Pages

Friday, June 13, 2014

"Carrier Grade WiFi" තාක්‍ෂණය ශ්‍රී ලංකා ටෙලිකොම් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ ජාතික සන්නිවේදන සැපයුම්කරු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ලොව අති නවීනතම සන්නිවේදන තාක්‍ෂණයෙන් දේශය සවිබල ගැන්වීමේ මෙහෙවරට එක්‌ව සිටී. ඒ අනුව, රට දියුණුවන ගමනට දිරිදෙමින් සන්නිවේදන තාක්‍ෂණයේ අති නවීන Carrier Grade WiFi තාක්‍ෂණය ශ්‍රී ලංකාවට ප්‍රථම වරට හ`දුන්වාදීම පසුගියදා සංචාරක කේන්ද්‍රයක්‌ ලෙස ප්‍රකටව ඇති පින්නවලදී සිදුකරන ලදි.

"තිරසාර සංවර්ධනයක්‌ උදෙසා බ්‍රොaඩ්බෑන්ඩ් තාක්‍ෂණය" තේමාවෙන් පැවැත්වූ ලෝක විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ දින සැමරුම වෙනුවෙන් පසුගියදා විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් එය නිල වශයෙන් ආරම්භ කරන ලදි. ලොව අති නවීනතම තාක්‍ෂණය යොදාගනිමින් තම පාරිභෝගිකයන් ස`දහා තත්ත්වයෙන් උසස්‌ ගුණාත්මක සේවාවන් හ`දුන්වාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම නිරතුරුවම පෙරමුණ ගෙන ක්‍රියා කරයි. ඒ අනුව සිදුකළ මෙම Carrier Grade WiFi තාක්‍ෂණය හ`දුන්වාදීමේ අවස්‌ථාව ස`දහා සබරගමුව ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා, විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතා ඇතුළු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන නිලධාරීහු රැසක්‌ ඒ ස`දහා එක්‌වුහ.

මෙම අවස්‌ථාවට එක්‌වූ විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසූයේ දිනෙන් දින ඉහළ යන සන්නිවේදන අවශ්‍යතාවන් සපුරාලීම ම`ගින් රටේ සංවර්ධන ගමන් ම`ගද ශක්‌තිමත් වන බවයි. එමෙන්ම නගරයට සීමා වුණ පහසුකම් නගරයෙන් බැහැරට විහිදුවමින් නගරය මෙන්ම ගමටද තාක්‍ෂණය ගෙනයැම විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශයේ අභිප්‍රාය බවද අමාත්‍යවරයා පැවසීය. එය සාක්‌ෂාත් කරගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ලොව අති නවීන තාක්‍ෂණය යොදාගනිමින් රටේ සංවර්ධනයට දිරිදීම ප්‍රශංසනීය බවද ඒ මහතා එහිදී ස`දහන් කළේය. මෑත වසර කිහිපය තුළ ලෝකයේ සිදුවුණ සන්නිවේදන වෙනස්‌කම් පිළිබ`දව ස`දහන් කළ ඇමැතිවරයා පැවසූයේ පංච බල කේන්ද්‍රයෙන් ශක්‌තිමත්ව දියුණුවන රටට සන්නිවේදන සවිය ලබාදීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම දරන උත්සාහයට අමාත්‍යංශයේ සහාය නිරතුරුවම හිමිවන බවදයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා මහතා පැවසුවේ "Carrier Grade WiFi " තාක්‍ෂණය හ`දුන්වාදීමෙන් රටේ අන්තර්ජාල ප්‍රවේශයේ නව කඩඉමක්‌ සනිටුහන් කිරීමට හැකිවූ බවයි. එම අවස්‌ථාව ලෝක විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ දිනයේදී ලැබීම ශ්‍රී ලංකා ටෙලිකොම් ඉතිහාසයට නව වටිනාකමක්‌ එක්‌කරන බවද පැවසූ ඒ මහතා මෙම`ගින් රටේ වෘත්තිකයන්ටත් ව්‍යාපාරිකයන්ටත් නව අවස්‌ථා රැසක්‌ නිර්මාණය වන බවද පවසයි. 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ලොව ඇති සුපිරිතම සහ අති නවීනතම, බ්‍රොඩ්බෑන්ඩ් තාක්‍ෂණය හ`දුන්වා දීමට සැමවිට පෙරමුණ ගෙන කටයුතු කරයි. ආසියාවේ ආශ්චර්යය වෙත මව් බිම රැගෙන යන ගමනට දිරිෙමින් දකුණු ආසියාවේ ප්‍රථම පරිපූර්ණ සමුද්‍රිය සංදාම පද්ධති මූලස්‌ථානය මාතර ද, ප්‍රථම සමුද්‍රිය සංදාම පද්ධති මධ්‍යස්‌ථානය හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්‍ෂ වරායේ දීද ස්‌ථාපිත කරමින්, නූතන සංනිවේදනයෙන් ලොවට යාවෙන මෙහෙයුම ස`දහා රට වෙනුවෙන් පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට පසුගියදා හැකිවිය. රට තුළ කි.මී. 20,000 කට අධික ප්‍රකාශ තන්තු ජාලයක්‌ සහ විශ්වය පුරා සබ`දතා පැවැත්වීමට මුහුදු සංදාම ජාලයක්‌ ඇති එකම සමාගම ලෙස, නව තාක්‍ෂණයෙන් රට පුරාම පෙරළිකාර වෙනස්‌කම් කළ හැකි එකම සමාගම වන්නේද , ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි. ඩිජිටල් අනාගතයක්‌ සහ ස්‌මාර්ට්‌ ශ්‍රී ලංකාවක්‌ වෙනුවෙන්, නව සේවාවන් රැසක්‌ ඉදිරියේදීද හ`දුන්වාදීම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම බලාපොරොත්තු වන අතර නව සේවාවන් පිළිබ`ද 1212 ඇමතුම් අංකය ඔස්‌සේ වැඩි විස්‌තර ලබාගත හැකිය.

http://www.divaina.com/2014/06/13/velanda01.html

Pic Source

0 comments: