Pages

Thursday, June 26, 2014

රජරට වකුගඩු රෝගයට මුල විෂ කාරකයක්‌ ශරීරගත වීමයි. පිළිකා මඬින දේශීය සහල් කන්න - වෛද්‍ය චන්න ජයසුමන

පුරා වසර හයක්‌ තිස්‌සේ රජරට පුරාවට පැතිරී ඇති වකුගඩු රෝගය පිළිබඳව කරන ලද විවිධ පර්යේෂණ අනුව විෂකාරකයක්‌ ශරීරගත වීමේ හේතුවෙන් වකුගඩු අකර්මණ්‍ය වන බව සනාථ වී ඇතැයි, වෛද්‍ය චන්න ජයසුමන මහතා පසුගියදා අනුරාධපුර පසු තාක්‍ෂණ ආයතනයේ පැවැති ගොවි නායක සමුළුවේදී අවධාරණය කළේය.

මහවැලි එච්. කලාපයේ ගොවි සංවිධානවල සභාපතිවරුන් ඇතුළු ගොවි නායකයන් තුන්සියයක්‌ පමණ දෙනා මෙම සමුළුවට සහභාගිවී සිටි අතර මෙම සමුළුව සංවිධානය කර තිබුණේ මහවැලි සප්ත කලාපීය ගොවි සම්මේලනයේ සභාපති සිරිසේන දිසානායක මහතා විසිනි.

පිරිපහදු කරනු ලබන ජලය බීමෙන් පමණක්‌ විෂකාරක ආශ්‍රයෙන් හැදෙන වකුගඩු රෝගයෙන් ගැලවෙන්න බෑ. ශරීරගත වෙන්නෙ වතුර පමණක්‌ නොවේ. බත්, එළවළු, පලතුරු ආදියත් ශරීරගත වෙනවා. විෂකාරක ලෙස හඳුනාගත් ආසනික්‌, කැඩ්මියම් වැනි බැර ලෝහයන් අඩංගු රසායනික පොහොර සහ කෘමිනාශක, වල්නාශක ආදිය ගහකොළට පොළොවට යොදන බව හැබෑනම් ඒ ගහකොළවල හැදෙන දේ ආහාරයට ගැනීමෙන් වකුගඩු අකර්මණ්‍ය කරන විෂකාරක ශරීරගත වෙනවා. මේ තත්ත්වය පාලනය කරගැනීමට නම් පිරිසිදු වතුර බොන්නා වගේම කෘෂි රසායන නොයෙදූ ආහාර ද්‍රව්‍ය ආහාරයට ගතයුතු වෙනවා. විශේෂයෙන් කෘෂි රසායනවල අඩංගු විෂකාරකයන් කළුහීනටි ඇතුළු දේශීය නිවුඩු සහල්වල අඩංගු නොමැති අතර සංඝටකය මගින් වකුගඩු රෝගය මර්දනය කරනු ලබනවා. මේ නිසා රජරට පුරාවට පැතිරී ඇති වකුගඩු රෝගය මර්දනය කිරීමේ සැබෑ සෘෂිවරු වන්නේ දේශීය වී නිපදවන ගොවි ජනතාවයි. මේ නිසා රටට ජනතාවට ආදරය ඇති ගොවිජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙතැන් පටන් කළුහීනටි, මඩතවාලු, පච්ච පෙරුමාල්, සූදුරු සම්බා, කුරුලුතුඩු වැනි දේශීය වී වර්ග වගාකරල තමන්ගේ දරුපවුල වකුගඩු රෝගයෙන් ආරක්‍ෂා කර ගනිමින් රටේ බත් කන ජනතාවද ආරක්‍ෂා කර ගන්න කියලා, යෑයි වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවැසීය.

තවදුරටත් කරුණු පැහැදිලි කළ වෛද්‍ය චන්න ජයසුමන මහතා මෙසේද පැවැසීය.

වැඩිහිටි පිරිමින්ට වකුගඩු රෝගයට අමතරව මුඛය, නාසය, උගුර වැනි තැන්වල පිළිකා රෝගය හැදෙනවා. වැඩිහිටි කාන්තාවන්ට පයෝදරවල, ගැබ්ගෙල වැනි තැන්වල පිළිකා හැදෙනවා. දරුවන්ට රක්‌ත හීනතාව හැදෙනවා. මේ සියල්ලම ආහාරපාන හරහා විෂ කාරකයන් ශරීරගත වීම නිසා හැදෙන ලෙඩ රෝග.

කලින් රජරටට සීමා වූ වකුගඩු රෝගය දැන් බදුල්ල, මොනරාගල, මහඔය, බුත්තල, වැල්ලවාය, තණමල්විල, ලුණුගම්වෙහෙර, වීරකැටිය, කතරගම, තිස්‌සමහාරාම, අඟුණකොළපැලැස්‌ස, පදියතලාව, කන්තලේ මේ ආදී වශයෙන් දිවයින පුරා කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිරෙමින් පවතිනවා. මේ වනවිට අනුරාධපුරයේ වකුගඩු රෝගීන් 34,249 ක්‌, පොලොන්නරුවේ 16133 ක්‌, පොල්පිතිගම 10341 ක්‌, දෙහිඅත්තකණ්‌ඩිය 2405 ක්‌, කන්තලේ 2339 ක්‌, මාතලේ 1182 ක්‌, දකුණු පළාතේ 957 ක්‌. මේ විදියට මුළු රෝගීන් ගණන 69258 ක්‌. 2020 වන විට මුළු රටේ ජනගහනයෙන් තුනෙන් එකක්‌ වකුගඩු රෝගීහු බවට පත්වෙනවා. තවත් තුනෙන් එකක්‌ පිළිකා රෝගීන්. මේ අවදානම නැති කරල රටේ ජනතාව මේ රෝගවලින් ගලවා ගත හැක්‌කේ ගොවි ජනතාවටමයි. මේ නිසා මින් ඉදිරියට අඩු වශයෙන් අක්‌කර කාලකවත් දේශීය වී වගා කරන්න. දෙයියන්ගේ නාමෙට දුවා දරුවන්ට නම් කෘත්‍රිම වී වර්ගවල බත් දෙන්න එපා. තෙල්, පොහොර යෙදූ ආහාර ද්‍රව්‍ය දෙන්න එපා. කළුහීනටි වැනි දේශීය වී වලින් නිපදවන බත් ලබාදෙන්න.

මෙම රැස්‌වීමේදී විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ ලේකම් විඡේරත්න සකලසූරිය මහතාද අදහස්‌ දැක්‌වීය.

තලාව, එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2014/06/26/news23.html

සබැඳි ලිපි -
[

වකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_2560.htmlවකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික්‌ - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක්‌ හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]

0 comments: