මානව හිතවාදී භික්‌ෂු සංවිධානය පිහිටුවීමේ අරමුණ වූයේ මානව හිමිකම් ක්‌ෂේත්‍රයේ ක්‍රියාකාරී වීම සහ මාසික ප්‍රකාශයක් වූ විනිවිද සඟරාව මගින් ජනතාව අතර සංවාදයක් ඇති කිරීමය. එම ක්‌ෂේත්‍රය තුළ කතෝලික ව්‍යාපාරයේ සංවිධානවලට විකල්පයක් වීමය. මෙහි පුරෝගාමී නියමුවන් වූයේ ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, භාතිගම්මන උත්තරානන්ද හිමි, මණ්‌ඩාවල පඤ්ඤානන්ද හිමි, පිටුවල ධම්මකීර්ති හිමි, බුද්ධියාගම චන්දරතන හිමි ඇතුළු හිමිවරුන් කිහිප දෙනෙකි. ජවිපෙ වෙනුවෙන් විනිවිද සඟරාව පළකළේ උඩුගොඩ සෝරත හිමි සහ එගොඩබැද්දේ ගුණසිරි හිමිය. ඔවුනට සහාය වූයේ ජයවර්ධනපුර සරසවියේ උපාධි අපේක්‌ෂකයකු වූ දික්‌වැල්ලේ සෝරත හිමි ඇතුළු කිහිප දෙනෙකි. චිත්‍ර ශිල්පියා වූයේ මහින්ද බණ්‌ඩාරය. ඔහු ද ඝාතනය විය. එමෙන්ම විනිවිද ලේඛකයකු වූ ප්‍රභාත් කේ. ජිනදාසද බොරැල්ල ගෝතමී විහාරස්‌ථානයේ 1989 සැප්තැම්බර් 17 ආරක්‌ෂක අංශ විසින් පැහැරගෙන යැමෙන් පසු අතුරුදන් විය.
<--- මවුබිම සුරැකිමේ ව්‍යාපාරයේ අදිසි නායකයෙකු වූ පිටුවල ධර්මකීර්ති හිමි නොහොත් ලෙනින් හාමුදුරුවෝ 1989 අගෝස්‌තු 29 ඝාතනය කිරීමෙන් පසු කම්පාවට පත් දායකයන්....
ලන්දේසි පාලන සමයේ දී පමණක් නොව බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව මහජන පෙළඹීම සඳහා සිදුවූ කැරලි සහ කුමන්ත්‍රණ වලදී ඒවායේ ක්‍රියාශිලී නියෝජිතයෝ වූයේද භික්‌ෂූන්ය. වසර 1818 කැරැල්ලේ ප්‍රධාන වැඩ කොටසක් ඉටුකළ ඉහගම රතනපාල හිමි කැරැල්ලේදී තම සිවුරු ඉවත දමා අවි අමෝරාගෙන විශාල පිරිසකගේ පෙරමුණ ගත්තේය. ජවිපෙ 71 කැරැල්ලේදී සහ 1986-1990 දෙවැනි කැරැල්ලේද එය සිදු විය. ඔවුහු සමාජවාදී භික්‌ෂු සංගමය, මානව හිතවාදී භික්‌ෂු සංවිධානය, අන්තර් විශ්වවිද්‍යාල භික්‌ෂු බලමණ්‌ඩලය සහ දේශප්‍රේමී භික්‌ෂු සංවිධානයේ සාමාජිකයන් හෝ හිතවතුන් වූහ.
ලාංකීය වාමාංශික දේශපාලන පක්‌ෂ තුළ ද මුලසිටම දේශපාලන භික්‌ෂූන් ක්‍රියාත්මක වූහ. එය 1935 දෙසැම්බර් 18 ලංකා සම සමාජ පක්‌ෂය ආරම්භයේ සිට සිදු විය. ලංකා කොමියුනිස්‌ට් පක්‌ෂය 1943 දී පිහිටුවා ගත් අවස්‌ථාවේදී එහි ආරම්භක සභාපතිවරයා වූයේ ද උඩකැන්දවල සරණංකර හිමිය. භික්‌ෂූන් සංවිධානාත්මකව විශාල වශයෙන් පක්‌ෂ දේශපාලනයට සම්බන්ධ කරගත් වාමාංශික දේශපාලන පක්‌ෂය වන්නේ 1965 බිහි වූ ජනතා විමුක්‌ති පෙරමුණය.
ජවිපෙ 1983 ජුලි තහනමින් පසු 1987 මුල් භාගය වන විට වෘත්තීය සමිති ව්‍යාපාරයේ තරුණ රැඩිකල් කම්කරුවන් සුළු පිරිසක් අතරත් දෙමළ බෙදුම්වාදයට එරෙහි සරසවි සිසුන් සහ තරුණයන් බහුතරයක් අතරත් ජවිපෙ මුළු ශක්‌තියම වාගේ රැඳී තිබිණි. කම්කරුවන් අතර ඒ වෙනුවෙන් 1986 ජුනි 8 ජනතා සටන් පෙරමුණ දෙමටගොඩ වෙළෙඳ සංකීර්ණ භූමියේදී සහ පළාත් සභා යෝජනාවලට එරෙහිවන්නන් සඳහා මවුබිම සුරැකීමේ ව්‍යාපාරය 1986 ජුලි 26 දෙමටගොඩ පාඨානගාර විහාරයේදී ආරම්භ විය.
ජවිපෙ සිය 2 වැනි කැරලි සමයේදී භික්‌ෂූන් කෙරෙහි වැඩි බරක් යෙදවූයේ ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික සහ 2 වැනි කැරැල්ල අවසානයේ ජවිපෙ නිල නොවන තෙවැනි නායකයා බවට පත්වූ ඩී. එම්. ආනන්ද විසින් භික්‌ෂු අංශය 1986 පෙබරවාරි මස භාර ගැනීමත් සමඟය. ඒ වන විටත් ඩී. එම්. ආනන්ද ජවිපෙ බස්‌නාහිර සහ සබරගමු පළාතේ දේශපාලන ලේකම්වරයා වූ අතර ශිෂ්‍ය, කාන්තා සහ භික්‌ෂු යන පෙරමුණු සංවිධානවලද නායකයා විය. පේරාදෙණිය සරසවියේ ශාස්‌ත්‍රවේදී උපාධිධාරියකු වූ ඩී. එම්. ආනන්ද කලක් නාරද හිමි නමින් පැවිදිව සිටියේය.
වසර 1971 අප්‍රේල් කැරැල්ලේදී ඝාතනයට ලක්‌වූ භික්‌ෂූන් සංඛ්‍යාව 50 කට ආසන්න වූ අතර අත්අඩංගුවට ගත් සංඛ්‍යාව සිය ගණනකි. සමාජවාදී භික්‌ෂු සංගමය ජාතික කමිටු, දිස්‌ත්‍රික් කමිටු සහ ආසන මට්‌ටමින් ක්‍රියාකාරකම් සිදුකළ අතර 1987 වන විට එහි ක්‍රියාකාරික භික්‌ෂු සාමාජික සංඛ්‍යාව 525 ක් පමණ විය. එහෙත් පොදුවේ රට පුරා ජවිපෙ හිතවාදී භික්‌ෂූන් 750 කගේ පමණ සෘජු සහාය හිමි වූ අතර දහස් ගණන් භික්‌ෂූන්ගේ වක්‍රාකාර සහාය ද ජවිපෙට හිමි විය. වසර 1983 පක්‌ෂ තහනමට පෙර ජවිපෙ මැයි පෙළපාලියට සමාජවාදී භික්‌ෂු සංවිධාන බැනරය යටතේ සහභාගි වූ භික්‌ෂූන් සංඛ්‍යාව 550 ක් වේ.
ජවිපෙ 2 වැනි කැරලි සමයේ අවසාන භාගය වන විට සමාජවාදී භික්‌ෂු සංගමය රහසිගතව ක්‍රියාත්මක වූ අතර එය කුඩහපොල බළකාය මගින් බෞතීස්‌ම කර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට අනුගත කර තිබිණි.
දෙවැනි කැරැල්ලේ ක්‍රියාකාරිකයන් සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීමේදී භික්‌ෂූන්ට විශේෂ උපක්‍රමශීලි සහ සංවිධානාත්මක වාසි රැසක් තිබිණි. සමාජයේ ජීවත්වූ උපාධිධාරී භික්‌ෂූන් එක්‌තරා ආකාරයකි වෘත්තීය බුද්ධිමතුන් පන්තියක් බවටද පත්වී සිටියහ. එම කාල වකවානුව තුළ සංස්‌කෘතික සහ මානව හිමිකම් සුරැකීමේ ක්‍ෂේත්‍රයන්හිදී වැඩි බරක් ඇද්දේ ද ජවිපෙ භික්‌ෂූන් විසිනි. මානව හිතවාදී භික්‌ෂු සංවිධානය මගින් ප්‍රකාශිත විනිවිද මාසික සඟරාව 1987 සහ 1988 යන කාලයේ ජනප්‍රිය සඟරාවක් වූ අතර එක් සඟරාවකින් පිටපත් 62,000 ක් අලෙවි වූ අවස්‌ථාවක්‌ද විය.
අසූව දශකයේ මුල් භාගයේ මර්ජි, දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය ඇතුළු බොහෝ මානව හිමිකම් සංවිධාන කතෝලික ව්‍යාපාරයේ අනුග්‍රහය සහ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක විය. එමෙන්ම කතෝලික ව්‍යාපාරයේ නිල සහ නිල නොවන අනුග්‍රහය යටතේ විවිධ සංවිධාන මගින් මාවත, විවරණ, යුක්‌තිය, තරණය, අත්වැල, ප්‍රජාතන්ත්‍රීය, විකල්ප, සංවාද, නිදහස, ඇමතුම, ජන හඬ, සාධාරණය, ශක්‌ති යනුවෙන් සඟරා සහ පත්‍රිකා මාසිකව නිකුත් කෙරිණි. ඩෙස්‌මන් ප්‍රනාන්දු සහ සූරියා වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ප්‍රජා අයිතිවාසිකම් පෙරමුණ පමණක් යම් තරමින් ස්‌වාධීන විය.
මානව හිතවාදී භික්‌ෂු සංවිධානය පිහිටුවීමේ අරමුණ වූයේ මානව හිමිකම් ක්‌ෂේත්‍රයේ ක්‍රියාකාරී වීම සහ මාසික ප්‍රකාශයක් වූ විනිවිද සඟරාව මගින් ජනතාව අතර සංවාදයක් ඇති කිරීමය. එම ක්‌ෂේත්‍රය තුළ කතෝලික ව්‍යාපාරයේ සංවිධානවලට විකල්පයක් වීමය. මෙහි පුරෝගාමී නියමුවන් වූයේ ආචාර්ය විලේගොඩ අරියදේව හිමි, භාතිගම්මන උත්තරානන්ද හිමි, මණ්‌ඩාවල පඤ්ඤානන්ද හිමි, පිටුවල ධම්මකීර්ති හිමි, බුද්ධියාගම චන්දරතන හිමි, ඇතුළු හිමිවරුන් කිහිප දෙනෙකි. ජවිපෙ වෙනුවෙන් විනිවිද සඟරාව පළකළේ උඩුගොඩ සෝරත හිමි සහ එගොඩබැද්දේ ගුණසිරි හිමිය. ඔවුනට සහාය වූයේ ජයවර්ධනපුර සරසවියේ උපාධි අපේක්‌ෂකයකු වූ දික්‌වැල්ලේ සෝරත හිමි ඇතුළු කිහිප දෙනෙකි. චිත්‍ර ශිල්පියා වූයේ මහින්ද බණ්‌ඩාරය. ඔහු ද ඝාතනය විය. එමෙන්ම විනිවිද ලේඛකයකු වූ ප්‍රභාත් කේ. ජිනදාසද බොරැල්ල ගෝතමී විහාරස්‌ථානයේ 1989 සැප්තැම්බර් 17 ආරක්‌ෂක අංශ විසින් පැහැරගෙන යැමෙන් පසු අතුරුදන් විය. රාජගිරියේ බණ්‌ඩාරනායකපුර සහ නාරාහේන්පිට ශ්‍රී මහා බෝධි විහාරය මානව හිතවාදී භික්‌ෂු සංවිධානයේ නාමික මූලස්‌ථාන ලෙස මුල් කාලයේ පිහිටා තිබිණි. පසු කාලයේ එය කොළඹ 08, ගෝතමී විහාරයේ ස්‌ථාපිත විය. ජගත් කීර්තිධර ජෝර්ඡ් කීට්‌ගේ බිතු සිතුවම් හේතුවෙන් සුප්‍රකට ගෝතමී විහාරයේ විහාරාධිපති වූයේ මරදාන මහා බෝධි විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිව සිටි තෙල්වත්තේ නාගිත හිමියන්ය.
වසර 1986 දෙසැම්බර් වන විට රජයේ සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාවේ තිබූ පන්සල් සංඛ්‍යාව 8,582 ක් වූ අතර එහි සිටි උපසම්පදා භික්‌ෂූන් සංඛ්‍යාව 14,681 කි. එමෙන්ම සිටි සාමණේර හිමිවරුන් සංඛ්‍යාව 16,741කි. මෙම සියලු භික්‌ෂූන් වහන්සේලා 31,422 ශ්‍රී ලංකාවේ ප්‍රධානම නිකායන් 3 ක් යටතේ පිහිටුවාගෙන ඇති පිළිගත් පාර්ශවයන් 32 කට අයත් විය. ඔවුන් මතවාදීව හැඩගැස්‌වීමෙහිලා මානව හිතවාදී භික්‌ෂු සංවිධානය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළේය. එමෙන්ම සංස්‌කෘතික ක්‌ෂේත්‍රයේ විවිධ තලයන්හිදී සුවිශේෂ කාර්යභාරයක් කෝ. ආනන්ද හිමි සහ මණ්‌ඩාවල පඤ්ඤාවංශ හිමි විසින් ඉටු කරන ලදී. ආචාර්ය විලේගොඩ හිමි ජාතික මතවාදය ජනතාව අතරට ගෙන යැම සඳහා මවුබිම සුරැකීමේ ව්‍යාපාරය ඇතුළු විවිධ බහුජන ව්‍යාපාරවලට එක්‌ව සිටියහ. මානව අයිතීන් රැකගනිමින් සහ ජාතික සමගිය ඇති කර ගනිමින් ද බෞද්ධ උරුමය සහ දර්ශනය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් මගින් සමාජ පරිවර්තනයක් ඇති විය යුතු බව මානව හිතවාදී භික්‌ෂු සංවිධානයේ දැක්‌ම විය.
මානව හිතවාදී භික්‌ෂු සංවිධානයට ප්‍රථම වරට රුපියල් ලක්‌ෂ දෙකක ආධාර මුදලක් මාර්ග ආයතනයේ මැදිහත් වීමෙන් ලෝ ඒෂියා ආයතනයෙන් ලැබිණි. එමෙන්ම ඔස්‌ටේ්‍රලියාවේ රෙඩ්බානා ආයතනයේ අනුග්‍රහයෙන් එහි භික්‌ෂූන් පිරිසක් තායිලන්තයේ සති තුනක පුහුණු වැඩසටහනකට 1985 දී සහභාගී වූහ. සිංහල බෞද්ධ බලවේග සමඟ වැඩ කළ ආචාර්ය සුසන්ත සහ හේමා ගුණතිලක යුවළ පසු කාලයේදී සංවිධානය දිරිගන්වනු ලැබීය.
විනිවිද සඟරාවේ අප ඊළමට විරුද්ධ ඇයි මැයින් මණ්‌ඩාවල පඤ්ඤාවංශ හිමියන් ලියූ කතු වැකියකට විරුද්ධ වූ කරඹේ ගුණානන්ද හිමියෝ විනිවිද සඟරාවෙන් ඉවත් වූහ. කලකට පසු කරඹේ ගුණානන්ද හිමි උපැවිදි වී මර්ඡ් ආයතනය මගින් ප්‍රකාශිත යුක්‌තිය පුවත්පතට සම්බන්ධ විය. කරුවලගස්‌වැව විජයාරාම විහාරයේ බුද්ධියාගම චන්දරත්න හිමි මෙම සංවිධානයේ සිටියදීම තිස්‌ස බාලසූරිය සහ යොහාන් දේවානන්ද පියතුමාලා සමඟ සමීප සබඳතා පැවැත්වූ හෙයින් එම හිමියන් සමඟ සංවිධානය වැඩවලින් නිල නොවන මට්‌ටමින් බැහැර කරන ලදී.
ජවිපෙ සමාජවාදී භික්‌ෂු සංගමයට 80 දශකයේ අග භාගයේදී නායකත්වය දුන්නේ අන්තර් විශ්ව විද්‍යාල භික්‌ෂු බලමණ්‌ඩලයේ කැඳවුම්කරු බලහරුවේ සෝම, දේශප්‍රේමි ශිෂ්‍ය ව්‍යාපාරයේ ලේකම් තාරපේරියේ රතනජෝති, මානව හිතවාදී භික්‌ෂු සංවිධානයේ එගොඩබැද්දේ ගුණසිරි, එක්‌සත් භික්‌ෂු සංගමයේ සභාපති තලකොලවැව චන්ද්‍රරත්න ඇතුළු හිමිවරුන් විසිනි. සමාජවාදී භික්‌ෂු සංගමයේ සෙසු නායකයින් වූයේ කොළඹ සරසවියේ මංගල හිමි, ආනන්ද හිමි, කැලණි සරසවියේ ශාස්‌ත්‍ර පීඨයේ උඩුවෙල ධම්මජෝති ඇතුළු කිහිප දෙනෙකි. එහි ක්‍රියාකාරිකයින් කිහිප දෙනෙක්‌ම ආරක්‌ෂක හමුදා මගින් ඝාතනයට ලක්‌වූ අතර කඩුගන්නාවේ සීවිලි හිමි පොල්ගොල්ලේදී ද, බදුල්ලේ ගුණසිරි හිමි සහ සෝමාලෝක මරාදමා බදුල්ලේ ද සිරුරු හමුවිය. සපුගොල්ලේ ඉන්ද්‍රවිමල හිමි කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන එහි අංක 5 පාරේ ලොකු පාලම අසලට ගෙනැවිත් ඝාතනය කිරීමට සැරසෙද්දී ගඟට පැන දිවි බේරා ගැනිමට උන්වහන්සේ සමත් විය.
දෙවැනි කැරැල්ල අවසන් වීමට පෙර සමාජවාදී භික්‌ෂු සංගමයේ නායකයකු වන තලකොළවැව චන්දරතන හිමි 1989 ඔක්‌තෝබර් මස රත්නපුරේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු රජයේ රූපවාහිනියේ පෙනී සිටිමින් රජයට භාරවන්නැයි සටන්කාමී භික්‌ෂුන් ගෙන් සහ සරසවි සිසුන් ගෙන් ඉල්ලා සිටියහ. පසුව උන්වහන්සේ ප්‍රේමදාස රජය මගින් නිදහස් කිරීමෙන් අනතුරුව ජපානයට යැමට සමත් විය. එහිදී උපැවිදි වූ ඔහු වර්තමානයේ දෙදරු පියෙකි. නිකවැරටියේ උපන් හෙතෙම ගේ පියා ගොවියෙකු විය.
ජවිපෙ 2වැනි කැරැල්ලේ පරාජයෙන් පසු සමාජවාදී භික්‌ෂු සංගමයේ ජාතික කමිටුවේ ඉතිරි වූ භික්‌ෂූන් වහන්සේලා 12 නමක් ගම්පහ යක්‌කල කෙහෙල්වතුගොඩ පන්සලේදී 1989 දෙසැම්බර් 26 සහ 27 රැස්‌වූහ. ගම්පහ මූලස්‌ථාන පොලිස් පරීක්‌ෂක ගාමිණී සිල්වාගේ නායකත්වයෙන් 1989 දෙසැම්බර් 27 රාත්‍රී 11ට කෙහෙල්වතුගොඩ පන්සලට පැමිණි කණ්‌ඩායමක් හිමිවරුන් 11ක් අත්අඩංගුවට ගත් අතර එක් හිමිනමක් පලා ගොස් අත්තනගලු ඔයට පැන දින දෙකක් ඔයේ සැඟව සිට 1989 දෙසැම්බර් 29 උදෑසන වේයන්ගොඩ සහ ගම්පහ අතර දාරළුව දුම්රියපල අසලදී දුම්රියට පැන සියදිවි නසා ගැනීමට තැත්කිරීමේදී අවට ගම්වාසීන් විසින් බේරාගෙන ගම්බිම් බලා ආරක්‌ෂිතව පිටත්කර යවන ලදී. හිමිවරුන් හතර දෙනෙක් හැර සෙසු හිමිවරුන් හත් දෙනෙක් නිදහස් කරන ලදී. අත්අඩංගුවට ගත් 4 දෙනා පසුව ඝාතනයට පත්වූ බව කියති.
පසු දින අත්අඩංගුවෙන් නිදහස් කළ පිරිසට බලහරුවේ සෝම, එගොඩබැද්දේ ගුණසිරි සහ තාරපේරියේ රතනජෝති යන හිමිවරුන් අයත් විය. කැලණි සරසවියේ සිටින 540 ක් වූ සරසවි භික්‌ෂූන් වහන්සේලා භික්‌ෂු නේවාසිකාගාරයක් ඉල්ලා 1987 මාර්තු 4 සරසවිය අල්ලා ගත් අතර ජයග්‍රාහීව නිම වූ සටනේ නායකත්වය දැරීම තුළින් බලහරුවේ සෝම හිමි ඉස්‌මතු විය. අන්තර් විශ්වවිද්‍යාලයේ භික්‌ෂු බලමණ්‌ඩලයේ ආරම්භය ද එය විය.
තාරපේරියේ රතනජෝති හිමිද බ්‍රිතාන්‍යයට ගොස් උපැවිදි වී එහි වාසය කරයි. එගොඩබැද්දේ ගුණසිරි හිමි ලේඛකයාට හදිසියේ හමු වූයේ 1990 ජනවාරි 23 කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ගතවීමට නියමිතව තිබූ තායි ගුවන් සේවයට අයත් යානයකදීය. ලේඛකයා තායිලන්තයට ගියේ එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ සමුළුවකට සහභාගිවීම සඳහාය. අවසානයේ තමාගේ තාවකාලික නවාතැන තායිලන්තයේ සුලක් ශිවරාක්‌ෂගේ බැවින් හැකියාවක් ඇත්නම් එම ස්‌ථානය සොයා ගෙන එතනට ගෙනයන මෙන් ඉල්ලීමක් ද කළේය. ලේඛකයා එය ඉටු කළේය. මාස කිහිපයකින් පසු ඉතාලියට පැමිණියේය. පසුව උපැවිදි වී මුණසිංහ නමින් වර්තමානයේ ඕස්‌ටේ්‍රලියාවේ ජීවත්වන දෙදරු පියෙකි.
ජවිපෙ භික්‌ෂු සංගමයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ පිටුවල ධම්මකීර්ති හිමි ප්‍රචලිත වූයේ ලෙනින් හාමුදුරුවෝ නමිනි. අසූවේ ජුලි වර්ජනයෙන්
රැකියාව අහිමි වූ උපාධිධාරියකු වූ උන්වහන්සේ 1989 අගෝස්‌තු 29 කෑගල්ලේදී පැහැරගෙන ගොස් තිරශ්චීන ලෙස ඝාතනයට ලක් විය. එහි තවත් ක්‍රියාකාරිකයකු වූ හික්‌කඩුවේ ගුණසිරි හිමි ජපුර සරසවියේ තෙවැනි වසරේ පැවිදි සිසුවකු මෙන්ම එහි භික්‌ෂු සංගමයේ සභාපතිවරයාය. අගලවත්ත ආසනයේ කෙවිටියාගල කන්දේ වැඩවාසය කළ ගුණසිරි හිමි කැරැල්ලේ පරාජයෙන් පසු පසුබැස ගොස් කැරලිකරුවන් සමඟ වනගත වූ අතර පසුව ආහාර සොයා ගම්මානයකට පැමිණීමේදී අත්අඩංගුවට පත්වී පසුව නිදහස් විය.
පසුව මිරිහාන පොලිසිය මගින් පැලවත්ත සහ බූස්‌ස කඳවුරේ රඳවා තබා ගන්නා ලදී. උපැවිදි වීමෙන් පසු හික්‌කඩුවේ දසනායක නමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්‌ද වශයෙන් කටයුතු කළ ඔහු වර්තමානයේ ගුරුවරයෙකි.
ආරක්‌ෂක අංශ ගෝතමී විහාරයට 1988 සැප්තැම්බර් 07 පැමිණ මානව හිතවාදී භික්‌ෂු සංවිධානයට අයත් සියලු ලේඛන සහ බඩු බාහිරාදිය අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී භික්‌ෂූන් 08 දෙනකුද අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් පසු රජය මගින් නිදහස් කරන ලද්දේ බ්‍රිතාන්‍යයේ ඇමිනෙස්‌ටි ආයතනය ආරක්‌ෂක ඇමැතිවරයාගෙන් එසැණින් කරන ලද ඉල්ලීමක් අනුවය. එකල කොළඹ නගරාධිපති රත්නසිරි රාජපක්‌ෂ එහිදී සියලු කටයුතු සම්බන්ධීකරණය කළේය.
විනිවිද සඟරාවේ කලක් සම සංස්‌කාරකවරයා වූ කෝන්ගස්‌දෙනියේ ආනන්ද හිමියන් භීෂණය හේතුවෙන් ප්‍රංශයට පිටුවහල් විය. එසේම මණ්‌ඩාවල පඤ්ඤාවංශ හිමියන්ද දැන් වැඩ වසනුයේ එක්‌සත් ජනපදයේය. භාතිගම්මන උත්තරානන්ද හිමි නිකවැරටියේ ගොඩනඟන ලද වන අරමක අපිස් දිවියක් ගතකරමින් වර්තමානයේ වැඩ වසති. භාතිගම්මන උත්තරානන්ද හිමියන්ගේ කලා කෘතියක ඡායාරූපයක් ලෝකප්‍රකට නිවුස්‌වීක් සඟරාවේ ද පළවිය. එහි එවැන්නක් පළවූ එකම ලාංකික භික්‌ෂුව උත්තරානන්ද හිමිය.
සමාජවාදී භික්‌ෂු සංගමයේ මධ්‍යම පුවත්පත වූයේ විමුක්‌ති මගය. එහි නාමික කර්තෘවරයා ධර්මකීර්ති හිමි වූ අතර අදිසි කර්තෘවරයා වූයේ මහාචාර්ය ඩබ්ලිව් එස්. කරුණාරත්නය. සංගමය ලෙසින් නිර්මාණය කළ විමුක්‌ති බණ ද අතිශයින් ජනප්‍රිය විය. චක්‍රවර්ති සීහනාද සූත්‍රය, කූටදන්ත සූත්‍රය, අඥන සූත්‍රය ඇසුරින් මෙම විමුක්‌ති ධර්ම බණ දේශනා සකස්‌වූ අතර ජවිපෙ මතවාදය ගෙන යැම සඳහා භික්‌ෂු සංගමයේ සාමාජිකයින් බණ දේශනයන්හිදී එය උපක්‍රමශීලීව භාවිතයට ගත්තේය. පුහුණු වැඩමුළු පරගොඩ රජමහා විහාරය ඇතුළු ස්‌ථාන 7ක පැවැත්විණි. විමුක්‌ති බණ නිර්මාණය කිරීමේ වැඩි ගෞරවය හිමිවන්නේ ආචාර්ය විලේගොඩ අරියදේව හිමිටය. ජවිපෙට 1969 සම්බන්ධ වූ ආචාර්ය අරියදේව හිමි 1983 පක්‌ෂ තහනම දක්‌වා ක්‍රියාකාරී විය. පසුව සමස්‌ත ලංකා ප්‍රගතිශීලී භික්‌ෂු පෙරමුණේ ලේකම් වශයෙන් බහුජන සංවිධාන සමඟ මෑතක් වනතුරු කටයුතු කළේය. එවැනි විමුක්‌ති බණකට එරෙහිව කෑගල්ලේ විහාරස්‌ථානයක දායක සභාවක් විසින් පොලිසියටද පැමිණිල්ලක් කොට තිබිණි.
ජවිපෙ බවට චෝදනා නඟමින් සමාජවාදී භික්‌ෂු සංගමයේ සාමාජිකයින් ඇතුළු රට පුරා ප්‍රගතිශීලී භික්‌ෂූන් දඩයම් කිරීම ඇරඹිණි. අත්අඩංගුවට ගත් භික්‌ෂූන් ගෙන් ඇතමෙකු ඝාතනය කර ටයර් සෑයවල අවසන් ගමන් ගියහ. වධ දීමේ ප්‍රචලිත වූ ධර්මචක්‍ර වධය භික්‌ෂූන් වෙනුවෙන්ම ක්‍රියාත්මක විණි. පවතින මර්දන තත්ත්වයට මුහුණ දීමට නොහැකි වීම නිසා ඇතැම් භික්‌ෂූන් උපැවිදි විය. බොහෝ භික්‌ෂූන් විවිධාකාර වධ හිංසාවන්ට ගොදුරු වී මරණයට පත්විය. ජවිපෙ මගින්ද සිදුකළේ භික්‌ෂුන් මගින් බුදුදහම හදාරා එහි ගැඹුර ප්‍රයෝජනයට ගැනීම නොවේ. පක්‌ෂයේ මතය ජනතාව අතරට ගෙන යැමේ දේශපාලන උපක්‍රමයක් ලෙස භික්‌ෂූන් පාවිච්චි කිරීම පමණි. එහි බරපතළ එල විපාක සමාජයට ගෙන ආවේය. සමාජවාදී භික්‌ෂු සංගමයේ සාමාජිකයන්ගේ අරමුණ නව සමාජයක් බිහිකිරීම වුවද ජවිපෙ සන්නද්ධ අංශයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජවිපෙ දේශපාලන සම්ප්‍රදාය තුළ වැදගත්ම අංග ලක්‌ෂණයක් වූ පක්‌ෂ සංස්‌කෘතිය සහ ජීවන විලාසය එදා උඩු යටිකුරු විය.
අවසානයේ තමන්ට එරෙහිව පමණක් නොව එජාපයට සහ සෙසු වාමාංශික පක්‌ෂවලට සහාය දුන් භික්‌ෂූන්ද ඝාතනය කිරීමට කැරලිකරුවන් කටයුතු කළේය. එසේ ජවිපෙ සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මගින් දෙවැනි කැරලි සමයේදී එනම් 1986 සිට 1990 දක්‌වා එසේ ඝාතනය කරන ලද බෞද්ධ භික්‌ෂූන් සංඛ්‍යාව 41 කි. කතෝලික පූජකවරුන් සංඛ්‍යාව 2කි. ආණ්‌ඩුවේ ආරක්‌ෂක අංශ සහ අතුරු හමුදා කණ්‌ඩායම් මගින් ඝාතනය කරන ලද බෞද්ධ භික්‌ෂූන්ගේ සංඛ්‍යාව 681කි. මේ අනුව ජවිපෙ 2 වැනි කැරලි සමයේදී ඝාතනයට ලක්‌වූ පූජකවරුන් ගේ සංඛ්‍යාව 724 ක් වන අතර ඉන් 722 ක් බෞද්ධ භික්‌ෂූන්ය.
ජවිපෙ මගින් ඝාතනය කළ භික්‌ෂූන් 41 දෙනා අතර සිටි නායක හිමිවරුන් අතර කළුතර තොටමුණේ ප්‍රධාන සංඝනායක පොහොද්දරමුල්ලේ පේමාලෝක හිමි, ප්‍රකට ධර්ම කථික කොටිකාවත්තේ සද්ධාතිස්‌ස හිමි, මාතර වැල්ලෙතොට පඤ්ඤාදස්‌සි හිමි සහ මිද්දෙණියේ පුරාණ විහාරාධිපති බෙලිගල්ලේ මහින්ද හිමිද වෙති.
පනාගොඩ හමුදා කඳවුරේ බෝධිරාජ විහාරයේ දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරයා වූ හබරකඩ ධර්මාශ්‍රම විහාරාධිපති වල්අඹගම පඤ්ඤාසාර හිමියෝද ජවිපෙ මගින් 1988දී ඝාතනය කළේ හමුදා නිලධාරීන්ගේ දරුවන්ට දහම් පාසල නොපවත්වන ලෙසට කළ ඉල්ලීම ඉටු නොකළ බැවිනි. උන් වහන්සේගේ ආදාහන කටයුතු ද තහනම් කළ අතර දේහය තබා තිබුණේ පනාගොඩ ධර්ම ශාලාවේය. එදිනම හබරකඩ ප්‍රකට වෛද්‍යවරයකු වූ ආරියරත්නද ඝාතනය කර තිබිණි.
එකල කැරලිකරුවන් විසින් මරා දමන ලද අයගේ අවසන් කටයුතු කරන ආකාරය පිළිබඳව විධාන පනවා තිබිණි. අවසන් කටයුතු උත්සවයකින් තොරව සිදුකළ යුතු අතර ආගමික වතාවත් සඳහා සහභාගි කරගත හැකි වූයේ භික්‌ෂූන් වහන්සේලා උපරිම දෙකකි. දේහය ඔසවාගෙන යැමේදී එය පොළවේ මට්‌ටමින් අඩියකට වඩා ඉහළට ඔසවා නොගත යුතුය. අවසාන කටයුතු සඳහා සහභාගි විය හැකි උපරිම ගණන 10 කි. මෙම නීති පිළිනොපදින අයට දැඩි දඬුවම් පැනවූ බවට වාර්තා විය.
ප්‍රකට ධර්ම කථිකයකු සහ එජාප හිතවාදී භික්‌ෂුවක්‌වූ කොටිකාවත්තේ සද්ධාතිස්‌ස හිමි ඝාතනය කරන ලද්දේ 1989 අගෝස්‌තු 3 පන්සල තුළදීමය. මාතර වැල්ලෙතොට පඤ්ඤාදස්‌සි හිමි 1989 අගෝස්‌තු 30 ඝාතනය කරන ලද්දේ කිතලගමුව විහාරයේදීය. මිද්දෙණියේ පුරාණ විහාරාධිපති බෙලිගල්ලේ මහින්ද හිමි ඝාතනය කළේ 1989 මැයි 28 ය. මහින්ද හිමිගේ ඝාතනයට හේතුව වූයේ පළාත් සභා පනතට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාරයකදී එයට පැමිණ සෙත් පිරිත් කියන ලෙසට කරන ඉල්ලීම ප්‍රතික්‌ෂේප කිරීම හේතුවෙනි. කුරුණෑගල ගොවි අරගලවලට ක්‍රියාකාරීව දායක වූ රෑද්දගොඩ සරණංකර හිමිද ඝාතනය විය.
ජවිපෙ විසින් ඝාතනය කළ භික්‌ෂූන් අතර පහත හිමිවරුන් ද විය. ඒ අනුව මිහින්තලය විහාරයේ කුඹගොඩ ඥාණාලෝක හිමි 1987 ජුලි 11, මාරඹේ සෝමරතන හිමි 1988 දෙසැම්බර් 31, අඟුණකොලපැලැස්‌සේ උපාලි හිමි 1989 ජනවාරි 7, පල්ලම විහාරයේ හේමාලෝක නන්දිමිත්‍ර හිමි 1989 අගොස්‌තු 04, අතුරුගිරිය විහාරයේ ව. පඤ්ඤාතිස්‌ස හිමි 1989 අගොස්‌තු 13, රජමහ විහාරවාසී සොරගුණේ පඤ්ඤාසාර හිමි 1989 අගෝස්‌තු 20, කිරවනාගම පඤ්ඤාරාම හිමි 1989 අගොස්‌තු 27, ජයසුමනාරමයේ පැල්පොල ධර්මපාල හිමි 1989 සැප්තැම්බර් 04, ශ්‍රී සුදර්ශනාරාමයේ මුදිත හිමි 1989 සැප්තැම්බර් 05, බෝධිරාජාරාමයේ කහව විමලසිරි හිමි 1989 සැප්තැම්බර් 09, බඹරගල විහාරයේ මහනුවර ධර්මරක්ත හිමි 1989 සැප්තැම්බර් 18දා ඝාතනයට ලක්‌වූහ.
එමෙන්ම මාවෙලගම රජමහා විහාරයේ ගෝවුන්නේ රතනජෝති හිමි 1989 සැප්තැම්බර් 20, තිරාණගම රතනසාර හිමි 1989 සැප්තැම්බර් 29, තාඹුගල ආනන්දසිරි හිමි 1989 ඔක්‌තෝබර් 13, ශ්‍රී බෙත්තාරාම විහාරයේ දික්‌පිටියේ අංගීරස හිමි 1989 ඔක්‌තෝබර් 05, කළුතර ධම්මරතන හිමි 1989 ඔක්‌තෝබර් 12, දංගොල්ල විහාරයේ හොරඹාව විමලකීර්ති හිමි 1989 ඔක්‌තෝබර් 20, දෙලිවල විහාරයේ නිකපිටියේ සිද්ධාර්ථ හිමි 1989 ඔක්‌තෝබර් 30, මංගලගම පිරිවණේ මොලගොඩ ඩී. ගුණවංශ හිමි 1989 නොවැම්බර් 05, වියනෙලිය විහාරයේ වැලිපිටියේ පඤ්ඤාතිස්‌ස හිමි, 1989 නොවැම්බර් 29, මෙද්පිටිය විහාරයේ බමුණුපොත සෝමරතන හිමි, 1989 දෙසැම්බර් 10, වැවුරුකන්නල විහාරයේ පඤ්ඤානන්ද හිමි 1989 දෙසැම්බර් 11, කුළුඹුලන්ද විහාරයේ අඹේවල චන්ද්‍රජෝති හිමි 1989 දෙසැම්බර් 12, උභයාරාමයේ රැකව පඤ්ඤාසිද්ධි හිමි 1989 දෙසැම්බර් 16 යන දිනයේදී ද ජවිපෙ අතින් ඝාතනයට ලක්‌වී තිබිණි.
කැරලිකරුවන් මගින් ඝාතනයට ලක්‌වූ ක්‍රිස්‌තියානි පූජකවරුන් සංඛ්‍යාව 2කි. ඒ කතරගම බුත්තල අළුකාවිල සුබසෙත් ගෙදර මයිකල් පෝල් රොඩ්රිගූ පියතුමා 1987 නොවැම්බර් 10 රාත්‍රී 7.30 ට ඝාතනයට ලක්‌වු අතර එයට හේතුව වූයේ දෙමළ බෙදුම්වාදයට සහාය ලබාදෙන බවට චෝදනා ලත් කණ්‌ඩායම් සමඟ එක්‌ව කටයුතු කිරීමය. බුත්තල මයිකල් පියතුමාගේ වගකීම රණහඬ ගුවන් විදුලිය මගින් 1988 පෙබරවාරි භාරගෙන තිබිණි. කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ මයිකල් පියතුමා බුත්තල ප්‍රදේශයේ ළමා අධ්‍යාපනය නැංවීමෙහිලාද, ගොවීන් අතර ද වැඩ කිරීම පිළිබඳව ප්‍රචලිතව සිටි අයෙකි. විශේෂයෙන් කුරුණෑගල සිට ක්‍රියාත්මක වූ ජනතා සංගමයේ වැඩසටහන් සමඟ මයිකල් පියතුමා ක්‍රියාකාරි සහාය දුන් බවට චෝදනාවක් විය.
තිස්‌සමහාරාමයේ ලංකා දේව සභාවේ පී. ලයනල් ජයසිංහ දේවගැතිතුමා කැරලිකරුවන මගින් ඝාතනය කරන ලද්දේ 1988 මාර්තු 25 රාත්‍රි 8.45 ටය. දේවගැතිතුමාගේ බිරිඳ ලලානි වූ අතර පුතා ශමිල් එම්මානුවෙල්ට එම සිද්ධිය වන විට වයස මාස 11කි. කතෝලික සභාව යටතේ ලංකා දේව සභාව 1914 ශ්‍රී ලංකාවේ ඇරඹූ අතර එම සභාවන් 502ක් රටපුරා ස්‌ථාපිත කර ඇත. එම සභාව ප්‍රචලිත කිරීමේ පුරෝගාමියෙක් වන්නේ බෝල්ටන් වික්‍රමරත්නය. තිස්‌සමහාරාමයේ කතෝලික දේව සභාවට පුද්ගලයන් 1,500 ක් සම්බන්ධ වී සිටින අතර හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය පුරා එහි අනුගාමිකයන් සංඛ්‍යාව 5,000 කට ආසන්නය.
තිස්‌සමහාරාමයේ සේදවත්ත ගමට 1980දී ජයසිංහ දේවගැතිතුමා පැමිණි අතර ඔහු අවට ගම්වාසීන් සමඟ ප්‍රජා කටයුතු ගණනාවක නිරත විය. කැරලිකරුවන් විසින් නිවසට පැමිණ දොර විවෘත කරගෙන වෙඩි තැබූ අතර එම වෙඩි පහර කාගෙන කාමරයට දුවවිත් වාඩිවී තිබිණි. එහිදී යළි පැමිණි ඝාතකයන් දෙදෙනා පිහියකින් පපුවට ඇන මුහුණට වෙඩි තබන ලදී. තිස්‌සමහාරාම රෝහලට ගෙන යන විටත් දේවගැති ජයසිංහ මියගොස් තිබිණි. ඔහුගේ දේහය තිස්‌සමහාරාම පොදු සුසාන භූමියේදී 1988 මාර්තු 28 භූමදානය කෙරිණි.
කැරලිකරුවන් මගින් 1989 පෙබරවාරි 9 මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පොලිස් මුරපළට ප්‍රහාරයක් එල්ල කර ආයුධ කිහිපයක් පැහැරගත් අතර කැරලිකරුවන් 2 මරණයට පත්විය. සිවිල් වැසියන් තිදෙනකුට බරපතළ තුවාල සිදුවිය. එම ප්‍රහාරයට මාතලේ ගංගා, නදීකා, මංගලිකා, ලිලන්ති සහ වීරසිංහ යන කාන්තාවන් 5 දෙනා ඇතුළු සාමාජිකයන් 11 දෙනෙකු සහභාගි වූහ. ප්‍රහාරයට සහභාගි වූ කාන්තාවන් කිහිප දෙනකු පසුව අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරගත වීමෙන් පසු නිදහස් විය.
මානව හිතවාදී භික්‌ෂු සංවිධානය එම දැඩි මර්දනකාරී තත්ත්වයන් යටතේ 1989 අගෝස්‌තු දක්‌වා රට පුරා විවිධ තැන්වල ස්‌ථානගත වෙමින් ක්‍රියාකාරී වූහ. මානව හිමිකම් කඩවීම පිළිබඳ වාර්තා, ඡායාරූප සහ දත්තයන් දේශීය සහ විදේශීය මානව හිමිකම් සංවිධානවලට එමගින් දෛනිකව යොමු කරන ලදී. එසේම අත්අඩංගුවට ගත් අයගේ අයිතීන් වෙනුවෙන් හබයා කෝපුස් පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා නිතිඥයන් ඉදිරිපත් කළේය.
මානව හිතවාදී භික්‌ෂු සංගමයේ ක්‍රියාකාරකම් 1989 වසරේ මැද භාගයේ අඩපණ වන විට එයට සමාන්තරව ජවිපෙ විසින් මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කරන ලදී. එය 1989 මැද භාගය වන විට එය ඉතා ක්‍රියාශීලී තත්ත්වයකට පත් විය. කැලණි සරසවියේ විද්‍යාපීඨ දෙවැනි වසරේ සිසුවකු සහ කොළඹ නීති විද්‍යාලයේ ප්‍රථම වසරේ සිසුවකු වූ ගැමුණු යසස් සෙනෙවිරත්න එහි ලේකම් විය. පසුව ගැමුණු යසස්‌ද 1989 දෙසැම්බර් 10 බොරැල්ලේ කොටා රෝඩ්හි ටර්නර් පාර අසලදී පැහැර ගත් අතර පසුව ඝාතනයට ලක් විය. මානව හිමිකම් සුරැකීමේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සභාපති වූයේ පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයේ සිසු උදේනි බන්දුල දිසානායකය. උදේනි ද බෞද්ධාලෝක මාවතේ රහසිගත නිවසක වධ බන්ධනවලට ලක්‌වීමෙන් අනතුරුව 1990 ජනවාරි 28 ඝාතනයට පත්විය. බහුජනයා තුළ ආගමික ශ්‍රද්ධාව පවතින තාක්‌කල් ඔවුන් කෙරේවන භික්‌ෂූන් ඇතුළු පූජකයන්ගේ බලපෑම නොවැලැක්‌විය හැකිය. භික්‌ෂූන් ජනතාව සමඟ සමීප සම්බන්ධතා පවත්වන තාක්‌කල් දේශපාලන සහ සමාජ ව්‍යාපාරවලට ඔවුන් ඇදී ඒමද නොවැලැක්‌විය හැකිය. (ජවිපෙ 2 වැනි කැරළි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011 - 5234384 ලබාගත හැකිය.)
http://www.divaina.com/2017/09/03/feature01.html

0 comments:
Post a Comment