ථාවේදීය.

බොදුබල සේනා සංවිධානයේ භික්‍ෂුන් වහන්සේලා ප්‍රමුඛ ක්‍රියාකාරීන් සිරිකොත වෙත පැමිණි අවස්‌ථාවේදී එහි ඉදිරිපස ඇති ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඉහළ ශබ්දයක්‌ නිකුත් කරමින් පිරිත් දේශනාවක්‌ විකාශනය කෙරෙමින් තිබිණි.

අනතුරුව බොදුබල සේනා සංවිධානයේ භික්‍ෂූන් ඇතුළු ක්‍රියාකාරීන් කෝට්‌ටේ දෙසට මීටර් සියයක්‌ පමණ පා ගමනින් ගොස්‌ නැවත පක්‍ෂ මූලස්‌ථානය ඉදිරිපිටට පැමිණියහ. මෙහිදී උද්ඝෝෂකයෝ විවිධ පෝස්‌ටර් බැනර් ප්‍රදර්ශනය කරමින් පාගමනේ නිරත වූහ.

සිරිකොත පක්‍ෂ මූලස්‌ථානය ඉදිරිපිට පෙළපාලිකරුවන් පැමිණි අවස්‌ථාවේදී ශබ්ද විකාශන යන්ත්‍ර මගින් විකාශනය කරමින් තිබූ පිරිත් දේශනාව නවතා දැමීමට එජාපය කටයුතු කළේය.

මෙහිදී මෙලෙස පැමිණීමේ අරමුණ පැහැදිලි කරමින් ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

අප සංවිධානය දකුණේ බෞද්ධ ත්‍රස්‌තවාදය ක්‍රියාක්‌මත කරන බවට සඳහන් කරන ඡායාරූප සමූහයක්‌ පසුගිය 13 සහ 14 වැනිදා දෙදින මෙහි තිබූ ප්‍රදර්ශනයේදී ප්‍රදර්ශනය කර තිබුණා. අප සංවිධානය ගැන සාවද්‍ය ප්‍රචාර කරන අදාළ ප්‍රදර්ශනය නැරඹීමේ ශුද්ධ අයිතියක්‌ අපට තිබෙනවා.

ඒ නිසයි පසුගිය 14 වැනිදා එහි ගියේ. එක්‌සත් ජාතික භික්‍ෂු පෙරමුණේ ගිරාඹේ ආනන්ද හිමියන් අපගේ අරමුණ ගැන සඳහන් කළා. උන්වහන්සේ ඊට අනුමැතිය පළ කළා. නමුත් එහි සිටිය එන්. ජී. ඕ. නඩය කලබලයක්‌ ඇති කළා. අපගේ භික්‍ෂුන්වහන්සේලාට දැඩි අපහසුතාවන්ට ලක්‌වීමට සිදු වුණා.

සිරිකොත වැනි තැනක්‌ හිරිකිත තැනක්‌ කරන ඊනියා බලවේග හඳුනා ගත යුතුයි. මේ බත්බැලයන් කවුද යන්න සොයා ගත යුතුයි. මේ තත්ත්වයට එජාපය පත්විය යුතු නැහැ. විපක්‍ෂය රට වෙනුවෙන් කළ යුතු වැඩ කොටස පසුගිය සමයේ සිදු කළේ අප සංවිධානයයි. එසේ කළ අපට ඔවුන් සලකන්නේ මෙහෙමයි.

අපට දේශපාලන දැක්‌මක්‌ නැහැ. අප එජාපයට ආදරෙයි. ඒ වගේම රට පාලනය කරන පක්‍ෂයට ආදරෙයි. මෙම වටිනා පක්‍ෂය නැතිකර ගත යුතු නැහැ. මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ආපසු ඇති විය යුතු නැහැ.

මෙහිදී කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා අදහස්‌ දක්‌වමින්.

මෙය අනවබෝධය නිසා ඇතිවූ සිද්ධියක්‌. චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදීන්ට මෙහි ඒමට ඉඩ දුන්නේ ආණ්‌ඩුවයි. ඔවුන් අප පක්‍ෂ මූලස්‌ථානයට පැමිණියේ සාමාන්‍යයෙන් අනෙකුත් මාධ්‍යවේදීන් මෙහි පැමිණෙන ලෙසයි. ඒ නිසා අප ඔවුන්ට මෙහි එන්න කීවේ නැහැ. මෙම අදහස්‌ දැක්‌වීමේදී ජනතාවගේ දැඩි විරෝධයක්‌ එල්ල විය.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/11/20/news17.html

සබැඳි ලිපි -
[
බොදුබලය, එජාපය සහ මංගලhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_17.html
දයා ගමගේ බොදු බළ සේනාවෙන් සමාව ගනීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_7798.htmlබොදුබල සේනා ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඡයාරු ප‍්‍රදර්ශනය කළ බවට වූ තොරතුරු නිසා පරීක්ෂා කිරීමට අපි සිරිකොතට වැඩියා - ඤාණසාර හිමිhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_33.html‘චැනල් 4’ සිරිකොතට ගෙන්වීම කුමන්ත‍්‍රණයක් - සජිත්http://denethharinna.blogspot.com/2013/11/4_6534.htmlජාතිකත්වයට වින කරන (එක්සත්) ජාතික පක්ෂයhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_7665.html
]

0 comments: