Pages

Monday, June 30, 2014

මහවැලි ගඟෙන් පිළිම හමු වේ

රංදෙනිගල මිනිපේ යෝධ ඇළ අමුණ අසල මහවැලි ගඟ හරහා වූ දියපැන්නුමට පහළින් වතුරේ ගිල්වා තිබූ පෞරාණික ගල් පිළිම 05 ක්‌ හා පිළිමයක පාදම කොටසක්‌ 28 දා සවස ගම්වැසියකු දැක හසලක පොලිසිය වෙත දන්වා ඇත.

හසලක පොලිස්‌ ස්‌ථානාධිපති රුවන් කුමාරසේකර මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීහු එම ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂා කර බැලූ අතර එම පිළිම වෙනත් ස්‌ථානයකින් මෙම ස්‌ථානයට ගෙන එන ලද ඒවා බවත් මාස ගණනකට පෙර ගෙනැවිත් දමන්නට ඇති බවත් නිගමනය කරනු ලැබූහ. මෙම පිළිම පුරාවිද්‍යා නිලධාරීන් වෙත බාරදීමට නියමිතය.

මහියංගන - රංජිත් කරුණාවීර
http://www.divaina.com/2014/06/30/news16.html

පාකිස්‌තානුවන්ට ගුවන් තොටේදීම වීසා දීම නතර කරයි

පාකිස්‌තාන ජාතිකයන්ට මෙරට ගුවන්තොටුපළේදීම වීසා ලබාදීමේ පහසුකම (Visa on arrival) නතර කිරීමට රජය තීරණය කර ඇත. ඉස්‌ලාම් අන්තවාදී කණ්‌ඩායම්වල සාමාජිකයන්ද මේ පහසුකම යොදාගෙන ශ්‍රී ලංකාවට පැමිණීමේ අනතුර වැඩි වී ඇති නිසා මෙම වීසා පහසුකම නතර කිරීමට රජය තීරණය කර ඇත.

ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයකු වූ ශකීර් හුසේන් චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගැනීමත් සමග පකිස්‌තාන අන්තවාදී සංවිධාන ශ්‍රී ලංකාව හා මාලදිවයින තම ත්‍රස්‌ත මෙහෙයුම සිදුකිරීමට සංක්‍රමණ ස්‌ථානයක්‌ බවට පත්කරගෙන ඇතැයි හෙළි විය.

පකිස්‌තාන ජාතිකයන්ට පැමිණෙන විටදී වීසා ලබාදීමේ පහසුකම ගැන යළි සිතා බලන ලෙස ඉන්දීය ආරක්‍ෂක අංශ ද මෙරට බලධාරීන්ට දැනුම් දී තිබිණි.

චතුර පමුණුව
http://www.divaina.com/2014/06/30/news09.html

Pic Source

Sunday, June 29, 2014

අලුත්ගම සිද්ධිය සඳහා බලපෑ ප්‍රකෝප කිරීම් දෙකම සිදුකරන්නේ මුස්‌ලිම් පාර්ශ්වයෙන් - පශ්චාත් වාර්ථාව


අලුත්ගම, බේරුවල, වැලිපැන්න, දර්ගානගරයේ හටගත් ගින්න මේ වන විට නිවී ඇතැයි බලධාරීහු කියති. අතින් ඇවිළුණු ගිනි හෙමින් නිවී යන්නේය. නමුත් හිතින් ඇවිළු ගිනි එසේ නිවී නොයන්නේය. වෛරය, ක්‍රෝධය, පළිගැනීමේ සිතිවිලි අනුශය වශයෙන් හිතේ තැන්පත්වී යළිත් වටපිටාව සැකසුණු සැනින් බුර බුරා නැගෙන්නේය. එබැවින් 'දහන පෝෂක' වටපිටාවකට ඇති හේතු සියල්ල ඉවත් නොකරන තුරු ගින්නක්‌ පිළිබඳ අවදානම සහමුලින්ම දුරුව ඇති බවට කිසිවෙකුට සහතික දිය නොහැක.

කෝලාහලය අවසන් නමුත් සිදුවීම් අවසන් නැත. ඉඳහිට කඩයක්‌ දෙකක්‌ 'ඔහේ' ගිනි ගනී. දිය යටින් ගින්දර ගෙනියන්නෝ මෙන්ම, බොරදියේ මාළුබාන්නෝද වෙත්. 

වාර්තා වන අන්දමට ඉකුත් සතිය වන විට 66 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබුණි. ඒ අතර සිංහල 50කි. මුස්‌ලිම් 16කි. පොලිස්‌ ඇපමත නිදහස්‌ වූ සිංහල පිරිස 25කි. උසාවියෙන් ඇප ලබා නිදහස්‌ වූ මුස්‌ලිම් ජාතිකයන් 2 කි. රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද මුස්‌ලිම් ජාතිකයන් සංඛ්‍යාව 14කි. එසේවූ සිංහල පිරිස 18කි. අත්අඩංගුවට ගැනීම් මේ සටහන තැබෙන මොහොත වන විටද සිදුවෙමින් පැවැතුනි.

නමුත් මේ දත්ත පිළිගැනීමට සිංහල පාර්ශ්වය සූදානම් නැත. ඔවුන් පවසන්නේ ඔය කියනා තරමට මුස්‌ලිම් මිනිසුන්ව අත්අඩංගුවට ගෙන නැති බවත්, සිංහල මිනිසුන්ව අත්අඩංගුවට ගැනීමට නම් පොලිසිය ඉතාම තදියමකින් කටයුතු කරන බවත්ය. 

අපි මේ 'අවලාදය' ගැන මෙම පරීක්‍ෂණවලට සම්බන්ධව කටයුතු කරන පොලිස්‌ නිලධාරියෙකුගෙන් විමසුවෙමු. 

'මේ සිදුවීම සම්බන්ධයෙන් මේ දක්‌වා පැමිණිලි 300කට වැඩිය ලැබිලා තිබෙනවා. නමුත් තවමත් අත්අඩංගුවට ගත්තේ පැමිණිලි 6ක චූදිතයන්ව විතරයි. සී.සී.ටී.වී කැමරා දර්ශන ආදිය පරීක්‍ෂාවට ලක්‌කරමින් අපි වැරදි කරපු අය අත්අඩංගුවට ගන්න කටයුතු කරගෙන යනවා. මෙතැනදි පොලිසියට අදාළ වන්නේ මුස්‌ලිම්ද සිංහලද කියන සාධකය නෙමෙයි. වරදක්‌ කළාද, නැද්ද කියන එකයි. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන්නේ ඒ විතරයි'

ඒ කියමනේ සත්‍යයක්‌ ඇත. රටේ නීතිය ක්‍රියාත්මක කරන්නට සිංහලද, මුස්‌ලිම්ද, හින්දුද, කතෝලිකද, පකිස්‌තානු ජාතිකයෙක්‌ද , ඇමරිකානුවෙක්‌ ද, ගැහැනියෙක්‌ද, පිරිමියෙක්‌ද ආදී සාධක අදාළ නැත. අදාළ වන්නේ වරදේ ස්‌වභාවය පමණි. 

වරදක වේදනාව හරියටම දන්නේ එහි වින්දිතයාය. තමන් ජීවිතයම කැපකරමින් ගොඩනගාගත් දේපළ, ව්‍යාපාර එක ගිනිකූරකින් අළුව ගිය විට. එක පොලු පහරකින් සුනුවිසුණු වූ විට හටගන්නා වේදනාවට සිංහල, මුස්‌ලිම් භේදයක්‌ නැත. ඇතිවන ආවේගයට ජාති, ආගම් භේදයක්‌ නැත. කාට සිදුවුවද පීඩාව පීඩාවමය. එබැවින් වැරදි කළවුන් ජාති, ආගම් භේදයකින් තොරව අත්අඩංගුවට ගතයුතුය. එයට අපේ විරෝධයක්‌ නැත. 

එහෙත් මේ වරද සඳහා සාධක සපයන්නට මුල්වූවන් සොයාගෙන ගොස්‌ ඔවුනටද, මෙහිදී බොරදියේ මාළුබාන්නන් සොයාගොස්‌ ඔවුනටද විශේෂ දඬුවම් දිය යුතුය යන්න අපේ හැඟීමයි.

අලුත්ගම, බේරුවල. හටගත් මේ සිදුවීම සම්බන්ධයෙන් කළුතරදී අගමැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන, බැසිල් රාජපක්‍ෂ, එස්‌.බී දිසානායක, ඒ.එච්.එම් ෆවුසි.. ආදී දේශපාලඥයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ජාවට පොලිසිය විසින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ සිද්ධිය සඳහා බලපෑ ප්‍රකෝප කිරීම් දෙකම සිදුකරන්නේ මුස්‌ලිම් පාර්ශ්වයෙන් බවයි. ඉන් පළමුවැන්න නම් පොසොන් පෝදා හිමිනමකට පහරදීමේ සිද්ධියය. දෙවැන්න නම් බොදු බල සේනා සමුළුව නිමවා පැමිණෙන පිරිස්‌ වෙත පහරදීමය.

ඒ අනුව මුස්‌ලිම් පාර්ශ්වයෙන් ඉල්ලාගෙන කෑවේයෑයි යමෙකුට කිව හැකිය. 

ඒ අතරම ජාතිආලයෙන් වෙලාගත් (වෙස්‌ වලාගත්) සිංහලයන් කිහිප දෙනෙක්‌ සිද්ධිය ඉහගෙන කෑවේය. මේ ජාතික වීරයන් විසින් කඩන ලද කඩවල්වල තිබූ බඩු ලොරිරථවල පටවාගෙන 'වන්දිය' රැගෙන එද්දී නපුරු පොලිසිය විසින් ඒ ගමන වැලකූ හැටි.... එවන් අත්අඩංගුවට ගැනීම දෙකක්‌ මතුගම පොලිසියෙන් වාර්තාවේ.

මිනිස්‌සුන්ගේ හැඟීම්, ආවේග මත්තෙන් උපන් සැබෑ සාධාරණ සටනක්‌ පවා දූෂණය කරන්නේ බොර දියේ මාළුබාන මෙවන් හොරිකඩයන් විසිනි. 

මේ අතර තවත් හොඳ හොඳ සෙල්ලම් ආරංචි වූයේ මුස්‌ලිම් ව්‍යාපාරික පාර්ශ්වය දෙසිනි. බේරුවල පොලිස්‌ වසමට අයත් අඹේපිටිය හංදියේ මුස්‌ලිම් ව්‍යාපාරිකයකුට අයත් කඩයක්‌ ඉකුත් සතියේ දිනක හදිසියේ ගිනි ගැනුණි. මුදලාලියා හැල්මේ දුවගෙන ගොස්‌ පොලිසියට කියන්නේ කිසියම් පිරිසක්‌ විසින් තමන්ගේ කඩයට ගිනිතබා ඇති බවය. එතැනට එන පොලිසිය වැටී තිබූ ගිනිකූරේ ඉව ලබාදුන් විට පොලිස්‌ නිල සුනඛයා නවතින්නේ මුදලාලිගේම දෙපා ළඟය. බලන විට මුදලාලි 'වටරැක විජිත' ක්‍රමයට පීඩාවට ලක්‌වූවෙකි.

අලුත්ගම ගින්න සඳහා ආරම්භක සාධකයක්‌ ලබාදුන් මුස්‌ලිම් කඩයක්‌ විය. එය විසිතුරු බඩු කඩයකි. මේ කඩයේදී සිංහල දරුවෙක්‌ මුස්‌ලිම් ජාතිකයකු අතින් ලිංගික අතවරයකට ලක්‌වේ. සිද්ධිය දුර දිග නොගියද මුස්‌ලිම් සිංහල විරසකයේ එක්‌ සුවිශේෂී ස්‌ථානයක්‌ බවට මෙය පත්වේ. කොහොමින් කොහොමින් හෝ හිමිනමට පහරදීමේ සිද්ධියෙන් පසුව ඇතිවුන ගැටුම්කාරී තත්ත්වයේදී මේ කඩයද ගිනිබත් වේ. ඕනෑම කෙනෙකුට හිතෙන්නේ මෙය කුපිත වූ සිංහලයන් විසින් කළ ගිනි තැබීමක්‌ ලෙසිනි. නමුත් මේ වන විට මෙම කඩ හිමියාට විරුද්ධව ඔවුන්ගේ ගිනි රක්‍ෂණය ලබාදී තිබූ සමාගම විසින් නඩුවක්‌ පවරා තිබේ. ඒ කඩයට ඔවුන් විසින්ම ගිනිතබා ඇති බව සහ බොරු ඇස්‌තමේන්තුවක්‌ ඉදිරිපත් කර රක්‍ෂණ සමාගම නොමග යවා වැඩි මුදලක්‌ 'කඩා ගැනීමට' උත්සාහ කිරීම යන චෝදනා යටතේය.


නෝ ලිමිට්‌ ගින්න ගැනද මෙවැනි කථා කියවේ. එය සිංහල ජාතිවාදීන්ගේ වැඩක්‌ බව කලින් සිතුනි. පසුව මුස්‌ලිම් ජාතිකයන්ගේ හර්තාලයට අවනත නොවීම හේතුවෙන් මුස්‌ලිම් පළිගැනීමකම ප්‍රතිඵලයක්‌ යෑයිද කියෑවුනි. ගින්න මතුවූයේ ගොඩනැගිල්ලේ වහලෙන් බැවින් එය විදුලි කාන්දුවක්‌ යෑයිද සැක කෙරෙයි. මෙම රාත්‍රියේ මෙහි සේවකයන් කිහිප දෙනෙක්‌ 'හීනියට' සාදයක්‌ දමා ඇති බැවින් මේ ගින්න එහිදී සිදුවූ යම් දෙයක ප්‍රතිඵලය යෑයිද කියවෙන අතර රස පරීක්‍ෂක වාර්තාව විසින් එය හටගත් ආකාරය ගැන නිවැරදිව හෙළිකරනු ඇති බැවින් ඒ ගැන වැඩි විස්‌තරයක්‌ මෙහිදී අනවශ්‍යය. 

නමුත් මේ සියල්ල එක එල්ලේම ජාතිවාදයේ ගිනුමට බැරකළ සහ බැරවෙන්නට තිබූදේය. 

එබැවින් කියන්නා කෙසේ කීවත්, ජාතිය, ආගම ආදී කණ්‌ණාඩි ගලවා සිදුවීම දෙස පිරිසිදු, පියවි ඇසින් බැලීම මැනවි. නැතිනම් වංචා සහගත රක්‍ෂණ වන්දි මුදලක්‌ අපේක්‍ෂාව මත රටම ගිනි ගැනීමටත්, ඒ ගින්නෙන් රටම ගිල ගැනීමටත් ඉඩ තිබේ. 

මේ සිදුවීමේ ගල් පිළිම මෙන්ම බොල් පිළිමද වෙන් වෙන්ව හඳුනාගැනීම ඉතා වටියි. මේ ගැන අද කථාකරන සිංහල දේශපාලකයන් මෙන්ම මුස්‌ලිම් දේශපාලකයන්ගෙන්ද අති බහුතරය කථාකරන්නේ යථාර්ථය නොව, ඔවුන් කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක්‌ කියවීමකි. නැතිනම් නන්දොඩවීමකි. 

සැබෑ ජාතික ව්‍යාපාරය 'ජාතිවාදය' ලෙසින් හඳුන්වාදීමටත්, ජාති හිතෛශියා ජාතිවාදියා බවට පත්කිරීමටත් වචන හසුරුවන සමරහක්‌ බකපණ්‌ඩිතයෝ, එක්‌ ජාතියක පුද්ගලයෙක්‌ හට අනෙක්‌ ජාතියක පුද්ගලයෙක්‌ කරනා ඕනෑම ජඩකමක්‌ දරාගැනීම ජාතික සමගිය ලෙසත්, අනෙක්‌ ජාතියේ ඕනෑම හයිරංකාරකමක්‌ ඉවසාගෙන සිටීම 'සංහිඳියාව' ලෙසත් හඳුන්වති. 

ඒ කෙසේ වෙතත් අවසන් වශයෙන් එක්‌ දෙයක්‌ සටහන් කළ යුතුය. 

ඇමෙරිකාව යනු 'ස්‌මාර්ට්‌' ත්‍රස්‌තවාදියාය. මුස්‌ලිම් අන්තවාදියා 'අල්ලාහු අක්‌බර්' කියා අමු අමුවේ තම 'ගොදුරේ' බෙල්ල කපන ම්ලේච්ජ ත්‍රස්‌තවාදී ක්‍රියාවක යෙදෙන විට, ඇමරිකාව නියමුවන් රහිත ෙඩ්‍රාaන් යානා යවා සිය විරුද්ධවාදියා කුඩුපට්‌ටම් කරයි. ඇමරිකාව යනු 'ස්‌මාර්ට්‌' ත්‍රස්‌තවාදියකුයි ලියුම්කරු විසින් හඳුන්වන්නේ එම නිසාය. මේ වන විට මේ 'ස්‌මාට්‌ ' ත්‍රස්‌තවාදියා, අප රට දෙස දත් විලිස්‌සමින් බලා සිටියි. දශක 3ක්‌ අපව විනාශ කළ එල්.ටී.ටී.ඊ ත්‍රස්‌තවාදියා හිස එසවීමට මොහොතක්‌ එනතුරු බලාසිටියි. අපේ රටට මදිපාඩුවට ඇත්තේ සිංහල මුස්‌ලිම් ගැටුමක්‌ පමණි. 'වටරැක විජිත' ක්‍රමයට පත්තුවෙන එක ගිනිකූරක්‌ ඒ සඳහා ප්‍රමාණවත්ය. එබැවින් 'සිංහල ගින්නක්‌ද? 'මුස්‌ලිම් ගින්නක්‌ද? ' කියා නොව ගින්නේ උවමනාව කුමක්‌ද යන්න තේරුම් ගැනීම නුවනට ඉතාම හුරුය.

ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2014/06/29/feature18.html

http://denethharinna.blogspot.com/2014/06/blog-post_17.html
අහිංසක මුසලු අන්තවාදී පහරින් සිහල ගෙවල් දොරවල් සුන්... ගිනිබත්...! අලුත්ගමදී හානි වූ සිහළුන්ගේ දේපළ 4http://denethharinna.blogspot.com/2014/06/4_19.html 
මොහොමඩ් සිද්දික්‌ බේරුවල තමන්ගෙ කඩයටම ගිනි තබාගෙන. පොලිස් නිළ සුනඛයා හඳුනාගනී!http://denethharinna.blogspot.com/2014/06/blog-post_4708.htmlඅලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!http://denethharinna.blogspot.com/2014/06/18-56.html
http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
]

බොදු බල සේනා, සිංහල රාවය ආදී ජාතික සංවිධාන දෙස සම්‍යක්දෘෂ්ඨිකව බලමු!

මෑතක සිට ශ්‍රී ලංකාවේ උග්‍ර වෙමින් පවත්නා ජාතික අර්බුදයක්‌ ලෙස බොහෝ දෙනා විසින් හඳුනාගනු ලැබ ඇත්තේ ආගමික අන්තවාදයන්ගේ අවභාවිතාවන් සම්බන්ධ ජන අර්බුදයි. මේ පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයන්හි ද දෘෂ්ටීන්හි ද පදිංචි වූ පුද්ගලයන් විසින් කෙරෙන අර්ථ දැක්‌වීම හේතු කොට ගෙන අර්බුදය ඒ දිසාවන්ට පාවී යමින් තිබෙනු ද දැකිය හැකිය. අර්බුදය පිළිබඳ නිවැරැදිව වටහා ගැනීමක්‌ නොවීමද නිවැරදි නිර්වචනයක්‌ නොකිරීම ද අර්බුදයට වඩා භයානකය. එහෙයින් මේ පිළිබඳ ගැඹුරින් කරුණු අධ්‍යයනය කිරීම කාලීන අවශ්‍යතාවකි. පාර්ශ්වගත නොවීමද හැඟීම් බර නොවීමද මෙහිලා අත්‍යවශ්‍යය. ජනවර්ගීභාවය, ආගමිකභාවය, වෙනත් විශ්වාස හා ඇදහිලි සම්ප්‍රදායන් හා ආහාර රටාව සාමාන්‍ය ජනවිඥනයෙහි සංවේදීතම කාරණා හෙයින් සෑම පුද්ගලයකුම හා මාධ්‍යයක්‌ම විසින් වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කළ යුතුව ඇත.

ශ්‍රී ලංකාව දෙස පූර්ව නිශ්චිත ද්වේශ සහගත සිතින් බලමින් ශ්‍රී ලංකාව ගොදුරු කර ගැනීමට මාන බලන එල්. ටී. ටී. ඊ. ඩයස්‌ පෝරාවද ධවල චර්මධාරී බටහිරයන් ද යන ගිජුලිහිණියන්ට මස්‌ කැබලි වන් මෙබඳු අර්බුද මාධ්‍ය විසින් ලොකු කර හුවා දැක්‌වීම ඔවුනට කරන මහත් උපකාරයකි.

සාමාන්‍ය සංවේදී සමාජ අර්බුදයක්‌ සඳහා පරිපාලනමය විසඳුමක්‌ නොලද හා පරිපාලනමය මැදිහත්වීමක්‌ නොලද විටෙක ජනතා මැදිහත් වීමක්‌ සිදු වීම ස්‌වභාවයක්‌ මිස වරදක්‌ නොවේ. පාලක පක්‍ෂය විසින් මේ සත්‍යය හැම තැනකදීම අවබෝධ කරගත යුතුව ඇත. මෑත ඉතිහාසයේ මුස්‌ලිම් අන්තවාදය හා ඊට ප්‍රතිචාර වශයෙන් එළිදැක්‌වුණු ක්‍රියාකාරකම් බැලිය යුත්තේ ඉහත න්‍යායෙනි. රතුපස්‌වල සිද්ධියේදී ජනතාව බලය අතට ගත්තේ දේශපාලන අධිකාරිය හා පොලිසිය සිය වගකීම ඉටු නොකළ විටය. පොලිසිය සිය වගකීම් ඉටු නොකළ හැම තැනකදීම ජනතාව සිය බලය පාවිච්චි කළ බවට නිදසුන් බොහෝය.

බොදුබල සේනාව ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ ලෙස පූර්ව නිශ්චිත ඉලක්‌කයකට නිර්මාණය වූවක්‌ නොවේ. එල්. ටී. ටී. ඊ. වහාබ් සංවිධානය, ජිහාඩ් යුද්ධ, අල්කයිඩා, තලේබාන් වැනි ත්‍රස්‌තවාදී සංවිධාන නිර්මාණය වන්නේ භූමි ප්‍රදේශයක්‌ අල්ලා ගැනීම, බලය අල්ලා ගැනීම, සම්පත් අල්ලා ගැනීම වැනි ඉලක්‌කයන් සපුරාගැනීම සඳහාය. එබඳු සංවිධාන අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම, ක්‍ෂණික හදිසි වැටලීම් සිදු කිරීම, බෝම්බ පිපිරවීම් ආදියෙන් දේපළ හා ජීවිත හානි කිරීම, නීත්‍යානුකූල රාජ්‍ය යාන්ත්‍රණයක්‌ අඩපණ කිරීමත් කරන්නේය. එහෙත් බොදුබල සේනා, සිංහල රාවය වැනි සංවිධාන ක්‍රියාත්මක වන්නේ අර්බුදයකට ප්‍රතිචාර දැක්‌වීමක්‌ වශයෙන් මිස අර්බුදයක්‌ ඇති කිරීම අරභයා නොවේ. මුස්‌ලිම් අන්තවාදය විසින් (සාම්ප්‍රදායික සහෝදර මුස්‌ලිම් ප්‍රජාව විසින් නොවේ.) ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරමින් පවත්නා අර්බුදයට ප්‍රමාණාත්මක ප්‍රතිචාර දැක්‌වීමක්‌ නැත. නීතිය ක්‍රියාත්මක වීමක්‌ ද නැත. එබඳු තත්ත්වයක්‌ තුළ ප්‍රජා සංවිධානයන් විසින් සිය වපසරිය තුළ බලය පාවිච්චි කිරීම හා ප්‍රතිචාර දැක්‌වීම ස්‌වාභාවික පුපුරායැමක්‌ මිස අන් යමක්‌ නොවේ.

බොදුබල සේනාවට හා සිංහල රාවයට කළ හැකි කළ යුතු තවත් බොහෝ දේ තිබියදී සහ කරමින් තිබිය දී මෙබඳු සමාජ අර්බුදයන්ට හැඟීම්බරව මැදිහත් වීමටද එබඳු ප්‍රජාවකට නායකත්වය දීමට ද වුවමනාව හා හැකියාව ලැබී ඇත්තේ අදාළ අර්බුදය උදෙසා ප්‍රතිචාර දැක්‌විය යුත්තන් අවශ්‍ය ආකාරයට අවශ්‍ය වේලාවට ප්‍රමාණාත්මකව ප්‍රතිචාර නොදක්‌වන හෙයිනි. බොදුබල සේනාව හෝ සිංහල රාවය ප්‍රාර්ථනා කරන්නේ මෙබඳු අර්බුදයක්‌ පැමිණ අරගලයක්‌ නිර්මාණය කිරීමට නොව මෙබඳු අර්බුදයක්‌ නොපැමිණීමටය. වෘත්තීය අරගල සේමය. වෘත්තීය සමිතියක්‌ හෝ වෙනත් බහුජන අරගලයක්‌ ඇති වන්නේ ඉහත කී සේම අර්බුදයක්‌ විසඳීම සඳහා ප්‍රමාණාත්මක වගකීමක්‌ වගකිව යුක්‌තන්ගෙන් නොවු විට පමණි.

එබඳු තත්ත්වයක්‌ තුළ අර්බුදය හඳුනා නොගෙන ප්‍රතිචාරයට පහර ගැසීම, ප්‍රතිචාර හෙළාදැකීම ප්‍රතිචාරයට විරෝධතා ඉදිරිපත් කිරීම, ප්‍රතිචාර කුදලාගෙන යාමට යෝජනා කිරීම, ප්‍රතිචාරය තහනම් කිරීමට වෑයම් කිරීම කොපමණ යුක්‌තියුක්‌ත දැයි මැදහත් සිතින් සෙවිය යුතුයි.

නුදුරු අතීතයේ එල්. ටී. ටී. ඊ ය විසින් යුද්ධය ඇති කළ විට ශ්‍රී ලංකා රජය කළේ ප්‍රතිචාර දැක්‌වීමය. (එවිට ද සැබවින්ම ප්‍රතිචාර දැක්‌වූයේ ශ්‍රී ලාංකේය සිංහල හා දේශහිතෛෂී දේශපාලන සංවිධානයන්ය.) ශ්‍රී ලංකා රජය යුද්ධ කළේ නැත. බටහිර ධවල රාජ්‍යය හා ඔවුන්ගේ කුලී හේවායන් විසින් ඇති කරන ලද බලහත්කාර යුද්ධය උදෙසා ශ්‍රී ලංකා රජය දැක්‌වූ ප්‍රතිචාරාත්මක ප්‍රතික්‍රියාව වැරදි යෑයි කියන්නේ ක්‍රියාව කළ උන්මය. එය යුක්‌තියුක්‌ත ද? නවනීදන් පිල්ලෙලා, රොබට්‌ ඕ බ්ලේක්‌ලා, එරික්‌ සෝල් හයිම්ලා, බෑන් කී මූන්ලා ක්‍රියාව වැරදියෑයි නොකියා ප්‍රතික්‍රියාව වැරදියෑයි කීම කොතරම් යුක්‌තියුක්‌තද? මුස්‌ලිම් අන්තවාදය විසින් කරනු ලබන ආක්‍රමණික ක්‍රියාවන්ට ප්‍රතික්‍රියා දැක්‌වීම වැරදි යෑයි කීමද එබඳුමය. එහෙත් සිංහල ක්‍රියාවකට මුස්‌ලිම් ප්‍රතික්‍රියාව දැක්‌වීම හා මුස්‌ලිම් ක්‍රියාවකට සිංහල ප්‍රතික්‍රියා දැක්‌වීම යනු අප රටේ දෙකකි. එකක්‌ නොවේ. ක්‍රියාව සිංහලයන්ගේ නම් එය වැරදිය. ප්‍රතික්‍රියාව සිංහලයන්ගේ නම් එය වැරදි ය. මේ කවර න්‍යාය ධර්මයක්‌ දැයි මැදහත්ව සිතා බැලිය යුත්තකි.

පසුගිය දා අලුත්ගම, බේරුවල, දර්ගා නගරය ආශ්‍රිතව සිදු වූ සිද්ධිය බලමු. ස්‌වාමීන් වහන්සේ නමක්‌ ධර්මදේශනාවක්‌ සඳහා වැඩම වන අවස්‌ථාවක මග හරස්‌ කර සිටි පිරිසක්‌ උන්වහන්සේගේ ගමනට බාධා කළහ. එය ක්‍රියාවකි. ඉවත් වන්නැයි කී විට රියදුරුට පහර දුන්හ. එය ද ක්‍රියාවකි. සිද්ධියෙන් පසුව දෙවැනි වතාවට විහාරස්‌ථානයට වඩිද්දීද පහර දුන්හ. එය ද ක්‍රියාවකි. මේ ක්‍රියාවට පොලීසිය ප්‍රතික්‍රියා දැක්‌වූයේ ද නැත. දේශපාලන අධිකාරිය ප්‍රතික්‍රියා දැක්‌වූයේ ද නැත. ප්‍රාදේශීය ආගමික ක්‍රියාධරයන් ප්‍රතික්‍රියා දැක්‌වූයේ ද නැත. ශ්‍රී ලංකාවේ සිටිනවා යෑයි කියන මහානායක, අනුනායක, අධිකරණ නායක, ප්‍රාදේශීය නායක, පළාත් සංඝනායක ආදීන් මෙබඳු ක්‍රියා පිළිබඳවවත් ප්‍රතික්‍රියා දැක්‌විය යුතු යෑයි අප විසින් සිතා සිටි කිසිදු ස්‌වාමීන් වහන්සේ නමක්‌ ප්‍රතික්‍රියා දැක්‌වූයේ නැත. ඉන් වැටහෙන්නේ මේ සංවේදී ක්‍රියාවෙහිලා ප්‍රතික්‍රියා දැක්‌විය යුත්තන් විසින් ප්‍රතික්‍රියා දක්‌වා නැති බවය. එබඳු තත්ත්වයක දී ජනතාව විසින් ස්‌වෙච්ඡාවෙන් ප්‍රතික්‍රියා දක්‌වනු ලැබීම අපේක්‍ෂා කළ යුත්තකි. ඉහත කී බලධාරීන් සියලු දෙනා එක්‌ව ඉන් අනතුරුව ප්‍රතික්‍රියා දක්‌වා ඇත්තේ ද ක්‍රියාවට නොව ප්‍රතික්‍රියාවට මය. මෙය කොපමණ යුක්‌තියුක්‌තද?

ශ්‍රී ලංකාවේ ජාතික නායකයෙක්‌ හෝ සම්බුද්ධ ශාසන නායකයෙක්‌ නැත. එසේම ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික ආයතනගත සම්බුද්ධ ශාසනයක්‌ ද නැත. ඇත්තේ නිකායයන් හා නිකාය නායකයන් පමණි. සියම් නිකාය සියම් රටේ ශාසන සම්ප්‍රදායයි. ඇත්තේ ඒ රටේ ශාසන සම්ප්‍රදායේ ලංකා ශාඛාවේ පාර්ශ්වීය නායකයන් පමණි. අමරපුර යනු ද ලංකාවේ පුරයක්‌ නොවේ. ලංකාවේ ඇත්තේ එම පුරයේ ශාසන සම්ප්‍රදායේ ලංකා ශාඛාවන්හි නායකවරුන් පමණි. රාමඤඤ යනු ද ලංකාවේ නගරයක්‌ නොවේ. එම නගරයේ ශාසන සම්ප්‍රදායෙහි ලංකා ශාඛාවෙහිද නායකකාරකාදීහු වෙති. මැනවින් බැලු විට ලංකා ශාසන සම්ප්‍රදායක්‌ නැත. කෙසේ හෝ එබන්දක්‌ ඇතැයි සිතා ගත්ත ද එබන්දකට නායකයෙක්‌ නැත. එහෙයින් ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයට වගකිව යුත්තෙක්‌ නැත. එය විදුහල්පතිවරුන් ඇති අධ්‍යාපන ඇමැතිවරුන් නැති අවස්‌ථාවක්‌ මෙනි. රෝහල් අධ්‍යක්‍ෂවරුන් ඇති සෞඛ්‍ය ඇමැතිවරුන් නැති අවස්‌ථාවක්‌ මෙනි. මෙය ගැඹුරින් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයකි.

කිසියම් ස්‌වාමීන් වහන්සේ නමකට අදාළ ව කුමන ආකාරයේ හෝ ගැටලුවක්‌ නිර්මාණය වූ විට ඊට වගකිව යුත්තෙක්‌ හෝ බලධාරියෙක්‌ ඇත්තටම ඇත්තේ නැත. සිවිල් පුද්ගලයෙකු ලෙස මේ බිමේ හිමි යමක්‌ වෙයි නම් ඇතැම් කරුණුවලින් එය ද නැතුවා මිස යමක්‌ උන්වහන්සේට ඇත්තේ නැත. සම්ප්‍රදාය විසින් ඇති ගෞරවණීය සැලකීම් හැරුණු විට කිසිදු නෛතික ආශිර්වාදයක්‌ උන්වහන්සේට නැත. රට බෞද්ධ ය. බුදු දහම රැකීමට ද පෝෂණය කිරීමට ද රජය බැඳී ඇතැයි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සටහනක්‌ පමණක්‌ ඇත. ඉහත කී පරිදි ස්‌වාමීන් වහන්සේ නමකට අගතියක්‌ සිදු වුවහොත් ඊට සිවිල් පුද්ගලයෙකුට හිමි වරප්‍රසාදයක්‌ මිස අන් කිසිවක්‌ නැත. තම ප්‍රදේශයේ හෝ නිකායේ හෝ පාර්ශ්වයේ හෝ නොවේ නම් තවත් ස්‌වාමීන් වහන්සේ නමක්‌ විසින්ද වගකීමක්‌ දරනු නොලැබේ. නිකායේ, පාර්ශ්වයේ පළාතේ වුවද බොහෝ විට හිතවත්කමක්‌ නොවේ නම් ඊට ද වගකීමක්‌ නැත. ඇතැම් විට ඉහත කී නිදර්ශක ස්‌වාමීන් වහන්සේ විසින් අගතියක්‌ කරනු ලැබුවහොත් නම් උන්වහන්සේට එරෙහි වීමට ඉහත කී නොකී සියලු පාර්ශ්වයන්ට හැකියාව ඇත. එරෙහි වනු ඇත. මින් පැහැදිලි වන්නේ ශ්‍රී ලාංකේය භික්‍ෂූන් වහන්සේ අතිශයින් අසරණ ප්‍රජා සාමාජිකයෙකු බවය. ශ්‍රී ලංකාවට ආවේණික සාම්ප්‍රදායික පිළිගැනීම් විසින් උන්වහන්සේට ලැබෙන රැකවරණයක්‌ මිස අන් කිසිවක්‌ ශ්‍රී ලාංකේය බෞද්ධ භික්‍ෂූන් වහන්සේට, බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමක්‌ නිසාම පමණක්‌ ලැබෙන්නේ නැත.

මෙබඳු තත්ත්වයක්‌ තුළ අසංවිධිත යාන්ත්‍රණයක, නොවිධිමත් ජනකුලකයක ස්‌වෙච්ඡා වගවීමක්‌ ලෙස බොදුබල සේනාවේ හා සිංහල රාවයේ ද ඇතැම් විට රාවණ බලය වැනි සංවිධානවලද උත්පාද වීම හැඳින් විය හැකිය. බොහෝ දෙනා කියන පරිදි ඉහත කී සංවිධානවල හැසිරීම හොඳ නැත. සද්දය හොඳ නැත. ගැලපෙන්නේ ද නැත. එසේ වන්නේ ඇයි? ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ දෙස ගිහියා බලන්නේ සාපේක්‍ෂව ය. ඔහුට ඕනෑම භික්‍ෂූන් වහන්සේ නමක්‌ සංසන්දනය කරන්නට ඕනෑ තරම් සංසන්දක ඇත. ඔවුහු බුදුන් දවස මෝනෙය පටිපදාවෙහි යෙදුන නාලක හාමුදුරුවන් සමග ද සැරියුත් මුගලන් නන්ද රාහුල කාශ්‍යපාදී මහ රහතුන් සමගද නූතන ශ්‍රී ලාංකික භික්‍ෂූන් වහන්සේ සසඳති. තවද වනවාසී ආරණ්‍යගත මුනි සම්ප්‍රදාය සමගද සසඳති. කමටහන් ගෙන අරණ්‌ වැද බවුන් වඩනා යතිවරුන් සමග ද සසඳතිs. බොහෝ විට මිගෙට්‌ටුවත්තේ හිමි, කුඩාපොල හිමි යන හිමිවරුන් හා නොසසඳති. නූතනයේ වැඩ වෙසෙනා දාන පාංශකූලාදියට නොවඩනා ගණාචාර්යයන් වහන්සේලා හෝ මහරහතුන් හා සසඳති. ජාතියට ජීවය දුන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ වචන හා නොසසඳති.

ශ්‍රී ලංකාවේ භික්‍ෂූන් වහන්සේ කොටස්‌ ගණනකට බෙදා වර්ගීකරණය කළ හැකිය. එය දීර්ඝ ශාස්‌ත්‍රීය අධ්‍යයනයකි. ආත්ම විමුක්‌තිය සාධනය කර ගන්නා භික්‍ෂූන් වහන්සේ ද අධ්‍යයන අධ්‍යාපන ක්‌ෂේත්‍රයෙහි නියුතු භික්‍ෂූන් වහන්සේද, විහාරකරණයෙහි යෙදී මහජන ආගමික අවශ්‍යතා සපුරණ භික්‍ෂූන් වහන්සේද ජාතික දේශපාලනික ක්‍රියාකාරකම්හි යෙදෙන භික්‍ෂූන් වහන්සේද සමාජ සේවාවන්හි නියුක්‌ත භික්‍ෂූන් වහන්සේද මේ කිසිවකට අදාළ නැති සාමාන්‍ය භික්‍ෂූන් වහන්සේද විනය විරෝධී, සම්ප්‍රදාය විරෝධී භික්‍ෂු වේශධාරීහු ද මේ අතර වෙති. එහෙයින් ඒ ඒ ක්‌ෂේත්‍රයන්ට අයත් භික්‍ෂූන් වහන්සේ තවත් ක්‌ෂේත්‍රයක වැඩ විසූ හෝ වැඩ වසනා භික්‍ෂූන් වහන්සේ නමක්‌ සමග සැසඳීම නොයුතුය.

බොදුබල සේනාවේ ගලගොඩඅත්තේ ඥනසාර හාමුදුරුවන්ගේ සද්දය හොඳ නැතැයි ද වචන හොඳ නැතැයිද ඇතැම්හු කියති. ඇතැම්හු වැඩේ හැටියට සද්දය හොඳ වැඩියෑයිද කියති. සලකා බැලිය යුත්තේ සද්දය නොවේ. කතා විලාසයද නොවේ. කාරණාය. කියන වැදගත් කාරණා සද්දය හා විලාසය හේතුකොට ගෙන මකා දැමීම යුතු නැත. ඝණ්‌ඨාරයක වැදගත් වන්නේ සද්දය ද ඝණ්‌ඨාරය ගසන්නේ කුමක්‌ නිසාද යන ප්‍රශ්න දෙකෙන් කුමක්‌ද? අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන් මහජනයා ඇමතුවේ සම්භාව්‍ය වාග් විලාසයකින් නොවේ. ඒ කතා විලාසයේ විධියයි. දේශපාලන වේදිකාවේ කතා විලාසය සන්නිවේදන මාධ්‍යයක කතා විලාසයට වඩා වෙනස්‌ය. ධර්ම දේශනයක කතා විලාසය ඊට වඩා වෙනස්‌ය. ප්‍රසිද්ධ සන්නිවේදන මාධ්‍යයන්ගෙන් අදටත් අප අසනා "මහා කාරුණිකයාණන් වහන්ස. ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි." යනාදී ආශිර්වාද සඡ්ජායනාව ගලගොඩඅත්තේ හාමුදුරුවන්ගේමය. එය සඡ්ජායනා කරද්දී දොහොත් මුදුන් දී වන්දනා කරන්නෝ ඒ කාගේ හඬදැයි නොවිමසති.

බොදුබල සේනා හා වෙනත් සංවිධානයන්ට අයත් අපේ හාමුදුරුවන්ට මේ කියන මුස්‌ලිම් හා දෙමළ ජාතිකයන්ට විරුද්ධ වෙවී ඉන්ටම වෙලාවක්‌ නැත. වුවමනාවක්‌ ද නැත. 

අපට මේ ශාසන සම්ප්‍රදායේ කරන්නට තව බොහෝ දේ ඉතිරිව ඇත. බොදුබල සේනාව මුස්‌ලිම් විරෝධී සංවිධානයක්‌ ලෙස හංවඩු ගැසීම යුක්‌තියුක්‌ත නොවේ. ශාසන විරෝධී බෞද්ධ මූලධර්මවාදී කල්ලි කණ්‌ඩායම් නිහඬ කිරීමට ද එම සංවිධාන මැදිහත් වූ වග අපි දනිමු. එවිට බොදුබල සේනා හොඳය. ඉතා හොඳය. තමිල්නාඩු හැපින්න ලංකාවට දෂ්ට කරන්නට කුරුමානම් අල්ලද්දී ඊට එරෙහි වන බොදුබල සේනා, සිංහල රාවය, රාවණා බලය සංවිධාන හොඳය. ඉතා හොඳය. එහෙත් මුස්‌ලිම් ආක්‍රමණයකට එරෙහිවද්දී ඒ සංවිධාන හොඳ නැත. තක්‌කඩින්ය. වචන හොඳ නැත. සද්දය හොඳ නැත. එවිට සියලුම හාමුදුරුවරු ද බෞද්ධයන් ද රජය ද අන්තවාදීන් හා පිල්ලේ කණ්‌ඩායම් එක්‌ක එකට හිට ගන්නේය. මේ කවර යුක්‌තියක්‌ද? ගලගොඩඅත්තේ හාමුදුරුවන් ඇතුළු සංවිධාන ඉල්ලන්නේ කොළඹින් පන්සල් නොවේ. නායකකමක්‌ ද නොවේ. ඥතිවරුන්ට රක්‍ෂා ද නොවේ. ඥතිවරුන්ගේ උසස්‌ වීම් සලකා බලන්නට ද නොවේ. සල්ලි ද නොවේ. විදේශ සංචාර ද නොවේ. කොටින්ම කිවහොත් මොකුත්ම නොවේ.

අනාදිමත් කාලයක ඒකීය ව පැවතියා වූද බුදු පියාණන් වහන්සේගේ සංවිධිත ශාසන සම්ප්‍රදාය ද මේ බිමේ සුරක්‍ෂා කරන ලෙසය. ඊට ආක්‍රමණික බලාරෝපණයන් මගින් තුවාල සිදු නොකරන ලෙසය. එසේ තුවාල කරන්නවුනට ඉඩ නොදෙන ලෙසය. එසේ නැතුව සාමාන්‍ය මුස්‌ලිම් වැසියෙක්‌ දුටු පමණට ඔහුට පහර දෙන්නැයි කියන්නට තරම් මුස්‌ලිම් විරෝධයක්‌ හෝ ඒ සමාන මොළේ අමාරුවක්‌ හෝ ඇම්මක්‌ බොදුබල සේනාවට නැත. කොටින්ම බොදුබල සේනාව හා බොහෝ ජාතික සංවිධාන කතා කරන්නේ අද ද ඔවුනට එරෙහි වන ජන ප්‍රජාවන්ගේම යහපතමය.

ශ්‍රී ලංකාවේ අනාදිමත් කාලයක සිට මුස්‌ලිම්වරු වෙසෙති. ඔවුනට සානුකම්පිත අනුග්‍රහය ලබා දුන්නෝ සිංහලයෝමය. සිංහල රජවරුමය. මහා සංඝරත්නය වන අප සමග ද හිත මිතුරු මුස්‌ලිම් සහෝදරවරු කොපමණත් වෙති. ඔවුහු උගනිති. ව්‍යාපාර කටයුතු ද කරති. ඔවුනට කිසිදු භික්‍ෂූන් වහන්සේ නමකගෙන් හෝ සිංහල ජාතිකයකුගෙන් හෝ බාධාවක්‌ තිබුණේ නැත. ඔවුහු ව්‍යාපාර කළේ සිංහලයන්ටය. අද ඔවුන් සතු සෑම ශතයක්‌ම බොහෝ විට සිංහලයන්ගේය. අද ඔවුන් සතු සෑම බිම් අඟලක්‌ම බොහෝ විට සිංහලයන්ගේය. ඒ පිළිබඳ ඊර්ෂ්‍යාවක්‌ හෝ විරෝධයක්‌ කිසිවකුට නැත. බොදුබල සේනාවටද නැත. එහෙත් මහාවිහාර කොල්ලකද්දී පැරැණි සිද්ධස්‌ථාන වනසද්දී භික්‍ෂූන් වහන්සේට පහර දෙද්දී ජාතික වනාන්තර බලහත්කාරයෙන් අල්ලා ගනිද්දී රජයේ ඉඩම් කූට ලෙස ඔප්පු සාදා සතුකර ගනිද්දී බෝධි කපද්දී ඊට එරෙහි නොවුව හොත් ජාතික වගකීම ඉටු නොකළා වනු ඇත. ඉහත කී සාම්ප්‍රදායික මුස්‌ලිම් සහෝදරවරු එසේ නොකළහ. ශ්‍රී ලංකාවේ ඉහත කී සාමාන්‍ය සාම්ප්‍රදායික මුස්‌ලිම් සහෝදරවරු වෙසෙති. ඊට අමතරව අන්තවාදී මුස්‌ලිම් කණ්‌ඩායම් ද වෙසෙති. ජාත්‍යන්තර ආගමික අන්තවාදී කල්ලි ද මෙහි පැමිණ පදිංචිව ඔවුන්ගේ මතවාද පතුරවමින් සිටිති. මේ සියල්ල එක්‌ ගණයෙකලා සලකා බැලිය නොහැකිය.

දෙමළ ජාතිවාදය විසින් ඔත්පල කරනු ලැබූ ජාතික දේහයට තවත් ආසාදනයක්‌ දරා ගැනීමට තරම් ප්‍රතිශක්‌තිකරණයක්‌ නැත. එය ශ්‍රී ලාංකේය ජාතියේ හැම ජනකුලයක්‌ විසින්ම අවබෝධ කර ගත යුතුය. එහෙයින් ජාතිවාදී ආගම්වාදී ඇවිස්‌සවීම් සිදු නොකළ යුතුය. ඉහත කී වාක්‍යය බොහෝ විට අදාළ වන්නේ සිංහලයන්ටය යන්නත් අප සිත් තුළ ඇත. දෙමළ ජාතිවාදය ඇවිස්‌සුවේ සිංහලයන්ද? මුස්‌ලිම් ජාතිවාදය අවුස්‌සන්නේ සිංහලයන්ද? දර්ගා නගර සිද්ධියේදී ද ජාතිවාදය ඇවිස්‌සුවේ සිංහලයන් විසින් නොවේ. ධන හානිය හා ජීවිත හානිය සිදු වූයේ මුසල්මානුවන්ට පමණක්‌ නොවේ. මිලියන දහස්‌ ගණනක දේපළ හානියක්‌ සිංහලයන්ට ද සිදුවිය. උද්ඝෝෂණ පෙළපාලියට පහර දුන්නේ සිංහලයන්ද? කුපිතකරවනු ලැබූ විටෙක ඕනෑම ජන කණ්‌ඩායමක්‌ කුපිත ව ක්‍රියා කරනු ඇත. මෙහිදී සිදුව ඇත්තේ ඒ සාමාන්‍යමය. මේ ලිපියෙන් කිසිදු විටෙක දෙමළ මුස්‌ලිම් නොවන කිසිවෙක්‌ වැරදි නැතැයි කියවෙන්නේ නැත. සිංහලයන් අතරද එබන්දො වෙසෙති. එහෙත් සිංහලයන් අතර පමණක්‌ එබන්දො වෙසෙති යන්න සාවද්‍යය.

දෙමළ ජාතිවාදය පැතිරෙද්දී ඊට එරෙහිව දෙමළ ජාතිකයන් අතර ද සංවිධාන නිර්මාණය විය. සිංහල ජාතිවාදය පැතිරෙද්දී ඊට එරෙහිව සිංහල ජාතිකයන් අතර ද සංවිධාන නිර්මාණය විය. මුස්‌ලිම් ජාතිවාදය පැතිරෙද්දී ඊට එරෙහිව මුස්‌ලිම් සංවිධාන නිර්මාණය වන බවක්‌ පෙනෙන්නට නැත. එහෙයින් මැදහත් මුස්‌ලිම් සහෝදරවරුන්, උගත් මුස්‌ලිම් සහෝදරවරුන්, විශේෂයෙන් මුස්‌ලිම් මවුලවිවරුන් මේ තත්ත්වය තේරුම් ගෙන ක්‍රියා නොකළ හොත් ඔවුහු ජාතික වගකීම ඉටු නොකළාහු වෙති.

ශ්‍රී ලාංකිකයා සැබවින්ම ශ්‍රී ලාංකිකයෙක්‌ම විය යුතුය. සිතින් යටගිය දවස බරණැස්‌ නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි ඉන්දියාවේ වෙසෙන බෞද්ධයන්ගෙන් ශ්‍රී ලංකාවට වැඩක්‌ නැත. බෞද්ධයා ශ්‍රී ලාංකේය විය යුතුය. සිතින් රෝමයෙහි හෝ බෙත්ලෙහෙමේ වෙසෙන කිතුනුවාගෙන් ශ්‍රී ලංකාවට වැඩක්‌ නැත. ශ්‍රී ලංකාවේ කිතුනුවා ශ්‍රී ලාංකේය විය යුතුය. සිතින් සෞදි අරාබියේ වෙසෙනා ශ්‍රී ලාංකේය මුසල්මානුවාගෙන් ශ්‍රී ලංකාවට වැඩක්‌ නැත. ශ්‍රී ලාංකේය මුසල්මානුවා ශ්‍රී ලාංකේය විය යුතුය. සිරිලක්‌ බිමේ එක්‌ එක්‌ ජන වර්ග ශ්‍රී ලංකාව හැර අනෙක්‌ බිම් වඳිමින් පුදමින් අගයමින් විසීම වෙනුවට ආගමික අනන්‍යතාව සුරක්‍ෂිත කර ගනිමින් ශ්‍රී ලාංකේය විය යුතුය. නූතන ශ්‍රී ලංකාවේ ජාතික හෝ ආගමික අර්බුද නිර්මාණය වන්නේ සැබවින්ම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලාංකේය නොවන හෙයිනි.

නුදුරු අනාගතයේදී සිදුවීමට නියමිත මහා ව්‍යසන සංඛ්‍යාවක්‌ වේ. පිල්ලෙලාගේ අතපෙවීම්වලට සමගාමීව ශ්‍රී ලංකාවේ මුස්‌ලිම් අන්තවාදය විසින් තව තවත් ජාත්‍යන්තර පරීක්‍ෂණවලට ශ්‍රී ලංකාව හිර කරනු ඇත. ශ්‍රී ලංකාව තුළ වහාබ් වාදය පතුරුවන්නා වූ දේශීය හා විදේශීය නිකායන් බල සම්පන්න වනු ඇත. තලේබාන් ශ්‍රී ලංකා සංවිධානයක්‌ විසින් තැන තැන මිනිස්‌ ඝාතන හා බෝම්බ පිපිරවීම් සිදුකරනු ඇත. බෞද්ධ ජනකායක්‌ රැස්‌ වන ස්‌ථානවල සුවිසල් මිනිස්‌ ඝාතන සිදුකරනු ඇත. නිහඬ බෞද්ධයා කුපිත කරවන ක්‍රියාකාරකම් සිදුකොට ඒවා අන්තර්ජාල ආදී මාධ්‍ය මගින් විකාශය කරනු ඇත. ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව අපකීර්තිමත් රාජ්‍යයක්‌ ලෙස හංවඩු ගැසීමට ක්‍රියා කරනු ඇත. මුස්‌ලිම් රටවල වෙසෙන සිංහල වෘත්තිකයන් අපහසුතාවට හා පීඩාවට පත් කරනු ඇත. මුස්‌ලිම් රටවල ශ්‍රී ලංකාව පිළිබඳ ඇති සුහද සහයෝගිතාව ජාත්‍යන්තර සමුළුවල දී නොලැබී යන ලෙස කටයුතු කරනු ඇත. ශ්‍රී ලාංකේය අපනයන බෝග මිල දී ගැනීම මුස්‌ලිම් රටවල් විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබීමට බල කරනු ඇත. මේ කරුණුවලට ප්‍රතිචාර ලෙස බෞද්ධ සහයෝගී ජාත්‍යන්තර ජාලයක්‌ ද ගොඩනැගීමට කටයුතු කරනු ඇත. මේ සියලු අර්බුදයන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර ධවල හබන් කුකුළන් විසින් කළමනාකරණය කරනු ඇත. ඇමරිකානු තලේබාන් අරගලයෙහි සංග්‍රාම භූමියක්‌ බවට ශ්‍රී ලංකාව ද පත්වනු ඇත. කුපිත මුස්‌ලිම් අන්තවාදීන් විසින් පොතුවිල් මුහුදු මහා විහාරය, දිගාමඩුල්ල, දීඝවාපිය වටකර පහර දෙනු ඇත. සදා කාලයටම ඒවා මුස්‌ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු කර ගනු ඇත. බොහෝ විට නැගෙනහිර පළාත් බලය නිර්මාණය කොට ශරියා නීතිය එහි ක්‍රියාත්මක කරනු ඇත. මුස්‌ලිම් පාතාලය වර්ධනය වීමට ඉඩ හැර මිනී මැරීම් සිදුකරනු ඇත. උපක්‍රමශීලීව සිංහල ජනයාට අයත් ව්‍යාපාරික ස්‌ථාන හා ඉඩම් මිලදී ගනු ඇත. නීතිය හා අධ්‍යාපනය යන ක්‌ෂේත්‍රයන්හි බලය ක්‍රමිකව සියතට පත්කර ගනු ඇත. මැතිවරණ කොට්‌ඨාසවල ජන සංයුතිය වෙනස්‌ කොට කෙසේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වැඩි කරගනු ඇත. භාෂාව භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ සුළු ජන වර්ග එක පාර්ශ්වයකට එක්‌වනු ඇත. ඉදිරි වසර 35 තුළ පාර්ලිමේන්තු නියෝජන සංයුතිය මේ අනුව සියයට පනස්‌ එක දක්‌වා සුළු ජන නියෝජනය වැඩි කර ගනු ඇත. අනතුරුව උපක්‍රමිකව ශ්‍රී ලංකාවේ සිංහල ආධිපත්‍යය ක්‍ෂණිකව බිඳ හෙළනු ඇත.

ශ්‍රී ලංකාවේ වර්ග කිලෝ මීටර් හැටපන් දහස්‌ හයසිය තිස්‌ දෙක වටා කවයක්‌ ඇඳි විට බහුතරය වන්නේ සිංහලයන්ය. ඒ කවය ශ්‍රී ලංකාවත් ඉන්දියාවේ තමිල්නාඩුවත් හසුවන සේ ඇන්දහොත් බහුතරය දෙමළ වනු ඇත. එම කවයම ශ්‍රී ලංකාවත් මැදපෙරදිගත් තමිල්නාඩුවත් හසුවන සේ ඇන්දහොත් අති බහුතරය මුස්‌ලිම් වනු ඇත. බහුතරය දෙමළ වනු ඇත. අති සුළුතරය සිංහල වනු ඇත. මේ තත්ත්වය ජාත්‍යන්තර හබන් කුකුළන් විසින් භාවිතයට ගනු ඇත.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, කැලණිය විශ්වවිද්‍යාලය.
http://www.divaina.com/2014/06/29/feature12.html

Pic Source

සබැඳි ලිපි -
අලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!http://denethharinna.blogspot.com/2014/06/18-56.html
අලූත්ගම අහිංසක මුසලුවන් ලඟ ආයුධ ගබඩාවක්. බෝම්බ 56ක්.http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
]

තමා අතින් කැපූ වලක හිර උනාද හිමි වටරැක!


විකෘති කරන ලද සංසිද්ධි නොසලකා හරිමින් හෝ ඒවාට නිදැල්ලේ පැවැතීමට ඉඩදීම නිසා, ශ්‍රී ලංකාව වාර ගණනාවක්‌ බැට කා තිබේ. මිථ්‍යාවට පිළිතුරු නොදී "ඇත්ත ඕක නෙමෙයිනේ... ඒක කවුරුත් දන්නවානේ..." යන තැන සිට ප්‍රශ්න දෙස බැලීමේ ජාතික පුරුද්ද හේතුවෙන් දෙමළ වර්ගවාදය වසර තිහක්‌ තිස්‌සේ මේ දිවයින ලෙයින් නෑවූහ. දෙමළ ඊළාම් නිජභූමි මිථ්‍යාව, ඇස්‌ ඉස්‌ මත්තේම බොරුවක්‌ බව පෙනී පෙනීත් ජාතියක්‌ ලෙස එයට හරවා පිළිතුරු දීමට අපොහොසත් වීමේ විපාකය පරම්පරා කිහිපයක්‌ම විඳවීය. දැන් යළිත් බෙදුම්වාදී, වර්ගවාදී හස්‌තයක්‌ පැමිණ අලුත් මිථ්‍යාවකින් ලේ වගුරන්නට අරඅදිමින් සිටියි.

අලුත්ගම සිද්ධියේ පෙනෙන ඇත්ත, පැත්තකට කර සියලු වගකීම් සිංහල බෞද්ධයාට පටවා, සිවුර රතු පාටින් පින්තාරු කිරීමේ වගකීම එන්. ජී. ඕ. නඩය මේ වන විටත් සතුටින් භාරගෙන තිබේ. වටරැක විජිත සිද්ධිය ද ඒ ගිණුමට මුල සිටම බැර කරමින් තිබිණි. ශ්‍රී ලංකා පොලිසිය විසින් එහි සැබෑව මතුකර නොගන්නට මිථ්‍යාවෙන් ජාතිය බැට කන තවත් සිද්ධියක්‌ ලෙසට විජිත ජාතකයද ලැයිස්‌තුගත වන්නට ඉඩ තිබිණි.

ජුලි 19 වැනිදා හිරණ පාලම ළඟ වැටී සිටින භික්‌ෂුවකි. පිටත, උදෑසන දර්ශනයක්‌ සේ ජනතාව මෙය දකී. පානදුර හිරණ පාලම පිහිටි ප්‍රදේශය, ජන ශුන්‍යම ප්‍රදේශයක්‌ නොවුණාට එහි සාමාන්‍යයෙන් ඕනෑම අයකුට අන් අයකුගේ විමසිල්ලකින් තොරව යමක්‌ කමක්‌ කළ හැකි ස්‌ථානයකි.

පොලිස්‌ හදිසි ඇමතුම් අංකයට ලැබෙන දුරකථන ඇමතුමක්‌ ඔස්‌සේ, පානදුර පොලිසිය විසින් මෙම ස්‌ථානයට යන අතර, දවසේ මෙහෙය සඳහා නික්‌මෙන ජනතාව තම කඩිමුඩිය අතරේම මෙම දර්ශනයට ද එබිකම් කරමින් පියමනිනු පෙනේ. සිවුර පැත්තකට විසිවී, අත් දෙක පිටුපසට වන්නට බැඳ දැමූ, සීරීම් තුවාල සහිතව බොහෝ දුරට නිරුවත්ව, අතිශය අසරණ විලාසයෙන් වකුටු වී වැටී සිටින භික්‌ෂුවකගේ දර්ශනය, දකින කාගේත් හද කම්පාවට පත්කරයි.

පානදුර පොලිසිය විසින්, වටවූ ජනතාවගේ ආධාර ඇතිව "අසරණ වී සිටින" භික්‌ෂූන් වහන්සේ වාහනයකට පටවා ගනියි. ලද කම්පනය හේතුවෙන් හාමුදුරුවන් කතාබහක්‌ ද නොමැතිය. ගමනක්‌ යන්නට සූදානම් වී පැමිණ සිටි නිසාදොa උන්වහන්සේගේ කළු පැහැති කන්තෝරු බෑගයක්‌ පන්නයේ බෑගයද පසෙක වැටී තිබේ.

"ධර්මද්වීපයක හැටි හාමුදුරු කෙනකුටත් මෙහෙම නම් නිකං මිනිහෙකුට කොහොම කරයිද?"

"රටේ නීතිය වළපල්ලට ගිහිල්ලා තියෙන හැටිනේ."

එවැනි දෙබස්‌ අවටින් ඇසෙන්නේ අසරණ හිමියන් පිළිබඳ අනුකම්පාවෙනි.

පානදුර පොලිසිය විසින් හිමියන් පානදුර රෝහලට ඇතුළු කරනු ලබයි. ඒ වන විටත් රට පුරා මෙම ආරංචිය පැතිරී යන්නට පටන්ගෙනය. "වටරැක විජිත හිමියන් පැහැරගෙන ගොස්‌, කපා කොටා තුවාල කර, පානදුරේ දාලා ගිහින්. උන්වහන්සේගේ පිරිමි ඇඟේ පෙර සමත් කපලා දාලා."

ආදී ලෙස තටු ගසමින් ආරංචිය පැතිරෙන්නේ ඒ ගැනය.

තමන් කම්පිතව සිටිනා නිසා කතා කර ගත නොහැකි තත්ත්වයක සිටින බව රෝහලේ සිටින පිරිසට දැනෙන සේ වටරැක විජිත හිමි කටයුතු යොදමින් සිටියේය. උදේ 9.15 පමණ වන විට කොළඹ මහ රෝහලට විජිත හිමි ඇතුළත් කරන්නේ ඔහුගේ තත්ත්වයේ බරපතළකම නිසා නොව, සිද්ධියේ බරපතළකම නිසාය.

අතීත කතාව අනුව බලන විට මෙය සුළුපටු සිද්ධියක්‌ නොවේ. රජයේ ඉහළම තැන දක්‌වා මේ ගැන අවධානය යොමු කරන අතර සිද්ධිය පිළිබඳව වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස පොලිස්‌පතිවරයාට නියෝගයක්‌ ලැබෙයි. පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට යන මහත්වරුන්ට එහි වගකීම පවරන අතර පොලිසියේ ඉහළ නිලයන් එකතුවී ගන්නා තීන්දුව වන්නේ මේ පිළිබඳ පරීක්‍ෂණ කොළඹ අපරාධ කොට්‌ඨාසයට පැවරිය යුතු බවය. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි නුවන් වෙදසිංහ යටතට එම වගකීම පැවරුණි. කොළඹ අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් සිල්වා හා අධ්‍යක්‍ෂ නුවන් වෙදසිංහ විසින් එම වගකීම භාරදෙනු ලබන්නේ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ විමර්ශන ඒකක හතෙන් පළමු වැන්නේ ස්‌ථානාධිපති වන පොලිස්‌ අධිකාරි එරංග ප්‍රනාන්දු වෙතය.

පොලිසිය වෙත ලැබුණු භාරදූර කාර්යයක්‌ ලෙස මෙය ගත හැකිය. ඒ වන විටත් සිද්ධිය ජාත්‍යන්තර මට්‌ටම දක්‌වා දුර ගොස්‌ තිබිණි. අලුත්ගම සිද්ධියෙන් පසුව සිදුවූ මෙවැනි සංවේදී සිද්ධියක්‌ විසින් රට ගෙන යා හැකි දුර බොහෝය. අනෙක්‌ අතට වටරැක විජිත හිමි සිවුරක්‌ අඳින අයෙකි. නමට හෝ හිමිනමකි. මහියංගනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. පූජ්‍ය ගණයට වැටීමත් ජනතා නියෝජිතයකු වීමත් විසින්, පොලිසිය කරන ප්‍රශ්න කිරීම් සඳහා ලැබෙන්නේ අඩු ඉඩ ප්‍රස්‌ථාවකි. මේ සියල්ල ගැන සැලකිලිමත් වන ලෙස ඒ වන විටත් ඉහළ පොලිස්‌ නිලධාරීන්ගෙන් පරීක්‍ෂණ මෙහෙයවන නිලධාරීන්ට උපදෙස්‌ ලැබී තිබිණි.

කොළඹ ජාතික රෝහලේ 72 වාට්‌ටුවට ඒ වන විටත් වටරැක විජිත හිමියන් ඇතුළත් කර තිබිණි. S/017725 යන ඇඳ ඉහපත් කාඩ්පත යටතේ ලෙඩාට ප්‍රතිකාර කිරීම ජාතික රෝහල භාරගෙන තිබිණි.

නියෝගය ලද වහාම අධ්‍යක්‍ෂ නුවන් වෙදසිංහ, ස්‌ථානාධිපති නෙවිල් සිල්වා හා පොලිස්‌ පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු යන මහත්වරු ජාතික රෝහල වෙත පැමිණියහ. පරීක්‍ෂණයට මුල පිරීම සඳහා තිබූ පළමු තැත වූයේ විජිත හිමිගේ ප්‍රකාශයයි. සුරංගනා කතාවකදී "එකමත් එක රටක..." ලෙස මුල පුරන්නාසේ පොලිස්‌ පරීක්‍ෂණයකදී මුල පුරනා ප්‍රශ්නය වන "කවුද සැක...?" යන තැනින් පොලිස්‌ නිලධාරීන් තිදෙනා සිද්ධියට එළඹුණහ.

නමුත් විජිත හිමි කතාවක්‌ නැත. වාර ගණනාවකදී උත්සාහ දැරුවත් ඒ සියල්ල ඵල රහිත විය. විමර්ශන අත්දැකීම් බහුල නිලධාරීන් තිදෙනා හිමියන්ගේ සීරීම් තුවාල දෙස හොඳින් නිරීක්‍ෂණය කළහ. හිස, උරහිස ආසන්නයේ හා ලිංගේන්ද්‍රියේ තිබූ සීරීම් තුවාල හැරෙන්නට බරපතළ ගණයේ කිසිදු තුවාලයක්‌ හිමි ශරීරයේ නොවීය. එසේ තිබියදීත් මෙතරම් කම්පාවකට හිමි ලක්‌ වූයේ කෙසේද යන ප්‍රශ්නය නිලධාරීන් තිදෙනාටම විය. සිහිසුන්ව ඇදවැටුණා යෑයි කීවද ක්‌ලෝරෙෆdaම් වැනි සිහි නාශකයක්‌ හෝ නාසය, කට මිරිකාගෙන සිටි ගතියක්‌ද විජිත හිමිගේ ශරීරයෙන් ගම්‍ය නොවීය.

උත්සාහය අත් නොහළ පොලිස්‌ නිලධාරීහු ආරම්භක ප්‍රශ්නය දිගටම අසන්නට වූහ. බැරිම තැන කෙඳිරිල්ලක්‌ සේ විජිත හිමි මුමුණන්නට පටන් ගත්තේය.

"අරංගල සමීර මල්ලිත් එක්‌ක... ලොරියේ ආවා. තලාහේනේදී මාව පැහැර ගත්තා..." වචන අතර කෙඳිරිලි තබමින් විජිත හිමි පිළිතුරක්‌ දුන්නේය.

විජිත හිමි සිටි වාට්‌ටුවට පොලිස්‌ ආරක්‍ෂාව ලබාදීමට පියවර ගත් නිලධාරීහු තමන් අමාරුවෙන් ලබාගත් දත්තයන් අනුව ඊළඟ පියවරට ලැහැස්‌ති විය.

අරංගල සමීර මල්ලි, ලොරියෙන් ආවා, අරංගලදි පැහැර ගත්තා... විජිත හිමිගේ පිළිතුරේ එම දත්තවලට අමතරව ඒ වන විට පොලිසිය සතු වූයේ, හිරණ පාලම ළඟ වැටී සිටියා... යන දත්තය පමණය.

කොළඹ ජාතික රෝහලේ සිට කෙළින්ම අරංගල ප්‍රදේශයට මෙම පොලිස්‌ නිලධාරීන් තිදෙනා ගියේ සමීර මල්ලී සොයාගෙනය. පරීක්‍ෂණ කණ්‌ඩායමේ සිටින පොලිස්‌ පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවකු නිසා අරංගල පිළිබඳ යම් දැනීමක්‌ හා එම ප්‍රදේශයේ හිතවතුන් ඔහුට සිටියේය. ඒ වන විටත් වටරැක විජිත නම රට පුරා ප්‍රසිද්ධව තිබූ නිසා. විජිත හිමිගේ ඥති වන සමීර මල්ලි සොයා ගන්නට නිලධාරීන්ට වැඩි වේලාවක්‌ ගත නොවීය.

සමීර මල්ලිගේ නිවසට ගිය පොලිස්‌ නිලධාරීන් තමන්ට පුරුදු සැකය හිතේ තබාගෙන වුවද එදිනෙදා තොරතුරු විමසන මිත්‍රශීලී විලාසයෙන් සමීර මල්ලිගෙන් තොරතුරු විමසන්නට පටන් ගත්තේය.

"මාසයකට සැරයක්‌ විතර හාමුදුරුවෝ අපේ ගෙදර එනවා. ඒ වෙලාවට මම කරන්නේ දරුවොයි නෝනාවයි ළඟ ගෙදරකට යවනවා. එහෙම ආවාම හාමුදුරුවන්ව තනියෙන් තමයි ඉන්නේ. ගෙදර කවුරුත් නැති වග තමයි, පිටට පෙන්නන්නේ. හාමුදුරුවොත් එක්‌ක බොදුබල සේනාව එහෙම තරහ නිසා හාමුදුරුවෝ ගෙදර ඉන්නවා කියලා දැනගත්තොත් කරදරයක්‌ වෙයි කියලා තමයි, මම එහෙම කරන්නේ..." සමීර පොලිසිය සමග කතාබහ කරන්නට පටන්ගෙන තිබිණි. සමීර හා විජිත හිමි අතර තිබූ ඥතිත්වය, ඔවුන් දෙදෙනාගේ පියා හා මව සහෝදර සහෝදරියන් වීමය. 1994 සිට 2011 දක්‌වා කාලයේ සමීර සේවය කර ඇත්තේ වරාය අධිකාරියේ රියෑදුරුවරයෙක්‌ ලෙසය. එම රැකියාව සමීරට සොයා දී ඇත්තේ එකල වරාය ඇමැති ලෙස සිටි ඒ. එච්. එම්. අශ්රොෆaට කියා, විජිත හිමියන්මය.

"18 වැනිදා හාමුදුරුවෝ එනවා කියලා මට කෝල් එකක්‌ දුන්නා. මම මගේ ඇට්‌ලස්‌ 150 වර්ගයේ ලොරියෙන් හාමුදුරුවෝ ගන්න ගියා. හැන්දැවේ හතට විතර මාලබේ ෆqඩ් සිටි එක ගාව, මම හාමුදුරුවෝ එනකං හිටියා. 7.20 වෙනකොට නැනෝ කැබ් එකකින් හාමුදුරුවෝ එතැනට ආවා..." හිරණ පාලම අසල විජිත හිමියන් වැටී සිටීමට පෙර දින, තමන් හා විජිත හිමි කාලය ගත කළ ආකාරය පිළිබඳව සමීර පොලිසියට විස්‌තර කියන්නට පටන් ගත්තේය.

"හාමුදුරුවන්ට දත් බුරුසුවක්‌ ගන්න ඕනේ කිව්වා. පාරේ එහා පැත්තේ කඩෙන් මම එකත් අරන් දුන්නා. ඊට පස්‌සේ කිව්වා. "මට මහියංගනයට යන්න වාහනයක්‌ එනවා බොරැල්ලට, මාව බොරැල්ලට ගිහිල්ලා දාන්න කියලා..." හාමුදුරුවන්ට පහුවදා ප්‍රාදේශීය සභා රැස්‌වීම තියෙනවා කියලා කිව්වා. මාලබේ ඉඳලා බොරැල්ල පැත්තට යද්දී තලාහේනට මෙහාදි හාමුදුරුවන්ට කෝල් එකක්‌ ආවා. ඊට ටික වෙලාවකට පස්‌සේ තලාහේන කනත්ත හරියේදී, ලොරිය නවත්වන්න කියලා හාමුදුරුවෝ කිව්වා. ලොරිය ඉස්‌සරහින් සුදු පාට නෝවා වර්ගයේ වෑන් එකක්‌ නැවැත්තුවා. ඒකේ වීදුරු ටින්ට්‌ කරලයි තිබ්බේ. ඒ වෑන් එකේ ඩ්‍රැයිවර්ල හාමුදුරුවෝ ඉන්න පැත්තේ දොර ඇරලා ටිකක්‌ තදින් වගේ කතා කරලා හාමුදුරුවන්ව බස්‌සගෙන වෑන් එකට නග්ග ගත්තා..."

පැහැර ගැනීමේ ජවනිකාව සමීර පොලිසියට පෙළින් පෙළ කියන්නට පටන්ගෙන තිබිණි.

"ඒ ඩ්‍රැයිවර් අඩි හයාමාරක්‌ විතර උස, උඩු රැවුල හා යට රැවුල තිබුණු කෙනෙක්‌. තලඑලලුයි, මහතයි, තද කළු කලිසමකුයි දුඹුරු පාට ටී ෂර්ට්‌ එකකුයි ඇඳලා හිටියේ. වෑන් එකට නඟින කොට හාමුදුරුවන් මට අතින්, යන්න කියලා කිව්වා. මම ලොරිය හරවගෙන ගෙදර ආවා..."

දවසේ සිදුවීම් පෙළ සමීර පොලිස්‌ නිලධාරීන්ට පැවසුවේය.

"හාමුදුරුවෝ පැහැර ගත්තා කියලා දැන ගත්තේ කොහොමද...."

"හාමුදුරුවෝ වෑන් එකට නැග්ගාට පස්‌සේ කෝල් කරලා බැලුවේ නැද්ද..."

ආදි ප්‍රශ්න ගණනාවක්‌ පොලිස්‌ නිලධාරීන් තිදෙනා විසින් සමීරගෙන් අසන්නට පටන් ගත්තේය. කතාව කියාගෙන කියාගෙන ගියද පොලිසියට සෑහෙන තරමේ පිළිතුරු, ප්‍රශ්නවලට දෙන්නට සමීර පොහොසත් නොවීය.

විසි වැනිදා උදැසන යළිත් පොලිස්‌ නිලධාරීන් තිදෙනා කොළඹ ජාතික රෝහලට පැමිණියේ, විජිත හිමියන්ගෙන් කුමන හෝ තොරතුරක්‌ දැනගැනීමටය. ජාතික රෝහලේ 17 වැනි වාට්‌ටුවේ නව වැනි ඇඳේ විජිත හිමි වැතිරගෙන සිටියේය.

පොලිසිය ප්‍රශ්න අසන හැමවිටම විජිත හිමිගේ පිළිතුර වූයේ 'මහන්සියි' යන්නය. පැය හතරක්‌ පමණ විජිත හිමිගේ මහන්සිය ඇරෙන තුරු පොලිස්‌ නිලධාරීන් බලා සිටින්නට විය.

පොලිස්‌ නිලධාරීන්ගෙන් ගැලවෙන්නට බැරිම තැන "15 වැනිදා මම කොළඹ ආවා. පල්ලි වල එහෙම තමයි හිටියේ. අලුත්කඩේ උසාවිය පිටිපස්‌සේ ලොඡ් එකක හිටියා. 17 වැනිදා අරංගල සමීර මල්ලිලාගේ ගෙදර ආවා... 18 වැනිදා රෑ සමීරලාගේ ගෙදරින් කාලා, බොරැල්ලට සමීරගෙ ලොරියෙන් යන්න පිටත් වුණා..." ආදි ලෙස සමීරගේ කතාවට සමාන කතාවක්‌ විජිත හිමි කියන්නට පටන් ගත්තේය.

"මාව පැහැරගත්ත වාහනේ හාමුදුරුවෝ දෙන්නෙක්‌ හා තවත් අය හිටියා. මගේ සිවුර ඔළුව උඩින් දැම්මා. එතකොට සිහි කල්පනාව නැතුව ගියා..." යන කතාව විජිත හිමි පැවසුවත් පොලිසිය අතුරු ප්‍රශ්න නඟද්දී, "මට මහන්සියි" කියා දැස පියාගැනීම විජිත හිමි පුරුද්දක්‌ ලෙස කරගෙන ගියේය.

ලැබී තිබුණු උපදෙස්‌ අනුව ඉවසනු විනා, සුපුරුදු පොලිස්‌ භාෂාවෙන් ඇමතීමටවත් පොලිසියට ඉඩක්‌ තිබුණේ නැත.

එසේ වුවත් විජිත හිමිගේ හා සමීර මල්ලිගේ විස්‌තර අතර වෙනස පොලිසිය නිරීක්‍ෂණය කළහ. සමීරට අනුව විජිත හිමි ආවේ 18 වැනිදාය. විජිත හිමි කියන්නේ තමන් සමීරලාගේ ගෙදර ගියේ 17 වැනිදා බවය.

සමීරගේ හා විජිත හිමිගේ කතා අතර වෙනස හඳුනා ගැනීම සඳහා පොලිස්‌ පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු ප්‍රශ්න කිරීමේ ස්‌ථානයේ වෙනසක්‌ කරන්නට තීරණය කළේය. තම නිවසේ සිට ආරක්‍ෂිත හැඟීමෙන් දෙන පිළිතුර වෙනුවට දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ විමර්ශන කොට්‌ඨාසය වෙත සමීර කැඳවාගෙන එන්නේ ඒ අනුවය. එන අතරවාරයේ සමීරට විජිත හිමි හමුවූ බව කියන මාලබේ ස්‌ථානය, වෑන් රථයට නැඟගත් බව කියන තලාහේන කනත්ත අසලද පොලිස්‌ පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු, සමීර මල්ලි සමඟ බැස නිරීක්‍ෂණය කළේය. කොළඹ අපරාධ විමර්ශන කොට්‌ඨාසයේදී සමීර මල්ලි විසින් තමන් කලින් දුන් පිළිතුර බොරු බවත් විජිත හිමි තමන්ගේ ගෙදරට ආවේ 17 වැනිදා දහවල් 1.30 ට නැනෝ කැබ් රථයකින් බවත්, පැවැසීය. විජිත හිමි තම නිවසේ සිටි බව කිව්වොත් තමන්ට කරදරයක්‌ වෙයි කියා, හිමියන් ගෙදර සිටි වගක්‌ කාටවත් කියන්න එපා කියා තමන්ට කියූ නිසා එසේ කියූ බවත් සමීර පවසන්නට විය.

පරීක්‍ෂණය සංකීර්ණ වන බව දැනගත් සහකාර පොලිස්‌ අධිකාරි නුවන් වෙදසිංහ මහතා විසින් සමීර ගැන පරීක්‍ෂණ කටයුතු 21 වැනිදා වනවිට පොලිස්‌ පරීක්‍ෂක රණසිංහ වෙත භාර දීමට තීරණය කළේය. සමීරගේ ලොරියේ විස්‌තරවලින් පටන්ගත් එම විමර්ශන කටයුතු අරංගල සිට තලාහේන දක්‌වා සී.සී.ටී.වී. නිරීක්‍ෂණ තෙක්‌ දුර ගොස්‌ තිබිණි. සමීරගේ නිවස පිහිටා තිබුණේ අරංගල ඉන්ධන පිරවුම්හල අසලය. ඉන්ධන පිරවුම් පලේ සී.සී.ටී.වී. පරීක්‍ෂා කළ නිලධාරීහු එහි ගබඩා වී තිබූ දර්ශන පෙළින් පෙළ බලන්නට වූහ.

නමුත් සමීරගේ ලොරිය එම වේලාවේ මාර්ගයේ ධාවනය වී නොතිබීම පොලිසියට සැක උපදවන කටයුත්තක්‌ විය.

සී.සී.ටී.වී. දර්ශන සමීරට පෙන්වමින් "මේකට බොරු කරන්න බැහැ.... ඔයා ඔය කියන වෙලාවේ මේ පාරෙන් ලොරියක්‌ ගිහිල්ලා නැහැ.... දැන්වත් ඇත්ත කියන්න...." යෑයි පැවසූ පොලිසිය, සමීර ඇත්ත නොකියා බැරි තැනටම කැඳවාගෙන එන්නට සමත් වී තිබිණි.

රටම කැළඹුණ, ජාත්‍යන්තරය ඉදිරියේ සිංහල බෞද්ධයා ම්ලේච්ඡත්වයට පත්කර තිබූ 'විජිත ජාතකයේ' ඇත්ත, සමීර කියන්නට පටන් ගත්තේ එතැනදීය.

"මගේ ලොරිය ගියේ නැහැ. හාමුදුරුවෝ අපේ ගෙදරයි හිටියේ. 19 වැනිදා පාන්දර 2.00 ට අපේ තාත්තාගේ වෑන් එකෙන් මහරගම මාලබේ පාරෙන් ගිහිල්ලා, ඇරැව්වල, දොලේ කනත්ත, මාවිත්තර, කැස්‌බෑව, බණ්‌ඩාරගම හරහා හිරණට ආවා. හිරණ පාලම ගාවින් හාමුදුරුවෝ බැහැලා, මට යන්න කිව්වා. ආපු පාරෙන් නැතුව වෙන පාරකින් යන්න කියපු නිසා, මොරටුව පැත්තට ඇවිල්ලා පිළියන්දල පාරෙන් මම ගෙදර ගියා...."

සමීර මල්ලිගේ අලුත් කතාවට අවශ්‍ය සාධක සී.සී.ටී.වී. කැමරාවේ අගේට සටහන් වී තිබිණි. අමතර වශයෙන් හිරණ ප්‍රදේශයේ සී.සී.ටී.වී. ද නිරීක්‍ෂණය කිරීමට හහකාර පොලිස්‌ අධිකාරි නුවන් වෙදසිංහ මහතා විසින් උප පොලිස්‌ පරීක්‍ෂක කුමාර පෙරේරා ඇතුළු කණ්‌ඩායමක්‌ද පිටත් කර හැරියේය.

සමීර මල්ලිගේ ඇත්ත කතාව කියන විටම කොළඹ ජාතික රෝහලේ ද අලුත් ජවනිකාවක්‌ නිර්මාණය වෙමින් තිබිණි. පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් සෘජුවම මෙම පරීක්‍ෂණය අධීක්‍ෂණය කරමින් තිබුණ නිසා කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ නුවන් වෙදසිංහ, ස්‌ථානාධිපති නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් කෑමක්‌ බීමක්‌ නොමැතිව පරීක්‍ෂණ වල නිරත වෙමින් සිටියේය. පොලිස්‌ පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු ද පරීක්‍ෂණයට මහන්සි වීම නිසා එදින දවස පුරාම සිටියේ කෑමක්‌ බීමක්‌ තබා තේ එකක්‌වත් නොමැතිවය. විජිත හිමි, තමන්ගේ කම්පනයට සියල්ල යට කර පොලිස්‌ පරීක්‍ෂණ මඟහරිමින් සිටි අතරවාරයේදී විජිත හිමි බැලීමට පැමිණෙන්නේ අසාද් සාලි වැනි මුස්‌ලිම් පිරිස්‌ය. ඒ අය සිටිනාවිට ප්‍රශ්න කිරීම් කළ නොහැක. රෝහලක්‌ තුළ නිසා එහි දෛනික රාජකාරි ද සිදු වේ. දුෂ්කර තත්ත්වයක්‌ තුළ ඉක්‌මනින් පරීක්‍ෂණ නිමාවට ද පත් කළ යුතුය. සියල්ලට වඩා ඉවසිය නොහැක්‌කේ සීරීම් තුවාල කිහිපයකින් "කම්පාවට" පත්වී සිටි විජිත හිමි, පොලිස්‌ ප්‍රශ්න කිරීම් වලින් මඟහැර සිටීමය. මේ අතරවාරයේදී පොලිස්‌ පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු වෙත සිය බිරියගෙන් දුරකථන ඇමැතුමක්‌ ලැබුණේය. බිරිය අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි මට්‌ටමක නොසිටිය නිසා ටිකක්‌ සැරෙන් ඇයට කතා කළ පොලිස්‌ පරීක්‍ෂකවරයා තම ජංගම දුරකථනය කනේ තබාගෙනම, විසන්ධි කරමින් උපායක්‌ දියත් කළේය. විජිත හිමිට ඇසෙන සේ විසන්ධි වූ දුරකථනයෙන් බිරියට කියන බව පෙන්වමින් තදින් කතා කළේය. මේ කතා බහ සමඟ විජිත හිමි ද යම් බියකට පත්වීය. "මහත්තයෝ මම ඇත්ත කියන්නම්..." විජිත හිමි සියල්ල වමාරන්නට පටන් ගත්තේය.

"මම සාමාන්‍යයෙන් ගමන් යන්න වාහන ඉල්ලන්නේ, මුස්‌ලිම් අයගෙන්. පාදිලි උන්නාන්සේලාත් වාහන දෙනවා..." ආදී ලෙස පටන් ගත් ඒ කතාව සමීර මල්ලිගෙ ඇත්ත කතාව සමඟ හොඳට ගැලපුණේය.

සමීර සමඟ ගිය ගමනේ දී හිරණ පාලම අසලින් බැස ගත් විජිත හිමි මීටර් 40 ක්‌ පමණ පසුපසට ගොස්‌ තම බෑගයේ තිබූ යතුරු කැරැල්ලෙන් හා නිය කටරයෙන් ඇඟම තුවාල කරගෙන සිවුරද අසලට විසිකර දැමුවේය.

සිවුරට යටින් උඩු කයට අදන කඩයෙන් තමා විසින් දැත් සිරුර පසුපසට කර සිර කරගත්තේය.

ජාතියකට නව නින්ගිරාවක්‌ කරන්නට ගත් ස්‌වයං වෑයම එසේ වැමෑරීමත් සමඟ, අසත්‍ය පැමිණිලි කිරීමේ චෝදනාව යටතේ විජිත හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය තීරණය කළේය.

විජිත හිමිගේ ස්‌වයං පැහැර ගැනීමේ ජවනිකාවේ යටි අරමුණු, ඒ පිටුපස සිටින චරිත තවම එළිවී නොමැත. අන්තවාදී චරිත විජිත හිමියන්ගේ සිද්ධිය වූ වෙලේ ඒ ගැන මහා කම්පාවකින් කතා කළේය. මේ ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පැවැත්වූ අසාද් සාලි පවසා තිබුණේ,

"වටරැක විජිත හිමියන් අද උදේ මයියංගනයට යන්න, කොළඹ බස්‌ නැවතුම්පළට පැමිණි අවස්‌ථාවේදී උන්වහන්සේ පැහැරගෙන ගොස්‌ පහරදීලා මහමඟ දමාගොස්‌ තිබුණා. අපි දැක්‌කා පසුගිය කාලයේ වටරැක විජිත හිමි වෙනුවට මොහොමඩ් විජිත කියලා උන්වහන්සේට නම දාලා තිබුණා... මේක ආණ්‌ඩුවෙන්ම සැලසුම් කර සිදුකළ දෙයක්‌ විය යුතුයි.... යනුවෙනි. මෙවැනිම තවත් පිරිසක්‌ සියල්ල ආණ්‌ඩුවට හා සිංහල බෞද්ධයන්ට පටවන්නට පටන් ගත්තේය.

තම බෑගයේ තිබූ යතුරු කැරැල්ල හා නියපොතු කපනයෙන් ඇඟ යන්තම් සූරාගෙන ජාතියෙන් පළිගැනීමට තැත් කළ විජිත හිමියන්ගේ අසත්‍ය චෝදනාව රටක්‌ ගිනිබත් කරන්නට තරමේ සමත් කමක්‌ දැක්‌වූවක්‌ විය.

කොළඹ ජාතික රෝහලේ දින හතක්‌ ප්‍රතිකාර ලබා ගත් විජිත හිමි පසුගිය අඟහරුවාදා දහවල් එකට පමණ ටිකට්‌ කැපීමෙන් අනතුරුව රෝහලෙන් පිටව යැමට සූදානම් වනවිටම කොළඹ අපරාධ කොට්‌ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

පානදුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට බදාදා විජිත හිමියන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි දෙවැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කරන ලදී.

කෝටියක්‌ සංවර ශීලය රැකීමට ප්‍රතිඥ දෙමින් බුදු පුතෙක්‌ ලෙස සසුනට පිවිසි වටරැක විජිත හිමි, තම පැවිදි ගමනේ අතර මඟකදී දෙව්දත් නිකායට ඇතුළු වී තිබෙන බව පෙනේ. විජිත හිමිගේ අතීත ක්‍රියාකාරකම්වල වාර්තා නිරීක්‍ෂණය කරන විට පෙනී යන්නේ, සිංහල බෞද්ධයන්ගෙන් පළිගැනීම සඳහා විජිත හිමි කාගේ හෝ අනුදැනුමකින් මෙහෙයවමින් සිටින බවකි. විජිත හිමිගේ සිද්ධියෙන් සිංහල ජාතිය පෙළන්නට බලා සිටි අයට ශෝකාලාපයක්‌ වෙමින්ද වටරැක විජිත හිමිගේ භික්‍ෂු ආත්මය කොමිඩියක්‌ වෙමින් ද එම කතාව නිමාවට පත් විය.

මනෝඡ් අබයදීර
http://www.divaina.com/2014/06/29/feature10.html

1915 මරක්‌කල කෝලාහලය - වෙඩිතබා මැරූ සිංහලයන් දහසකට වැඩියි

වසර 2500 ක සිංහල බෞද්ධ ඉතිහාසයක්‌ ඇති ශ්‍රී ලංකාවට වර්ගවාදී හෝ ජාතිවාදී අතීතයක්‌න් නැත. දෙමළ රජවරුන් ලංකාව ආක්‍රමණය කළ විට එයට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම යනු ජාතිවාදයක්‌ නොව ආක්‍රමණිකයාට විරුද්ධ වීමකි. පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසි යන ජාතීන් මේ රට ආක්‍රමණය කළ විට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම කිසිදු ආකාරයක ජාතිවාදී ස්‌වරූපයක්‌ ගත් බවට සාක්‍ෂි නැත. බුද්ධාගම වැළඳගත් සැනින් සිංහල ජාතියට අවශෝෂණය වී රට පාලනය කිරීමට කන්ද උඩරට සිටි දෙමළ රජවරුන්ට අවස්‌ථාව ලැබිණ. අවරුදු 2500 ක ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවෙන් ජාතිවාදී කෝලාහලයක්‌ වාර්තා වූ මුල් අවස්‌ථාව 1915 දී නුවරදී හටගත් 'මරක්‌කල කෝලාහලයයි' ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කොලනියක්‌ වීමට පටන් ගත්තේ 1802 ජනවාරි 01 වැනිදා ය. එංගලන්තයේ තුන්වැනි ජෝර්ජ් රජුගේ ඉංගී්‍රසි හමුදාව, තමිල්නාඩුවේ සිට පැමිණ කන්ද උඩරට පාලනය කරමින් සිටි 'ද්‍රවිඩ' භාෂාව කතා කළ නායක්‌කර් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ අත්අඩංගුවට ගැනීම සඳහා 1817 - 1818 කාලයේදී කළ මෙහෙයුමට මෙරට සිටි මුස්‌ලිම් ජනතාව සහය පළ කළේය.(1) 1815 වන විට ලංකාවේ වෙළෙඳාමෙන් වැඩි කොටසක්‌ ද තවලම් මගින් කෙරුණු භාණ්‌ඩ ප්‍රවාහනයෙන් වැඩි කොටසක්‌ ද මුස්‌ලිම් වෙළෙඳුන් අත විය. ඉස්‌ලාම් ආගම විසින් මත්පැන් පානය තහනම් කර තිබූ නමුත් අරක්‌කු පෙරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වූ පොල් රා මැදීම වැඩි හරියක්‌ම පැවතුනේ මුස්‌ලිම් රා මදින්නන් අතය. බ්‍රිතාන්‍ය පාලකයෝ මැණික්‌ ගැරීමේ සහ (ධීවර වෘත්තියේ නියෑලී) මාළු සැපයීමේ කොන්ත්‍රාත්තු මුස්‌ලිම් ජනතාවට බහුල ලෙස ලබා දුන්හ.(2) ඊට අමතරව දැව සඳහා ගස්‌ කැපීම, රජයේ ඉදිකිරීම් සඳහා කම්කරුවන් සැපයීම, ආහාර සහ ඇසුරුම් සැපයීම, පොල්වතු වගා කිරීම, තෙල් මෝල් පිහිටුවීම, පොල් සහ කොහු විකිණීම, මේසන් වැඩ, (ඔවුහු දක්‍ෂ මේසන්වරු ය.) මුඩු බිම් පනත යටතේ රජයට පවරාගෙන තිබූ ඉඩම්වල කුරුඳු වගා කිරීම, මැණික්‌ කැපීම සහ ඔප දැමීම යනාදිය ද ඔවුන් අත ඒකාධිකාරයක්‌ ලෙස තිබිණ. එහෙත් ඔවුන්ට එක දෙයක්‌ නොදීමට ඉංග්‍රීසි පාලකයෝ වග බලා ගත්හ. ඒ වූ කලී අධ්‍යාපනයයි. එකල ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රමුඛයන් වූයේ සිංහල, දෙමළ සහ බර්ගර් ජාතිහු ය. ඔවුන් ඉගෙන ගත්තේ පල්ලි මගින් පාලනය වූ ක්‍රිස්‌ත්‍රියානි විද්‍යායතනවලය. එහෙත් තම ඉස්‌ලාම් ආගම කෙරෙහි මහත් භක්‌තියෙන් සිටි මුස්‌ලිම්වරු ක්‍රිස්‌තියානි පල්ලියේ ඉස්‌කෝලවල ඉගෙනීම ප්‍රතික්‍ෂේප කළහ.(3)

1915 මරක්‌කල කෝලාහල සමය වන විට මුස්‌ලිම් ප්‍රජාව එක පිලක්‌ ලෙසත් සිංහල, දෙමළ, බර්ගර් ප්‍රජාව තව පිලක්‌ ලෙසත් සිංහල සමාජය තුළ කැපී පෙනුණාහ. එක්‌ පිලක්‌ සතුව තිබූ දේ අනෙක්‌න් පිල සතු නොවීම නිසා පාර්ශ්ව දෙක අතර පිටතට නොපෙනුණ අමනාපයක්‌ විය. දෙමළ සහ බර්ගර් ජාතිකයන් සිංහල කාන්තාවන් විවාහ කර ගත් නමුත් මුස්‌ලිම් ප්‍රජාව තම ආගමෙන් පිට ගැහැනුන් විවාහ කර නොගැනීමට පරෙස්‌සම් වූහ. (4) 1915 මරක්‌කල කෝලාහලය තීරණය වන්නේ ඉහත සඳහන් පසුබිම තුළය.

අරගලය පටන් ගත් හැටි- 

උඩරට මහ කැරැල්ලෙන් පසු සිංහලයන් සහ සිංහල ජන ප්‍රධානීන් සමග වෛරයෙන් සිටි ඉංගී්‍රසි ආණ්‌ඩුව 1818 නොවැම්බර් 18 වැනිදා විශේෂ ප්‍රකාශනයක්‌ මගින් සිංහල ජන ප්‍රධානීන්ගේ වරප්‍රසාද සහ මහ ජාතියේ ආගම වූ බුද්ධාගමට තිබූ තැන කප්පාදු කළේය.

මෙය ලංකාව තමන් යටතට පවරා ගැනීමේදී බ්‍රිතාන්‍යයන් විසින් අත්සන් කරන්නට යෙදුණු උඩරට ගිවිසුමට පටහැනිව යැමකි. මේ කප්පාදුව ඉදිරි වසර 100 තුළ ක්‍රමයෙන් වර්ධනය වී 1812 වන විට සිංහලයන්ගේ ඇස්‌ ඉදිරිපිටදීම ක්‍රියාත්මක විය. ඒ මහනුවරදී වාර්ෂිකව පැවැත්වුණු ගම්පොල, වලහාගොඩ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මුස්‌ලිම් පල්ලි ඉදිරිපිටින් යනවිට ඒවාට යාර 100 ක්‌ තබා හේවිසි සහ තූර්ය වාදන නැවැත්විය යුතු බව නුවර සිටින ඉංගී්‍රසි ආණ්‌ඩුවේ දිසාපති මගින් නියෝග කිරීමෙනි. 

ගම්පොල (ගඟසිරිපුර) නගරයට සැතපුමක්‌ ඈතින් පිහිටි වලහගොඩ දේවාලය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් 1236 දී ඉදිකර කතරගම දෙවියන් උදෙසා පූජා කරන ලද්දකි. ඇසළ පුර පසළොස්‌වක පොහොය දවසට දවස්‌ 8 කට පෙර පටන් ගන්නා මේ පෙරහැර පුරා දින 15 ක්‌ පැවැත්වෙයි. අවසන් දිනයේදී දිය කැපීමේ උත්සවය පැවැත්වෙයි. පෙරහැර දිය කැපීමට යන්නේ අඹගමුව පාර නමැති මාර්ගය දිගේ, ගොස්‌ මහවැලි ගඟේ තොටුපළක්‌ වූ පෝරුතොට ට සම්ප්‍රාප්ත වීමෙන් පසුවය. මේ පෙරහැර යන මඟ දෙපස හින්දු, කෝවිල් සහ මුස්‌ලිම් පල්ලි රැසක්‌ තිබේ. මේ යන මාර්ගයෙහි 1890 දී ඉදිකරන ලද මුස්‌ලිම් පල්ලියක්‌ විය. එය ඉදි කළෝ ලංකාවේ වෙරළබඩ ජනාවාස කරගත් ඉස්‌ලාමීය කොට්‌ඨාසයක්‌ වූ "මරක්‌කල" ප්‍රජාවගෙන් පැවැතෙන ජනයා ය. 1912 දී එම පෙරහැර වීථි සංචාරය කරන විට මුස්‌ලිම් පල්ලිය ඉදිරිපිට තූර්යවාදන පැවැත්වුවහොත් පෙරහැරට පහර දෙන බවට මරක්‌කල ප්‍රජාව තර්ජනය කර තිබිණ, ඒ අනුව නුවර මහ දිසාපතිතුමා තූර්යවාදන සම්බන්ධයෙන් තහනම් නියෝගයක්‌ තබනු ලබන්නේය.

එම නියෝගය පිළිපැදීමට අකැමැති වූ වලහාගොඩ කතරගම දේවාලයේ බස්‌නායක නිලමේතුමා එම වසරේ (1912) පෙරහැර අත්හිටුවිය. ඊළඟ වසරේ සැප්තැම්බර් 30 වැනිදා ඔහු නුවර උසාවියට ගොස්‌ දිසාපතිගේ නියෝගයට විරුද්ධව නඩු පැවරීය. නඩුව අසන ලද්දේ නුවර දිස්‌ත්‍රික්‌ උසාවියේ වැඩ බලන විනිසුරු දොස්‌තර ශ්‍රීමත් පෝල් ඊ පීරිස්‌ ය. 1914 මාර්තු 20 වැනිදා නඩු විභාගය පටන් ගත් අතර ජුනි 4 වැනිදා බස්‌නායක නිලමේට පක්‍ෂව තීන්දුව දෙන ලද්දේය. එම තීන්දුවට අනුව වලහාගොඩ දේවාලයේ කතරගම පෙරහැරට තූර්යවාදන වයමින් වීථි සංචාරය කිරීමට අවසර ලැබිණ.

එහෙත් නුවර මහ දිසාපතිතුමා මේ තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. එම අධිකරණය විසින් දිස්‌ත්‍රික්‌ උසාවියේ තීන්දුව අත්හිටුවන ලදී. එවිට යළි මතු වූයේ වලහාගොඩ දේවාලයේ ඇසල පෙරහැරට පංච තූර්ය නාද පවත්වමින් වීථි සංචාරය කිරීමට නොහැකි තත්ත්වයකි. එවිට බස්‌නායක නිලමේ එංගලන්තයේ රාජාධිකරණය ඉදිරිපිට අභියාචනයක්‌ ගොනු කළේය. දේවාලයේ නීතිඥයා ලෙස කීර්තිමත් බ්‍රිතාන්‍ය නීතිවේදී ශ්‍රීමත් ජෝන් සයිමන් පෙනී සිටියේය. තීන්දුව ලැබීමට තිබුණේ දින කිහිපයකි. ශ්‍රීමත් ජෝන් සයිමන් දක්‍ෂ නීතිඥයකු නිසා කතරගම දේවාලය දිනන බවට සැක නැති විය.

ඒ අනුව 1915 වෙසක්‌ පුර පසළොස්‌වක පොහොය වූ 28 වැනිදා වලහාගොඩ දේවාල යේ පෙරහැර පැවැත්විය යුතු බව තීරණය කරන ලදී. පෙරහැර අඹගමුව මාර්ගයේ ගමන් කරන විට පොලිසිය එයට බාධා කළේය. පොලිසිය සමග සිටි මරක්‌කල ප්‍රචණ්‌ඩ කාරීන් කිහිප දෙනෙක්‌ පෙරහැරට ගල් ගසන්නට වූහ. ඇතැම් ගල් පහරවල් ගසන ලද්දේ මුස්‌ලිම් පල්ලියේ පඩිපෙළ මත සිටය. එතැනදී මුළු මහත් මහනුවර පුරාම පැතිරුණ කෝලා හලයක්‌ පටන් ගත්තේය. එම කෝලාහලය සති යක්‌ තුළ කන්ද උඩරට පිහිටි සියලු දුර්ග මාර්ග තරණය කර බස්‌නාහිර පළාතට සහ වයඹ පළාතට ඉක්‌මනින් ළඟා විය. එවිට කලබල වූ ශ්‍රීමත් රොබට්‌ චාමස්‌ ආණ්‌ඩුකාරයා වහාම යුද නීතිය ප්‍රකාශයට පත් කළේය. පාරට පැනගත් පොලිසිය සිංහලයන් දුටු තැන වෙඩි තබා මැරීය. සිංහලයන් 9600 ක්‌ හිරගෙවල්වලට ගාල් කරන ලදී. හිරගෙවල තදබදය ඇතිවන විට වැඩි හරිය මරණ ලදී. මෙම ක්‍රියා මාර්ගයට එරෙහි වෙමින් සිංහල. දෙමළ, මුස්‌ලිම් යන ජාතීන් තුනටම අයත් උගත්තු විරෝධතා ව්‍යාපාර පටන් ගත් අතර රොබට්‌ චාමස්‌ ආණ්‌ඩුකාරයා ආපසු බ්‍රිතාන්‍යයට කැඳවා ගැනීමට එංගලන්තයට සිදු විය. ඉන්පසු ඔහු ලංකාවේ ආණ්‌ඩුකාර තනතුරින් පහ කරන ලදී. 

කෝලාහලය අතරතුර සිංහලයන්ගේ අමද්‍යප ව්‍යාපාරයට පාඩමක්‌ උගැන්වීමට රොබට්‌ චාමස්‌ගේ ආණ්‌ඩුව තීන්දු කළේය. අමද්‍යප ව්‍යාපාරය නිසා ඉංගී්‍රසි ආණ්‌ඩුවේ අරක්‌කු රේන්දකාරයන්ට සහ අරක්‌කු වෙළෙඳාමට පහර වැදී තිබිණ. ඒ නිසා අරක්‌කු රේන්දවලින් සහ අරක්‌කු අලෙවියෙන් තමන්ට ලැබෙන්නට නියමිත ආදායම අහිමිවනු ඇතැයි ඉංගී්‍රසි ආණ්‌ඩුව බිය විය. මරක්‌කල කෝලාහලය ඇති කළෝ සිංහල අමද්‍යප නායකයන් බව ප්‍රචාරය කළ ආණ්‌ඩුව කෙළවරක්‌ නැතිව ඔවුන් අත්අඩංගුවට ගන්නට පටන් ගත්හ. බෞද්ධ පරම විඥනාර්ථ සමාගමේ සහ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය නමැති නිර්මාංශ අමද්‍යප සංවිධානයේ නායකයා වූ සමෘද්ධිමත් වෙළෙන්දකු වන ආර්. ඒ. මිරැන්ඩෝ වෙඩි තබා මරණ ලදී. 1854 දී උපත ලැබූ සලාගම කුලයට අයත් ව්‍යාපාරිකයකු වූ ඔහු එවකට කුරුඳු ඉඩම් වැඩිම සංඛ්‍යාවක්‌ හිමි ප්‍රමුඛ කෝටිපතියෙකි. එසේම 1905 දී පිහිටවූ මිනිරන් පතල් හිමිකරුවන්ගේ සංගමයේ උප සභාපති වූයේ ඔහුය. බෞද්ධ පුනර්ජීවනය යනු කාටවත් හිරිහැරයක්‌ නැති ලේබලය යටතේ ඔහු කරගෙන ගිය අමද්‍යප ව්‍යාපාරය කෙරෙහි ද්වේෂයෙන් සිටි ඉංගී්‍රසි ආණ්‌ඩුව නිතර කල්පනා කළේ ඔහු මරණ ක්‍රමයක්‌ ගැනය. ඔහුට දෙවරක්‌ වසදී තිබිණ. එහෙත් ඔහු මරණයෙන් ගැලවින. ඔහුට වෙඩි තැබීමෙන් පසු එංගලන්තයේ සිටි යටත් විජිත භාර ලේකම් වන ආර්. ඊ. ස්‌ටීවන් කියා සිටියේ ඔහු මැරීම දෙවියන්ගේ ක්‍රියාවක්‌ බවය. ඔහු කෝලාහලකරුවන් උසිගැන්වූ බවද ස්‌ටීවන් කීවේය. ඒ අතර, අධිරාජ්‍ය විරෝධී සටනක ගිනි පුපුරු අවුලවමින් සිටි ධනවත් තරුණයකු වූ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්‌ බ්‍රිතාන්‍ය අත්අඩංගුවට පත් විය. ඔහු මිනිරන් පතල් සහ රෙදි පිළි වෙළෙඳසල්හිමි පිටකොටුවේ ඩී. ඩී. පේද්‍රිස්‌ගේ එකම පුත්‍රයා ය. තම පුත්‍රයා නිදහස්‌ කරන්නේ නම් ඔහුගේ බරට කැරට්‌ 24 රන් පවුම් දීමට කැමැති බව කියමින් ඩී. ඩී. පේද්‍රිස්‌ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට පණිවුඩයක්‌ යෑවීය. එහෙත් පේද්‍රිස්‌ පුත්‍රයා ජීවත් වුවහොත් සිංහල ජාතික බලවේගය තවදුරටත් හිස ඔසවන බැවින් තමන්ට විය හැකි ව්‍යසනය රන් පවුම්වල වටිනාකමට වඩා වැඩි බව තීන්දු කළ බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව විශේෂ යුද්ධාධිකරණයක්‌ පිහිටුවා ඔහු වරදකරු කර වෙඩි තබා මැරවීය. රන් පවුම් පොරොන්දුව ගැන ආරංචි වූ තරුණයා මියයැමට ප්‍රථම සිය පියා කැඳවා ඔහුට දොස්‌ නඟන ලදි. තරුණ පේද්‍රිස්‌ගේ මතය වූයේ කිසිදු ආකාරයකින් ඉංගී්‍රසි පාලකයන්ට බාල්දු නොවිය යුතු බවය.

කෝලාහලයට සම්බන්ධ වූ සිංහලයන් 69 දෙනකුව වෙඩි තබා මරණ ලද බව ඉංගී්‍රසි ආණ්‌ඩුව පැවසීය. එහෙත් මරණ ලද සැබෑ ගණන 1000 ඉක්‌ම වූ බව පසුව හෙළි විය. මෙයට අමතරව සිංහලයන් 412 කට එරෙහිව චෝදනා ගොනු කර ඔවුන් යුද්ධාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එයින් 358 ක්‌ වරදකරුවෝ වූහ. ඔවුන් අතුරින් 83 කට වෙඩි තබා මරණ ලද්දේය. නඩු විභාගයේදී සිංහලයන්ට විරුද්ධව සාක්‍ෂි දෙන ලෙස මුස්‌ලිම් සාක්‍ෂිකරුවන්ට බල කර තිබිණ. ආගන්තුක රටක ආගන්තුක ආණ්‌ඩුවක්‌ යටතේ පාලනය වෙමින් සිටි ඔවුන්ට සිංහලයන්ට විරුද්ධව සාක්‍ෂි දීම හැර වෙනත් විකල්පයක්‌ තිබුණේ නැත.

1915 කෝලාහලය මුවාවෙන් අත්අඩංගුවට ගත් අය අතර සුවිශේෂී පුද්ගලයෝ වූහ. එක පවුලේ සහෝදරයන් වූ ඩී. එස්‌ සේනානායක, එෆ්න්. ආර්. සේනානායක සහ ඩී. ඩී. සේනානායක එවැනි තිදෙනෙකි. එසේම ඩී. ආර්. විෙ-වර්ධන සහ දොන් බාරොන් ජයතිලක ද කූඩුවට ගියේය. එසේම දොස්‌තර සී. ඒ. හේවාවිතාරණ සහ එඩ්මන්න් හේවාවිතාරණද හිරේ ලැග්ගාහ. ඔවුහු පසුව අනගාරික ධර්මපාල වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණගේ සහෝදරයෝ ය. හිරගෙදර ඉතා අපිරිසිදු වූ නිසා රෝගී වූ එඩ්මන්ඩ් හේවාවිතාරණ හිරගෙය තුළම මළේය. මේ හැමදෙනාම කළ වරද වූයේ මරක්‌කල කෝලාහලයට සම්බන්ධ වීම නොව අමද්‍යප ව්‍යාපාරයට සම්බන්ධ වීමය.

1915 කලබලයේදී සිදු වූ ජීවිත හානියට වඩා දේපළ හානිය විශාලය. සිංහලයන්ගේ පහරදීම් නිසා මුස්‌ලිම්වරුන් 25 ක්‌ මියගිය අතර 189 ක්‌ තුවාල ලැබූහ. ස්‌ත්‍රී දූෂණ 4 ක්‌ සිදු විය. මුස්‌ලිම් පල්ලි 17 කට ගිනි තබනු ලැබීය. තවත් මුස්‌ලිම් පල්ලි 86 කට අලාභහානි සිදුවිය. දෙපාර්ශ්වයටම අයත් කඩ 4075 ක්‌ කොල්ල කනු ලැබීය. කඩ 350 කට ගිනි තැබිණ.

මේ අවාසනාවන්ත ජාතිවාදී ගැටුම ප්‍රයෝජනයට ගනිමින් සිංහලයන් මර්දනය කිරීමට බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව ගත් දුෂ්ට සහ අවස්‌ථාවාදී උත්සාහයට විරුද්ධව එවකට තිබූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් විශාල වශයෙන් විරෝධය පළ කළේය. ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට තෝරා පත් කර ගෙන සිටියේ මෙරට සිටින උගත් ලාංකිකයන්ගේ නියෝජිතයා ලෙසය. ලංකාවේ සිටින යුරෝපීයයන්ගේ නියෝජිතයා ලෙස මන්ත්‍රණ සභාවේ සිටි හැරී ක්‍රීස්‌, ශ්‍රීමත් රාමනාදන්ගේ විරෝධය වෙනුවෙන් පෙනී සිටියේ ය. එහෙත් සිංහලයන්ගේ නියෝජිතයා ලෙස සිටි එස්‌. සී. ඔබේසේකර, රාමනාදන්ගේ හෝ ක්‍රීස්‌ගේ පැත්ත ගත්තේ නැත. සේනානායක සහෝදරවරුන් මරක්‌කල කෝලාහලය මාර්ගයෙන් බොර දියේ මාළු බාන බව ඔහුගේ මතය විය. මේ අතර සිංහල ක්‍රිස්‌තියානි භක්‌තික ඊ. ඩබ්ලිව්. පෙරේරා සිංහලයන්ට වූ අසාධාරණය ගැන කීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට සංදේශයක්‌ භාර දීම පිණිස නැව් නැඟ එංගන්තය බලා ගියේය. ඔහු එම සංදේශය ගෙන ගියේ සපත්තුවේ සඟවාගෙන ය. තමා ගිය නැවට කලින් නැවේ නැඟ එංගලන්තය බලා ගොස්‌ සිටි දොන් බාරොන් ජයතිලක ඔහුට ලන්ඩනයේදී හමු විය. ඒ වන විට බ්‍රිතාන්‍ය ජාතික ලෙනාඩ් වුල්ෆ්න් ද (බැද්දේගම ලියූ ඉංගී්‍රසි ලේඛකයා ය. ඔහු කීර්තිමත් ලේකා වර්ජිනියා වුල්ෆ්න්ගේ පියාය) ලන්ඩනයට පැමිණ සිටියේය. ආණ්‌ඩුකාර චාමස්‌ එම රැකියාවෙන් නෙරපීමට බ්‍රිතාන්‍ය යටත්විජිත කාර්යාලය තීරණය කරන්නේ ලෙනාඩ් වුල්ෆ්න් පෙරටු කරගත් ජයතිලක සහ පෙරේරා දෙපළගේ සාක්‍ෂිවලට සවන් දීමෙන් පසුවය.

රැකියාව නැති වීම නිසා ලංකාවෙන් පිටවී යැමට සිදු වුවද බලයේ සිටි කාලයේදී රොබට්‌ චාමස්‌ යනු ඉතා ජනප්‍රිය ආණ්‌ඩුකාරයෙකි. බුදු දහම සහ පාලි භාෂාව මනා සේ උගත් ඔහු සිංහල බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා රැසකගේ හිතවතෙකි. ලංකාවට විශ්වවිද්‍යාලයක්‌ අවශ්‍ය බව ඔහු නිතර කීවේය. අවසන් වශයෙන් ගත් කල ඔහුද යටත් විජිත යාන්ත්‍රණයේම ගොදුරකි. 

අනුර සොලමන්ස්‌
http://www.divaina.com/2014/06/29/feature05.html

සබැඳි ලිපි -[1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
]

Saturday, June 28, 2014

අලුත්ගම ගැන කොටි කිඹුල් කඳුළු

අලුත්ගම ඇතුළු දකුණේ ප්‍රදේශ කීපයකදී මුස්‌ලිම් වැසියන්ට විවිධ අන්දමේ හිරිහැර විඳින්නට සිදු වූ බව කියමින් විශාල පිරිසක්‌ වීදි බැස පොළපාලි ගියහ. මුස්‌ලිම් වැසියන්ගේ කඳුළු පිසිමින් උතුරේ දෙමළ වැසියෝද විශාල පිරිසක්‌ පසුගිය සතියේදී වීදි බැස සිටියහ.

අලුත්ගම දී හෝ ඒ ආසන්න නගරයකදී සිංහල වැසියන් කිසිවෙකුටත් කිසිදු ඇබැද්දියක්‌ සිදු වූ බවක්‌ නොපෙනෙන්නේ සිංහල වැසියන් වෙනුවෙන් වීදි බසින ලද පිරිස ඉතා අඩු නිසාවෙනි.

මා මෙසේ සටහන් කරනුයේ ජාතිවාදය ගැන කතා කිරීමට නොවේ. වසර තිහක යුද පරිසරයක යුද්ධය මැද ජීවත් වූ අත්දැකීම් ඇත්තෙමි. එදා යුද්ධයේදී මුස්‌ලිම් හෝ සිංහල සිවිල් වැසියන් බුරුතු පිටින් මියගිය විට ඒ වෙනුවෙන් විරෝධය පළකරමින් වීදි බැස ගිය පිරිස්‌ අපට හමුනොවිණි. ඇතැම් සංවිධාන විසින් කොළඹ සිට නිකුත් කරන ලද පුවත්පත් දැන්වීම් හෝ එවැනි වෙනත් දැන්වීමක්‌ උතුරේ සිට දුටුවෙමි.

අලුත්ගමදී මුස්‌ලිම් වැසියන්ට හිරිහැර සිදුවූ බව කියමින් උතුරේ පෙළපාලි ගියේ දෙමළ වැසියන්ය. මේ දෙමළ වැසියන්ට පෙළපාලි යැමට නායකත්වය ලබා දී තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුය. අලුත්ගම දී මුස්‌ලිම් වැසියන්ට රජය හා ආරක්‍ෂක අංශ සලකන ලද ආකාරය ඉතා නින්දිත බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙළපාලි ගියහ. නිවේදන නිකුත් කළහ. ඊට සහභාගි වූ විශාල දෙමළ පිරිසක්‌ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලට අත්පොළසන් තැබූහ. යුද සමයේදී යුද අපරාධ සිදු වූ බව කියමින් මහමගට බැස සිටින්නේද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ය. ජිනීවා යන්නේද ඔවුන්මය. නමුත් දෙමළ ජාතික සන්ධානයේ පිරිස එදා සිට මේ දක්‌වාම රඟපානු ලබන්නේ එල්.ටී.ටී.ඊ. යේ චරිත බව ඔවුන්ට අමතක වී ගොස්‌ ඇත්ද එසේ නොමැතිනම් අපට අමතක වී ඇත්ද යන්න ප්‍රශ්නයක්‌ වී තිබේ.

මුස්‌ලිම් වැසියන්ගේ වේදනාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කඳුළු සලන විට මේ රටේ සිංහල වැසියන්ට කිසිදු දෙයක්‌ සිදු වී නොමැතිවා සේ පෙනෙයි. හරියටම මෙය අර සියඹලා ගෙනා කතාව මෙනි. අවසානයේදී අපට කීමට සිදුවන්නේ,

"එතකොට මුදලාලි අපි සියඹලා ගෙනාවෙ නැද්ද? යනුවෙනි".

සිංහලයන් පිළිබඳ කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයට මේ රටේ මුස්‌ලිම් වැසියන්ට සිදුවන හිරිහැර වෙනුවෙන් වස්‌ත්‍රයක්‌ ඇඳගෙන පෙනී සිටීමට හැකියාවක්‌ ඇත්දැයි යන්න යළි මතක්‌ කරලීම යුතුකමක්‌ යෑයි සිතේ.

ලෝකයේ සෑම රටකම මුස්‌ලිම් වැසියෝ ඒ රටේ බහුතරය විසින් භාවිත කරනු ලබන භාෂාව මුස්‌ලිම්වරුන්ගේ භාෂාව කරගනිති. නමුත් ශ්‍රී ලංකාවේදී මෙය කනපිට හැරී තිබේ. ශ්‍රී ලංකාවේ බහුතර ජනයා භාවිත කරනු ලබන භාෂාව දෙමළ භාෂාව නොවුණත් ශ්‍රී ලංකාවේ සිටින මුස්‌ලිම්වරුන් භාවිත කරනු ලබන්නේ දෙමළ භාෂාවයි.

ශ්‍රී ලංකාවේ මේ පද පෙරළිය ප්‍රයෝජනයට ගත් එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තමන්ගේ ඊළාම් සටන ගෙනයන්නේ මේ රටේ දෙමළ භාෂාව කතාකරන සියලුම දෙනා වෙනුවෙන් බවට ප්‍රතිඥ දෙමිනි. එහෙත් ප්‍රභාකරන් මේ රටේ මුස්‌ලිම් වැසියන්ට ලබාදුන් කෙංගෙඩියක්‌ නැත. 1990 දී ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් මුස්‌ලිම් වැසියන් බුරුතු පිටින් පන්නා දැමීය. පැය විසිහතරක්‌ ඇතුළත උතුරෙන් මුස්‌ලිම් වැසියන් පිටමං කළ වේලුපිල්ලේ ප්‍රභාකරන් මුළු උතුරම දෙමළ ජාතිකයන්ගේ නිජබිමක්‌ පමණක්‌ බවට පත් කළේය.

මින් නොනැවතුනු වේලුපිල්ලේ ප්‍රභාකරන් නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ගම්මානවලට කඩාවැදී මුස්‌ලිම් වැසියන් සමූල ඝාතනයට ලක්‌කිරීමටද මුස්‌ලිම් දේවස්‌ථානවල ආගමික කටයුතු වල නිරතව සිටි සිය ගණනක්‌ වූ මුස්‌ලිම් වැසියෝද මරා දැමූහ. එදා මුස්‌ලිම් වැසියෝ ප්‍රභාකරන්ගේ මේ ම්ලේච්ඡ ක්‍රියාවට එරෙහිව පෙළපාලි නොගියහ. ඒ වෙනුවට මුස්‌ලිම් නායක රාවුෆ්න් හකීම් කළේ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ සමඟ අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කිරීමය. එනම් ප්‍රභාකරන්ගෙන් මුස්‌ලිම් වැසියන්ට කිසිදු අතුරු අන්තරාවක්‌ සිදුනොවන බවට ලියවිල්ලක්‌ අත්සන් කරගත්තේය.

රාවුෆ් හකීම් මුස්‌ලිම් නායකයා එදා ප්‍රභාකරන්ව කොතරම් විශ්වාස කළේද කියතොත් හලාල් ක්‍රමය පිළිබඳව ප්‍රභාකරන් කෙරෙහි කිසිදු සැකයක්‌ පහළ නොකොට ප්‍රභාකරන් විසින් රාවුෆ්න් හකීම්ට කිළිනොච්චියේදී පිළියෙල කොට දුන් දිවා ආහාරය ප්‍රශ්නයකින් තොරව භුක්‌ති වින්දේය.

මේ කෙටි ඉතිහාසය අද අමතක කිරීමට උත්සාහ දරන දෙමළ ජාතික සන්ධානය මුස්‌ලිම්වරු තමන්ගේ සහෝදර ජනතාවක්‌ ලෙස පෙන්වා දෙමින් ඔවුනට පක්‍ෂව හා රජයට විපක්‍ෂව පෙළපාලි යන්නට පටන් ගෙන තිබේ. මුස්‌ලිම්වරුද එය අනුමත කරන්නේ දෙමළ ජාතික සන්ධානයෙන් තමන්ට කිසිවක්‌ සිදු නොවූ පරිද්දෙනි. තම්බිගෙ තොප්පියේ කතාව අපට මෙහිදී මතකයට නැගෙන්නේ නිරායාසයෙනි.

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේගේ දර්ශනයත්, දෙමළ ජාතික සන්ධානයේ දර්ශනයත් දෙකක්‌ නොව එකක්‌ බව 2003 දී කිළිනොච්චියේදී කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ වර්තමාන නායක ආර්. සම්බන්ධන්ය. ප්‍රභාකරන් අද ජීවතුන් අතර නැතත් දෙමළ ජාතික සන්ධානය ක්‍රියාකරන්නේ යළිත් ප්‍රභාකරන් විසින් ඔවුන්ට ලබාදුන් රාමුව අනුවය. මේ රාමුව යාන්තමට හෝ වෙනස්‌ කිරීමට උත්සහ දරන උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේස්‌වරන්ට ප්‍රභාකරන්ගේ හිතෛෂිවන්තයන් පහර පිට පහර එල්ල කිරීමට සූදානම් වන්නේ ඒ රාමුව වෙනස්‌ කිරීමට දෙමළ ජාතික සන්ධානය අකැමැති නිසාය.

මෙවැනි පසුබිමක්‌ හා පරිසරයක්‌ ඇති දෙමළ ජාතික සන්ධානය අතීතයේ දී මේ රටේ මුස්‌ලිම්වරුන්ට කළ විලම්බෑසිය අමතක කොට අද මුස්‌ලිම්වරුන්ගේ කඳුළු පිඹීමට තරම් කාරුණික වීම කපටි දේශපාලනයේ තවත් ලක්‍ෂණයක්‌ මිස සැබෑ ජාති ආලයක්‌ උදෙසා සිදු වූ දෙයක්‌ නොවේ.

මුස්‌ලිම්වරුන්ට අමතරව සිංහල වැසියන් බුරුතු පිටින් විනාශ කළ ප්‍රභාකරන් හා ඔහුගේ ගෝලයෝ කළ එම ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන අද කිසිවකු කතා නොකළද දෙමළ වැසියන්ට සිදුවූ යුද අපරාධ ගැන කතා කිරීමට නම් විශාල පිරිසක්‌ මේ රට තුළත් විදේශ රටවලත් බිහිවී සිටිති.

මේ කුමන කතාවක්‌ කියමින් හෝ අපි උත්සාහ කරන්නේ මේ රටේ යළිත් ජාතිවාදය ඇවිළවීමට නොවේ. වර්තමානයේ ඇවිළී ගිය ජාතිවාදයට යළි පිදුරු දැමීමටද නොවේ. නමුත් දේශපාලන වාසි තකා ඒ ඒ ජාතීන් බිල්ලට දීම කෙරෙහිත් තවත් ජාතීන්ට ඉස්‌මතු වීමටත් ඉඩදෙන "වාසි පැත්තට හෝයියා" දේශපාලනය රටට කරන්නේ මහා අයහපතකි. දෙමළ ජාතික සන්ධානය මේ අවස්‌ථාවේදී උත්සාහ කරන්නේ අවසන් යුද සමයේ දී දෙමළ ජනතාවට යුද අපරාධ මේ රජයෙන් සිදුවූයේ යෑයි යන කතාව යළි කියන අතර තුර මුස්‌ලිම් ජනතාව පීඩාවට පත්කිරීමටද රජය ක්‍රියා කරන බව හුවා දැක්‌වීමටය. ඒ අතරතුර යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේදී මුස්‌ලිම් ජනයාට වූ හිරිහැර මෙන්ම දෙමළ ජනයාට වූ හිරිහැර ගැනද සොයා බැලීමට පරීක්‍ෂණ පවත්වන මෙන් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටිනු ඇත.

ජිනීවා මානව හිමිකම් කමිටුවට අලුතින් පත්වන තැනැත්තා මුස්‌ලිම් ජාතිකයකු වීම නිසා මුස්‌ලිම් වැසියන් ඉදිරියට දමාගෙන ගෙනයන අරගලයට විශාල ජයග්‍රහණයක්‌ ලැබිය හැකි බව දෙමළ ජාතික සන්ධානය විශ්වාස කරනු ලබයි. නවනීදන් පිල්ලේගෙන් දෙමළ ජාතික සන්ධානයට ලැබුණු හා ලැබෙන සහයට අමතරව මුස්‌ලිම් නිලධාරියාගෙන් ලැබෙන සහායද හරියට ජාඩියට මූඩිය මෙනි. මේ සියලු දෙයින්ම වාසි ලබාගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් අටවනු ලබන උගුලේ සියලු දෙනාම හිරවෙති. එහෙත් කැබිතිගොල්ලෑවේදී, අරන්තලාවේදී, අනුරාධපුරයේදී, කෝංගොල්ලෑවේදී ආදී වශයෙන් සිංහලයන් ඝාතනය වූ ස්‌ථානවල යටගියාව පිළිබඳව ජිනීවා මානව හිමිකම් කමිටුවට කරුණු පැහැදිලි කිරීමට කිසිවෙකුත් නැත. එය හරියට බළලාගේ කරේ මිණිගෙඩියක්‌ බැඳීමට එකම මීයෙක්‌වත් ඉදිරිපත් නොවීම වැනි කතාවකි.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2014/06/29/feature03.html

සබැඳි ලිපි -
අලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!http://denethharinna.blogspot.com/2014/06/18-56.html
අලූත්ගම අහිංසක මුසලුවන් ලඟ ආයුධ ගබඩාවක්. බෝම්බ 56ක්.http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
]

ලේ, මස්, ඇට, නහර වලට කාවැදි සිංහලයාගේ සහජීවනය

බෞද්ධයින් වන්නට පෙර වුවද සිංහලයෝ කිසිදු ඇදහීමකට, කිසිදු ජන කොටසකට එරෙහි නොවූහ. ඒ පිළිබඳ හොඳම උදාහරණය ප්‍රාග් බෞද්ධ අනුරපුර යුගය ආලෝකවත් කළ පණ්‌ඩුකාභය රජතුමාගේ කාලයයි. සැත්තෑ වසක තම රාජ්‍ය කාලය තුළ පණ්‌ඩුකාභය රජතුමා සියලු ඇදහීම්වලට හා සියලු විශ්වාසයන්ට ගරු කළ බවත් විවිධ විශ්වාසයන් හා ඇදහීම් සමග බැඳී සිටි සෑම ජනකොටසකටම එකසේ ආධාර අනුග්‍රහ කළ බවත් ඓතිහාසික සත්‍යයකි.

වැව් ඇළවේලී තනවමින් ථූපාරාමය, මහාවිහාරය, මිහින්තලේ, අම්බස්‌ථල චෛත්‍යය, යාපනේ තිස්‌ස විහාරය, පාචීන විහාරය හා පලග්ග පිරිවෙන වැනි විහාර දාගැබ් පිරිවෙන් කරවමින් ආර්ථික සමෘද්ධිය හා බෞද්ධ සංස්‌කෘතිය උපයෝගී කරගෙන ජාතික සමගිය තහවුරු කළ දේවානම්පියතිස්‌ස රජතුමාගෙන් පසු රජ වූ උත්තිය රජතුමාත් ඔහුගෙන් පසු රජ වූ සුරතිස්‌ස රජතුමාත් ප්‍රමුඛතාවය දුන්නේ සාමකාමී සහජීවන පිළිවෙතටයි. බුදුදහම අනුව යමින් සාමකාමී සහජීවන පිළිවෙතක්‌ අනුගමනය කළ උත්තිය හා සුරතිස්‌ස රජුන් හමුදා සංවිධාන මගින් ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමේ ක්‍රියා මාර්ගයක්‌ අනුගමනය නොකිරීමේ ප්‍රතිඵලය වූයේ ලංකාවේ වෙළෙඳාමේ අස්‌නැවියන් වූ සේන ගුත්තික දෙදෙනා ප්‍රමුඛ සතුරු පිරිසක්‌ සුරතිස්‌ස රජු මරා අනුරපුර රජදහන අල්ලා ගැනීමයි. දේවානම්පියතිස්‌ස රජුගේ බාලම සොහොයුරු වූ අසේල කුමරුන්ගේ නායකත්වයෙන් විමුක්‌තිකාමීව නැගී සිටි දේශප්‍රේමී ජනතාව සේන, ගුත්තික ප්‍රමුඛ සතුරන් පරදවා අනුරපුර රජදහන මුදාගත්තද අන්‍ය ජන කොටස්‌වලට හිරිහැර පීඩා නොකළහ. එසේ වුවත් යළිත් වරක්‌ බලවත් සේනාවක්‌ ගෙනා එළාරයන්ට අසේල රජු මරා අනුරපුර රජදහනේ බලය අල්ලාගත හැකි විය. බලවතෙකු වූ එළාරද ප්‍රජා පීඩකයෙක්‌ වූයේ නැත. එහෙත් ඔහුගේ හමුදාවේ ඇතැම් කොටස්‌ බෞද්ධ පුදබිම් කෙළෙසමින් දුර්දාන්ත ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ නන්දිමිත්‍ර වැනි දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසන මාමක විරුවන් රුහුණට ගොස්‌ කාවන්තිස්‌ස රජතුමා සමග එක්‌වීමයි.

අනුරාධපුර රාජධනිය එළාර යටතේ පවතිද්දී රුහුණේ නායකත්වය දැරූ කාවන්තිස්‌ස රජතුමා දුරදක්‌නා නුවනින් යුතු ජනහිතකාමී බුද්ධිමත් නායකයෙකු විය. ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට දසමහා යෝධයින් වැනි නායකයින් මුල්කරගෙන විධිමත් සංවිධානාත්මක දක්‍ෂ සේනාවක්‌ ගොඩනැඟූ කාවන්තිස්‌ස රජතුමා හින්දු බ්‍රාහ්මණයින්, නිගණ්‌ඨයින්, පරිබ්‍රාජිකයින්, ආජීවකයින් ආදී කිසිදු ආගමික කොටසකට බාධක හිරිහැර කළේ නැත. ඒ බව එතුමාගේ මුණුබුරු වලගම්බා අනුරාධපුරයේ රජ වූ අවස්‌ථාවේ තිස්‌ස බමුණාගේ ප්‍රධානත්වයෙන් රුහුණෙන් මහා කැරැල්ලක්‌ ඇති වීමෙන් පැහැදිලි වේ. එළාර පරදවා ජයගත් දුටුගැමුණු රජතුමාගේ කාලයේ බුදු සසුන නඟා සිටුවන්නට සෑම උත්සාහයක්‌ම දැරුවද බ්‍රාහ්මණ, නිගණ්‌ඨ, පරිබ්‍රාජික ආදී කිසිදු ආගමික කොට්‌ඨාසයකට බාධක හිරිහැර වන අන්දමින් කටයුතු කළේ නැත. ඒ බව පැහැදිලි වන්නේ වළගම්බා රජු සිංහාසනාරූඪව වසරක්‌ ගත වන්නට කලින් මහා කැරැල්ලක්‌ ඇති කිරීමට තිස්‌ස බමුණා වැනි බ්‍රාහ්මණයින්ට හැකි වූ නිසා පමණක්‌ නොවේ. වළගම්බා රජු දෙමළ සතුරන් අතින් පැරදි පසුබසිද්දී සතුරන්ට අනුග්‍රහ දක්‌වන අන්දමින් රජුට නිග්‍රහ කළ ගිරිනම් නිගණ්‌ඨයාගේ ක්‍රියාවෙන්ද ඒ බව පැහැදිලි වේ. අන්‍යාගමිකයින්ට පීඩාවක්‌ නොකළ සද්ධාතිස්‌ස රජතුමන්ගේ බාල පුතුණුවන් වූ වළගම්බා රජතුමන් ගිරි නම් නිගණ්‌ඨයාගේ ආශ්‍රමය බිඳ අභයගිරිය කරවූයේ පරාජයේදී තමාට නින්දා කරමින් සතුරන්ට ආවැඩූ නිගණ්‌ඨයනට දඬුවමක්‌ ලෙස මෙන්ම දුෂ්කර අවස්‌ථාවේ සහය වූ කුපික්‌කල තිස්‌ස හිමියන්ට කරන උපහාරයක්‌ ලෙසිනි. මහසෙන් රජු හා වෝහාරික තිස්‌ස රජු දවස බෞද්ධයින් අතරම අර්බුදකාරී තත්ත්වයක්‌ ඇති වුවද එය දීප ව්‍යාප්ත වූයේ නැත.

රාජ රාජ ප්‍රමුඛ මුන්මඩි චෝල මණ්‌ඩල හමුදාවන් ලංකාව යටත්කර වසර පනහක්‌ තරම් කාලයක්‌ පාලනය කළද රට මුදා ගැනීමට නායකත්වය දුන් කීර්ති කුමාරයා විජයබා නමින් රජ වී අවුරුදු පනස්‌ ගණනක්‌ ධාර්මිකව රට කරවූවා මිස අන්‍ය ජාතික, අන්‍ය ආගමික කොටස්‌වලට හිංසා පීඩා කරවූයේ නැත. 

කාලිංග මාඝ ප්‍රමුඛ ආක්‍රමණිකයන් පොළොන්නරුව ලේ විලක්‌ බවට පත්කරමින් රජරට යකුන් නැටූ පිටියක්‌ බවට පත් කළ පසු දඹදෙණියේ රජ වී පරසතුරන් පරදවා රට එක්‌සේසත් කළ මහා උගතෙකු වූ කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්‌ඩිත දෙවැනි පැරකුම්බා රජුගේ පාලන සමයේදී ද රට සමෘද්ධිමත් කරවා රටේ බස්‌නාහිර හා දකුණු වෙරළ දිගට පොල් උයන් වගා කළද අන්‍ය ජාතික අන්‍ය ආගමික කිසිදු ජන කොටසකට හිංසා පීඩා කරවූයේ නැත. ආර්ය චක්‍රවර්තිවරුන්ගේ ප්‍රහාර නිසා දඔදෙණිය අතහැර කුරුණෑගල අගනුවර කරගන්නට සිදු වුවද ධාර්මික උගතෙකු වූ හතරවැනි පැරකුම්බා (දෙවැනි පණ්‌ඩිත පැරකුම්බා) රජ සමයේ හෝ ඉන්පසුව හෝ කිසිදු ජන කොට්‌ඨාසයකට හිංසා පීඩා නොකළ බවට ඇති හොඳම සාක්‍ෂිය වන්නේ සත්කෝරළයේත් වයඹ පළාතේත් වෙසෙන සුළු ජාතික ජන කොටස්‌ අද දක්‌වා සුරක්‍ෂිතව සිටීමයි. හතරවැනි පැරකුම්බාවන් ධර්මධර උගතෙකු වීම සත්කෝරළ ජනතාවට ආදර්ශයක්‌ වූ බව නිසැකය. දිගින් දිගට එල්ලවූ දකුණු ඉන්දීය හා අනෙකුත් විදේශාක්‍රමණ නිසා කුරුණෑගල රාජධානිය අතහැර රටේ මධ්‍ය කඳුකරයේ වඩා සුරක්‍ෂිත ගම්පල අගනුවර කරගෙන රට කරවූ තුන්වැනි වික්‍රමබාහු රජතුමාගේ කාලයේ ගඩලාදෙණිය ඇම්බැක්‌ක හා ලංකාතිලක ආදී විහාර කර්මාන්ත කර බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇති කිරීමට ඉන්දියාවෙන් පවා කලා ශිල්පීන් ගෙන්වූවා මිස කිසිදු සුළු ජාතික හෝ සුළු ආගමික ජන කොටසකට හිංසා පීඩා සිදුවූයේ නැත.

සිංහල රාජධානිය ගම්පලින් දැදිගමටත් කෝට්‌ටෙටත් මාරු වුවද සිංහලයන් ආගමික සමගිය හා ජනවාර්ගික කොටස්‌ අතර සහජීවනය සඳහා වන පිළිවෙතක්‌ අනුගමනය කළ බව ඓතිහාසික සත්‍යයකි. ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසාන සමෘද්ධිමත් සමය වු ජයවර්ධනපුර කෝට්‌ටේ යුගයේදී අවසන් වරට රට එක්‌සේසත් කිරීමෙහිලා නායකත්වය දුන් හයවැනි පැරකුම්බාවන්ගේ පනස්‌ වසක්‌ ඉක්‌ම වූ රාජ්‍ය පාලනයෙන් ඒ බව මනාව පැහැදිලිවේ.

වසර දෙදහසක්‌ තරම් දිගු කලක්‌ තිස්‌සේ අන්‍ය ජාතික හා අන්‍යාගමික ජන කොටස්‌ සමග සමගියෙන් සහජීවනයෙන් කටයුතු කළ සිංහලයෝ පෘතුගී්‍රසි ආක්‍රමණිකයන්ගේ පීඩනයට ලක්‌ වූ මුස්‌ලිම් ජනතාව රට මැද හාරිස්‌පත්තුවෙත් උඩරට සිංහල රාජධානියට අයත්ව තිබූ නැගෙනහිරත් පදිංචි කරවා ආරක්‍ෂා කරන්නට තරම් පුළුල් දැක්‌මකින් යුත් ජනහිතකාමීන් වූහ. පෘතුගී්‍රසින් සමග එක්‌වී කෙමෙන් බෞද්ධයන්ට විරුද්ධ වීමට තරම් අන්තවාදීන් බවට පත්වූ කතෝලිකයන් පෘතුගී්‍රසි විරෝධී ලන්දේසීන්ගේ ප්‍රහාරයට ලක්‌ වූ අවස්‌ථාවේ කතෝලික බැතිමතුන්ට රට අභ්‍යන්තරයේ වහකෝට්‌ටේ හා මහනුවර හා අම්පිටිය වැනි ප්‍රදේශවල පවා රැකවරණ ලබාදෙන්නට තරම් සිංහල රජුන් සිංහල බෞද්ධයින් ආගමික සහජීවනවාදී වූහ. යුරෝපීය ආක්‍රමණික බලවතුන්ගේ තර්ජනයට මුහුණපා සිටි අතිශය දුෂ්කර අවධියක පවා අන්‍ය ජාතික, අන්‍යාගමික ජන කොටස්‌ ආරක්‍ෂා කරන පිළිවෙතක්‌ අනුගමනය කළ සිංහලයන් පළමුවරට 1915 දී මුස්‌ලිම්වරුන්ට එරෙහි වූයේ යටත් වැසියන් බේදකර පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය උපාය මාර්ගයට අනුගතවී බෞද්ධ පෙරහැරකට පහර දෙන්නට මුස්‌ලිම්වරුන් අන්තවාදීව ක්‍රියාකළ අවස්‌ථාවකදී පමණි. ගැටුම සමථයකට පත් වූ පසු යළි සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් සියල්ලන් ජාතික සංගමය තුළ එක්‌වී රටේ නිදහස සඳහා කටයුතු කළ බව මෑත ඉතිහාසයට අයත් සත්‍යයකි.

ඉස්‌ලාම් ආගමික නායකයින් වන උලේමාවරුන් හලාල් ලාංඡනය, මස්‌ මාංශ නොවන ආහාරපාන ඇතුළු වෙනත් නිෂ්පාදනවලටත් යොදා ගනිමින් බෞද්ධ හා හින්දු ක්‍රිස්‌තියානි සියලු ජන කොටස්‌ මත තමන්ගේ පිළිවෙත් උපායශීලී ලෙස පටවන්නට යාමේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ඉතාම මෑතකදී හැර සිංහලයෝ කිසි විටෙකත් මුස්‌ලිම් වෙළෙඳ ව්‍යාපාර වර්ජනය නොකළහ. මේ ලිපිය මාත් මා ඇසුරු කළ අද වන විට හැටවිය ඉක්‌මවා සිටින බේරුවල, අලුත්ගම, දර්ගා නගරවාසී මුස්‌ලිම් ජනතාවත් අතර ඇත්තේ නොබිඳෙන මිත්‍රත්වයකි. එසේ වූවත් ජාත්‍යන්තර අන්තවාදී ඉස්‌ලාම් සංවිධානවල බලපෑමට අසු වූ මුස්‌ලිම් තරුණයින් අතරින් ජිහාඩ් කැරලි බිහි වී ඇති බව රහසක්‌ නොවේ. අවිචාරවත් ලෙස ජිහාඩ් කල්ලිවලට එක්‌වන මුස්‌ලිම් තරුණයන්, අල්කයිඩා හා තලේබාන් වැනි ත්‍රස්‌තවාදී ක්‍රියා මාර්ග අනුගමනය කරන කොටස්‌වල ආභාෂය ලබා කුමන්ත්‍රණකාරී ජාත්‍යන්තර අධිපතිවාදී බලවේගවල ගොදුරු බවට පත්විය හැකි බැවින් බුද්ධිමත් මුස්‌ලිම් වැඩිහිටියන් සිය තරුණ දූ පුතුන් නිවැරදි මගට හරවාගත යුතුව තිබේ. ජාතික ආරක්‍ෂාවට පවා තර්ජනයක්‌ වන අන්දමින් මුස්‌ලිම් තරුණියන් මුහුණ වසාගෙන යාම අන්තවාදී ප්‍රවණතාවන්ගේ අඳුරු සංකේතයක්‌ වී තිබෙන බව රහසක්‌ නොවේ.

අපේ ළමා හා තරුණ අවධියේ මුස්‌ලිම් කාන්තාවන් අපේ ගමේ අපේ ළිං වලට නාන්නට ආවේ එදා කහදිය වත්ත නමින් හැඳින්වුණු වත්මන් දර්ගා නගරයේ ජලය බීමට තබා ස්‌නානයටවත් නුසුදුසු නිසාය. නළ මගින් ජලය නොසැපයූ අපේ තරුණ අවධියේ දර්ගා නගරයට පානීය ජලය ගෙන ගියේ අපේ ගම්වල ළිං වලින් වතුර කරත්ත මගිනි. කලබල ඇතිවන්නට සති කීපයකට පෙර පවා බේරුවල අල් හුමයිසාරා පාසලේ සේවය කරන මගේ සොහොයුරාගේ දියණියගේ මිතුරු ගුරුවරියෝ දිය නෑම සඳහා අපේ මහගෙදර වත්තට පැමිණියහ. ඒ කිසිවකු මුහුණ වසාගෙන ආවේ නැත. ලක්‌වැසි සියල්ලන් සියලු ආකාරයේ අන්තවාදයන් අත්හළ යුතුව තිබේ. මහා කාරුණික ගෞතම බුදුන්වහන්සේගේ ධර්මය අනුව යන සිංහල බෞද්ධයින් අතීතයේ ධර්මද්වීපවාසීන් ලොවටම ආදර්ශයක්‌ වූවාසේ අනෙක්‌ ජන කොටස්‌වලට ආදර්ශයක්‌ වන අයුරින් කටයුතු කරමින් අධිපතිවාදී කුමන්ත්‍රණකාරී ජාත්‍යන්තර බලවේගයන් පරාජය කළ යුතුය.

අනගාරික ධර්මසේකරතුමා
http://www.divaina.com/2014/06/28/feature01.html

Pic Source

සබැඳි ලිපි -[සිංහලයා ජාතිවාදියෙක්ද?
http://denethharinna.blogspot.com/2012/06/blog-post_09.html
1915 සිංහල - මරක්‌කල කෝලාහලයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2013/04/1915.html
අන්තවාදී මූසළු මොහොමඩ්ලාගේ ගුණ වයන නපුංසක සිංහල මොහොමඩ්ලාට...
http://denethharinna.blogspot.com/2013/02/blog-post_9237.html
]