Pages

Monday, June 9, 2014

නීති විද්‍යාල අර්බුදය නිසා හකීම්ට විශ්වාසභංගයක්‌

අධිකරණ ඇමැති රවුෆ් හකීම් මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්‌ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරු සහ එක්‌සත් ජාතික පක්‍ෂය සැලැසුම් කරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ "දිවයින ඉරිදා සංග්‍රහය"ට වාර්තා වේ.

නීති විද්‍යාලයේ නිර්මාණය වී ඇති අර්බුදකාරී තත්ත්වය විසඳීමට විෂයභාර ඇමැති ලෙස හකීම් මහතා නිසි මැදිහත්වීමක්‌ නොවීම මෙම විශ්වාස භංගය ගෙන ඒමට හේතුවී තිබේ.

ආණ්‌ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක්‌ පසුගියදා පාර්ලිමේන්තුවේදී කළුතර දිස්‌ත්‍රික්‌ (එ. ජා. ප) මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා හමු වී මේ පිළිබඳව යෝජනා කර ඇත.

නීති විද්‍යාලය තුළ දැනට පවතින තත්ත්වය නිරාකරණය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට නීති අධ්‍යාපන සභා ආඥා පනතේ 7 ඒ වගන්තිය ප්‍රකාරව කටයුතු කිරීමට හැකිව තිබියදීත් ඇමැතිවරයා එය මෙතෙක්‌ ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු අධිකරණ ඇමැතිවරයාව දෝෂදර්ශනයට ලක්‌කරමින් සිටී.

එබැවින් අධිකරණ ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක්‌ ගෙන එන ලෙස ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් එජාප මන්ත්‍රීවරයාට යෝජනා කර ඇත.

මේ අතර පසුගිය බ්‍රහස්‌පතින්දා පාර්ලිමේන්තුවේදී පැවැති අධිකරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදීත් අධිකරණ ඇමැතිවරයාගේ ක්‍රියා පිළිවෙත පිළිබඳව ප්‍රශ්න කෙරී ඇත.

අකිත පෙරේරා
http://www.divaina.com/2014/06/08/news01.html

0 comments: