Pages

Thursday, October 26, 2017

හින්දු කෝවිල්වල සත්ව බිලිපූජා උසාවියෙන් අත්හිටුවයි!

හින්දු ආගමික උළෙල සඳහා සතුන් බිලිදීම හා කෝවිල් ඉදිරිපිට සතුන් මැරීම අත්හිටුවමින් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් මහතා විසින් පෙරේදා 24 දා නියෝගයක්‌ නිකුත් කොට තිබේ.

අවිහිංසාවාදී හින්දු පූජකවරුන් පිරිසක්‌ විසින් යාපනය මහාධිකරණයට ගොනු කරන ලද පෙත්සමක්‌ සලකා බැලීමෙන් පසුව විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කොට තිබේ.

පෙත්සමට අනුව ඉන් කියවුණේ ගතවූ වසර 300 ක කාලය තුළ හින්දු කෝවිල්වල විවිධ උත්සව වෙනුවෙන් එළුවන් 3000 ක්‌ පමණ වසරකට මරා දමන බවයි. ඊට අමතරව වසරකට කුකුළන් 10,000 ක්‌ පමණ මරාදමන බවද පෙත්සමේ සඳහන් වෙයි.

හින්දු දහමට අනුව එක්‌ පාර්ශ්වයක්‌ සම්පූර්ණයෙන්ම නිර්මාංශ වන අතර තවත් කොටසක්‌ බිලි පූජා දෙමින් මස්‌ අනුභව කරමින් දෙවියන් උදෙසාද මාංශ පූජා කරනු ලබයි.

පෙත්සම විභාග කළ අවස්‌ථාවේදී එක්‌ හින්දු පාර්ශ්වයකට මාංශ පූජාව ඉතා අත්‍යවශ්‍ය බවට මතයක්‌ ඉදිරිපත්වූ අතර එය සැලකිල්ලට ගත් විනිසුරුවරයා එවැනි අවශ්‍යතාවයන් සඳහා රජයේ ලියාපදිංචි මස්‌ අලෙවි සල්වලින් මාංශ මිලට ගෙන පූජාවන් පවත්වන ලෙසද නියෝග කොට තිබේ.

මෙම නියෝගයෙන් පසුව යාපනය මහාධිකරණ විනිසුරුවරයාට උතුරේ නිර්මාංශ හින්දු කණ්‌ඩායම්වල ප්‍රණාමය පුදකර ඇති අතර ඊට එරෙහි කණ්‌ඩායම් පවසා ඇත්තේ මෙම අධිකරණ නියෝගයට එරෙහිව තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවයි.

දිනසේන රතුගමගේ
http://divaina.com/daily/index.php/puwath-2/1822-2017-10-25-15-52-54

Pic Source

ජාතිවාදීන්ට උඩගෙඩි දෙන අනවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම රට නැවතත් ආපස්‌සට තල්ලු කිරීමක්‌ - අතුරලියේ රතන හිමි

ව්‍යවස්‌ථා සංශෝධනයට වඩා රටේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්න එකින් එක සොයා බලා ඒවාට විසඳුම් සෙවිය යුතු බවත් ජාතිවාදීන්ට උඩගෙඩි දෙන අනවශ්‍ය ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ගෙන ඒම රට නැවතත් ආපස්‌සට තල්ලු කිරීමක්‌ බවත් ජාතික මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
යහපාලනයක්‌ ඇතිකිරීම සඳහා පැවැති රජය පරාජය කර නව රජය බලයට පත්වූයේ රටට අහිතකර මෙවැනි සංශෝධන ගෙන ඒමට නොවන බවත් රටේ දැවෙන ප්‍රශ්න විසඳා සියලු ජනවර්ගයාට සාධාරණ අයිතිවාසිකම් ලැබෙන ජන සමාජයක්‌ ගොඩනැගීම සඳහා බවද උන්වහන්සේ පැවැසූහ.

යෝජිත නව ව්‍යවස්‌ථාව සම්බන්ධයෙන් ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. එහිදී වැඩිදුරටත් කතා කළ රතන හිමියෝ මෙසේ පැවැසූහ. ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධයෙන් රටේ විශාල ආන්දෝලනයක්‌ ඇතිවී තිබෙනවා. අපි බලාපොරොත්තු වුණේ ත්‍රස්‌තවාදය පරාජය කිරීමන් පසු රටේ සාමය පවත්වාගෙන යන්න වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන්න. මේ ආණ්‌ඩුව බලයට පත්වූ පසුව ජනතාව බලාපොරොත්තුවුණේ ගිය ආණ්‌ඩුවෙන් සිදුනොකළ අරමුණු සඵල කර ගැනීම සඳහායි.

මේ ආණ්‌ඩුව බලයට පත්වූ පසු යම්කිසි ව්‍යවස්‌ථා සංශෝධනයන් කරන බවට සඳහන් කළා. ඒ වගේම සමගිය මෙන්ම කඩා වැටුණු ආර්ථිකය ගොඩනගන බවට ජනතා පොරොන්දුවක්‌ දුන්නා. ජනාධිපතිතුමා 2016 වසරේ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ සිදුකළා. අධිකරණයට, රාජ්‍ය සේවයට, පොලිසිය කරන බලපෑම ඒ තුළින් නැති කළා. ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධන සිදුනොකරන බවට විධායක ජනාධිපති ධුරය අපට කරුණු කිහිපයක්‌ උඩ අවශ්‍ය වෙලා තිබෙනවා. යම් කිසි කෙනෙක්‌ යම් කිසි විදියකට මේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කළහොත් දැනට තිබෙන අනුපාත ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන්න බැහැ. එකම ක්‍රමය තිබෙන්නේ මනාප ඡන්ද ක්‍රමය පමණයි.

ඒ වගේම මේවන විට උතුරු හා නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නවලට තවමත් විසඳුමක්‌ ලබාගැනීමට නොහැකි වෙලා. හැබැයි ඒ සඳහා විසඳුම් සෙවීම සඳහා නව ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ හරහා පාර්ලිමේන්තුවට අතුරු වාර්තා ඉදිරිපත් කර තිබෙනවා. මෙයින් රට ස්‌ථාවර වෙනවාද රටේ ස්‌ථාවරභාවයට හානිකරනවාද ඒ වගේම සුළු ජනවර්ගයන්ගේ ප්‍රශ්න වලට උත්තරයක්‌ ලැබෙනවාද සංහිඳියාව ඇති වෙනවාද කියා සහ සොයා බැලිය යුතුයි. සියලු ජනකොටස්‌ සමඟ සාකච්ඡා නොකර මේ තුළින් කිසිදු සංහිඳියාවක්‌ ඇති නොවන බවයි අපේ මතය.

මේ ලියවිල්ල සමස්‌ත ජනතාවගේ යහපත උදෙසා නොවන බවද ප්‍රකාශ කළ යුතුයි. ආණ්‌ඩුව කියනව මේ අතුරු වාර්තාවක්‌ මේකට කලබල වෙන්න එපා කියලා. අතුරු වාර්තාවක්‌ දාන්නේ යම්කිසි කමිටුවක සාමූහික ඒකමතික තීරණයක්‌. එහෙත් මේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට දාල තියෙන්නේ විසි දෙනෙක්‌ ඉන්න කමිටුවේ හත්දෙනකුගේ කැමැත්ත මතයි. පැහැදිලිවම විධායක ජනාධිපති ධුරය අහෝසිකරන ව්‍යවස්‌ථා සංශෝධනයකට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කැමැති නැති බව. ඒ වගේම හෙළ උරුමය ඒ වගේම දෙමළ සන්ධානයද මේ සඳහා අදහස්‌ පළකර තිබෙනවා. එසේ තිබියදී මෙම ව්‍යවස්‌ථා සංශෝධනය නිත්‍යානුකූල නැහැ. ඒ වගේම පවත්නා විධායක ජනාධිපති ධුරය සම්පූර්ණව අහෝසි කළහොත් එහි බලපෑම් වලටත් මුහුණ දීමට අපට සිදුවෙනවා. මේ තුළින් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස්‌ වෙනවා. එය රටට හිතකර දෙයක්‌ නොවෙයි.

විශේෂයෙන්ම උතුරේ ප්‍රශ්න රැසක්‌ මේ වනවිට බිහිවෙමින් පවතිනවා. ද්‍රවිඩ සිරකරුවන් නිදහස්‌ නොකිරීම, ඔවුන් අධිකරණයට ගෙනත් නඩු පැවැරීම් හා නිසිලෙස පුනරුත්ථාපනය කිරීම් වසර තුනක්‌ ගියත් මේ ආණ්‌ඩුවට කිරීමට නොහැකිවී තිබෙනවා. ඒ වගේම මේ ඉඩම් ප්‍රශ්නය. යාපනයේ ඉඩම් වල වැඩි කොටසක්‌ තිබෙන්නේ ජනතාවට නොවෙයි ප්‍රභූවරුන්ට. ඒවා සොයා බලා අහිංසක ජනතාවගේ ඉඩම් ලබාදී නැවත පදිංචිකිරීම් නිසියාකාරව සිදුකිරීමට මේ ආණ්‌ඩුව අපොහොසත්වී තිබෙනවා.

රජය මගින් නව ව්‍යවස්‌ථාවක්‌ ඉදිරිපත් කිරීමට සූදානම්වීම සහ සිය මහා සභාවේ ස්‌ථාවරය පැහැදිලි කරනු සඳහා කොළඹ 07, නිදහස්‌ මාවතේ පිහිටි ජාතික පුස්‌තකාල සහ ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේදී ඊයේ (25දා) උදැසන පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ මෙලෙස අදහස්‌ දැක්‌වූහ.

එම ජාතික මහා සභාවේ සාමාජික ආචාර්ය සුරේන් රාසවන් (දකුණේ) සහ ලංකා ජාතික කර්මාන්ත මණ්‌ඩලයේ හිටපු සභාපති තිස්‌ස සෙනවිරත්න යන මහත්වරුද වෙති.

අරුණ බෝගහවත්ත, ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
http://divaina.com/daily/index.php/puwath-2/1843-2017-10-25-15-52-75

Tuesday, October 24, 2017

ස්වාධීන මැතිවරණ කොමිසම උතුරට නුවරඑළියට එක නීතියක්.. දකුණට තව නීතියක් ක්‍රියාත්මක කරන අයුරු මෙන්න..
































අද වනවිට පලාත් පාලන මැතිවරණය පැවත්වීමට අවශ්‍ය සියලු සීමා නිර්නය කටයුතු අවසන් කොට එක් එක් පලාත් පාලන ආයතනයන් සඳහා අවශ්‍ය සභිකයින් ගනන තීරණය කොට අවසන් බව මාධ්‍ය මගින් පලාත් පාලන අමාත්‍යවරයා ජනතාව දැනුවත් කලේය. කරුණු එසේනම් මීලගට ඇත්තේ එම සභිකයින් ගනන ගැසට් පත්‍රයේ පලකොට වහාම පලාත් පාලන මැතිවරණය පැවත්විමයි.

එහෙත් මේ වනවිට ආණ්ඩුවේම සුලු ජාතින් නියෝජනය කරන පක්ෂ නියෝජනය කරන මනෝ ගනේෂන් සහ දිගම්බරම් වැනි අමාත්‍යවරුන් රටේ සම්පූර්ණ පරිපාලන ව්‍යහය කණ පිට පෙරලමින් සිටි. එනම් අරුම පුදුම අලුත්ම යෝජනාවක් ලෙස ජනවාර්ගික පදනම මත නුවරඑළියේ අලුතින් ප්‍රාදේශිය සභා බිහිකිරීමයි. මෙමගින් තමන්ගේම ආණ්ඩුවට අභියෝග කරමින් වසර 3 කට ආසන්නව කල් ගොස් ඇති පලාත් පාලන මැතිවරණය නැවත කල් දැමීමේ අසාධාරණ ඉල්ලීමක මොවුන් මේ වනවිට නිරත වී ඇත.

මෙහිදී මෙම ද්‍රවිඩ නායකයින්ගේ ඉල්ලිම උතුරු නැගෙනහිර ෆෙඩරල් ඉල්ලිමට සමාන එහෙත් මධ්‍යම පලාතට සරිලන ඉල්ලිමකි. ඒ මන්දයත් මෙතෙක් මධ්‍යම පලාත් සභාව සඳහා වෙනම රාජ්‍යකට අවශ්‍ය බලය බෙදාහැරීමට සම්පූර්ණ විය යුතු සුලු ජාතින්ගේ සංයුතිය ඇති වීමට තව කල් ඇති බැවිනි.

ශ්‍රීලංකාවේ ජනගහනය මිලියන 20.3 කි (2012 සංගනනයට අනුව). එනම් 20359439 කි.
එයින්
කොළඹ දිස්ත්‍රික්යේ 11.4% (2324329) ජීවත්වෙති. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 13 කි. ප්‍රාදේශිය සභා නගර සභා 13කි.
අනුරාධපුර දිස්ත්‍රික්යේ 4.2% (860575)ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 22 කි. ප්‍රාදේශිය සභා නගර සභා 19 කි.
මුලතිව් දිස්ත්‍රික්ය 0.5%( 92231) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 6 කි ප්‍රාදේශිය සභා නගර සභා 4 කි.
මන්නාරම් දිස්ත්‍රික්ය 0.5%(99570) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි ප්‍රාදේශිය සභා නගර සභා 5 කි.
කිලිනොච්චි දිස්ත්‍රික්ය 0.6%(113510) ජීවත් වෙති, එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 4 කි ප්‍රාදේශිය සභා නගර සභා 3 කි.

ඉහත දිස්ත්‍රික්වල පරිපාලන කොට්ඨාස අනුව ජනගහනය බෙදි ඇති ආකාරයෙන් විශාල විෂමතා හදුනා ගත හැකිය, එනම් මුලතිව්, මන්නාරම් සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික් 3 නම එකතු කලවිට සමස්ථ රටේ ජනගහනයෙන් 1.5% කි. ඒ දිස්ත්‍රික් 3 සඳහා ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 15 කි ප්‍රාදේශිය සභා නගර සභා 15 කි, එහෙත් එම දිස්ත්‍රික් 3 ම ජීවත්වන ජනගහනයට සමානව හෝමාගම ප්‍රදේශිය සභාවේ 236179 ක් ජනතාව ජිවත් වුවත් එක ප්‍රාදේශිය සභාවකි. එහි සිංහල ජනතාව 98% කට වඩා වැඩිය. (Link) කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 252941 ක් ජීවත්වන අතර එය ප්‍රාදේශිය සභාවක් ( වර්තමානයේ මහ නගර සභාවක්) ලෙස පාලනය වේ.

සමස්ථ රටතුල පරීපාලන වශයෙන් සම්පත් බෙදි යෑමේ සහ පරිපාලනය කිරිමේ ගැටලු රාශියක් තිබියදි නුවරඑළිය දිස්ත්‍රික්ය පමණක් ද්‍රවිඩ පක්ෂ විසින් තෝරාගෙන ඒ හරහා රටතුල විශාල ගැටලුවක් නිර්මාණය කරන්නේ අනාගත ඊලම හරහා “මලය නාඩුව” නිර්මාණය කිරිමට විය හැකි බවට සැකය තහවුරු වනුයේ උතුරු නැගෙනහිරින් ආරම්භ වන බලය බෙදීම අවසන් වනුයේ මධ්‍යම කඳුකරයෙන් විය හැකි බැවිනි.

මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික්යේ සමස්ථ ජනගහනය 711644 කි, එය රටේ සමස්ථ ජනගහනයෙන් 3.5% කි. එහි ප්‍රදේශිය ලේකම් කොට්ඨාස 5 කි. ප්‍රාදේශිය සභා නගර සභා 8 කි, එහි සිංහල 40% සහ දෙමළ 56 % ක් ජිවත් වෙති. එහෙත් අලුත් යෝජනාවක් ලෙස දෙමළ පක්ෂ ඉල්ලා සිටින්නේ තවත් අලුතින් ප්‍රාදේශිය සභා 4 ක් වැඩිකල යුතුය යන්නයි. එනම් බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වු ශ්‍රී පාදස්ථානය අයත් අඹගමුව ප්‍රාදේශිය සභාව ජනගහනය 21000 යි, එනම් හෝමාගම ප්‍රාදේශිය සභාවටත් (236179) වඩා කුඩා ප්‍රාදේශිය සභාව ප්‍රදේශිය සභා 3 කටත් නුවරඑළිය ජනගහනය 19000 යි, ඊටත් කුඩා ප්‍රාදේශිය සභාව ප්‍රදේශිය සභා 3 කටත් වෙන් කොට අලුතින් ප්‍රාදේශිය සභා 6 ක් නිර්මාණය කරන ලෙසයි. එහෙත් මන්නාරම් හෝ මුලතිව් දිස්ත්‍රික්යන් වල පිහිටි අනවශ්‍ය ජනගහන ඉතා අඩු ප්‍රාදේශිය සභා හෝ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස එකතු කොට සමස්ථ රටේ ඇති ප්‍රදේශිය සභා ප්‍රමාණය නොඉක්මවා යන යෝජනාවක් එහි නැත. එහෙත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයන් සඳහා උතුරු නැගෙනහිර හැර අනික් සමහර දිස්ත්‍රික්වල පසුගිය කාලයේදී එසේ අඩු වැඩි කලේය.

එමෙන්ම පසුගිය කාලය තුල දි පලාත් පාලන ආයතනයකන් සීමා නිර්නය කිරිමේදී හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රිලනිප යට වාසි අන්දමින් සමහර ඡන්ද මධ්‍යස්ථාන දෙකඩ කැඩුවා කියා කෑ මොර දුන්හ, ඒත් අද ඒ දේශපාඥයන් රටේ සමස්ථ පරිපාලනය අවුල් කරමින් දෙමළ ජාතිවාදීන්ගේ ඉල්ලීමක් මත ජනවාර්ගික පදනමින් ප්‍රදේශ කොටස් කොට පරිපාලන ඒකක නිර්මාණය කිරිම සම්බන්ධව නිහඬය. ඒ පැහැදිලිවම අනාගත උතුරු නැගෙනහිරින් බිහිවන ෆෙඩරල් රාජ්‍යයේ කන්ද උඩරට උප කලාපය මේ හරහා නිර්මාණය වනු දැකගැනීමට ඇති ආශාව නිසා විය හැකිය.

එමෙන්ම නැති ප්‍රශ්නයක් හරහා ආණ්ඩුවේ පාර්ශවයන් විසින් ගොඩනැගු මෙම පරිපාලන ගැටලුව නිසියාකාරව විසඳා පලාත් පාලන මැතිවරණය මේ අනුව 2020 දි වත් පැවත්වීම සැක සහිතය. මෙය පිටුපස මේ වනවිට දෙමළ ඩයස්පෝරාව මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක් පෙල ගැසි ඇත. විශේෂයෙන්ම වර්තමාන ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහෝදරයා වන මෙරටේ ප්‍රධාන රාජ්‍ය නොවන සංවිධානයක හිමිකරු මෙහි පිටුපස සිටිම තවත් බරපතළ සැකයක් ඇති කරන්නකි. එයින් ජනතාව ස්වාධීන මැතිවරණ කොමිසම කෙරෙහි සැක උපදවයි. එමෙන්ම ජනතා පරමාධිපත්‍යය කෙරෙහි ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ඇති විශ්වාසය තවදුරටත් පලුදු කරන්නකි.

Lanka C News

නව ව්‍යවස්ථාවට විරුද්දධයි! - ශ‍්‍රී ලංකා අමරපුර ධම්මරක්ඛිත මහා නිකාය

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමටය මේ මොහොතේ කිසිදු උවමනාවක් නැති බව ශ‍්‍රී ලංකා අමරපුර ධම්මරක්ඛිත මහා නිකාය සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම නිකායේ මහානායක පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද නාහිමියන් මේ බව කියා සිටියහ.

මැතිවරණ ක්‍රමය පමණක් සංශෝධනය කරන්නේ නම් ඊට එකග වන බවත් කී උන් වහන්සේ දැනට ඉදිරිපත් කර ඇති කමිටු වාර්තාව යම් හෙයකින් ව්‍යවස්ථාව බවට පත් වුවහොත් එය රටට මර උගුලක් වනු ඇති බවද පැවසූහ.

වත්මන් ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් තැබිය නොහැකි බවත් මෙම කමිටු වාර්තාවම ව්‍යවස්ථාව බවට පත් කිරීමට ඔවුන් විවිධ උපාය භාවිතා කරනු ඇති බවද එහිමියෝ කියා සිටියහ.

Lanka C News

ප්‍රාචීන පණ්ඩිත සහ වෙනත් ජාතික ජාත්‍යන්තර උපාධි ලබාගත්, කවදත් ආගම ජාතිය සහ අන්සතු අයිතිවාසිකම් වලට ගරුකරන, භික්ෂු පරපුර ගන්නා හැම තීරණයකම දුරදිග බලා දකින දැක්මක් තියෙනවා!

නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අදාළව තමන් වහන්සේලා වෙත ලද වාර්තාව සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු මහා විහාරයන්හී ස්ථාවරය පැහැදිලි කිරීමත් සමග මහා සංඝරත්නය කෙරෙහි යම් ආන්දෝලනාත්මක පුවත් රට පුරා ඇසුණි. මේ ඒ සම්බන්ධයෙන් සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග කරන විමසුමකි.

Q මොකක්ද මේ අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය?

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන විට මූලික කරුණු කීපයක් තුළ ඒ රාමුවේ සිට කටයුතු කිරීම වැදගත්. පසුගිය  දින අප ඉදිරිපත් කළ වාර්තාව සම්පාදනය වන්නේ මෙහෙමයි. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අපට යෝජිත කෙටුම්පතක පිටපත්  වාර්තාව ලබාදුන්නා. මෙය අපගේ මහනායක හිමියන් ප්‍රධාන භික්ෂූන් වහන්සේලා විසින් අවධාරණය කර අපේ අදහස් යෝජනා දක්වන්න යැයි අපට ආරාධනය කළා. එතෙනදි අපේ අදහස් යෝජනා නිගමන අවශ්‍ය නොවනවා නම් දේශපාලකයන් මේවා අප වෙත ඉදිරිපත් කරන්න අවශ්‍ය නැහැනේ.

Q එතෙනදි ඔබවහන්සේලා ගත් ක්‍රියාමාර්ගය පැහැදිලි කළොත්?

අපේ ස්ථානයන්ට පැමිණි  විවිධ කණ්ඩායම්වලට එක එක අදහස් තිබුණා. ඒ අතර ස්වාධීන සහ මධ්‍යස්ථ ඒවාද තිබුණා. තවදුරටත් ඒ අනුව කිසිම පක්ෂයකට පාටකට හෝ දේශපාලන කල්ලිවාදයට අයත් නොවන මෙරට ජාති ආගම් වාදයෙන් තොර මධ්‍යස්ථ විද්වත් කණ්ඩායමක් සමග සාකච්ජා කළා. එතැනදි බුද්ධාගමේ පැවැත්මට එහි ඇතුළත් හානිකර කරුණු පවතින බව අප අවධාරණය කළා.

Q ඒ අනුව නිරීක්ෂණය කළ මූලික කරුණු පැහැදිලි කළොත්?

මේ බලය බෙදීම යන සාධකය තුළ ජනාධිපතිවරයාගේ බලය පවා අහිමි වන බව පෙනෙනවා. යම් අර්බුදකාරී අපැහැදිලි තත්ත්වයන් තුළින් ජනාධිපති හරහා පළාත් සභාවන්ට බලය තහවුරු වන බවක් පැහැදිලි වුණා. අධිකරණය වශයෙන් ගත්තත් එතැනදි හානිකර විය හැකි දේ තිබුණා.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අනුව ජනාධිපතිට වඩා අගමැති බලවත් වන අතර, දෙවැනි සෙනට් සභාවක් හරහා තවදුරටත් මේ කරුණ සංකීර්ණ වෙනවා. ඒකීය බව සහ කෙටුම්පතේ ඇතුළත් වගන්ති සම්බන්ධයෙන් තවත් කරුණු ගණනාවක් අර්බුදගත බව පැහැදිලියි. ඒවා කඩිනමින් විවාදයකින් තොරව යහපත් විසඳුම් සෙවිය හැකි දේ නෙවෙයි. එනිසා ඒ සඳහා යම් කාලයක අවශ්‍යතාව අපි දුටුවා.

Q මේ අර්බුදගත ලේඛනයක් වෙනුවෙන් එකිනෙකට වෙනස් මත මල්වතු අස්ගිරි මහා විහාරයන්ගෙන් ඇසුණා. එවැනි තැනක මෙහෙම සංවාදයක් ඵලදායී වන්නේ කොහොමද?

උභය විහාර පාර්ශ්වයන් හෝ ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන් විවිධ අවස්ථාවන්හිදී විවිධ ප්‍රකාශයන් නිකුත් කළ ආකාරය අප පසුගිය කාලයේ දුටුවා. එනිසා කාටත් අවස්ථාව ලැබෙන පරිදි අදහස් මත ඉදිරිපත් කළ හැකි සංවාදයක් පිළිබඳ අපේ අස්ගිරි මහා නිකාය පැත්තෙන් සාකච්ඡා වුණා. ඒක වඩා ප්‍රජාතන්ත්‍රවාදී දැක්මක්.

එයින් පස්සෙ මල්වතු මහා විහාරයේ නායක හාමුදුරුවන් වහන්සේද ආගමික කටයුත්තකට විදේශගත වන නිසා එම කටයුතු අනුනායක දිඹුල්කුඹුරේ නායක හිමියන්ට පවරා සුදුසු සාකච්ඡාවක් සඳහා දින යොදාගන්නා ලෙස දන්වා තිබුණා. ඒ අනුව මල්වත්ත විහාරයේ කාරක සංඝ සභාවද එයට දායක වුණා.

Q එතැනදි දළදා මාලිගාවේ දියවඩන නිලමෙ තුමාටද මේ සංවාදය ඇසුරෙන් යම් ඇඟිල්ල දිගු කිරීමක් සිදුවුණා?

මෙහෙමයි. අපේ විහාරස්ථාන දෙකේ කාරක සංඝ සභාව ජාතික අවශ්‍යතාවන්හිදී එකී රැස්වීම සඳහා යොදාගන්නේ දළදා මාලිගාවයි. එනිසා ඒ කටයුතු සම්පාදනය කරදීමට දියවඩන නිලමෙතුමා කටයුතු කළ යුතුයි. අනික ඒ දිනය වන විට එතුමාද විදෙස්ගතවයි හිටියේ.
මල්වතු අස්ගිරි මහා විහාරයන් කියන්නේ ඇස් දෙක වාගෙයි. එනිසයි ඒ ස්ථාන දෙක උභය මහා විහාර යනුවෙන් හඳුන්වන්නේ. එක ඇහැකින් බලා තීරණ ගැනීමට වඩා මෙවැනි ජාතික කර්තව්‍යයකදී වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර යෝජනාවන්ට අවස්ථාව ලබාදීම සඳහා උභය මහා විහාර කාරක සංඝ සභාවේ අවධානයට මේ ව්‍යවස්ථාවේ ඇතුළත් විවාදාත්මක කරුණු අවධාරණය කළා. එදා අස්ගිරි නායක හාමුදුරුවන්වහන්සේ පන්සලේ හිටියා. මේ සියල්ල ගැන උන්වහන්සේ දැනුවත්ව සිටියා. අවශ්‍ය දේ පිළිබඳ අපට මගපෙන්වීම කළා.අස්ගිරි මල්වතු විහාර කාරක සංඝ සභාවන්හී නායක හාමුදුරුවරුන් 20 බැගින් ඇතුළත් වෙනවා. එතැනදි මේ හැමකෙනෙකුගේම පොදු සම්මුතිය තමයි අප ප්‍රකාශයට පත්කළේ. එහෙම නම් මහනායක හිමිවරුන් හතළිහෙන් දෙකක් අතහරිමුකෝ. තිස් අට දෙනකුගේ මතය එතැන තිබෙනවා. ඒක කෙතරම් ප්‍රජාතන්තවාදී හඬක්ද?

Q අගමැතිවරයා කියන්නේ තවමත් අලුත් ව්‍යවස්ථාවක් සකස්කර නොතිබෙන අවස්ථාවක එයට යමෙකු විරුද්ධ වන්නේ කෙසේදැයි වැනි මතයක් බව ඇඟෙනවා? එතෙනදි අලුත් ව්‍යවස්ථාවක් එපා යැයි ඔබවහන්සේලා තරයේ කීවාද?

මේ ටික පැහැදිලි කරගන්න. අපි කීවේ අපට ලැබී තිබෙන නව යෝජනාවන් ඇතුළත් කෙටුම්පත සම්බන්ධයෙන් වාර්තාවේ වන බොහෝ කරුණු පිළිබඳ අප එකඟවන්නේ නැහැ කියන කාරණාවයි. ඒවා ඇතුළත් කරනවා නම් එවැනි ව්‍යවස්ථාවකට අප එකඟ නැහැ කියන එකයි. අනික අප එකඟ නොවන දේටත් එහෙමයි කියලා අනුමත කරගන්න යමෙක් උත්සාහ කරනවා නම් එය අපට තම දේශපාලන බලය හැකියාව පෙන්වා වරදක් නීතිගත කිරීමක්. එහෙමනම් මොකටද එක එක්කෙනා අපට වරින්වර මේ ව්‍යවස්ථා ගැන අදහස් යෝජනා ඉදිරිපත් කරන්න කියන්නේ. අනික එනිසා අලුත් ව්‍යවස්ථාවක් එපා කියන එකෙන් විවිධ මත ගම්‍ය කිරීමට යම් තැනක තවත් මතයක් නිර්මාණය කරනවා නම් ඒවාට අපේ බැඳීමක් වගකීමක් නැහැ.

අප ඉදිරිපත් කරන දේ පිළිගන්න අකමැති නම් ඒ වාර්තා අපට ගෙනත් දෙන්නේ ඇයි. ගෙනත් දීලා වරදක් හෝ නිදොස් කළයුතු තැන් පිළිබඳ යෝජනා කළාම ඇයි භික්ෂූන්වහන්සේලා අවලාදයට පත්කරන්නේ. උන්වහන්සේලාට ගරහන්නේ. මෙතැනදි මම පළමුව රට තුළ විවිධ පක්ෂ සංවිධාන සහ කණ්ඩායම් විසින් පක්ෂ සහ විපක්ෂව ඉදිරිපත් වන කරුණු අවධානය කළා. ඊළඟට රජය කියන දේ විමසා බැලුවා. තවදුරටත් අන්තර්ජාලය හරහා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට අනාවරණය කරන කරුණු විමසීමට ලක් කළා. එහෙම බලනකොට එයින් බහුතර මතයක් ගොඩනැගී තිබුණේ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් දැනට කෙටුම්පත්ව ඇති යෝජනා අනුව එය රටට,ජාතියට,ආගමට බලවත් හානිකර තත්ත්වයක් ඇති කළ හැකි අවදානමක් පිළිබඳ අනතුරක්.

ඒ දේ සියල්ල එකට ගළපා අවසානයේදී තීරණය කළා මේ කරුණු ඒ ඒ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර නිරවුල් කරගන්නා තුරු අප වෙත ලබාදී ඇති නව ව්‍යවස්ථා යෝජනා වාර්තාව අප සමස්තයක් ලෙස විරුද්ධත්වය පළ කරනවා කියන කාරණය.

Q එයින් පස්සෙ?

අපේ යාන්ත්‍රණය තිබුණේ මෙහෙමයි. එයින් පස්සෙ අපි ඒ කාරණා තවදුරටත් ත්‍රෛනිකායික මහා සංඝයා රැස්කර සාකච්ඡා කර පවතින ගැටුම් සමග අර්බුදකාරී කරුණු වෙනම අධ්‍යයනය කරනවා. එයින් පස්සේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු වගකිව යුත්තන්ද පක්ෂ විපක්ෂ ප්‍රබල සංවිධන කණ්ඩායම් හමුවී එකට අසුන්ගෙන ඒ ගැටලු තැන් පැහැදිලිව නිරාකරණය කර ගන්නවා

ඒ ක්‍රමය වැරදිද? දෙමළ ඇතැම් දේශපාලකයන් කියන කරන කතා නිසා මේ ව්‍යවස්ථාවේ ඇතුළත් සංකීර්ණ තැන් අනුව යම් සාධාරණ සැකයක් රටට තියෙනවා. ඒ සැකය අපටත් තියෙනවා. ඔවුන්ද එවැනි සංවාද සඳහා සහභාගි කරවා ගැනීමේ වුවමනාව අපට තිබුණා. මේවා වැරදිද? මේ අය ඒ උත්සාහය වළක්වා සිටියා.

Q ඔබවහන්සේ එහෙම චෝදනා කරන්නේ ඇයි?

සාමාන්‍යයෙන් බොහෝ දේශපාලකයන් තමන්ගේ දිවුරුම්දීමෙන් පසු අප විහාරස්ථානවලට පැමිණි මහනායක හාමුදුරුවරුන් බැහැදැක ආශිර්වාදය ලබාගන්නවා. ජාතික සංහිඳියාව වර්ගභේදය වෙනුවෙන් තීරණාත්මක අවස්ථාවක් යටතේ බලය ලබාගත් උතුරේ මහ ඇමතිවරයාත් එසේ අප හමුවී යැයි අප එදා විශ්වාස කළා. එහෙත් ඔහු පසුගිය කාලයේ එය නොසලකා හිටියා.
ඒත් දැනට සති දෙක තුනකට ඉස්සර ඔහු මහනායක හිමිවරුන් බැහැදුටුවා. ඔහුට ඉහළම පිළිගැනීමෙන් සහ සංග්‍රහයෙන් අපේ ළෙංගතුකම ප්‍රකාශ කළා. අප ඔහු සමග එක්වී මේ අර්බුදය ජයගැනීමට මැදිහත් වන බව තේරුම්කර දුන්නා. ඒත් විග්නේෂ්වරන් මහත්මයා පන්සල

Q ඇතුළෙන් එළියට ගිහින් ජනමාධ්‍යයට කීවේ මොකක්ද?

“මහනායක හාමුදුරුවරුන් වෙනස් කරන්න බැහැ. ඒ අය තවමත් ඉන්නේ පරණ මතයේ කියලා චෝදනාවක් කළා. එහෙම නම් මේ සංවාදය තවදුරටත් ගෙන යාමට වඩා ව්‍යාජ විසඳුම් කෙරෙහි පමණක් උතුරේ නායකයන් බලපෑමක් කරන බව පැහැදිලියි. මේ ව්‍යවස්ථාව ආණ්ඩුවට නොමනා ආකාරයෙන් බලපෑම් කරන විජාතික මූල්‍ය ප්‍රතිපාදන මත මෙරට බිලිගැනීමට සූදානම්ව සිටින එන්ජීඕකාරයන්ගේ උත්සාහයක් කියන ස්ථාවරයේ බහුතරයක් ඉන්නවා. අපිටත් මේ සිදුවන සිදුවීමේ පෙළගැස්සවීම තුළ ඒ බව පැහැදිලියි. අපේ පැහැදිලි ස්ථාවරයට ඇහුම්කන්දීමට වගකිවයුත්තන්ගේ වුවමනාවක් නැහැ. කවුරු හෝ ඒ අය වළක්වනවා.

Q එහෙම කියන්නේ කොහොමද?

ඒ කියන්නේ අගමැතිවරයාට ජනාධිපතිවරයා සමග අප ඍජුව මැදිහත්වීමට ඒ අය අකමැතියි. ඔවුන් පාලකයන්ට වැරදි මගපෙන්වීම් කිරීමට කටයුතු කරනවා. සංඝයා වහන්සේලා අතර භේදභින්නතා මතුවන පරිදි ප්‍රකාශ කරවනවා. ජනතාව තුළ සංඝයා අවඥාවට ලක්කරන ආකාරයෙන් ප්‍රකාශ කරනවා. උතුරට එකක් පවසා දකුණට තව දෙයක් කියනවා.

සිංහල මාධ්‍යයට එකක් කියා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තවත් දෙයක් කියනවා. දෙමළ මාධ්‍යයන් මගින් හාත්පසින්ම වෙනස් දෙයක් ඇහෙන්නේ. මේ තුළ හැම වෙලාවෙම දමිළ ජනතාව සිංහල ජාතිය කෙරෙහි සැකයෙන් බලනවා. දමිළ සහ සුළු ජාතීන් පවතින ක්‍රමය පිළිබඳ විරසකයක් ඇතිකර ගන්නවා.

Q නමුත් මල්වතු මහනායක හිමියන් විමල් වීරවංශ සහ දිනේෂ් ගුණවර්ධන ඉදිරියේ දැඩි ස්ථාවරයක රැඳෙමින් නව ව්‍යවස්ථාව ගැන පැහැදීමෙන් යම් ප්‍රකාශයක් කළා නේද?  

මල්වතු මහනායක හිමි කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් අවශ්‍යතාව අනුව එවැනි කාටත් සාධාරණ දෙයක් ගෙනාවට කමක් නැහැ කියලා. ඒකට බාධා කරන්න එපා කියන එකයි උන්වහන්සේ අවධාරණය කළේ. අනික අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව කියනවා නම් තවම අලුත් ව්‍යවස්ථාවක් හදා නැහැයි කියලා එහෙම එකක් හොඳයි හෝ නරකයි කියන්නේ කොහොමද?

නමුත් උන්වහන්සේ කියන්නේ රට ජාතිය ආගම සහ මහජාතියට අසාධාරණයක් වන සහ සෙසු ජනකොටස් නොසලකා හරින හිංසාවාදී ව්‍යවස්ථාවක් අප අනුමත කරන්නේ නැහැ කියන කතාවයි.  ඒ වෙනුවෙන් විනිශ්චයට කාලයක් අවශ්‍ය නිසා නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව ඒ වන විට අප වෙත ලැබී තිබූ ලේඛනවල සඳහන් ඇතැම් බහුතරයක් කරුණුවලට අප අකමැති වුණා.

Q එහෙම නම්  ඔබවහන්සේලාට එරෙහිව නව ව්‍යවස්ථා යෝජක පාර්ශ්වයෙන් දිගින් දිගටම චෝදනා එල්ලවන්නේ ඇයි?

පටු අරමුණු ඇතිව විනිවිදභාවයකින් තොරව යමක් සඟවාගෙන කටයුතු කරන දේශපාලකයන්ට අප ඇත්ත අනාවරණය කරන විට ඇතිවන හානිය පිළිබඳ ලොකු බියක් තියෙනවා.

අස්ගිරිය මල්වතු විහාර දෙකම එකවර එකම ප්‍රකාශයක් ඉදිරිපත් කරන විට මේ අන්තවාදී ගෝත්‍රවාදී සහ ජාතිවාදය අවුස්සන කල්ලිවලට මේක විශාල සිත් රිදවීමක් වෙන්න ඇති. අපිට සුළුතරයකගේ හිත සැනසීම නොව මෙරට උපන් සිංහල බෞද්ධ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරමින් සුළුජාතීන්ටද ඒ රටේ නිදහසේ ජීවත්වීමේ අවස්ථාවට අවශ්‍ය දේ ගැන මැදිහත්වීමේ වගකීමක් තියෙනවා.

Q අද එහෙම දෙයක් සිදුවන්නේ නැද්ද?

සිංහල බෞද්ධ ජාතියට සැලකීම සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් තියෙනවා. මේ වන විට උතුරේ පවතින්නේ එක නීතියක් කියලා ජනතාව චෝදනා කරනවා. සුළු ජාතීන්ගේ ඉඩම් අර්බුදය විතරක් නෙවෙයි. මහජාතීන්ගේ ඉඩම් පවා එහි අහිමි කරලා. එහි සාමාන්‍ය ජනතාවද ඒ බව ප්‍රකාශ කරනවා. එහෙම නම් විග්නේෂ්වරන්ලා ඉල්ලන පෙඩරල් ක්‍රමය මගින් මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කර නීතිගත කිරීමක් සිදුවන බව පැහැදිලියි.

මේක ආණ්ඩුවට විරුද්ධ කැරැල්ලක් නෙවෙයි. රටේ නීතියත්, සාමයත් රැකීමට පාලකයන් කල්මැරීම හෝ හිතාමතා වගකීමෙන් බැහැර වීම පිළිබඳ අර්බුදයක් කියන එක සිහිපත් කළ යුතුයි. එතැනදි මෙහෙම උතුරේ සිදුවන දේ ලඝුකර අපට මේ බලතල බෙදීම ගැන කතා කරන්න බැහැ. වෙහෙර විහාර ඉදිකරන්න දුන්නේ නැහැ. පැවති නම් ගම් ඉවත් කළා. නටඹුන් විනාශ කළා. උතුරේ සිටි මුස්ලිම් සිංහල ජනතාවගේ දේපළ මංකොල්ල කෑවා. මේකද ආණ්ඩුව හෝ එන්ජීඕ හෝ උතුරේ අන්තවාදී දේශපාලකයන් අපේක්ෂා කරන ජාතික සංහිඳියාව. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ පමණක් වෙනස් කරන්න පුළුවන්ද?

Q ඔබවහන්සේ මහින්ද රාජපක්ෂ රෙජිමයට ළැදිව කටයුතු කරනවා කියන චෝදනාව තියෙනවා.

සමහර දෙනා මම මහින්දවාදියෙක් කියලා චෝදනා කරනවා. ඒත් අද එහෙම චෝදනා කරන අය එදා මහින්ද පුතුන් මහනුවර දළදා මාලිගාව වටා රේස් පදින විට මහින්දලාගේ ආණ්ඩුවට ප්‍රසිද්ධියේ චෝදනා කළේ නැහැ. ඒ ටිකට මුල් තැන ගත්තේ මමයි.

දිවිනැඟුම පනත යටතේ එක් විහාරස්ථානයක් වෙනුවෙන් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ දහයක මුදල් ලබාදෙන විට එහිදී ඇපයක් ලෙස විහාරස්ථානයට අයත් ඉඩම් දේපළවල ඔප්පු ඇපයට තබාගන්න යැයි ඇමති බැසිල් එදා ප්‍රාදේශීය ලේකම්වරුන්ට නියම කළා. එහෙම නම් ඒ සල්ලි  ඔබතුමාම තියාගන්ට යැයි කෙළින්ම ඇඟිල්ල දිගු කළේ මමයි. අපිට ඩොලර් පවුම් නැහැ. අවුරුදු හතරෙන් පහෙන් මාරුවෙලා යන්නේ නැහැ. ඒ පිරුවටය වගේ නෙවෙයි මේ චීවරය කියන කාරණයත් වගකීමෙන් කියනවා.

අපිට කවුරු ආවත් එකයි. හරියට නොකළොත් එදාට අපි කාටත් පාඩම් උගන්වනවා කියන එක විතරක් කිවයුතුයි. අපි මහින්දත් නෙවෙයි. බැසිල්ලා හරි නාමල්ලාත් නෙවෙයි. මෛත්‍රීලාත් නෙවෙයි. රනිල්ලා‍ත් නෙවෙයි. ඔය කොයි කාගෙත් අනුගාමිකයොත් නෙවෙයි. අද කාටත් අපි අර්බුදයක් හැටියට පෙනෙන්නෙත් ඒ නිසා තමයි.

රාජපක්ෂ සින්ඩ්‍රෝමය ඔළුවෙ තියාගෙන බලන හැමකෙනෙකුටම ඒක පෙනෙන්නෙ එහෙම තමයි. ඒ අයගේ මානසිකත්වය ඒකයි. එතනත් බලන්නෙ අපේ කටවල් වහන්න. යම් අයට ඒ රෝගී තත්ත්වය තියෙනවා.

Q මේ ලේඛකාධිකාරී තනතුර කියන්නේ ලේකම් කියන කටයුත්ත මිසක් අස්ගිරි විහාරයේ මාධ්‍ය ප්‍රකාශක නෙවෙයි කියලා ඔබවහන්සේට තවත් චෝදනාවක් තියෙනවා.

මම අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ලෙස කටයුතු කරනවා. අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් පත්වන්නේ කාරක සංඝ සභාවේ කැමැත්තෙන්. එයින් පස්සෙ උන්වහන්සේ විසින් තමන් වහන්සේගේ කටයුතු කළමනාකරණය සඳහා යාන්ත්‍රණයක් සකස්කර ගන්නවා. එහිදී අපේ පාර්ශ්වය හැටියට මහනායක හාමුදුරුවන් ලේඛකාධිකාරවරයාට යම් අධිකාරි බලයක් පවරා තියෙනවා. ඒ අධිකාරි බලය සමහර සමිති සමාගම් රැස්වීම්වල ලේකම්වරුන්ට නැතිව ඇති. මම අස්ගිරි නිකායේ ලේඛකාධිකාරි වෙන්නෙ ඒ වෙනස නිසා.

‍ඉංග්‍රීසියෙන් සෙකෙට්රි යන තේරුම දෙන රෙජිස්ට්‍රාර් නෙවෙයි මම. එහෙම අය අපේ නිකායවල නැහැ. සිංහලයෙන් කවුරුත් දන්නා අධිකාරි බලය ඇති ලේඛකාධිකාරී හිමිනම හැටියට මම කටයුතු කරනවා. එතෙනදි මහනායක හිමි පවරන කටයුතු මම කරනවා. ඒ අනුව මට උන්වහන්සේ වෙනුවෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශයන් නිකුත් කිරීමේ නෛතික බලය ලබනවා. මොකද අපි වසර හත්අටසියයක් තිස්සේ විකාශනය වූ මහා නිකායක අණපනත් කොන්දේසි රකින ඇත්තන් මිස මේ මැතිවරණ කාලෙට හතු පිපෙන්නාක් වගේ පිපෙන සිවිල් කණ්ඩායම් සිවිල් නායකයන් සහ ප්‍රකාශ නිකුත් කරන දවස දෙකේ  ඕපපාතික කණ්ඩායම් නොවන නිසා. මම හැමදේම කරන්නේ මගේ ලේඛකාධිකාරී බලය තුළ පවතින අධිකාරි බලය නිසා බව වගකීමෙන් කියනවා. ඒකට අභියෝග කරන්න ඔය කාටවත් බැහැ.

ජිනීවාවලදිත් ප්‍රකාශ නිකුත් කරන්නේ ලේඛකාධිකාරී මිස මහ කොමසාරිස් නෙවෙයි. අනික ලංකාවේ කැබිනට් ප්‍රකාශකයන් තුන්දෙනා අවස්ථා තුනකදී මත තුනක් කියපු අවස්ථා ජනමාධ්‍ය තුළ ඇසුණා. ජනාධිපති ඇමරිකාවේ සිටියදී ලංකවේ අණපනත් වෙනස් කළ අවස්ථා තිබුණා. ඒ ගැන කතා නොකර අපේ ශාසනික විනය ප්‍රතිපත්ති විවේචනය කරන්නේ ඇයි? මේවා ආගම හෑල්ලුවට ලක් කිරීමට ඇතැමුන්  ගන්නා උත්සාහයන් බව දැන් පැහැදිලිද?

Q කාරක සංඝ සභාව ගැන සඳහන් කළොත්?

කාරක සභාවට විසි නමක් ඉන්නවා. වරින් වර ඇතිවන පුරප්පාඩු මත මහනායක හිමියන් විසින් සුදුසුකම් පරීක්ෂා කර බලා ඒ සඳහා විහාරස්ථානවලින් හාමුදුරුවන් වහන්සේලා පත්කරනු  ලබනවා. මහනායක හිමි ළඟට අනුනායක හිමිවරුන් දෙදෙනකු ඉන්නවා. ඊළඟට ලේඛකාධිකාරී හිමි පත්වෙනවා.

Q භික්ෂූන් වහන්සේලාට දේශපාලනය අකපයැ ඇතැමුන් පවසනවා. විශ්ව දේශපාලනය සමාජ දැනුම පිළිබඳ වැටහීමක් නැතැයි පවසනවා. එහෙම නම් ඔබවහන්සේගේ අධ්‍යාපනික සහ වෘත්තීය අත්දැකීම් ඇසුරෙන් මෙවැනි අවස්ථාවන් විවරණය කළොත්?

මම  ඇමරිකාව, තායිවානය ඇතුළු විදේශයන්හී  විශ්වවිද්‍යාලයන්හී උසස් අධ්‍යාපනය ලබා ආචාර්ය උපාධිය ලබා ලංකාවේදී කොළඹ රාජකීය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයන්හී උගන්වා පළපුරුද්ද ලබා තිබෙනවා. නීතිය පිළිබඳ විශ්ව හැදෑරීම් කර ඒ පිළිබඳ අදටත් කටයුතු කරගෙන යනවා.  ලිපි ලේඛන සකස්කර තිබෙනවා. අදටත්  මම ජාතික සහ ජත්‍යන්තර දේශපාලනයේ සිදුවන වෙනස්කම් සහ සමාජ දරිද්‍රතාවන් පිළිබඳ  විශ්ලේෂණය කරමින් සිටිනවා.

Q භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ නිකුත් කරනවා. දනට බණට වඩිනවා හැරුණුකොට සමාජ ප්‍රගමනයට දායක නොවී හැමදේම කඩාකප්පල් කරනවා යැයි චෝදනාවක් තියෙනවා. එහෙම නම් ඔබවහන්සේ ඒ මතය බිඳීමට මෙතෙක් ඉටුකර ඇති සමාජ මෙහෙවර ගත්තොත්?

මම ජයග්‍රහණය ශ්‍රී ලංකා නමින් ආයතනය සමග යුද්ධයෙන් විනාශ වී ගිය ජාතික සම්පත් ප්‍රතිසංස්කරණය කරමින් උතුරු නැගෙනහිර සිංහල දමිළ සහජීවනයට පාර කැපුවා. යුද්ධය නිසා විනාශ වී ගිය උතුරු නැගෙනහිර වැව් අමුණු පිළිසකර කළා.

ඒ විතරක් නෙවෙයි. අද ඔබ දකින අරතංලාව භික්ෂු ඝාතනය සම්බන්ධයෙන් ස්මාරකය ඉදිකිරීමේ මෙහෙවරට මූලිකත්වය දුන්නේ මමයි. එයින් අදහස් කළේ යුද්ධයක් මුවාවෙන් මෙවැනි මිනිස් ඝාතන තවත් නොවිය යුතු යැයි හැම ජාතියකටම පණිවුඩයක් ලබාදීමයි. ඒ අවට ගම්මාන ඉදිකර විපතට පත් ජනතාව පංදිචි කළා. අපි ඇතම් එන්ජීඕ වගේ අන්තවාදී නැහැ.

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගේ දේශපාලන මතවාදය කුමක් වුවත් උන්වහන්සේ ඉකුත් මාසයක දෙසීයක් භික්ෂූන්වහන්සේලා සමග උතුරේ කුලීන සහ කුලහීන ගැටුම නිසා ලේ හිඟයක් පවතින විටෙක ලේ පරිත්‍යාගයට කටයුතු කළා. සහජීවනය සහ ව්‍යවස්ථා පිපාසයෙන් කෑමොරදෙන  එක් එන්ජීඕකරුවෙක්වත් එහෙම ලේ දන්දී  නැහැ. යුද විරුවන්ට අත දිගුකර ලේ පරිත්‍යාග කළේ නැහැ. වැව් අමුණු හදලා නැහැ. ගම්මාන ඉදිකරලා නැහැ.

එදා අස්ගිරි මහා විහාරයට දළදා හිමියන් බාරදෙන්නේ යටවත්තේ පෙළපතේ ගරු භික්ෂූන්වහන්සේලා අතටයි. එතැනදි එයින් සංකේත්වත් වන්නේ රටේ ජාතික ආගමික අනන්‍යතාව රැක ගැනීමක්. අප කවදත් ආගම ජාතිය සහ අන්සතු අයිතිවාසිකම් වලට ගරුකරන භික්ෂු පරපුරක්. අපේ භික්ෂු පරපුර ඇතැම් දේශපාලකයන් වගේ හය පාස් අය නෙවෙයි. ප්‍රාචීන පණ්ඩිත සහ වෙනත් ජාතික ජාත්‍යන්තර උපාධි ලබාගත් අය බව කිවයුතුයි. එනිසා අප ගන්නා හැම තීරණයකම දුරදිග බලා දකින දැක්මක් තියෙනවා.

Q එහෙමනම් ඉදිරියේ නව ව්‍යවස්ථාවකට අනුමැතිය ලැබෙනවාද?

ඒක අපට ලැබෙන වාර්තා යෝජනා අනුව අපි තීරණය කරනවා. කාගෙවත් කට වචනය අවශ්‍ය නැහැ. කරන දේ හරියට ලියන්න. ලියන දේ හරියට කරන්න‍. එවිට තියෙන ප්‍රතිපාදන විස්තර අනුව අපි ඒ අවස්ථාවලදී ඒ විනිශ්චය ගන්නම්. කොයි කවුරු බලයට ආවත් මොනවා කීවත් අපේ ජාතික ආගමික ප්‍රතිපත්ති වගකීම්වලින් අපි අත්මිදෙන්නේ නැහැ. මොන දේ ගෙනාවත් අපි අස්ගිරි මල්වතු පාර්ශ්වයන් එය හදාරමින් උගතුන් බුද්ධිමතුන්ගේ වාර්තා ලබාගනිමින් සෙසු ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලාද සමග අපි අපේ ජාතික මෙහෙවර ඉටුකරනවා.

ada

මෙරට දොස්තරලා ISIS ත‍්‍රස්ත සංවිධානයේ වැඩ... සහජීවනයේ නාමයෙන් මෙරට දෙස්පාලන නායකයන් සඟවන බිම්ගතව ව්‍යාප්තවන මුසලු අන්තවාදයේ තිත්ත ඇත්ත...

ශ‍්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කිහිපදෙනකු ISIS ත‍්‍රස්ත සංවිධානයේ කටයුතු කරන්නේ යයි එම සංවිධානය විසින් මෑතකදි නිකුත් කරන ලද වීඩියෝ පටයක දැක්වෙයි.

ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් කිහිපයනම වෛද්‍යවරුන් ISIS සංවිධානයේ සේවයේ යෙදී සිටින්නේ යයි එම සංවිධානයේ කටයුතු කරන ඉන්දීය වෛද්‍යවරයෙකු විසින් නිකුත් කර ඇති වීඩියෝවේ සදහන් කර ඇත.

තව දුරටත් වෛද්‍යවරැන් ලොව පුරා රටවල්වලින් බඳවා ගනිමින් සිටින බවද සදහන් එම වීඩියෝව ලෝකයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයන් වෙත නිකුත් කර තිබේ.

රෝගීන් 500කට වුවද එකවර ප‍්‍රතිකාර කල හැති තරමේ විශාල වෛද්‍යවරුන් පිරිසක් දැනට සංවිධානයේ සිටින බවද වීඩියෝවේ සදහන්ය.

Lanka C News

Thursday, October 19, 2017

රට අනතුරේ ඇති තැන සඟ අණ නිකුත් වේ! නව ව්‍යවස්‌ථාවක්‌ එපා - මල්වතු අස්‌ගිරි සංඝ සභා කියයි...

අලුත් ව්‍යවස්‌ථාවක්‌ හෝ සංශෝධන අවශ්‍ය නොවන බවත්, ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බවත් අස්‌ගිරි මල්වතු උභය පාර්ශ්වීය කාරක සංඝ සභාව අවධාරණය කර සිටී. 

පැරණි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව රටට හොඳ බවත්, ජනාධිපති බලතල එපරිද්දෙන්ම තැබිය යුතු බවත්, කොට්‌ඨාස ක්‍රමය පමණක්‌ හඳුන්වා දෙමින් ඒ ඔස්‌සේ ඉදිරියේදී රටට මන්ත්‍රීවරු ගෙන ආ යුතු බවත් මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලබුද්ධි නාහිමියෝ ඊයේ (18 දා) ප්‍රකාශ කළහ.

ශ්‍රී දළදා මාලිගාවේ රන් ආයුධ මණ්‌ඩපයේදී ඊයේ (18 දා) රැස්‌ වූ මල්වතු අස්‌ගිරි උභය මහ විහාරීය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ දෙනමගේ උපදෙස්‌ මත අනුනාහිමිවරු ප්‍රමුඛ විංසත්වර්ගික කාරක සංඝ සභික හිමිවරු යෝජිත ව්‍යවස්‌ථාව සම්බන්ධව සාකච්ඡා කරනු ලැබූයේ ව්‍යවස්‌ථා කටයුතු සම්බන්ධ දැනුම ඇති විද්වතුන් පිරිසක්‌ සමඟය. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ ප්‍රකාශ කරමින් අනුනායක හිමියෝ එසේ පැවසූහ.

මේ නව ව්‍යවස්‌ථාව එක එක පළාත්වලට බලය ලබා දීම සඳහා කළ උපක්‍රමයක්‌ බවත් පාර්ලිමේන්තුවටත් නැති බලයක්‌ ප්‍රාදේශීයව බෙදා දීම හරහා රටට දැඩි හානියක්‌ සිදුවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එදා ඡේ. ආර්. කළ දෙයින් අද රට හිඟන තත්ත්වයට පත් වී ඇත්තේ, පළාත් සභා නියෝජිතයන්ට නිරපරාදේ මහා ධනස්‌කන්ධයක්‌ ලබාදීම නිසා බව ද අනුනාහිමියෝ පැවසූහ.

නව ව්‍යවස්‌ථාව රටට අනවශය ඇයිද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ සමස්‌ත සංඝරත්නය දැනුවත් කොට එක්‌සත්ව එකමුතුව එක හඬක්‌ නඟමින් බලවත් විරෝධයක්‌ ඇති කළ යුතු යෑයි ද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙම අවස්‌ථාවේ අදහස්‌ දැක්‌වූ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ යෝජිත ව්‍යවස්‌ථාව තුළින් රටේ ඒකීය භාවයටත්, ජාතික සමගියටත් බාධා ඇතිවන බවත් පැවසූහ.

දැනටමත් රට බෙදීමකට ලක්‌ව ඇති බව කී උන්වහන්සේ ජාතීන් අතර බෙදීමක්‌ ඇතිවීමෙන් රට පරිහානියට පත්වන බව ද මේ සම්බන්ධව ඉදිරියේදී ප්‍රදේශීය මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන බව ද කීහ.

මේ අවස්‌ථාවේ නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කර අර්බුද ඇති කර ගැනීමට වඩා වැදගත් වන්නේ සියලු දෙනා එක්‌ව රට සංවර්ධනය කිරීම බව ද උන්වහන්සේ පැවසූහ.

http://divaina.com/daily/index.php/puwath-2/1367-2017-10-19-02-03-09

Saturday, October 14, 2017

රටපුරා මුසලු කොලනි! මෙවර පොතුවිල්... බදුර්දීන්ගේ මුස්ලිම් කොලණියට අරාබිකාරයෝ උඩින් පාත්වෙන හැටි!



































ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයකින් අරාබි ජාතිකයන් පිරිසක් මුහුද අද්දර ප්‍රදේශයකට ගොඩබසින අයුරු දැක්වෙන විඩියෝවක් සමාජජාලාවල සංසරණය වෙමින් පවතී. එම පිරිස පැමිණෙන්නේ බදුර්දීන් අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මේ වනවිටත් විනාශ කරමින් පවතින විල්පත්තු රක්ෂිත කළාපයට බව එම වීඩියෝව සමග දැක්වේ.

කෙසේ වෙතත් ඔවුන් පැමිණියේ විල්පත්තු ප්‍රදේශයටද යන්න පැහැදිළි නැතත්, රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොතුවිල් හිදී නව ඉස්ලාමීය ජනපදයක් ගොඩනැගීම සදහා පසුගිය 07 වනදා මුල්ගල් තබා ඇත. ඒ සදහා ශ්‍රී ලංකාවේ අරාබි එක්සත් එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ, ඩුබායිහී (ඩුබායි චැරිටි අසෝෂියේෂන්) නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානීන් සහභාගී වී ඇත.

ඩුබායි හි හිටපු සුල්තාන් Zayed bin Sultan bin Zayed Al Nahyan ගේ නමින් පොතුවිල් හි ඉදිකෙරෙන නව ඉස්ලාමීය ජනපදය සදහා මූල්‍යාධාර සපයන්නේ “ඩුබායි චැරිටි ඇසෝෂියේෂන්“ නම් සංවිධානයයි. එය ඉස්ලාමීය ව්‍යාප්තකරණය සහ කුරාණීය ඉගැන්වීම් ප්‍රචලිත කිරීම සදහා අරමුදල් සපයන ප්‍රමුඛතම පෙළේ අරාබි සංවිධානයක් වේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සහ වයඹදිග කළාපයේ නව ඉස්ලාමීය ජනපද ව්‍යාපෘති කිහිපයකට මූල්‍යාධාර සැපයීමට ඔවුන් ඉදිරිපත්වී සිටින අතර, රිෂාද් බදුර්දීන් ඇමතිවරයාගේ මූලිකත්වයෙන් විල්පත්තු රක්ෂිත ප්‍රේරණ කළාපයේ මේවන විටත් ඉදිකර ඇති ජනපද ව්‍යාපෘතිය පුළුල් කිරීම සදහාද ඔවුන් දායකත්වය දක්වයි.

http://www.colombotoday.com/38696-26523363/

විල්පත්තු විනාශයේ ඇග හිරිවැටෙන හෙළිදරව්ව.. මහා සංහාරයේ අලුත්ම තත්ත්වය මෙන්න

පරිසර අන පනත්, නීති අමු අමුවේ කඩා දමමින්, සිය අත්තනොමතික දේශපාලන බලය යොදාගෙන අමාත්‍ය රිෂාද් බදියුදීන් විසින් මේ මොහොතෙත් සිදු කරමින් පවතින විල්පත්තු රක්ෂිතයේ මහා වන සංහාරය පිළිබදව ස්වර්ණවාහිනී නාලිකාව ඊයේ (13) රාත්‍රී ප්‍රවෘත්ති විකාශය ඔස්සේ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළේය.

විල්පත්තු රක්ෂිතයේ පරිවාර වනාන්තර අධි රක්ෂිත කළාපයක් බවට පත්කරමින් ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු මාසයේදී නිකුත් කළ ගැසට් පත්‍රය පවා උල්ලංඝණය කරමින් එම රක්ෂිත කළාපයට අයත් වනාන්තර පද්ධතිය සූක්ෂම අයුරින් ජනාවාසකරණය කරමින් පවතින ආකාරය එමගින් මනාව පැහැදිළිවේ.

Colombo Today

සබැඳි ලිපි -
[
වනය වනසන මුස්ලිම්කරණය - බද්දුද්දීන්කරණය නව උපක්‍රමයකින් - වන මායිම් වෙනස් කරති!
http://yukthiyawenuwen.blogspot.com/2017/03/blog-post_59.html
වනය වනසන බලෙන් ඉඩම් අල්ලන බදුර්දීන්ගේ සහෝදරකම්!
http://yukthiyawenuwen.blogspot.com/2016/12/blog-post_29.html
බදුර්දීන් නොනවතී.. යහපාලන අනුහසින් විල්පත්තුවේ තව අක්කර 600ක් ගිලී!
http://yukthiyawenuwen.blogspot.com/2016/12/600.html
රිෂාඩ් බදුර්දීන් මාවිල්ලු රක්ෂිතයත් ගිලී.. අක්කර 2500ක් දැනටමත් ඉවරයි!
http://yukthiyawenuwen.blogspot.com/2016/08/2500.html
පරිසරය රැකගැනුම ගැන හැමවිට දෙසන, වරදකරුවන්ට දඬුවම් දෙන බව කියන ජනපති විල්පත්තුව වනසන තම කැබිනට් සාමාජිකයා ගැන නිහඬයි!
http://yukthiyawenuwen.blogspot.com/2016/05/blog-post_31.html
බද්දුද්දීන් අන්තවාදය බිළිගත් උ/නැගෙනහිර අක්‌කර 16000 ක්‌
http://yukthiyawenuwen.blogspot.com/2015/12/16000.html
විල්පත්තුවේ බදුදීන්කරණය තවම නිමා නැත!
http://yukthiyawenuwen.blogspot.com/2015/12/blog-post_1.html
පොතුවිල් - ලාහුගල තවත් විල්පත්තුවක්‌! කුඹුක්‌කන රක්‍ෂිතය වනසනු!
http://yukthiyawenuwen.blogspot.com/2015/10/blog-post_77.html
අමුතු බසක් කතා කරන මිනිසුන්ගෙන් විල්පත්තු ජනාවාස කිරීම සහ මුසලු මූලධර්මවාදීන් මෙරටින් මතුවීම - අනාගත මහ ව්‍යසනයක පෙරනිමිති
http://yukthiyawenuwen.blogspot.com/2015/08/blog-post_79.html
විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත යුගයෙන් පසු ලොකුම වන විනාශයයි
http://yukthiyawenuwen.blogspot.com/2015/05/blog-post_75.html
අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත් විල්පත්තු-මඩු මූසළු ව්‍යාප්තවාදයේ තිත්ත ඇත්ත...
http://yukthiyawenuwen.blogspot.com/2015/05/2500.html
ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්න
http://yukthiyawenuwen.blogspot.com/2014/05/blog-post_10.html
යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://yukthiyawenuwen.blogspot.com/2014/05/blog-post_7519.html
විල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශය
http://yukthiyawenuwen.blogspot.com/2014/04/blog-post_3649.html
විල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!
http://yukthiyawenuwen.blogspot.com/2014/04/blog-post_2205.html
විල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්න
http://yukthiyawenuwen.blogspot.com/2014/04/40.html
ඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌
http://yukthiyawenuwen.blogspot.com/2014/04/50.html
විල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...
http://yukthiyawenuwen.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැති
http://yukthiyawenuwen.blogspot.com/2014/04/blog-post_9313.html
විල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARK
http://yukthiyawenuwen.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.html
පාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්
http://yukthiyawenuwen.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරු
http://yukthiyawenuwen.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලය
http://yukthiyawenuwen.blogspot.com/2014/03/blog-post_7055.html
වසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!
http://yukthiyawenuwen.blogspot.com/2014/03/30000-150.html
මුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!
http://yukthiyawenuwen.blogspot.com/2014/01/blog-post_2967.html
මුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.
http://yukthiyawenuwen.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://yukthiyawenuwen.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://yukthiyawenuwen.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://yukthiyawenuwen.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://yukthiyawenuwen.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://yukthiyawenuwen.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://yukthiyawenuwen.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://yukthiyawenuwen.blogspot.com/2013/04/blog-post_16.html
]

“ලව් ටොෆී” කන්න ගිය ගල්කිස්සේ බාලිකාවියන් මත්වෙයි… මොහොමඩ්ලා දෙදෙනෙක් උසාවි කැදවයි

මත් කාරක ටොෆී වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසුව ගල්කිස්ස ප්‍රදේශයේ බාලිකා පාසලක සිසුවියන් දෙදෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව වාර්තාවනවා.

එම පාසල අසළ තිබූ වෙළඳසැලකින් ‘‘ලව් කැන්ඩි‘‘ යැයි සදහන් වන ටොෆී වාර්ගයක‍් කෑමෙන් පසු සිසුවියන් දෙදෙනා මෙසේ මත්වී තිබෙනවා.

මොහොමඩ් රිස්ලි රිෂාඩ්, මොහොමඩ් රිෂාඩ් මොහොමඩ් රිස්වාන් යන එම වෙළඳසලේ හිමිකරුවන් දෙදෙනා පසුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර මේ මස 19 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ගල්කිස්ස අධිකරණය නියෝග කර තිබෙන්නේ.

අලෙවි කළ අදාළ ටොෆි පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කර ඇති බවද,මේ සම්බන්ධයෙන් අදාළ විදුහලේ විදුහල්පතිනියගෙන්ද පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබෙ බවද වාර්තාවනවා.

Colombo Today

Pic Source

කබීර් හෂීම්ට රාජ්‍ය ආයතන 72යි.. බදුර්දීන්ට 32යි.. රටේ ආර්ථික මර්මස්ථාන සුළු ජාතිකයන් යටතේ.. අලුත් ව්‍යවස්ථාවකින් තව මොනවද ඉල්ලන්නේ?

පවතින ව්‍යවස්ථාවෙන් මෙරට සුළු ජාතිකයන්ට අසාධාරණයක් වී ඇති බව පවසමින් බෙදුම්වාදීන්ගේ හා රාජ්‍ය නොවන සංවිධානවල උවමනාවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානම් වුවත්, මෙරට ආර්ථික හා වැදගත් මර්මස්ථාන සියල්ලම පාහේ මේ වන විටත් පවතින්නේ සුළු ජාතික ඇමතිවරුන් යටතේ බව බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.

රාජගිරිය බොදු බල සේනා මූලස්ථානයේදී පසුගිය දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥාණසාර හිමියෝ.

කබීර් හෂීම් කියන තනි මුස්ලිම් ඇමතිට මේ රටේ ලංකා බැංකුව ඇතුලු ආයතන 14ක්, මහජන බැංකුව ඇතුලව ආයතන 8ක්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක තව ආයතනයක්, රක්ෂණ සංස්ථාව යටතේ ආයතන 9ක්, මහා භාණ්ඩාගාරය යටතේ තියෙන පුද්ගලික සමාගම් ආයතන 40ක්, වතු සමාගම් ඇතුලුව ආයතන 75 කට වඩා භාරදීලා තියෙනවා..! ඉතින් මොකද්ද මේ රටේ මුස්ලිම් අයට තියෙන අවහිරය ?

බදුර්දීන් ඇමතිට භාරදීලා තියෙනවා… පාරිභෝගික අධිකාරිය, සීනි සමාගම, සතොස, සමූපකාර සේවක සංගමය, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පේෂ කර්ම දෙපාර්තමේන්තුව, එලිෆන්ට්පාස් ලුණු ලේවාය, හිඟුරාන සීනි කම්හල, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව, කහටගහ මිනිරන් පතල, ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය, ලංකා සිමෙන්ති සංස්ථාව, ජෙනරල් ට්‍රේඩින්, ලක්සල, ඛණිජ වැලි සංස්ථාව, මන්නායි ලුණු කර්මාන්ත ශාලාව, ලංකා රෙදි මෝල, අත්කම් සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය, ජාතික සමුපකාර සංවර්ධන සමාගම, ජාතික කඩදාසි සංස්ථාව, පරන්තන් රසායනික කර්මාන්ත ආයතනය, ශ්‍රී ලංකා අත්කම් දෙපාර්තමේන්තුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අධිකාරිය, සමාගම් මැදුර, රෙදි සහ ඇඟළුම් පුහුණු මධ්‍යස්ථානය, ජාතික බුද්ධි දේපල කාර්යාලය.
ඊට අමතරව ඉතින් නිල නොවන වශයෙන් විල්පත්තුව සහ මුලතිව්ත් භාර දීලා තියෙනවා.

අපි ඉක්මනටම බදුර්දීන්ව, කබීර් හෂීම්ව, කාදිනල් තුමන්ව, විග්නේශ්වරන්ව, සම්බන්ධව හම්බවෙලා අහනවා මුස්ලිම්, දෙමළ වීම නිසා මොකද්ද ඔයගොල්ලන්ට මේ රටේ මේ ව්‍යවස්ථාවේ තියෙන ගැටලුව කියලා.

Colombo Today

Thursday, October 5, 2017

කුරාණය ඇතුළු ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේ තහනම්. චීනයේ ඉස්ලාමයේ තත්ත්වය!

කුරාණය ඇතුළු ඉස්ලාම් ආගමට සම්බන්ධ සියළු දේවල් රජයට වහාම භාර දෙන ලෙස චීන රජය නිවේදනය කර තිබෙනවා.

රජයේ මෙම නියෝගය උල්ලංඝණය කරනු ලබන එහි වෙසෙන ඉස්ලාමීකයන්ට විපාක රැසකට ඉදිරියේ දී මුහුණදීමට සිදුවනු ඇති බවයි චීන රජය පෙන්වා දී ඇත්තේ.

උතුරු චීනයේ වෙසෙන ඉස්ලාමීකයන්ට එරෙහිව මුලින් මෙම නියෝගය නිකුත් කළ ද මෙය කඩිනමින් චීනය පුරා බලාත්මක කර ඇති බවයි නිවේදනයක් මගින් චීන බලධාරින් පවසන්නේ.

කෙසේ වෙතත් අද (29) සිට චීනයේ ඉස්ලාම් ආගමට සම්බන්ධ කිසිඳු දෙයක් භාවිත කිරිම එරට නීතියෙන් තහනම් වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

චීනයේ උපදින දරුවන්ට නම් තැබීමේ දී ඉස්ලාම් ආගමට සම්බන්ධ නම් තහනම් කිරිමට චීන රජය පසුගියි 26 නියෝග කළ අතර, දැනට කුඩා දරුවන්ට භාවිත වන ඉස්ලාම් ආගමට සම්බන්ධ නම් වෙනස් කරන ලෙස ද චීන රජය පසුගියදා ප්‍රසිද්ධව නිවේදනය කරනු ලැබුවා.

Colombo Today

යතිවරුන්ට , බෞද්ධ සමාජයට, සිංහලයන්ට අත්වෙන ඉරණම ගැන කණගාටුයි. රජය පියවරක් නොගැනීම ඊට අනුබල දීමක් දැයි හැඟෙයි! – රාමාඤ්ඤ මහා සංඝ සභාව

වර්තමානයේදී බෞද්ධ ජන සමාජයට හා සිංහලයන්ට අත්වී ඇති ඉරණම පිළිබඳව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක මහා සංඝ සභාව කනගාටු වන බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දෙදහස් පන්සිය වසරකට අනාදිමත් කාලයක් තිස්සේ පවතින උරුමය හා ශ්‍රී ලාංකේය බෞද්ධ ජන සමාජයේ උන්නතිය සඳහා මහා සංඝරත්නය උදාර මෙහෙවරක් ඉටුකළ බවත් කිසිදු දිනයක කිසිදු ජාතියක් ඉදිරියේ දණ නොනැමූ උදාර ජාතියක් බවට සිංහල බෞද්ධයන් පත්ව සිටි බව එම නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි හිමිපාණන් වහන්සේගේ දැනුවත්වීම මත එම පාර්ශ්වයේ කාරක සංඝ සභික හිමිවරු වන මහාචාර්ය අක්මීමන ධම්මපාල හිමි, ගලහ සිරිශාන්ත හිමි, මහාචාර්ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි, කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි විසින් මෙම නිවේදනය නිකුත්කොට තිබේ.

අධිරාජ්‍යවාදී පාලන යුගයේදී පවා එම පාලකයන් මහා සංඝරත්නයට අභියෝග නොකළ අතර උන්වහන්සේ රටේ උරුමය වෙනුවෙන් කළ කැපවීම ඔවුන් උපේක්ෂාවෙන් විද දරා ගත් බව සඳහන් කරන කාරක සංඝසභික හිමිපාණන් වහන්සේ සිය නිවේදනයේ මෙසේ සඳහන් කොට ඇත.

1. සිය උරුමය වෙනුවෙන් නැගී සිටින බෞද්ධ භික්ෂුන් වහන්සේලාට, චීවරධාරීන්, පිස්සන්, හොරුන්, මදාවියන්, රස්තියාදුකාරයන් ලෙසින් හඳුන්වා දෙමින් මැති ඇමැතිවරුන් සංවිධානාත්මකව කරනු ලබන අපහාස, උපහාස පිළිබඳ රජය කිසිදු පියවරක් නොගැනීම.

2. එම නින්දා අපහාස හමුවේ රටේ බෞද්ධ උරුමය සුරැකීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳී සිටින නායකයින් මේ සඳහා වක්‍රාකාරයෙන්, අනුබල දෙමින් ඔවුන් දිරිගන්වන බවත් හැඟී යයි. නායකයින් තමන් පත් කළ මැති ඇමැතිවරුන් මෙසේ කටයුතු කරද්දී ඔවුන් පාලනය නොකර නිහඬව සිටීම හිතාමතා අනුබල දීමක් බව අපගේ පිළිගැනීමයි.

3. තිස් වසරක බියකරු යුද්ධයෙන් රට බේරාගත් රණවිරුවන් මෙන්ම ඒ වෙනුවෙන් කැප වූ නායකයින්ට එරෙහිව ක්‍රියා කිරීම හා නින්දා අපහාස කිරීමත් ඔවුන්ට එරෙහිව ඇමැතිවරුන් සිදුකරන විවිධ භයානක ප්‍රකාශ පිළිබඳ නිහඬව සිටීම.

4. මහානායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මේ මොහොතේ රටට නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සුදුසු නොවන බැවින් මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කිසිදු වගවිභාගයකින් තොරව පාර්ලිමේන්තුවකට ඉදිරිපත් නොකොටම බැහැර කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටියදී එය නොසලකා හැරීම.

5. සංහිඳියාවේ මුවාවෙන් රටේ අනන්‍යතාවය, බෞද්ධ උරුමය විනාශ කොට රට තුළ මෙතෙක් පැවැති සහජීවනය නැති කර දැමීම මෙන්ම සරණාගත මුවාවෙන් රටට පැමිණෙන යම් යම් බලවේග පිළිබඳ නිවැරදි තීරණයක් නොගැනීම තුළින් සමාජය තුළ නොසන්සුන්තාවයක් ඇති වීමට ඉඩ හැරීම.

6. අන්තවාදී දේශපාලකයින්ගේ මැදිහත්වීමෙන් රක්ෂිත වනාන්තර විනාශ කිරීමට ඉඩහැරීම, පුරාවස්තු වනසා දැමීම, ජාතික සම්පත් විකුණා දැමීම මෙන්ම සයිටම් වැනි රටට බලපාන වැදගත් කිසිදු ගැටලුවකට විසඳුම් ලබාදීමට උත්සාහ නොකොට ගැටලුව මතුකර පෙන්වන්නන් හට සංවිධානාත්මක ලෙස පහරදීම හා නින්දා අපහාස කිරීම දිගින්දිගටම සිදුවෙමින් පැවැතීම.

ඉහත කී කරුණු සම්බන්ධයෙන් සිය නිකායේ මෙන්ම කාරක සංඝ සභාවේ අප්‍රසාදය හා කනගාටුව යළිත් පළ කරන බව එම පාර්ශ්වයේ කාරක සංඝ සභික හිමිපාණන් වන පූජ්‍ය අක්මීමන ධම්මපාල හිමි, පූජ්‍ය ගලහ සිරිශාන්ත හිමි, පූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි, පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නායක හිමියන් සිය නිවේදනයේ සඳහන් කොට තිබේ.

Colombo Today