Pages

Showing posts with label කාලීන ලියැවුම්. Show all posts
Showing posts with label කාලීන ලියැවුම්. Show all posts

Sunday, May 26, 2019

සහරාන්ලා බිහිවෙන්නේ උන්මත්තක ම්ලේච්ඡ ඉගැන්වීම මතයි... අපි පහරදිය යුත්තේ ඒ උන්මත්තක ආගමික ඉගැන්වීමටයි! අපිඑදා කියූ දේවල් ඇහුවානම් සහරාන්ලාට මේරටේ එකදු මිනිසකුගේ ජීවිතයක්වත් උදුරාගන්න ලැබෙන්නේනැහැ...


සාකච්ඡුා කළේ - සිරිමන්ත රත්නසේකර
 
  * මේ එක නඩුවක්වත් මාගේ පුද්ගලික ප‍්‍රශ්න නිසා ඇති වූ ඒවා නොවේ

  * අපි මානසිකව ඇදවැටෙන මිනිස්සු නොවෙයි

  * මහින්දගේ ගෝලයෝ, රනිල්ගේ ගෝලයෝ, මෛත‍්‍රීගේ ගෝලයෝ, චම්පිකගේ ගෝලයෝ, විමල්ගේ ගෝලයෝ, අනුර කුමාරගේ ගෝලයෝ වගේ වුණා මිසක භික්‍ෂූන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ වුණේ නෑ.
 
  * කාටවත් පාවිච්චි කරන්න අපි නිකම් හිස් බැලූන්බෝල නොවෙයි

  * උම්මත්තක වහබ්වාදී ම්ලේච්ඡුත්වයෙන් අප රටේ සාම්ප‍්‍රදායික, පාරම්පරික සහෝදර මුස්ලිම් ජනතාවත් අප ආරක්‍ෂා කරගත යුතුයි.
 
  * මුස්ලිම් සමාජයට එක ගල් පහරක් හරි එල්ල කළොත් එය අප ලබන පරාජයක් බව කිව යුතුමයි. අන්තවාදීන් සුළු පිරිසක් කරන කටයුතු නිසා මුළු මුස්ලිම් සමාජයම පීඩාවට පත්කළ යුතු නැහැ.
 
  * අපි එදා ඉඳන් කෑගසා කියූ දේවල් ඇහුවා නම් සහරාන්ලාට අද මේ රටේ එකදු මිනිසකුගේ ජීවිතයක්වත් උදුරා ගන්න ලැබෙන්නේ නැහැ.
 
නව මසක සිර ගත ජීවිතයකට ගුලි කරන ලද චීවරයක උරුමය පසුගිය බ‍්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ නිදහස් විය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සිර ගත වන්නේ ජාතිය උදෙසා ගෙන ගිය විසල් අරගලයට වන්දියක් ලෙසය. උන් වහන්සේ හඬ අවදි කරන මොහොතේ, නින්දා අපහාස උපහාස තොග ගණනින් උන් වහන්සේ වෙත පෙරලූ සමාජයට, පාස්කු ඉරිදා පෙරළා ලැබුණු දඬුවම සුළු පටු නොවීය. එදා උන් වහන්සේට ගැරහූ සමාජයම පෙරළා උන් වහන්සේට වන්දනා මාන කරන්නට වූයේ එදා උන් වහන්සේ දේශනා කළ සත්‍යය ඇස් මානයේ දිස් වන්නට වූ නිසාය. තවුහිද් ජමාත් අන්තවාදය පිළිබඳව ඥානසාර හිමියෝ වදාළ බර සාර සත්‍යය උන් වහන්සේට උරුම කරන ලද්දේ සිර බතය. එසේ වුවත් එහි වන්දිය ජාතියක් ලෙස අප තවම ගෙවා අවසන් නැත.
 
උන්වහන්සේ වදාළ සත්‍යයම, උන්වහන්සේ හිර ගෙදරින් නිදහස් කරන ලෙස ඉහළට බලපෑම් කරනා ධර්මායුධය විය. සමාජයෙන් ලැබුණු බලපෑම මතම උන් වහන්සේ නිදහස් වීමෙන් අනතුරුව රුක්මලේ ධර්ම විජයාරාම විහාරස්ථානයට වැඩම කළේය. ඉන් අනතුරුව එළැඹුණු මධ්‍යම රාත‍්‍රියේදී උන්වහන්සේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ සමග පැය කිහිපයක් කතා බස් කළහ. මේ පළ වන්නේ ඒ කතා බහය.
 
 
  අවසරයි හාමුදුරුවනේ...!
 
  ප‍්‍රශ්නය - ඔබ වහන්සේව මුණගැසෙන්නේ මාස නමයකට පසුවයි. එම මාස නමය ගැන ඇත්තටම මොකද හිතෙන්නේ?
 
  පිළිතුර - ඒ මාස නමය විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් කළා වගේ. ඒ මාස නවය තුළ ඉගෙන ගත්ත දේවල් බොහෝයි. අපගේ ඉදිරි ඉලක්ක, අභියෝග ජයගන්න සුදුසු වාතාවරණයක් දැන් ගොඩනැ`ගී ඇති බවයි මාගේ හැ`ගීම. පසුගිය මාස නවයේ ලැබූ අත්දැකීම් අති විශාලයි. බන්ධනාගාරය තුළදී නිලධාරීන්, සිරකරුවන් ඇතුළු සියලූ දෙනා හිමිනමකට එහි වාසය කරන්න අවශ්‍ය වාතාවරණය සකසා දුන් බවත් මේ වෙලාවේ මතක් කරන්න ඕන.
 
  ප‍්‍රශ්නය - මේ තරම් කෙටි කාලයක් තුළ ජනාධිපති සමාව ලැබේ යැයි ඔබ වහන්සේ විශ්වාස කළාද?
 
  පිළිතුර - මගේ හදවත දන්නවා මම වරදක් කළාද, නැද්ද කියලා. මගේ හදවතේ විශ්වාසයක් තිබුණා සිදුවී ඇති වරද ජනාධිපතිතුමා නිවැරදි කරාවියැයි කියා. 2015 සිට 2018 නොවැම්බර් වනතුරු අවස්ථා ගණනාවකදී මාව බන්ධනාගාරගත කරනු ලැබුවා. මට වැටී ඇති මේ එක නඩුවක්වත් මාගේ පුද්ගලික ප‍්‍රශ්න නිසා ඇති වූ ඒවා නොවේ. රටටත්, දැයටත්, සමයටත් එල්ල වූ අභියෝගවලට අභියෝගයක් වූ නිසයි ඒ නඩුහබ සියල්ල වැටී තිබුණේ. මේ සියලූ ගැහැට ඒ රට වෙනුවෙන් කටයුතු කිරීම නිසයි. අපට තිබෙන්නේ වීර යති පරපුරක ඉතිහාසයක්. අපි කතා කරන්නේ ඒ මහා කැපවීම් කරපු ඒ වීර පරපුර ගැන. වර්තමානයේ බොහෝ අය රට වෙනුවෙන් වැඩ කරන්නේ කටින් විතරයි. කැප කිරීම් කරන්න කවුරුත් නැහැ. නමුත් ඒ කැපකිරීම් අපි නොපිරිහෙලා ඉටු කළා. ඒ කැපකිරීම්වලට ලැබුණු දායාදය මේ දුක් ගැහැට තමයි.
 
  ප‍්‍රශ්නය - ඔබ වහන්සේ මානසික ඇදවැටීමකට ලක්වී ඇති බවයි පේන්න තිබෙන්නේ?
 
  පිළිතුර - නැහැ, කිසිසේත් නැහැ. ප‍්‍රශ්න පැමිණියා කියා, ප‍්‍රශ්නවලට මුහුණ දුන්නා කියා අපි මානසිකව ඇදවැටෙන මිනිස්සු නොවෙයි. පසුගිය කාලසීමාව තුළ මට ඉතා හොඳින් ආත්ම පරීක්‍ෂාවක් කරගන්න ඉඩප‍්‍රස්ථාව ලැබුණා. ඉදිරි ගමනට එය හොඳ ශක්තියක් වේ යැයි මම විශ්වාස කරනවා. මට වැරදුනු තැන්, මට වරද්දපු තැන් මා සමග සිටි යාළු මිත‍්‍රයෝ විපතේදී, සැපතේදී මා සමග සිටි මිත‍්‍රයෝ, වංචාකාරයෝ, අවස්ථාවාදියෝ කවුද, කල්‍යාණ මිත‍්‍රයෝ කවුද යන්න මේ කාලසීමාවේදී හොඳින් දැනගැනීමට මට අවස්ථාවක් ලැබුණා. මේ කිසි දෙයක් ගැන මට කිසිදු කනගාටුවක් නැහැ. ඔබ මගෙන් ඇහුවේ ජනාධිපති සමාව මෙතරම් ඉක්මනට ලැබෙයිද කියායි. මට විශාල විශ්වාසයක් තිබුණා මොනයම් වෙලාවක හෝ මට නිදහස හිමිවේවි කියලා. මම තුන් හිතකින්වත් වරදක් කරපු භික්‍ෂුවක් නොවෙයි. මට සිරගතවෙන්න සිදුවුණේ රටේ තිබුණ ප‍්‍රශ්නයක් ගැන කතා කිරීම නිසයි. මම කිව්වේ බුද්ධි අංශ දුර්වල කරන්න එපා කියලයි. එම ඉල්ලීම රටේ සියලූ ජනතාව උපනූපන් සියලූ දෙනා, සතා සිව්පාවා ඇතුළු සියලූ දෙනා ගැන සිතා කළ අහිංසක ඉල්ලීමක්්. මේ ලෝකේ සත්‍ය කියල දෙයක් තිබෙනවනම්, දෙවියන් වැඩ ඉන්නවනම්, තුනුරුවන් වැඩ ඉන්න මේ වගේ රටක නායකයන්ට අපි වගේ හාමුදුරු නමක් නිදහස් කරන්න සම්මා චිත්තාව පහල වෙන්න ඕනෑ කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. ඇත්තටම මට හිතෙන්නේ ඒ සත්‍යය ජයග‍්‍රහණය කළා කියලයි.
 
ප‍්‍රශ්නය - ඔබ වහන්සේට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය ගැන ඔබ වහන්සේට සිතෙන්නේ කුමක්ද?
 
  පිළිතුර - මාව නිදහස් කිරීමට එතුමා ගත් තීරණයට එරෙහිව ජනාධිපතිතුමාට නොයෙකුත් පැතිවලින් ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙන්න ඇතැයි මා විශ්වාස කරනවා. එම බලපෑම් මුස්ලිම් සමාජයටත් වඩා සිංහල යැයි සම්මත සිංහල දේශපේ‍්‍රමීන් යැයි කියා ගනිමින් පෙනී සිටින කණ්ඩායම්වලින් එන්න ඇතැයි මා විශ්වාස කරනවා. ‘ඔය හාමුදුරුවන්ව එලියට දාන්න එපා ජනාධිපතිතුමා, මොනව හරි දෙයක් වුණොත් වගකීම ගන්නේ කවුද ජනාධිපතිතුමා, ඔය හාමුදුරුවෝ එලියට ඇවිත් මොනව කරයිද දන්නෑ ජනාධිපතිතුමා’ වගේ දේවල් මේ කට්ටිය කොච්චර ජනාධිපතිතුමාට කියන්න ඇත්ද? ඔවුන් මාව නිදහස් නොකිරීම සඳහා මොන තරම් මතවාද ගොඩනැ`ගුවාද? මාව දේශපාලන පාපන්දුවක් කරගැනීම සඳහා කොච්චර නූල් සූත්තර ඇද්ද? මේ වගේ කකුලෙන් ඇදීම් රැසක් හමුවේ තමයි මේ ජනාධිපති සමාව මට ලැබී තිබෙන්නේ. පෙනෙන හතුරාට වඩා නොපෙනෙන හතුරා බොහෝ බලවත්ව කටයුතු කරමින් සිටින බව සිහිපත් කරන්න කැමැතියි.
 
  ප‍්‍රශ්නය - ඔබ වහන්සේ ඞීල්කාරයෙක් යැයි ප‍්‍රබල චෝදනාවක් පසුගිය සමයේ එල්ල වුණා.
 
  පිළිතුර - අපිට මොන තරම් චෝදනාවන් එල්ල කළාද? අපි ඞීල්කාරයෝ කිව්වා. අපි නෝර්වේවලින් සල්ලි ගත්තා කිව්වා. අපි ගෝඨාභයගේ මිනිස්සු කිව්වා. තවත් සමහරෙක් අපි රනිල්ගේ මිනිස්සු කිව්වා. තවත් සමහරෙක් අපි චම්පිකගේ මිනිස්සු කිව්වා. සමහරු අපි මහින්දගේ කිව්වා. මේ වගේ නොකළ ගැරහීමක් නොකළ චෝදනාවක් නැහැ. අපි අඩුම ගානේ පන්සලේ ගොඩනැ`ගිල්ලක්වත් හදා නොගත් හාමුදුරුවෝ. හදිසියේ අපවත් වුණානම් මිනියවත් තියා ගන්න තැනක් නැහැ. අපි වැඩ කලේ පන්සල් හදන්න, දායකයන් හදන්න නොවෙයි. අපි හිතුවේ මුළු රටේම පන්සල්, මුළු රටේම දායකයෝ අපේම දායකයෝ කියලා. බුදු වදනක් තිබෙනවා ‘නත්ථි ලෝකෝ අනින්දිතෝ’ කියලා. එහි තේරුම මේ ලෝකේ නින්දා නොලබන්නෙක් නැති බව. මම භික්‍ෂුවක් විදිහට ලබන්න ඕන නින්දා අපහාස මේ වෙනකොට විඳ අවසන්. අපි රට වෙනුවෙන් කළ මෙහෙවර සඳහා කවුරුන් හෝ උදව් කළා නම් ඔවුන්ටත් එලව එලවා ගැහුවා. අන්තිමේදී අපිට ගහල ගහලා හිරගෙට ඇදල දාන්න දක්වාම ඔවුන් වැඩ කළා. මේ වෙලාවේ කියන්න ඕනා අපිව ඒ තැනට දැම්මෙත් සමහරු ඔය දේශපේ‍්‍රමීන් යැයි කියන අයම තමයි. අපි එදා ඉඳන් කෑගසා කියූ දේවල් ඇහුවා නම් සහරාන්ලාට අද මේ රටේ එකදු මිනිසකුගේ ජීවිතයක්වත් උදුරා ගන්න ලැබෙන්නේ නැහැ. අපි කිව්ව දේවල් ඇහුවනම් මිනිස් ජීවිත දේපළ ඉතුරු වෙනවා වගේම සහරාන්ලත් අඩුම තරමේ හිරගෙදරක හෝ ජීවත් වෙන්න ඉඩ තිබුණා. එදා අපි ඇත්ත කියනකොට දේශපේ‍්‍රමීන් යැයි කියාගන්නා කොටස් කිව්වේ ඔන්න ඥානසාරලා බිල්ලො මවනවා කියලයි. දැන් මේ බොරු දේශපේ‍්‍රමියෝ මෙච්චර වෙලා අවසන්ව තිබියදී අපටත් වඩා දේශපේ‍්‍රමියෝ වෙලා කෑගහන්න අරගෙන තිබෙනවා. මේ මිනිස්සු ගැන මට තිබෙන්නේ කනගාටුවක් විතරයි. මේ සමාජයට මට කියන්න තියෙන්නේ කයිවාරු ගසා බතල හිටවලා වැඩක් නැහැ. අපි හදන්න ඕනේ කැපකිරීම් කරන්න පුළුවන් පරපුරක්. මේ සමාජය හොඳ තැනකට ගෙනෙන්න පුළුවන් වෙන්නේ එලෙස කැපකිරීම් කරන්න පුළුවන් පිරිසකට පමණයි. භික්‍ෂූන් වහන්සේලා දේශපාලනඥයන්ගේ වලව්වල වළං හෝදන්නේ නැතිව ඔවුන්ගේ එහෙයියන් නොවී දේශපාලනඥයන්ට වඩා උඩින් ඉඳගෙන ඔවුන්ට අනුශාසනා කිරීම තමයි කරන්න ඕනේ. මිනිසුන් එම වගකීම ඉටුකළොත් පමණයි අපට දණ්ඩ නමස්කාර කරනු ලබන්නේ. අපේ වගකීම වියයුත්තේ එයයි. මම එම වගකීම් හිසින් දරාගෙන වැඩ කළා. කිසිදු දේශපාලනඥයකුගේ සතයක වරදානයක් නොගෙන, කිසිවකුට යට නොවී වැඩ කරපු ඉතිහාසයක් අපට තිබෙන්නේ. මේ රටේ ව්‍යාපාරිකයෝ තුන් හතර දෙනෙක් පිටරට සොච්චම් පඩියක් ගන්න අපේ දායකයන් අපට කරපු උපකාරයක් ඇරෙන්න අනෙක් බොහෝ දෙනා අපට කළේ අපේ කකුලෙන් ඇදීම පමණයි. බාධක අභියෝග මැද අපි කියූ සියල්ල අද සත්‍ය වෙලා තියෙනවා. මේ ව්‍යසනය නතර කර ගන්න බැරිවීම ගැන මට විශාල කම්පනයක් තිබෙනවා. දෙයක් වූ පසු කඳුළු සලා ඒ ගැන කතා කිරීම වීරත්වය නොවේ. සැබෑ වීරත්වය කියන්නේ ප‍්‍රශ්නයක් ඇති වෙන්න කලින් එය කල්තියා දැක ඒවා නොවෙන තැනට කටයුතු සම්පාදනය කිරීමයි.
 
  ප‍්‍රශ්නය - ඉදිරි ජනාධිපතිවරණයේදී දේශපාලන අතකොලූවක් බවට පත්කර ගැනීම සඳහා ඔබ වහන්සේට ජනාධිපති සමාව දුන්නා කියා ඇතැමුන් චෝදනා කරනවා.
 
  පිළිතුර - මගේ නම ඥානසාර කියලා පමණක් මතක තියා ගන්න. කාටවත් පාවිච්චි කරන්න අපි නිකම් හිස් බැලූන්බෝල නොවෙයි. අපිව හසුරුවන්න නොයෙක් අය ආව. එහෙම බැරිවෙච්ච සිංහ හම පෙරවගත්ත බැටලූවෝ තමයි අපිව මේ බොරු වළවල්වල දාන්නේ. අපිව පාරේ සරුංගල් කරන්න කාටවත් අපි ඉඩදෙන්නේ නැහැ. අපි ස්වාධීනව අපේ ගමන පැමිණ ඇති බව ඉතිහාසය සාක්‍ෂි දරනවා.
 
  ප‍්‍රශ්නය - දේශපාලනයට පැමිණීම සඳහා ඔබවහන්සේගේ අදහසක් තිබෙනවාද?
 
  පිළිතුර - අපි කවුරුත් කරන්නේ දේශපාලනයක් තමයි. හැබැයි අපි කරන්නේ ඓතිහාසික දේශපාලන වගකීමක් ඉටුකිරීම. එය පක්‍ෂ දේශපාලනයට අදාළ කරගන්න එපා. අපට ඉතිහාසය විසින් පවරපු රාජකාරියක් තිබෙනවා. ඒ රාජකාරිය කරන්න භික්‍ෂූන් වහන්සේලා බැඳී සිටිනවා. භික්‍ෂූන් වහන්සේලාගේ ඓතිහාසික කාර්ය භාරය පක්‍ෂ දේශපාලනය විසින් විනාශ කළා. ඇතැම් භික්‍ෂූන් වහන්සේලා මහින්දගේ ගෝලයෝ, රනිල්ගේ ගෝලයෝ, මෛත‍්‍රීගේ ගෝලයෝ, චම්පිකගේ ගෝලයෝ, විමල්ගේ ගෝලයෝ, අනුර කුමාරගේ ගෝලයෝ වගේ වුණා මිසක බුදුහාමුදුරුවන්ගේ ගෝලයෝ වුණේ නෑ. අපේ නායකයා බුදුහාමුදුරුවෝ බව බොහෝ භික්‍ෂූන් වහන්සේලා අමතක කර තිබෙනවා. එහි විපාකය තමයි අද අපි අත්විඳිමින් තිබෙන්නේ. ඉතිහාසයේ වීර යතිවරු අපට පවරපු කාර්යභාරය තමයි අපි මේ ඉටු කරමින් තිබෙන්නේ.
 
  ප‍්‍රශ්නය - ඥානසාර හිමියන්ට ජනාධිපති නිදහස හිමි වුණා. ඇත්තටම ඔබ වහන්සේ නිදහස්ද?
 
  පිළිතුර - මෙහෙමයි.... මට තව නඩු විශාල ප‍්‍රමාණයක් තිබෙනවා. අපට එරෙහි බොහෝ සතුරු බලවේග තවමත් නිෂ්කී‍්‍රය වෙලා නැහැ. ඔවුන් පෙරටත් වඩා සක‍්‍රීය වෙලා තිබෙනවා. විඳිමින් සිටි සිරදඬුවම වෙනුවෙන් නිදහස හිමිවුවත් රට දැය සමය හමුවේ ඇති ප‍්‍රශ්නවලින් අපි නිදහස් නැහැ.
 
  මාව නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාව පුද කිරීමට මෙය මා අවස්ථාවක් කර ගන්නවා.
 
  ප‍්‍රශ්නය - ඔබ වහන්සේව නිදහස් කිරීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ‘පොලිටිකල් ගේම්’ එකක් කියලයි ඇතැමුන් චෝදනා කරන්නේ?
 
  පිළිතුර - මිනිස්සු මොනවද නොකියන්නේ? මිනිස්සු මේ සම්බන්ධයෙන් නොයෙක් දේවල් කියාවි. මාව නිදහස් කරවා ගැනීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කළා. කාදිනල්තුමා ඇතුළු අන්‍යාගමික පූජ්‍ය ප‍්‍රසාදීන්වහන්සේලා ඉල්ලීම් කළා. ඒ සියල්ල වගේම මේ රටේ බහුතරයක් මිනිස්සු මෙම දඬුවම සම්බන්ධයෙන් විශාල සාතිශය ආතතියක සිටියේ. මෙම කරුණු කාරණා සියල්ල අනුව තමයි ජනාධිපතිතුමා සුදුසු වෙලාවේදී සුදුසු තීරණය ගෙන ඇත්තේ. එතුමා ජනමතයට හිස නමා ඇති බවයි මාගේ හැ`ගීම. එතුමාට පැමිණි සියලූ අභියෝගයන්ට අභියෝගයක් වෙමින් ජනාධිපතිතුමා මා කෙරෙහි විශ්වාසය තබා නිදහස ලබාදී තිබෙනවා. ඒ විශ්වාසය මා රකිනවා වගේම රැකිය යුතුව තිබෙනවා.
 
  ප‍්‍රශ්නය - ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේදී ඔබවහන්සේව බැහැදැක සාකච්ඡුාවක් පවත්වා ඇති බව සඳහන් වෙනවා. ඇත්තටම එහිදී සාකච්ඡුා වුණේ කවරක්ද?
 
  පිළිතුර - අනපේක්‍ෂිත බෝම්බ ප‍්‍රහාරය හා රට තුළ ඇති ආතතිය පිළිබඳව සාකච්ඡුා කළා. ස්වර්ණ හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නවා සේ මෙම ප‍්‍රශ්නයට පිළිතුරු සෙවිය යුතු බව මම එතුමාට සඳහන් කළා. ඔය ටික තමයි අපි සාකච්ඡුා කළේ. මෙම ප‍්‍රශ්නය දේශපාලන පාපන්දුවක් කරගත්තොත් අනාගත පරපුර අපට ශාප කරාවි. මේ රටේ සාම්ප‍්‍රදායික, ස්වදේශික, පාරම්පරික මුස්ලිම් ප‍්‍රජාව මෙම ප‍්‍රශ්නයට වගකිවයුතු නැහැ. වහබ්වාදී කඳවුර වෙන්කොට හඳුනාගෙන එය නිෂ්ක‍්‍රීය කළ යුතුයි.
 
  ඒ කඳවුර පිළිබඳව මට හොඳ අවබෝධයක් තිබෙනවා. එම කඳවුර නිෂ්ක‍්‍රීය කිරීමේ කටයුත්තට යම් ආකාරයෙන් සහය වීමට මට හැකියාවක් තිබෙනවා. මා එය කරන්නේ රට වෙනුවෙන්.
 
  ප‍්‍රශ්නය - රට තුළ මතුව ඇති ඉස්ලාම් වහාබ් ත‍්‍රස්තවාදය මැඬලීම සම්බන්ධයෙන් රජය මේවන විට ගෙන ඇති පියවරයන් සම්බන්ධයෙන් ඔබ වහන්සේට සෑහීමකට පත්විය හැකිද?
 
  පිළිතුර - සෑහෙන්න මට්ටමකට.... මේක අලූත් තත්ත්වයක්්. මේ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය වගේ එකක් නෙමේ. ඔවුන්ට තිබුණේ දේශපාලන අරමුණක්. නමුත් මේක තනිකරම බිලි පූජාවක්. අපට නොපෙනෙන බලවේග රැසක් මේ මොහොතේ රටට බැහැලා තිබෙනවා. ඒ නිසා අපි බොහොම කල්පනාකාරීව වැඩ කරන්න ඕනෑ. භයානක ත‍්‍රස්තවාදයක් පරාජය කළ උදාරතර හමුදාවක් සිටින රටකට මේ ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් එතරම්ම බය වෙන්න ඕනේත් නැහැ. හේතුව නොනසා ඵලය නසන්න බැහැ. ප‍්‍රශ්නයක් වුණා. ජීවිත රැසක් නැතිවුණා. මේක දැකලා බොහෝ අය නහයෙන් අඬනවා. ශෝකය ප‍්‍රකාශ කරනවා. බැනර් දානවා. මේව කරලා ප‍්‍රශ්න විසඳන්න බැහැ. සහරාන්ල වගේ අය බිහිකරන න්‍යායාත්මක මතවාදය පරාජය නොකර මේ ප‍්‍රශ්නය විසඳන්න බැහැ. මේ නිසා අප කළ යුත්තේ හේතුව නසන වැඩපිළිවෙල හදන එකයි. මුස්ලිම් සමාජයට එක ගල් පහරක් හරි එල්ල කළොත් එය අප ලබන පරාජයක් බව කිව යුතුමයි. අන්තවාදීන් සුළු පිරිසක් කරන කටයුතු නිසා මුළු මුස්ලිම් සමාජයම පීඩාවට පත්කළ යුතු නැහැ.
 
  ප‍්‍රශ්නය - නමුත් ඔබ වහන්සේ මේ කියන මුස්ලිම් සමාජයම මීට පෙර පීඩාවට පත්කර ඇති බවට විරුද්ධ පාර්ශ්වයන් චෝදනා කරනවා.
 
  පිළිතුර - නැහැ. එය වැරදියි. වහාබ්වාදී අනතුර දුරතියා දැක ඒ අනතුර රටට කීමයි අප සිදුකළේ. ප‍්‍රබුද්ධ මුස්ලිම් සමාජයේ කොටස් සමග සාකච්ඡුා කර ඊට විසඳුම් සෙවීමයි අපි කරමින් සිටියේ. නමුත් එහිදී අපේ හෙඬ් ශබ්දය ගැන කතා කළා මිසක් ප‍්‍රශ්නය කුමක්ද යන්න කවුරුත් විමසා බැලූවේ නැහැ. මේ ප‍්‍රශ්නය ගැන කියන්න අපට මාධ්‍ය ඉඩදුන්නේ නැහැ. හැමෝම කළේ මාව වැරදිකාරයෙක් කර හංවඩු ගැසීම පමණයි. සහරාන් රටට පණිවුඩයක් ගෙනැවිත් තිබෙනවා. මේ සිදුව ඇති විපත්තිය සම්පත්තියක් කරගෙන නැවත මෙවන් තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කිරීමයි අප කළ යුත්තේ. උම්මත්තක වහබ්වාදී ම්ලේච්ඡුත්වයෙන් අප රටේ සාම්ප‍්‍රදායික, පාරම්පරික සහෝදර මුස්ලිම් ජනතාවත් අප ආරක්‍ෂා කරගත යුතුයි.
 
  ප‍්‍රශ්නය - හොඳයි.... බන්ධනාගාරයෙන් නිදහස් වන මොහොතේ ඔබ වහන්සේගේ පැමිණීම මාධ්‍ය ඇතුළු බොහෝ පිරිසක් බලාපොරොත්තුව සිටියා. නමුත් ප‍්‍රධාන දොරටුවෙන් ඔබ වහන්සේ පිටතට වැඩම කළේ නැහැ. පස්සා දොරෙන් හොරෙන් පැනල යන්න වුණේ ඇයි?
 
  පිළිතුර - ඒ එකක්වත් මට තීරණය කරන්න පුළුවන් දේවල් නොවෙයි. මා යන්නේ කිනම් දොරටුවකින්ද යන්න මා දැන සිටියේ නැහැ. මට අවශ්‍ය තිබුණේ බන්ධනාගාරයෙන් එලියට බැසීම පමණයිි. මම හිතන්නේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප‍්‍රශ්න තිබෙන්න ඇති කියලයි. දුර බැහැර ගෙවාගෙන මාව බැහැ දැකීමට පැමිණ සිටි සෑම සියලූ දෙනාටම හිස නමා මා ආචාරය පුදකර සිටිනවා. මගේ නිදහස් වීම වැළැක්වීමට බොහෝ කණ්ඩායම්වලට අවශ්‍යව තිබුණා. ඒ නිසා මෙවැනි ආරක්‍ෂක ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කළා වෙන්නට පුළුවන්.
 
  ප‍්‍රශ්නය -

  බන්ධනාගාරයෙන් පිටතට වැඩම කළ ඔබ වහන්සේගේ පළමු රාජකාරිය වුණේ අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් බැහැදැකීමට යෑමයි. එහිදී උන්වහන්සේ සමග සිදුකළ සාකච්ඡුාවේදී ‘මට හොඳටම මහන්සියි’ යැයි ඔබ වහන්සේ සඳහන් කළා. ඉන් අදහස් වන්නේ ඉදිරි කටයුතුවලින් ඈත් වෙනවා කියලද?
 
  පිළිතුර - ඇතැම් ස්වාමීන් වහන්සේලාගේ හැසිරීම, බලයට ඇති කෑදරකම, අරමුණට අවංක නොවීම, දේශපාලනඥයන්ගේ කොන්ත‍්‍රාත් ඉටුකිරීම පිළිබඳව මාහට විශාල ප‍්‍රශ්නයක් තිබෙනවා.
 
  ප‍්‍රශ්නය - ඔබවහන්සේ කලකිරිලද සිටින්නේ?
 
  පිළිතුර - ඔව්... ඇත්තටම විශාල කලකිරීමක් තිබෙනවා. මොකටද මේ ජාතියට තවත් කරලා කියලා. අපි මහන්සි ගත්තේ මිනිස්සු හදන්න. අපි කිසිදු දේශපාලනඥයකුගෙන් අබමල් රේණුවක වැඩක් කරගෙන නැහැ. නිස්සරණාධ්‍යාසයෙන් ගමක් ගමක් ගානේ

  ගොස් බණක් කියලා ලැබෙන දෙයක් පිරිමහගෙන ඒ තරම් පරිස්සමින් වැඩකරපු මටයි මේ පහර දුන්නේ. ඇත්තටම මම නිසා මේ දේවල් ඉවසුවා. ඒ සඳහා සංසාරෙන් ගෙනාපු ශක්තියක් මට තිබුණා. ඇත්තටම දැන් වෙලාවකට හිතෙනවා මේ ජාතියට කරපු දේවල් ඇති කියලා.
 
  ප‍්‍රශ්නය - ඔබ වහන්සේ මේ ඓතිහාසික කාර්යභාරයෙන් ඈත්වෙන්නද යන්නේ?
 
  පිළිතුර - නැහැ. මෙයින් මිදිලා යන්න බැරිකමක් මට තිබෙනවා. වහාබ්වාදී අනතුර සමනය කර ගැනීමට මට දෙන්න පුළුවන් දේ උපරිමයෙන්ම දෙනවා. කොතරම් මහන්සි වුණත් කොතරම් කලකිරීමක් තිබුණත් එය කරන්න ඕනෑ යැයි පෙළඹවීම මාගේ හද පතුලේ තිබෙනවා. එය කොතරම් යටපත් කරන්න හැදුවත් මේ රටේ දරුපැටවු ගැන උපනූපන් පරපුර ගැන මතක් වෙද්දී ඒ කරුණාව මට තියෙනවා.
 
  ප‍්‍රශ්නය - බොදුබල සේනාවේ ඊළ`ග පියවර කුමක්ද?
 
  පිළිතුර - අපිට තිබෙන්නේ එක අරමුණයි. මේ රටට එක නීතියක් ගෙනෙන්න ඕනෑ. 2012 මැයි 07 වැනිදා පටන්ගත් බොදුබල සේනාවේ අරමුණු තවදුරටත් එලෙසම තිබෙනවා. ඒ අරමුණු ජයග‍්‍රහණයෙන් කෙළවර කිරීමට කළයුතු කැප කිරීම් සියල්ල කරන්න අප සූදානම්.
 
  ප‍්‍රශ්නය - ඔබ වහන්සේලා කිවූ සියලූ දේ අද ඇත්ත වී තිබෙනවා. මෙවන් මහා විනාශයක් කළ සහරාන් පිළිබඳ ඔබ වහන්සේට තරහක් තිබෙනවාද?
 
  පිළිතුර - කිසිදු වෛරයක්, තරහක් ඔහු පිළිබඳව නැහැ. මේ පංචස්කන්ධයක් පිළිබඳව කිසිදු වෛරයක්, තරහවක්, ක්‍රෝධයක් අපිට නැහැ. හැබැයි ආගමේ නාමයෙන් මිනී මරන්න දෙන්න බැහැ. එය උන්මත්කයි. සහරාන්ල බිහිවෙන්නේ උන්මත්තක ම්ලේච්ඡු ඉගැන්වීම මතයි. හේතුව නොනසා පුපුරන එක නවත්වන්න බැහැ. අපි පහරදිය යුත්තේ ඒ උන්මත්තක ආගමික ඉගැන්වීමට.
 
  ප‍්‍රශ්නය - මේ ඇතිවී තිබෙන තත්ත්වයට වගකිවයුත්තන් කවුද?
 
  පිළිතුර - දේශපාලනඥයෝ සියල්ලෝම මේකට වගකියන්න ඕන.
 
  ප‍්‍රශ්නය - ප‍්‍රබල මුස්ලිම් දේශපාලනඥයන් කිහිප දෙනකුටත් එල්ල වී ඇති චෝදනා බැහැර කරන්න බැහැ.
 
  පිළිතුර - ඇත්තටම මුස්ලිම් දේශපාලනඥයෝ පිළිබඳව අපි සතුටු වෙන්න ඕන. සහරාන්ල ගැනත් හරිනම් සතුටු වෙන්න ඕන. වැරදි වුණත් ඔවුන්ගේ ආගම වෙනුවෙන් කැපවෙන්න මිනිස්සු ඉන්නවා. මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් කැපවෙන දේශපාලනඥයෝ ඉන්නවා. නමුත් අපි වෙනුවෙන් කැපවෙන දේශපාලනඥයෝ ඉන්නවද? මේ ප‍්‍රශ්නයේදී අපේ දේශපාලනඥයෝ හැසිරෙන විදිහ කොතරම් පිළිකුල් සහගතද? මෙතරම් ව්‍යසනයක් සිදුව තිබියදීත් ප‍්‍රතිපත්තියක් හදාගන්න අපේ කට්ටිය එක තැනකට එකතු වෙනවද? අපේ එකෙකුට එකෙක් නැහැ. මොන කාලකණ්ණිකමක් ද මේ. අපේ උන් මෙහෙම කුලල්කා ගනිද්දී දෙමළ, මුස්ලිම් නායකයෝ ගැන අපි සතුටුවෙන්න ඕන. තමන්ගේ ජාතියට වැඩ කරන්න ඕනේ කොහොමද කියලා ඔවුන්ගෙන් අපි ඉගෙන ගන්න ඕන.
 
  ප‍්‍රශ්නය - ඉස්ලාම් වහාබ්වාදී අනතුරෙන් රටට ගැලවීමක් තිබෙයිද?
 
  පිළිතුර - වහබ්වාදී අනතුර කියන්නේ පිළිකාවක්. මේ පිළිකාව දැන් අපිට වැළඳී අවසන්. මෙය සියයට සියයක් දැන් නැති කරන්න කොහොමත් බෑ. මෙය අපට පාලනය කර ගැනීම පමණයි දැන් කිරීමට ඉතිරිව තියෙන්නේ. 2011 දී මෙය වැළඳෙන බව අපි රටට හඬගා කීවා. එදා ක‍්‍රියාත්මක වුණානම් ඊට උත්තර සොයන්න තිබුණා. මුස්ලිම් සමාජයට නිකරුණේ තඩිබා ඔවුන් අන්තවාදය දෙසට තල්ලූ නොකළ යුතුයි. මුස්ලිම් සමාජයට සිංහල මහා සමාජයෙන් වෙන් වෙන්න නොදී තබාගත යුතුයි.
 

http://divaina.com/sunday/index.php/main-news/9912-2019-05-24-09-23-64

මුස්ලිම් ඇමැති බලපෑම් එපා...! සියලූ අන්තවාදී බලවේග තහනම් කරමු; ත්‍රෛයිනිකායේ හඬ මෙයයි!!


* අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, රංගිරි දඹුලූ රාජමහා විහාරාධිපති... ආචාර්ය ගොඩගම මංගල නාහිමි

එදා අතීතයේ උඩරට සිංහලයේ අවසන් රාජධානිය අවස්ථා කිහිපයකදීම විදේශීය බලවේගයන්ට නතුකොට ගත නොහැකි වූයේ සිංහල බෞද්ධ ආගමික බැඳීමේ සහ එවකට විසූ සියලූ ජාතීන් අතර තිබූ එකමුතුකම නිසාය.
 
  1812 සිට 1815 දක්වා කාලයේ කන්ද උඩරට අවසන් රාජධානියේ දිසාවේ මහාධිකාරම්ලා සහ රජු අතර විරසකය ඇති කළේ ජෝන් ඩොයිලි ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍ය ජාතිකයින්ය. සිංහල ජනතාව සැමවිටම එකමුතුව පන්සල සමග බද්ධ වී සිටින බවත් සංඝයා වහන්සේලාගේ අනුශාසනා උපදෙස් ලබන බවත් දැන ගත් ජෝන් ඩොයිලි කූට ලෙස රජු සංඝරත්නයේ උපදෙස් ප‍්‍රතික්ෂේප කොට තීරණ ගන්නා තැනට උපක‍්‍රම යෙදුවේය. සිංහල භාෂාව උගත් ජෝන් ඩොයිලි උඩරට රදලයින් අතර බේද භින්න ඇති කළේ එකිනෙකා පරයමින් වහසිබස් හා කේලාම් කීමෙනි. ඒ අන් කිසිවකටත් නොව බල තණ්හාව සහ පාලනය සියතට නතු කර ගැනීම පිණිසය. එ පරිදි ඉතිහාස යළි වත්මන ප‍්‍රතිනිර්මාණය වී ඇත්තේය.
 
  එදා ඉංග‍්‍රීසින්ට යටත්ව උඩරට පාවා දුන් සිහලූන්ට අද සිදුව ඇත්තේද නායකයින්ගේ අධම තීරණ සහ විදේශීය බලවේගයන්ට නතුවීම මත ජාතිය පාවා දෙන්නටය. වක‍්‍රව සිදුවන මෙම ජාතික ව්‍යසනය පිළිබඳව අවබෝධයෙන් ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමින් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමින්වහන්සේ, අමරපුර මහා නිකායේ උත්තරිතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ සහ ශ‍්‍රී ලංකා රාමක්‍ද්ක්‍ද මහා නිකායේ මහානායක නාපාන පේමසිරි ස්වාමින් වහන්සේ සිව් නම එක්ව ඒකමතික තීරණයෙන් ඒකාබද්ධ නිවේදනයක් මගින් ප‍්‍රකාශ කොට සිටියේ, සියලූ ආගමික ජාතික සමගිය සමාදානය තහවුරු වනසේ කටයුතු කිරීම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ හා විශේෂයෙන් පාලකයන් සතු බලවත් වගකීම වුවද, බලය මුල්කර ගනිමින් ඡුන්ද ගොඩ වැඩිකර ගැනීමේ චේතනාවෙන් එම පිරිස් කටයුතු කරන බව පෙනෙන්නට ඇති බවය. මෙම තත්ත්වය ඉස්මතු වන මුල් කාල වකවානුවේදීම රටේ පාලකයින්ටත් නායකයින්ටත් ත්‍රෛනිකායික මහා නායක ස්වාමින් වහන්සේලා විසින් උපදෙස් අනුශාසනා ලබා දුන් නමුත් ඒ කිසිදු උපදෙසක් නෑසූ කනින් හුන් පාලකයින්ට අද සිදුව ඇත්තේ වෙනත් බලවේගයන්හි අතකොලූවක් බවට පත්ව සිටීමට බවද උන්වහන්සේලා අවධාරණය කර තිබිණි. අ¥රදර්ශීව ක‍්‍රියාකරන වත්මන් පාලකයින්, පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව එහි වින්දිතයන්ගේ සිත්සතන් තුළ විශ්වාසය නීතියේ සාධාරණත්වය තහවුරු කරනු වෙනුවට එය නොසලකා හරිමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබිණ. නිසි කලට නිසි ආකාරයට කටයුතු නොකිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් යළි ඇති වීමට හේතු වී ඇත. මෙය රටට උචිත තත්ත්වයක් නොවේ. දැන් සිදු කළ යුතු වන්නේ, රටේ ජාතික සමගිය ඇතිකරනු පිණිස කටයුතු කිරීමයි...” යන්ත ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලා සිව්නම ඒකමතිකව ප‍්‍රකාශ කොට ඇත්තාහ.
 
  අතීතයේ පටන් ශ‍්‍රී ලංකාද්වීපයේ පාලකයින්ට උපදෙස් අනුශාසනා දෙමින් රට සමෘද්ධිමත් කරනු වස්, කටයුතු කළ මහා සංඝරත්නය කළ එම ප‍්‍රකාශය ද සුසැදිව අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, රංගිරි දඹුලූ රාජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේ රටේ වත්මන් තත්ත්වය විග‍්‍රහ කරමින් මෙසේ පැවසූහ.
 
  ”ශී‍්‍ර ලංකාද්වීපය පාලනය කරන වත්මන් පාලකයින් හට අද වන විට පෞද්ගලික අවශ්‍යතා ඇති තරම් ඇත. දැනට ජනපතිට සහ අගමැතිට අවශ්‍යව ඇත්තේ ඉස්ලාමීය රාජ්‍යයක් ලංකාවේ බිහිකිරීමට ඇති ඉඩකඩ අහුරාලීම නොව, ප‍්‍රතිත‍්‍රස්ත පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට අවශ්‍ය වාතාවරණයක් සකසා ගැනීමටය. එය ජාත්‍යන්තරයට වී ඇති පොරොන්දුවකි. ඒ මගින් ජාතිමාමක සහ දේශමාමක සංවිධාන මර්දනය කරමින් ජාත්‍යන්තරයට අවශ්‍ය කුමන්ත‍්‍රණ මෙරට ක‍්‍රියාත්මක කිරීමට පසුබිම සැකසීමක් සිදුවන්නේය. ඒ මගින් මෙම දේශපාලනඥයන් අදහස් කරන්නේ එවැනි කුමන්ත‍්‍රණ තත්ත්වයන්ගෙන් පසුව, ඇමරිකාවේ අවශ්‍යතා ඉටු කළ විට තමන්ට යාවජීව නායකත්වයක් ලංකාව තුළ සුරක්ෂිතව තබා ගත හැකි බවය. මේ පිළිබඳව යම් අවබෝධයකින් විමල් වීරවංශ, ප‍්‍රතිභා මහානාම, විජේදාස රාජපක්ෂ ආදීන්ට යම් කිසි අවබෝධයක් ඇතිව තිබෙන අතර ඉස්ලාමික් ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට දැනට ඇති නීති ප‍්‍රමාණවත් බවක් ඔවුහු කියා සිටින්නේය. අගමැතිවරයා දහනව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගත් ආකාරයටම ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කර ගැනීමට ද ඉඩ ඇත්තේය. ඒ අතර දැනට, පාර්ලිමේන්තුව නියෝජනය කරන ප‍්‍රබල මුස්ලිම් නායකයින් ඉස්ලාමික ත‍්‍රස්තවාදය වර්ධනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයූ බවට තොරතුරු අනාවරණය වුවත්, ඔවුනට කිසිදු අවස්ථාවක දඬුවම් ලබා දීමට හෝ ඔවුනගේ තොරතුරු අධීක්ෂණය කිරීමට පරීක්ෂණ පැවැත්වීමට පියවර නොගත් බව පැහැදිලිය. ත‍්‍රස්තවාදයට කිසිදු සම්බන්ධතාවයක් නැති සිංහල තරුණයන් අත්අඩංගුවට ගැනීමක් මේ වන විට සිදුව ඇති අතර, ත‍්‍රිවිධ හමුදාවේ නිසි නායකත්වයක් ඇති උදවිය මන්දෝත්සාහී කිරීමට විවිධ උපක‍්‍රම අනුගමනය කර ඇති බවක් පෙනෙන්නට තිබෙන බවට ජනතාව අතර කසුකුසුවක් ඇත. හේතු සාධක ඇතිව අත්අඩංගුවට ගත් ත‍්‍රස්ත සැකකරුවන් නිදහස් කිරීමටත් ඇප ලබා දීමටත් කටයුතු දිගින් දිගටම සිදුවෙමින් පවතී. නැවත වතාවක් මුස්ලිම් මැති ඇමැතිවරුන්ගේ බලපෑම වරින් වර සෘජුව හා වක‍්‍රාකාරව ඇති වන බව ද දක්නා ලැබේ. එමෙන්ම මුස්ලිම් අන්තවාදය පතුරවන උසස් අධ්‍යාපන ආයතන සහ පාසල් නියාමනයට විධිවිධාන සැලසීමට මුස්ලිම්වරුන්ටම භාරදී ඇති ආකාරය පැහැදිලිවම පෙනෙන්නේය. මෙයින් දක්නා ලැබෙන්නේ රටේ නායකයින් ජාත්‍යන්තර ඉස්ලාමයට යට වී තම පෞද්ගලික අභිලාශයන්ට අනුව කටයුතු කරන බවත් රටේ අනාගතයට ඉස්ලාමයට හැරවීමට අවශ්‍ය වන වාතාවරණය සම්පාදනය කරන බවත්ය.
 
  මෙය තේරුම්ගෙන ජාතියේ මුරදේවතාවුන් කටයුතු කළ යුතු කාලය එළඹ ඇත. ඒ උදෙසා භික්ෂුන් වහන්සේලා පෙනී සිටිය යුත්තේ පක්ෂය හෝ පුද්ගලයා හෝ පාටක් පක්ෂයක් ගැන හෝ සලකා බලා නොව රට ගැන සහ සිංහල ජනතාව ගැන සිතමින් පමණකි. ජාතියට රැකවරණය දිය යුත්තේ භික්ෂුව විසිනි. එහිදී දැනට පවතින භික්ෂු සංවිධාන පෞද්ගලික න්‍යාය පත‍්‍රයන්ට අනුව කටයුතු කිරීමට ගියවිට, ශක්තිමත්ව සංවිධානය විය හැකි ඉඩකඩ ඇහිරෙනු ඇත. මෙම සියලූම සංවිධාන එක් අරමුණකට හෙවත් සිංහල ජාතිය නගාසිටුවීමටත් බෞද්ධාගම ආරක්ෂා කිරීමටත් රටේ සුරක්ෂිත භාවය ඇති කිරීමටත් මතු අනාගත පරපුරට නිදහස් නිවහල් රටක් ඉතිරි කර දීමටත් අවශ්‍ය පසුබිම තනන ශක්තිමත් භික්ෂු නායකත්වයක් දැන් රටට අවශ්‍යව ඇති බව අවධාරණය කළ යුතු වේ. මහානායක හිමිවරු ප‍්‍රමුඛ ආගමික නායකයින්ට පැවරෙන වගකීම අතිමහත්ය. අප මුලින් කියා සිටි කිසිදු අනුශාසනාවක් ඒ පරිද්දෙන් කිව් පමණින් ප‍්‍රශ්න සියල්ල විසඳිය නොහැක. නායකයින් උපදෙස් අනුශාසනා නොඇසූ බව කියමින් අපට අත සෝදා ගත හැකි නොවන්නේය. නායකත්වයට ප‍්‍රබල අවවාද දිය හැකි ශක්තිමත් පවුරක් ලෙස සංඝයා වහන්සේලා පෙළගැසී සිටිය යුතුය. මෙය බෞද්ධ රාජ්‍යයක් බැවිනි.
 
  මහානායක හිමිවරුන්ට හිමි වන කාර්යය භාරය දැන් ඉදිරියට පැමිණ කටයුතු කිරීමය. මහානායක ස්වාමින්වහන්සේලා සියලූම සිංහල බලවේගයන් සම්බන්ධ කරගනිමින් නිවැරදි ප‍්‍රතිපත්තියක සිට රටේ අභිවෘද්ධිය උදෙසා අනුශාසනා කළ යුතුය. තනි තනිව නැගී සිටීමට ඉඩ නොතැබීමට කටයුතු කළ යුතුය.
 
  විවිධ සංවිධානවල ඇතැමුන්ගේ අරමුණු සහ ජනප‍්‍රියභාවය ඉස්මතු කරගනිමින් කටයුතු කරන බවක් පෙනෙන්නේය. සුදුසු වන්නේ එය නොවේ සියල්ලන්ගේම එකමුතුකමය. සියලූම සිංහල බලවේග එක්වී කටයුතු කිරීම තරම් ශක්තිමත් පවුරක් තවත් නැති බව සෑම සියලූ දෙනාම අවබෝධ කර ගත යුතුමය. රටේ අනාගතය ශක්තිමත් කර ගැනීම පිණිස සිංහල බලවේගයක් ඇති කර ගැනීමට කටයුතු කළ යුතු වන්නේ එබැවිනි.
 
  එහි ආරම්භක පියවර ලෙස යථෝක්ත සංවිධාන ඒකමතිකව ගෙන පළාත් නායකවරු එක්තැන් කොට ජනතාව ප‍්‍රචණ්ඩත්වය සඳහා පෙළඹවීමට ඇති ඉඩ කඩ පළාත් පාලන වැඩ පිළිවෙලකට යා යුතු වන්නේය. බලලෝභී දේශපාලනඥයින්ට අද අවශ්‍යව ඇත්තේ ප‍්‍රචණ්ඩත්වයෙන් බලය ලබා ගැනීමට සහ බෞද්ධයින් ජාත්‍යන්තරයේ අවඥාවට ලක් කිරීමටය. ඊට මග පාදන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න ඇතුළු ඇතැම් ප‍්‍රබල යැයි කියාගන්නා මහජන නියෝජිතයින් පිටු දැකීමට දැන් මහජනතාව පෙළගැසිය යුතුමය. තරුණ සිංහල ප‍්‍රජාවගේ මනසට ඉස්ලාම් අන්තවාදීන් ඇතුල් කළ සිංහල සංහාරයෙන් සමූල ඝාතනයෙන් බිහිකරවන ඉස්ලාම් රාජ්‍යයක් යන සංකල්පයට විය යුතුය.
 
  මුස්ලිම් ජනතාව තුළ ඇති මේ මන:කල්පිතය ඒ සමාජයෙන් ඉවත් කිරීමට මුස්ලිම් ජනතාවට වැඩපිළිවෙළක් අවශ්‍ය වන අතර සියලූම මුස්ලිම් ජාතිකයන් අන්තවාදී ත‍්‍රස්තවාදීන් නොවුණ ද ඔවුනට මුස්ලිම් රාජ්‍යත්වයක සිහිනයක් ඇති බව පෙනෙන්නේය. නීතිය ඒකාකාරී විය යුතුය. සැමට සමාන විය යුතුය. කැරලිකරුවන්ට ඇප ලැබෙන විට සිංහල සැකකරුවන්ට ඇප නොලැබෙන ක‍්‍රමවේදයක් සහ දස වසරක සිර දඬුවම් හිමිවන ක‍්‍රමයක් තුළ සිංහල ජනතාව අසරණභාවයට අද පත් කොට ඇත. ඔවුන් නිතරම සිතනුයේ, තම ¥ දරුවන්ගේ අනාගත ඉරණමය. ලිබියාවට සහ සිරියාවට සිදු වූ විනාශයත් බංගලාදේශයට සහ ඉන්දුනීසියාවට අත් වූ ඉරණමත් සිංහල ජනයා දැක ඇත්තේය.
 
  දිනෙන් දින හමු වන අවි ආයුධ හා ත‍්‍රස්ත කටයුතුවලට සම්බන්ධ අයවළුන් පිළිබඳ මාධ්‍ය අවහිරතා හේතුවෙන් හිතාමතාමත් සිංහල ජනතාවට අසහනකාරී තත්ත්වයක් උදා කොට ඇති අතර, පාස්කු ඉරිදා ශෝචනීය තත්ත්වය විමර්ශනය කිරීමේදී ඇමරිකාවේ සම්බන්ධයන් පිළිබඳව තොරතුරු සහ නිර්නාමික ලිපි පැමිණීමත් දැනට සිටින තානාපතිනිය, සිටි සෑම රටකම ඉරණම ශෝචනීය තත්ත්වයට පත්වීමත් පිළිබඳව විමල් වීරවංශ කී තොරතුරු අප සුළුවෙන් තැකිය යුතු නොවේ. විදෙස් හමුදාවක් යටතට අප රට පත් කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය නොකිරීමට අවැසි වැඩපිළිවෙළක් සැකසීමේ වගකීම බලධාරීහු විසින් දැරිය යුතුය.
 
  ලිබියාවට සහ සිරියාවට අත්වූ ඉරණම අප තේරුම් ගත යුතු අතර බංගලාදේශයට සහ ඉන්දුනීසියාවටත් එහි බෞද්ධයින්ටත් අත්වූ ඉරණම අප සිහියේ තබා ගත යුතු වෙයි.
 
  ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කරගැනීම ත‍්‍රස්තවාදි බෝම්බය ගැසූ දිනට පසුදින සම්බන්ධන් කියා සිටින්නේ වහාම අපට දුන් පොරොන්දු ඉටු කර දෙන ලෙසත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර දෙන ලෙසය. එම ඉල්ලීම සලකා බලා කමිටුව රැස්කරන අගමැතිවරයා පෞද්ගලික දේශපාලන අභිමතාර්ථ ඉටු කර දීම පිණිස කටයුතු කරන බවක් පෙනෙන්නේය. ඒ හැර ත‍්‍රස්තවාදී ඉස්ලාමික අන්තවාදය ඉදිරියට දමමින් කටයුතු කිරීම ලජ්ජා සහගත ය.
 
  මේ ලෝකයේ එකම දෙවියන් පමණයි සිටින්නේ ඒ අල්ලා දෙවියෝය යන ඔවුන්ගේ දැක්ම අප තරයේ අත්හළ යුතුය. අපේ පාලකයින් එහි අරුත වටහා ගත යුතුය.
 
  මේ සිදුවෙමින් පවතින්නේ මර්දනයකි. එය අද රටට සුදුසු ක‍්‍රියාදාමයක් නොවේ. ආරක්ෂක වැඩපිළිවෙළ මන්දගාමී ත‍්‍රස්තවාදීන් බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ අවස්ථාවේ තිබුණු තත්ත්වය සහ අද තත්ත්වය හාත්පසින්ම වෙනස් වෙමින් පවතින්නේය. ත‍්‍රස්තවාදීන් මෙල්ල කරනු වෙනුවට අද වරදක් නැති සිංහල බලවේග සහ සිංහල තරුණ කොටස් මෙල්ල කිරීමක් සිදුකරන බවක් පෙනෙන්නට ඇත්තේය. ඉන් යළි සිදුවන්නේ රටේ සාමය සමගිය ආරක්ෂාව නොසිතු නොවිරූ දිශානතියකට ගමන් කිරීමය. බල කාමයෙන් කටයුතු කරන බලධාරීන් දෑසේ බැඳ ඇති දැල දැන් ඉවත් කළ යුතුය. එසේ නොවන කල, මහමුහුදට එලන මාදැල ට හසුවූ මාළු රැල සේ, ලොකු පොඩි හොඳ නරක සියලූම මාළුන් දැලට හසුවන්නේය. ජීවිත අවදානමට ද නතු වන්නේය.
 
  අද පාලකයින් කළ යුතු වන්නේ එවැන්නක් නොවේය. ඉතිහාසයේ අපට වැරදුණු තැන් ආදර්ශයට ගෙන රට ගොඩනැගීමය. ජාතීන් අතර ආගම් අතර සමගිය ඇති කොට එකාවන්ව නැගී සිටීමට ශක්තිය ලබා දීමය. ඒ වෙනුවෙන් සර්ව සාධාරණ ක‍්‍රියා මාර්ග ගැනීමට පියවර ගැනීමය. එහෙත් අද පාලකයින් ගැත්තන් සහ ජාත්‍යන්තරයේ ඉත්තන් ලෙස කටයුතු කිරීම මත, ඉස්ලාමික බලවේගයක් මේ අවස්ථාවේ හිස ඔසවනු ඇත.
 
  මංගල සමරවීර මෙය බෞද්ධ රටක් නොවේ කියන කාරණය පිළිබඳව රටේ නායකත්වය පියවර ගත යුතුය. බෞද්ධ නායකත්වය ඔහු කැඳවා ප‍්‍රශ්න කළ යුතුය. එවන් නායකයින් ඉවත් කළ යුතුය.
 
  අගමැතිවරයාට ඕනෑ වී ඇත්තේ බලය රැකගැනීමේ අතිශය උවමනාවම පමණකි. ඔහුගේ අභිමතය පරිදි ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්මත කර ගැනීම මත, පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් තේරුම් නොගත් එක් ප‍්‍රධාන කරුණක් ඇත. එනම් සිංහල ජනතාව පක්ෂ දේශපාලනයෙන් ඉවත් වීම ශීඝ‍්‍රයෙන් සිදුවන බවත් ත‍්‍රස්ත ක‍්‍රියාවන් හා සම්බන්ධ ස්ථාන හා මුස්ලිම් දේශපාලනඥයින් අතර මිත‍්‍රශීලීත්වය රටේ අනාගත ඉරණමට හානි කර බවත් ය. දැනට සිටින ඉහළ දේශපාලන නායකත්වය තම බලය රැකගැනීම ප‍්‍රමුඛකොට ගෙන ජාතිය පිළිබඳව නොතකන බවත් ජනතාව අවබෝධ කර ගෙන ඇත. එබැවින් රටට නිසි නායකත්වයක් ජනතාවට නොමැති බවත් සක් සුදක් සේ පැහැදිලි වී ඇත. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් සිදු වන්නේ එදා ඩොයිලි පසුපස ගිය කැප්පෙටිපොළට සිදු වූ පරිදි රට ද අතහැර යෑමටය. එසේ නැතිනම් ජීවිතයෙන් සමුගැනීමටය.
 
සමන්තී වීරසේකර

http://divaina.com/sunday/index.php/visheshanga1/9915-2019-05-24-15-29-5

Saturday, July 28, 2018

රණවිරු දඩයමේ අවසන් කුරුමානම

වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට පැමිණි දින සිට යුද්ධය ජයගත් රණවිරුන්ව අසාධාරණ අයුරින් සිරගත කරමින්ද මියගිය ත්‍රස්තයන්ගේ පවුල්වලට රණවිරුවන්ගේ පෞද්ගලික මුදලින් වන්දි ගෙවීමට සැලැස්වීමෙන්ද කටයුතු කරන ආකාරය අපි දුටිමු. කර්නල් ෂම්මි කුමාරරත්න මාස 14ක් රිමාන්ඩ් භාරයේ සිටි අතර (ඔහු සහ බුද්ධි අංශයේ තවත් හමුදා නිලධාරීන් 11ක්) ඔවුන් ඇපපිට නිදහස්වීද මාස 14ක් පමණ වන නමුත් තවම ඔවුන්ට විරුද්ධව නඩු පවරා නැත්තේ අවශ්‍ය සාක්‍ෂි නොමැති නිසාය. එසේ නම් මොවුන්ව වසරකට අධික කාලයක් සිරගතව රඳවා සිටියේ ප්‍රමාණවත් සාක්‍ෂි නොමැතිව නොවේද? අදටත් හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි මේජර් ජෙනරාල්වරයාද රිමාන්ඩ් සිරගතව සිටී. ත්‍රස්තවාදීන්ට එරෙහිව කළ යුද්ධයේ අතිමහත් වැදගත් කාර්යභාරයක් කළ මෙවැනි නිලධාරීන්ට මෙසේ සැලකීම හේතුවෙන් සතුටට පත් වන්නේ කවුද? සියලුම කොටි හිතවාදීන් සහ බෙදුම්වාදීන්ය. එසේ නම් දරුණු ගණයේ කොටි ත්‍රස්තයන් හිරෙන් නිදහස් කරමින්, කොටි ත්‍රස්තයන් විනාශ කිරීමට දායක වූ හමුදා නිලධාරීන් සාධාරණ සාක්‍ෂි පවා නොමැතිව සිරගෙට යවමින් වර්තමාන යහපාලකයන් කරන්නේ යුද්ධ කළ රණවිරුවන් දුර්මුඛ කරමින් ඔවුන්ව පාවාදීම නොවේද?

එම පාවාදීමේ කූටප්‍රාප්තිය වනුයේ පසුගිය දිනෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘අපරාධ සම්බන්ධ අනේ‍යාන්‍ය සහයෝගිතා පනතයි’. එම පනත පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු රණවිරුවන් දඩයම් කිරීමේ ක්‍රියාදාමය/ ක්‍රියාවලිය සම්පූර්ණ වනු ඇත. එසේ සම්පූර්ණ වන ක්‍රියාවලිය ඉතා කෙටියෙන් ජනතාව ඉදිරියේ තැබීම අපේ යුතුකමක් සේ සලකමු.
බටහිර රටවල් සහ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාව තෘප්තිමත් කිරීම සඳහා වර්තමාන රජය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද අපේ හමුදා සම්බන්ධ අතිශය සාවද්‍ය යුද අපරාධ චෝදනා සහිත වාර්තාව අගය කරමින් පිළිගෙන අපට එරෙහිව ඇමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්විණ.

මානව හිමිකම් කවුන්සලය මඟින් අනුමත කරන යෝජනා නිදේශ ක්‍රියාත්මක කිරීමට කිසිම රටක් බැඳී නොමැති නමුත් අපට 30/1 යෝජනාවේ තිබෙන සියලුම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනිවාර්යයෙන් සිදුව ඇත්තේ අප එයට එකඟවී සම අනුග්‍රාහකත්වය දක්වා ඇති නිසාය. එම නිර්දේශ අනුව ගන්නා ක්‍රියාමාර්ගයන්ගෙන් රණවිරුවා බොරු සාක්‍ෂි ගොතා ජාත්‍යන්තර අපරාධ අධිකරණය තෙක් ගෙන යෑමට මාර්ගය විවෘත කර ඇත්තේ මෙසේය.

පළමුවෙන්ම ආරම්භ වන්නේ අතුරුදන් කිරීමේ කාර්යාල පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙනි. එම පනතට එරෙහිව දැඩි විවේචන තිබූ නිසා එය සම්මත කළේ පාර්ලිමේන්තුවේ ඡන්දයක්ද නොතබා ප්‍රජාතන්ත්‍ර විරෝධීවය. එසේ එම පනත සම්මත වූ විගස එයට සුබ පැතුවේ වෙන කවුරුත් නොව ගෝලීය ද්‍රවිඩ සංසදයයි.
ඊට පසුව ඊට ප්‍රශංසා කළේ කොටි හිතවාදී ඇමෙරිකානු තානාපති අතුල් කෙශාප්ය. එයින්ම මෙම පනත රණවිරුවාට හිතකරද අහිතකරද යන්න අපට හොඳින් තේරුම් ගත හැකිවේ.

මෙම අතුරුදන් කාර්යාලීය පනත පාර්ලිමේන්තුවේ එකී අයුරින් සමමත වූ පසු පසුගිය සැප්තැම්බරයේ ජිනීවා සැසිවාරයේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් තර්ජනාත්මක ස්වරයෙන් කියා සිටියේ, පනත සම්මත කළාට කාර්යාලය ස්ථාපිත කර නැති බවයි. අපේ රජය ඊට පසුවදාම කාර්යාලය ආරම්භ කළේය. ඉන්පසු මේ වසරේ මාර්තු මස සෙයිද් හුසේන් තර්ජනය කළේ කාර්යාලය විවෘත කළාට කාර්ය මණ්ඩලය පත් කර නැති බවයි. රජය ඊට පසුවදාම කාර්ය මණ්ඩලයක් පත් කළේය. එසේ නම් මෙම අතුරුදන් කාර්යාලය කටයුතු කරන්නේ කාගේ වුවමනාවටදැයි කාටවුවත් තේරුම් යනු ඇත.

මෙම අතුරුදන් කාර්යාලය කාර්යාලයක් නොව අර්ධ අධිකරණයකි. එහි සාක්‍ෂි කැඳවන්න, වරෙන්තු නිකුත් කිරීමට සහ නඩු ඇසීමට පවා පුළුවනි. එම කාර්ය මණ්ඩලයට ඕනෑම අවස්ථාවක, ඕනෑම වේලාවක ඕනෑම හමුදා කඳවුරකට, පොලිසියකට, බන්ධනාගාරයකට ගොස් ඕනෑම රහස්‍ය වාර්තාවක් වුවද ලබාගත හැකිය. එයට බාධා කරන්නන්ට හෝ සහාය නොදෙන්නන්ට අභියාචනාධිකරණයට අපහාස කළා සේ සලකා දඬුවම්ද කළ හැකිය. මෙම කාර්යාලයට රටේ සාක්‍ෂි ආඥ පනතට පටහැණි සාක්‍ෂි පවා පිළිගත හැකි අතර වීඩියෝ තාක්‍ෂණයෙන් ලබාදෙන සාක්‍ෂිද පිළිගත හැකිය. එවිට ඕනෑම කෙනකුට ඕනෑම රටක සිට තමාට අවශ්‍ය කරන පුද්ගලයාට විරුද්ධව බොරු සාක්‍ෂි දීමට පුළුවනි. නමුත් මෙම කාර්යාලයට දඬුවම් කිරීමේ බලය නැත. දඬුවම් දිය හැකි ප්‍රතිපාදන තිබේ නම් සාක්‍ෂි ආඥා පනත අදාළ කරගත යුතුවේ. එවිට බොරු සාක්‍ෂි ගොනු කළ නොහැකිය. ඒ නිසා බොරු සාක්‍ෂි ගොනු කිරීමට එක් පනතකුත් එනම් මෙම පනත ගෙන ආ අතර දඬුවම් පැමිණ වීමට තවත් පනතක් ගෙන එන ලදී. ඒ පනත වනුයේ 30/1හි තවත් එක් නිර්දේශයක් වන බලහත්කාරයෙන් අතුරුදන් කිරීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනතයි.

උක්ත පනතට විරුද්ධවද ජනතා උද්ඝෝෂණයක්/ විරෝධතාවක් තිබූ අතර එය පාර්ලිමේන්තුවේ අනුමත කළේ දිගන ඇතිවූ කලබලකාරී තත්ත්වය මත හදිසි නීතියද දමා රටේ කලබලයක් තිබූ අවස්ථාවේ ජනතාවට නොදන්වාය. මෙම ප්‍රඥප්තිය ලෝකයේ රටවල් 53ක් අනුමත කොට පාර්ශ්වකරුවන් වී තිබේ. දැන් අතුරුදන් කාර්යාලය මඟින් රණවිරුවෙක්ට විරුද්ධව ‘බොරු’ යුද අපරාධ/ අතුරුදන් චෝදනා සම්බන්ධ සාක්‍ෂි ගොනුකොට ලිපි ගොනුවක් සූදානම් කර ඇති අවස්ථාවක එකී රණවිරුවා පෙර සඳහන් කළ රටවල් 53න් එකකට ගියහොත් ඒ රටේ ‘යුද අපරාධ පිළිබඳ සැක කරන පුද්ගලයකු තම රටේ සිටින නිසා’ ඒ රටට එම අදාළ රණවිරුවා අත්අඩංගුවට ගත හැකිවේ. එසේ අත්අඩංගුවට ගත් රණවිරුවාට එරෙහිව ඒ රටට ක්‍රියාමාර්ග 3ක් ගත හැකිවේ. එනම්,

(අ). ඒ රටේ එම රණවිරුවාට විරුද්ධව නඩු අහන්න පුළුවන.

(ආ). ඒ රට වෙනත් රටක් සමඟ යම් අදාළ ගිවිසුමක් අස්සන් කර ඇත්නම් ඒ රටට එම රණවිරුවා පිටුවහල් කරන්න පුළුවන.

(ඇ). ඒ රට රෝම ප්‍රඥප්තියට අස්සන් කර ඇත්නම් එම රණවිරුවාව ජාත්‍යන්තර යුද අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන.

මෙසේ යම් කෙනකුට විරුද්ධව යුද අපරාධ/අතුරුදන් සාක්‍ෂි අඩංගු වාර්තා තිබේ නම් මෙම ප්‍රඥප්තියට අස්සන් කළ රටවල් 53න් ඕනෑම රටක් එම රණවිරුවාව ඉල්ලා සිටියහොත් එවන් කෙනෙක්ව එම අදාළ රටට පිටුවහල් කිරීමටද රජය බැඳී සිටී.

දැන් රණවිරුවා දංගෙඩියට යැවීම නමැති මිනී පෙට්ටියේ අන්තිම ඇණය වනුයේ මා පෙර සඳහන් කළ අපරාධ පිළිබඳ අනේ‍යාන්‍ය සහයෝගිතා පනතයි. වර්ෂ 2002දී අනුමත කර ඇති මෙම පනතට සංශෝධන ගණනාවක් එකතු කරමිනුයි පනත ඉදිරිපත් කර ඇත්තේ. මුල් පනතට අනුව අපරාධ සම්බන්ධ විස්තර, තොරතුරු, සාක්‍ෂිකරුවන් යනාදිය සම්බන්ධ තොරතුරු පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් සහ ලංකාව සමඟ අදාළ ගිවිසුමක් අස්සන් කර ඇති රටවල් සමඟ හුවමාරු කරගත හැකිය. ඊට අතුරුදන් වීම් යනාදිය ඇතුළත්ව නොතිබිණි. නමුත් මෙම නව පනතට අනුව ඉහත රටවලට අමතරව ලංකාව යම්කිසි අදාළ ජාත්‍යන්තර ප්‍රඥාප්තියක් අස්සන් කොට නැත්නම් එම ප්‍රඥප්තියට අස්සන් කළ අන් සියලුම රටවල්ද අයත් වේ. එපමණක් නොව ලෝකයේ යම්කිසි අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර සංවිධානයක් වේද ඒ සංවිධානද අයත් වේ. ඒ අනුව බලන විට ජාත්‍යන්තර යුද අධිකරණයටද අපේ රණවිරුවකු සම්බන්ධ තොරතුරු, සාක්‍ෂි, වාර්තා යනාදිය සෘජුව ඉල්ලිය හැකිය.

මෙහි මධ්‍යම බලධාරියා වනුයේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාය. සංශෝධිත පනතට අනුව සියලුම විදේශීය රටවල් සහ අදාළ සංවිධාන අපරාධ සම්බන්ධයෙන් වන සියලුම තොරතුරු වාර්තා මධ්‍යම බලධාරියාගෙන් ඉල්ලා ලබා ගත හැකිවේ. තවද මෙම පනත යටතේ විදේශීය රටකින් එවන ලිඛිත සාක්‍ෂි අපේ අධිකරණයේ පිළිගත හැකි සාක්‍ෂි බවට පත්වන අතර විදේශ රටක සිට වීඩියෝ තාක්‍ෂණය මඟින් ලබාදෙන සාක්‍ෂිද පිළිගනී. එසේම එම මධ්‍යම බලධාරියාට තමා වෙනුවෙන් කටයුතු කිරීමට නිසි බලධාරියකු ද (ජේ‍යෂ්ඨ සහකාර ලේකම් ධුරයට පහළ නොවූ) පත් කළ හැකිය. ඕනෑම රටකින් මෙම නිසි බලධාරියාගෙන් විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ඉල්ලූවිට මධ්‍යම බලධාරියාට ‘පිටපතක්’ යවා වහාම එම තොරතුරු අදාළ රටට ලබාදීමට ඔහු බැඳී සිටී. මේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම නිලධාරීන් මෙහි ‘රහස්‍ය භාවය’ රැකිය යුතු අතර එය කඩකොට වරදකරුවන තැනැත්තා ඉහළ උසාවියෙන් රුපියල් මිලියන 5ක උපරිම දඩයකට ලක්වේ. ‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ යන නීතිය එබැවින් මෙහි කටයුතුවලට අදාළ වන්නේ නැත.

මේ අනුව බලන කල ජාත්‍යන්තර ප්‍රඥප්තීන් අස්සන් කළ සියලුම රටවලට අතුරුදන් වීම් සම්බන්ධ චෝදනා ලැබ සිටින (පෙර කියූ පරිදි බොහෝ විට සාවද්‍ය සාක්‍ෂි මත) සියලුම පුද්ගලයන් සම්බන්ධව ‘අධිකරණ’ බලය ලැබේ. එවන් ඕනෑම රටකට එවන් චූදිත රණවිරුවකුව තම රටට පිටුවහල් කරගෙන අත්අඩංගුවට ගෙන නඩු අසා දඬුවම්ද කළ හැකිය.එම රට ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකයකු නම් එසේ තම රටට පිටුවහල් කරගත් හෝ තම රටේදී අත්අඩංගුවට ගත් අපේ රණවිරුවා තමාගේ රටේ පුරවැසියකු මෙන් සලකා ඔහුව ජාත්‍යන්තර යුද අධිකරණයට භාරදිය හැකිය. එසේ නම් අතුරුදන් කාර්යාලයෙන් බොරු සාක්‍ෂි ගොනු කොට දඬුවම් කිරීම සඳහා බලහත්කාරයෙන් අතුරුදන් වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත කොට එයට වඩාත්ම පහසුකම් සහ එහි පරිචය ප්‍රසාරණය කිරීම සඳහා මෙම අපරාධ සම්බන්ධ අනේ‍යාන්‍ය සහයෝගිතා පනත ගෙනැවිත් තිබේ.ත්‍රස්තවාදීන් සමඟ දිවි පරදුවට තබා සටන් කරමින් සමස්ත ජනතාවටම ජීවත් වීමේ නිදහස ලබාදුන් රණවිරුවා වර්තමාන රජය ජාත්‍යන්තරය ඉදිරියේ ඉතාම නින්දිත ලෙස පාවාදී ඇත්තේ එසේය.

මේ අනුව බලන කල අප රට තුළ ස්ථාපිත කිරීමට යෝජනා වූ සහ ජනතා විරෝධයට ලක්වූ ‘දෙමුහුන් අධිකරණය’ එනම් විදේශීය විනිසුරුකරුවන්ගෙන් සමන්විත අධිකරණයක, අවශ්‍යතාවක් පැනනොනඟී. බෙදුම්වාදීන් දැන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින්නේද එබැවිනි. මන්ද එවන් (බොරු) චෝදනාවකට ලක්වූ රණවිරුවෙක්ව මේ පනත මඟින් විදේශීය අධිකරණ බලයට යටත් කොට ඇති නිසාය. රණවිරුවකුට පිටරටකට නඩු ඇසීම සඳහා පිටුවහල් කළ හැකි නීති තිබේ නම් මෙරට දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කරන්නේ කුමකටද?

දේශහිතෛෂී කණ්ඩායමක් මෙම අවසාන පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළ අතර එයට පෙනී සිටියේ කවදත් දේශයට ආදරය කරන මෙවන් නඩුවලට නොමිලයේ පෙනී සිටින මනෝහර ද සිල්වා ජනාධිපති නීතිඥතුමාය. ඉතා දක්‍ෂ ලෙස මෙම පනතේ තිබෙන ‘රණවිරුවා පාවාදීමේ’ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කළ පසු ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබ ඇත්තේ එහි සඳහන් සමහර වගන්ති රටේ ව්‍යවස්ථාවට පටහැණි බවයි. කථානායකතුමා එය කෙසේ ක්‍රියාත්මක කරන්නේදැයි අපි බලා සිටිමු.

රණවිරුවා සහ රට පාවා දෙන සියලු අණපනත්වලට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ මහජනතාවයි. ඒ ඔවුන් රණවිරුවන්ට කෘතවේදී නිසාය. කෘතවේදීත්වය පළමුවෙන්ම ලොවට පෙන්වා දුන්නේ තිලෝගුරු බුදුපියාණන් වහන්සේය. කෘතවේදීත්වය නොදන්නා පාලකයන් වෙත්නම් ඒ අයට ස්වභාවධර්මයා විසින් දඬුවම් ලබාදෙනු ඇත.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
http://www.colombotoday.com/sarath-weerasekara-2018-7-22/

Sunday, June 17, 2018

ප්‍රභාකරන්ට දෙවියෙක්‌ කියූ හිටපු කොටි සාමාජිකයන් අද දෙවියා කියන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රියට! කිළිනොච්චිය කඳුළින් තෙත් කළ ලුතිනන් කර්නල්

* ප්‍රභාකරන්ට දෙවියෙක්‌ කියූ හිටපු කොටි සාමාජිකයන් අද දෙවියා කියන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රියට
* උතුරු නැගෙනහිර තරුණ තරුණියන් 15000 ක්‌ සිවිල් ආරක්‌ෂක බළකායට බැඳීම ස`දහා පෝලිමේ

ඉකුත් වර්ෂයේදී ජාතීන් අතර පැවතිය යුතු "සංහිඳියාව" පිළිබඳ කදිම ආදර්ශයක්‌ රට හමුවේ ප්‍රදර්ශනය වූ එක්‌තරා සිදුවීමක්‌ උතුරෙන් වාර්තා විය. යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන් මහතාගේ "විනිසුරු දැසින් " කඳුළු ගලනු දුටු රටම ඉන් කම්පනයට පත්වූ අතර විනිසුරුවරයාගේ සිත වෙඬරු පිඬක්‌ මෙන් උණුව යන්නේ තම ආරක්‌ෂකයා වූ සිංහල ජාතික පොලිස්‌ නිලධාරියාගේ අකල් මරණය වාවාගත නොහැකිව වූ තැනය.

 එය ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව නැතැයි පවසමින් ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට පෙත්සම් ලියන "කුක්‌කන්" හැර රටම සංවේදී කළ මොහොතක්‌ විය.

 එම සිදුවීම නිමාවට පත්ව මේ වනවිට කෙටි කලක්‌ ගතවී ඇත. ඉතිහාසය යළි යළිත් ප්‍රතිනිර්මාණය වන්නක්‌ය. ඒ බව සනාථ කළ තවත් සිදුවීමක්‌ ඉකුත් දිනක උතුරු ප්‍රදේශයෙන් වාර්තා විය. එය සිංහල සහ ද්‍රවිඩ ජාතීන් අතර නැතැයි යනුවෙන් ඇතැමුන් චෝදනා කරන "සංහිඳියාව" ඇතැයි යනුවෙන් ප්‍රදර්ශනය කළ ජීවමය දසුන් පෙළක්‌ වූ අතර එහි ඇති විශේෂය වන්නේ කලක්‌ කොටි මර්මස්‌ථානයක්‌ව පැවැති කිළිනොච්චිය ප්‍රදේශය මුල් කර ගනිමින් එම පුවත ලෝකය හමුවේ නිරාවරණය වීමය.

 ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තු නිලධාරියෙකු වන ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු වසර හයකට ආසන්න කාලයක්‌ සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුව යාපනය, මුලතිව්, කිළිනොච්චිය ඒකාබද්ධ අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කොට ස්‌ථාන මාරුවක්‌ ලබා එම ප්‍රදේශයෙන් නික්‌ම යැම මූලික කොට සංවිධානයක කර තිබූ උත්සව මාලාවක්‌ අතර එම සංවේදි දසුන් පෙළ දැක බලා ගැනීමට හැකිවිය.

 උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව විසින් සංවිධානය කරන ලද එම උත්සව මාලාව ජාතීන් දෙකක්‌ අතර මේ වනවිට පවතින "සංහිඳියාව" පිළිබඳ පරමාදර්ශයක්‌ බ`දු විය. ලුතිනන් කර්නල්වරයාගේ ස්‌ථාන මාරුව පිළිබඳ කම්පාවට පත්ව හඬා වැටුණ පිරිස අතර කලක්‌ ප්‍රභාකරන් යනු දෙවියකු යෑයි ඇදහු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බොහෝ දෙනෙක්‌ විය. පසු කලෙක එම දුර්මතයෙන් බැහැරවූ ඔවුන්ට ලුතිනන් කර්නල් රත්නප්‍රිය යනු දෙවියකු බඳු පුද්ගලයෙක්‌ විය. ඔහුගේ වෙන්ව යැම උතුර- නැගෙනහිර පදිංචි ලොකු කුඩා කාගේත් සිත් සසල කළ සිදුවීමක්‌ බවට පවත්වන්නේ එබැවින්ය. එය මාධ්‍ය මගින් දැක බලා ගැනීමට බොහෝ දෙනකුට හැකි වූ අතර ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සම්බන්ධව වැඩි වැඩියෙන් සමාජ කතාබහක්‌ ගොඩ නැඟීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. 

 ලුතිනන් කර්නල් රත්නප්‍රිය උතුරේ ජනතාව තුළ කෙතරම් ජනප්‍රිය පුද්ගලයෙක්‌ දැයි මීට පෙර මෙම ලියුම්කරු ඇතුළු තවත් මාධ්‍යවේදීන් පිරිසකට දැක ගැනීමේ අවස්‌ථාවක්‌ උදාවිය. ඒ මීට මාස තුනකට පමණ එපිට එක්‌තරා දිනයකදීය. මාධ්‍ය සංචාරය සංවිධානය කරනු ලැබුවේ සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය විසින්ය. එම සංචාරයේ අරමුණක්‌ බවට පත්ව තිබුණේ උතුරු නැගෙනහිර ප්‍රදේශය මුල් කරගනිමින් සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නඟා ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව රට දැනුවත් කිරීමය. එහිදී උතුරු නැගෙනහිර ස්‌ථාන රැසක සංචාරය කිරීමේ අවස්‌ථාව උදාවූ අතර ලුතිනන් කර්නල් රත්නප්‍රිය යනු උතුරු නැගෙනහිර ජනතාව තුළ කෙතරම් ජනප්‍රිය පුද්ගලයකු ද යෑයි මාධ්‍යවේදීන්ට දැක බලා ගත හැකි විය.

ඒ වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි පමණක්‌ ද්‍රවිඩ තරුණ තරුණියන් 3500 කට ආසන්න ප්‍රමාණයක්‌ සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තු භටයන් ලෙස රාජ්‍ය සේවයට එක්‌ව සිටි අතර ඉන් සියයට අනූවක්‌ පමණ හිටපු කොටි සාමාජික සාමාජිකාවන්ය. ඔවුන් අතර කලක්‌ කොටි සංවිධානය හා එක්‌ව සිටි මරාගෙන මැරෙන බළකායට අයත් බොහෝ දෙනෙක්‌ වූ අතර කොටි ප්‍රාදේශීය නායක නායිකාවන් ලෙස කටයුතු කළ ද්‍රවිඩ තරුණ තරුණියන් ද ඒ අතර වූහ. ඒ වන විට ඔවුහු ලුතිනන් කර්නල් රත්නප්‍රියගේ නායකත්වය යටතේ ඒ වන විට රට සංවර්ධනයේ කොටස්‌කරුවන් බවට පත්වූ පිරිසක්‌ව සිටියහ.

 වසර 30 ක්‌ පුරා පැවැති යුද්ධයත් අවසන්ව වසර දෙක තුනක්‌ ගතවන්නට මත්තෙන් ජාතීන් දෙකක්‌ අතර හටගත් අමනාපකම් සමහන් කිරීම යනු තරමක්‌ බැරෑරුම් කරුණක්‌ය. ලුතිනන් කර්නල් රත්නප්‍රිය යනු එම අසීරු අභියෝග උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සැබෑවක්‌ බවට පත්කළ මිනිසකු විය. ඔහු ජාතිවාදයේ "විස" උතුරු පොළොවෙන් අතුගා දැමූ යුද හමුදා නිලධාරියකු බවට උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව අතර මතයක්‌ ගොඩනැඟී ඇත්තේ එබැවින්ය. තත්ත්වය එසේ වූවද ඒ බව පිළිගැනීමට අකමැති ස්‌වල්ප පිරිසක්‌ද තවමත් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි වෙසෙති.

උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් යනු ඉන් එක්‌ අයෙකි. ද්‍රවිඩ සංධානය නියෝජනය කරනු ලබන ඔහු ලුතිනන් කර්නල්වරයාගේ ස්‌ථාන මාරුව සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් කියා සිටින්නේ ලුතිනන් කර්නල්වරයාගේ ස්‌ථාන මාරුව සම්බන්ධයෙන් කඳුළු සැලූ කිළිනොච්චි වැසියන් කර ඇත්තේ බරපතළ වරදක්‌ බවකි. ඒ හරහා නිජ බිමක්‌ වෙනුවෙන් සටන් කොට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට අපහාසයක්‌ සිදුකළ බවට චෝදනා නගන සිවාජිලිංගම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ඒ හරහා තවදුරටත් යුද හමුදාව උතුර නැගෙනහිර රැඳී සිටිය යුතු බවට කිළිනොච්චි වැසියන් විසින් ලෝකය හමුවේ වැරදි චිත්‍රයක්‌ නිර්මාණය කළ බවකි.

 උතුරු නැගෙනහිර දෙපළාතේ සාමාන්‍ය වැසියන් තේරුම් ගනිමින් සිටින "සැබෑව" පිළිබඳ නොතේරුම් සහිතව පසුවන සිවාජිලිංගම් ඇතුළු සුළු පිරිස සම්බන්ධව අපට ඇත්තේ කනගාටුවකි. තිස්‌වසරක්‌ පුරා පැවැති යුද්ධයේ කටුක බව පිළිබඳ මේ වන විට උතුරු නැනෙනහිර ජනතාව තුළ ඇත්තේ වෙනම මතයකි. ඔවුහු පටු ජාතිවාදී හැඟීම සහ අවස්‌ථාවාදී දේශපාලනයෙන් අත් මිදෙමින් සිටිති. සිවාජිලිංගම් ඇතුළු ජාතිවාදී ද්‍රවිඩ දේශපාලකයන් පවසන පරිදි ශ්‍රී ලංකාව යුද අපරාධ කරන ලදැයි පැවසෙන අභූත චෝදනා උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ මුවෙන් පිට නොවෙති. ඔවුන් උස්‌ හඬින් ඉල්ලා සිටින්නේ නිදහස්‌ සාමකාමී ජීවිතයක්‌ පමණි. සිංහල ජාතියට අයත් යුද හමුදා නිලධාරියෙක්‌ වූ රත්නප්‍රිය සම්බන්ධයෙන් ඔවුන් හැඟීම්බර වන්නෙත් ඔහුට උපහාර දක්‌වන්නෙත් එබැවිනි. සිවාජිලිංගම් කුමන ආකාරයේ අදහස්‌ නිකුත් කළද ඉකුත්දා කිළිනොච්චියෙන් රට හමුවේ වාර්තාවන්නේ "සංහිඳියාව" පිළිබඳ කිසිවකුටත් බැහැර කළ නොහැකි ඇත්ත සිදුවීම් පෙළකි.

 ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු යනු මේ වන විට වසර 29 ක රාජකාරි අත්දැකීම් සහිත යුද හමුදා නිලධාරියෙකි. ගලේවෙල ප්‍රාථමික විදුහලේ සහ මාතලේ ශාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන හේ වසර 10 ක්‌ යුද හමුදා විශේෂ බළකායට අනුයුක්‌තව සේවය කොට ඇති පළපුරුදු නිලධාරියෙකි. කලක්‌ සිවිල් ආරක්‌ෂක බළකා පුහුණු අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කර ඇති ඔහු නැවත සිවිල් ආරක්‌ෂක බළකා යාපනය, කිළිනොච්චිය, මුලතිව්, ඒකාබද්ධ අණදෙන නිලධරියා ලෙස පත්ව එන්නේ යුද්ධය අවසන්ව වසර තුනක්‌ ගතවීමත් සමගිනි. 2012. 09.13 වන දින එවකට සිවිල් ආරකAෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වරයාව සිටි රියාර් අද්මිරාල් සරත් වීරසේකරගේ ඉල්ලීම පිට රාජකාරි කටයුතු භාර ගන්නා ලුතිනන් කර්නල්වරයා තමන් එතෙක්‌ දිනක්‌ සේවය කළ 53 වන සේනාංකය (මාන්කුලම්) සිට කිළිනොච්චිය බලා පිටත්ව යන්නේ ඔහු වෙත පවරණ ලද අභියෝග රැසක්‌ මහ පොළොව මත ඇත්තක්‌ බවට පත් කිරීමේ දැඩි අදිටනෙන් යුතුවය.

 ඒ වන විට යුද්ධය නිමාවට පත්ව ගතව තිබුණේ තෙවසරක්‌ පමණි. එම වකවානු යනු යුද්ධයෙන් බැටකන ලද සහ පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යළිත් තම උපන් ගම් බිම් කරා නැවත පදිංචිය පිණිස පැමිණෙමින් සිටි අවදියකි. එවකට එම ප්‍රදේශවල දකින්නට ලැබී ඇත්තේ වසර 30 ක්‌ පුරා යුධ නායකත්වය විසින් මෙහෙයවන ලද ජනතාවත් නැවත සමාජ ගත කිරීමේදී ලබාදිය යුතු නායකත්වයේ රික්‌තකයකි. යුද බිම මෙන්ම සාමාන්‍ය සමාජය පිළිබඳ අවබෝධයකින් පසුවූ ලුතිනන් කර්නල්වරයා ඒ බව මනාව වටහාගනිමින් පළමුව කිළිනොච්චිය ප්‍රදේශයේ වැසියන් මුල්කර ගනිමින් නායකත්වයේ ගමනක්‌ අරඹන අතර එය නිමාවට පත්වන්නේ වසර 6 ට ආසන්න කාලයක්‌ පුරා පැවැති තම සේවා කාලය නිමාකොට වෙනත් ප්‍රදේශයක්‌ කරා ස්‌ථාන මාරුවක්‌ ලබා ඉකුත්දා එම ප්‍රදේශයෙන් පිටත්ව යැමත් සමගිනි.

 ඉහත සඳහන් කළ පරිදි අප එම ප්‍රදේශයන්හි සංචාරය කරන අතරතුර ලබාගත් තොරතුරුවලට අනුව ඔහු රාජකාරිය බාර ගන්නා අවදිය යනු එම ප්‍රදේශයන්හි සාමාන්‍ය ජන ජීවිතය මුළු මනින්ම අඩාල ව පැවැති අවදියකි. එහිදී ඔහු වෙත පැවරෙන ප්‍රධානතම වගකීම වන්නේ ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ පුනරුත්ථාපනය ලබන ලද ද්‍රවිඩ තරුණ තරුණියන් සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගනිමින් ප්‍රදේශය නැවත සංවර්ධනය කිරීම පිණිස ඒ හරහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමය.

 ලුතිනන් කර්නල් රත්නප්‍රිය විසින් කිළිනොච්චිය දෙවන වරටද දිනාගැනීමේ මෙහෙයුම ආරම්භ කරනු ලබන්නේ එතැන් සිටය. එය අසීරු අභියෝගයක්‌ වී ඇත. වසර 30 ක්‌ එල්. ටී. ටී. ඊ. යුද නායකත්වයක්‌ යටතේ දිවි ගෙවූ ද්‍රවිඩ වැසියන් හා රජය අතර සුහදතාවය වර්ධනය කිරීම එහි වූ පළමු අභියෝගය වී ඇත. මේ වන විට කිළිනොච්චිය ප්‍රදේශයේ පිහිටි ඒකාබද්ධ අණදෙන මූලස්‌ථානය එකල හැඳින්වූවේ "කැස්‌ත්‍රො බේස්‌" යනුවෙන්ය. කොටි නායකයෙකු වූ කැස්‌ත්‍රෝගේ නමින් හැඳින්වූ එම ස්‌ථානය එකල තිබී ඇත්තේ මුළුමනින්ම සුන්බුන් ගොඩක්‌ බවට පත්වය. එවැනි තත්ත්වයක්‌ තුළ 2012.01.10 වන දින පළමු සිවිල් ආරක්‍ෂක භට කණ්‌ඩායම බදවා ගන්නා ලෙස කර්නල් රත්නප්‍රිය වෙත ඉහළ හමුදා නායකත්වය විසින් අණක්‌ නිකුත් කරන අතර ඒ වන විට උතුරේ ද්‍රවිඩ තරුණ තරුණියන් තුළ සිංහල ආරක්‍ෂක හමුදා කෙරෙහි තිබී ඇත්තේ සැක උපදවන සුලු හැඟීම් සමුදායක්‌ය. ඒ සඳහා හේතු වූ තවත් කාරණා රැසක්‌ද ඒ වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ වන විට ගොඩනැඟෙමින් තිබුණ අවදියකි. විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා ජාතිවාදී ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ විසින් විවිධ කටකතා පතුරවමින් සිවිල් ජනතාව ආරක්‍ෂක හමුදාවන්ගෙන් දුරස්‌ කිරීම පිණිස එවැනි කටකථා නිර්මාණය කොට තිබුණි.

 ඒ පිළිබඳව යම් වටහා ගැනීමක්‌ සිදු කරන ලුතිනන් කර්නල් රත්නප්‍රිය දින කීපයක්‌ ඇතුළත එම ප්‍රදේශවල ජනතාවගේ ආගම සංස්‌කෘතිය, කලාව, ආචාර ධර්මයන්, විශ්වාසයන් සහ ඇදහිලි පිළිබඳ අධ්‍යයනයක්‌ සිදුකර ඇති අතර ද්‍රවිඩ ජනතාව දෙවන වරටත් දිනා ගැනීමේ දෙවැනි මෙහෙයුම අරඹා ඇත්තේ ඒ පදනම මතය. පැය 72 ක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ කරන ලද අධ්‍යයනයකින් අනතුරුව 2012/09/18 වන දින ද්‍රවිඩ තරුණ තරුණියන්ගෙන් සමන්විත පළමු සිවිල් ආරක්‍ෂක බළකා භට පිරිස බඳවා ගන්නා ලුතිනන් කර්නල් රත්නප්‍රිය ඒ සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ කොටි සාමාජිකයන් පිරිසක්‌ද ඇතුළත් කරගෙන ඇත්තේ මනුෂ්‍යත්වයේ භාෂාවෙන් ඔවුන් සමඟ කළ කථා බහක ප්‍රතිඵලයක්‌ ලෙසිනි. ඒ අතර සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය යටතේ කැස්‌ත්‍රෝ බේස්‌හි අලුතින් ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට සමත් වන රත්නප්‍රිය ඇතුළු එකල රාජකාරියේ නිරතව සිටි ආරක්‍ෂක භට පිරිස්‌ තම පළමු උත්සාහය සාර්ථකව නිම කර ඇත්තේ තිබිය යුතු අවම පහසුකම් පවා අහිමි තත්ත්වයක්‌ තුළය.

 සැකබිය පහව ගිය වටපිටාවක්‌ තුළ ද්‍රවිඩ වැසියන් යළි නඟා සිටුවීමේ මෙහෙයුම ආරම්භ කළද එකල විවිධ බලපෑම්වලින්ද අඩුවක්‌ තිබී නැත. රාජ්‍ය නොවන සංවිධාන යම් යම් ජාත්‍යන්තර සංවිධාන සහ වෙනත් දේශපාලන සංවිධාන තුළින් විවිධ අභියෝග ඉදිරිපත් වන්නට ගන්නා අතර ඔවුන් විසින් එල්ල කරන ලද ප්‍රධාන අභියෝගය වී ඇත්තේ හැකිනම් ශ්‍රී ලංකා හමුදාවන් වෙත උතුර නැගෙනහිර ද්‍රවිඩ තරුණ තරුණියන් සිය දෙනෙකු බඳවා ගන්නා ලෙසය. ලුතිනන් කර්නල් රත්නප්‍රිය ඇතුළු එම පළාතේ රාජකාරී කළ ආරක්‍ෂත අංශයන්හි ඉහළ නිලධාරීන්ට එය තව දුරටත් අභියෝගයක්‌ බවට පත්වී නැත. ඒ සඳහා පෙරමුණ ගනු ලබන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය විසින්ය. ජනපදනම ගොඩනැඟීමට පෙර ජන මනස ජයගත යුතු බව තරයේ විශ්වාස කළ ඔහු පළමුව උතුරු නැගෙනහිර ජනතාවගේ මිතුරකු බවට පත් වන්නේය.

 රාජකාරී ගිනි අවිය පසෙකින් තබන හේ කළු පැහැති අව් කන්නාඩි යුගලයකින් ඝන දිප්ත වර්ණ ඇඳුමින් සැරසී ජනතාව අතරට යන අතර ඒ හරහා ඔහු ද්‍රවිඩ ජාතිකයන් සමඟ ගොඩනඟා ගෙන ඇත්තේ දැඩි මිත්‍ර සමාගමකි. ඒ හරහා එතෙක්‌ කලක්‌ ආරක්‍ෂක හමුදා කෙරෙහි ද්‍රවිඩ වැසියන් තුළ පැවැති අමනාපකම අමතක කරවන ලුතිනන් කර්නල්වරයා අප එහි සංචාරය කරන ලද අවදිය වන විට පමණක්‌ ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන් 3500 ට ආසන්න සංඛ්‍යාවක්‌ සිවිල් ආරක්‍ෂක බලකායට සම්බන්ධ කර ගැනීමට සමත්කම් දක්‌වා තිබුණි. ජලය විදුලිය, දුරකථන පහසුකම් ආදී කිසිවකින් තොරව ආරම්භ කරන ලද සිවිල් ආරක්‍ෂක බළකා කිළිනොච්චි මූලස්‌ථානය අද වන විට අංග සම්පූර්ණ ගොඩනැඟිලි සංකීර්ණයක්‌ සහිත බළකා මූලස්‌ථානයකි. මෙහි ලියා තැබිය යුතු තවත් වැදගත් කාරණාවක්‌ වන්නේ මේ වන විට උතුර නැගෙනහිර පිහිටි රාජ්‍ය ආයතන අතර ජනප්‍රියම රාජ්‍ය ආයතනය බවට පත්ව ඇත්තේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව බවකි.

 අපි එහි සංචාරය කළ අවස්‌ථාවේ ඒ බව මනාව දැකගත හැකි වූ අතර සමස්‌ත කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයත් මුලතිව් හා යාපනය යන දිස්‌ත්‍රික්‌ දෙකත් මුල් කරගෙන මේ වන විට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති රාශියකි. මේ වන විට එම කටයුතු බළකා අණ දෙන නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වන අතර එහි සම්බන්ධීකරණ කටයුතු ඒ වන විටද මෙහෙයවන ලද්දේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු විසිනි.

 මේ වන විට මුලතිව් සහ කිලිනොච්චි සිවිල් ආරක්‍ෂක බළකා මුලස්‌ථාන මුල්කොට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතීන් අතර තල් අල, රටකජු, රබර්, උක්‌, වී ගොවිතැන, පළතුරු සහ එළවළු මුල් තැනක්‌ ගන්නා අතර එක්‌ කන්නයකදී පමණක්‌ ඉන් රජයට උපයා දෙනු ලබන ආදායම රුපියල් මිලියන ගණනකි. එහි අස්‌වනු සරුවන්නේ කලක්‌ කොටි සංවිධානය හා එක්‌ව වෙනම රටක්‌ පැතූ ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන්ගේ දහදිය මහන්සියෙනි.

 ඊට අමතරව එම දිස්‌ත්‍රික්‌ මුල් කරගනිමින් ආරම්භ කොට ඇති විශේෂ ව්‍යාපෘතින් රාශියක්‌ද වේ. ඒ අතරින් මූර්ති නිර්මාණය, අත්කම් නිෂ්පාදන, රූපලාවන්‍ය වැඩසටහන්, අභ්‍යාස පොත් නිෂ්පාදනය, මැහුම්, ගෙතුම්, බ්ලොක්‌ ගල්, පපඩම්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, සත්ත්ව පාලනය, ආහාර ඇසුරුම් කරණය ප්‍රමුඛ වේ. මේ සියලු කටයුතු හරහා උතුරු නැගෙනහිර සාමාන්‍ය ජන ජීවිතය යහපත් ඉසව්වක්‌ කරා රැගෙන යැමට නායකත්වය සපයන ලද්දේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු විසිනි. ඊට අමතරව වඩාත් යහපත් අනාගතයක්‌ සහිත පරපුරක්‌ බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක පෙර පාසල් අධ්‍යාපනය ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දුගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක සාර්ථක වැඩ සටහනකි. ගත වූ වසර පහ තුළ පමණක්‌ ඉන් පෙර පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරන ලද දරු දැරියන් සංඛ්‍යාව හැට දහසකි. ඔවුන් සියල්ලන්ම මේ වන විට ශ්‍රී ලාංකික ජාතික කොඩිය හා ජාතික ගීය හඳුනන පිරිසක්‌ බවට පත්ව සිටිති.

 මෙම සියලු සාර්ථක ප්‍රයත්නයන් පිටුපස ශ්‍රී ලංකා යුධ හමුදාවත් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවත් සිටින අතර ඒ සඳහා එම ආයතන දෙක මගින් ලබාදෙනු ලබන අනුග්‍රහය වෙසෙසින් අගය කළ යුත්තකි. ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු යනු මෙම වෙහෙසකර වෑයම උතුරු නැගෙනහිර මහ පොළොව මත යථාර්ථයක්‌ බවට පත්කළ පෙරගමන් කරුවෙකි.

රුවන් ජයවර්ධන
http://divaina.com/sunday/index.php/main-news/4382-2018-06-15-13-38-50

නන්දිකඩාල් රවිප්‍රිය හා කිළිනොච්චියේ රත්නප්‍රිය

කීර්ති තෙන්නකෝන් සමාජ ක්‍රියාකරු විසින් රණවිරු රත්නප්‍රිය බන්දු උතුරෙන් මාරුවීමක්‌ ලැබ යැම ගැන වඩාත්ම දුක්‌වූයේ ඒ පළාතේ දෙමළ වැසියන් බව සටහන් කර තිබුණි. 

 යුද්ධය අවසන් වීමට මාස හයකට පමණ පෙර ඉතාලියේ තානාපතිවරයා වශයෙන් මා සිටිනා කාලයේ ශ්‍රී ලංකා ත්‍රස්‌ත විමර්ශන ඒකකය හා ඉතාලි තානාපති කාර්යාලය ද එංගලන්තයේ LTTE විරෝධී දෙමළ, සිංහල පුරවැසියන්ගෙන් ද ලංකාවේ රත්නප්‍රිය බන්දු, රවිප්‍රිය සහ රණප්‍රිය අබේසිංහ යන සියලු දෙනාම සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාව මූලික කර ගනිමින් විශේෂ කාර්යාලයක්‌ පිහිටුවීමට මට හැකිවිණ. ඒ වන විටත් ඉතාලියේ විසූ LTTE ත්‍රස්‌තයන්ගෙන් ඉතාලියේ රාජ්‍ය ආරක්‌ෂාවට තර්ජනයක්‌ විය හැකි බවද ඉතාලිය LTTE සංවිධානයේ තෝතැන්නක්‌ නොවිය යුතු බව ද අප විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක්‌ වශයෙන් නිලධාරීන් පස්‌දෙනකුගෙන් පමණ සමන්විත කුඩා කාර්යාංශයක්‌ ඉතාලියේ ත්‍රස්‌ත විරෝධී අංශයේ සිට ක්‍රියා කරවනු ලැබිණි. මේ අතර එංගලන්තයේ LTTE ත්‍රස්‌ත විරෝධී සංවිධානයක ප්‍රධානියකු වන සුසන්ත ගුණසේකර මා සමඟ ඊ මේල් පණිවිඩ මගින් සම්බන්ධ විය. අපේ එකම අරමුණු වූයේ LTTE යෙන් මේ රට මුදවා ගැනීමට කැපවී සිටින රජයට සෑම අතින්ම ආධාර උපකාර කිරීමය. සුසන්ත ගුණසේකර මගින් රණප්‍රිය අබේසිංහ නැමති ත්‍රිවිධ හමුදාවේ මේජර්වරයකු වූ අපට සම්බන්ධ කරනු ලැබීය. රණප්‍රිය අබේසිංහ මහතා වැනි අති දක්‌ෂ නිලධාරීන් හඳුනා ගැනීමට ආරක්‌ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්‌ෂට හැකි විණ. ආරක්‌ෂක ලේකම්වරයාගෙන් අතිශයින් රහසිගත බුද්ධි තොරතුරු අංශයක්‌ පිහිටුවන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක්‌ ලෙස ඔහු වහාම ක්‍රියාත්මක වී මේජර් රණප්‍රිය අබේසිංහ මහතාව ද තවත් කිහිප දෙනෙක්‌ ද, ඔවුන් එවකට දැරූ නිලයන් සහ තනතුරු ගැසට්‌ පත්‍ර මාර්ගයෙන් ඉවත් කොට අවලංගු කොට විශේෂ පුහුණුවක්‌ සඳහා දකුණු අප්‍රිකාවට යවනු ලැබීය. මේජර් රණප්‍රිය අබේසිංහගේ කාර්ය භාරය වූයේ ඉතාම රහසිගතව අපි ඉතාලියේ LTTE විරෝධී ත්‍රස්‌ත විමර්ශන අංශයෙන් ලබාගන්නා අතිශය රහසිගත තොරතුරු ලංකා යුද හමුදාව අතට පත්කිරීමයි. ඔහුගේ ප්‍රයත්නය නිසා දැනට ද්‍රවිඩ ජනතාවගේ මහත් වූ ගෞරවයට භාජනය වී සිටින කර්නල් රත්නප්‍රිය බන්දු හා කර්නල් රවිප්‍රිය යන යුද හමුදාවේ නිලධාරීන් සම්බන්ධීකරණය කරගැනීමට හැකි විය. 

 ඉතාලියේ මෙම ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් මට පෞද්ගලිකව දෙන ලද තොරතුරු මටම අදහා ගැනීමට නොහැකි විය. ලංකාවේ ප්‍රබල රජයේ දේශපාලනඥයන් කිහිප දෙදෙනකුම මෙම LTTE මුදල් ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කර විශාල කොමිස්‌ මුදලක්‌ ගෙන නැවත LTTE යට භාර දෙන හැටි මට ඔවුන් දැනුම් දුන්නේය. 

 ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා මට දන්වා සිටියේ ප්‍රභාකරන් ඉතා කලාතුරකින් දුරකථනයක්‌ පාවිච්චි කළත් එය ද චන්ද්‍රිකා දුරකථනයක්‌ බැවින් ඔහුගේ කථාවලට සවන්දිය නොහැකි වුවද එම පණිවිඩ ක්‍රමයෙන් පහතට ගලාගියේ වෙනත් ප්‍රබල ආධාරකරුවන් මගින් බවද ඔවුන් හෙළි කරන ලද්දේය. 

 මේ අතර යුද්ධය අවසන් විය. යුද්ධය අවසන් වීමට නම් ප්‍රභාකරන් මිය යා යුතුමය. ලංකාවෙන් ලැබුණ ඉතාම වැදගත් තොරතුර වූයේ යුද්ධය අවසානයේදී ප්‍රභාකරන් ඇතුළු පිරිසක්‌ ගිලන් රථයකින් පලා යන අතරතුර එම ගිලන් රථය යුද හමුදාව මගින්, තර්මොබාධිරික, බෝම්බ ප්‍රහාරයක්‌ මගින් එය විනාශ කළ බවය. එම ගිලන් රථය තුළ ප්‍රභාකරන්, පොට්‌ටු අම්මාන් ඇතුළු තව කිහිප දෙනකු සිටි බවද යුද හමුදාව මගින් ප්‍රකාශ කළේය. අපි පසු දින ජය සැමරීමට සූදානම් වෙද්දී මට ඉතාලියේ ත්‍රස්‌ත විමර්ශන අංශයෙන් හදිසි දුරකථන පණිවිඩයක්‌ ලැබිණි. ඔහු කියා සිටි දෙයින් මම තුෂ්නිම්භූත වීමි. ප්‍රභාකරන් තවමත් ජීවත් වන බවත් ඔහු දැනටමත් ඉන්දියානු හා ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ කතාකරමින් ඔහුට යටත් වීමට අවස්‌ථාව සලසා දෙන ලෙසත් ඒ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක්‌ ලබා දෙන බවටත් ඔහු පෞද්ගලිකවම පොරොන්දු වී ඇති බවත් එම නිසා ප්‍රභාකරන් මියගිය පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක්‌ බවත්ය. 

 මේ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ සිටියේ ජොර්දානයේ සම්මන්ත්‍රණයකට සහභාගිවෙමිනි. මෙම අමිහිරි ප්‍රවෘත්තිය එතුමාට කෙසේ දන්වන්නේ දැයි සිතමින් ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් නොහැකි වූ නිසා ඇති එකම විකල්පය වූ එවකට විදේශ ඇමැතිව සිටි, බොහෝ දෙනා නොදන්නාමුත් යුද්ධය ජය ගැනීමට විශාල සේවයක්‌ කළ විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම මහතාව සම්බන්ධ කර ගැනීම බවය. මම එතුමාට කථාකර කියා සිටියේ ජනාධිපතිතුමාට ලංකාවට නොඑන ලෙසට දන්වන ලෙසත් මන්ද ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවත් බොහෝ විට බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රාජ්‍යයන්ට අවශ්‍යව තිබුණේ ප්‍රභාකරන් ජීවත්කරවීම බැවින් මුහුදු මගින් පලා යැමට සූදානම්ව සිටින බවයි. ඒ අවස්‌ථාවේදීම එම දුරකථන පණිවිඩය ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයාට කියනු මට ඇසුනි. ඒත් ඔහු ජයග්‍රහණය සැමරීමට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රභාකරන්ගෙන් සහ ත්‍රස්‌තවාදයෙන් තොරව ලංකාව මුදාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොළෝ තලය වැඳ නමස්‌කාර කොට ගිය ආකාරය සිය දහස්‌වරක්‌ අපි මාධ්‍ය මගින් දැක ඇත. 

ප්‍රභාකරන් තවමත් ජීවත් වන බවට මා වෙත ලැබුණ තොරතුර කිසිවකු පිළිනොගන්නා හෙයින් මම වහාම ලංකාවේ සිටින අපේ රහස්‌ සංවිධානයේ නියෝජිතයා වන රණප්‍රිය අබේසිංහට කතාකොට කියා සිටියේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහුගෙන් රට බේරා ගැනීම ඒ අයගේ යුතුකම බවත්ය. ඒ අවශ්‍යතාවේ මට කළ හැකි වෙන කිසිවක්‌ නොවිනි. මා දන්නා පරිදි මහින්ද රාජපක්‌ෂ යුද හමුදාවේ තොරතුරු සම්පූර්ණයෙනම විශ්වාස කළ අතර එතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කරන විට ද ප්‍රභාකරන් රටින් පැන යැමට සියල්ල සූදානම් කර තිබුණි. මා දැනගත් පරිදි මේ සැකය රණප්‍රිය අබේසිංහ එවකට එම ප්‍රදේශයේ මෙහෙයුම් භාරව සිටි කර්නල් රවිප්‍රියට දන්වා ඇත. මින් පසු සිදුවූ දේ ගැන මම පසුව සටහනක්‌ තැබීමට බලාපොරොත්තු වෙමි. 

 ඊට පසු ප්‍රභාකරන්ගේ මළ සිරුර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කථාවෙන් පසු විද්යුත් මාධ්‍යයෙන් දැක ගැනීමට හැකි විය. 

 මගේ මේ කථාව ලිවීමේ අරමුණ මතු සඳහන් කරුණු ඔබ හමුවේ තැබීම නොව අපේ රණවිරුවන් කරන ලද මහා මානුෂික මෙහෙයුමේ මා දකිනා පැත්ත පෙන්වීමටය. යුද්ධයේ ජයග්‍රහණය සමරමින් සොල්දාදුවන් ජයඝෝෂා කරන අතර මට හදිසි දුරකථන පණිවිඩයක්‌ ලැබිණි.

 ඒ කර්නල් රත්නප්‍රිය බන්දු මහතාගෙනි. අහිංසක සිවිල් ජනතාව දස දහස්‌ ගණනින් කළපුවෙන් එගොඩ වී අපේ පැත්තට එනවා දරුවන් අධික විජලනයෙන් මියයනවා. ඒ පළාතටම ඇත්තේ එක වතුර ටැංකියයි. ජනතාව වතුර සෙවීමට වතුර ටැංකිය කඩා බි`ද දමා තිබෙනවා එහි වතුර බින්දුවක්‌වත් නැහැ. මේ අහිංසක මිනිසුන් මැරෙනවා මට බලා ඉන්න බැහැ. යුද්ධයේදී මා දුටු බිහිසුණුම දර්ශනය මෙයයි. අපේ පිහිට පතාගෙන එන අහිංසක ජනතාවට වතුර සැපයීමට අපට හැකියාවක්‌ නැහැ. අනේ තානාපතිතුමනි මේ ප්‍රශ්නය විසඳන්න, 

 ඉන්පසු මා වහාම එවකට ලංකාවේ සිටි ප්‍රබල ඇමතිවරයකුට දුරකථනයෙන් කතාකොට මා මේ විස්‌තරය කීවෙමි. මොවුන් මෙතෙක්‌ කල් කොහොමද ජීවත් වුණේ, යෑයි අසා එතුමා දුරකථනය විසන්ධි කළේය. ඒත් මම නැවත වරක්‌ ඔහුට කථා කොට අපේ මානුෂික මෙහෙයුමේ අවසානය මෙසේ විය යුතු දැයි ප්‍රබල දේශපාලනඥයකු වශයෙන් සිතිය යුතු බව මා කියා සිටියෙමි. ඉන් පසු විශාල යුද හමුදාව සතු ටැංකි මගින් එම ස්‌ථානයට වතුර සපයනු ලැබීය. මෙම දරුවන් දෙමාපියන්ගේ අතේ මියයන හැටි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා කඳුළු පෙරමින් ප්‍රකාශ කළ අන්දම මට හිතා ගත නොහැකි විය. සෑම දෙමළ වැසියෙක්‌ම, දරුවෙක්‌ම, බේරා ගැනීමට ඔහු කළ සේවය කොතරම් දැයි මට සිතාගත හැකි වූයේ ලංකාවට පැමිණ ඔහු හමුවීමට මා කඳවුරට ගිය අවස්‌ථාවේදීය. සිය දහස්‌ ගණන් මිනිසුන් ඒ අවස්‌ථාවේදී කඳවුරට පැමිණියේ මා ඔවුන්ට වතුර සැපයීම සම්බන්ධයෙන් මූලික වී ක්‍රියාකිරීම ගැන පින් දීමටය. අද කිළිනොච්චියේ ද, වව්නියාවේ ද ඕනෑම උතුරේ නගරයක රත්නප්‍රිය බන්දු ගැන දුක්‌වන්නේ, හඬන්නේ අහිංසක දෙමළ දෙමාපියන්ය. මොහු ඔවුන්ගේ ආරක්‌ෂකයකු වී සිටියේය. සංහිඳියාවක්‌ ඇති නම් එය පටන්ගත යුත්තේ යුද හමුදාව මගිනි. 

 මේ සිද්ධිය හොඳ හැටි දන්නා යාපනයේ අණදෙන නිලධාරී රවිප්‍රිය කර්නල් රත්නප්‍රිය සහ රණප්‍රිය අබේසිංහ තවමත් ජීවතුන් අතර සිටියි. අපගේ විජයග්‍රහණය කොටි ත්‍රස්‌තයන් පරාජය කිරීම පමණක්‌ නොවේ. මෙම අහිංසක ජනතාව ආරක්‌ෂා කිරීමට රත්නප්‍රිය බන්දු වැනි නිලධාරීන් කළ කැපවීමයි. අද බටහිර ප්‍රජාව සිංහල හමුදාව විසින් දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවටත් එම ඝාතකයන් වරදකරුවන් ලෙසත් සරත් ෙµdන්සේකා, ගෝඨාභය රාජපක්‌ෂ සහ මහින්ද රාජපක්‌ෂ මෙහි වරදකරුවන් කිරීමටත් දරා ඇති ප්‍රයත්නය නවතා නොමැත. 

 යුදෙව්වන් යුරෝපයෙන් ඉවත් කිරීම තමා විසින් ආර්ය වංශිකයන්ට කරන මහත්වූ මහත්ඵල මහානිසංස ලබාදෙන ක්‍රියාවක්‌ යෑයි නිර්මාංශික හිට්‌ලර් බිහි වූයේද මුළු යුරෝපීය සංගීතයේ අයිතිකරුවන් වන බිතෝවන් සහ මෝසාඩ් වැනි සංගීතඥයන් බිහිකළ ලෝකයේම ශිෂ්ට සම්පන්න ජාතියක්‌ ලෙස සලකන ජර්මන් ජාතිකයන් යුදෙව්වන් මිලියන ගණනක්‌ ගෑස්‌ උදුන්වල දමා ජනසංහාරයක යෙදුනේ ඔවුන්, යුදෙව්වකු, ජර්මන් ජාතිකයකු උදේ වැසිකිළියකට ගොස්‌ හෙලන මළපහ තරම්වත් නොවටින්නේය, යන සංකල්පය මතය. 

 එලෙසම අප්‍රිකාවේ රුවන්ඩා ජනසංහාරයේදී හුටු ගෝත්‍රිකයන් තුච්ච ජාතිකයන් මරා දැමුවේ ඔවුන් කැරපොත්තන්ට සමාන කරමිනි. ළමුන් සහ කාන්තාවන් මරා දැම්මේ හිසට යකඩ යෂ්ටියකින් පහර දීමෙන් පමණක්‌ බව ඔවුන්ට උගන්වා තිබිණ. මන්ද වෙඩි උණ්‌ඩයක්‌ පාවිච්චි කරන්නට තරම් වත් මොවුන් නොවටිනා බැවිණි. එලෙසම යුගෝස්‌ලෝවියාව කෑලිවලට කැඩුන පසු සර්බරින්කා ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතිකයන් අටදහසක්‌ පමණ මරා සමූහ මිනී වළවල්වලට දැමූ අතර ඒ සියලුම දෙනා අහිංසක මුස්‌ලිම් ජාතික සිවිල් පුරවැසියන් වූහ. ඒත් අපේ රටේ සිදුවූයේ ද්‍රවිඩ කොටි ත්‍රස්‌තයන් විසින් තමන්ගේම වර්ගයා වන අහිංසක දෙමළ ජනතාව ඔවුන්ගේ ගැලවුම්කාරයා ඔවුන්වම මැරීමට අණ දෙන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යටතට පත් නොකොට එය වැලැක්‌වීමයි. ඒත් ඔබ නොදන්නවා වුවද මෙසේ නන්දිකඩාල් කලපුවෙන් මුදා ගන්නා ලද එක්‌ ද්‍රවිඩ කාන්තාවක්‌ හමුදා කඳවුර තුළදීම තමා ඇඳ සිටි බෝම්බ කට්‌ටලය පුපුරවා ගත්තේ තමා බේරාගත් කාන්තා සෙබළියන්වද ඒ ස්‌ථානයේම ජීවිතක්‌ෂයට පත් කරවමිනි. අපේ හමුදාව අතින් යම්කිසි අපරාධයක්‌ සිදුවූ බව අපි ප්‍රතික්‌ෂේප නොකරන්නෙමු. එහෙත් මෙවැනි මෙහෙයුමක්‌ ලෝක ඉතිහාසයේ කොතැනක සිදුවී ඇත්දැයි අපට, ජන ඝාතකයන් යෑයි කියන සහ ජන ඝාතන යුද අපරාධය කළා යෑයි චෝදනා කරන අයගෙන් විමසමු. රත්නප්‍රිය බන්දු සහ යාපනයේ ඉලෙච්ලියන් මහාධිකරණයේ දී, බෞද්ධ විහාරයක්‌ අත්තනෝමතික ලෙස බුල්ඩෝසර් කිරීමට එරෙහිව විනිශ්චය දුන් දෙමළ විනිසුරු තුමිය වැනි අය ජනසංහිඳියාවේ හොඳම උදාහරණය බව දැනගත යුතුය. 

 ප්‍රභාකරන් අල්ලාගත් එහි නියම විරුවා දැනට උතුරේ අණසක පතුරන රවිප්‍රිය බව මා නැවත වරක්‌ මතක්‌ කරන අතර නන්දිකඩාල් කළපුවෙන් ගැලූ ඉහවහා ගිය අපේ හමුදාවේ උතුම් මිනිස්‌ ගුණාංග පිළිබිඹු කරන අනෙක්‌ රණවිරුවා රත්නප්‍රිය බන්දු යෑයි මම සිතමි. 

 ප්‍රභාකරන් පෙර දින මියගියේ යෑයි මුළු ලොවටම හඬගා කියද්දී නැවත සත්‍ය ප්‍රභාකරන් සොයාගෙන ඔහුව ඝාතනය කළේ කෙසේ දැයි දන්නේ දැනට යාපනයේ ආරක්‌ෂාව භාර රවිප්‍රිය හා රත්නප්‍රිය බන්දු යන තවත් කිහිප දෙනකු බව මම නැවත වරක්‌ ප්‍රකාශ කර සිටිමි. 

 සත්‍යය වශයෙන් දෙමළ ජනතාවගේ සංහිඳියාව ගැන රජය සිතුවේ නම් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා යටතේ සැබෑ සංහිඳියා ඒකකයක්‌ පිහිටුවා අනර්ග වැඩපිළිවෙළක්‌ සකස්‌කර දියත්කර රට වනසන N.G.O කරුවන්ට බාර නොදීම රජයේ යුතුකම වන්නේ යෑයි අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට මතක්‌කර දෙමි. 

 තවද මේ ලිපිය ලිවීමෙන් කර්නල් රත්නප්‍රිය බන්දු රණවිරුවාට කිසිදු ඇබැද්දියක්‌ නොවේවා යෑයි මම ඉතසිතින් පතමි!

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසරිය 
http://divaina.com/sunday/index.php/visheshanga1/4390-2018-06-15-13-38-58

Friday, June 15, 2018

ත්‍රස්‌තයන්ට වන්දි ගෙවීම

පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී.එම්.ස්‌වාමිනාදන් මහතා පසුගිය කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කරනු ලැබූ කැබිනට්‌ පත්‍රිකාව මහත් ආන්දෝලනයකට ලක්‌ විය. මෙයට ඇමැතිවරු කිහිප දෙනෙක්‌ම විරුද්ධ වී ඇති බවක්‌ මාධ්‍ය වාර්තාවල දැක්‌විණි. මේ ආන්දෝලනාත්මක කැබිනට්‌ පත්‍රිකාව කුමක්‌ද? මියගිය කොටි සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීම ස`දහා වූ පත්‍රිකාවකි. මෙලෙස ලංකා රාජ්‍යය දෙකඩ කිරීමට සටන් වැදුණු ත්‍රස්‌තයන්ට වන්දි ගෙවිය හැකිද? ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කළ කොටි මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ ඥතීන්ට ද සහන සැලසිය යුතු ද ? ශ්‍රී මහා බෝධියට, දළදා මාලිගාවට පහර දුන් ත්‍රස්‌තයන්ට ද වන්දි ගෙවිය යුතු ද ? කොටි සාමාජිකයන් යුද්ධ කළේ ලංකාව දෙකඩ කිරීම වෙනුවෙනි. ලංකා රාජ්‍යයට එරෙහිව සටන් කළවුන්ට ලංකා රාජ්‍යයේ බදු ගෙවන්නන්ගේ මුදලින් වන්දි දීම කවර සදාචාරයක්‌ද ? තිස්‌ වසරක යුද්ධය නිසා ලක්‌ෂයකට අධික පිරිසක්‌ ඝාතනය විය. 

කොළඹ නගරයේ කොටි ත්‍රස්‌තවාදී බෝම්බ නිසා කෑලි කෑලිවලට කැඩී ගිය ජීවිත වෙනුවෙන් වන්දි ගෙවීම ගැන කිසිඳු සඳහනක්‌ නොමැතිව ස්‌වාමිනාදන් ඇමැතිවරයා මේ කැබිනට්‌ පත්‍රිකාව සකස්‌ කර ඇත්තේ කවර අරමුණින් ද යන්න අපට නො වැටහේ. එය සමස්‌ත ලාංකීය ජාතියටම නිග්‍රහයක්‌ බව පැහැදිලිව සටහන් කළ යුතුය. මෙය ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශයක්‌ ද නැද්ද යන්න පැහැදිලි නැත. කවරකුගේ යෝජනාවක්‌ වුවද මෙය කිසිසේත් සිදු කළ යුතු නැත. මියගිය කොටින්ටත් වන්දි පිරිනමන්නේ නම් රණවිරු උපහාර සැමරුම් පැවැත්වීම ද තේරුමක්‌ නැත. මන්ද මේ වන්දි ගෙවීම මගින් ත්‍රස්‌තයා මෙන්ම රණවිරුවා අතර වෙනසක්‌ නැතිව යයි. රට බේරා ගැනීමට සටන් කළේ කවුදැයි ස්‌වාමිනාදන් ඇමැතිවරයාට තවමත් නොවැටහීම කනගාටුවට කරුණකි.

ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල මාවෝවාදීන් එරට ආරක්‌ෂක අංශවලට එරෙහි සන්නද්ධ කැරැල්ලක්‌ සිදු කරති. මෙම ගැටුම්වලින් මිය යන මාවෝවාදීන්ට දිල්ලි ආණ්‌ඩුව වන්දි පිරිනමන්නේ නැත. කාශ්මීරයේ අන්තවාදීන් ඉන්දීය හමුදාව සම`ග ගැටේ. එලෙස මියයන සටන්කාමීන්ට වන්දි ලබාදීම ගැන ඉන්දියාවේ ආණ්‌ඩුව සිහිනෙකින්වත් සිතන්නේ නැත. ඇµaගන් ආණ්‌ඩුව තලේබාන්වරු සම`ග දරුණු ගැටුමක නිරත වේ. එහෙත් මියගිය තලේබාන් සාමාජිකයන්ට වන්දි දීමට කාබුල් ආණ්‌ඩුව කටයුතු කර නැත. ඇමෙරිකාව අල්ඛයිඩා ත්‍රස්‌තයන්ට එරෙහිව ලොව පුරා මෙහෙයුම් සිදු කළේය. ත්‍රස්‌තයන්ට එරෙහිව බෝම්බ හෙළුවද වන්දි නම් ලබා දුන්නේ නැත. එසේ නම් මියගිය කොටින් වෙනුවෙන් වන්දි දීම මේ රටේ ස්‌වාධිපත්‍යය මෙන්ම භෞමික අඛණ්‌ඩතාව ද පාවා දීමකි. වන්දි ලබා දිය යුත්තේ කොටි සාමාජිකයන්ගේ ඥාතීන්ට නොව කොටින්ට එරෙහිව සටන් කර ජීවිත පූජාකළ දෙමළ වැසියන්ගේ ඥතීන්ටය. මවුබිමට එරෙහි වූවන්ට නොව මවුබිමට ගරු කළ යුත්තන්ට සදා උපහාර කළ යුතුය. එසේ නොවන්නේ නම් එය මියගිය දේශප්‍රේමීන්ට කරන බලවත් නිග්‍රහයකි. ස්‌වාමිනාදන්ගේ මේ කැබිනට්‌ පත්‍රිකාව අනුව ප්‍රභාකරන් වෙනුවෙන් වන්දි ලබා ගැනීමට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ට හැකිය. මන්ද සිවාජිලිංගම් ප්‍රභාකරන්ගේ මස්‌සිනා යෑයි කියනා නිසාය. 

ඇත්තෙන්ම ලංකා ඉතිහාසයට නිග්‍රහ කරන මේ කැබිනට්‌ පත්‍රිකාව ඉරා විසි කළ යුතුය. මෙය සම්මත වුවහොත් මවුබිම වෙනුවෙන් දිවි පිදූවන්ගේ පරිත්‍යාග සියල්ල වැළලී යනු ඇත.

http://divaina.com/daily/index.php/kathuwakiya/12935-2018-06-14-10-49-33

Tuesday, March 6, 2018

ප්‍රධාන රෝහල් ළඟ බෞද්ධ කාන්තාවන්ට පමණක් නොමිළේ කෑම දෙන මේ අය කවුද?

කොළඹ ප්‍රධාන පෙළේ රෝහල්වල සායනවලට පැමිණෙන බෞද්ධ කාන්තාවන් සඳහා ටිකට්‌ පතක් ලබාදී නොමිලේ බුෆේ කෑම සපයන සංවිධානය පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතු බව සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහති පවසයි.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, කාසල්, සොයිසා වැනි රෝහල් ඉදිරිපිට මොවුන් මේ ආකාරයෙන් වසර කීපයක සිට ආහාර ලබාදෙන බව ඒ මහතා කියා සිටී. මොවුන්ගේ මෙම උනන්දුව ගැන රජය සොයා බැලිය යුතු බවත් මේ ස්‌ථානවල ආහාර සකස්‌ කරන ආකාරය ගැන පරීක්‍ෂාවට ලක්‌කල යුතු බවත් ඔහු අවධාරණය කරයි. යෑයි සමස්‌ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවැසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අසේල සම්පත් මහතා,

“දැන් මේ නොමිලේ ලබාදෙන ආහාර ශරීර සෞඛ්‍යයට හොඳද කියන එක ගැන රජයේ බලධාරීන් කිසිම ප්‍රකාශයක්‌ කරන්නේ නැහැ. මේක ජාතිවාදය අවුස්‌සන දෙයක්‌ නොවෙයි. මේක ශරීර සෞඛ්‍ය ගැන තිබෙන ප්‍රශ්නයක්‌. දැන් කොළඹ ජාතික රෝහලට, කළුබෝවිල, කාසල්, සොයිසා කියන රෝහල්වල සායනවලට දුරබැහැරින් එන රෝගීන්ට මේ සංවිධානයේ අය ගිහින් ටිකට්‌ එකක්‌ දීලා දවල්ට කෑම කාලා යන්න එන්න කියනවා. ඉතිං අපේ තරුණියන්, කාන්තාවන් ඒ තැන්වලට ගිහින් කෑම කනවා. ඒ කෑම දෙන ස්‌ථානයේ ගහලා තියෙනවා කෑම පිටතට රැගෙන යාම තහනම් කියලා. එතැන කුකුළ් මස්‌, හරක්‌ මස් ,‌ මාළු, එළවළු යනාදිය තියෙනවා. මේවායේ සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබඳව සොයා බලන්න කොන්දක්‌ ඇති පී. එච්. අයි. මහත්වරුන් යොදවන්න. එහෙටයි මෙහෙටයි වැනෙන අය අපිට එපා. කෙලින් තීරණ ගන්න පුළුවන් අය පත්කරන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා” යැයි පැවසීය.

http://www.colombotoday.com/45212-26/

Thursday, October 26, 2017

ජාතිවාදීන්ට උඩගෙඩි දෙන අනවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම රට නැවතත් ආපස්‌සට තල්ලු කිරීමක්‌ - අතුරලියේ රතන හිමි

ව්‍යවස්‌ථා සංශෝධනයට වඩා රටේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්න එකින් එක සොයා බලා ඒවාට විසඳුම් සෙවිය යුතු බවත් ජාතිවාදීන්ට උඩගෙඩි දෙන අනවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම රට නැවතත් ආපස්‌සට තල්ලු කිරීමක්‌ බවත් ජාතික මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
යහපාලනයක්‌ ඇතිකිරීම සඳහා පැවැති රජය පරාජය කර නව රජය බලයට පත්වූයේ රටට අහිතකර මෙවැනි සංශෝධන ගෙන ඒමට නොවන බවත් රටේ දැවෙන ප්‍රශ්න විසඳා සියලු ජනවර්ගයාට සාධාරණ අයිතිවාසිකම් ලැබෙන ජන සමාජයක්‌ ගොඩනැගීම සඳහා බවද උන්වහන්සේ පැවැසූහ.

යෝජිත නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. එහිදී වැඩිදුරටත් කතා කළ රතන හිමියෝ මෙසේ පැවැසූහ. ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් රටේ විශාල ආන්දෝලනයක්‌ ඇතිවී තිබෙනවා. අපි බලාපොරොත්තු වුණේ ත්‍රස්‌තවාදය පරාජය කිරීමන් පසු රටේ සාමය පවත්වාගෙන යන්න වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්න. මේ ආණ්‌ඩුව බලයට පත්වූ පසුව ජනතාව බලාපොරොත්තුවුණේ ගිය ආණ්‌ඩුවෙන් සිදුනොකළ අරමුණු සඵල කර ගැනීම සඳහායි.

මේ ආණ්‌ඩුව බලයට පත්වූ පසු යම්කිසි ව්‍යවස්‌ථා සංශෝධනයන් කරන බවට සඳහන් කළා. ඒ වගේම සමගිය මෙන්ම කඩා වැටුණු ආර්ථිකය ගොඩනගන බවට ජනතා පොරොන්දුවක්‌ දුන්නා. ජනාධිපතිතුමා 2016 වසරේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදුකළා. අධිකරණයට, රාජ්‍ය සේවයට, පොලිසිය කරන බලපෑම ඒ තුළින් නැති කළා. ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධන සිදුනොකරන බවට විධායක ජනාධිපති ධුරය අපට කරුණු කිහිපයක්‌ උඩ අවශ්‍ය වෙලා තිබෙනවා. යම් කිසි කෙනෙක්‌ යම් කිසි විදියකට මේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කළහොත් දැනට තිබෙන අනුපාත ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන්න බැහැ. එකම ක්‍රමය තිබෙන්නේ මනාප ඡන්ද ක්‍රමය පමණයි.

ඒ වගේම මේවන විට උතුරු හා නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට තවමත් විසඳුමක්‌ ලබාගැනීමට නොහැකි වෙලා. හැබැයි ඒ සඳහා විසඳුම් සෙවීම සඳහා නව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ හරහා පාර්ලිමේන්තුවට අතුරු වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් රට ස්‌ථාවර වෙනවාද රටේ ස්‌ථාවරභාවයට හානිකරනවාද ඒ වගේම සුළු ජනවර්ගයන්ගේ ප්‍රශ්න වලට උත්තරයක්‌ ලැබෙනවාද සංහිඳියාව ඇති වෙනවාද කියා සහ සොයා බැලිය යුතුයි. සියලු ජනකොටස්‌ සමඟ සාකච්ඡා නොකර මේ තුළින් කිසිදු සංහිඳියාවක්‌ ඇති නොවන බවයි අපේ මතය.

මේ ලියවිල්ල සමස්‌ත ජනතාවගේ යහපත උදෙසා නොවන බවද ප්‍රකාශ කළ යුතුයි. ආණ්‌ඩුව කියනව මේ අතුරු වාර්තාවක්‌ මේකට කලබල වෙන්න එපා කියලා. අතුරු වාර්තාවක්‌ දාන්නේ යම්කිසි කමිටුවක සාමූහික ඒකමතික තීරණයක්‌. එහෙත් මේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට දාල තියෙන්නේ විසි දෙනෙක්‌ ඉන්න කමිටුවේ හත්දෙනකුගේ කැමැත්ත මතයි. පැහැදිලිවම විධායක ජනාධිපති ධුරය අහෝසිකරන ව්‍යවස්‌ථා සංශෝධනයකට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කැමැති නැති බව. ඒ වගේම හෙළ උරුමය ඒ වගේම දෙමළ සන්ධානයද මේ සඳහා අදහස්‌ පළකර තිබෙනවා. එසේ තිබියදී මෙම ව්‍යවස්‌ථා සංශෝධනය නිත්‍යානුකූල නැහැ. ඒ වගේම පවත්නා විධායක ජනාධිපති ධුරය සම්පූර්ණව අහෝසි කළහොත් එහි බලපෑම් වලටත් මුහුණ දීමට අපට සිදුවෙනවා. මේ තුළින් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස්‌ වෙනවා. එය රටට හිතකර දෙයක්‌ නොවෙයි.

විශේෂයෙන්ම උතුරේ ප්‍රශ්න රැසක්‌ මේ වනවිට බිහිවෙමින් පවතිනවා. ද්‍රවිඩ සිරකරුවන් නිදහස්‌ නොකිරීම, ඔවුන් අධිකරණයට ගෙනත් නඩු පැවැරීම් හා නිසිලෙස පුනරුත්ථාපනය කිරීම් වසර තුනක්‌ ගියත් මේ ආණ්‌ඩුවට කිරීමට නොහැකිවී තිබෙනවා. ඒ වගේම මේ ඉඩම් ප්‍රශ්නය. යාපනයේ ඉඩම් වල වැඩි කොටසක්‌ තිබෙන්නේ ජනතාවට නොවෙයි ප්‍රභූවරුන්ට. ඒවා සොයා බලා අහිංසක ජනතාවගේ ඉඩම් ලබාදී නැවත පදිංචිකිරීම් නිසියාකාරව සිදුකිරීමට මේ ආණ්‌ඩුව අපොහොසත්වී තිබෙනවා.

රජය මගින් නව ව්‍යවස්‌ථාවක්‌ ඉදිරිපත් කිරීමට සූදානම්වීම සහ සිය මහා සභාවේ ස්‌ථාවරය පැහැදිලි කරනු සඳහා කොළඹ 07, නිදහස්‌ මාවතේ පිහිටි ජාතික පුස්‌තකාල සහ ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේදී ඊයේ (25දා) උදැසන පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මෙලෙස අදහස්‌ දැක්‌වූහ.

එම ජාතික මහා සභාවේ සාමාජික ආචාර්ය සුරේන් රාසවන් (දකුණේ) සහ ලංකා ජාතික කර්මාන්ත මණ්‌ඩලයේ හිටපු සභාපති තිස්‌ස සෙනවිරත්න යන මහත්වරුද වෙති.

අරුණ බෝගහවත්ත, ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
http://divaina.com/daily/index.php/puwath-2/1843-2017-10-25-15-52-75

Tuesday, October 24, 2017

ස්වාධීන මැතිවරණ කොමිසම උතුරට නුවරඑළියට එක නීතියක්.. දකුණට තව නීතියක් ක්‍රියාත්මක කරන අයුරු මෙන්න..
































අද වනවිට පලාත් පාලන මැතිවරණය පැවත්වීමට අවශ්‍ය සියලු සීමා නිර්නය කටයුතු අවසන් කොට එක් එක් පලාත් පාලන ආයතනයන් සඳහා අවශ්‍ය සභිකයින් ගනන තීරණය කොට අවසන් බව මාධ්‍ය මගින් පලාත් පාලන අමාත්‍යවරයා ජනතාව දැනුවත් කලේය. කරුණු එසේනම් මීලගට ඇත්තේ එම සභිකයින් ගනන ගැසට් පත්‍රයේ පලකොට වහාම පලාත් පාලන මැතිවරණය පැවත්විමයි.

එහෙත් මේ වනවිට ආණ්ඩුවේම සුලු ජාතින් නියෝජනය කරන පක්ෂ නියෝජනය කරන මනෝ ගනේෂන් සහ දිගම්බරම් වැනි අමාත්‍යවරුන් රටේ සම්පූර්ණ පරිපාලන ව්‍යහය කණ පිට පෙරලමින් සිටි. එනම් අරුම පුදුම අලුත්ම යෝජනාවක් ලෙස ජනවාර්ගික පදනම මත නුවරඑළියේ අලුතින් ප්‍රාදේශිය සභා බිහිකිරීමයි. මෙමගින් තමන්ගේම ආණ්ඩුවට අභියෝග කරමින් වසර 3 කට ආසන්නව කල් ගොස් ඇති පලාත් පාලන මැතිවරණය නැවත කල් දැමීමේ අසාධාරණ ඉල්ලීමක මොවුන් මේ වනවිට නිරත වී ඇත.

මෙහිදී මෙම ද්‍රවිඩ නායකයින්ගේ ඉල්ලිම උතුරු නැගෙනහිර ෆෙඩරල් ඉල්ලිමට සමාන එහෙත් මධ්‍යම පලාතට සරිලන ඉල්ලිමකි. ඒ මන්දයත් මෙතෙක් මධ්‍යම පලාත් සභාව සඳහා වෙනම රාජ්‍යකට අවශ්‍ය බලය බෙදාහැරීමට සම්පූර්ණ විය යුතු සුලු ජාතින්ගේ සංයුතිය ඇති වීමට තව කල් ඇති බැවිනි.

ශ්‍රීලංකාවේ ජනගහනය මිලියන 20.3 කි (2012 සංගනනයට අනුව). එනම් 20359439 කි.
එයින්
කොළඹ දිස්ත්‍රික්යේ 11.4% (2324329) ජීවත්වෙති. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 13 කි. ප්‍රාදේශිය සභා නගර සභා 13කි.
අනුරාධපුර දිස්ත්‍රික්යේ 4.2% (860575)ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 22 කි. ප්‍රාදේශිය සභා නගර සභා 19 කි.
මුලතිව් දිස්ත්‍රික්ය 0.5%( 92231) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 6 කි ප්‍රාදේශිය සභා නගර සභා 4 කි.
මන්නාරම් දිස්ත්‍රික්ය 0.5%(99570) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි ප්‍රාදේශිය සභා නගර සභා 5 කි.
කිලිනොච්චි දිස්ත්‍රික්ය 0.6%(113510) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 4 කි ප්‍රාදේශිය සභා නගර සභා 3 කි.

ඉහත දිස්ත්‍රික්වල පරිපාලන කොට්ඨාස අනුව ජනගහනය බෙදි ඇති ආකාරයෙන් විශාල විෂමතා හදුනා ගත හැකිය, එනම් මුලතිව්, මන්නාරම් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික් 3 නම එකතු කලවිට සමස්ථ රටේ ජනගහනයෙන් 1.5% කි. ඒ දිස්ත්‍රික් 3 සඳහා ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 15 කි ප්‍රාදේශිය සභා නගර සභා 15 කි, එහෙත් එම දිස්ත්‍රික් 3 ම ජීවත්වන ජනගහනයට සමානව හෝමාගම ප්‍රදේශිය සභාවේ 236179 ක් ජනතාව ජිවත් වුවත් එක ප්‍රාදේශිය සභාවකි. එහි සිංහල ජනතාව 98% කට වඩා වැඩිය. (Link) කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 252941 ක් ජීවත්වන අතර එය ප්‍රාදේශිය සභාවක් ( වර්තමානයේ මහ නගර සභාවක්) ලෙස පාලනය වේ.

සමස්ථ රටතුල පරීපාලන වශයෙන් සම්පත් බෙදි යෑමේ සහ පරිපාලනය කිරිමේ ගැටලු රාශියක් තිබියදි නුවරඑළිය දිස්ත්‍රික්ය පමණක් ද්‍රවිඩ පක්ෂ විසින් තෝරාගෙන ඒ හරහා රටතුල විශාල ගැටලුවක් නිර්මාණය කරන්නේ අනාගත ඊලම හරහා “මලය නාඩුව” නිර්මාණය කිරිමට විය හැකි බවට සැකය තහවුරු වනුයේ උතුරු නැගෙනහිරින් ආරම්භ වන බලය බෙදීම අවසන් වනුයේ මධ්‍යම කඳුකරයෙන් විය හැකි බැවිනි.

මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්යේ සමස්ථ ජනගහනය 711644 කි, එය රටේ සමස්ථ ජනගහනයෙන් 3.5% කි. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි. ප්‍රාදේශිය සභා නගර සභා 8 කි, එහි සිංහල 40% සහ දෙමළ 56 % ක් ජිවත් වෙති. එහෙත් අලුත් යෝජනාවක් ලෙස දෙමළ පක්ෂ ඉල්ලා සිටින්නේ තවත් අලුතින් ප්‍රාදේශිය සභා 4 ක් වැඩිකල යුතුය යන්නයි. එනම් බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වු ශ්‍රී පාදස්ථානය අයත් අඹගමුව ප්‍රාදේශිය සභාව ජනගහනය 21000 යි, එනම් හෝමාගම ප්‍රාදේශිය සභාවටත් (236179) වඩා කුඩා ප්‍රාදේශිය සභාව ප්‍රදේශිය සභා 3 කටත් නුවරඑළිය ජනගහනය 19000 යි, ඊටත් කුඩා ප්‍රාදේශිය සභාව ප්‍රදේශිය සභා 3 කටත් වෙන් කොට අලුතින් ප්‍රාදේශිය සභා 6 ක් නිර්මාණය කරන ලෙසයි. එහෙත් මන්නාරම් හෝ මුලතිව් දිස්ත්‍රික්යන් වල පිහිටි අනවශ්‍ය ජනගහන ඉතා අඩු ප්‍රාදේශිය සභා හෝ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස එකතු කොට සමස්ථ රටේ ඇති ප්‍රදේශිය සභා ප්‍රමාණය නොඉක්මවා යන යෝජනාවක් එහි නැත. එහෙත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයන් සඳහා උතුරු නැගෙනහිර හැර අනික් සමහර දිස්ත්‍රික්වල පසුගිය කාලයේදී එසේ අඩු වැඩි කලේය.

එමෙන්ම පසුගිය කාලය තුල දි පලාත් පාලන ආයතනයකන් සීමා නිර්නය කිරිමේදී හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රිලනිප යට වාසි අන්දමින් සමහර ඡන්ද මධ්‍යස්ථාන දෙකඩ කැඩුවා කියා කෑ මොර දුන්හ, ඒත් අද ඒ දේශපාඥයන් රටේ සමස්ථ පරිපාලනය අවුල් කරමින් දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීමක් මත ජනවාර්ගික පදනමින් ප්‍රදේශ කොටස් කොට පරිපාලන ඒකක නිර්මාණය කිරිම සම්බන්ධව නිහඬය. ඒ පැහැදිලිවම අනාගත උතුරු නැගෙනහිරින් බිහිවන ෆෙඩරල් රාජ්‍යයේ කන්ද උඩරට උප කලාපය මේ හරහා නිර්මාණය වනු දැකගැනීමට ඇති ආශාව නිසා විය හැකිය.

එමෙන්ම නැති ප්‍රශ්නයක් හරහා ආණ්ඩුවේ පාර්ශවයන් විසින් ගොඩනැගු මෙම පරිපාලන ගැටලුව නිසියාකාරව විසඳා පලාත් පාලන මැතිවරණය මේ අනුව 2020 දි වත් පැවත්වීම සැක සහිතය. මෙය පිටුපස මේ වනවිට දෙමළ ඩයස්පෝරාව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක් පෙල ගැසි ඇත. විශේෂයෙන්ම වර්තමාන ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයා වන මෙරටේ ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයක හිමිකරු මෙහි පිටුපස සිටිම තවත් බරපතළ සැකයක් ඇති කරන්නකි. එයින් ජනතාව ස්වාධීන මැතිවරණ කොමිසම කෙරෙහි සැක උපදවයි. එමෙන්ම ජනතා පරමාධිපත්‍යය කෙරෙහි ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ඇති විශ්වාසය තවදුරටත් පලුදු කරන්නකි.

Lanka C News

ප්‍රාචීන පණ්ඩිත සහ වෙනත් ජාතික ජාත්‍යන්තර උපාධි ලබාගත්, කවදත් ආගම ජාතිය සහ අන්සතු අයිතිවාසිකම් වලට ගරුකරන, භික්ෂු පරපුර ගන්නා හැම තීරණයකම දුරදිග බලා දකින දැක්මක් තියෙනවා!

නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අදාළව තමන් වහන්සේලා වෙත ලද වාර්තාව සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු මහා විහාරයන්හී ස්ථාවරය පැහැදිලි කිරීමත් සමග මහා සංඝරත්නය කෙරෙහි යම් ආන්දෝලනාත්මක පුවත් රට පුරා ඇසුණි. මේ ඒ සම්බන්ධයෙන් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග කරන විමසුමකි.

Q මොකක්ද මේ අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය?

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විට මූලික කරුණු කීපයක් තුළ ඒ රාමුවේ සිට කටයුතු කිරීම වැදගත්. පසුගිය  දින අප ඉදිරිපත් කළ වාර්තාව සම්පාදනය වන්නේ මෙහෙමයි. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අපට යෝජිත කෙටුම්පතක පිටපත්  වාර්තාව ලබාදුන්නා. මෙය අපගේ මහනායක හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා විසින් අවධාරණය කර අපේ අදහස් යෝජනා දක්වන්න යැයි අපට ආරාධනය කළා. එතෙනදි අපේ අදහස් යෝජනා නිගමන අවශ්‍ය නොවනවා නම් දේශපාලකයන් මේවා අප වෙත ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැනේ.

Q එතෙනදි ඔබවහන්සේලා ගත් ක්‍රියාමාර්ගය පැහැදිලි කළොත්?

අපේ ස්ථානයන්ට පැමිණි  විවිධ කණ්ඩායම්වලට එක එක අදහස් තිබුණා. ඒ අතර ස්වාධීන සහ මධ්‍යස්ථ ඒවාද තිබුණා. තවදුරටත් ඒ අනුව කිසිම පක්ෂයකට පාටකට හෝ දේශපාලන කල්ලිවාදයට අයත් නොවන මෙරට ජාති ආගම් වාදයෙන් තොර මධ්‍යස්ථ විද්වත් කණ්ඩායමක් සමග සාකච්ජා කළා. එතැනදි බුද්ධාගමේ පැවැත්මට එහි ඇතුළත් හානිකර කරුණු පවතින බව අප අවධාරණය කළා.

Q ඒ අනුව නිරීක්ෂණය කළ මූලික කරුණු පැහැදිලි කළොත්?

මේ බලය බෙදීම යන සාධකය තුළ ජනාධිපතිවරයාගේ බලය පවා අහිමි වන බව පෙනෙනවා. යම් අර්බුදකාරී අපැහැදිලි තත්ත්වයන් තුළින් ජනාධිපති හරහා පළාත් සභාවන්ට බලය තහවුරු වන බවක් පැහැදිලි වුණා. අධිකරණය වශයෙන් ගත්තත් එතැනදි හානිකර විය හැකි දේ තිබුණා.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අනුව ජනාධිපතිට වඩා අගමැති බලවත් වන අතර, දෙවැනි සෙනට් සභාවක් හරහා තවදුරටත් මේ කරුණ සංකීර්ණ වෙනවා. ඒකීය බව සහ කෙටුම්පතේ ඇතුළත් වගන්ති සම්බන්ධයෙන් තවත් කරුණු ගණනාවක් අර්බුදගත බව පැහැදිලියි. ඒවා කඩිනමින් විවාදයකින් තොරව යහපත් විසඳුම් සෙවිය හැකි දේ නෙවෙයි. එනිසා ඒ සඳහා යම් කාලයක අවශ්‍යතාව අපි දුටුවා.

Q මේ අර්බුදගත ලේඛනයක් වෙනුවෙන් එකිනෙකට වෙනස් මත මල්වතු අස්ගිරි මහා විහාරයන්ගෙන් ඇසුණා. එවැනි තැනක මෙහෙම සංවාදයක් ඵලදායී වන්නේ කොහොමද?

උභය විහාර පාර්ශ්වයන් හෝ ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන් විවිධ අවස්ථාවන්හිදී විවිධ ප්‍රකාශයන් නිකුත් කළ ආකාරය අප පසුගිය කාලයේ දුටුවා. එනිසා කාටත් අවස්ථාව ලැබෙන පරිදි අදහස් මත ඉදිරිපත් කළ හැකි සංවාදයක් පිළිබඳ අපේ අස්ගිරි මහා නිකාය පැත්තෙන් සාකච්ඡා වුණා. ඒක වඩා ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක්.

එයින් පස්සෙ මල්වතු මහා විහාරයේ නායක හාමුදුරුවන් වහන්සේද ආගමික කටයුත්තකට විදේශගත වන නිසා එම කටයුතු අනුනායක දිඹුල්කුඹුරේ නායක හිමියන්ට පවරා සුදුසු සාකච්ඡාවක් සඳහා දින යොදාගන්නා ලෙස දන්වා තිබුණා. ඒ අනුව මල්වත්ත විහාරයේ කාරක සංඝ සභාවද එයට දායක වුණා.

Q එතැනදි දළදා මාලිගාවේ දියවඩන නිලමෙ තුමාටද මේ සංවාදය ඇසුරෙන් යම් ඇඟිල්ල දිගු කිරීමක් සිදුවුණා?

මෙහෙමයි. අපේ විහාරස්ථාන දෙකේ කාරක සංඝ සභාව ජාතික අවශ්‍යතාවන්හිදී එකී රැස්වීම සඳහා යොදාගන්නේ දළදා මාලිගාවයි. එනිසා ඒ කටයුතු සම්පාදනය කරදීමට දියවඩන නිලමෙතුමා කටයුතු කළ යුතුයි. අනික ඒ දිනය වන විට එතුමාද විදෙස්ගතවයි හිටියේ.
මල්වතු අස්ගිරි මහා විහාරයන් කියන්නේ ඇස් දෙක වාගෙයි. එනිසයි ඒ ස්ථාන දෙක උභය මහා විහාර යනුවෙන් හඳුන්වන්නේ. එක ඇහැකින් බලා තීරණ ගැනීමට වඩා මෙවැනි ජාතික කර්තව්‍යයකදී වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර යෝජනාවන්ට අවස්ථාව ලබාදීම සඳහා උභය මහා විහාර කාරක සංඝ සභාවේ අවධානයට මේ ව්‍යවස්ථාවේ ඇතුළත් විවාදාත්මක කරුණු අවධාරණය කළා. එදා අස්ගිරි නායක හාමුදුරුවන්වහන්සේ පන්සලේ හිටියා. මේ සියල්ල ගැන උන්වහන්සේ දැනුවත්ව සිටියා. අවශ්‍ය දේ පිළිබඳ අපට මගපෙන්වීම කළා.අස්ගිරි මල්වතු විහාර කාරක සංඝ සභාවන්හී නායක හාමුදුරුවරුන් 20 බැගින් ඇතුළත් වෙනවා. එතැනදි මේ හැමකෙනෙකුගේම පොදු සම්මුතිය තමයි අප ප්‍රකාශයට පත්කළේ. එහෙම නම් මහනායක හිමිවරුන් හතළිහෙන් දෙකක් අතහරිමුකෝ. තිස් අට දෙනකුගේ මතය එතැන තිබෙනවා. ඒක කෙතරම් ප්‍රජාතන්තවාදී හඬක්ද?

Q අගමැතිවරයා කියන්නේ තවමත් අලුත් ව්‍යවස්ථාවක් සකස්කර නොතිබෙන අවස්ථාවක එයට යමෙකු විරුද්ධ වන්නේ කෙසේදැයි වැනි මතයක් බව ඇඟෙනවා? එතෙනදි අලුත් ව්‍යවස්ථාවක් එපා යැයි ඔබවහන්සේලා තරයේ කීවාද?

මේ ටික පැහැදිලි කරගන්න. අපි කීවේ අපට ලැබී තිබෙන නව යෝජනාවන් ඇතුළත් කෙටුම්පත සම්බන්ධයෙන් වාර්තාවේ වන බොහෝ කරුණු පිළිබඳ අප එකඟවන්නේ නැහැ කියන කාරණාවයි. ඒවා ඇතුළත් කරනවා නම් එවැනි ව්‍යවස්ථාවකට අප එකඟ නැහැ කියන එකයි. අනික අප එකඟ නොවන දේටත් එහෙමයි කියලා අනුමත කරගන්න යමෙක් උත්සාහ කරනවා නම් එය අපට තම දේශපාලන බලය හැකියාව පෙන්වා වරදක් නීතිගත කිරීමක්. එහෙමනම් මොකටද එක එක්කෙනා අපට වරින්වර මේ ව්‍යවස්ථා ගැන අදහස් යෝජනා ඉදිරිපත් කරන්න කියන්නේ. අනික එනිසා අලුත් ව්‍යවස්ථාවක් එපා කියන එකෙන් විවිධ මත ගම්‍ය කිරීමට යම් තැනක තවත් මතයක් නිර්මාණය කරනවා නම් ඒවාට අපේ බැඳීමක් වගකීමක් නැහැ.

අප ඉදිරිපත් කරන දේ පිළිගන්න අකමැති නම් ඒ වාර්තා අපට ගෙනත් දෙන්නේ ඇයි. ගෙනත් දීලා වරදක් හෝ නිදොස් කළයුතු තැන් පිළිබඳ යෝජනා කළාම ඇයි භික්ෂූන්වහන්සේලා අවලාදයට පත්කරන්නේ. උන්වහන්සේලාට ගරහන්නේ. මෙතැනදි මම පළමුව රට තුළ විවිධ පක්ෂ සංවිධාන සහ කණ්ඩායම් විසින් පක්ෂ සහ විපක්ෂව ඉදිරිපත් වන කරුණු අවධානය කළා. ඊළඟට රජය කියන දේ විමසා බැලුවා. තවදුරටත් අන්තර්ජාලය හරහා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට අනාවරණය කරන කරුණු විමසීමට ලක් කළා. එහෙම බලනකොට එයින් බහුතර මතයක් ගොඩනැගී තිබුණේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් දැනට කෙටුම්පත්ව ඇති යෝජනා අනුව එය රටට,ජාතියට,ආගමට බලවත් හානිකර තත්ත්වයක් ඇති කළ හැකි අවදානමක් පිළිබඳ අනතුරක්.

ඒ දේ සියල්ල එකට ගළපා අවසානයේදී තීරණය කළා මේ කරුණු ඒ ඒ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර නිරවුල් කරගන්නා තුරු අප වෙත ලබාදී ඇති නව ව්‍යවස්ථා යෝජනා වාර්තාව අප සමස්තයක් ලෙස විරුද්ධත්වය පළ කරනවා කියන කාරණය.

Q එයින් පස්සෙ?

අපේ යාන්ත්‍රණය තිබුණේ මෙහෙමයි. එයින් පස්සෙ අපි ඒ කාරණා තවදුරටත් ත්‍රෛනිකායික මහා සංඝයා රැස්කර සාකච්ඡා කර පවතින ගැටුම් සමග අර්බුදකාරී කරුණු වෙනම අධ්‍යයනය කරනවා. එයින් පස්සේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු වගකිව යුත්තන්ද පක්ෂ විපක්ෂ ප්‍රබල සංවිධන කණ්ඩායම් හමුවී එකට අසුන්ගෙන ඒ ගැටලු තැන් පැහැදිලිව නිරාකරණය කර ගන්නවා

ඒ ක්‍රමය වැරදිද? දෙමළ ඇතැම් දේශපාලකයන් කියන කරන කතා නිසා මේ ව්‍යවස්ථාවේ ඇතුළත් සංකීර්ණ තැන් අනුව යම් සාධාරණ සැකයක් රටට තියෙනවා. ඒ සැකය අපටත් තියෙනවා. ඔවුන්ද එවැනි සංවාද සඳහා සහභාගි කරවා ගැනීමේ වුවමනාව අපට තිබුණා. මේවා වැරදිද? මේ අය ඒ උත්සාහය වළක්වා සිටියා.

Q ඔබවහන්සේ එහෙම චෝදනා කරන්නේ ඇයි?

සාමාන්‍යයෙන් බොහෝ දේශපාලකයන් තමන්ගේ දිවුරුම්දීමෙන් පසු අප විහාරස්ථානවලට පැමිණි මහනායක හාමුදුරුවරුන් බැහැදැක ආශිර්වාදය ලබාගන්නවා. ජාතික සංහිඳියාව වර්ගභේදය වෙනුවෙන් තීරණාත්මක අවස්ථාවක් යටතේ බලය ලබාගත් උතුරේ මහ ඇමතිවරයාත් එසේ අප හමුවී යැයි අප එදා විශ්වාස කළා. එහෙත් ඔහු පසුගිය කාලයේ එය නොසලකා හිටියා.
ඒත් දැනට සති දෙක තුනකට ඉස්සර ඔහු මහනායක හිමිවරුන් බැහැදුටුවා. ඔහුට ඉහළම පිළිගැනීමෙන් සහ සංග්‍රහයෙන් අපේ ළෙංගතුකම ප්‍රකාශ කළා. අප ඔහු සමග එක්වී මේ අර්බුදය ජයගැනීමට මැදිහත් වන බව තේරුම්කර දුන්නා. ඒත් විග්නේෂ්වරන් මහත්මයා පන්සල

Q ඇතුළෙන් එළියට ගිහින් ජනමාධ්‍යයට කීවේ මොකක්ද?

“මහනායක හාමුදුරුවරුන් වෙනස් කරන්න බැහැ. ඒ අය තවමත් ඉන්නේ පරණ මතයේ කියලා චෝදනාවක් කළා. එහෙම නම් මේ සංවාදය තවදුරටත් ගෙන යාමට වඩා ව්‍යාජ විසඳුම් කෙරෙහි පමණක් උතුරේ නායකයන් බලපෑමක් කරන බව පැහැදිලියි. මේ ව්‍යවස්ථාව ආණ්ඩුවට නොමනා ආකාරයෙන් බලපෑම් කරන විජාතික මූල්‍ය ප්‍රතිපාදන මත මෙරට බිලිගැනීමට සූදානම්ව සිටින එන්ජීඕකාරයන්ගේ උත්සාහයක් කියන ස්ථාවරයේ බහුතරයක් ඉන්නවා. අපිටත් මේ සිදුවන සිදුවීමේ පෙළගැස්සවීම තුළ ඒ බව පැහැදිලියි. අපේ පැහැදිලි ස්ථාවරයට ඇහුම්කන්දීමට වගකිවයුත්තන්ගේ වුවමනාවක් නැහැ. කවුරු හෝ ඒ අය වළක්වනවා.

Q එහෙම කියන්නේ කොහොමද?

ඒ කියන්නේ අගමැතිවරයාට ජනාධිපතිවරයා සමග අප ඍජුව මැදිහත්වීමට ඒ අය අකමැතියි. ඔවුන් පාලකයන්ට වැරදි මගපෙන්වීම් කිරීමට කටයුතු කරනවා. සංඝයා වහන්සේලා අතර භේදභින්නතා මතුවන පරිදි ප්‍රකාශ කරවනවා. ජනතාව තුළ සංඝයා අවඥාවට ලක්කරන ආකාරයෙන් ප්‍රකාශ කරනවා. උතුරට එකක් පවසා දකුණට තව දෙයක් කියනවා.

සිංහල මාධ්‍යයට එකක් කියා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තවත් දෙයක් කියනවා. දෙමළ මාධ්‍යයන් මගින් හාත්පසින්ම වෙනස් දෙයක් ඇහෙන්නේ. මේ තුළ හැම වෙලාවෙම දමිළ ජනතාව සිංහල ජාතිය කෙරෙහි සැකයෙන් බලනවා. දමිළ සහ සුළු ජාතීන් පවතින ක්‍රමය පිළිබඳ විරසකයක් ඇතිකර ගන්නවා.

Q නමුත් මල්වතු මහනායක හිමියන් විමල් වීරවංශ සහ දිනේෂ් ගුණවර්ධන ඉදිරියේ දැඩි ස්ථාවරයක රැඳෙමින් නව ව්‍යවස්ථාව ගැන පැහැදීමෙන් යම් ප්‍රකාශයක් කළා නේද?  

මල්වතු මහනායක හිමි කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් අවශ්‍යතාව අනුව එවැනි කාටත් සාධාරණ දෙයක් ගෙනාවට කමක් නැහැ කියලා. ඒකට බාධා කරන්න එපා කියන එකයි උන්වහන්සේ අවධාරණය කළේ. අනික අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව කියනවා නම් තවම අලුත් ව්‍යවස්ථාවක් හදා නැහැයි කියලා එහෙම එකක් හොඳයි හෝ නරකයි කියන්නේ කොහොමද?

නමුත් උන්වහන්සේ කියන්නේ රට ජාතිය ආගම සහ මහජාතියට අසාධාරණයක් වන සහ සෙසු ජනකොටස් නොසලකා හරින හිංසාවාදී ව්‍යවස්ථාවක් අප අනුමත කරන්නේ නැහැ කියන කතාවයි.  ඒ වෙනුවෙන් විනිශ්චයට කාලයක් අවශ්‍ය නිසා නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ඒ වන විට අප වෙත ලැබී තිබූ ලේඛනවල සඳහන් ඇතැම් බහුතරයක් කරුණුවලට අප අකමැති වුණා.

Q එහෙම නම්  ඔබවහන්සේලාට එරෙහිව නව ව්‍යවස්ථා යෝජක පාර්ශ්වයෙන් දිගින් දිගටම චෝදනා එල්ලවන්නේ ඇයි?

පටු අරමුණු ඇතිව විනිවිදභාවයකින් තොරව යමක් සඟවාගෙන කටයුතු කරන දේශපාලකයන්ට අප ඇත්ත අනාවරණය කරන විට ඇතිවන හානිය පිළිබඳ ලොකු බියක් තියෙනවා.

අස්ගිරිය මල්වතු විහාර දෙකම එකවර එකම ප්‍රකාශයක් ඉදිරිපත් කරන විට මේ අන්තවාදී ගෝත්‍රවාදී සහ ජාතිවාදය අවුස්සන කල්ලිවලට මේක විශාල සිත් රිදවීමක් වෙන්න ඇති. අපිට සුළුතරයකගේ හිත සැනසීම නොව මෙරට උපන් සිංහල බෞද්ධ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරමින් සුළුජාතීන්ටද ඒ රටේ නිදහසේ ජීවත්වීමේ අවස්ථාවට අවශ්‍ය දේ ගැන මැදිහත්වීමේ වගකීමක් තියෙනවා.

Q අද එහෙම දෙයක් සිදුවන්නේ නැද්ද?

සිංහල බෞද්ධ ජාතියට සැලකීම සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් තියෙනවා. මේ වන විට උතුරේ පවතින්නේ එක නීතියක් කියලා ජනතාව චෝදනා කරනවා. සුළු ජාතීන්ගේ ඉඩම් අර්බුදය විතරක් නෙවෙයි. මහජාතීන්ගේ ඉඩම් පවා එහි අහිමි කරලා. එහි සාමාන්‍ය ජනතාවද ඒ බව ප්‍රකාශ කරනවා. එහෙම නම් විග්නේෂ්වරන්ලා ඉල්ලන පෙඩරල් ක්‍රමය මගින් මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කර නීතිගත කිරීමක් සිදුවන බව පැහැදිලියි.

මේක ආණ්ඩුවට විරුද්ධ කැරැල්ලක් නෙවෙයි. රටේ නීතියත්, සාමයත් රැකීමට පාලකයන් කල්මැරීම හෝ හිතාමතා වගකීමෙන් බැහැර වීම පිළිබඳ අර්බුදයක් කියන එක සිහිපත් කළ යුතුයි. එතැනදි මෙහෙම උතුරේ සිදුවන දේ ලඝුකර අපට මේ බලතල බෙදීම ගැන කතා කරන්න බැහැ. වෙහෙර විහාර ඉදිකරන්න දුන්නේ නැහැ. පැවති නම් ගම් ඉවත් කළා. නටඹුන් විනාශ කළා. උතුරේ සිටි මුස්ලිම් සිංහල ජනතාවගේ දේපළ මංකොල්ල කෑවා. මේකද ආණ්ඩුව හෝ එන්ජීඕ හෝ උතුරේ අන්තවාදී දේශපාලකයන් අපේක්ෂා කරන ජාතික සංහිඳියාව. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ පමණක් වෙනස් කරන්න පුළුවන්ද?

Q ඔබවහන්සේ මහින්ද රාජපක්ෂ රෙජිමයට ළැදිව කටයුතු කරනවා කියන චෝදනාව තියෙනවා.

සමහර දෙනා මම මහින්දවාදියෙක් කියලා චෝදනා කරනවා. ඒත් අද එහෙම චෝදනා කරන අය එදා මහින්ද පුතුන් මහනුවර දළදා මාලිගාව වටා රේස් පදින විට මහින්දලාගේ ආණ්ඩුවට ප්‍රසිද්ධියේ චෝදනා කළේ නැහැ. ඒ ටිකට මුල් තැන ගත්තේ මමයි.

දිවිනැඟුම පනත යටතේ එක් විහාරස්ථානයක් වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ දහයක මුදල් ලබාදෙන විට එහිදී ඇපයක් ලෙස විහාරස්ථානයට අයත් ඉඩම් දේපළවල ඔප්පු ඇපයට තබාගන්න යැයි ඇමති බැසිල් එදා ප්‍රාදේශීය ලේකම්වරුන්ට නියම කළා. එහෙම නම් ඒ සල්ලි  ඔබතුමාම තියාගන්ට යැයි කෙළින්ම ඇඟිල්ල දිගු කළේ මමයි. අපිට ඩොලර් පවුම් නැහැ. අවුරුදු හතරෙන් පහෙන් මාරුවෙලා යන්නේ නැහැ. ඒ පිරුවටය වගේ නෙවෙයි මේ චීවරය කියන කාරණයත් වගකීමෙන් කියනවා.

අපිට කවුරු ආවත් එකයි. හරියට නොකළොත් එදාට අපි කාටත් පාඩම් උගන්වනවා කියන එක විතරක් කිවයුතුයි. අපි මහින්දත් නෙවෙයි. බැසිල්ලා හරි නාමල්ලාත් නෙවෙයි. මෛත්‍රීලාත් නෙවෙයි. රනිල්ලා‍ත් නෙවෙයි. ඔය කොයි කාගෙත් අනුගාමිකයොත් නෙවෙයි. අද කාටත් අපි අර්බුදයක් හැටියට පෙනෙන්නෙත් ඒ නිසා තමයි.

රාජපක්ෂ සින්ඩ්‍රෝමය ඔළුවෙ තියාගෙන බලන හැමකෙනෙකුටම ඒක පෙනෙන්නෙ එහෙම තමයි. ඒ අයගේ මානසිකත්වය ඒකයි. එතනත් බලන්නෙ අපේ කටවල් වහන්න. යම් අයට ඒ රෝගී තත්ත්වය තියෙනවා.

Q මේ ලේඛකාධිකාරී තනතුර කියන්නේ ලේකම් කියන කටයුත්ත මිසක් අස්ගිරි විහාරයේ මාධ්‍ය ප්‍රකාශක නෙවෙයි කියලා ඔබවහන්සේට තවත් චෝදනාවක් තියෙනවා.

මම අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ලෙස කටයුතු කරනවා. අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් පත්වන්නේ කාරක සංඝ සභාවේ කැමැත්තෙන්. එයින් පස්සෙ උන්වහන්සේ විසින් තමන් වහන්සේගේ කටයුතු කළමනාකරණය සඳහා යාන්ත්‍රණයක් සකස්කර ගන්නවා. එහිදී අපේ පාර්ශ්වය හැටියට මහනායක හාමුදුරුවන් ලේඛකාධිකාරවරයාට යම් අධිකාරි බලයක් පවරා තියෙනවා. ඒ අධිකාරි බලය සමහර සමිති සමාගම් රැස්වීම්වල ලේකම්වරුන්ට නැතිව ඇති. මම අස්ගිරි නිකායේ ලේඛකාධිකාරි වෙන්නෙ ඒ වෙනස නිසා.

‍ඉංග්‍රීසියෙන් සෙකෙට්රි යන තේරුම දෙන රෙජිස්ට්‍රාර් නෙවෙයි මම. එහෙම අය අපේ නිකායවල නැහැ. සිංහලයෙන් කවුරුත් දන්නා අධිකාරි බලය ඇති ලේඛකාධිකාරී හිමිනම හැටියට මම කටයුතු කරනවා. එතෙනදි මහනායක හිමි පවරන කටයුතු මම කරනවා. ඒ අනුව මට උන්වහන්සේ වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයන් නිකුත් කිරීමේ නෛතික බලය ලබනවා. මොකද අපි වසර හත්අටසියයක් තිස්සේ විකාශනය වූ මහා නිකායක අණපනත් කොන්දේසි රකින ඇත්තන් මිස මේ මැතිවරණ කාලෙට හතු පිපෙන්නාක් වගේ පිපෙන සිවිල් කණ්ඩායම් සිවිල් නායකයන් සහ ප්‍රකාශ නිකුත් කරන දවස දෙකේ  ඕපපාතික කණ්ඩායම් නොවන නිසා. මම හැමදේම කරන්නේ මගේ ලේඛකාධිකාරී බලය තුළ පවතින අධිකාරි බලය නිසා බව වගකීමෙන් කියනවා. ඒකට අභියෝග කරන්න ඔය කාටවත් බැහැ.

ජිනීවාවලදිත් ප්‍රකාශ නිකුත් කරන්නේ ලේඛකාධිකාරී මිස මහ කොමසාරිස් නෙවෙයි. අනික ලංකාවේ කැබිනට් ප්‍රකාශකයන් තුන්දෙනා අවස්ථා තුනකදී මත තුනක් කියපු අවස්ථා ජනමාධ්‍ය තුළ ඇසුණා. ජනාධිපති ඇමරිකාවේ සිටියදී ලංකවේ අණපනත් වෙනස් කළ අවස්ථා තිබුණා. ඒ ගැන කතා නොකර අපේ ශාසනික විනය ප්‍රතිපත්ති විවේචනය කරන්නේ ඇයි? මේවා ආගම හෑල්ලුවට ලක් කිරීමට ඇතැමුන්  ගන්නා උත්සාහයන් බව දැන් පැහැදිලිද?

Q කාරක සංඝ සභාව ගැන සඳහන් කළොත්?

කාරක සභාවට විසි නමක් ඉන්නවා. වරින් වර ඇතිවන පුරප්පාඩු මත මහනායක හිමියන් විසින් සුදුසුකම් පරීක්ෂා කර බලා ඒ සඳහා විහාරස්ථානවලින් හාමුදුරුවන් වහන්සේලා පත්කරනු  ලබනවා. මහනායක හිමි ළඟට අනුනායක හිමිවරුන් දෙදෙනකු ඉන්නවා. ඊළඟට ලේඛකාධිකාරී හිමි පත්වෙනවා.

Q භික්ෂූන් වහන්සේලාට දේශපාලනය අකපයැ ඇතැමුන් පවසනවා. විශ්ව දේශපාලනය සමාජ දැනුම පිළිබඳ වැටහීමක් නැතැයි පවසනවා. එහෙම නම් ඔබවහන්සේගේ අධ්‍යාපනික සහ වෘත්තීය අත්දැකීම් ඇසුරෙන් මෙවැනි අවස්ථාවන් විවරණය කළොත්?

මම  ඇමරිකාව, තායිවානය ඇතුළු විදේශයන්හී  විශ්වවිද්‍යාලයන්හී උසස් අධ්‍යාපනය ලබා ආචාර්ය උපාධිය ලබා ලංකාවේදී කොළඹ රාජකීය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයන්හී උගන්වා පළපුරුද්ද ලබා තිබෙනවා. නීතිය පිළිබඳ විශ්ව හැදෑරීම් කර ඒ පිළිබඳ අදටත් කටයුතු කරගෙන යනවා.  ලිපි ලේඛන සකස්කර තිබෙනවා. අදටත්  මම ජාතික සහ ජත්‍යන්තර දේශපාලනයේ සිදුවන වෙනස්කම් සහ සමාජ දරිද්‍රතාවන් පිළිබඳ  විශ්ලේෂණය කරමින් සිටිනවා.

Q භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ නිකුත් කරනවා. දනට බණට වඩිනවා හැරුණුකොට සමාජ ප්‍රගමනයට දායක නොවී හැමදේම කඩාකප්පල් කරනවා යැයි චෝදනාවක් තියෙනවා. එහෙම නම් ඔබවහන්සේ ඒ මතය බිඳීමට මෙතෙක් ඉටුකර ඇති සමාජ මෙහෙවර ගත්තොත්?

මම ජයග්‍රහණය ශ්‍රී ලංකා නමින් ආයතනය සමග යුද්ධයෙන් විනාශ වී ගිය ජාතික සම්පත් ප්‍රතිසංස්කරණය කරමින් උතුරු නැගෙනහිර සිංහල දමිළ සහජීවනයට පාර කැපුවා. යුද්ධය නිසා විනාශ වී ගිය උතුරු නැගෙනහිර වැව් අමුණු පිළිසකර කළා.

ඒ විතරක් නෙවෙයි. අද ඔබ දකින අරතංලාව භික්ෂු ඝාතනය සම්බන්ධයෙන් ස්මාරකය ඉදිකිරීමේ මෙහෙවරට මූලිකත්වය දුන්නේ මමයි. එයින් අදහස් කළේ යුද්ධයක් මුවාවෙන් මෙවැනි මිනිස් ඝාතන තවත් නොවිය යුතු යැයි හැම ජාතියකටම පණිවුඩයක් ලබාදීමයි. ඒ අවට ගම්මාන ඉදිකර විපතට පත් ජනතාව පංදිචි කළා. අපි ඇතම් එන්ජීඕ වගේ අන්තවාදී නැහැ.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ දේශපාලන මතවාදය කුමක් වුවත් උන්වහන්සේ ඉකුත් මාසයක දෙසීයක් භික්ෂූන්වහන්සේලා සමග උතුරේ කුලීන සහ කුලහීන ගැටුම නිසා ලේ හිඟයක් පවතින විටෙක ලේ පරිත්‍යාගයට කටයුතු කළා. සහජීවනය සහ ව්‍යවස්ථා පිපාසයෙන් කෑමොරදෙන  එක් එන්ජීඕකරුවෙක්වත් එහෙම ලේ දන්දී  නැහැ. යුද විරුවන්ට අත දිගුකර ලේ පරිත්‍යාග කළේ නැහැ. වැව් අමුණු හදලා නැහැ. ගම්මාන ඉදිකරලා නැහැ.

එදා අස්ගිරි මහා විහාරයට දළදා හිමියන් බාරදෙන්නේ යටවත්තේ පෙළපතේ ගරු භික්ෂූන්වහන්සේලා අතටයි. එතැනදි එයින් සංකේත්වත් වන්නේ රටේ ජාතික ආගමික අනන්‍යතාව රැක ගැනීමක්. අප කවදත් ආගම ජාතිය සහ අන්සතු අයිතිවාසිකම් වලට ගරුකරන භික්ෂු පරපුරක්. අපේ භික්ෂු පරපුර ඇතැම් දේශපාලකයන් වගේ හය පාස් අය නෙවෙයි. ප්‍රාචීන පණ්ඩිත සහ වෙනත් ජාතික ජාත්‍යන්තර උපාධි ලබාගත් අය බව කිවයුතුයි. එනිසා අප ගන්නා හැම තීරණයකම දුරදිග බලා දකින දැක්මක් තියෙනවා.

Q එහෙමනම් ඉදිරියේ නව ව්‍යවස්ථාවකට අනුමැතිය ලැබෙනවාද?

ඒක අපට ලැබෙන වාර්තා යෝජනා අනුව අපි තීරණය කරනවා. කාගෙවත් කට වචනය අවශ්‍ය නැහැ. කරන දේ හරියට ලියන්න. ලියන දේ හරියට කරන්න‍. එවිට තියෙන ප්‍රතිපාදන විස්තර අනුව අපි ඒ අවස්ථාවලදී ඒ විනිශ්චය ගන්නම්. කොයි කවුරු බලයට ආවත් මොනවා කීවත් අපේ ජාතික ආගමික ප්‍රතිපත්ති වගකීම්වලින් අපි අත්මිදෙන්නේ නැහැ. මොන දේ ගෙනාවත් අපි අස්ගිරි මල්වතු පාර්ශ්වයන් එය හදාරමින් උගතුන් බුද්ධිමතුන්ගේ වාර්තා ලබාගනිමින් සෙසු ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාද සමග අපි අපේ ජාතික මෙහෙවර ඉටුකරනවා.

ada