Pages

Thursday, September 28, 2017

ලංකාව තුල දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවාද???

ආචාර්ය නාලක ගොඩහේවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වන සැසිවාරයේ 'ලංකාව තුල දෙමල ජනතාවට අසාධාරණයක් වෙනවාද’ යන මාතෘකාව මත පැවති සැසියේදී කල දේශනය.

ගරු සභාපතිතුමනි,

ලංකාව තුල වසන දෙමල ජනතාවට, බහුජාතිය වන සිංහලයන්ගෙන් අසාධාරණයන් සිදු වෙනවායැයි දැනට බොහෝ කලකට පෙර සිට ලෝකය ඉදිරියේ දිගින් දිගටම ප්‍රකාශ වෙමින් පවතින මතය සම්පූර්ණ අසත්‍යයක් බව මම මුලින්ම ප්‍රකාශ කරන්නට කැමතියි

ලංකාවේ ජනගහනයෙන් 74.9% සිංහල වන අතර 11.2% ක් දෙමළ ජනතාවයි. මීට අමතරව 4.1% සිටින්නේ ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දෙමල ජනතාවයි. ලංකාවේ සුලු ජාතීන් සිටින්නේ දෙමල පමනක් නොවේ. ජනගහනයෙන් 9.3% මුස්ලිම් වන අතර බර්ගර්, මැලේ චෙට්ටි , භරත වැනි තවත් කුඩා ජන කොටස් එකතුව 0.6% ක් පමන සිටිනවා.

1948 අප නිදහස ලැබූ කාලයේ සිටම දෙමල ජනතාවට අසාධාරණයක් වෙන්වාය යන චෝදනාව අසන්නට ලැබෙනවා. නමුත් පුදුමයකට මෙන් රටේ ජීවත්වන අනෙක් සුලුජාතීන්ගෙන් එවැනි චෝදනාවක් එල්ල වන්නේ කලාතුරකිනුයි.එයට සැබෑ හේතුවනම ජන වාර්ගික පදනම මත දෙමල ජනතාවට විශේෂ අසාධාරණයක් වෙනවාය යන්න දෙමල දේශපාලනඥයින් විසින් ගොතා කාලයක් තිස්සේ ප්‍රචාරය කරන ලද මුසාවක් පමනක් නිසායි.

ලංකාව තුල දෙමල ජාතිකයෙකුට ඉහලට යාමට කිසිදු බාධාවක් නැහැ. දෙමල ජාතිකයින් අපේ රටේ බොහෝ ඉහල තනතුරු දරා තිබෙනවා. අදත් එහෙමයි. මම මෙයට උදාහරණ කිහිපයක් දෙන්නම්.

නිදහසින් පසු රට පාලනය කල සෑම රජයකම පාහේ ප්‍රබල දෙමල ඇමති වරුන් සිටියා. කලක් අපේ විදේශ ඇමතිව සිටි ලක්ෂ්මන් කදිරගාම දෙමල ජාතිකයෙක්. දෙමල ත්‍රස්ථවාදීන් විසින් 2005 ඔහුව මරාදමන විට ඔහු අගමැති පදවියට පවා සුදුස්සෙකු ලෙසයි සලකනු ලැබුවේ . සමහර විට එදා ඔහු මිය නොගියානම් සමහරවිට ඔහු මේ වන විට රටේ ජනාධිපති වී ඉන්නට පවා ඉඩ තිබුනා.

මෑතදී විශ්‍රාම ගිය අග්‍ර විනිශ්‍යකාර කේ ශ්‍රීපවන් මහතා දෙමල ජාතිකයෙක්. වර්ථමාන මහබැංකු අධිපති ආචාර්‍ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙමල ජාතිකයෙක්. එපමනක් නොවෙයි ඔහුට පෙර සිටි අධිපතිවරයා වන අර්ජුන් මහේන්ද්‍රනුත් දෙමල ජාතිකයෙක්. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජෙෆ්‍රි අලගරත්නම් මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ ජනතාව බොහෝ ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩක මුත්තය්යා මුලරිදරන් මහතා දෙමල ජාතිකයෙක්. දෙමල ජාතික රුද්‍රා රාජසිංහම් මහතා හිටපු පොලිස් පති වරයෙක්. වර්තමාන නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ චන්ද කොමිසමේ සමාජිකයින් තුන් දෙනාගෙන් එක් අයෙක් වන මහාචාර්ය රත්නජීවන් හූලි දෙමල ජාතිකයෙක්. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා දෙමල ජාතිකයෙක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 33 දෙනෙක්ම දෙමල ජාතිකයින්. අද උතුරු පලාත් සභාවේ මහ ඇමති වන සී වී විග්නේශ්වරන් මහතා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරයෙක්. කොළබ කොටස් වෙළඳපොලේ හිටපු සභාපතිවරයා වන ක්‍රිෂාන් බාලෙන්ද්‍ර මහතා දෙමල ජාතිකයෙක්. ලංකාවේ විශාලතම විද්‍යුත් මාධ්‍ය ජාලය වන සිරස එම්ටීවී අයිති මහාරාජා නැමති දෙමල ජාතික පවුලටයි. ලංකාවේ විශාලතම සුපිරි වෙළඳ සැල් ජාලය වන ෆුඩ් සිටී අයිති පේජ් නැමති දෙමල ජාතික පවුලටයි. ලංකාවේ විශාලතම බියර් නිශ්පාදන සමාගම වන කාර්සන්ස් අයිති සෙල්වනාදන් නැමති දෙමල ජාතික පවුලටයි. මට මේ ආකාඅරයට දිගින් දිගටම කියාගෙන යන්නට පුලුවන්.

ඒ වෙනුවට මා අසන්නට කැමතියි “කෝ ඔය කියන ජාතික පදනම මත දෙමල ජනතාවට වෙනවායැයි කියන අසාධාරණය”? අප ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ මේ බොරු ප්‍රචාරණ වලට සැබෑ හේතුව කුමක්ද කියායි. එය වටහා ගැනීමට අප ඉතිහාසය දෙස හැරී බැලිය යුතුයි.

භේද කොට පාලනය කිරීම යටත් විජිතවාදීන්ගේ මූලික ප්‍රතිපත්තියක්. රටේ ජීවත්වන විවිධ වාර්ගිකයින් අතර අසතුට හා අසමගිය ඇතිකිරිමේ අරමුණින් ඔවුන් හැම විටම සුලු ජාතීන්ව සම්බන්ධ කරගත්තා මහ ජාතිය පාලනය කිරීමට. ඒ අනුව 1948 අපේ රට නිදහස ලබන විට රජයේ බොහෝමයක්ම වගකිව යුතු තනතුරු දැරුවේ දෙමල ජාතිකයිනුයි. නිදහස් නිසා එතෙක් ඔවුන් සතුව තිබු මේ ආධිපත්‍යය නැති වේයැයි එද සිටි උගත්, ඉංග්‍රීසි කතාකරන සමාජයේ බලවත් පදවි දැරූ දෙමල පිරිස බියවුනා. ඔවුන් සිංහලයින් හා සම පාලන අයිතිය ඉල්ලූවේ ඒ නිසායි. එසේ ඔවුන් 50:50 ඉල්ලන විට ඔවුන්ගේ ජන අනුපාතය් 10% ටත් අඩුයි. එද දෙමල දේශපලනඥයින් ඉල්ලූ ආකාරයට 50:50 දුන්නානම් අසාධාරණය වන්නේ බහුජාතිය වූ සිංහලයින්ටයි.

අපි දැන් බලමු ශ්‍රී ලංකාව තුල සුලු ජාතීන්ගේ තත්වය කුමක්ද කියා

ශ්‍රී ලංකා ජාතික කොඩියේ දෙමල හා මුස්ලිම් ජන කොටස් වලට සුවිශේෂී තැනැක් ලබා දී තිබෙනවා. තැබිලි පාට ඉරකින් දෙමල ජනතාවත් කොලපාට ඉරකින් මුස්ලිම් ජනතාවත් මූර්ථිමත් වනවා. මේ අකාරයට ජාතික කොඩියෙන් පවා සුලුජාතීන්ට ගෞරවයක් ලබා දී ඇති අන් රටවල් මොනවාදැයි මම අසන්නට කැමතියි.

ලංකාවේ රජය මගින් මුද්‍රණය් කරනු ලබන සියලූම වැදගත් ලිපි ලේඛණ වල සිංහල හා දෙමල යන භාෂා දෙකම භාවිත වෙනවා. එයට උදාහරණ ලෙස අපට උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, මරණ සහතිකය , ආගමන විගමන පත්‍රිකා ආදිය නම් කල හැකියි. සියලූම මුදල් නෝට්ටු වල අගයන් සිංහල හා දෙමල භාෂා දෙකෙන්ම සඳහන් වෙනවා. ලංකාවේ ඕනෑම දරුවෙකුට නිදහස් අධ්‍යාපන අයිතිය තිබෙනවා. ඕනෑම පුරවැසියෙකුට නිදහස් සෞඛ්‍ය අයිතිය තිබෙනවා. ජාතිකත්වය එම අයිතීන් සඳහා බලපාන්නේ නැහැ. ලංකාව තුල බහුතරය වන සිංහලයින්ට පමනක් සීමා කරනු ලැබු කිසිදු ස්ථානයක් නැහැ. සිංහල, දෙමල, මුස්ලිම් බර්ගර් මේ සියල්ලට අපේ පොදු ප්‍රවාහන පහසුකම් එකසේ භාවිත කල හැකියි.

කිසිම ක්‍රීඩාවකට ජාතිකත්වය බලපාන්නේ නැහැ. ජාතික කන්ඩායමකට ඇතුලු වීමේදී බලන්නේ දක්ෂතාව පමනයි. ක්‍රීඩකයා අයත් වන්නේ මහ ජාතියටද නැත්නම් සුලු ජාතියකටද කියා සලකා බැලීමක් කිසිවිටෙක කෙරෙන්නේ නැහැ. ඉතින් කොහෙද මේ කියන සුලු ජාතීන්ට වන විශේෂ අසාධාරණය ?

නමුත් අනික් අතට දෙමල බහුතරයක් ඉන්නා උතුරේ නම් අන් ජාතීන්ට අසාධාරණයක් වන නීතියක් තිබෙනවා. ඒ තේසවලාමේ නමින් හැඳින්වෙන ඉඩම් පවරාදීමට සම්බන්ධ නීතියයි. උතුරට පමනක් බලපාන මේ නීතිය අනුව ඉඩමක් අලුතින් මිලදී ගත හැක්කේ දෙමල අයෙකුට පමනයි. මෙන්න දෙමල බහුතරයක් සිටිනා ප්‍රදේශයක ජාතිකත්වය මත පදනම් වූ අසාධාරණත්වයට හොඳම උදාහරණ.

ඇත්තෙන්ම කියනවානම් දෙමල ජාතිකයන්ට විශේෂ අසාධාරණයක් වෙන්වා නම් ඒ දෙමල ජාතිකයින්ගෙන්මයි. එයට හේතුව විදෙශිකයින්ට සමහර විට නොතේරෙන දෙමල සංස්කෘතිය තුල කුල වාදයයි.

උතුරේ දෙමල ජනතාව නැගෙනහිර දෙමල ජනතාව පහත් කොට සලකන බවත්, උතුරු නැගෙනහිර ජනතාව එක්ව කඳුකර දෙමල පහත්කොට සලකන බවත් ඕනෑම කෙනෙක් දන්නා කරුණක්. වෙනෙකක් පවා මෙම භේද දෙමල ජනතාවට වෙනම රාජ්‍යයක් ඉල්ලා සටන් කල එල් ටී ටී ඊ ත්‍රස්ථවාදීන් අතර පවා තිබුනා. 2005 දි එල් ටී ටී ඊ යෙන් කැඩී වෙන්වුන එහි නැගෙනහිර හමුදා නායක වූ කරුණා ඔහුගේ සම්මුඛ සාකච්ඡාවල පැහැදිලි කොට තිබෙන්වා ත්‍රස්ථවාදී සංවිධානය තුල උතුරේ කාඩරයින් නැගෙනහිර කාඩරයින් පහත් කොට සැලකූ බව.

ඒ නිසා බොහෝ විට පරජය වීමට වැඩි ඉඩක් ඇති විනාශකාරී ක්‍රියාන්විතයින් සඳහා නැගෙනහිර බලකායන් යොදාගැනුන බව ඔහු කියා තිබෙනවා.

මා ඔබෙන් අසනවා අදත් උතුරේ ඉහල කුලයක දෙමල අය පහල කුලයක අය සමඟ එකට සිට කෑම කනවාද? පහල කුලයක අයෙක් සමඟ විවාහය අනුමත කරනවාද?

දෙමල ජනතාව පහල කුලයක අයෙකු ආගමික ස්ථානයකටවත් වද්දා නොගන්නා යුගයක් ලංකාවේ තිබුනා. 1957 ඉතා ප්‍රසිද්ධවූ සිද්ධියක් මම මතක් කරන්නම්. හිටපු කැබිනට් ඇමතිවරයෙකු වූ සී සුන්දරලින්ගම් මහතා නල්ලූර් කොවිලේ ගේට්ටුව හරහට නිදා ගත්තා පහල කුල වල අයටත් කෝවිල විවෘත කලයුතුයැයි රජය නීතියක් ගෙන ආ විට.

ඇත්තෙන්ම දෙමල ජනතාව තුල තිබූ මේ එකිනෙකාට කෙනෙහිලි කරගැනීමට යම්තාක් දුරකට හෝ පාලනය කෙරෙන පනතක් ඉදිරිපත් වූයේ සිංහල අගමැති වරයෙකු වූ එස් ඩබ්ලිව් ආර් ඩී බන්ඩාරණායක මහතාගේ කාලයේයි. 1957 ගෙන ආ සමාජ විශමතාවයන් පිළිබඳව වු පනතෙන් හඳුන්වාදුන් නීතිවලින් කිහිපයක් දෙස බැලීමෙන් පමනක් ප්‍රශ්ණය මොනතරම් බරපතල වන්නට ඇද්ද කියා ඔබට වටහා ගත හැකියි. කුලය මත පදනම්ව යමෙකුට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට ආපන ශාලවකට ඇතුලුවීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට සුසානාගාරයකට ඇතුලුවීමේ අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට තමුන් කැමති ඇඳුමක් ඇඳීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට පොදු වතුර ලබා දෙන ස්ථානයකින් වතුර බීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. කුලය මත පදනම්ව යමෙකුට ආගමික ස්ථානයකට ඇතුලුවීමට ඇති අවස්ථාව අහිමි කල නොහැක. මේ කිහිපයක් පමනයි. එය ඉතා දිගු පනතක්.

තමුන්ගේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් ලෝකය හමුවේ කෑමොර දෙන අය තමුන්ගේම ජනතාවට සලකන ආකාරය පුදුම උපදවනවා නේද?

අදත් මේ භේදය යාපනයේ තිබෙනවා. හොඳම උදාහරණය තමයි යාපනයේ ඉස්පිරිතාලවට ලේ දන් දෙන්නට එහි ප්‍රදේශවාසීන්ගේ ඇති අකමැත්ත. තම ලේ වෙනත් කුලයක අයෙකු හා මිශ්‍රවේවි යන අකමැත්තයි එයට හේතුව. යුද්ධය කාලයේ යාපනයේ ඉස්පිරිතාලවට ලේ දන් දුන්නේ සිංහල සොල්දාදුවෝ. එම ලේ වලින් එල් ටී ටී ඊ තුවාලකරුවන්ට පවා ප්‍රතිකාර කෙරුනා. මීට සති කිහිපයකට කලිනුත් ත්‍රිවිධ හමුදාවල 200ක් පමන දෙනා යාපනයේ ලේ දන් දුන්නා ලේ බැංකුවේ විශේෂ ඉල්ලීමක් පිට 1948 අප ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුවාට පසු එතෙක් සමාජයේ විශේෂ වරප්‍රසාද ලබමින් සිටි ඉංග්‍රිසි උගත ඉහල පන්තියේ දෙමල නායකයින් දැඩි අසතුටට පත්වුනා ඔවුන්ගේ වරප්‍රසාද සාමාන්‍ය ජනතාව හා බෙදා ගන්නය වේවිය යන බිය නිසා. ඒ නිසා ඔවුන් කලේ ඉතා සූක්ෂම ආකාරයට සිංහල ජනතාවගෙන් වෙන්වීම දෙමල ජනතාවට හොඳ‍යයි මතයක් දෙමල ජනතාව තුල සමාජගත කිරීමයි. ඒ සඳහා ඔවුන් බොහෝ බොරු මතිමතාන්තර පතුරුවා හරියා. අවාසනාවකට මෙන් බොහෝමයක් දෙමල ජනතාව මේවාට රැවටුනා. අවසානයේ එල් ටී ටී ඊ ත්‍රස්ථවදයේ ආරම්බයටත් හේතු වූයේ ඔවුන් විසින් ගොඩ නැගු ජාතිවාදී මතවාදයයි.

වසර තිහක් අප සියලුදෙනාම ත්‍රස්ථවාදයෙන් බැටකෑවා. දැන් අපි ත්‍රස්ථවාදය මුලින් උපුටා දමා තිබෙනවා. දැන්වත් අපි අපට වැරදුන තැන් නිවැරදි කරගත යුතුයි. ඒ සඳහා විශේෂ වගකීමක් තිබෙන්නේ දෙමල ජනතාවටයි. සිංහල ජනතාව දැනටම ඔවුන්ට සහෝදරත්වයේ දෑත දිගු කොට තිබේනවා. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූවට පසු රජයේ යටිතල පහසුකම් දියුනුකිරීම සඳහා වූ ආයෝජනයන් බහුතරය යොදාගැනුනේ උතුරු නැගෙනහිර යලි යථා තත්වයට ගෙනෙන්නටයි. අද දෙමල ජනතාවට රටේ අන් ඕනෑම ප්‍රදේශයක ජනතාව මෙන් සාමයෙන් ජීවත් විය හැකියි. ව්‍යාපාර කල හැකියි.

නමුත් මෙතෙක් කල් දෙමල ජනතාව රැවටු බලවේග යුද්ධයෙන් පසුවවත් නතර වී නැහැ. අන්තර්ජාතික සහාය ඇතුව ඔවුන් යලිත් ඔවුන්ගේ කපටි අරමුණු ඉටුකරගැනීමේ කාර්යය ආරම්බ කොට තිබෙනවා. ඒ සඳහා ඔවුන් දිගින් දිගටම අන්තර් ජාතිකය රවටනවා. එදා ප්‍රභාකරන්ට උඩගෙඩි දුන් වයිකෝ වැනි තමිල්නාඩු දේශපාලනඥයින් පවා අද ජිනීවා පැමින දෙමල ජනතාවගේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටිමිනි වල කරමින් සිටින්නේ ඒ දෙයමයි. අලුතින් පත්වී ඇති ලංකාවේ රූකඩ ආන්ඩුවත් ඔවුන්ට ලොකු සහායක්.

අප විශ්වාස කරනවා බුද්ධිමත් සිංහල , දෙමල හා මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම අනාගත පරපුර මේ ජාතිවාදී උගුලෙන් එලියට ආ යුතුයි කියා. සියලු දෙනාටම සමව ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඒකීය රටක් තුල සාමයෙන් ජීවත් වන්නටත් රටක්ලෙස දියුණුවන්නටත් අනාගත පරපුර උත්සුක වේ යැයි මා ප්‍රාර්ථනා කරනවා.

– චාමින්ද කරුණාරත්න (ජිනීවා සිට)
Lanka C News

Pic Source

Wednesday, September 27, 2017

උතුරු-නැගෙනහිර සිහල උරුමකරුවන් කරුමකරුවන් කර උන්හිටිතැන් අහිමිව දුක් විඳින කළ, අහක යන රොගින්යා නයි රෙද්ද අස්සේ දමා කනවෝ යැයි කෑගැසීමට පෙර!

රොගින්යා සංක්‍රමණිකයන් දරුණු බෙදුම්වාදීන්ය. මුසලු රටවල් කිසිවක් ඔවුන් පිළි නොගනිති. අල්ලා ශාස්තෘ අදහන මුසලු රටවල් පවා ඔවුන් ප්‍රතික්ෂේප කරති. ඔවුන්ගේ උත්ථානය සිදුවූ, බෙන්ගාලි බස කථා කරන බංගලිදේශය පවා ඔවුන් පිළි නොගනිති.

උතුරු නැගනහිර තම ඉඩකඩම් මුසලු/දමිළ ජනයා අල්ලා ගෙන බැවින් උරුමය අහිමිය කරුමය ගෙවනා සිංහලයන් ගැන කසාවත හැර කවුරුත් කථා නොකරති. එනමුදු මේ දරුණු බෙදුම්වාදීන් රැක ගැනුමට පාර්ලිමේඅන්ත්වේද හඬ අවධි වේ. නීති කඩා හෝ ඔවුන් රකින බව පවසති. මියන්මාර තානාපති ගෙන්වා කරුණු විමසිය යුතු බැව් මෙරට ඊනියා මුසලු නායකයෝ කෑ මොර දෙති.

මෙරට පාලකයන්ට කෙටියෙන් කීමට ඇත්තේ මෙපමණි.

අහක යන රොගින්යා නයි රෙද්ද අස්සේ දමා කනවෝ යැයි කෑගැසීමට පෙර සිය දහස් වරක් සිතණු!

පන්සලේ පල්ලි කෝවිල් සැඳුමට ඉඩදීමට තරම් සහනශීලී, සහජීවනවාදී වූ බොදුනුවන්ට තවත් නොරිඳවනු!

“නීතිය මොකක් වුවත් ලංකාවට එන සරණාගතයන් අපි රැකබලාගන්නවා” – මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සරණාගත සම්මුතියේ කොටස් කාරයෙක් නොවුවත් මෙරටට පැමිණෙන සරණාගතයන්ට රැකවරණ සැපයීමේ වගකීම දරණ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එම්.එම් සල්මාන් ඊයේ (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ, මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටින මියන්මාරයේ රොහින්ග්‍යා සංක්‍රමණික පිරිසක් ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක පදිංචිව සිටියදි හමුවීමේ සිද්ධිය සම්බන්දයෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා විමසූ අවස්ථාවේදීය.

http://www.colombotoday.com/38319-23256/

සබැඳි ලිපි -
[
රොහින්ගන්‍යා ත්‍රස්ථවාදින් පිරිසක් සැගවි සිටියදි ගල්කිස්සෙන් සොයා ගනි. ළමයින් 6 ක් පාසල්වලටත් දාලා!
http://yukthiyawenuwen.blogspot.com/2017/09/6.html
]

Tuesday, September 26, 2017

රොහින්ගන්‍යා ත්‍රස්ථවාදින් පිරිසක් සැගවි සිටියදි ගල්කිස්සෙන් සොයා ගනි. ළමයින් 6 ක් පාසල්වලටත් දාලා!

මියන්මාරයෙ ත්‍රස්ථවාදි ක්‍රියාකාරමි හේතුවෙන් පන්නා දැමු, පසුව බොටිටු මගින් අනවසරයෙන් ලංකාවට පැමිණ රැදවුමි බාරයේ සිටිය යුතු රොහින්ග්්‍යා ත්‍රස්ථවාදින් පිරිසක්, ගල්කිස්සේ නිවසක රැදි සිටියදි සිංහලේ ජාතික බලමුළුවෙි ලේඛමි අරබෙිපොල රතනසාර ස්වාමින් වහන්සේ හා, සිංහල රාවයේ සභාපති අක්මීමන දයාරතන ස්වාමින්වහන්සේලාට ලැබුනු ඔත්තුවක් මත සොයා ගනි. 

ස්වාමින් වහන්සේලා ඇතුලු පිරිස, එහි යන විට එම ත්‍රස්ථවාදින් සමග පැමිණි ළමයින් 6 දෙනෙකු පාසල් වලටත් දමා ඇති බව අනාවරණය වි තිබෙි. සිංහල දෙමාපියන්ට ළමයෙක් පාසලකට දමා ගැනීමට කොතරමි ආමාරැදැයි ඔබ අපි කවුරැත් හොදින් දනි. නමුත් වලංගු විදේශ ගමන් බලපත්‍රයක්වත්, වලංගු විසා අවසර පතක්වත් නොමැතිව මෙම ත්‍රස්ථවාදින් පිරිස ඔවුන්ගේ ළමයින් පාසලට දමා ඇත්තේ ප්‍රබල මුසල්මානු දේශපාලනංඥයෙක්ගේ රැකවරණය යටතේ බව දැන් හෙළිව තිබෙි. 

ලංකාවට පැමිණ සිටින රොහින්ග්්‍යා ත්‍රස්ථවාදින් පිටුවහල් කර ඇති බව රජය පවසන්නේ කුමන පදනමිකින්දැයි අපි නැවත නැවත අසමු. බුද්ධි අංශවල කොදුනාරටිය කඩා දමා, රජයේ අදුරදර්ශි ක්‍රියාමාර්ග මුසල්මානුවන් සැනසීමටදැයි අපි අසමු. එය එසේනමි මෙි රට නැවත ලේවිලක් වන දිනය වැඩි ඈතක නොවන බවද පෙනි යයි.

http://www.sinhalee.com/2017/09/rohingyainsrilanka1.html

නැති බැරි වෙහෙර විහාර ගොඩ නංවන නව සහස්‍රකයට පෑයූ රිදී ඉර...

පෘතුගීසි සමයේ සිට පසුබෑමට, විවිධ පීඩාවන්ට භාජනය වූ ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයත්, වෙහෙර විහාරස්‌ථානත්, අහිංසක බෞද්ධයනුත් මේතාක්‌ මුහුණ දෙන දැඩි දුෂ්කරතාවලින් ගලවා අභිමානවත්ව දෙපයින් සිටුවීම අරමුණු කරගත් නව ගමනක්‌, සම්භාවනීය නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන ගරුතර මහා සංඝරත්නයේත්, පරිත්‍යාගශීලී සැදැහැවත් ගිහි පින්වතුන්ගේත් එකතුවෙන් අතිපූජනීය ෙත්‍රෙනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් අරඹා තිබීම කාගේත් සතුටට හේතුවකි.
පුරාණයේදී රජවරුන් සිටුවරුන් වැනි දානපතියන්ගේ පරිත්‍යාගයෙන්ද, වර්තමානයේ දායක පින්වතුන්ගේ පඬුරු මුදලින් ද එක්‌රැස්‌ව යමක්‌ කමක්‌ ඇති විහාරස්‌ථාන හා දේවාල පෙරගමන්කරුවන් වී, නැති බැරි තැන්වලට හා නැති බැරි අසරණ දායක ඇත්තන් වෙත සාදර සිතින් ඔවුන්ගෙන් පිරිනැමෙන ත්‍යාගයක්‌ ලෙසින් මෙම නව ගමන හැඳින්විය හැකිය.

මෙමගින් ඇති හැකි තැන්වලින් සතුටින් එක්‌ රැස්‌කෙරෙන දේ නැති බැරි වෙහෙර විහාරස්‌ථානවලත්, සිල්මාතා ආරාම ඇතුළු සිද්ධස්‌ථානවලත්, බාහිර අතහිත නැතිවම බැරිව සිටින සිවුවනක්‌ පිරිසේත් අවශ්‍යතා වෙනුවෙන් කැපකොට, නැතිබැරි තැන්වලත්, නැති බැරි අයත් අභිමානයෙන් යුක්‌තව නගා සිටුවා ශක්‌තිමත් කිරීම ඒකායන පරමාර්ථය වේ. වෙනත් හැංගුණු න්‍යාය පත්‍රයක්‌ හෙවත් පෞද්ගලික කාරණා කිසිවක්‌ නැති මෙම නව ජවයට ජීවන හුස්‌ම ලබාදී ඇත්තේ ඇති හැකි මෙන්ම නැති බැරි යන දෙයාකාරයේම බෞද්ධ සිද්ධස්‌ථානවලට සාමාජිකත්වය විවෘත වූ "ශ්‍රී ලංකා බෞද්ධ විහාර දේවාල පදනම" මගිනි.

1998, 1999, 2000 යන වර්ෂවලදී විද්‍යාලංකාර මහා පිරිවෙනට රැස්‌ වූ සම්භාවනීය ජ්‍යෙෂ්ඨ නායක විහාරාධිපති/ භාරකාර ස්‌වාමීන් වහන්සේලාගේද, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ සහ සෙසු දේවාලවල බස්‌නායක නිලමේවරුන් ඇතුළු ගිහි භාරකාර පින්වතුන්ගේ ද කැපවීමෙන් පැවැති සාකච්ඡාවලින් පසුව 2001 වර්ෂයේදී මහවැලි කේන්ද්‍රයේදී නව ජවයකින් යුත් මෙම පෙරගමන්කරු "ශ්‍රී ලංකා බෞද්ධ විහාර දේවාල පදනම" නමින් පිහිටුවා ගන්නා ලදී. එවක බුද්ධශාසන අමාත්‍ය ධූරය හෙබ වූ ලක්‍ෂ්මන් ජයකොඩි මහතා මෙම සංවිධානය ඇරඹීමට විශාල ධෛර්යයක්‌ වූ බවද කිව යුතුය. 2007 අංක 22 දරන පනත යටතේ මෙම පදනම නීතිගත කර ඇත.

සංඝාවාසවල වහළ තහඩු කැබලිවලින් වසා, බිත්ති වෙනුවට පොලිතීන් කොළ යොදා වැසිකිළිය පොලිතීන්වලින් ආවරණය කරගෙන සිටි ඇතැම් විහාරස්‌ථානවල භික්‍ෂූන් වහන්සේලා දැකීමෙන් ඇතිවූ නව ජවය වූයේ, මෙරට ඇති හැකි විහාරස්‌ථාන හා දේවාලවල ආදායම්වලින් සතුටින් පිරිනැමෙන යම් සැළකිය යුතු ආධාර මුදලක්‌, දායක මුදලක්‌ සේ වාර්ෂිකව එක්‌රැස්‌ කර, නැති බැරි විහාරස්‌ථාන සිල්මාතා ආරාම ඇතුළු සිද්ධස්‌ථානවල අභිවෘද්ධියටත්, පොදුවේ ශාසනයේ විරස්‌ථිතිය හා අභිවෘද්ධියටත්, සසුනට දරුවන් පුදා ශාසනය පවත්වාගෙන යන්නට උරදෙන දුප්පත් දායක සමූහයාගේ අභිවෘද්ධියත් සලසන අවංකව හා කැපවීමෙන් කටයුතු කරන උතුමන්ගෙන් සැදී " ශ්‍රී ලංකා බෞද්ධ විහාර දේවාල පදනම" නම් වූ මෙම සංවිධානයයි. එවකට බෞද්ධ කටයුතු කොමසාරිස්‌ ධුරය ඉසිලූ කේ. කළුපහන මහතාගේ අප්‍රතිහත ධෛර්යයත්, ඔහුට මේ සඳහා ආධාර උපකාර කළ, එවකට බුද්ධශාසන හා ආගමික කටයුතු ලේකම් එල්. සුගුණදාස මහතාගේ උනන්දුවත් නිසා මෙම පෙරගමන්කරු බෞද්ධ සමාජයට ෙත්‍රෙනිකායෙන් නොහොත් බෞද්ධ සිද්ධස්‌ථානවලින් ලැබුණු ත්‍යාගයක්‌ම විය.

මෙම අභිමානවත් වැඩපිළිවෙළ පහත පෙනෙන කරුණු යටතේ ක්‍රියාවට නැංවේ.

Ö බෞද්ධ සිද්ධස්‌ථානවල යටිතල පහසුකම් නංවාලීම.

Ö බෞද්ධ සිද්ධස්‌ථාන වෙනුවෙන් නීති උපදේශන සේවා

Ö සාමණේර හිමිවරුන් උදෙසා අධ්‍යාපන ආධාර

Ö සිල්මාතා දහම් දැනුම නංවාලීම.

Ö ධර්ම දේශනා/ පිරිත් දේශනා ප්‍රගුණ කිරීමට සහාය

Ö සසුනට දරුවන් පිදූ ගිහි පවුල්වල සුභසාධනය

Ö ගිහි බොදු දරුවන් උදෙසා අධ්‍යාපන ආධාර

Ö අසරණ දුප්පත් වැඩිහිටියන් ස්‌වයං වෘත්තීන්ට හුරුකරවා ජීවන මං සලසාදීම.

Ö පිළිකා හා හෘදරෝගීන්ගේ ආතතිය දුරලීමට භාවනා වැඩසටහන් දියත් කිරීම.

Ö දිවි තොර කර ගැනීම් වළක්‌වාලීමට සිත් සුවපත් කරමින් ජීවන මං සැලසීම.

Ö සරසවිවල බෞද්ධ දර්ශනය උගෙන ගන්නා ආබාධිත සිසුන්ට විශේෂ දේශන ඇතුළු අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ශ්‍රී ලංකා බෞද්ධ විහාර දේවාල පදනම, සාමාජික විහාරස්‌ථානවල/ විහාරාධිපති නායක/ භාරකාර ස්‌වාමීන් වහන්සේලා සහ දේවාලවල නිලමේවරුන්/ ගිහි භාරකරුවන් විසින් මහා සභා රැස්‌වීමේදී වර්ෂ 3 කට වරක්‌ බැගින් අලුතින් පත්කර ගනු ලබන පාලක මණ්‌ඩලයකින් අපක්‍ෂපාතීව, මධ්‍යස්‌ථව හා ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය කෙරේ. සාකච්ඡා මගින් ගනු ලබන තීරණ ක්‍රියාවට නංවමින් සාධාරණ හා යුක්‌තිගරුකව කටයුතු කෙරේ. පදනමේ සාමාජිකත්වය ශ්‍රී ලංකාවාසී සියලු විහාරස්‌ථාන හා දේවාලවලට විවෘතව පවතී. සියලු නිකායික හා පාර්ශ්වීය භීක්‍ෂූන් වහන්සේලාද, සිල්මාතාවන්ද සාමාජිකත්වය දරන මෙම පදනම අෙන්‍යාaන්‍ය සාමාජික උපකාරය මත දැඩි විශ්වාසය තබා සිටී. තනි තනිව එක්‌ එක්‌ අය වෙන වෙනම කටයුතු කිරීමෙන් නොව සියලු දෙනා සාමූහිකව, එක්‌වී කටයුතු කිරීමෙන් ගොඩනගා ගත හැකි ශක්‌තිය ප්‍රබලය. අර්ථාන්විත සේවයක්‌ ලබා ගැනීමට අභිමානයෙන් නැගී සිටිය හැක්‌කේ එවිටය. ඒ සඳහා මෙරට උගත් සම්භාවනීය ගරුතර භික්‍ෂූන් වහන්සේලාත්, ගිහි පින්වතුනුත් පෙරමුණ ගැනීම අපගේ ශාසනික අපේක්‍ෂාවයි.

එබැවින් ඒ සඳහා නිර්ලෝභීව පෙරට එන මෙන් ගෞරවයෙන් ඉල්ලමු. පෙර පිනින් ලත් වතුපිටි, ඉඩකඩම්, මැණික්‌ ඉල්ලම් ආදියෙන් යුත් බෞද්ධ සිද්ධස්‌ථානවලින් එසේ ලැබෙන දෙයින් යම් කොටසක්‌ මේ වෙනුවෙන් පරිත්‍යාග කරන මෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. මේ රටේ නැති බැරි වෙහෙර විහාරස්‌ථාන සිල්මාතා ආරාම ආදියෙහි අභිවෘද්ධිය පිණිසත්, නැති බැරි අහිංසක දායකකාරකාදීන්ගේ අභිවෘද්ධිය හා සුභ සාධනය පිණිසත් පරිත්‍යාග කරමින් දායක වනු මැනවැයි පැවිදි හා ගිහි උතුමන්ගෙන් ඉල්ලමු. ඉල්ලන්නන්, යදින්නන්, පුලන්නන් ඉදිරියේ නෑසූකන්ව නොසිටින මෙන් ගෞරවයෙන් ආයාචනය කරමු. කුඩා ළමුන්, සිඟිති දරුවන්, දිළින්දන්, රෝගීන්, වයස්‌ගතවන්නන්, විනාශයට හෙවත් වෙනස්‌වීම්වලට යටත්වන්නන්, දූෂිතයන්ව, අධාර්මිකයන්ව, දුෂ්චරිතයන්හි යෙදෙමින් සිට පණුවන් ගසා නැසෙන්නන් ආදී නොයෙකුත් වේෂවලින් එන දේවදූතයන් ගැන, චුති සිත් පහළවන මරණ මංචකයේදී යමදූතයන් විසින් සිහිකරවා දී නිරයට, අපායට, තිරිසන් යෝනියට නැතහොත් ප්‍රේත ලෝකයට කැඳවා ගෙන යන්නට ඉඩ නොතබා, මෙම උතුම් මිනිස්‌ ජීවිතය පවත්නා, සිහිබුද්ධියෙන් සිටින වකවානුවේදීම එහි සාමාජිකත්වය ලබාගෙන, පරිත්‍යාග කිරීම් තුළින් මෙම උසස්‌ කැපකිරීම් අරඹන ලෙසට ආයාචනා කරමු.

බොරැල්ල ගෝතමී විහාරාධිපති, පුජ්‍ය තෙල්වත්තේ නාගිත නායක ස්‌ථවිර
http://www.divaina.com/2017/09/26/feature04.html

Pic Source

Sunday, September 10, 2017

පණ්‌ඩුකාභය රජ කතාවේ නොදන්නා කතාව

පඬුවස්‌දෙව් රජුට දාව භද්දකච්චායනා ශාක්‍ය කුමරිය පුතුන් දහදෙනකු හා එක්‌ දියණියක්‌ ලබයි. පුතුන් දහදෙනාගේ වැඩිමල් කුමරු අභයයි. බාලම දියණිය අතිශය රූමත් විය. දුටු දුටුවන් ඇගේ රූපයෙන් උමතු වූ බැවින් ඇය 'උන්මාද චිත්‍රා' නම් වූවාය. අනාගතය දකින බමුණෝ චිත්‍රාට දරුවෙක්‌ ඉපදුණහොත් ඔහු මයිලණුවන් මරා දමන බව කියති. සහෝදර කුමාරවරුන් ඒ අසා චිත්‍රා මැරීමට සැරසෙති. වැඩිමල් අභය කුමරු ඒ වළක්‌වයි. කිසිවෙකුටත් ළඟාවිය නොහැකි උස්‌ එක්‌ටැම්ගෙයක සේවක රැකවල් මැද චිත්‍රා කුමරිය නවත්වයි. ඒ එක්‌ටැම්ගේ දොර කිසිවෙකුට ඇතුළු විය නොහැකි පරිදි රජුගේ යහන් ගබඩාව අසල විය.

පඬුවස්‌දෙව් රජු කල භද්දකච්චානා කුමරියගේ සහෝදරවරු හයදෙනෙක්‌ ලංකාවට පැමිණ ඔවුන්ගේ නම්වලින් කුඩා නගර පිහිටුවා තැනින් තැන පදිංචි වෙත. ඉන් දීඝ කුමරු පිහිටු වූ නුවර "දීඝායු ගම" නම් විය. මෙම දීඝ කුමරුට "දීඝ ගාමිණී'' නම් පුතෙකු වෙයි. දීඝ ගාමිණී - උන්මාද චිත්‍රා ගැන ඇගේ රූපය ගැන අසා දැකීමට ආශා ඇතිව උපතිස්‌ස ගමට ගොස්‌ රජු බැහැ දකියි. මේ වන විට පඬුවස්‌දෙව් රජු මියගොස්‌ කුමාරවරුන් දහදෙනොගේ වැඩිමලා වූ අභය උපතිස්‌ස නුවර රජකම් කරයි. අභය රජු තරුණ දීඝගාමිණී කුමරුට උප රාජ පදවිය හා රජුට උවටැන් කිරීම පවරයි. රජ මැඳුර අසල මුරකාවල් මැද එක්‌ටැම්ගෙයි සිරකර සිටින උන්මාද චිත්‍රා කුමරිය දීඝගාමිණී කුමරු දකියි. චිත්‍රා කුමරියගේ සිත කුමරු වෙත ඇදී යයි. ඒ කුමරු කුමරියගේ මාමාගේ පුතා බව දාසිය කියයි. දීඝගාමිණී කුමරු කුමරිය සමඟ ප්‍රේමයෙන් වෙලී රාත්‍රි කාලයේ යන්ත්‍රයක ආධාරයෙක්‌ එක්‌ටැම්ගෙයට නැඟ කුමරිය සමඟ කල් ගෙවා අලුයම බැස යයි. දෙදෙනාගේ ආශ්‍රය දැඩි රහසක්‌ වෙයි. කුමරු නිසා චිත්‍රා ගැබිණියක වෙයි. දාසිය දැන් මෙම රහස මව්බිසවට දන්වයි. ඇය එය රජුට දන්වයි. ඉන්පසු කුමාරවරු රජු හා එක්‌ව චිත්‍රා දීඝගාමිණී කුමරුටම පවරා දෙයි. චිත්‍රාට පුතකු ඉපදුණොත් මරා දැමීමට තීරණය කරති. රජ කුමාරවරු චිත්‍රා කුමරියට රැකවල් සැපයූ චිත්‍ර හා කාලවේල යන දාසයන් දෙදෙනා මරා දමති. ඒ දෙදෙනා යක්‍ෂයන් ව ඉපිද චිත්‍රා කුමරියට රැකවල් දෙයි. දරුවා ලැබෙන කාලය වන විට චිත්‍රා කුමරිය අත් උදව්වට තවත් ගැහැනියක්‌ නවත්වා ගනියි. ඇය ද ගැබිනියකි. චිත්‍රා කුමරිය පුතෙකු ලබයි. ගැහැනිය දුවක්‌ ලබයි. චිත්‍රා තම පුතා ගැහැනියට දී ඇගේ දූ කුමරිය ලබා ගනී. කුමරිය තම පුතා මාරු කළේ ආරක්‍ෂාව පිණිසය. චිත්‍රා කුමරිය දුවෙකු ලැබූ බව අසා සහෝදර කුමාරවරු සතුටු වෙති. අලුත උපන් කුමරුගේ ආරක්‍ෂාව පතා ළදරු කුමරු කරඬුවක බහා දාසියක්‌ විසින් දොරමඩලා ගමට ගෙන යයි. රජ කුමාරවරු කැලෑවේ මුව දඩයමට ගොස්‌ සිටියදී කරඬුව ගෙන යන දාසිය දකියි. තොප කවුද? යන්නේ කොහිද? විමසති. දොරමඩලාවට යමි. මගේ දියණියට ගෙන යන කැවුම් මෙහි ඇත. දාසිය කියයි. කරඬුව බිම තැබීමට කුමාරවරු කියති.

යක්‍ෂයන්ව ඉපිද සිටින චිත්‍ර - කාලවේල යක්‍ෂයන් ඌරු වෙස්‌ මවාගෙන කුමාරවරු ඉදිරියේ දිව යැමට වූහ. කුමාරවරු ඌරා ලුහුබැඳ යති. දාසිය දොරමඩලාව ගමට ගොස්‌ ගමේ ප්‍රධානියාට ළදරු පණ්‌ඩුකාභය කුමරු භාර දී කුමරුගේ වියදමට මසුරන් දහසක්‌ දෙයි. එදාම ගම් ප්‍රධානියාගේ බිරිඳ ද දරුවකු ලබයි. ඇය දරුවන් දෙදෙනෙකු ලැබූ බව පවසා පණ්‌ඩුකාභය කුමරු රහසේ දොරමඬලාගම ගම් ප්‍රධානියා ළඟ ඇති දැඩි වෙයි. දැන් කුමරුට වසය හතකි. චිත්‍රා පුතකු ලබා ඔහු රහසේ ඇති දැඩි වන බව කුමරුගේ මාමලා දැන ගනිති. දිනක්‌ ඔවුහු දොරමඩලාගම වට කරති. කුමරු එදා ගමේ දරුවන් සමඟ විලක දිය ක්‍රීඩා කරයි. කුමරුන්ගේ උදව්කරුවෝ විල වට කොට ළමුන් මරා දමති. ජලයට යට වී තිබූ විශාල රුක්‌ සිදුරක කුමරු සැඟ වී දිවි බේරා ගනියි. විල අද්දර තිබූ රෙදිකඩ ගණන් කර සියලු දරුවන් මැරූ බව ඔවුහු කියති. රහසේ වැඩෙන කුමරුට දැන් වයස දොළසකි. දොරමඩලාගම වැඩිදෙනා ගොපල්ලන් ය. එදා මේ ගොපල්ලෝ සතෙකු මරා මස්‌ පුළුස්‌සා ගැනීමට ගින්දර ගෙන ඒමට කුමරු ගමට යවයි. මාමලාගේ උදව්කරුවෝ එදා දෙවැනි වරට ගම වටලති. එක්‌රැස්‌ වී සිටි සියලු ගොපල්ලෝ මැරුම් කති. ගිනි ගෙන ඒමට ගමට ගිය කුමරු බේරෙයි. දැන් කුමරු දහසයවැනි වියට එළඹෙයි. මව කුමරුට මසු දහසක්‌ එවයි. පණ්‌ඩුකාභය කුමරු ශිල්ප ඉගෙනුම හා ආරක්‍ෂාව පිණිස දකුණු දිග, පණ්‌ඩුල නමැති වේදය මනාව දත් බමුණා වෙත යවයි. තම නක්‍ෂත්‍ර දැනුමෙන් කුමරුගේ අනාගතය ඉතා වාසනාවන්ත බව දුටු පණ්‌ඩුල බමුණා කුමරුට ශිල්ප දෙයි. පණ්‌ඩුලගේ පුතා වූ චJද්‍ර කුමරු සමඟ ඉගෙනුම ලබයි. ඉගෙනුම නිමා කළ කුමරුට බමුණා සේනාව රැස්‌කර ගැනීමට මසුරන් ලක්‍ෂයක්‌ හා තම පුත් චJද්‍ර ද භාර දෙයි.

පණ්‌ඩුකාභය කුමරු ප්‍රසිද්ධියේ තම නම හෙළිකොට මාමලාට විරුද්ධව කැරැලි ගැසීම අරඹයි. කසාගල ගමට යන විට හත්සියයක්‌ ඔහුට එක්‌වෙයි. ඉන්පසු ගිරිකඩපව් වෙත යන විට ඔහුගේ සේනාව 1200 වෙයි. ගිරිකඩ ප්‍රදේශය පාලනය කළේ පණ්‌ඩුකාභය කුමරුගේ මාමා වූ ගිරිකණ්‌ඩශිව කුමරුය. එදා කුමරු යන විට කිරියසියයක කුඹුරු යායේ ගොයම් කැපෙයි. තම පියාට හා සේවකයන්ට කෑම රැගෙන ගිරිකණ්‌ඩශිවගේ දුව වූ රූමත් පාලි යානාවක නැඟී පිරිවර සමඟ යයි. කුමරුට ඇය නෑකමින් මාමාගේ දුවය. කුමරු තම පිරිවර ලවා ඇය වටකර තොරතුරු විමසයි. කුමරිය ගෙන යන බත් කුමරුගේ පිරිවරට බෙදා දීමට සැරසෙයි. නුග ගසක්‌ මුලදී පිරිවරට බත් දීමට ඇය නුග කොළ කඩයි. ඇගේ පිනෙන් ඒ නුග කොළ රන්බඳුන් වෙයි. ඇය අත ගැසූ නුග පත් රන් බඳුන් වූ නිසා ඇය 'ස්‌වර්ණපාලි' නම් වෙයි. මුළු පිරිවරට බත් දුන්නත් ඒ අඩු නොවෙයි. පණ්‌ඩුකාභය කුමරු ස්‌වර්ණපාලි කුමරිය රැගෙන පලා යයි. ඇගේ පියා යෑවූ සෙනඟ කුමරු ලුහුබඳියි. ඒ ගැටුම වූ ස්‌ථානය කලහ නගර නම් වෙයි. කුමරු සමඟ සටනට ස්‌වර්ණපාලිගේ සහෝදරවරු පස්‌දෙනෙක්‌ වෙයි. චන්ද්‍ර බමුණා ඔවුන් මරා දමයි. ඒ ලේ වැටුණු බිම ලේවාකඩ නම් වෙයි.

පණ්‌ඩුකාභය කුමරු දොළුගලට ගොස්‌ සේනාව රැස්‌ කරමින් අවුරුදු හතරක්‌ කල් ගෙවයි. කුමරුගේ මාමලා සටනට එති කුමරු සමඟ සටනට ඔවුහු දුම්රග්ගල කඳවුරු බඳති. කුමරු තම මාමලා මහවැලි ගඟෙන් එගොඩට පන්නයි. මේ අතර උපතිස්‌ස නුවර අභය රජු මහවැලි ගඟෙන් එතෙර පාලනය ගෙන යන ලෙස රහසේ කුමරුට දන්වයි. ඒ අසා සහෝදරවරු නවදෙනා වැඩිමල් අභය රජුට දැඩි ලෙස විරුද්ධ වෙති. අභය රජකමෙන් ඉවත් වෙයි. උපතිස්‌ස නුවර අවුරුදු විස්‌සක්‌ රජ කළ අභයට පසු සහෝදරවරු නවදෙනාගෙන් තිස්‌ස රජකමට පත්කර ගනී.

දුම්රක්‌ගල චේතියා යකින්න වෙලඹ වෙස්‌ ගෙන තිබිරියංගනවිලේ ඇවිදියි. කුමරු ඇය ලුහුබඳියි. විල වටා වෙළඹ හත්වටයක්‌ දිව යයි. මහවැලි ගඟෙන් එතෙරව නැවත දුම්රක්‌ගල වටා හත්වටයක්‌ දුවයි. එක දිගට ඇය ලුහුබැඳි කුමරු වෙළඹගේ වල්ගයේ එල්ලෙයි. කුමරු වෙළඹ වෙස්‌ ගත් ෙච්තියා යකින්න මැරීමට කඩුව අදියි. රජකම ලබා දීමට උදව් වන බව කියා ඇය තමාට අභය ඉල්ලයි. වෙළඹ පිට නැඟී දුම්රක්‌ගලට ගොස්‌ අවුරුදු හතරක්‌ පිරිවර රැස්‌ කොට රිටිගල හත් අවුරුද්දක්‌ ද කුමරු කල් ගෙවයි. අභය හා ගිරිකණ්‌ඩශිව හැර ඉතිරි මාමලා අට දෙනා රිටිගල කඳවුරු බඳිති. චේතියා වෙළඹ වෙස්‌ ගත් චේතියායකින්න පිට නැගී කුමරු සේනාව පිරිවරා සටනට එයි. මාමලා එවූ යුද සෙනෙවියා පලා ගොස්‌ සැඟවුණු ස්‌ථානය සේනාපති ගුම්බක නම් වෙයි. මාමලා අටදෙනාම සමඟ ඔවුන්ගේ සේනාව මැරුම් කති. ඔවුන්ගේ සියලු හිස්‌ කපා ගොඩ කරන ලදුව එය ලබුගෙඩි රැසක්‌ විය. ඒ නිසා එය ලබුගම නම් වෙයි. සටනින් දිනූ පණ්‌ඩුකාභය කුමරු තම මුත්තා වූ අනුරාධ වෙත යයි. නිමිතිකරුවන් ලවා සුබ නැකත් ගෙන වාස්‌තු විද්‍යා දත් අය ලවා අනුරාධපුර නගරය පිහිටුවයි. මැරුම් කෑ මාමලාගේ සේසත් පෙන්වා විලකින් සෝදා අභිෂේක ලබයි. ස්‌වර්ණපාලි අගබිසව වෙයි. පණ්‌ඩුලගේ පුත් චන්ද්‍ර කුමරු පුරෝහිත වෙයි. තමාට හිතවත් වූ අභය රජුට රජකම භාරදෙයි. තම ස්‌වර්ණපාලිගේ පියා වූ ගිරිකණ්‌ඩශිවට ගල්කඩ රටම දෙයි. අනුරාධපුර නගරය පිහිටුවා අවුරුදු හැත්තෑවක්‌ රජ කරයි.


වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්‌. කේ. ජයවර්ධන
http://www.divaina.com/2017/09/10/feature11.html

Pic Source

දැවෙන සිත් නිවුනු සිතින් දමනය කළ උන්වහන්සේගේ පුරිසධම්ම සාරථි ගුණය... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පංචඋපාදානස්‌කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් සතියේ ලිපියෙන් අවසන් වූ අතර මෙතැන් පටන් කොටස්‌ කිහිපයකින් යුක්‌තව පළකෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි

බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන් ඉදිරියේ සිංහනාද ධම්මචක්‍රය පවත්වන්නේ තථාගත ධර්මයන්ගේ බලයෙන්ය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ තථාගත බලධර්මයන්ගේ ආශ්චර්යමත්භාවය නුවණින් දකිමින් බුද්ධානුස්‌සතියෙන් ශක්‌තිමත් වෙන්න.

බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව දියකිරීමේ මාර්ගය තරණය කළ නිසා, තෘෂ්ණාවෙන් තොර හැසිරීම් ඇති නිසා, අවබෝධ කළ ඥානයෙන් යුතුව ඊට අදාළ ධර්මානුධර්ම හැසිරීමෙන් යුතුව වැඩසිටිය නිසා විඡ්ජාචරණ සම්පන්න වෙනවා. උන්වහන්සේගේ සෑම ඉරියව්වක්‌ම සිහිනුවණින් පැවත්වූ ඉරියව්වක්‌ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ආර්යශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්‌තිය සත්තිස්‌ බෝධිපාක්‍ෂික ධර්මයන්ගේ ඵලය සෑම වචනයක්‌ම සෑම ඉරියව්වකම අර්ථය වුණා. බුදුරජාණන් වහන්සේ දැකීමෙන්, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසීමෙන් දේශනා කර වදාළ මාර්ගය තුළ ගමන් කිරීමෙන් සත්ත්වයා සසර දුක නිවා ගත්තේ අවබෝධ කර වදාළ ධර්මයට අදාළව වැඩසිටිය නිසාමයි. අවබෝධ කළ මාර්ගයට අදාළව මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසාමයි. බුදුරජාණන් වහන්සේගේ රූපකාය, සන්සුන් ඉරියව් කෙරෙහි බැඳයන භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්‌ථානයට පත්වූ වක්‌කලී මහරහතන් වහන්සේ ද බුදුරජාණන් වහන්සේගේ 

විඡ්ජාචරණ සම්පන්න ගුණයේම ඵලයක්‌මය.

භවය නමැති සැඩ සයුර තරණය කරන යාත්‍රාව වන ආර්යඅෂ්ඨාංගික මාර්ගයේ සෘජුවම ගමන් කර විෂම භව සයුර තරණය කළ හෙයින් බුදුරජාණන් වහන්සේ සුගත නම් වෙනවා. දෘෂ්ශ්‍රීන් හැටදෙකක්‌, මාර්ග හැටදෙකක්‌ කරා සත්වයා යොමුකර තිබියදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසන අතුරුදන්වීමෙන් , වල්වැදී තිබු ආර්යඅෂ්ඨාංගික මාර්ගය ලෝකයට මතුකර දෙන්නේද බුදුරජාණන් වහන්සේය. ජීවිතයට සැපදෙන, ජීවිතයට දුක දෙන අන්තයන්ගෙන් බැහැරව මධ්‍යම ප්‍රතිපදාව මතුකර ගන්නේ ද ආර්යඅෂ්ඨාංගික මාර්ගය තුළින්මය. 'මහණෙනි, මේ සැඩ සයුර ආර්ය අෂ්ඨාංගික මාර්ගය නැමති යාත්‍රාව උපයෝගී කරගෙන තරණය කළාට පසුව ඔබ එම යාත්‍රාව කරේ තබාගෙන නොයා යුතුය. එය ද ඔබ අතහැරදැමිය යුතුය'යි පිරිනිවී යැමේ මාර්ගය ලොවට මතුකොට පෙන්වූයේ උතුම් සුගතෝ බුදුගුණයයි.

සත්වයාගේ උපාදානය හේතුවෙන් සකස්‌වෙන භවය කාමභවය, රූපී, අරූපී භවාත්‍රය සහස්‌සී දසසහස්‌සී ලෝක ධාතූන් තතුසේ දත් හෙයින් බුදුරජාණන් වහන්සේ ලෝකවිදූ ගුණයෙන් යුක්‌තවෙනවා. යමෙකුට මහා බ්‍රහ්මයා වීමටත්, සක්‍රයා වීමටත් අවශ්‍ය ධර්මයන් මොනවාද යන්න බුදුරජාණන් වහන්සේ නිවැරැදිව දන්නවා. කල්ප විනාශයත්, නැවත ලෝකය හටගැනීමත්, මනුෂ්‍යයාගේ පහළවීමත් බුදුරජාණන් වහන්සේ තතුසේ දන්නවා. මුළු මහත් ලෝක ධාතුවම සම්මා සම්බුද්ධ ඥානයෙන් විනිවිද දැක අවබෝධ ඥානය ලබා මුළු මහත් ලෝක ධාතුවම ඔබගේ ජීවිතය නැමති නාමරූප ධර්මයට ගොනුකොට, සරල කොට දැක්‌වීමට ඇති අයෝමය හැකියාව බුදුරජාණන් වහන්සේ සතු උතුම් ලෝකවිදූ ගුණයක්‌ වෙනවා. අවිද්‍යාව නිසා ලෝකයේ හටගැනීමත්, තෘෂ්ණාව හේතුවෙන් ලෝකයේ විකාශනයත්, තෘෂ්ණාව නිරෝධයෙන් ලෝකයෙන් මිදීමටත්, මාර්ගය මතුකර දීම ලෝකවිදූ ඥානයේ ඵලයක්‌මයි. දෑස්‌ පියාගෙන සකස්‌වෙන සිතුවිලිවල අනිත්‍යභාවය දකින මොහොතේම පිංවත් ඔබ ලෝකය මොහොතකට තාවකාලිකව නිරුද්ධ කළා වෙනවා. මේ උතුම් දැක්‌ම ලෝකයට මතුකොට දෙන්නේ උතුම් ලෝකවිදූ ගුණයයි. 

වක්‌කලී ස්‌වාමීන් වහන්සේ ගෙල කපාගෙන පිරිනිවීගිය මොහොතේ මාරයා බොහෝම කඩිමුඩියේ පැමිණ වක්‌කලී හිමියන්ගේ විඤ්ඤාණය හොයන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනාකරනවා මාරය වක්‌කලීගේ විඤ්ඤාණය ලෝකයෙන් නිවී ගියාය කියල. ලෝකය අවුල වන, ලෝකය නිවන මාර්ගය ලෝකයට මතුකර දීමත් උතුම් ලෝකවිදූ ගුණයක්‌ වෙනවා. 

පුරුෂ ධම්ම සාරතී ගුණය තවත් උතුම් බුදුගුණයක්‌. ජයශ්‍රී මහ බෝ සමිඳුන් අභියස බෝධිසත්වයන් වහන්සේ මුලින්ම වසවර්ති මාරයාත්, තන්හා, රතී, රඟා මාරදූතියන්වත් පරාජය කොටදමනවා. බෝධිසත්වයන් වහන්සේ පංචඋපාදානස්‌කන්ධය නැමති මාරයාව පරාජය කර දමනය කොටයි උතුම් සම්මාසම් බෝධිය සාක්‌ෂාත් කොටගන්නේ. දමනය කළා වූ පංචඋපාදානස්‌කන්ධයෙන් ගිනිගෙන ඇවිළෙන සත්වයාගේ පංචඋපාදානස්‌කන්ධයන් දමනය කිරීම උතුම් පුරුෂ ධම්ම සාරතී ගුණයක්‌ වෙනවා. බුදුරජාණන් වහන්සේ සත්වයාගේ ලෝභ සිත අලෝභයෙන් දමනය කරනවා. සත්වයාගේ ද්වේශ සිත මෛත්‍රියෙන් දමනය කරනවා. සත්වයාගේ මෝහ සිත අමෝහයෙන් දමනය කරනවා. සත්වයාගේ මිථ්‍යා දෘෂ්ශ්‍රීක සිතුවිලි උතුම් සම්මා දිට්‌ඨියෙන් දමනය කරනවා. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ප්‍රජාවගේ, විචිකිච්චාව බුදුරජාණන් වහන්සේ තෙරුවන් කෙරෙහි අචල සද්ධාවෙන් දමනය කරනවා. අන්‍යශීලවෘත කෙරෙහි ඇති විශ්වාසය, ආර්යශීලය තුළින් දමනය කරනවා. සක්‌කාය දිට්‌ටිය, පංචඋපාදානස්‌කන්ධයේ අනිත්‍ය දැකීම තුළින් දමනය කරනවා. මෙය බුදුරජාණන් සතු උතුම් පුරුෂධම්ම සාරථි ගුණයක්‌ වෙනවා. සත්ව ප්‍රජාව මිථ්‍යදෘෂ්ඨිකභාවයට, දුශ්ශීලභාවයට පත්කරන පංචනීවරණ ධර්මයන් සප්තබොඡ්ජංග ධර්මය තුළින් දමනය කිරීමට මාර්ගය කියාදීම බුදුරජාණන් වහන්සේ සතු උතුම් බුදුගුණයක්‌ වෙනවා. අකීකරු මනුෂ්‍යයන්, දෙවියන්, බ්‍රහ්මයන්, අමනුෂ්‍යයන්, තිරිසන් සතුන්ගේ තෘෂ්ණාවෙන් ගිනිගෙන ඇවිළෙන පංචඋපාදානස්‌කන්ධයන් බුදුරජාණන් වහන්සේ දමනය කරන්නේ තම නිවුණු පංච උපාදානස්‌කන්ධයේ සිහිල් මෙත් දහරාවෙන්මයි. 

බුද්ධානුස්‌සතිය-8 - ඉදිරිපත් කිරීම, ඉන්ද්‍රජිත් සුබසිංහ - indrajith.media@gmail.com
http://www.divaina.com/2017/09/10/feature21.html

ඊළාම් නිජබිම් මිත්‍යාවේ ඇත්ත කතාව - ඊළාම්වාදීන් ගෝකණ්‌න විහාරය මුහුදට බිලි කළ හැටි!

සා.........දු! සා..........දු! පාරමිතා බල පූජිත පූජිත බුද්ධ දිවාකරයානෝ, වෙසක්‌ පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයානෝ සනසා මුළු ලොව නිවන් ලබා දිදී, පුන්‍යමහෝදදි, ශාන්ති සමාදී, වෙසක්‌ තොරණ දර්ශන අතර මේ ගීතය අපට ඇසුනේ 'රන්මුතු දූව' නම් චිත්‍රපටයෙනි. අමරදේවගේ මධුර හඬින් ගැයූ මෙම ගීතය අදත් අපේ මතකයේ රැඳී පවතී. ලංකාවේ නිපදවූ පළමු වර්ණ චිත්‍රපටය වන මෙම චිත්‍රපටයේ, ටෝනි රණසිංහ, ශේන් ගුණරත්න හා ගාමිණී ෆොන්සේකා ද, ජීවරාණී කුරුකුලසූරිය යන තරුණ ආකර්ෂණීය නළු නිළියන් ත්‍රිකුණාමල වරායේ බුදුපිළිමයක්‌ ගොඩගැනීම ප්‍රයත්නයක්‌ වටා ගෙතුනු කථාවක්‌ මෙම චිත්‍රපටයෙන් දිග හැරිණි. එවක එම චිත්‍රපටයේ ගෙනා අදහස පිළිබඳව යොවුන් වියේදී මට එතරම් වැටහීමක්‌ නොතිබුණි. එහෙත් එහි සැබෑ යථාර්ථය මට වැටහුණේ ගෝකණ්‌න විහාරයට සිදු වූයේ කුමක්‌ දැයි පසුකාලීනව අධ්‍යයනය කිරීමේදීය. ත්‍රිකුණාමලයේ වරාය අපේ ඉතිහාසයේ බොහෝ වැදගත් සන්ධිස්‌ථානවලට සම්බන්ධය. විජය රජු තමන් වයස්‌ ගත වූ විට තම රාජ්‍ය භාර ගැනීමට තම බාල සොහොයුරාට ඇරයුම් කළත් ඒ වෙනුවට පැමිණියේ ඔහුගේ බාල පුත් පණ්‌ඩුවාසදේව කුමාරයාය. හේ ලංකාවට ගොඩබටුයේ ත්‍රිකුණාමලය (එදා ගෝකණ්‌න) වරායෙනි. මෙම වරාය අතීතය මෙන්ම අපේ අනාගතයද තීන්දු කරන ස්‌ථානයක්‌ බවට පත් වෙමින් පවතී. ඊට හේතුව ත්‍රිකුණාමලය යුද්ධෝපායික වශයෙන් ලොව ඇති පළමු පෙළේ වරායක්‌ වීමයි.

විදේශ ලේඛකයන් පෙන්වා දී ඇති පරිදි ගෝකණ්‌න විහාරය මෙන්ම, එහි මහ වරාය ද ලොව ප්‍රකට ස්‌ථානයක්‌ව පැවතීs ඇත. ඈත දියඹට දිස්‌වන මෙම වරාය නාවිකයන් විසින් මහ සයුරේදීම වැඳ පුදා ගත් බව ඉතිහාසයේ සඳහන් වේ. ගෝකණ්‌න විහාරය ද බුද්ධ වචනයේම සාදු හඬ ලොවට කියා පෑ තවත් පුදබිමකි. අද ගෝකණ්‌න විහාරය එතන නැත. එසේ නම් එයට සිදු වූයේ කුමක්‌ද? එහි අද දක්‌නට ඇත්තේ ඊශ්වර දෙවියන් වඳින කෝවිලකි. එහි ඇතුළේ සවි කර ඇති දැන්වීම් පුවරුවක සටහන් කර ඇත්තේ මෙවන් අදහසකි. 1952 වර්ෂයේදී ත්‍රිකුණාමලයේ මහ නගර සභාවේ සේවකයන් විසින් නඩත්තු කටයුතු සඳහා නගරයේ ස්‌ථානයක කරන ලද කැණීමකදී වළ දමා තිබූ පූජනීය වස්‌තු රැසක්‌ හමුවී, අහම්බෙන් හමු වූ මෙම වස්‌තූන් තැන්පත් කර මෙම පූජනීය ස්‌ථානය නැවත ගොඩනැංවූ බව එහි සඳහන් කර ඇත. තවද පෘතුගීසීන් විසින් මෙම පුදබිම විනාශ කිරීමේදී භක්‌තිමත් අයකු විසින් ආරක්‍ෂාව සඳහා වළ දමා තිබූ දෙයක්‌ ලෙස හඳුනාගත් බවට තවද සඳහන් වේ. මෙම දැන්වීම අනුව පෙනී යන්නේ ඔවුන්ට පුරාවස්‌තු ලෙස සැලකිය හැකි යමක්‌ හමුවී, ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර නොදී හිතුවක්‌කාර ලෙස ඔවුන් විසින් තොsරාගත් තැනක තැන්පත් කර ඇති බවයි. රටේ නීතිය අනුව පුරාවස්‌තු හමුවූයේ නම් ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දිය යුතුවේ. ඉන් පසු විධිමත් පරීක්‌ෂණ වලින් පසුව එහි ඓතිහාසික වටිනාකම ඔවුන් හඳුනා ගෙන තහවුරු කරනවා ඇත. එසේ නොකළේ ඇයි ද යන්න ඉදිරියේදී සාකච්ඡා කරන කරුණු වලින් පැහැදිලි වනු ඇත. කෙසේ වුවද මෙම අනීතික ක්‍රියාවට ත්‍රිකුණාමලයේ නගර සභාවද දායක වී ඇති බව පෙනේ. මෙහිදී පූජනීය වස්‌තු හමු වූ බව පෙන්වා බෞද්ධ පුදබිම අකා මකා දැමීමට වංචනිකව දේශපාලඥයන් විසින් කටයුතු කර ඇති බව පෙනේ. ඒ වන විටත් ත්‍රිකුණාමලයේ දේශපාලනයේ නිරත වූ පෙඩරල් පක්‍ෂය ගෝකණ්‌න විහාරයේ සාදු හඬ මහ මුහුදට බිළි කිරීමට දායක වී ඇති බව මින් පෙනේ. අද තිබෙන ත්‍රිකොනේෂ්වරන් කෝවිලේ උප්පත්ති කථාව එයයි.

ගෝකණ්‌න විහාරය කඩා බිඳ දැමීමේ අතීත කථාව අපි දැන් විමසා බලමු. ඕලන්ද ජාතිකයන් පැමිණීම වැළැක්‌වීම සඳහා ත්‍රිකුණාමලයේ බලකොටුවක්‌ ඉදිකිරීමට සුදුසු ස්‌ථානයක්‌ තීන්දු කිරීම සඳහා පෘතුගීසීන් නිරීක්‌ෂණ චාරිකාවක්‌ ගොස්‌ ඇත. එහිදී තීරණය වී ඇත්තේ ත්‍රිකුණාමලය පන්සලට පිටුපසින් එම බලකොටුව ඉදි කළ යුතු බවයි. මෙම පන්සල අසල විශාල ගල්කන්දක්‌ ඇති බැවින් එය ද බලකොටුව සෑදීමට උපකාරයක්‌ වන බවද ඔවුන් කල්පනා කර ඇත. මේ සිද්ධිය පිළිබඳව ක්‌වෙරෝස්‌ නැමැති පෘතුගීසි ඉතිහාසඥයා ලියූ The Temporal and Spiritual Conquest of Ceylon (ලංකාව පූජනීය හා අධ්‍යාත්මිකව දිනා ගැනීම) නැමැති පොතේ සඳහන් දේ මෙසේ විස්‌තර කරමි. 

ත්‍රිකුණාමලය යන වචනයේ තේරුම කොත් තුනක්‌ සහිත කන්ද යන්නයි., එය පිහිටා තිබෙන්නේ කොළඹට ප්‍රතිවිරුද්ධ දිශාවේ යාපා පටුනේ සිට ලීග 35 ක්‌ දකුණට වන්නට පිහිටා ඇත. මෙම මහ වරායේ මුහුදට නෙරා ඇති කන්දේ දාගැබ් 03 ක්‌ ඇති අතර එම දාගැබ් 03 සිංහල රජකු විසින් ඉදිකර ඇති බව ඔහු සඳහන් කරයි. මෙම දාගැබ් කන්ද පාමුල මැද හා උසම ස්‌ථානයේ පිහිටා තිබුණි. භක්‌තිමත් නාවිකයන් විසින් මුහුදේ සිටම මෙම පුදබිම් වන්දනා මාන කර ගත් බව ඔහු සඳහන් කර ඇත. කොන්ස්‌තන්තිනූ ද සා ද නොරෙඤ්ඤො විසින් මෙම චෛත්‍යයන් කඩා බිඳිමින් එහි ගඩොල් උපයෝගී කරගෙන බලකොටුවක්‌ ඉදිකර ඇත. සිංහල හමුදාවන්ට මේ වරායට ඇතුළු වීමේ ඉඩකඩ අවහිර කිරීම එම කොටුව ඉදිකිරීමේ අරමුණ බව ද සඳහන් කර ඇත. මේ නිසා මුහුද දෙසින් ද ගොඩබිමින් ද පෘතුගීසීන්ගේ ආරක්‍ෂාව මෙයින් සැලසී ඇත. මෙම කොටුව තුළ කාලතුවක්‌කු විශාල ප්‍රමාණයක්‌ රැඳවිය නොහැකි නිසා එහි රඳවා ඇත්තේ සුළු හමුදාවකි. මෙම චෛත්‍යයන් කඩා බිඳ දැමීමේදී සෙල්ලිපියක්‌ හමු වී ඇති අතර එය ලංකාවේ පෙර රජවරු පිළිබඳව මනා දැනුමක්‌ ඇති උගත් සිංහලයකු ලවා කියවා පෘතුග්‍රීසි බසට පරිවර්තනය කර එහි පිටපතක්‌ පෘතුගාලයේ රජු වෙතද යවා ඇත. එහි ලියා ඇත්තේ මානික රාජ බාහු නම් රජ මෙම පන්සල ඉදිකරන ලද බවයි. එය ඉදිකර ඇත්තේ පෘතුගීසීන් විසින් මෙය කඩා බිඳ දැමීමට (1626 ට) වසර 1300 කට පෙර බව උගත් සිංහලයකු ලවා පැහැදිලි කරගෙන ඇත. අනාගත දිනක පරංගි නැමැති ජාතියක්‌ මෙහි පැමිණ මේ පුදබිම විනාශ කරන අතර එය නැවත ගොඩනැංවීමට රජකු පහළ නොවන බවද එහි සඳහන් කොට තිබී ඇත. මෙම විශ්මය දනවන අනාගත වාක්‍ය වලින් යුක්‌ත සෙල්ලිපිය පිළිබඳව පෘතුගීසීන් පුදුමයට පත් වී ඇත. කෙසේ වුවද එම අනාගත වාක්‍ය සත්‍ය වී ඇති බව පෙනේ. එම සෙල්ලිපිය ත්‍රිකුණාමල කොටුවේ දොරකඩට සවිකර ඇති අතර අදත් දැක ගැනීමට පුළුවන. 

කොන්ස්‌තන්තිනෝ ද සා නොරොඤ්ඤො විසින් පුදබිම විනාශ කළ පසු ද සිංහල කපු රාළලා හා යක්‌දෙස්‌සන් පැමිණ ඇති අතර ජනරාල් නුනෝ අල්වෙයිරස්‌ පෙරෙයිරා විසින් ඔවුන්ගේ හිස ගසා දැමීමෙන් පැමිණීම නතර වී ඇත. ත්‍රිකුණාමලයේ නායක භික්‌ෂුව කිතු දහමට හරවා ගත් බව ෂාවියර්තුමා සඳහන් කර ඇති බව ක්‌වෙරෝස්‌ ලියා දක්‌වා ඇත. එම පන්සලේ නායක භික්‌ෂූන් වහන්සේ, තෙරුන්නාන්සේ, ලෙසින් හැඳින් වූ බවද එහි සඳහන් වේ. මෙම පුදබිමට වෙන්කර තිබූ තඹලගමුව හා කන්තලේ වෙල්යාය වල වී අමුණු 30,000 ක්‌ දෙකන්නයට අස්‌වැද්දූ බව ඔහු සඳහන් කරයි. එම වාපී කර්මාන්ත හා වෙල් යායවල් මහසෙන් (ක්‍රි.ව.275 - 303) රජු විසින් ඉදිකළ බවද වැඩිදුරටත් සඳහන් වේ. පෘතුගීසි බලකොටුවක්‌ මෙහි ඉදිකිරීමෙන් පසු කාපිරි හමුදාවන්ගේ කරදර නිසා සිංහලයන් බොහෝ දෙනෙක්‌ පදිංචිය අතහැර කොට්‌ටියාරමට ගොස්‌ ඇත. එහි ඉතිරිව ඇත්තේ වයස්‌ගත සිංහලයන් 10 ක්‌ 15 ක්‌ පමණ වේ. ගෝකණ්‌න විහාරය බුදු පුද බිමක්‌ වුවද විෂ්ණු, කතරගම හා ගණ දෙවි පූජාවන් සඳහා දේවාල ද තිබූ බව ද සඳහන් කර ඇත. ඒ අනුව අපට පෙනෙන්නේ කතරගම, මහනුවර, දෙවුන්දර හා මුන්නේශ්වරන් වැනි බුදුන් මෙන්ම දෙවියන් ද පිදිය හැකි ජාතික පුද බිමක්‌ බවයි. එහෙත් අද එවැනි පොදු පුදබිමක සළකුණක්‌වත් දක්‌නට නැත. 

දැන් අපි ලන්දේසි ලේඛක පිලිප්පුස්‌ බැල්දියස්‌ සිය ලංකා පුරාවෘත්ත නැමැති පොතේ ත්‍රිකුණාමලය ගැන ලියා ඇති දේ බලමු. මෙම ලේඛකයා ගැන යමක්‌ කිවහොත් ඔහු රෙපරමාදු ආගම යාපනයට හඳුන්වා දුන් පූජකවරයාය. ඔහු ලියූ ඉතිහාස පොත 1672 දී ලන්දේසි බසින් ඇම්ස්‌ටඩෑම් නගරයේදී ප්‍රකාශයට පත් කළ එකකි. ඔහු කියා ඇත්තේ ලංකාවට වෙනත් යුරෝපීය ජාතීන් පැමිණීම වැළැක්‌වීම සඳහා බලකොටුවක්‌ ඉදිකිරීමට තීරණය කර ඒ සඳහා සුදුසු බිම ත්‍රිකුණාමලයේ මහා පන්සලට පිටුපසින් වයඹ කෙළවරේ ඇති භූමියක්‌ තෝරාගෙන ඇත. මේ අනුව ඉදිකිරීම් 1622 ආරම්භ කර මහනුවර රජු දැනගැනීමට පෙර කඩිනමින් නිම කිරීමට ද උත්සුක වී ඇත. උඩරට සෙනරත් රජු සමඟ සාම ගිවිsසුමකින් බැඳී සිටි පෘතුග්‍රීසීන්ගේ මෙම ක්‍රියාවෙන් විශ්වාසය කඩකර ඇත. එය දැනගත් වහාම පෘතුගීසීන්ට විරුද්ධව යුද වැදුනත් රජු යුද්ධයෙන් පැරදී ඇත. මෙහිදී ඔහු සඳහන් කර ඇති අමතර කරුණක්‌ නම් 1618 දී සිංහල රජු සමඟ යුද්ධයකින් පසු යාපනය රාජ්‍යයද, පෘතුගීසීන් ඈඳා ගත් බවයි. පෘතුගීසීන් මෙම බලකොටුව ඉදිකරන අතර වාරයේ සිංහල රජුගේa ඉල්ලීම මත මලබාර් හමුදාවක්‌ යාපනයට පහර දී ඇත. ඩී ඔලිවේරා නැමැති රණකාමී පෘතුගීසී හමුදා ප්‍රධානියා එම ආක්‍රමණික හමුදාව පරාජය කරන ලදී. 

ලන්දේසි සඳහන් කළ දෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ ත්‍රිකුණාමලයේ මහා වරායේ පන්සලක්‌ තිබූ බවයි. දෙවැන්න යාපනය රාජ්‍ය සිංහල රජුගෙන් පෘතුගීසීන් උදුරා ගත් බවයි. මේ අනුව ත්‍රිකුණාමලයේ කෝණේෂ්වරම් කෝවිලක්‌ අතීතයේ සිට තිබූ බවට ඊළාම්වාදීන් කරන ප්‍රකාශය වංචාවක්‌ බව තහවුරු වේ. තවද යාපනයේ ස්‌වාධීන දෙමළ රාජ්‍යක්‌ නොතිබූ බවද ලන්දේසීන්ගේ සඳහනින් තවදුරටත් තහවුරු වේ. මෙයින් නොනැවතුනු පෘතුගීසීන් මඩකලපුවේද බලකොටුවක්‌ ඉදිකර ඇත. මෙයින් ඉමහත් කෝපයට පත් සෙනරත් රජු පෘතුග්‍රීසීන්ට පහර දීම සඳහා උපායක්‌ යෙදීය. එහි පළමු පියවර වූයේ පහත රට ප්‍රදේශවල ප්‍රධානීන් සමඟ රහසේ සම්බන්ධකම් පවත්වමින් ආක්‍රමණයකදී පහත රටින් පැමිණෙන සිංහල ලස්‌කිරිඤ්ඤ හමුදාව තමන් වෙත හරවා ගැනීමට මූලික කටයුතු යොදා තිබුණි. ඉන් පසුව කොන්ස්‌තන්තිනෝ ද සා ට ඌව ආක්‍රමණය කරන ලෙසට අභියෝග කර ඇත. ඒ අනුව සා හමුදාවන් රැගෙන ඉදල්ගස්‌හින්න හරහා ඌවට පැමිණි අතර බදුලු නගරය විනාශ කර එළදළුව කන්ද මතට ගොස්‌ රාත්‍රිය ගත කර ඇත. එහිදී කඩාහැළුනු අනෝරා වැස්‌සෙන් ඔවුන්ගේ වෙඩි බෙහෙත් හා කොටන තුවක්‌කු සියල්ල තෙමී ගියෙන් ඔවුන් නිරායුධ වී ඇත. මේ අතර සිංහල ලස්‌කිරිඤ්ඤ හමුදාවන්ගේ හැසිරීමේ වෙනසක්‌ පෘතුග්‍රීසීන්ටද නිරීක්‍ෂණය වී ඇත. කලින් කථිකා කරගත් පරිදි සිංහල බටයෝ පෘතුගීසීන් අත්හැර උඩරට රජුට එකතු වීය. මෙයින් අසරණව හුදකලා වූ පෘතුගීසීන් පසුබැසීම සඳහා කටයුතු කළ අතර ඔවුන් වැල්ලවායේ රන්දෙනිවෙල දක්‌වා පැමිණ ඇත. එහිදී ඔවුන් එහිදී විවේකීව සිය වෙඩිබෙහෙත් ආදිය වේලා ගැනීමට කටයුතු කළහ. වියළීමට තබා ඇති වෙඩි බෙහෙත්වලට ගිනිදැල් වූ කරුංකා ගෙඩිය ඇමිණූ හී වලින් විද ඒවා ගිනි තැබීමට කටයුතු කළ අතර ඉන් පසු තුවක්‌කු පාවිච්චිය නතර වූයේ වෙඩි බෙහෙත් නොමැති වීම නිසාය. සිංහල හමුදාව පෘතුගීසීන් වෙත උකුසු ඇස යොමු කරමින් වනයේ සැඟවී සිට වටකර ඊතල වර්ෂාවලින් පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කර ඇත. කිසිම පෘතුගීසී හමුදා භටයකුට ජිවිතය බේරා ගැනීමට ඉඩක්‌ ලැබී නැත. කොන්ස්‌තන්තිනෝ ද සා ගේ ජීවිතය ද මෙතනින් කෙළවර වී ඇත.

මියගිය කොන්ස්‌තන්තිනෝ ද සා ගේ හිස කඳින් වෙන්කර බෙරයක්‌ මත තබා බෙර හඬ නගමින් කිරිඳිඔයේ ජලස්‌නානය කරමින් සිටි රාජසිංහ රජු වෙත පිරිනමා ඇත. රජු ඉතාමත් ප්‍රීතියට පත් වූ අතර සෙනරත් රජු ද එයින් මහත් සතුටට පත් වී ඇත. ද සාට ත්‍රිකුණාමලය ගෝකණ්‌ණ විහාරය කඩා බිඳ දැමීමේ පාපය පඩිසන් දුන්නේ වැල්ලවායේ රන්දෙනි වෙලේදීය. මෙහදී අපට සිහිපත් වන්නේ කොටි සංවිධානයට ආයුධ පුහුණුව ලබා දුන් ඉන්දිරා ගාන්ධි මැතිණියයි. ඇය විසින් එම පාපය ගෙවන ලද්දේ සිය පුතා කොටින්ට බිලි දීමෙනි. ඒ වන විට ඇගේ ජීවිතය ද ශීක්‌ ජාතිකයන්ගේ රන්දෙවොලට හමුදාව යෙදවීමේ පාපය වෙනුවෙන් පුද කිරීම සිදු වී හමාර වී තිබුණි. ප්‍රභාකරන්ට ද සිය පාපය නන්දිකඩාල් කලපුවෙන් ගෙවා දැමීමට සිදු විය. ලංකාවට අකටයුතුකම් කරන කාටත් මෙය හොඳ පාඩමකි.

දැන් අපි ගෝකණ්‌න විහාරය පිළිබඳ දෙමළ ලේඛකයන් ලියා ඇති දේ බලමු. 1831 ලංකාණ්‌ඩුවේ ගැසට්‌ පත්‍රයේ I.C.L.RT. 63 ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිකුණාමලය පිළිබඳ ස්‌තෝත්‍ර කෙරෙහි මෙහිදී අපගේ අවධානය යොමු කරමු. කවිරාජ වරෝධ්‍යන් නැමැති රචකයකු විසින් ලියා ඇති ස්‌තෝත්‍ර අත් පිටපතක්‌ හමු වී එය ඉංග්‍රීසියට පෙරළා එම ගැසට්‌ පත්‍රයේ පළ කර තිබුණි. පෝල් ඊ පීරිස්‌ මහතා ද සිය පෘතුගීසි යුගය පොතේ මේ පිළිබඳව සඳහන් කර ඇති අතර මා ද එම ගැසට්‌ පත්‍රය පෞද්ගලිකවම පරීක්‍ෂා කර බැලුවෙමි. මෙම ගැසට්‌ නිවේදනයේ සඳහන් වන්නේ මනු නීති කණ්‌ඩචෝල රජු කෝනේෂ්වරන් කෝවිල වන්දනා කර ගැනීමට පැමිණි විට සිය පුත් කුලක්‌කොට්‌ටන් විසින් කන්තලේ වැව කරවා එය මෙම පුද බිමට පැවරූ බවයි. ඒ පිළිබඳව විස්‌තර ගද්‍යයෙන් හා පද්‍යයෙන් එහි දක්‌වා තිබුණි. එහෙත් ඇත්ත කථාව මේ කුමාරයාගේ නම උලක්‌කොණ්‌ඩ නම් වේ. ඔහු කොණ්‌ඩය උල්ව උසට පැවති අයෙකි. කුලක්‌කොට්‌ටන් යනු කරුණු වරදවා දැක්‌වීමකි. මොවුන් ආර්යයන් වන අතර බෞද්ධයන් ද වේ. මෙම පරපුර ලංකාවට ශ්‍රී මහා බෝධිය ගෙන ආ පරම්පරාවට සම්බන්ධ අයයි. එහිදී සඳහන් කළ යුත්තේ ශ්‍රී මහා බෝධිය ගෙන ආ කුමාරවරුන් අට දෙනා අතර එක්‌ අයකුට යාපනයේ වඩමාරච්චි, තෙන්මාරච්චි හා වලිකාමම් යන භූමි 03 දෙවැනි පෑතිස්‌ රජු විසින් පිsරිනමා ඇත. එම නිසා එම පරපුරෙන් පැවත එන අයට ත්‍රිඹුල් බණ්‌ඩාර යන නම භාවිතා කරති. වීදිය බණ්‌ඩාරට ත්‍රිඹුල් බණ්‌ඩාර කියා ද භාවිතා කරන්නේ එම නිසාය. මේ විස්‌තර අද ද පැහැදිළි කර දිය හැකි පරපුරවල් වල අය ජීවත් වන බව මෙහි සඳහන් කරමි.

පිලස්‌සේ වීදිය බණ්‌ඩාර යනු ශ්‍රී මහා බෝධියේ ශාඛාවක්‌ පිලස්‌සේ උඩුපොළ පිහිටුවා විහාරයක්‌ කළ නිසා පරපුරට දෙන ගෞරව නාමයකි. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ එම ස්‌ථාන අදත් දක්‌නට ඇත. මනුනීති කණ්‌ඩචෝල යනු කන්‍යා කුමාරි තුඩුව හා චෝල දේශය ද යාපනයේ ත්‍රිභූමිය ද පාලනය කිරීමට අශෝක අධිරාජ්‍යා විසින් දෙවනපෑතිස්‌ රජුගේ ද එකඟත්වය ඇතුව පැවරූ රජ කෙනෙකි. එකල චෝල දේශය දුර්වල රාජ්‍යයකි. මේ නිසා එය පාලනය කළේ ආර්යයන් විසිනි. පසුකාලීනව ඔවුන් බලවත් වූ විට මෙම ජනප්‍රවාද පවා දෙමළකරණයට ලක්‌ කර දෙමළ ජනතාව නොමඟ යවා ඇති බව පෙනේ. එල්ලාවල මේධානන්ද හිමි සඳහන් කර ඇත්තේ ත්‍රිකුණාමලයේ මහා පන්සල චෝඩ ගංගදේව (1196 - 1197) රජු විසින් ඉදිකළ බව සෙල්ලිපියක සඳහන් වී ඇති බවයි. එහෙත් එක අවුරුද්දක්‌ පාලනය කළ රජකුට එතරම් විශාල කර්තව්‍යයක්‌ කිරීමට හැකිදැයි සිතීම අපහසුය. ගජබා රජු (113 - 125) විසින් ද මෙම විහාරයට ඉඩකඩම් පූජා කළ බව සඳහන් වේ. අනුරාධපුරයේ පණ්‌ඩු රජ පාලනය කරන සමයේ උලක්‌කොණ්‌ඩ කුමාරයා ත්‍රිකුණාමලයේ බලයට පැමිණි බව යාල්පානයේ වෛපමාලයේ ද සඳහන් වී ඇත. උලක්‌කොණ්‌ඩ කුමාරයා ලංකාවට පැමිණ ඇත්තේ ක්‍රි.ව. 431 දීය. එනම් පාණ්‌ඩිය කුමාරවරු පස්‌දෙනකු අනුරාධපුර පාලනය කළ යුගයේදීය. 

කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා පළ කළ ජනවාර්ගික අනන්‍යතාවයේ විකාශනය (The Evolution of ethnic identity ) නැමැති පොතේ ත්‍රිකුණාමලයේ හමු වූ සෙල්ලිපියක ඡයාරූපයේ පළ කර ඇත. ඊට අමතව එල්ලාවල මේධානන්ද හිමි සිය උතුරු නැගෙනහිර බෞද්ධ පුදබිම් නැමැති පොතේ ද ගෝකණ්‌න විහාරයේ සංස්‌කෘත සෙල්ලිපියක්‌ පළ කර ඇත. එහි සඳහන් වන්නේ චෝඩ ගංග රජු මේ විහාරය ඉදිකළ බවයි. නමුත් එක අවුරුද්දක්‌ පොළොන්නරුවේ චෝඩගංග රජුට මෙවැනි භාරදූර කර්තව්‍යක්‌ කිරීමට කාලය තිබුණේ දැයි සිතා ගැනීම අපහසුය. අපගේ ලිපියේ අරමුණ බෞද්ධ පුද බිමක්‌ විනාශ කර කෝවිලක්‌ ඉදිකිරීම පිළිබඳ අදහස තහවුරු කිරීමට පෘතුග්‍රීසීන් හා ලන්දේසීන් ලියා ඇති දේ හොඳටම ප්‍රමාණවත්ය.

ලංකා ඉතිහාසය පිළිබඳ (History of Ceylon) නම් පොතේ 301 පිටුවේ මහාචාර්ය පීටර් කර්නි නම් බිෂොප්වරයා සඳහන් කර ඇත්තේ ත්‍රිකුණාමලයේ හින්දු කෝවිලක්‌ කඩා පෘතුග්‍රීසි බලකොටුව ඉදිකළ බවයි. මෙම බිෂොප්වරයා ලංකා ඉතිහසයට ද බුදුන්ට ද අතිශයින් නිග්‍රහ කළ පූජකයෙකි. ඔහු සඳහන් කරන්නේ ලංකා ඉතිහාසය ආරම්භ වන්නේ පෘතුගීසීන් පැමිණීමෙන් පසුව බවයි. මෙයින් පෙනී යන්නේ ත්‍රිකුණාමලායේ බෞද්ධ පුදබිම හින්දු කෝවිලක්‌ ලෙස නම් කිරීම හුදෙක්‌ම ක්‍රිස්‌ත්‍රියානි පූජකවරුන්ගේ උවමනාවක්‌ බවයි. ඔවුන්ට පෙනෙන්නේ සිංහල බෞද්ධයන් උතුරු නැගෙනහිරට පැමිණීම වලක්‌වා මෙය සුදුසු උපායක්‌ බවයි. රට බෙදීමද මිෂනාරි පැවැත්මකි. 

ඒ නිසා සත්‍ය පදනම් වූ ගෝකණ්‌න විහාරය සාදු හඬ යළිත් මතුකර ගැනීමටත් බුද්ධ වචනය අනුව සත්‍යවාදීය සංහිඳියාවට යැමටත් ධෛර්යය ලැබේවායි පතමි. සාදු ... සාදු.. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ තුන් වතාවේ දෙවතාවක්‌ම වැඩම කලේ ආරවුල් සමථයකට පත් කිරීමටය නාග දමනය හා යක්‍ෂ දමනය මෙම ආරවුල් දෙකය. එසේ නම් ආරවුල් සමථයකට පත් කිරීමට බුද්ධ වචනය අතීතයේ සිටම අපට වැදගත් වී ඇත. එය එසේම වේවා.

පියසිරි අමරකෝන් - ගණකාධිකාරී සේවා සංගමයේ හිටප සභාපති
http://www.divaina.com/2017/09/10/feature06.html

Sunday, September 3, 2017

භාෂා දෙකකින් කතා කරමු ද? දෙවැනි බසක්‌ ඉගැන්වීමට හොඳම වයස ළදරු වියයි...

දවසක්‌දා මීයෙක්‌ චීස්‌ සුවඳක්‌ ඔස්‌සේ කුස්‌සියක කෑම මේසයකට බැස්‌සේ ගෙදර පූසා ඉස්‌තෝප්පුවේ නිදාගෙන සිටි නිසාය. එහෙත් පූසෙකුට මීයෙක්‌ ඉව වැටෙන්නට වැඩි වේලා යන්නේ නැත. මීයා මේසය උඩ සිටිනු දුටු පූසා හිමින් සීරුවේ පුටුවකට නැග කෑම මේසයට අඩිය තැබූ සැණෙන් දෙවියන් සිහිවුණු මීයා බිමට පැන ගත්තේ දුවන්නට තැනක්‌ හොයමිනි. එහෙත් කරුමයට මෙන් සියලු දොර ජනෙල් වසා තිබුණෙන් හතර අතේ දිවුවත් පැන ගන්නට තැනක්‌ නොතිබුණි. අන්තිමේ මීයා බිත්ති මුල්ලකට කොටු කර ගන්නට පූසා සමත් විය. තව තත්පරයකින් මරණය උරුම බව සිතට නැඟුණු මීයාට වහාම පුංචි ගණදෙවි නුවණක්‌ පහළ විය. මීයා තමන්ට පුලුවන් උපරිම හඬින් බල්ලෙක්‌ බුරන විදියට හඬක්‌ නැඟීය. උච්චාරණය සුද්දෙක්‌ සිංහල කතා කරන්නට තැතනුවා මෙන් වුවද පූසාට එක වරම මතක්‌ වුණේ දඩෝරියා ය. මේකා නම් නිකම් මීයකු නොව දඩෝරියාගේ පර-ම්පරාවේ නපුරෙක්‌ විය යුතු යෑයි ඌට ඇසිල්ලෙකින් අදහසක්‌ ඇති විය. එවර පණ බේරා ගන්නට පැන දිවුවේ පූසා ය. මී ගුලට රිංගා ගත් මීයා -භාෂා දෙකක්‌ දැනගෙන හිටපු නිසා පණ බේරා ගත්තායි පුරසාරම් දෙඩූ වග මා මේ කතාව කියවා ගත් රීඩර්ස්‌ ඩයිජෙස්‌ට්‌ සඟරාවේ පළ වී තිබිණි. 

ඉංග්‍රීසීන් අප පාලනය කළ අවධියේ පටන්ම අප ප්‍රිය කළ දෙවැනි බස ඉංග්‍රීසිය හෙයින් එක්‌ කලෙක බොහෝ ආසියානු රටවලට වඩා අපි ඒ භාෂාව අතින් ඉදිරියෙන් සිටියෙමු. ඉංග්‍රීසි හොඳින් දත් අය නොදත් අය ඉදිරියේ ඉංග්‍රීසියෙන් කතා කළේ මහත් උජාරුවෙනි. වරක්‌ පන්සලක පින්කමක්‌ පැවති දිනයක ඉංග්‍රීසි උගත් තරුණ පිරිසක්‌ ඉංග්‍රීසි නොදත් හිමිවරුන් පිරිසක්‌ වැඩසිටි තැනක එසේ ඉංග්‍රීසියෙන් දොඩමලු වූයේ හිමිවරුනට ආඩම්බර පෙන්වමිනි. අපි මොකද දැන් කරන්නේ? පාලි සංස්‌කෘත නම් සමහර ගිහියොත් දන්නවා. මේ ගොල්ලව පුදුම කරන්න අපට භාෂාවක්‌ ඇත්නම් යෑයි සාකච්ඡා කළ උන්වහන්සේලා භාෂාවක්‌ වෙනුවට වුත්තෝදය නම් කාව්‍ය ශාස්‌ත්‍ර ග්‍රන්ථයේ එන සූත්‍ර දෙබස්‌ විදියට කතා කරමුයි ගිවිස ගත්හ. එම කෙටි සූත්‍ර පාලි දත් පමණින් කෙනෙකුට නොවැටහෙන වෘත්ත සංක්‌ෂේපන වෙති. ඒ අනුව වෘත්තවල ගණවලට එන මුල් අකුරු යොදා සැකසූ - මෝ මෝ ගෝ ගෝ වි-ජුම්මාලා, -නනමයය යුතේයං මාලිනී භෝගි සීහී, රාසමානිකා රගාලහා, වැනි කෙටි සූත්‍ර සංවාද ස්‌වරයෙන් දෙබස්‌ ලෙස යොදා ගත් උන්වහන්සේලා වෙනත් බසක්‌ කතා කරන ආකාරයක්‌ රංගනය කළහ. මේ කුමන බසක්‌ දැයි සිතා ගත නුහුණු තරුණයෝ හිමින් සීරුවේ ලිස්‌සා ගියහ. කෙසේ වුවද ඉංග්‍රීසිය වැනි අලුත් දෙවැනි බසක්‌ ඉගෙනුමේ වටිනාකම දත් අපේ හාමුදුරුවරු දැන් නම් ගිහියන්ටද වඩා හොඳින් ඉංග්‍රීසි දනිති. ඉංග්‍රීසියෙන් පතපොතද ලියති. 

ඉංග්‍රීසිය රාජ්‍ය භාෂා තත්ත්වයෙන් පහළට වැටුණු පසු හුදෙක්‌ මවුබසින් පමණක්‌ම උගනිමුයි සිතන්නට ඇතැමුන් පෙළැඹුණු හෙයින් ලොව පුරා වැඩෙන නව දැනුමේ හිමිකාරයන් වීමේ භාග්‍යය අපේ එක්‌ පරපුරකට අහිමි විය. එම අවාසිය මැනවින් හඳුනාගත් පසු දැන් අප රට කවුරුත් වැඩි වැඩියෙන් ඉංග්‍රීසිය හුරු කර ගනිති. 

ඉගෙන ගන්න නෑ ලේසී
ඉගෙන ගතොත් වෙයි වාසී
රජෙක්‌ වෙන්න ලෝ වාසී
ඉගෙන ගනින් ඉංග්‍රීසී 

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සුරතින් ලියෑවී නන්දා මාලිනී සංගීතවේදිනියගේ හඬින් ගැයුණු එම ගීතය වැනි දිරි ගැන්වීම් අපේ සිසු පරපුරට ධනාත්මක පණිවුඩයක්‌ ලබා දෙයි. ඉගෙන ගන්න නෑ ලේසී යි කියන්නේ ඉංග්‍රීසි අමාරු භාෂාවක්‌ නිසා නොව හොඳ ගුරුවරුන් සොයා ගන්නට ඇති අපහසුව නිසාය. ඉගැන්වීමේදී ගුරුමුෂ්ටි තබාගන්නා අය බහුල නිසා ය.

දෙවැනි බසක්‌ ඉගෙනීමේ වටිනාකම ලංකාව වැනි පුංචි රටක වසන කවුරුත් දනිති. අපේ පාසල් සිසුනට ලෝක භාෂාවන් හදාරන්නට පහසුකම් සැලසීමේ බර දරන්නේ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයයි. නූතන භාෂා අංශාධිපති ආචාර්ය තෙරිපැහැ මේධංකර හිමියන් ප්‍රමුඛ විද්වත් කථිකාචාර්ය මණ්‌ඩලයක්‌ විසින් චීන, ජපන්, කොරියන් වැනි භාෂාවන් ඉගැන්වීමේ ශිල්පක්‍රම පාසල් ගුරු භවතුනට ලබා දීමේ සත්කාර්යය වසර පුරා ඉටු කරන්නේ අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවත්නා එම ආයතනය විසිනි. ආයතනයේ අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මියගේ නිරන්තර අධීක්‌ෂණයෙන් මෙහෙයෑවෙන එම වැඩපිළිවෙළ දැක ගැනීමේ භාග්‍යය ඉකුත් නිවාඩු සමයේ ලංකාවට පැමිණි අවස්‌ථාවේ මා වෙත උදා විය. ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවනට අතිරේකව ජාත්‍යන්තර තවත් භාෂා ලංකාවේ ශිෂ්‍යයන් අතර ප්‍රචලිත වීම කාලීන අවශ්‍යතාවකි. 

අතිරේක භාෂාවක්‌ ඉගෙන ගන්නට අප මහන්සි විය යුත්තේ ඇයි? මවුබස පමණක්‌ ඉගෙන ගත්තාම මදිද? ලංකාව වැනි පුංචි රටක උපන් අපට එය ප්‍රමාණවත් නොවන්නේ දිනෙන් දින පුළුල් වන නව දැනුමට සිංහලයෙන් පමණක්‌ හිමිකම් කියන්නට අපහසු හෙයිනි. ඥානය වර්ධනය වන සහ අලුත් පතපොත ලියවෙන වේගය තරමට පරිවර්තන කටයුතු කරන්නට බැරි බව අමුතුවෙන් කිව යුතු නැත. සාහිත්‍ය කෘතියක්‌ නම් මූලික කෘතියේ රසය දැනෙන තරම් හොඳට පරිවර්තනය කළ හැකි වන්නේ කලාතුරකින් කෙනෙකුට පමණි. එහෙයින් නව දැනුමේ හිමි කරුවකු වන්නට සහ විශ්ව සාහිත්‍යයෙහි ආස්‌වාදය විඳගන්නට නම් නවීන ලෝක භාෂාවක්‌ හදාළ යුතුමය. බහුශ්‍රැතයන් වශයෙන් පිළිගැනෙන්නේ වැඩි වැඩියෙන් කියෑවූ අයයි. භාෂා රැසක්‌ දැන ගැනීම වඩාත් වාසි දායක නමුත් අඩුම ගණනේ මවුබසට වඩා තව එක්‌ අතිරේක බසක්‌ හෝ දැනසිටීම මෙසමයෙහි අත්‍යවශ්‍ය ය.

වැඩිපුර භාෂාවක්‌ ඉගෙනීම කියවන්නාගේ ප්‍රජානන ශක්‌තිය තියුණු කරන බව මනෝවිද්‍යාඥයෝ හෙළි කරති. එක්‌ බසක්‌ පමණක්‌ දන්නහුගේ මොළයෙහි ක්‍රියාකාරිත්වය සහ ද්විභාෂිකයකුගේ මොළයෙහි ක්‍රියාකාරිත්වය ගුණාත්මකව වෙනස්‌ බව ඔවුහු පවසති. වෙනත් බසකින් සිතන්නට, තේරුම් ගන්නට සහ සම්භාෂණයෙහි යෙදෙන්නට සමත් වීමට සමගාමීව ගැටලු විසඳීම වැනි උසස්‌ චින්තන කාර්යයන්හි යෙදීමෙහි කුසලතාව වර්ධනය වෙයි. ගණිතය සහ කියෑවීම අතින් මෙන්ම වාග්මාලාවෙහි පොහොසත්කම අතින්ද ද්විභාෂිකයන් වැඩි දස්‌කම් පාන බව සම්පරීක්‌ෂණවලින් හෙළි වී ඇත.

භාෂා කිහිපයක්‌ හදාළ අයට - විශේෂයෙන් ළමයින්ට - එක්‌ බසකින් තවත් බසකට වහා මාරු වී සිතීමේ, ලිවීමේ සහ කතා කිරීමේ ශක්‌තිය වැඩෙනු සමඟම එක්‌ වර වැඩ දෙකක්‌ කරන්නට කෞශල්‍යයක්‌ද ඇති වෙතැයි පෙන්සිල්වේනියා රාජ්‍ය විශ්වවිද්‍යාලයෙහි කළ අධ්‍යයනයකින් හෙළි වී ඇත. විශේෂයෙන් වාහනයක පැදවුම් අනුකාරකයක්‌ ලෙස සැකසූ උපකරණයක්‌ -පදවන, අතරම පරස්‌පර තවත් කාර්යයක නිරතවීමෙහි ලා බහුභාෂිකයෝ වැඩි සමත්කම් දැක්‌වූහ. එක්‌ භාෂාවකට වඩා කතා කළහැකි රියෑදුරන් අතින් වැරදි සිදු වීමද අඩු බව පෙනී ගොස්‌ ඇත.

භාෂා දෙකක්‌ හෝ වැඩි ගණනක්‌ හැදෑරීමෙහිදී අතිරේක වියරණ රීති පද්ධතියක්‌ සහ නව වාග්කෝෂයක්‌ ඉගෙනීම හේතුවෙන් මවු භාෂාව වඩාත් නිර්මාණාත්මකව හා නිවැරදිව හැසිරවීමට හැකි වන බව පෙනී ගොස්‌ ඇත. දකුණු කොරියාවෙහි ඉංග්‍රීසි ගුරුවරියක්‌ ලෙස සේවය කරන ඈන් මෙරිට්‌ මහත්මිය පවසන්නේ එක්‌ භාෂාවකට වඩා හදාළ අය අන් අයට වඩා ලේඛකයන්, සන්නිවේදකයන් හා සංස්‌කාරකයන් වශයෙන් සාර්ථක වන බවයි. 

වැඩිපුර භාෂාවන් ඉගෙනීමෙහි ප්‍රතිඵලයක්‌ ලෙස අනිවාර්යයෙන්ම අපගේ මතක ශක්‌තිය වැඩිවෙයි. එමෙන්ම පරිසර නිරීක්‌ෂණය සහ අවබෝධය, උචිතානුචිත විචක්‌ෂණය මෙන්ම වැරදි හඳුනා ගැනීමෙහි හැකියාවද වර්ධනය වෙයි. ලොව දක්‌ෂතම රහස්‌ පරීක්‌ෂකයෝ බහුභාෂිකයෝය. චිකාගෝ සරසවියෙහි කළ පරීක්‌ෂණයකින් හෙළි වූ තොරතුරු අනුව බහුභාෂිකයෝ තාර්කිකව තීරණ ගැනීමේ හපන්නුය. තම තීරණ පිළිබඳ ඔවුන්ගේ විශ්වාසයද ස්‌ථාවරය. ඒකභාෂිකයන් අතර ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා රෝග ලක්‌ෂණ විද්‍යමාන වීමෙහි වසස්‌ සාමාන්‍යය 71.4ක්‌ වූ අතර බහුභාෂිකයන් අතර එය 75.5 ක්‌ විය.

දෙවැනි බසක්‌ ඉගැන්වීමට හොඳම වයස ළදරු වියයි. ඔවුහු භාෂා දෙකක්‌ ඉතා පහසුවෙන් හුරු කර ගනිති. එය කුඩා දරුවන්ගේ මොළයෙහි වර්ධනයට ඉතා හිතකර අභ්‍යාසයකි. මේ සඳහා මාස හතේ සිට මාස 33 දක්‌වා වයසේ දරුවනට දෙමාපියන් කුඩා වියේදී කතා කරන වියරණය අතින් සංකීර්ණ නොවූ සරල බසම උපකාර කරගෙන එම සුරතල් රිද්මයානුකූල රටාවෙන්ම සැකසූ PARENTESE නමින් හඳුන්වන විශේෂ ක්‍රමයක්‌ භාවිත කර ස්‌පාඤ්ඤයේ කළ පරීක්‌ෂණයකින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබී ඇත. දෙමාපියන් ඉංග්‍රීසි කතා නොකරන පවුල්වල දරුවනට දවසට එක පැය ගණනේ සති 18 ක්‌ ක්‍රීඩාමය රටාවකින් ඉගැන්වීමෙන් මේ අති සාර්ථක ප්‍රතිඵල ලද බව විශේෂයෙන්ම සටහන් කළ යුතුය. බොහෝ දරුවන් ළදරු පාසලේදීම භාෂා දෙකක හැකියාවන් ඇති කරගන්නේ මේ අයුරෙන්ම නොවේද? මවු බස පමණක්‌ හදාරන දරුවනට වඩා දෙබසක්‌ හදාරන දරුවෝ බුද්ධිමත් වෙති. මෙහිලා අවධාරණය කළ යුතු වැදගත් දෙයක්‌ නම් ළමයිනට භාෂාවක්‌ ඉගැන්වීම විශ්වවිද්‍යාලයකදී භාෂාවක්‌ ඉගැන්වීමට වඩා බෙහෙවින් වෙනස්‌ බවයි. අධ්‍යාපන මනෝ විද්‍යාව පිළිබඳ පරිණත අවබෝධයක්‌ ඇති ගුරුවරුන් විසින් පමණක්‌ එවැනි දස්‌කමක්‌ කළ හැකිය. පාසල් පද්ධතියේ අධ්‍යාපනික ගුණාත්මක භාවය පිළිබඳ වගකීම දරන ජාතික අධ්‍යාපන ආයතනයෙහි භාෂා අධ්‍යාපන ව්‍යාපෘතිය අපගේ විශේෂ ඇගයුමට පාත්‍ර විය යුත්තේ එහෙයිනි.

මහාචාර්ය චන්දිම විඡේබණ්‌ඩාර
http://www.divaina.com/2017/09/03/feature12.html

ජගත් ජයසූරිය රැක ගනිමු...

ශ්‍රී ලංකාවේ යුද්ධය ඉවර වූයේ අවුරුදු අටකට පෙරය. නඩු පටන් ගන්නේ දැන් ය.

යුරෝපීය නිර්නායකයන්ට අනුව ශ්‍රී ලංකාවේ යුද්ධයට සහභාගි වූ හැම යුද සෙබළෙක්‌ම යුද අපරාධකරුවෙකි. එහෙත් යුරෝපීයන් අද වනතුරුත් කිසිදු මිනීමරු කොටියකු යුද අපරාධකරුවකු ලෙස නම් කර නැත. ප්‍රභාකරන් යුද අපරාධකාරයකු ලෙස කිසිදු පිළිගත් ජාත්‍යන්තර අධිකරණයක්‌ විසින් නම් කර තිබේද? කොටි සංවිධානය විසින් එම දේශපාලන අංශය ලෙස නම් කරන ලද සාපරාධී මස්‌ කඩයේ මුදලාලිලා ලෙස වැඩ කළ පොට්‌ටු අම්මාන්, තමිල් සෙල්වම් වැනි තිරිසනුන් යුද අපරාධකාරයන් ලෙස නම් කිරීමට කිසිදු ජාත්‍යන්තර අධිකරණයක්‌ කටයුතු කර තිබේද? අප දන්නා පරිදි නැත. එහෙත් අද වන විට තිස්‌ අවුරුදු යුද්ධයට සම්බන්ධ වූ සියලුම රාජ්‍ය නිලධාරීන් තරාතිරම නොබලා යුද අපරාධකාරයන් කිරීමට ජාත්‍යන්තරය පියවර ගෙන තිබේ. එහි අලුත්ම අවස්‌ථාව හිටපු යුද හමුදාපති ජගත් ජයසූරිය බ්‍රසීලයේදී යුද අපරාධ මස්‌ කොක්‌කේ එල්ලීමට තැත් කිරීම ය.

යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගිය ජගත් ජයසූරිය අවසානයට කළ රැකියාව බ්‍රසීලය, පීරු, චිලි, ආර්ජන්ටිනා සහ සුරිනාම් යන රටවල තානාපතිකම ය. ඔහු තානාපති නිසා මේ රටවල් පහ තුළදී ඔහුට රාජ්‍ය තාන්ත්‍රික මුක්‌තිය හිමි ය. එබැවින් ඒ රටවල් පහ තුළදී ඔහු අත්අඩංගුවට ගැනීමට බැරිය. මේ අතර දකුණු ඇමරිකානු සංවිධානයක්‌ වන International Truth and Justice Project සංවිධානය, ජගත් ජයසූරිය යුද අපරාධකාරයකු බවට චෝදනා කිරීමත් සමඟම ඔහුගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අර්බුදයක්‌ හටගෙන ඇත. දැනට ලංකාවට පැමිණ සිටින ජගත් ජයසූරිය ආපසු වෙනත් රටකට යන විට අත්අඩංගුවට පත්වීමට ඉඩ තිබේ. එවැනි ජාත්‍යන්තර අත්දැකීම් තිබෙන බැවින් මේ රණවිරුවා රැකගැනීමට හැකි ඉහළම පියවර ගැනීම රටේ (රාජ්‍යයේ) වගකීමය.

International Truth and Justice යනු මේ ලොව තිබෙන, මිලියනයක්‌ පමණ වූ රාජ්‍ය නොවන සංවිධානවලින් එකකි. මෙහි වර්තමාන විධායක අධ්‍යක්‍ෂ වූ කලී 'මිනිස්‌ අයිතිවාසිකම්' නමැති විෂය රස්‌සාව හැටියට කරන යස්‌මින් සුකා නමැති කාන්තාවකි. ඉන්දියානු සම්භවයක්‌ ඇති දකුණු අප්‍රිකානු නීතිඥවරියක වන ඇය සුඩානයේ යුද අපරාධ ගැන සොයා බැලීමට පත් කළ එක්‌සත් ජාතීන්ගේ කොමිසමේ සභාපති ය. සුඩානයේ පැවැති සිවිල් යුද්ධයේදී සටන්කරුවන් ක්‍රියා කළ ආකාරය සහ කොටි සංවිධානය ක්‍රියා කළ ආකාරය අතර සමානකම් ඇත. එනම්, මේ පාර්ශ්ව දෙකම මිනීමැරීමට පාවිච්චි කරන්නේ තුවක්‌කු නොව, කැති, මන්න සහ කඩු ය. ඔවුන් මිනීමැරීමට යන විට තුවක්‌කු ගෙන ගියත් ඒවා පත්තු කළේ කලාතුරකිනි. එහෙත් ශ්‍රී ලංකාවේ යුද හමුදාව සටන් කළේ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුවය. එනම්, ඔවුහු සතුරාට විස වායු ප්‍රහාර එල්ල කළේ නැත. සතුරන්ට ඇසිඩ් ගැසුවේ නැත. ඔවුන් සටන් කළේ රටේ ඒකීයත්වය කැඩීම සඳහා රටවල් කිහිපයක ආධාර ලබමින් විනාශකාරී මනුෂ්‍ය සංහාරයන් කළ කොටි සංවිධානය මර්දනය කිරීමට ය. ඒ නිසා යස්‌මින් සුකාගේ International Truth and Justice වැඩපිළිවෙළ සහ එහි තීන්දු ලංකාවට නොගැලපේ. ලංකාවේ රණවිරුවන් දඩයම් නොකර සුඩානයටම යන ලෙස අපි ඇයගෙන් ඉල්ලමු.

www.divaina.com/2017/09/03/editorial.html

ජවිපෙ 2 වැනි කැරැල්ලේදී භික්‌ෂූහු 724ක්‌ කැලෑ නීතියෙන් මරුට...

මානව හිතවාදී භික්‌ෂු සංවිධානය පිහිටුවීමේ අරමුණ වූයේ මානව හිමිකම් ක්‌ෂේත්‍රයේ ක්‍රියාකාරී වීම සහ මාසික ප්‍රකාශයක්‌ වූ විනිවිද සඟරාව මගින් ජනතාව අතර සංවාදයක්‌ ඇති කිරීමය. එම ක්‌ෂේත්‍රය තුළ කතෝලික ව්‍යාපාරයේ සංවිධානවලට විකල්පයක්‌ වීමය. මෙහි පුරෝගාමී නියමුවන් වූයේ ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, භාතිගම්මන උත්තරානන්ද හිමි, මණ්‌ඩාවල පඤ්ඤානන්ද හිමි, පිටුවල ධම්මකීර්ති හිමි, බුද්ධියාගම චන්දරතන හිමි ඇතුළු හිමිවරුන් කිහිප දෙනෙකි. ජවිපෙ වෙනුවෙන් විනිවිද සඟරාව පළකළේ උඩුගොඩ සෝරත හිමි සහ එගොඩබැද්දේ ගුණසිරි හිමිය. ඔවුනට සහාය වූයේ ජයවර්ධනපුර සරසවියේ උපාධි අපේක්‌ෂකයකු වූ දික්‌වැල්ලේ සෝරත හිමි ඇතුළු කිහිප දෙනෙකි. චිත්‍ර ශිල්පියා වූයේ මහින්ද බණ්‌ඩාරය. ඔහු ද ඝාතනය විය. එමෙන්ම විනිවිද ලේඛකයකු වූ ප්‍රභාත් කේ. ජිනදාසද බොරැල්ල ගෝතමී විහාරස්‌ථානයේ 1989 සැප්තැම්බර් 17 ආරක්‌ෂක අංශ විසින් පැහැරගෙන යැමෙන් පසු අතුරුදන් විය.


<--- මවුබිම සුරැකිමේ ව්‍යාපාරයේ අදිසි නායකයෙකු වූ පිටුවල ධර්මකීර්ති හිමි නොහොත් ලෙනින් හාමුදුරුවෝ 1989 අගෝස්‌තු 29 ඝාතනය කිරීමෙන් පසු කම්පාවට පත් දායකයන්....

ලන්දේසි පාලන සමයේ දී පමණක්‌ නොව බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව මහජන පෙළඹීම සඳහා සිදුවූ කැරලි සහ කුමන්ත්‍රණ වලදී ඒවායේ ක්‍රියාශිලී නියෝජිතයෝ වූයේද භික්‌ෂූන්ය. වසර 1818 කැරැල්ලේ ප්‍රධාන වැඩ කොටසක්‌ ඉටුකළ ඉහගම රතනපාල හිමි කැරැල්ලේදී තම සිවුරු ඉවත දමා අවි අමෝරාගෙන විශාල පිරිසකගේ පෙරමුණ ගත්තේය. ජවිපෙ 71 කැරැල්ලේදී සහ 1986-1990 දෙවැනි කැරැල්ලේද එය සිදු විය. ඔවුහු සමාජවාදී භික්‌ෂු සංගමය, මානව හිතවාදී භික්‌ෂු සංවිධානය, අන්තර් විශ්වවිද්‍යාල භික්‌ෂු බලමණ්‌ඩලය සහ දේශප්‍රේමී භික්‌ෂු සංවිධානයේ සාමාජිකයන් හෝ හිතවතුන් වූහ.

ලාංකීය වාමාංශික දේශපාලන පක්‌ෂ තුළ ද මුලසිටම දේශපාලන භික්‌ෂූන් ක්‍රියාත්මක වූහ. එය 1935 දෙසැම්බර් 18 ලංකා සම සමාජ පක්‌ෂය ආරම්භයේ සිට සිදු විය. ලංකා කොමියුනිස්‌ට්‌ පක්‌ෂය 1943 දී පිහිටුවා ගත් අවස්‌ථාවේදී එහි ආරම්භක සභාපතිවරයා වූයේ ද උඩකැන්දවල සරණංකර හිමිය. භික්‌ෂූන් සංවිධානාත්මකව විශාල වශයෙන් පක්‌ෂ දේශපාලනයට සම්බන්ධ කරගත් වාමාංශික දේශපාලන පක්‌ෂය වන්නේ 1965 බිහි වූ ජනතා විමුක්‌ති පෙරමුණය.

ජවිපෙ 1983 ජුලි තහනමින් පසු 1987 මුල් භාගය වන විට වෘත්තීය සමිති ව්‍යාපාරයේ තරුණ රැඩිකල් කම්කරුවන් සුළු පිරිසක්‌ අතරත් දෙමළ බෙදුම්වාදයට එරෙහි සරසවි සිසුන් සහ තරුණයන් බහුතරයක්‌ අතරත් ජවිපෙ මුළු ශක්‌තියම වාගේ රැඳී තිබිණි. කම්කරුවන් අතර ඒ වෙනුවෙන් 1986 ජුනි 8 ජනතා සටන් පෙරමුණ දෙමටගොඩ වෙළෙඳ සංකීර්ණ භූමියේදී සහ පළාත් සභා යෝජනාවලට එරෙහිවන්නන් සඳහා මවුබිම සුරැකීමේ ව්‍යාපාරය 1986 ජුලි 26 දෙමටගොඩ පාඨානගාර විහාරයේදී ආරම්භ විය. 

ජවිපෙ සිය 2 වැනි කැරලි සමයේදී භික්‌ෂූන් කෙරෙහි වැඩි බරක්‌ යෙදවූයේ ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික සහ 2 වැනි කැරැල්ල අවසානයේ ජවිපෙ නිල නොවන තෙවැනි නායකයා බවට පත්වූ ඩී. එම්. ආනන්ද විසින් භික්‌ෂු අංශය 1986 පෙබරවාරි මස භාර ගැනීමත් සමඟය. ඒ වන විටත් ඩී. එම්. ආනන්ද ජවිපෙ බස්‌නාහිර සහ සබරගමු පළාතේ දේශපාලන ලේකම්වරයා වූ අතර ශිෂ්‍ය, කාන්තා සහ භික්‌ෂු යන පෙරමුණු සංවිධානවලද නායකයා විය. පේරාදෙණිය සරසවියේ ශාස්‌ත්‍රවේදී උපාධිධාරියකු වූ ඩී. එම්. ආනන්ද කලක්‌ නාරද හිමි නමින් පැවිදිව සිටියේය.

වසර 1971 අප්‍රේල් කැරැල්ලේදී ඝාතනයට ලක්‌වූ භික්‌ෂූන් සංඛ්‍යාව 50 කට ආසන්න වූ අතර අත්අඩංගුවට ගත් සංඛ්‍යාව සිය ගණනකි. සමාජවාදී භික්‌ෂු සංගමය ජාතික කමිටු, දිස්‌ත්‍රික්‌ කමිටු සහ ආසන මට්‌ටමින් ක්‍රියාකාරකම් සිදුකළ අතර 1987 වන විට එහි ක්‍රියාකාරික භික්‌ෂු සාමාජික සංඛ්‍යාව 525 ක්‌ පමණ විය. එහෙත් පොදුවේ රට පුරා ජවිපෙ හිතවාදී භික්‌ෂූන් 750 කගේ පමණ සෘජු සහාය හිමි වූ අතර දහස්‌ ගණන් භික්‌ෂූන්ගේ වක්‍රාකාර සහාය ද ජවිපෙට හිමි විය. වසර 1983 පක්‌ෂ තහනමට පෙර ජවිපෙ මැයි පෙළපාලියට සමාජවාදී භික්‌ෂු සංවිධාන බැනරය යටතේ සහභාගි වූ භික්‌ෂූන් සංඛ්‍යාව 550 ක්‌ වේ. 

ජවිපෙ 2 වැනි කැරලි සමයේ අවසාන භාගය වන විට සමාජවාදී භික්‌ෂු සංගමය රහසිගතව ක්‍රියාත්මක වූ අතර එය කුඩහපොල බළකාය මගින් බෞතීස්‌ම කර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අනුගත කර තිබිණි. 

දෙවැනි කැරැල්ලේ ක්‍රියාකාරිකයන් සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීමේදී භික්‌ෂූන්ට විශේෂ උපක්‍රමශීලි සහ සංවිධානාත්මක වාසි රැසක්‌ තිබිණි. සමාජයේ ජීවත්වූ උපාධිධාරී භික්‌ෂූන් එක්‌තරා ආකාරයකි වෘත්තීය බුද්ධිමතුන් පන්තියක්‌ බවටද පත්වී සිටියහ. එම කාල වකවානුව තුළ සංස්‌කෘතික සහ මානව හිමිකම් සුරැකීමේ ක්‍ෂේත්‍රයන්හිදී වැඩි බරක්‌ ඇද්දේ ද ජවිපෙ භික්‌ෂූන් විසිනි. මානව හිතවාදී භික්‌ෂු සංවිධානය මගින් ප්‍රකාශිත විනිවිද මාසික සඟරාව 1987 සහ 1988 යන කාලයේ ජනප්‍රිය සඟරාවක්‌ වූ අතර එක්‌ සඟරාවකින් පිටපත් 62,000 ක්‌ අලෙවි වූ අවස්‌ථාවක්‌ද විය. 

අසූව දශකයේ මුල් භාගයේ මර්ජි, දේශපාලන සිරකරුවන් නිදහස්‌ කර ගැනීමේ ව්‍යාපාරය ඇතුළු බොහෝ මානව හිමිකම් සංවිධාන කතෝලික ව්‍යාපාරයේ අනුග්‍රහය සහ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක විය. එමෙන්ම කතෝලික ව්‍යාපාරයේ නිල සහ නිල නොවන අනුග්‍රහය යටතේ විවිධ සංවිධාන මගින් මාවත, විවරණ, යුක්‌තිය, තරණය, අත්වැල, ප්‍රජාතන්ත්‍රීය, විකල්ප, සංවාද, නිදහස, ඇමතුම, ජන හඬ, සාධාරණය, ශක්‌ති යනුවෙන් සඟරා සහ පත්‍රිකා මාසිකව නිකුත් කෙරිණි. ඩෙස්‌මන් ප්‍රනාන්දු සහ සූරියා වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ප්‍රජා අයිතිවාසිකම් පෙරමුණ පමණක්‌ යම් තරමින් ස්‌වාධීන විය.

මානව හිතවාදී භික්‌ෂු සංවිධානය පිහිටුවීමේ අරමුණ වූයේ මානව හිමිකම් ක්‌ෂේත්‍රයේ ක්‍රියාකාරී වීම සහ මාසික ප්‍රකාශයක්‌ වූ විනිවිද සඟරාව මගින් ජනතාව අතර සංවාදයක්‌ ඇති කිරීමය. එම ක්‌ෂේත්‍රය තුළ කතෝලික ව්‍යාපාරයේ සංවිධානවලට විකල්පයක්‌ වීමය. මෙහි පුරෝගාමී නියමුවන් වූයේ ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, භාතිගම්මන උත්තරානන්ද හිමි, මණ්‌ඩාවල පඤ්ඤානන්ද හිමි, පිටුවල ධම්මකීර්ති හිමි, බුද්ධියාගම චන්දරතන හිමි, ඇතුළු හිමිවරුන් කිහිප දෙනෙකි. ජවිපෙ වෙනුවෙන් විනිවිද සඟරාව පළකළේ උඩුගොඩ සෝරත හිමි සහ එගොඩබැද්දේ ගුණසිරි හිමිය. ඔවුනට සහාය වූයේ ජයවර්ධනපුර සරසවියේ උපාධි අපේක්‌ෂකයකු වූ දික්‌වැල්ලේ සෝරත හිමි ඇතුළු කිහිප දෙනෙකි. චිත්‍ර ශිල්පියා වූයේ මහින්ද බණ්‌ඩාරය. ඔහු ද ඝාතනය විය. එමෙන්ම විනිවිද ලේඛකයකු වූ ප්‍රභාත් කේ. ජිනදාසද බොරැල්ල ගෝතමී විහාරස්‌ථානයේ 1989 සැප්තැම්බර් 17 ආරක්‌ෂක අංශ විසින් පැහැරගෙන යැමෙන් පසු අතුරුදන් විය. රාජගිරියේ බණ්‌ඩාරනායකපුර සහ නාරාහේන්පිට ශ්‍රී මහා බෝධි විහාරය මානව හිතවාදී භික්‌ෂු සංවිධානයේ නාමික මූලස්‌ථාන ලෙස මුල් කාලයේ පිහිටා තිබිණි. පසු කාලයේ එය කොළඹ 08, ගෝතමී විහාරයේ ස්‌ථාපිත විය. ජගත් කීර්තිධර ජෝර්ඡ් කීට්‌ගේ බිතු සිතුවම් හේතුවෙන් සුප්‍රකට ගෝතමී විහාරයේ විහාරාධිපති වූයේ මරදාන මහා බෝධි විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිව සිටි තෙල්වත්තේ නාගිත හිමියන්ය. 

වසර 1986 දෙසැම්බර් වන විට රජයේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ තිබූ පන්සල් සංඛ්‍යාව 8,582 ක්‌ වූ අතර එහි සිටි උපසම්පදා භික්‌ෂූන් සංඛ්‍යාව 14,681 කි. එමෙන්ම සිටි සාමණේර හිමිවරුන් සංඛ්‍යාව 16,741කි. මෙම සියලු භික්‌ෂූන් වහන්සේලා 31,422 ශ්‍රී ලංකාවේ ප්‍රධානම නිකායන් 3 ක්‌ යටතේ පිහිටුවාගෙන ඇති පිළිගත් පාර්ශවයන් 32 කට අයත් විය. ඔවුන් මතවාදීව හැඩගැස්‌වීමෙහිලා මානව හිතවාදී භික්‌ෂු සංවිධානය තීරණාත්මක කාර්යභාරයක්‌ ඉටුකළේය. එමෙන්ම සංස්‌කෘතික ක්‌ෂේත්‍රයේ විවිධ තලයන්හිදී සුවිශේෂ කාර්යභාරයක්‌ කෝ. ආනන්ද හිමි සහ මණ්‌ඩාවල පඤ්ඤාවංශ හිමි විසින් ඉටු කරන ලදී. ආචාර්ය විලේගොඩ හිමි ජාතික මතවාදය ජනතාව අතරට ගෙන යැම සඳහා මවුබිම සුරැකීමේ ව්‍යාපාරය ඇතුළු විවිධ බහුජන ව්‍යාපාරවලට එක්‌ව සිටියහ. මානව අයිතීන් රැකගනිමින් සහ ජාතික සමගිය ඇති කර ගනිමින් ද බෞද්ධ උරුමය සහ දර්ශනය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක්‌ මගින් සමාජ පරිවර්තනයක්‌ ඇති විය යුතු බව මානව හිතවාදී භික්‌ෂු සංවිධානයේ දැක්‌ම විය. 

මානව හිතවාදී භික්‌ෂු සංවිධානයට ප්‍රථම වරට රුපියල් ලක්‌ෂ දෙකක ආධාර මුදලක්‌ මාර්ග ආයතනයේ මැදිහත් වීමෙන් ලෝ ඒෂියා ආයතනයෙන් ලැබිණි. එමෙන්ම ඔස්‌ටේ්‍රලියාවේ රෙඩ්බානා ආයතනයේ අනුග්‍රහයෙන් එහි භික්‌ෂූන් පිරිසක්‌ තායිලන්තයේ සති තුනක පුහුණු වැඩසටහනකට 1985 දී සහභාගී වූහ. සිංහල බෞද්ධ බලවේග සමඟ වැඩ කළ ආචාර්ය සුසන්ත සහ හේමා ගුණතිලක යුවළ පසු කාලයේදී සංවිධානය දිරිගන්වනු ලැබීය. 

විනිවිද සඟරාවේ අප ඊළමට විරුද්ධ ඇයි මැයින් මණ්‌ඩාවල පඤ්ඤාවංශ හිමියන් ලියූ කතු වැකියකට විරුද්ධ වූ කරඹේ ගුණානන්ද හිමියෝ විනිවිද සඟරාවෙන් ඉවත් වූහ. කලකට පසු කරඹේ ගුණානන්ද හිමි උපැවිදි වී මර්ඡ් ආයතනය මගින් ප්‍රකාශිත යුක්‌තිය පුවත්පතට සම්බන්ධ විය. කරුවලගස්‌වැව විජයාරාම විහාරයේ බුද්ධියාගම චන්දරත්න හිමි මෙම සංවිධානයේ සිටියදීම තිස්‌ස බාලසූරිය සහ යොහාන් දේවානන්ද පියතුමාලා සමඟ සමීප සබඳතා පැවැත්වූ හෙයින් එම හිමියන් සමඟ සංවිධානය වැඩවලින් නිල නොවන මට්‌ටමින් බැහැර කරන ලදී. 

ජවිපෙ සමාජවාදී භික්‌ෂු සංගමයට 80 දශකයේ අග භාගයේදී නායකත්වය දුන්නේ අන්තර් විශ්ව විද්‍යාල භික්‌ෂු බලමණ්‌ඩලයේ කැඳවුම්කරු බලහරුවේ සෝම, දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේකම් තාරපේරියේ රතනජෝති, මානව හිතවාදී භික්‌ෂු සංවිධානයේ එගොඩබැද්දේ ගුණසිරි, එක්‌සත් භික්‌ෂු සංගමයේ සභාපති තලකොලවැව චන්ද්‍රරත්න ඇතුළු හිමිවරුන් විසිනි. සමාජවාදී භික්‌ෂු සංගමයේ සෙසු නායකයින් වූයේ කොළඹ සරසවියේ මංගල හිමි, ආනන්ද හිමි, කැලණි සරසවියේ ශාස්‌ත්‍ර පීඨයේ උඩුවෙල ධම්මජෝති ඇතුළු කිහිප දෙනෙකි. එහි ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙක්‌ම ආරක්‌ෂක හමුදා මගින් ඝාතනයට ලක්‌වූ අතර කඩුගන්නාවේ සීවිලි හිමි පොල්ගොල්ලේදී ද, බදුල්ලේ ගුණසිරි හිමි සහ සෝමාලෝක මරාදමා බදුල්ලේ ද සිරුරු හමුවිය. සපුගොල්ලේ ඉන්ද්‍රවිමල හිමි කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන එහි අංක 5 පාරේ ලොකු පාලම අසලට ගෙනැවිත් ඝාතනය කිරීමට සැරසෙද්දී ගඟට පැන දිවි බේරා ගැනිමට උන්වහන්සේ සමත් විය. 

දෙවැනි කැරැල්ල අවසන් වීමට පෙර සමාජවාදී භික්‌ෂු සංගමයේ නායකයකු වන තලකොළවැව චන්දරතන හිමි 1989 ඔක්‌තෝබර් මස රත්නපුරේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු රජයේ රූපවාහිනියේ පෙනී සිටිමින් රජයට භාරවන්නැයි සටන්කාමී භික්‌ෂුන් ගෙන් සහ සරසවි සිසුන් ගෙන් ඉල්ලා සිටියහ. පසුව උන්වහන්සේ ප්‍රේමදාස රජය මගින් නිදහස්‌ කිරීමෙන් අනතුරුව ජපානයට යැමට සමත් විය. එහිදී උපැවිදි වූ ඔහු වර්තමානයේ දෙදරු පියෙකි. නිකවැරටියේ උපන් හෙතෙම ගේ පියා ගොවියෙකු විය.

ජවිපෙ 2වැනි කැරැල්ලේ පරාජයෙන් පසු සමාජවාදී භික්‌ෂු සංගමයේ ජාතික කමිටුවේ ඉතිරි වූ භික්‌ෂූන් වහන්සේලා 12 නමක්‌ ගම්පහ යක්‌කල කෙහෙල්වතුගොඩ පන්සලේදී 1989 දෙසැම්බර් 26 සහ 27 රැස්‌වූහ. ගම්පහ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක ගාමිණී සිල්වාගේ නායකත්වයෙන් 1989 දෙසැම්බර් 27 රාත්‍රී 11ට කෙහෙල්වතුගොඩ පන්සලට පැමිණි කණ්‌ඩායමක්‌ හිමිවරුන් 11ක්‌ අත්අඩංගුවට ගත් අතර එක්‌ හිමිනමක්‌ පලා ගොස්‌ අත්තනගලු ඔයට පැන දින දෙකක්‌ ඔයේ සැඟව සිට 1989 දෙසැම්බර් 29 උදෑසන වේයන්ගොඩ සහ ගම්පහ අතර දාරළුව දුම්රියපල අසලදී දුම්රියට පැන සියදිවි නසා ගැනීමට තැත්කිරීමේදී අවට ගම්වාසීන් විසින් බේරාගෙන ගම්බිම් බලා ආරක්‌ෂිතව පිටත්කර යවන ලදී. හිමිවරුන් හතර දෙනෙක්‌ හැර සෙසු හිමිවරුන් හත් දෙනෙක්‌ නිදහස්‌ කරන ලදී. අත්අඩංගුවට ගත් 4 දෙනා පසුව ඝාතනයට පත්වූ බව කියති.

පසු දින අත්අඩංගුවෙන් නිදහස්‌ කළ පිරිසට බලහරුවේ සෝම, එගොඩබැද්දේ ගුණසිරි සහ තාරපේරියේ රතනජෝති යන හිමිවරුන් අයත් විය. කැලණි සරසවියේ සිටින 540 ක්‌ වූ සරසවි භික්‌ෂූන් වහන්සේලා භික්‌ෂු නේවාසිකාගාරයක්‌ ඉල්ලා 1987 මාර්තු 4 සරසවිය අල්ලා ගත් අතර ජයග්‍රාහීව නිම වූ සටනේ නායකත්වය දැරීම තුළින් බලහරුවේ සෝම හිමි ඉස්‌මතු විය. අන්තර් විශ්වවිද්‍යාලයේ භික්‌ෂු බලමණ්‌ඩලයේ ආරම්භය ද එය විය. 

තාරපේරියේ රතනජෝති හිමිද බ්‍රිතාන්‍යයට ගොස්‌ උපැවිදි වී එහි වාසය කරයි. එගොඩබැද්දේ ගුණසිරි හිමි ලේඛකයාට හදිසියේ හමු වූයේ 1990 ජනවාරි 23 කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ගතවීමට නියමිතව තිබූ තායි ගුවන් සේවයට අයත් යානයකදීය. ලේඛකයා තායිලන්තයට ගියේ එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමුළුවකට සහභාගිවීම සඳහාය. අවසානයේ තමාගේ තාවකාලික නවාතැන තායිලන්තයේ සුලක්‌ ශිවරාක්‌ෂගේ බැවින් හැකියාවක්‌ ඇත්නම් එම ස්‌ථානය සොයා ගෙන එතනට ගෙනයන මෙන් ඉල්ලීමක්‌ ද කළේය. ලේඛකයා එය ඉටු කළේය. මාස කිහිපයකින් පසු ඉතාලියට පැමිණියේය. පසුව උපැවිදි වී මුණසිංහ නමින් වර්තමානයේ ඕස්‌ටේ්‍රලියාවේ ජීවත්වන දෙදරු පියෙකි. 

ජවිපෙ භික්‌ෂු සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ පිටුවල ධම්මකීර්ති හිමි ප්‍රචලිත වූයේ ලෙනින් හාමුදුරුවෝ නමිනි. අසූවේ ජුලි වර්ජනයෙන් 

රැකියාව අහිමි වූ උපාධිධාරියකු වූ උන්වහන්සේ 1989 අගෝස්‌තු 29 කෑගල්ලේදී පැහැරගෙන ගොස්‌ තිරශ්චීන ලෙස ඝාතනයට ලක්‌ විය. එහි තවත් ක්‍රියාකාරිකයකු වූ හික්‌කඩුවේ ගුණසිරි හිමි ජපුර සරසවියේ තෙවැනි වසරේ පැවිදි සිසුවකු මෙන්ම එහි භික්‌ෂු සංගමයේ සභාපතිවරයාය. අගලවත්ත ආසනයේ කෙවිටියාගල කන්දේ වැඩවාසය කළ ගුණසිරි හිමි කැරැල්ලේ පරාජයෙන් පසු පසුබැස ගොස්‌ කැරලිකරුවන් සමඟ වනගත වූ අතර පසුව ආහාර සොයා ගම්මානයකට පැමිණීමේදී අත්අඩංගුවට පත්වී පසුව නිදහස්‌ විය. 

පසුව මිරිහාන පොලිසිය මගින් පැලවත්ත සහ බූස්‌ස කඳවුරේ රඳවා තබා ගන්නා ලදී. උපැවිදි වීමෙන් පසු හික්‌කඩුවේ දසනායක නමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්‌ද වශයෙන් කටයුතු කළ ඔහු වර්තමානයේ ගුරුවරයෙකි. 

ආරක්‌ෂක අංශ ගෝතමී විහාරයට 1988 සැප්තැම්බර් 07 පැමිණ මානව හිතවාදී භික්‌ෂු සංවිධානයට අයත් සියලු ලේඛන සහ බඩු බාහිරාදිය අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී භික්‌ෂූන් 08 දෙනකුද අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් පසු රජය මගින් නිදහස්‌ කරන ලද්දේ බ්‍රිතාන්‍යයේ ඇමිනෙස්‌ටි ආයතනය ආරක්‌ෂක ඇමැතිවරයාගෙන් එසැණින් කරන ලද ඉල්ලීමක්‌ අනුවය. එකල කොළඹ නගරාධිපති රත්නසිරි රාජපක්‌ෂ එහිදී සියලු කටයුතු සම්බන්ධීකරණය කළේය. 

විනිවිද සඟරාවේ කලක්‌ සම සංස්‌කාරකවරයා වූ කෝන්ගස්‌දෙනියේ ආනන්ද හිමියන් භීෂණය හේතුවෙන් ප්‍රංශයට පිටුවහල් විය. එසේම මණ්‌ඩාවල පඤ්ඤාවංශ හිමියන්ද දැන් වැඩ වසනුයේ එක්‌සත් ජනපදයේය. භාතිගම්මන උත්තරානන්ද හිමි නිකවැරටියේ ගොඩනඟන ලද වන අරමක අපිස්‌ දිවියක්‌ ගතකරමින් වර්තමානයේ වැඩ වසති. භාතිගම්මන උත්තරානන්ද හිමියන්ගේ කලා කෘතියක ඡායාරූපයක්‌ ලෝකප්‍රකට නිවුස්‌වීක්‌ සඟරාවේ ද පළවිය. එහි එවැන්නක්‌ පළවූ එකම ලාංකික භික්‌ෂුව උත්තරානන්ද හිමිය. 

සමාජවාදී භික්‌ෂු සංගමයේ මධ්‍යම පුවත්පත වූයේ විමුක්‌ති මගය. එහි නාමික කර්තෘවරයා ධර්මකීර්ති හිමි වූ අතර අදිසි කර්තෘවරයා වූයේ මහාචාර්ය ඩබ්ලිව් එස්‌. කරුණාරත්නය. සංගමය ලෙසින් නිර්මාණය කළ විමුක්‌ති බණ ද අතිශයින් ජනප්‍රිය විය. චක්‍රවර්ති සීහනාද සූත්‍රය, කූටදන්ත සූත්‍රය, අඥන සූත්‍රය ඇසුරින් මෙම විමුක්‌ති ධර්ම බණ දේශනා සකස්‌වූ අතර ජවිපෙ මතවාදය ගෙන යැම සඳහා භික්‌ෂු සංගමයේ සාමාජිකයින් බණ දේශනයන්හිදී එය උපක්‍රමශීලීව භාවිතයට ගත්තේය. පුහුණු වැඩමුළු පරගොඩ රජමහා විහාරය ඇතුළු ස්‌ථාන 7ක පැවැත්විණි. විමුක්‌ති බණ නිර්මාණය කිරීමේ වැඩි ගෞරවය හිමිවන්නේ ආචාර්ය විලේගොඩ අරියදේව හිමිටය. ජවිපෙට 1969 සම්බන්ධ වූ ආචාර්ය අරියදේව හිමි 1983 පක්‌ෂ තහනම දක්‌වා ක්‍රියාකාරී විය. පසුව සමස්‌ත ලංකා ප්‍රගතිශීලී භික්‌ෂු පෙරමුණේ ලේකම් වශයෙන් බහුජන සංවිධාන සමඟ මෑතක්‌ වනතුරු කටයුතු කළේය. එවැනි විමුක්‌ති බණකට එරෙහිව කෑගල්ලේ විහාරස්‌ථානයක දායක සභාවක්‌ විසින් පොලිසියටද පැමිණිල්ලක්‌ කොට තිබිණි.

ජවිපෙ බවට චෝදනා නඟමින් සමාජවාදී භික්‌ෂු සංගමයේ සාමාජිකයින් ඇතුළු රට පුරා ප්‍රගතිශීලී භික්‌ෂූන් දඩයම් කිරීම ඇරඹිණි. අත්අඩංගුවට ගත් භික්‌ෂූන් ගෙන් ඇතමෙකු ඝාතනය කර ටයර් සෑයවල අවසන් ගමන් ගියහ. වධ දීමේ ප්‍රචලිත වූ ධර්මචක්‍ර වධය භික්‌ෂූන් වෙනුවෙන්ම ක්‍රියාත්මක විණි. පවතින මර්දන තත්ත්වයට මුහුණ දීමට නොහැකි වීම නිසා ඇතැම් භික්‌ෂූන් උපැවිදි විය. බොහෝ භික්‌ෂූන් විවිධාකාර වධ හිංසාවන්ට ගොදුරු වී මරණයට පත්විය. ජවිපෙ මගින්ද සිදුකළේ භික්‌ෂුන් මගින් බුදුදහම හදාරා එහි ගැඹුර ප්‍රයෝජනයට ගැනීම නොවේ. පක්‌ෂයේ මතය ජනතාව අතරට ගෙන යැමේ දේශපාලන උපක්‍රමයක්‌ ලෙස භික්‌ෂූන් පාවිච්චි කිරීම පමණි. එහි බරපතළ එල විපාක සමාජයට ගෙන ආවේය. සමාජවාදී භික්‌ෂු සංගමයේ සාමාජිකයන්ගේ අරමුණ නව සමාජයක්‌ බිහිකිරීම වුවද ජවිපෙ සන්නද්ධ අංශයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජවිපෙ දේශපාලන සම්ප්‍රදාය තුළ වැදගත්ම අංග ලක්‌ෂණයක්‌ වූ පක්‌ෂ සංස්‌කෘතිය සහ ජීවන විලාසය එදා උඩු යටිකුරු විය. 

අවසානයේ තමන්ට එරෙහිව පමණක්‌ නොව එජාපයට සහ සෙසු වාමාංශික පක්‌ෂවලට සහාය දුන් භික්‌ෂූන්ද ඝාතනය කිරීමට කැරලිකරුවන් කටයුතු කළේය. එසේ ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් දෙවැනි කැරලි සමයේදී එනම් 1986 සිට 1990 දක්‌වා එසේ ඝාතනය කරන ලද බෞද්ධ භික්‌ෂූන් සංඛ්‍යාව 41 කි. කතෝලික පූජකවරුන් සංඛ්‍යාව 2කි. ආණ්‌ඩුවේ ආරක්‌ෂක අංශ සහ අතුරු හමුදා කණ්‌ඩායම් මගින් ඝාතනය කරන ලද බෞද්ධ භික්‌ෂූන්ගේ සංඛ්‍යාව 681කි. මේ අනුව ජවිපෙ 2 වැනි කැරලි සමයේදී ඝාතනයට ලක්‌වූ පූජකවරුන් ගේ සංඛ්‍යාව 724 ක්‌ වන අතර ඉන් 722 ක්‌ බෞද්ධ භික්‌ෂූන්ය. 

ජවිපෙ මගින් ඝාතනය කළ භික්‌ෂූන් 41 දෙනා අතර සිටි නායක හිමිවරුන් අතර කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක පොහොද්දරමුල්ලේ පේමාලෝක හිමි, ප්‍රකට ධර්ම කථික කොටිකාවත්තේ සද්ධාතිස්‌ස හිමි, මාතර වැල්ලෙතොට පඤ්ඤාදස්‌සි හිමි සහ මිද්දෙණියේ පුරාණ විහාරාධිපති බෙලිගල්ලේ මහින්ද හිමිද වෙති. 

පනාගොඩ හමුදා කඳවුරේ බෝධිරාජ විහාරයේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරයා වූ හබරකඩ ධර්මාශ්‍රම විහාරාධිපති වල්අඹගම පඤ්ඤාසාර හිමියෝද ජවිපෙ මගින් 1988දී ඝාතනය කළේ හමුදා නිලධාරීන්ගේ දරුවන්ට දහම් පාසල නොපවත්වන ලෙසට කළ ඉල්ලීම ඉටු නොකළ බැවිනි. උන් වහන්සේගේ ආදාහන කටයුතු ද තහනම් කළ අතර දේහය තබා තිබුණේ පනාගොඩ ධර්ම ශාලාවේය. එදිනම හබරකඩ ප්‍රකට වෛද්‍යවරයකු වූ ආරියරත්නද ඝාතනය කර තිබිණි. 

එකල කැරලිකරුවන් විසින් මරා දමන ලද අයගේ අවසන් කටයුතු කරන ආකාරය පිළිබඳව විධාන පනවා තිබිණි. අවසන් කටයුතු උත්සවයකින් තොරව සිදුකළ යුතු අතර ආගමික වතාවත් සඳහා සහභාගි කරගත හැකි වූයේ භික්‌ෂූන් වහන්සේලා උපරිම දෙකකි. දේහය ඔසවාගෙන යැමේදී එය පොළවේ මට්‌ටමින් අඩියකට වඩා ඉහළට ඔසවා නොගත යුතුය. අවසාන කටයුතු සඳහා සහභාගි විය හැකි උපරිම ගණන 10 කි. මෙම නීති පිළිනොපදින අයට දැඩි දඬුවම් පැනවූ බවට වාර්තා විය. 

ප්‍රකට ධර්ම කථිකයකු සහ එජාප හිතවාදී භික්‌ෂුවක්‌වූ කොටිකාවත්තේ සද්ධාතිස්‌ස හිමි ඝාතනය කරන ලද්දේ 1989 අගෝස්‌තු 3 පන්සල තුළදීමය. මාතර වැල්ලෙතොට පඤ්ඤාදස්‌සි හිමි 1989 අගෝස්‌තු 30 ඝාතනය කරන ලද්දේ කිතලගමුව විහාරයේදීය. මිද්දෙණියේ පුරාණ විහාරාධිපති බෙලිගල්ලේ මහින්ද හිමි ඝාතනය කළේ 1989 මැයි 28 ය. මහින්ද හිමිගේ ඝාතනයට හේතුව වූයේ පළාත් සභා පනතට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයකදී එයට පැමිණ සෙත් පිරිත් කියන ලෙසට කරන ඉල්ලීම ප්‍රතික්‌ෂේප කිරීම හේතුවෙනි. කුරුණෑගල ගොවි අරගලවලට ක්‍රියාකාරීව දායක වූ රෑද්දගොඩ සරණංකර හිමිද ඝාතනය විය. 

ජවිපෙ විසින් ඝාතනය කළ භික්‌ෂූන් අතර පහත හිමිවරුන් ද විය. ඒ අනුව මිහින්තලය විහාරයේ කුඹගොඩ ඥාණාලෝක හිමි 1987 ජුලි 11, මාරඹේ සෝමරතන හිමි 1988 දෙසැම්බර් 31, අඟුණකොලපැලැස්‌සේ උපාලි හිමි 1989 ජනවාරි 7, පල්ලම විහාරයේ හේමාලෝක නන්දිමිත්‍ර හිමි 1989 අගොස්‌තු 04, අතුරුගිරිය විහාරයේ ව. පඤ්ඤාතිස්‌ස හිමි 1989 අගොස්‌තු 13, රජමහ විහාරවාසී සොරගුණේ පඤ්ඤාසාර හිමි 1989 අගෝස්‌තු 20, කිරවනාගම පඤ්ඤාරාම හිමි 1989 අගොස්‌තු 27, ජයසුමනාරමයේ පැල්පොල ධර්මපාල හිමි 1989 සැප්තැම්බර් 04, ශ්‍රී සුදර්ශනාරාමයේ මුදිත හිමි 1989 සැප්තැම්බර් 05, බෝධිරාජාරාමයේ කහව විමලසිරි හිමි 1989 සැප්තැම්බර් 09, බඹරගල විහාරයේ මහනුවර ධර්මරක්‌ත හිමි 1989 සැප්තැම්බර් 18දා ඝාතනයට ලක්‌වූහ.

එමෙන්ම මාවෙලගම රජමහා විහාරයේ ගෝවුන්නේ රතනජෝති හිමි 1989 සැප්තැම්බර් 20, තිරාණගම රතනසාර හිමි 1989 සැප්තැම්බර් 29, තාඹුගල ආනන්දසිරි හිමි 1989 ඔක්‌තෝබර් 13, ශ්‍රී බෙත්තාරාම විහාරයේ දික්‌පිටියේ අංගීරස හිමි 1989 ඔක්‌තෝබර් 05, කළුතර ධම්මරතන හිමි 1989 ඔක්‌තෝබර් 12, දංගොල්ල විහාරයේ හොරඹාව විමලකීර්ති හිමි 1989 ඔක්‌තෝබර් 20, දෙලිවල විහාරයේ නිකපිටියේ සිද්ධාර්ථ හිමි 1989 ඔක්‌තෝබර් 30, මංගලගම පිරිවණේ මොලගොඩ ඩී. ගුණවංශ හිමි 1989 නොවැම්බර් 05, වියනෙලිය විහාරයේ වැලිපිටියේ පඤ්ඤාතිස්‌ස හිමි, 1989 නොවැම්බර් 29, මෙද්පිටිය විහාරයේ බමුණුපොත සෝමරතන හිමි, 1989 දෙසැම්බර් 10, වැවුරුකන්නල විහාරයේ පඤ්ඤානන්ද හිමි 1989 දෙසැම්බර් 11, කුළුඹුලන්ද විහාරයේ අඹේවල චන්ද්‍රජෝති හිමි 1989 දෙසැම්බර් 12, උභයාරාමයේ රැකව පඤ්ඤාසිද්ධි හිමි 1989 දෙසැම්බර් 16 යන දිනයේදී ද ජවිපෙ අතින් ඝාතනයට ලක්‌වී තිබිණි.

කැරලිකරුවන් මගින් ඝාතනයට ලක්‌වූ ක්‍රිස්‌තියානි පූජකවරුන් සංඛ්‍යාව 2කි. ඒ කතරගම බුත්තල අළුකාවිල සුබසෙත් ගෙදර මයිකල් පෝල් රොඩ්රිගූ පියතුමා 1987 නොවැම්බර් 10 රාත්‍රී 7.30 ට ඝාතනයට ලක්‌වු අතර එයට හේතුව වූයේ දෙමළ බෙදුම්වාදයට සහාය ලබාදෙන බවට චෝදනා ලත් කණ්‌ඩායම් සමඟ එක්‌ව කටයුතු කිරීමය. බුත්තල මයිකල් පියතුමාගේ වගකීම රණහඬ ගුවන් විදුලිය මගින් 1988 පෙබරවාරි භාරගෙන තිබිණි. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ මයිකල් පියතුමා බුත්තල ප්‍රදේශයේ ළමා අධ්‍යාපනය නැංවීමෙහිලාද, ගොවීන් අතර ද වැඩ කිරීම පිළිබඳව ප්‍රචලිතව සිටි අයෙකි. විශේෂයෙන් කුරුණෑගල සිට ක්‍රියාත්මක වූ ජනතා සංගමයේ වැඩසටහන් සමඟ මයිකල් පියතුමා ක්‍රියාකාරි සහාය දුන් බවට චෝදනාවක්‌ විය. 

තිස්‌සමහාරාමයේ ලංකා දේව සභාවේ පී. ලයනල් ජයසිංහ දේවගැතිතුමා කැරලිකරුවන මගින් ඝාතනය කරන ලද්දේ 1988 මාර්තු 25 රාත්‍රි 8.45 ටය. දේවගැතිතුමාගේ බිරිඳ ලලානි වූ අතර පුතා ශමිල් එම්මානුවෙල්ට එම සිද්ධිය වන විට වයස මාස 11කි. කතෝලික සභාව යටතේ ලංකා දේව සභාව 1914 ශ්‍රී ලංකාවේ ඇරඹූ අතර එම සභාවන් 502ක්‌ රටපුරා ස්‌ථාපිත කර ඇත. එම සභාව ප්‍රචලිත කිරීමේ පුරෝගාමියෙක්‌ වන්නේ බෝල්ටන් වික්‍රමරත්නය. තිස්‌සමහාරාමයේ කතෝලික දේව සභාවට පුද්ගලයන් 1,500 ක්‌ සම්බන්ධ වී සිටින අතර හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය පුරා එහි අනුගාමිකයන් සංඛ්‍යාව 5,000 කට ආසන්නය.

තිස්‌සමහාරාමයේ සේදවත්ත ගමට 1980දී ජයසිංහ දේවගැතිතුමා පැමිණි අතර ඔහු අවට ගම්වාසීන් සමඟ ප්‍රජා කටයුතු ගණනාවක නිරත විය. කැරලිකරුවන් විසින් නිවසට පැමිණ දොර විවෘත කරගෙන වෙඩි තැබූ අතර එම වෙඩි පහර කාගෙන කාමරයට දුවවිත් වාඩිවී තිබිණි. එහිදී යළි පැමිණි ඝාතකයන් දෙදෙනා පිහියකින් පපුවට ඇන මුහුණට වෙඩි තබන ලදී. තිස්‌සමහාරාම රෝහලට ගෙන යන විටත් දේවගැති ජයසිංහ මියගොස්‌ තිබිණි. ඔහුගේ දේහය තිස්‌සමහාරාම පොදු සුසාන භූමියේදී 1988 මාර්තු 28 භූමදානය කෙරිණි. 

කැරලිකරුවන් මගින් 1989 පෙබරවාරි 9 මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පොලිස්‌ මුරපළට ප්‍රහාරයක්‌ එල්ල කර ආයුධ කිහිපයක්‌ පැහැරගත් අතර කැරලිකරුවන් 2 මරණයට පත්විය. සිවිල් වැසියන් තිදෙනකුට බරපතළ තුවාල සිදුවිය. එම ප්‍රහාරයට මාතලේ ගංගා, නදීකා, මංගලිකා, ලිලන්ති සහ වීරසිංහ යන කාන්තාවන් 5 දෙනා ඇතුළු සාමාජිකයන් 11 දෙනෙකු සහභාගි වූහ. ප්‍රහාරයට සහභාගි වූ කාන්තාවන් කිහිප දෙනකු පසුව අත්අඩංගුවට ගෙන වසර ගණනාවක්‌ රිමාන්ඩ් බන්ධනාගාරගත වීමෙන් පසු නිදහස්‌ විය. 

මානව හිතවාදී භික්‌ෂු සංවිධානය එම දැඩි මර්දනකාරී තත්ත්වයන් යටතේ 1989 අගෝස්‌තු දක්‌වා රට පුරා විවිධ තැන්වල ස්‌ථානගත වෙමින් ක්‍රියාකාරී වූහ. මානව හිමිකම් කඩවීම පිළිබඳ වාර්තා, ඡායාරූප සහ දත්තයන් දේශීය සහ විදේශීය මානව හිමිකම් සංවිධානවලට එමගින් දෛනිකව යොමු කරන ලදී. එසේම අත්අඩංගුවට ගත් අයගේ අයිතීන් වෙනුවෙන් හබයා කෝපුස්‌ පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා නිතිඥයන් ඉදිරිපත් කළේය. 

මානව හිතවාදී භික්‌ෂු සංගමයේ ක්‍රියාකාරකම් 1989 වසරේ මැද භාගයේ අඩපණ වන විට එයට සමාන්තරව ජවිපෙ විසින් මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එය 1989 මැද භාගය වන විට එය ඉතා ක්‍රියාශීලී තත්ත්වයකට පත් විය. කැලණි සරසවියේ විද්‍යාපීඨ දෙවැනි වසරේ සිසුවකු සහ කොළඹ නීති විද්‍යාලයේ ප්‍රථම වසරේ සිසුවකු වූ ගැමුණු යසස්‌ සෙනෙවිරත්න එහි ලේකම් විය. පසුව ගැමුණු යසස්‌ද 1989 දෙසැම්බර් 10 බොරැල්ලේ කොටා රෝඩ්හි ටර්නර් පාර අසලදී පැහැර ගත් අතර පසුව ඝාතනයට ලක්‌ විය. මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සභාපති වූයේ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසු උදේනි බන්දුල දිසානායකය. උදේනි ද බෞද්ධාලෝක මාවතේ රහසිගත නිවසක වධ බන්ධනවලට ලක්‌වීමෙන් අනතුරුව 1990 ජනවාරි 28 ඝාතනයට පත්විය. බහුජනයා තුළ ආගමික ශ්‍රද්ධාව පවතින තාක්‌කල් ඔවුන් කෙරේවන භික්‌ෂූන් ඇතුළු පූජකයන්ගේ බලපෑම නොවැලැක්‌විය හැකිය. භික්‌ෂූන් ජනතාව සමඟ සමීප සම්බන්ධතා පවත්වන තාක්‌කල් දේශපාලන සහ සමාජ ව්‍යාපාරවලට ඔවුන් ඇදී ඒමද නොවැලැක්‌විය හැකිය. (ජවිපෙ 2 වැනි කැරළි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011 - 5234384 ලබාගත හැකිය.)

http://www.divaina.com/2017/09/03/feature01.html