Pages

Thursday, June 26, 2014

බොදුබල සේනා අරමුණ ශ්‍රී ලංකා භූමියත්, ජාතියත්, බුද්ධ ශාසනයත් සුරක්‌ෂිත කරගැනීමයි - ඥනසාර හිමි

ශ්‍රී ලංකාවේ වාසය කරන කිසිදු ජන කොටසකට කුමන ආගමික මතයක්‌ දරණ පාර්ශ්වයකට අකටයුත්තක්‌ අගතියක්‌ සිදු කිරීමේ ෙච්තනාවක්‌ බොදුබල සේනා සංවිධානයට නොමැත. බොදුබල සේනා සංවිධානයේ අරමුණ ශ්‍රී ලංකා භූමියත් ජාතිය හා බුද්ධ ශාසනය සුරක්‌ෂිත කර ගැනීම පමණකැයි මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ශ්‍රීමත් දළදා සමිඳුන් වෙත ප්‍රතිඥවක්‌ ඉදිරිපත් කරමින් බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූහ.

මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වුණු අධිෂ්ඨාන පූජාවක්‌ද මෙම වැඩසටහනට ඇතුළත් විය.

දළදා සමිඳුන් වෙත පුෂ්පෝපහාර දැක්‌වීමෙන් පසුව සිංහල ජාතියත්, දේශයත් සම්බුද්ධ ශාසනයත් කැපවීමෙන් ආරක්‌ෂා කරන බවද ප්‍රතිඥව ඉදිරිපත් කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ පැවැසූහ.

කිසිදු අවශේෂ ජන කොටසකගෙන් හෝ ත්‍රස්‌තවාදී ව්‍යාපාරයකින් ස්‌වකීය මව් බිමටත්, ජාතියට සහ සම්බුද්ධ ශාසනයට හිංසාවක්‌ පීඩාවක්‌ නොවේ යයි ප්‍රාර්ථනය කරන අතර ඒ සඳහා ශ්‍රීමත් දළදා සමිඳුන්ගේ පිහිටාධාරය ලැබේවායි ප්‍රාර්ථනය කරන බවද උන්වහන්සේ පැවසූහ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති එච්. එන්. බී. අඹන්වල සහ නියෝජ්‍ය පොලිස්‌පති ජී. බී. පෙරමුණේ යන මහත්වරුද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී ගාමිණී ඇල්ලේපොල මහතා ප්‍රමුඛ පොලිසිය ආරක්‌ෂක විධිවිධාන සලසා තිබිණ.

දළදා සමිඳුන් වෙත ඉදිරිපත් කරන ලද දස වැදැරුම් ප්‍රතිඥවෙහි මෙසේ සඳහන් විය.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ වම් දන්ත ධාතූන් වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩම කර සිටීම, ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටීමක්‌ ලෙස ශ්‍රී ලාංකික බොදුනුවන් තරයේ විශ්වාස කරනා හෙයින්ද,

අපගේ රාජ්‍යයේ සැබෑ දේශපාලනික බලය සියලුම ඓතිහාසික අර්බුදවලදී නියෝජනය කළේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ හෙයින්ද,

චෝල, ෙච්ර, පාන්ඩ්‍ය, ජා ආක්‍රමණවලදීද, පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසි හා දෙමළ ජාතිවාදී ආක්‍රමණවලදීද විවිධ ප්‍රහාරවලට හසුවෙමින් තවමත් නිරුපද්‍රිතව වැඩ සිටිමින් දළදා වහන්සේ රාජ්‍යයේ හා ජාතියේ ස්‌වාධීනත්වය නිරූපණය කරනා හෙයින් ද,

බුදුරජාණන්වහන්සේගේ පිරිනිවන් මංචකයේදී සම්බුද්ධ ශාසනය හා ධර්මය තිරසාරව පිහිටන්නේ සිංහලද්වීපය හෙවත් වත්මන් ශ්‍රී ලංකාවේ බව වදාරා ඒ සඳහා අපට ආශීර්වාද කර ඇති හෙයින්ද,

ඒ මත පිහිටා අතීත රජවරුන් කීපදෙනෙකු විසින් කීපවතාවකදී අප රාජ්‍යය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට හා භික්‌ෂු ශාසනයට පුදකර ඇති හෙයින්ද,

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ආගමනයෙන් පසු සිංහල භික්‌ෂු වංශයක්‌ බිහි වී ධර්මය ද ශාසනය වසර දෙදහස්‌ තුන්සියයකට අධික කාලයක්‌ ශ්‍රී ලංකාව තුළ අඛණ්‌ඩව රැකගෙන ඇවිත් ඇති හෙයින් හා ලොව පුරා එකී ශ්‍රී ධර්මස්‌කන්ධය ව්‍යාප්ත කර ඇති හෙයින්ද,

එකී උරුමය වත්මනෙහි නියෝජනය කරනා අපි රටට ජාතියට හා ශාසනයට එල්ල වී ඇති වත්මන් උවදුරු හමුවේ මෙලෙස ප්‍රතිඥ දෙන්නෙමු.

මෑත කාලීනව රටට ජාතියට හා ශාසනයට එල්ල වූ දෙමළ බෙදුම්වාදී ත්‍රස්‌තවාදය හමුවේද, එවැන්ජලික අන්‍යආගම්කරණ ව්‍යාපාරය හමුවේද මෑත දී මතු වූ මුස්‌ලිම් මූලධර්මවාදී තර්ජනය හමුවේ ද ඉදිරිපත් වූ අයුරින්ම ඉදිරියේදී මව්බිමේ ආරක්‌ෂාවත්, ජාතියේ අදීනත්වයත්, ශාසනයේ චිරස්‌ථිතිය පිණිසත්, සැමවිටම ඉදිරිපත් වන බවට ප්‍රතිඥ දෙන්නෙමු.

ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනයා පිළිබඳව රට තුළත්, ලොව පුරාත් මිථ්‍යා මතවාද පතුරුවන අන්තවාදීන්ගේ මෘදු ආක්‍රමණයට ලක්‌වී ඇති සියලු දේශපාලකයින්, මාධ්‍ය ආයතන හිමිකරුවන්, මාධ්‍ය ප්‍රධානීන් මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් හා රාජ්‍යතාන්ත්‍රික පිරිස්‌වලට වෛර නොකර, ඔවුනට සත්‍යයත්, ප්‍රඥවත් පහළවන මෙන් කරුණා, මෛත්‍රී පාදකව කටයුතු කරන මෙන් සියලු බෞද්ධ ජනයාගෙන් ඉල්ලා සිටින අතර, සත්‍යයත්, යුක්‌තියත් වෙනුවෙන් නොපසුබටවම අඛණ්‌ඩව ක්‍රියා කරනා බවට ප්‍රතිඥ දෙන්නෙමු.

රටේ ඉහළම නීතිය වූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සම්බුද්ධ ශාසනයට දී ඇති ප්‍රමුඛතාවය උල්ලංඝනය කරමින් කටයුතු කරනා සියල්ලන් පිළිබඳව සමස්‌ත බෞද්ධ ජනයා දැනුවත් විය යුතුය. එමෙන්ම රටේ මාර්ග නීති, ඉඩම් නීති, නගර හා ආගමික ස්‌ථාන ඉදිකිරීමේ නීති, පාරිභෝගික නීති ආදී සියල්ල සෑම පුරවැසියකුටම සමානව රට පුරා ආගමික කල්ලිවල බලපෑමට යට නොවී ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කරනා අතර, එම සමානාත්මතා අයිතිය දිනා ගන්නා තෙක්‌ අධිෂ්ඨාන පූර්වකව ක්‍රියා කරනා බවට ප්‍රතිඥÊදෙමු.

අධ්‍යාපනයේ අවස්‌ථා, නීතිය පසිඳලීම, රජයේ හා පුද්ගලික අංශයේ උසස්‌ රැකියා ආදිය සඳහා පත්වීම් ලබාදීමේදී බෞද්ධ විරෝධී කල්ලි විසින් සංවිධානාත්මක ක්‍රියාවලියක්‌ දියත් කර ඇත. නීති විද්‍යාල ප්‍රවේශයේදී ද, ඇතැම් ඉස්‌ලාමීය කල්ලිවලට නීතිය ක්‍රියාත්මක වීමේදීද පෙනී ගියේ මෙයයි. බෞද්ධ ත්‍රස්‌තවාදයක්‌ ගැන කතා කරමින් ඇතැම් ඇමැතිවරුනට විවෘතවම බෞද්ධයිනට එරෙහිව ක්‍රියා කිරීමට රාජ්‍ය බලය ලැබී ඇත. මේ නිසා සමාජයේ සම අවස්‌ථා ලබාගැනීම සඳහාත් උපතේ සිට සොහොන් බිම දක්‌වා සමාජ බෙදුම්වාදය ගෙන යන ආගමික උම්මත්තකයන් පරාජය කිරීම සඳහාත් කැපවන බවට ප්‍රතිඥ දෙමු.

බෞද්ධයනට ත්‍රස්‌තවාදී ලේබලය අලවමින් ඔවුන් ජාතික, ජාත්‍යන්තර ලෙස ආත්ම විශ්වාසය බිඳගත් පිරිසක්‌ කිරීමේ මාධ්‍ය සංග්‍රාමයක රජයේ ඇමැතිවරු කීප දෙනෙකු ද, විපක්‌ෂ දේශපාලකයන් කීප දෙනකුද ජනමාධ්‍ය හසුරුවන කීප දෙනකුද ක්‍රියා කරති. ඔවුන්ටද සම්‍යක්‌ දෘෂ්ටිය පහළවේවා.

සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2014/06/25/news27.html

Pic Source

0 comments: