ජාත්‍යන්තර පාසල් නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ අර්බුදයක් හටගෙන ඇති බව ඉරිදා (1 දා) "දිවයිනේ" පළ විය. එම පාසල්වල ඉගෙන උසස් පෙළට ඉහළට සුදුසුකම් ලබන දරුවන් රට පුරා පිහිටි ජාතික පාසල්වල උසස් පෙළ පන්තිවලට ඇතුළත් කරගන්නා රජයේ පාසල්වල උසස් පෙළ සමතුන්ට ජාතික පාසල්වලට ඇතුළුවීමේ ඉඩ ඇහිරීම එම අර්බුදයයි. රජයේ පාසල්, පෞද්ගලික පාසල්, ක්‍රිස්‌තියානි පාසල්, ඉස්‌ලාමීය පාසල්, හින්දු පාසල් යනාදී වශයෙන් වූ මේ රටේ පාසල් පද්ධතියට ජාත්‍යන්තර පාසල් නමැති වෙළෙඳ ව්‍යාපාර වර්ගය අවතීර්ණ වන්නේ 1977 න් පසුව ය. ජාත්‍යන්තර පාසල්වල මූලික අරමුණ වූයේ 1977 න් පසු මෙරට ඇති වූ සංවර්ධන සහ ව්‍යාපාර පුනරුදයේ කොටස්‌කාරයන් ලෙස විවිධ රටවලින් මෙහි පැමිණ පදිංචි වූ අයගේ දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා දීම ය. ස්‌වල්ප කාලයකට පසු මෙම පාසල් පද්ධතිය ධනපති පන්තියේ හෝ අර්ථපතිත්වයේ මුද්‍රවක් ලෙස වටහාගත් ලාංකික මුදලාලි පැලැන්තිය සහ ධනවත් ඉහළ පන්තිය තම දරුවන් ද ඒවාට ඇතුළු කරන්නට වූහ. ලංකාවේ ජාත්‍යන්තර පාසල්වලින් 100% කම අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රීසි ය. ජාත්‍යන්තර පාසල්වල එකම අධ්‍යාපන මාධ්‍යය ඉංග්‍රීසි විය යුතු බවට කිසිදු තැනෙක අර්ථකථනයක් නැත. මේ නිසා ජාත්‍යන්තර පාසල්වලට පෞද්ගලික ඉංග්‍රීසි මාධ්‍ය පාසල් කීවාට කිසිදු වරදක් නැත. එහෙත් ජාත්‍යන්තර පාසල් වැඩි හරියක් ස්‌වකීය ශිෂ්‍ය ප්‍රජාව යොමුකරන්නේ ඛදබාදබ ධරැඛ විභාගය නමැති අවසන් ඉලක්‌කයට ය. දේශීය ඉංග්‍රීසි මාධ්‍ය ධරැඛ විභාගය සඳහා ද ශිෂ්‍යයන් යොමුකරන ජාත්‍යන්තර පාසල් ඇත.
කොළඹ දිස්‌ත්‍රික්‌කය තුළ ජාතික පාසල් 47 ක් තිබේ. ජාතික නොවන, රජයේ පාසල් 60 කට වඩා තිබේ. පුද්ගලික පාසල් 36 ක් තිබේ. ඉස්‌ලාමීය පාසල් 05 ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් ඇත. ජාත්‍යන්තර පාසල් 65 ක් ඇත. මේ අනුව ළමයින්ට වඩා පාසල් ඇති බව පෙනේ. එහෙත් හැම අවුරුද්දකම 01 වැනි ශ්‍රේණියට ඇතුළත් කරගත නොහැකිව ළමයි දහස් ගණනක් නන්නත්තාරව සිටිති. එය 'සිස්‌ටම් එකේ' වරද ලෙස නිර්වචනය කර කට පියා ගත හැකි ය. එහෙත් ආණ්‌ඩුවේ ඉස්‌කෝලවලට අමාරුවෙන් ඇතුළු වූ අමාරුවෙන් සා/පෙළ විභාගය සමත් වී උසස් ප්‍රතිඵල ලැබ ජාතික පාසලට ඇතුළත් වීමට සුදුසුකම් ලබන ළමයාට ජාත්‍යන්තර පාසල් ළමයින් නිසා පොල්ලක් වැටේ නම් එය සිස්‌ටම් එකේ හෝ කස්‌ටම් එකේ (චාරිත්‍රයේ) වරදක් ලෙස සළකා ඉවත දැමිය නොහැක.
මේ අතර ජාත්‍යන්තර පාසල් ගැන තවත් යමක් සඳහන් කළ යුතුව තිබේ. එනම්, මේ පාසල්වලට ප්‍රමිතියක් හඳුන්වා දීමට කාටවත් උනන්දුවක් නැති බව ය. එකම එක කඩ කාමරයක් කුලියට ගෙන එයට ඩෙස් 25 ක් සහ බංකු 25 ක් දමා සමාගම ලියාපදිංචි කිරීමේ නීතිය යටතේ "අධ්‍යාපන සේවාවක්" ලෙස ලියාපදිංචි කර ජාත්‍යන්තර පාසලක් පටන්ගත හැකි ය. කඩ කාමරයක් කුලියට ගෙන මේ නීතිය යටතේම මස් කඩයක්, බේකරියක්, සිල්ලර කඩයක්, හෝටලයක් හෝ තෝසේ කඩයක් විවෘත කළ හැකි ය. ජාත්‍යන්තර පාසල්වලින් වැඩි හරියක් අද පවතින්නේ ජාතික පාසලක 'වේකන්සියක්' ඇතිවන තුරු ළමයින් යවන 'අන්තර් වාර අධ්‍යාපන අනාථාගාර ලෙස් ය. මේවායේ වාර ගාස්‌තු රුපියල් තිස් හතළිස් දහසේ සිට රුපියල් ලක්‍ෂයක් ද ඉක්‌මවන මට්‌ටමේ තිබුණ ද පහසුකම් අතින් ගමේ ගොඩේ පාසලටත් අන්ත ය. ජාත්‍යන්තර පාසල් වැඩි හරියක "නිසි ගුරුවරුන්" නැත. ඒවායේ වැටුප් ඉතා අඩු බැවින් තම ජීවිතයේ කොටසක් 'කාල් ගානු' පිණිස සුදුසුකම් ලත් ගුරුවර ගුරුවරියන් ඒවාට බැඳෙන්නේ ද නැත. පාසලේ අයිතිකරුවාට ඒ ගැන කියන්නට ගියොත් ඔහු දෙමාපියන්ට කියන්නේ පාසල වසා දමන බව ය. ජාත්‍යන්තර පාසල් නමැති 'වෙළෙඳ ශාලා' මේ රටේ විවෘත කර හතළිස් අවුරුද්දක් ළං වෙමින් පවතී. අඩුම ගණනේ දැන්වත් ක්‍රමවේදයක් හදාගතහොත් එම පනස්‌වන සංවත්සරයටවත් යහපත් ජාත්‍යන්තර පාසල් පද්ධතියක් ගොඩ නංවාගත හැකි ය. දැනට පවතින විදිය අනුව නම් ප්‍රයිවට් ටියුෂන් ගොස් ප්‍රයිවට් O/L හෝ A/L ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලිවීම වඩා ප්‍රයෝජනවත් ය.
http://www.divaina.com/2014/06/02/editor.html
Pic Source

0 comments:
Post a Comment