Pages

Wednesday, June 4, 2014

ප්‍රාදේශීය සභාපතිවරු රැසක්‌ පොදු ඉඩම් අයිතිකරගෙන. පැමිණිලි 1000ක්‌. නඩු අහන්නෙත් ඔවුන්මයි! විභාග කිරීම මන්දගාමීයි!

රටේ විවිධ ප්‍රදේශවල පොදු කටයුතු සඳහා වෙන් කරන ඉඩම් ප්‍රාදේශීය සභාවල හිටපු සහ දැනට සිටින ඇතැම් සභාපතිවරු තමන්ගේ නමට ලියා ගෙන ඇති බවට ඉඩම් අමාත්‍යාංශය වෙත පැමිණිලි ලැබී ඇත. මේ සම්බන්ධව පැමිණිලි දහසකට (1000) අධික සංඛ්‍යාවක්‌ සිය අමාත්‍යාංශය වෙත ලැබී ඇතත් ඒවා විභාග කිරීම පළාත් පාලන ආයතනවලට පැවරී තිබිම නිසා එම කටයුතු ද මන්දගාමී තත්ත්වයක පවතින බව ඉඩම් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌"දිවයින ඉරිදා සංග්‍රහය" ට පැවැසීය.

අක්‌කර දෙකට වඩා වැඩි ඉඩමක්‌ කැබලිකර විකිණීමේදී ඒ සඳහා අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාගත යුතු අතර එලෙස කැබලිකරන ඉඩම්වලින් සියයට දහයක්‌ (10%) පොදු කටයුතු සඳහා වෙන්කළ යුතුව ඇත.

මෙලෙස වෙන්කරන ලද ඉඩම් කැබලි හිටපු සහ දැනට සිටින ඇතැම් සභාපතිවරු තම නම්වලින් ලියාගෙන ඇති බව ඉහත ප්‍රකාශකයා කීය.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2014/06/01/news04.html

Pic Source

0 comments: