Pages

Thursday, June 12, 2014

මාතලේ හින්දු කෝවිල කඩා මුසලු දෙමිතුරෝ හොර ඔප්පු හදා විකුණලා

මාතලේ මන්දණ්‌ඩාවල ආදිලෙච්ඡමී කෝවිල කඩා විනාශ කර එම භූමියට ව්‍යාජ ඔප්පු සකසා අලෙවි කිරීම පිළිබඳ තොරතුරු සොයා ගැනීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ ස්‌ථාපිත කළ සර්ව ආගමික පොලිස්‌ ඒකකය පියවර ගෙන ඇත.

මෙම කෝවිල සහ ඉඩම අක්‌කර 56 ක්‌ පමණ වේ. 1983 ඇතිවූ කලබල මුල්කර ගෙන කෝවිලේ හිමිකරු වූ වේලුමුදලි මහතා සිය දරුපවුල සමඟ ආරක්‍ෂාව පතා ඉන්දියාවට ගොස්‌ ඇත. ඔවුන් නැවත මෙරටට පැමිණ ඇත්තේ 1992 වර්ෂයේය.

මෙරටට පැමිණි පසු සිය පියා විසින් දරුවන් අමතා මාතලේ කෝවිල සමඟ ඉඩමක්‌ පවතින බවත් පවසා ඇත. ඒ අනුව සොයා බැලීමේදී මීට මාසයකට පමණ පෙර සිය පියාට අයිති කෝවිල මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනකු කඩා විනාශ කර ඉඩම් කෑලිවලට කඩා අලෙවිකරන බවට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව පුතුන් තිදෙනකු මාතලේට ගොස්‌ සොයා බැලීමේදී කෝවිල කඩාදමා ඉඩම කැබලි කර අලෙවි කර ඇතිබව දැක බලාගෙන පැමිණ මාතලේ පොලිසියට පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් සර්ව ආගමික කටයුතු පිළිබඳ පොලිසියටද පැමිණිලි කිරීමෙන් පසු පොලිස්‌ ඒකකය භාර සහකාර පොලිස්‌ අධිකාරි බන්දුල ඩී. පෙරේරා මහතා කළ විමර්ශනයේදී මෙම ඉඩම ව්‍යාජ ඔප්පු සකස්‌ කර ප්‍රංශයේ පදිංචි පුද්ගලයකුට අලෙවි කර ඇති බව හෙළි කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමේදී ව්‍යාජ ඔප්පු සැකසීමට පිරිසක්‌ සම්බන්ධ වී ඇති බව හෙළි කරගෙන වැඩිදුර විමර්ශන සඳහා එම ලිපිගොනු අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවට යොමුකළ බව සහකාර පොලිස්‌ අධිකාරි බන්දුල ඩී. පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.

(කඩා විනාශ කරන ලද දේව ප්‍රතිමා කොටස්‌ කිහිපයක්‌ මෙහි දැක්‌වේ.)

චමින්ද සිල්වා
http://www.divaina.com/2014/06/12/news23.html

0 comments: