Pages

Thursday, June 26, 2014

සත්‍ය තත්ත්වයන් නොදත් පුද්ගලයෝ බෞද්ධයන්ට එරෙහි ප්‍රචාර ගෙන යනවා

ඇත්ත තත්ත්වය නොදත් පිරිස්‌ ලොව පුරා වෙසෙන බෞද්ධයන්ට එරෙහිව වෙබ් අඩවි තුළින් අසත්‍ය පුවත් ගෙන යමින් සිටින බව මහජන එක්‌සත් පෙරමුණේ නායක, ජල සම්පාදන හා ජලාපවහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

හෙතෙම ඊයේ (24 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන ශ්‍රී පුෂ්පාරාම විහාරස්‌ථානයේ චෛත්‍යරාජයාණන්ගේ කොත් පැළඳවීමේ හා ශ්‍රී පාද ලාංඡනය හා රන්වැට විවෘත කිරීමේ උත්සවයට එක්‌වෙමිනි.


මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද පැවැසීය.


අද ලෝකේ පුරා බෞද්ධයන්ට විරුද්ධව හැම වෙබ් සයිට්‌ එකකින්ම අසත්‍ය ප්‍රචාරය කරනවා. ඒ මේ රට ගැන නොදත් මිනිස්‌සු. ඇත්ත තත්ත්වයන් නොදැන මේ රටට කරන හානිය ලෝකේ පුරා වෙබ් 'සයිට්‌' වලින් ප්‍රචාරය කරනවා.


නමුත් මහා සඟරුවන මේ රට ආරක්‍ෂා කළ හැටි, ජනතාව මේ රට ආරක්‍ෂා කරපු හැටි, මේ දේශය ආරක්‍ෂා කරපු හැටි ඉතිහාසය පුරා හැම වැලි කැටයකටම කතා කරන්න පුළුවන් නම් කතා කරනවා නායක හාමුදුරුවනේ. එය සත්‍යයක්‌, එය කෘතවේදීව මේ අවස්‌ථාවේදී සිහිපත් කළ යුතුයි.


අපි මේ ගමේ හැදුනා වැඩුණා. මේ ඉන්න හුඟදෙනා හැදුණා වැඩුණා. මේ ගමේ තිබුණු තත්ත්වය අපි කවුරුත් දන්නවා. ඒ කාලයට වඩා මේ ගමත් වෙනස්‌ වුණා. නමුත් මේ ගමේ බෞද්ධ පුනර්ජීවනයත් සමඟ ගමේ වාසය කරන සෑම දෙනා සමඟ ඒ සිතුම් පැතුම් මත මේ ගම දියුණු කිරීමට අපේ නායක හාමුදුරුවෝ ප්‍රධාන පුෂ්පාරාමය ලබාදී තිබෙන ආදර්ශය මේ අවස්‌ථාවේදී සිහිපත් කරනවා".


අග්ගමහා පණ්‌ඩිත දවුල්දෙන ඤාණිස්‌සර මහ නාහිමි, විහාරාධිපති ඇල්කඩුවේ නාගිත හිමි ප්‍රධාන ගරුතර සඟරුවන, තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න, පළාත් සභා ඇමැති උපාලි කොඩිකාර ඇතුළු මහජන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වූහ.


සිරිමන්ත රත්නසේකර

http://www.divaina.com/2014/06/25/news22.html

Pic Source

0 comments: