කිසියම් පිරිසකගේ පහර කෑමට ලක්‌වූ බව කියමින් වටරැක විජිත හිමියන් ඉකුත් 18 වැනිදා පෙරවරුවේ පානදුර හිරණ ප්‍රදේශයේ වැටී සිටියදී පොලිසිය මගින් සොයාගන්නා ලදී.
එහිදී විජිත හිමියන් කියා සිටියේ තමන්ට දැන් කල්පනාව මදි බවත් කිසියම් පිරිසක් තමන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී නිරුවත් කර අත්පා ගැටගසා මහ මග දමා ගිය බවත්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ කොළඹ අපරාධ කොට්‌ඨාසය වටරැක හිමියන්ගේ පරස්‌පර විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් සැක පහළ කර තිබිණි.
පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශන වලින් හෙළිවූයේ මෙම සිද්ධිය වටරැක විජිත හිමියන් කළ බොරු රංගනයක් බවයි. විජිත හිමියන්ගේ සමීපතම ඥතියකුගෙන්ද ලද තොරතුරු ඔස්‌සේ පොලිසිය මේ බව අනාවරණය කරගෙන තිබිණි.
ඒ අනුව විජිත හිමියන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව යන්නට සූදානම් වෙද්දී එහි ගිය කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීහු එම හිමියන් අත්අඩංගුවට ගත්හ.
අසත්‍ය ප්‍රකාශ කිරීමේ (මුසාවාදා වේරමණී සික්‌ඛාපදං) චෝදනාව මත විජිත හිමියන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවැසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, පොලිස් අධිකාරි නුවන් වෙදිසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්‌ඨාසය පරීක්‍ෂණ පවත්වයි.
හේමන්ත රන්දුණු, පානදුර විජිතා ලියනගේ සහ වාද්දුව සිරිසෝම සුසෙව්හේවා
http://www.divaina.com/2014/06/26/news01.html
0 comments:
Post a Comment