සා.........දු! සා..........දු! පාරමිතා බල පූජිත පූජිත බුද්ධ දිවාකරයානෝ, වෙසක් පොහෝදින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයානෝ සනසා මුළු ලොව නිවන් ලබා දිදී, පුන්‍යමහෝදදි, ශාන්ති සමාදී, වෙසක් තොරණ දර්ශන අතර මේ ගීතය අපට ඇසුනේ 'රන්මුතු දූව' නම් චිත්‍රපටයෙනි. අමරදේවගේ මධුර හඬින් ගැයූ මෙම ගීතය අදත් අපේ මතකයේ රැඳී පවතී. ලංකාවේ නිපදවූ පළමු වර්ණ චිත්‍රපටය වන මෙම චිත්‍රපටයේ, ටෝනි රණසිංහ, ශේන් ගුණරත්න හා ගාමිණී ෆොන්සේකා ද, ජීවරාණී කුරුකුලසූරිය යන තරුණ ආකර්ෂණීය නළු නිළියන් ත්‍රිකුණාමල වරායේ බුදුපිළිමයක් ගොඩගැනීම ප්‍රයත්නයක් වටා ගෙතුනු කථාවක් මෙම චිත්‍රපටයෙන් දිග හැරිණි. එවක එම චිත්‍රපටයේ ගෙනා අදහස පිළිබඳව යොවුන් වියේදී මට එතරම් වැටහීමක් නොතිබුණි. එහෙත් එහි සැබෑ යථාර්ථය මට වැටහුණේ ගෝකණ්‌න විහාරයට සිදු වූයේ කුමක් දැයි පසුකාලීනව අධ්‍යයනය කිරීමේදීය. ත්‍රිකුණාමලයේ වරාය අපේ ඉතිහාසයේ බොහෝ වැදගත් සන්ධිස්‌ථානවලට සම්බන්ධය. විජය රජු තමන් වයස් ගත වූ විට තම රාජ්‍ය භාර ගැනීමට තම බාල සොහොයුරාට ඇරයුම් කළත් ඒ වෙනුවට පැමිණියේ ඔහුගේ බාල පුත් පණ්‌ඩුවාසදේව කුමාරයාය. හේ ලංකාවට ගොඩබටුයේ ත්‍රිකුණාමලය (එදා ගෝකණ්‌න) වරායෙනි. මෙම වරාය අතීතය මෙන්ම අපේ අනාගතයද තීන්දු කරන ස්‌ථානයක් බවට පත් වෙමින් පවතී. ඊට හේතුව ත්‍රිකුණාමලය යුද්ධෝපායික වශයෙන් ලොව ඇති පළමු පෙළේ වරායක් වීමයි.
විදේශ ලේඛකයන් පෙන්වා දී ඇති පරිදි ගෝකණ්‌න විහාරය මෙන්ම, එහි මහ වරාය ද ලොව ප්‍රකට ස්‌ථානයක්‌ව පැවතීs ඇත. ඈත දියඹට දිස්‌වන මෙම වරාය නාවිකයන් විසින් මහ සයුරේදීම වැඳ පුදා ගත් බව ඉතිහාසයේ සඳහන් වේ. ගෝකණ්‌න විහාරය ද බුද්ධ වචනයේම සාදු හඬ ලොවට කියා පෑ තවත් පුදබිමකි. අද ගෝකණ්‌න විහාරය එතන නැත. එසේ නම් එයට සිදු වූයේ කුමක්‌ද? එහි අද දක්‌නට ඇත්තේ ඊශ්වර දෙවියන් වඳින කෝවිලකි. එහි ඇතුළේ සවි කර ඇති දැන්වීම් පුවරුවක සටහන් කර ඇත්තේ මෙවන් අදහසකි. 1952 වර්ෂයේදී ත්‍රිකුණාමලයේ මහ නගර සභාවේ සේවකයන් විසින් නඩත්තු කටයුතු සඳහා නගරයේ ස්‌ථානයක කරන ලද කැණීමකදී වළ දමා තිබූ පූජනීය වස්‌තු රැසක් හමුවී, අහම්බෙන් හමු වූ මෙම වස්‌තූන් තැන්පත් කර මෙම පූජනීය ස්‌ථානය නැවත ගොඩනැංවූ බව එහි සඳහන් කර ඇත. තවද පෘතුගීසීන් විසින් මෙම පුදබිම විනාශ කිරීමේදී භක්‌තිමත් අයකු විසින් ආරක්‍ෂාව සඳහා වළ දමා තිබූ දෙයක් ලෙස හඳුනාගත් බවට තවද සඳහන් වේ. මෙම දැන්වීම අනුව පෙනී යන්නේ ඔවුන්ට පුරාවස්‌තු ලෙස සැලකිය හැකි යමක් හමුවී, ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර නොදී හිතුවක්‌කාර ලෙස ඔවුන් විසින් තොsරාගත් තැනක තැන්පත් කර ඇති බවයි. රටේ නීතිය අනුව පුරාවස්‌තු හමුවූයේ නම් ඒවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර දිය යුතුවේ. ඉන් පසු විධිමත් පරීක්‌ෂණ වලින් පසුව එහි ඓතිහාසික වටිනාකම ඔවුන් හඳුනා ගෙන තහවුරු කරනවා ඇත. එසේ නොකළේ ඇයි ද යන්න ඉදිරියේදී සාකච්ඡා කරන කරුණු වලින් පැහැදිලි වනු ඇත. කෙසේ වුවද මෙම අනීතික ක්‍රියාවට ත්‍රිකුණාමලයේ නගර සභාවද දායක වී ඇති බව පෙනේ. මෙහිදී පූජනීය වස්‌තු හමු වූ බව පෙන්වා බෞද්ධ පුදබිම අකා මකා දැමීමට වංචනිකව දේශපාලඥයන් විසින් කටයුතු කර ඇති බව පෙනේ. ඒ වන විටත් ත්‍රිකුණාමලයේ දේශපාලනයේ නිරත වූ පෙඩරල් පක්‍ෂය ගෝකණ්‌න විහාරයේ සාදු හඬ මහ මුහුදට බිළි කිරීමට දායක වී ඇති බව මින් පෙනේ. අද තිබෙන ත්‍රිකොනේෂ්වරන් කෝවිලේ උප්පත්ති කථාව එයයි.
ගෝකණ්‌න විහාරය කඩා බිඳ දැමීමේ අතීත කථාව අපි දැන් විමසා බලමු. ඕලන්ද ජාතිකයන් පැමිණීම වැළැක්‌වීම සඳහා ත්‍රිකුණාමලයේ බලකොටුවක් ඉදිකිරීමට සුදුසු ස්‌ථානයක් තීන්දු කිරීම සඳහා පෘතුගීසීන් නිරීක්‌ෂණ චාරිකාවක් ගොස් ඇත. එහිදී තීරණය වී ඇත්තේ ත්‍රිකුණාමලය පන්සලට පිටුපසින් එම බලකොටුව ඉදි කළ යුතු බවයි. මෙම පන්සල අසල විශාල ගල්කන්දක් ඇති බැවින් එය ද බලකොටුව සෑදීමට උපකාරයක් වන බවද ඔවුන් කල්පනා කර ඇත. මේ සිද්ධිය පිළිබඳව ක්‌වෙරෝස් නැමැති පෘතුගීසි ඉතිහාසඥයා ලියූ The Temporal and Spiritual Conquest of Ceylon (ලංකාව පූජනීය හා අධ්‍යාත්මිකව දිනා ගැනීම) නැමැති පොතේ සඳහන් දේ මෙසේ විස්‌තර කරමි.
ත්‍රිකුණාමලය යන වචනයේ තේරුම කොත් තුනක් සහිත කන්ද යන්නයි., එය පිහිටා තිබෙන්නේ කොළඹට ප්‍රතිවිරුද්ධ දිශාවේ යාපා පටුනේ සිට ලීග 35 ක් දකුණට වන්නට පිහිටා ඇත. මෙම මහ වරායේ මුහුදට නෙරා ඇති කන්දේ දාගැබ් 03 ක් ඇති අතර එම දාගැබ් 03 සිංහල රජකු විසින් ඉදිකර ඇති බව ඔහු සඳහන් කරයි. මෙම දාගැබ් කන්ද පාමුල මැද හා උසම ස්‌ථානයේ පිහිටා තිබුණි. භක්‌තිමත් නාවිකයන් විසින් මුහුදේ සිටම මෙම පුදබිම් වන්දනා මාන කර ගත් බව ඔහු සඳහන් කර ඇත. කොන්ස්‌තන්තිනූ ද සා ද නොරෙඤ්ඤො විසින් මෙම චෛත්‍යයන් කඩා බිඳිමින් එහි ගඩොල් උපයෝගී කරගෙන බලකොටුවක් ඉදිකර ඇත. සිංහල හමුදාවන්ට මේ වරායට ඇතුළු වීමේ ඉඩකඩ අවහිර කිරීම එම කොටුව ඉදිකිරීමේ අරමුණ බව ද සඳහන් කර ඇත. මේ නිසා මුහුද දෙසින් ද ගොඩබිමින් ද පෘතුගීසීන්ගේ ආරක්‍ෂාව මෙයින් සැලසී ඇත. මෙම කොටුව තුළ කාලතුවක්‌කු විශාල ප්‍රමාණයක් රැඳවිය නොහැකි නිසා එහි රඳවා ඇත්තේ සුළු හමුදාවකි. මෙම චෛත්‍යයන් කඩා බිඳ දැමීමේදී සෙල්ලිපියක් හමු වී ඇති අතර එය ලංකාවේ පෙර රජවරු පිළිබඳව මනා දැනුමක් ඇති උගත් සිංහලයකු ලවා කියවා පෘතුග්‍රීසි බසට පරිවර්තනය කර එහි පිටපතක් පෘතුගාලයේ රජු වෙතද යවා ඇත. එහි ලියා ඇත්තේ මානික රාජ බාහු නම් රජ මෙම පන්සල ඉදිකරන ලද බවයි. එය ඉදිකර ඇත්තේ පෘතුගීසීන් විසින් මෙය කඩා බිඳ දැමීමට (1626 ට) වසර 1300 කට පෙර බව උගත් සිංහලයකු ලවා පැහැදිලි කරගෙන ඇත. අනාගත දිනක පරංගි නැමැති ජාතියක් මෙහි පැමිණ මේ පුදබිම විනාශ කරන අතර එය නැවත ගොඩනැංවීමට රජකු පහළ නොවන බවද එහි සඳහන් කොට තිබී ඇත. මෙම විශ්මය දනවන අනාගත වාක්‍ය වලින් යුක්‌ත සෙල්ලිපිය පිළිබඳව පෘතුගීසීන් පුදුමයට පත් වී ඇත. කෙසේ වුවද එම අනාගත වාක්‍ය සත්‍ය වී ඇති බව පෙනේ. එම සෙල්ලිපිය ත්‍රිකුණාමල කොටුවේ දොරකඩට සවිකර ඇති අතර අදත් දැක ගැනීමට පුළුවන.
කොන්ස්‌තන්තිනෝ ද සා නොරොඤ්ඤො විසින් පුදබිම විනාශ කළ පසු ද සිංහල කපු රාළලා හා යක්‌දෙස්‌සන් පැමිණ ඇති අතර ජනරාල් නුනෝ අල්වෙයිරස් පෙරෙයිරා විසින් ඔවුන්ගේ හිස ගසා දැමීමෙන් පැමිණීම නතර වී ඇත. ත්‍රිකුණාමලයේ නායක භික්‌ෂුව කිතු දහමට හරවා ගත් බව ෂාවියර්තුමා සඳහන් කර ඇති බව ක්‌වෙරෝස් ලියා දක්‌වා ඇත. එම පන්සලේ නායක භික්‌ෂූන් වහන්සේ, තෙරුන්නාන්සේ, ලෙසින් හැඳින් වූ බවද එහි සඳහන් වේ. මෙම පුදබිමට වෙන්කර තිබූ තඹලගමුව හා කන්තලේ වෙල්යාය වල වී අමුණු 30,000 ක් දෙකන්නයට අස්‌වැද්දූ බව ඔහු සඳහන් කරයි. එම වාපී කර්මාන්ත හා වෙල් යායවල් මහසෙන් (ක්‍රි.ව.275 - 303) රජු විසින් ඉදිකළ බවද වැඩිදුරටත් සඳහන් වේ. පෘතුගීසි බලකොටුවක් මෙහි ඉදිකිරීමෙන් පසු කාපිරි හමුදාවන්ගේ කරදර නිසා සිංහලයන් බොහෝ දෙනෙක් පදිංචිය අතහැර කොට්‌ටියාරමට ගොස් ඇත. එහි ඉතිරිව ඇත්තේ වයස්‌ගත සිංහලයන් 10 ක් 15 ක් පමණ වේ. ගෝකණ්‌න විහාරය බුදු පුද බිමක් වුවද විෂ්ණු, කතරගම හා ගණ දෙවි පූජාවන් සඳහා දේවාල ද තිබූ බව ද සඳහන් කර ඇත. ඒ අනුව අපට පෙනෙන්නේ කතරගම, මහනුවර, දෙවුන්දර හා මුන්නේශ්වරන් වැනි බුදුන් මෙන්ම දෙවියන් ද පිදිය හැකි ජාතික පුද බිමක් බවයි. එහෙත් අද එවැනි පොදු පුදබිමක සළකුණක්‌වත් දක්‌නට නැත.
දැන් අපි ලන්දේසි ලේඛක පිලිප්පුස් බැල්දියස් සිය ලංකා පුරාවෘත්ත නැමැති පොතේ ත්‍රිකුණාමලය ගැන ලියා ඇති දේ බලමු. මෙම ලේඛකයා ගැන යමක් කිවහොත් ඔහු රෙපරමාදු ආගම යාපනයට හඳුන්වා දුන් පූජකවරයාය. ඔහු ලියූ ඉතිහාස පොත 1672 දී ලන්දේසි බසින් ඇම්ස්‌ටඩෑම් නගරයේදී ප්‍රකාශයට පත් කළ එකකි. ඔහු කියා ඇත්තේ ලංකාවට වෙනත් යුරෝපීය ජාතීන් පැමිණීම වැළැක්‌වීම සඳහා බලකොටුවක් ඉදිකිරීමට තීරණය කර ඒ සඳහා සුදුසු බිම ත්‍රිකුණාමලයේ මහා පන්සලට පිටුපසින් වයඹ කෙළවරේ ඇති භූමියක් තෝරාගෙන ඇත. මේ අනුව ඉදිකිරීම් 1622 ආරම්භ කර මහනුවර රජු දැනගැනීමට පෙර කඩිනමින් නිම කිරීමට ද උත්සුක වී ඇත. උඩරට සෙනරත් රජු සමඟ සාම ගිවිsසුමකින් බැඳී සිටි පෘතුග්‍රීසීන්ගේ මෙම ක්‍රියාවෙන් විශ්වාසය කඩකර ඇත. එය දැනගත් වහාම පෘතුගීසීන්ට විරුද්ධව යුද වැදුනත් රජු යුද්ධයෙන් පැරදී ඇත. මෙහිදී ඔහු සඳහන් කර ඇති අමතර කරුණක් නම් 1618 දී සිංහල රජු සමඟ යුද්ධයකින් පසු යාපනය රාජ්‍යයද, පෘතුගීසීන් ඈඳා ගත් බවයි. පෘතුගීසීන් මෙම බලකොටුව ඉදිකරන අතර වාරයේ සිංහල රජුගේa ඉල්ලීම මත මලබාර් හමුදාවක් යාපනයට පහර දී ඇත. ඩී ඔලිවේරා නැමැති රණකාමී පෘතුගීසී හමුදා ප්‍රධානියා එම ආක්‍රමණික හමුදාව පරාජය කරන ලදී.
ලන්දේසි සඳහන් කළ දෙයින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ ත්‍රිකුණාමලයේ මහා වරායේ පන්සලක් තිබූ බවයි. දෙවැන්න යාපනය රාජ්‍ය සිංහල රජුගෙන් පෘතුගීසීන් උදුරා ගත් බවයි. මේ අනුව ත්‍රිකුණාමලයේ කෝණේෂ්වරම් කෝවිලක් අතීතයේ සිට තිබූ බවට ඊළාම්වාදීන් කරන ප්‍රකාශය වංචාවක් බව තහවුරු වේ. තවද යාපනයේ ස්‌වාධීන දෙමළ රාජ්‍යක් නොතිබූ බවද ලන්දේසීන්ගේ සඳහනින් තවදුරටත් තහවුරු වේ. මෙයින් නොනැවතුනු පෘතුගීසීන් මඩකලපුවේද බලකොටුවක් ඉදිකර ඇත. මෙයින් ඉමහත් කෝපයට පත් සෙනරත් රජු පෘතුග්‍රීසීන්ට පහර දීම සඳහා උපායක් යෙදීය. එහි පළමු පියවර වූයේ පහත රට ප්‍රදේශවල ප්‍රධානීන් සමඟ රහසේ සම්බන්ධකම් පවත්වමින් ආක්‍රමණයකදී පහත රටින් පැමිණෙන සිංහල ලස්‌කිරිඤ්ඤ හමුදාව තමන් වෙත හරවා ගැනීමට මූලික කටයුතු යොදා තිබුණි. ඉන් පසුව කොන්ස්‌තන්තිනෝ ද සා ට ඌව ආක්‍රමණය කරන ලෙසට අභියෝග කර ඇත. ඒ අනුව සා හමුදාවන් රැගෙන ඉදල්ගස්‌හින්න හරහා ඌවට පැමිණි අතර බදුලු නගරය විනාශ කර එළදළුව කන්ද මතට ගොස් රාත්‍රිය ගත කර ඇත. එහිදී කඩාහැළුනු අනෝරා වැස්‌සෙන් ඔවුන්ගේ වෙඩි බෙහෙත් හා කොටන තුවක්‌කු සියල්ල තෙමී ගියෙන් ඔවුන් නිරායුධ වී ඇත. මේ අතර සිංහල ලස්‌කිරිඤ්ඤ හමුදාවන්ගේ හැසිරීමේ වෙනසක් පෘතුග්‍රීසීන්ටද නිරීක්‍ෂණය වී ඇත. කලින් කථිකා කරගත් පරිදි සිංහල බටයෝ පෘතුගීසීන් අත්හැර උඩරට රජුට එකතු වීය. මෙයින් අසරණව හුදකලා වූ පෘතුගීසීන් පසුබැසීම සඳහා කටයුතු කළ අතර ඔවුන් වැල්ලවායේ රන්දෙනිවෙල දක්‌වා පැමිණ ඇත. එහිදී ඔවුන් එහිදී විවේකීව සිය වෙඩිබෙහෙත් ආදිය වේලා ගැනීමට කටයුතු කළහ. වියළීමට තබා ඇති වෙඩි බෙහෙත්වලට ගිනිදැල් වූ කරුංකා ගෙඩිය ඇමිණූ හී වලින් විද ඒවා ගිනි තැබීමට කටයුතු කළ අතර ඉන් පසු තුවක්‌කු පාවිච්චිය නතර වූයේ වෙඩි බෙහෙත් නොමැති වීම නිසාය. සිංහල හමුදාව පෘතුගීසීන් වෙත උකුසු ඇස යොමු කරමින් වනයේ සැඟවී සිට වටකර ඊතල වර්ෂාවලින් පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කර ඇත. කිසිම පෘතුගීසී හමුදා භටයකුට ජිවිතය බේරා ගැනීමට ඉඩක් ලැබී නැත. කොන්ස්‌තන්තිනෝ ද සා ගේ ජීවිතය ද මෙතනින් කෙළවර වී ඇත.
මියගිය කොන්ස්‌තන්තිනෝ ද සා ගේ හිස කඳින් වෙන්කර බෙරයක් මත තබා බෙර හඬ නගමින් කිරිඳිඔයේ ජලස්‌නානය කරමින් සිටි රාජසිංහ රජු වෙත පිරිනමා ඇත. රජු ඉතාමත් ප්‍රීතියට පත් වූ අතර සෙනරත් රජු ද එයින් මහත් සතුටට පත් වී ඇත. ද සාට ත්‍රිකුණාමලය ගෝකණ්‌ණ විහාරය කඩා බිඳ දැමීමේ පාපය පඩිසන් දුන්නේ වැල්ලවායේ රන්දෙනි වෙලේදීය. මෙහදී අපට සිහිපත් වන්නේ කොටි සංවිධානයට ආයුධ පුහුණුව ලබා දුන් ඉන්දිරා ගාන්ධි මැතිණියයි. ඇය විසින් එම පාපය ගෙවන ලද්දේ සිය පුතා කොටින්ට බිලි දීමෙනි. ඒ වන විට ඇගේ ජීවිතය ද ශීක් ජාතිකයන්ගේ රන්දෙවොලට හමුදාව යෙදවීමේ පාපය වෙනුවෙන් පුද කිරීම සිදු වී හමාර වී තිබුණි. ප්‍රභාකරන්ට ද සිය පාපය නන්දිකඩාල් කලපුවෙන් ගෙවා දැමීමට සිදු විය. ලංකාවට අකටයුතුකම් කරන කාටත් මෙය හොඳ පාඩමකි.
දැන් අපි ගෝකණ්‌න විහාරය පිළිබඳ දෙමළ ලේඛකයන් ලියා ඇති දේ බලමු. 1831 ලංකාණ්‌ඩුවේ ගැසට් පත්‍රයේ I.C.L.RT. 63 ප්‍රකාශයට පත්කර ඇති ත්‍රිකුණාමලය පිළිබඳ ස්‌තෝත්‍ර කෙරෙහි මෙහිදී අපගේ අවධානය යොමු කරමු. කවිරාජ වරෝධ්‍යන් නැමැති රචකයකු විසින් ලියා ඇති ස්‌තෝත්‍ර අත් පිටපතක් හමු වී එය ඉංග්‍රීසියට පෙරළා එම ගැසට් පත්‍රයේ පළ කර තිබුණි. පෝල් ඊ පීරිස් මහතා ද සිය පෘතුගීසි යුගය පොතේ මේ පිළිබඳව සඳහන් කර ඇති අතර මා ද එම ගැසට් පත්‍රය පෞද්ගලිකවම පරීක්‍ෂා කර බැලුවෙමි. මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ මනු නීති කණ්‌ඩචෝල රජු කෝනේෂ්වරන් කෝවිල වන්දනා කර ගැනීමට පැමිණි විට සිය පුත් කුලක්‌කොට්‌ටන් විසින් කන්තලේ වැව කරවා එය මෙම පුද බිමට පැවරූ බවයි. ඒ පිළිබඳව විස්‌තර ගද්‍යයෙන් හා පද්‍යයෙන් එහි දක්‌වා තිබුණි. එහෙත් ඇත්ත කථාව මේ කුමාරයාගේ නම උලක්‌කොණ්‌ඩ නම් වේ. ඔහු කොණ්‌ඩය උල්ව උසට පැවති අයෙකි. කුලක්‌කොට්‌ටන් යනු කරුණු වරදවා දැක්‌වීමකි. මොවුන් ආර්යයන් වන අතර බෞද්ධයන් ද වේ. මෙම පරපුර ලංකාවට ශ්‍රී මහා බෝධිය ගෙන ආ පරම්පරාවට සම්බන්ධ අයයි. එහිදී සඳහන් කළ යුත්තේ ශ්‍රී මහා බෝධිය ගෙන ආ කුමාරවරුන් අට දෙනා අතර එක් අයකුට යාපනයේ වඩමාරච්චි, තෙන්මාරච්චි හා වලිකාමම් යන භූමි 03 දෙවැනි පෑතිස් රජු විසින් පිsරිනමා ඇත. එම නිසා එම පරපුරෙන් පැවත එන අයට ත්‍රිඹුල් බණ්‌ඩාර යන නම භාවිතා කරති. වීදිය බණ්‌ඩාරට ත්‍රිඹුල් බණ්‌ඩාර කියා ද භාවිතා කරන්නේ එම නිසාය. මේ විස්‌තර අද ද පැහැදිළි කර දිය හැකි පරපුරවල් වල අය ජීවත් වන බව මෙහි සඳහන් කරමි.
පිලස්‌සේ වීදිය බණ්‌ඩාර යනු ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් පිලස්‌සේ උඩුපොළ පිහිටුවා විහාරයක් කළ නිසා පරපුරට දෙන ගෞරව නාමයකි. කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ එම ස්‌ථාන අදත් දක්‌නට ඇත. මනුනීති කණ්‌ඩචෝල යනු කන්‍යා කුමාරි තුඩුව හා චෝල දේශය ද යාපනයේ ත්‍රිභූමිය ද පාලනය කිරීමට අශෝක අධිරාජ්‍යා විසින් දෙවනපෑතිස් රජුගේ ද එකඟත්වය ඇතුව පැවරූ රජ කෙනෙකි. එකල චෝල දේශය දුර්වල රාජ්‍යයකි. මේ නිසා එය පාලනය කළේ ආර්යයන් විසිනි. පසුකාලීනව ඔවුන් බලවත් වූ විට මෙම ජනප්‍රවාද පවා දෙමළකරණයට ලක් කර දෙමළ ජනතාව නොමඟ යවා ඇති බව පෙනේ. එල්ලාවල මේධානන්ද හිමි සඳහන් කර ඇත්තේ ත්‍රිකුණාමලයේ මහා පන්සල චෝඩ ගංගදේව (1196 - 1197) රජු විසින් ඉදිකළ බව සෙල්ලිපියක සඳහන් වී ඇති බවයි. එහෙත් එක අවුරුද්දක් පාලනය කළ රජකුට එතරම් විශාල කර්තව්‍යයක් කිරීමට හැකිදැයි සිතීම අපහසුය. ගජබා රජු (113 - 125) විසින් ද මෙම විහාරයට ඉඩකඩම් පූජා කළ බව සඳහන් වේ. අනුරාධපුරයේ පණ්‌ඩු රජ පාලනය කරන සමයේ උලක්‌කොණ්‌ඩ කුමාරයා ත්‍රිකුණාමලයේ බලයට පැමිණි බව යාල්පානයේ වෛපමාලයේ ද සඳහන් වී ඇත. උලක්‌කොණ්‌ඩ කුමාරයා ලංකාවට පැමිණ ඇත්තේ ක්‍රි.ව. 431 දීය. එනම් පාණ්‌ඩිය කුමාරවරු පස්‌දෙනකු අනුරාධපුර පාලනය කළ යුගයේදීය.
කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා පළ කළ ජනවාර්ගික අනන්‍යතාවයේ විකාශනය (The Evolution of ethnic identity ) නැමැති පොතේ ත්‍රිකුණාමලයේ හමු වූ සෙල්ලිපියක ඡයාරූපයේ පළ කර ඇත. ඊට අමතව එල්ලාවල මේධානන්ද හිමි සිය උතුරු නැගෙනහිර බෞද්ධ පුදබිම් නැමැති පොතේ ද ගෝකණ්‌න විහාරයේ සංස්‌කෘත සෙල්ලිපියක් පළ කර ඇත. එහි සඳහන් වන්නේ චෝඩ ගංග රජු මේ විහාරය ඉදිකළ බවයි. නමුත් එක අවුරුද්දක් පොළොන්නරුවේ චෝඩගංග රජුට මෙවැනි භාරදූර කර්තව්‍යක් කිරීමට කාලය තිබුණේ දැයි සිතා ගැනීම අපහසුය. අපගේ ලිපියේ අරමුණ බෞද්ධ පුද බිමක් විනාශ කර කෝවිලක් ඉදිකිරීම පිළිබඳ අදහස තහවුරු කිරීමට පෘතුග්‍රීසීන් හා ලන්දේසීන් ලියා ඇති දේ හොඳටම ප්‍රමාණවත්ය.
ලංකා ඉතිහාසය පිළිබඳ (History of Ceylon) නම් පොතේ 301 පිටුවේ මහාචාර්ය පීටර් කර්නි නම් බිෂොප්වරයා සඳහන් කර ඇත්තේ ත්‍රිකුණාමලයේ හින්දු කෝවිලක් කඩා පෘතුග්‍රීසි බලකොටුව ඉදිකළ බවයි. මෙම බිෂොප්වරයා ලංකා ඉතිහසයට ද බුදුන්ට ද අතිශයින් නිග්‍රහ කළ පූජකයෙකි. ඔහු සඳහන් කරන්නේ ලංකා ඉතිහාසය ආරම්භ වන්නේ පෘතුගීසීන් පැමිණීමෙන් පසුව බවයි. මෙයින් පෙනී යන්නේ ත්‍රිකුණාමලායේ බෞද්ධ පුදබිම හින්දු කෝවිලක් ලෙස නම් කිරීම හුදෙක්‌ම ක්‍රිස්‌ත්‍රියානි පූජකවරුන්ගේ උවමනාවක් බවයි. ඔවුන්ට පෙනෙන්නේ සිංහල බෞද්ධයන් උතුරු නැගෙනහිරට පැමිණීම වලක්‌වා මෙය සුදුසු උපායක් බවයි. රට බෙදීමද මිෂනාරි පැවැත්මකි.
ඒ නිසා සත්‍ය පදනම් වූ ගෝකණ්‌න විහාරය සාදු හඬ යළිත් මතුකර ගැනීමටත් බුද්ධ වචනය අනුව සත්‍යවාදීය සංහිඳියාවට යැමටත් ධෛර්යය ලැබේවායි පතමි. සාදු ... සාදු.. බුදුන් වහන්සේ ලංකාවට වැඩම කළ තුන් වතාවේ දෙවතාවක්‌ම වැඩම කලේ ආරවුල් සමථයකට පත් කිරීමටය නාග දමනය හා යක්‍ෂ දමනය මෙම ආරවුල් දෙකය. එසේ නම් ආරවුල් සමථයකට පත් කිරීමට බුද්ධ වචනය අතීතයේ සිටම අපට වැදගත් වී ඇත. එය එසේම වේවා.
පියසිරි අමරකෝන් - ගණකාධිකාරී සේවා සංගමයේ හිටප සභාපති
http://www.divaina.com/2017/09/10/feature06.html

0 comments:
Post a Comment