Pages

Wednesday, June 11, 2014

කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද?

Thiruvila  www.nethfm.com - 14
Thiruvila  www.nethfm.com - 02Thiruvila  www.nethfm.com - 06ඓතිහාසික කූරගල පුදබිමේ පුරාවිද්‍යා කැණිම් අතරමග නතරවීම කණගාටුදායක කරුණක් බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි මහලේකම් පූජ්‍ය ගලෙගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසුවේ පුරාවිද්‍යා පනත අනුව කිසියම් අනවසර ඉදිකිරීමක් නම් ඒවා ඉවත් කිරීම බලධාරීන්ගේ වගකීමක් වන බවයි.

Thiruvila  www.nethfm.com - 05" අපිටනම් ඉතින් පුදුමයි මේ රටේ මොනම වෙලාවකවත් මේ ආණ්ඩුවේ උදවිය විතරක් නෙවෙයි කොයිම ආණුඩුවක වගකිව යුත්තන්  කොයි වෙලේවත් මේ බෞද්ධයන්ගේ ප‍්‍රශ්ණ එසැනින් විසඳන ආකාරයක් පේන්න නැහැ.... මේ රටේ ඉන්න බහු භූත නිලධාරීන් අනවශ්‍ය ගැටුම් ඇතිවෙයි ආගමික ගැටුම් ඇතිවෙයි මේවගේ සන්සිද්ධීන් මුල් කරගෙන හැම දාම මේ රටේ උරුමයක්ව පවතින අපෙ රටේ පුරා විද්‍යාත්මක වස්තූන් හැමදාමත් ඒවා යටපත් කරන්නේ ඔය මුලින් කිවුව කාරණා ස්මතු කරගෙන....

Thiruvila  www.nethfm.com - 03ඉතින් කූරගල සිද්ධිය ගත්තත් ඒකත් එහෙමමයි...  මෙතන බලන්න තියෙන්නේ බෞද්ධයා දිනයේ ඉන්නේ බෞද්ධයෝද ඉස්ලාම් කාරයෝද හින්දු කාරයෝද කියන එක නෙවෙයි.... පුරා විද්‍යා පනතට අනුව පුරා විද්‍යා භූමියේ අනවසර ඉදිකිරීම් කරලා තියෙනවා නම් ඒ අනවසර ඉදිකිරීම්  ඉවත් කරන්න  ඕනි.... මේක මහා පුදුම අවාසනාවක් විතරක් නෙවෙයි පුදුම නිවට කමක්.... "

කූරගල පුදබිමේ මුස්ලිම් දේවස්ථානය ආශ‍්‍රීතව පුරාවිද්‍යා කැණිම් සිදුකිරීමට විරෝධය එල්ල වීම හේතුවෙන් එය තාවකාලිකව අත්හිටවු බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා පැවසුවා. කූරගල බෞද්ධ උරුමය වෙනුවෙන් බොදුබල සේනා සංවිධානය දිගින් දිගටම හඩ නැගුවා. කෙසේවෙතත් ඒ වෙනුවෙන් තමන් සිදුකළ මැදිහත්වීමට ඇතැම් භික්‍ෂුන් වහන්සේගෙන් පවා බාධා එල්ල වු බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කළා.

" මේ ගැන ඉතින් බැලූවා මොකද දැන් අස්ගිරි පාර්ශවයේ මතුගම දම්මානන්ද හාමුදුරුවො ඇතුළු කණ්ඩායම මේක බාර අරගෙන ඉන්නේ....  දැන් ඒක උන් වහන්සේලාගේ රාජකාරියක්.... අපි මේකට මැදිහත්වෙලා අතපොවලා මේවා කරලියට ගෙනල්ලා හොද විදිහට විසඳගන්න මැදිහත් වෙනකෙට ඉතින් මහා ශාසන භාරදාරියෝ කියන හාමුදුරුවොරුත් මැදට පැනලා මේවා අව්ල් කරනවානේ.... ඒ නිසා එවා ඒ ඇත්තන්ට භාරයි..... නැත්නම් අපි මේවා කතා කරනකොට ජාති වාදී අරවා මේවා.... පුදුම විදිහටනෙ මේවාට අකුල් හෙලන්නේ....

නමුත් පුරා විද්‍යාත්මක ස්ථානයක් මේක බෞද්ධ පුරාවස්තු තියන තැනක්... මේක බෞද්ධයන්ට හිමි තැනක් කියලා දැන දැන එවයෙ ගිහිල්ලා පල්ලි අටවන එවුන්ට නීති කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ..... ඒවා ඉවත් කරන්න ගියාම ඉතින් ජාති වාදී ආගම් වාදී...සිත රිදෙයි අරකයි මේකයි....  ඉතින්  ඕක තමයි ඇත්ත ඉතින්.... යමි කිසි දවසටත් රුවන් වැලි සෑයටත් මේ තත්වය උදාවෙන දවසට  අනේ දැන් ඉතින් මොනවත් කරන්න බැහැ කියන තත්වෙට අපේ උන්දෙලා පත්වෙයි......  "

සමන්ත කුමාර
http://nethfm.com/article/18291/neth 

සබැඳි ලිපි -
[
‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථානhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

0 comments: