Pages

Tuesday, June 24, 2014

රට තුල නීතියට ඉහලින් ෂරීයා නීතියද? - JHU

මුස්ලිම් ජාතිකයන් විසින් ක‍්‍රියාත්මක කරන හර්තාල් ව්‍යාපාර වලට නීතිය කි‍්‍රයාත්මක නොවන්නේ මන්දැයි ජාතික ඓළ උරුමය ප‍්‍රශ්ණ කරයි.

එම පක්‍ෂ මාධ්‍ය ලේකම් නිශාන්ත වර්ණසිංහ මහතා විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

පසුගිය දා අලූත්ගම, බේරුවල, දර්ගා නගරය යන ප‍්‍රදේශවල ඇති වූ නොසන්සුන් හා ගැටුම්කාරී තත්වය සමනය කොට සාමකාමී තත්වයකට එම ප‍්‍රදේශ ගෙන එමින් තිබියදී ඊයේ සහ අද දින මුස්ලිම් ආගමික සහ සිවිල් සංවිධාන විසින්  හර්තාල්  ව්‍යාපාර,  කඵකොඩි එසවීම්  විරෝධතා උද්ඝොෂණ සංවිධානය කරමින්  පාරට බැස ඇත. ඒ අනුව  අද දින කල්මුනේ,  එරාවුර්, පුත්තලම යන ප‍්‍රදේශවල  පාරවල්    හරස්කරමින් විරෝධතා ව්‍යාපාර හර්තාල් පවත්වා ඇත. එම හර්තාල් ව්‍යාපාර වලට එරෙහිව විරෝධතා ව්‍යාපාර වලට එරෙහිව මේ රටේ නීතිය කි‍්‍රයාත්මක නොවන්නේ ඇයි දැයි රජයෙන් විමසීමට කැමැත්තෙමු. බෞද්ධ ජනතාවගේ සාමකාමී රැස්වීම් විරෝධතා තහනම් කරමින් උසාවි නියෝග නිකුත් කරන රටේ  නීතිය  මුස්ලිම් විරෝධතා කරුවන්ට බල නොපවත්වන්නේ ඔවුන්ට තවත් නීතියක් කි‍්‍රයාත්මක වන නිසාදැයි විමසා සිටීමට සිදුව ඇත්තේ නීතිය දෙවිදිහකට කි‍්‍රයාත්මක වන බව දැන් පැහැදිලිවම ඇස් පනාපිට දැකගන්නට ලැබෙන බැවිනි. අලූත්ගම සිදු වූ සිදුවීමෙන් පසු බෞද්ධ ජනතාව හා බෞද්ධ සංවිධාන පැවැත්වීමට සුදානම් වූ මාවනැල්ල, රුවන්වැල්ල, බදුල්ල, මහියංගන බෞද්ධ වැඩසටහන් තහනම් කළේ රටතුළ සාමය, ආගමික සහජීවනය පවත්වා ගැනීමට අවශ්‍ය බව ප‍්‍රකාශ කරමිනි.

එම සාමකාමී තත්වය පවත්වා ගැනීම සඳහා මුස්ලිම් ආගමික සංවිධාන වලට අන්තවාදී කල්ලි කණ්ඩායම් වලට එරෙහිව එම  නීතිය කි‍්‍රයාවට නොයෙදෙන්නේ මේ රට තුළ  රටේ නීතියට  ඉහළින් ෂරියා නීතිය   කි‍්‍රයාත්මක වන නිසාදැයි ඇසීමට සිදුව ඇත. සාමය පවත්වාගැනීම යැයි කිය මින් සිංහල බෞද්ධයින් බිය වද්දමින් හිරිවට්ටමින් අකර්මන්‍ය කරමින් මුස්ලිම්  අන්තවාදීන්ගේ කි‍්‍රයාවන්ට උඩගෙඩි දෙන්නේ කවරෙක් සතුටු කිරීමටදැයි අපට ඇසීමට සිදුවී ඇත. පොලීසිය බලා සිටිය දී කඩවල්  වසමින් කඵ කොඩි ඔසවමින් පාරවල් හරස් කරමින් හර්තාල් ව්‍යාපාර කරද්දි සිංහල බෞද්ධයින් සොයා දඩයමේ  යන  පොලීසියක් අද අපට  ලැබී ඇත.  දර්ගා නගරය,  වැලිපැන්න  සිංහලයින්ට  එරෙහිව ප‍්‍රචණ්ඩත්වය මුදාහැරී මුස්ලිම් අන්තවාදීන් නිදැල්ලේ තවමත් සැරිසරද්දී එම ප‍්‍රදේශ  වල සිංහල බෞද්ධයන්ට එරෙහිව පොලීසිය හා  ආරක්‍ෂක අංශ  නීතියේ භීතිය  පතුරවමින් ඇත. මේ ආකාරයට  නීතිය  දෙවිදිහකට කි‍්‍රයාත්මක කරමින් ලෝකයපුරා මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට භික්‍ෂූන්වහන්සේට එරෙහිව ජාත්‍යන්තර මාධ්‍යයන් උපයෝගි කරගනිමින් හකිම්, අසාද්සාලි, මුජිබර් රහුමාන් ඇතුඵ මුස්ලිම් දේශපාලන නායකයින් බොරු බේගල් පතුරවමින් ඇත. සිංහල බෞද්ධයින්ගේ හඩ විද්්‍යුත් මුද්‍රිත මාධ්‍ය තුළ නිල හෝ නොනිල වාරණයකට ලක්කර ඇත. බේරුවල සිදුවීමේ සත්‍ය යටපත් කොට ඇත. මේ රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවට මෙවැනි ඛේදජනක තත්වයකට මෙම ආණ්ඩුව යටතේ මුහුණ දෙන්න සිදුවීම  බලවත්  සිත් වේදනාවක්  ඇති  කරන්නක්  බව  වගකිව යුත්තන්ට අවධාරණය කරන්නෙමු.

ස්තුතියි..!

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ, මාධ්‍ය ලේකම්
http://lankacnews.com/sinhala/news/117744/

Pic Source

0 comments: