Pages

Wednesday, June 11, 2014

බොදුබල සේනාවට එරෙහිව නීතිපතිට ලියමින් නීතිඥ සංගමයේ සභාපති උත්සාහ ගන්නේ ජිනීවා චෝදනා පත්‍රයට කරුණු සැපයීමටයි - ඩිලන්ත විතානගේ

තම සංවිධානයට එරෙහිව නීතිපතිවරයා වෙත ලිපි ලියමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා උත්සාහ ගන්නේ ජිනීවා චෝදනා පත්‍රයට කරුණු සැපයීම බව බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා චෝදනා කළේය.

විදේශ මුදල්වලට ලොබ බැඳ මේ කරන ක්‍රියාව සමස්‌ත සංගමයේ අවශ්‍යතාවයක්‌ නොව කිහිපදෙනකුගේ පටු වුවමනාවක්‌ යෑයි කී හෙතෙම ටයි කෝට්‌ දාගත් අලුගෝසුවන්ගෙන් ආගම, රට, නීතිඥ සංගමය, තම වෘත්තිය රැක ගන්නා ලෙස නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක්‌ කළේය.

ආචාර්ය ඩිලන්ත විතානගේ මහතා ඊයේ (10 දා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඩිලන්ත විතානගේ මහතා -

අප සංවිධානයේ ක්‍රියාකාරකම්වලට එරෙහිව ගත හැකි ඉක්‌මන් ක්‍රියා මාර්ග ගන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා නීතිපතිවරයාගෙන් මීට දින කිහිපයකට උඩදී ලිපියක්‌ යොමු කරමින් ඉල්ලා තිබෙනවා. එම ලිපිය පිළිබඳ අප එතරම් සැලකිල්ලක්‌ දැක්‌වූයේ නැහැ. එසේ කළේ ඔහු නැතිව ගිය ජනප්‍රියත්වය නැවත ලබා ගැනීමට සිදුකළ කාරියක්‌ ලෙස සිතූ නිසයි.

නමුත් දැන් එය ගැන කථා කරන්න සිදුව තිබෙනවා. එම ලිපිය මගින් බොදුබල සේනා සංවිධානයේ නඩු ගැන විශේෂ අවධානයකින් සිටිනා බව දන්වා තිබෙනවා. ඒ තුළින් ගම්‍ය වන්නේ ඔවුන්ට අධිකරණයේ කටයුතු විශ්වාසයක්‌ නැති බව නොවේද? ඔවුන් මේ මගින් අධිකරණයට අපහාස කර ඇතැයිද කියා සොයා බැලිය යුතුයි.

උපුල් ජයසූරිය මහතා එම ලිපිය මගින් තවදුරටත් කියා තිබෙනවා බොදුබල සේනා සංවිධානය රටටත්, බුදු දහමටත් අගෞරවයක්‌ කර තිබෙන බවට. හැකිනම් එම චෝදනා ඔප්පු කර පෙන්වන ලෙස අප ඔහුට අභියෝග කරනවා. තෙල් බෙහෙත් කාරයෝ වගේ බොරු චෝදනා කරන්න එපා යෑයි අප ඔහුගෙන් ඉල්ලා සිටිනවා.

බුදුන්වහන්සේ මිනීමස්‌ කෑවා යෑයි අන්‍යාගමිකයන් කියනකොට වටරැක විජිතගේ ප්‍රකාශවලට එරෙහිව මන්නාරම උසාවියට ගල් ගැසීමට එරෙහිව, ජයසූරිය මහතා නීතිපතිවරයාට ලියුවේ නැත්තේ ඇයි? එදා කතා නොකරපු උපුල් අද අපට එරෙහිව කතා කරන්නේ ඇයි? රටට, දැයට සමයට ආදරේ උගත් නීතිඥ මහත්වරුන් ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ට අපේ ගෞරවය අප පුදකරනවා. නමුත් මෙවැනි පුද්ගලයන් නිසා මුළු රටම අනතුරකට ලක්‌ වෙනවා.

ටයිකෝට්‌ දමා ගත්ත අලුගෝසුවෝ ටිකක්‌ ක්‍ෂේත්‍රයේ ඉන්නවා. ඔවුන්ගෙන් ආගම, රට, නීතිඥ සංගමය, එම වෘත්තිය ආරක්‍ෂා කර ගන්නා ලෙස හිතවත් නීතිඥ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ - පිස්‌සු බල්ලෝ ටික ගැටගසා දැමීමට දැන් කාලය හරි. තවත් කාලය දෙන්න බැහැ. අප සියල්ල සම්මුතියෙන් විස¹ගන්න බොහෝ උත්සහ කළා. නමුත් ඔවුන් ඒකට කැමැති නෑ වගෙයි.

උපන් රටේ ඓතිහාසික ජාතියකට ඇතිවෙලා ඇති කාලකණ්‌ණි ඉරණම මෙය තමයි. අප කියන්නේ මිනිසුන් අවදිaවව් කියලයි.

මෙම අවස්‌ථාවට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝද එක්‌වූහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/06/11/news25.html

Pic Source

0 comments: