Pages

Tuesday, June 24, 2014

සීඝ්‍ර වන විනාශය නිසා උභය ජීවීන් වඳ වී යැමේ දැඩි අවදානමක

මෙරට සතු ජෛව විවිධත්වය පිළිබඳව කථා කිරීමේදී ගෙම්බන්, මැඩියන් එසේත් නොමැති නම් උභය ජීවීන්ට හිමි වන්නේ සුවිශේෂි ස්‌ථානයකි. ලංකාවේ ජෛව විවිධත්වයේ අගය හා මෙරටට හිමි ආවේනික විශේෂ සංඛ්‍යාව ඉහළටම ඔසවා තබන සත්ත්ව කොට්‌ඨාසයක්‌ ලෙස උභය ජීවීන් වැදගත් වේ. එසේම පරිසරයේ සමතුලිතතාවය සඳහා මහෝපකාරි වන උභයජීවින් ලංකාව පුරාවටම දැකගත හැකි වුවත් ඉන් අතිබහුතරයකගේ වාසස්‌ථාන වී ඇත්තේ තෙත් කලාපීය පරිසර පද්ධතීන්ය.

2012 රතු දත්ත පොතට අනුව ශ්‍රී ලංකාවේ උභය ජීවී විශේෂ 111 ක්‌ ලෙස සඳහන් වේ. ඉන් විශේෂ 95 ක්‌ මෙරටට ආවේනිකය. 2013 මාර්තු මාසයේදී ශ්‍රී පාද අඩවියෙහි සිදු කළ පර්යේෂණයේ ප්‍රතිඵලයක්‌ ලෙස නව උභය ජීවි විශේෂ 08 ක්‌ සොයා ගැනීමත් සමඟම ලංකාවේ උභය ජීවි ලැයිස්‌තුවේ වෙනසක්‌ සිදුවිය. විශේෂ 111 සිට විශේෂ 119 දක්‌වා වැඩිවන අතර ඉන් ආවේනික සංඛ්‍යාව 95 සිට 103 දක්‌වා ඉහළ යයි.

විද්‍යාත්මකව පචයසඉස්‌ ගෝත්‍රයට අයත්වන් උභය ජීවින් යුරෝඩිලා අනුරා  සහ එපෝඩා ලෙස තවත් උප ගෝත්‍ර 03 කට වෙන් වේ. යුරොඩිලාවන් හූනන්ට සමාන ස්‌වරූපයක්‌ ගන්නා අතර වලිගයක්‌ද සහිත වේ. මොවුන් ශ්‍රී ලංකාවේ වාර්තා නොවේ. එපෝඩාවන්  ලෙසින් හඳුන්වන අනෙක්‌ ගෝත්‍රය පොළොවේ ගුල් හාරා වනාන්තරවල දිරා යන කොළ රොඩු අතර ජීවත් වේ. මොවුන්ට පාද නොමැති අතර ක්‍ෂීණ වූ ඇස්‌ ඇත. මෙම ගෝත්‍රයට අයත් උභය ජීවින් සර්පයන්ට සමානය. ඉක්‌තියොµsඩේ නමැති ඝනයට අයත් විශේෂ 4 ක්‌ ලංකාවේ වාර්තා වන අතර වැසි වනාන්තර හා තෙත සහිත පරිසර පද්ධති තුළ පොළොවේ දිරා යන කොළ රොඩු සහ ගල් යට සැඟවී ජීවත් වේ. මොවුන් හිරිදණ්‌ඩන් ලෙස හැඳින්වේ.

ගෙම්බන් හා මැඩියන් අයත් වන්නේ අනුරා (බමර්) ගෝත්‍රයටය. මෙම ගෝත්‍රයට ගොඩ ගෙම්බන් හා දිය මැඩියන් අයත්වෙයි. මොවුන් ගොඩබිම හා ජලජ පරිසර පද්ධති තුළ වෙසෙන අතර මෙරට හැම දේශගුණික කලාපයකින්ම වාර්තාවේ. මොවුන් ඊමදෙබසාල Raබසාae සහ ඵසජරදයහකසාae ලෙස පවුල් 3 කට වෙන් කෙරේ.

ඊමදෙබසාae පවුලට අයත් විශේෂ ගොඩ ගෙම්බන් ලෙස හැඳින්වෙන අතර බොහෝ දුරට කෙටි පාද සහිත වේ. ශරීරයේ පසු කොටස නොහොත් උකුල් ප්‍රදේශය හිස ප්‍රදේශයට වඩා පළලින් වැඩිය. සම වියළි හා රළු ස්‌වභාවයක්‌ ගනී. ශරීරයේ ඉන්නන් හා ගැටිති දක්‌නට ලැබේ. මෙම පවුලට අයත් ගෙම්බන් දිය ගෙම්බන් ලෙස හැඳින්වෙන අතර ජලයේ බිත්තර දැමීම සිදු කරයි. පාද බොහෝවිට දිගුය. මොවුන් උප පවුල් දෙකකට වෙන් කෙරේ. Raබසාae උප පවුලට අයත් සතුන්ගේ පාදවල ඇඟිලි තුනී සම් පටලයකින් බැඳී හබල් මෙන් පවතී. එය ජලයේ පිහිනා යැමට හොඳ අනුවර්තනයකි. Rය්ජදචයදරසාae උප පවුලට අයත් ගෙම්බන් ශාක මත වාසය කරයි. මෙරට හමුවන උභය ජීවි විශේෂ වලින් වැඩි සංඛ්‍යාවක්‌ මෙම උප පවුලට අයත් වන අතර මොවුන් අතරින් විශේෂ අති බහුතරයක්‌ මෙරටට ආවේනිකය. (එක්‌ විශේෂයක්‌ හැරුණුකොට). ඵසජරදයහකසාae පවුලට අයත් ගෙම්බන්ගේ ශරීරය කුඩා වන අතර හොම්බ තරමක්‌ උල් වී ඇත. හිස කුඩාය. බොහෝමයක්‌ විශේෂ ගොඩබිම් මූලික කරගෙන ජීවත් වේ.

2012 රතු දත්ත Red කසිඑ වාර්තාවට අනුව මෙරට උභය ජීවින් අතුරින් විශේෂ රැසක්‌ම වඳවී යැමේ තර්ජනයට පත්ව ඇත. ඉන් විශේෂ අති බහුතරයක්‌ම එසේ නොමැති නම් වඳ වී යැමේ තර්ජනයට ලක්‌ විශේෂ සියල්ලක්‌ම පාහේ අප රටට ආවේනික මෙන්ම, ඉන් විශේෂ රැසක්‌ම එක්‌ එක්‌ වනාන්තරවලට පමණක්‌ සීමා වූ විශේෂ වීම කනගාටුදායකය. ලොව පුරා ජීවත් වූ උභය ජීවී විශේෂ 34 ක්‌ වඳ වී ගොස්‌ ඇති අතර ඉන් විශේෂ 19 ක්‌ම මෙරට ජීවත් වූ විශේෂ බව වාර්තා වීම නම් ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. ඉන් අති බහුතරයක්‌ම පඳුරු මැඩියන්ය. එලෙස වඳ වී ගිය උභය ජීවී විශේෂ සියල්ලක්‌ම මෙරටට ආවේනික විශේෂ වේ.

මෙරට ජීවත් වන උභය ජීවීන් පිළිබඳව එලෙස දත්ත විපරම් කර බැලීමේදී මෙරට තුළ ඔවුන්ට ජීවත් වීමට හැඩගැසී ඇති පරිසරය අසුබවාදීය. එසේම හිතකර තත්ත්වයක්‌ හැඩ ගැසී නොමැත. වඳවීමේ තර්ජනය මෙරට උභය ජීවීන්ගේ වඳ වී යැම ගැන බැලීමේදී පැහැදිලිව පෙනී යන කරුණක්‌ වන්නේ වඳ වී යැමේ තර්ජනයට මුහුණ දී සිටින උභය ජීවින් වාණිජ අවශ්‍යතාවයන් සඳහා පරිසරයෙන් අල්ලා ගන්නා කොට්‌ඨාසයන් නොවන බවය. එම නිසා මෙරට උභය ජීවීන්ගේ වඳවී යැමේ තර්ජනයට මුල්ම හේතුව වී ඇත්තේ උන් ජීවත්වන පරිසර පද්ධති විනාශ වී යැමයි. කැබලි වී යැමයි. එසේත් නොමැතිනම් ඛණ්‌ඩනය වීමයි. මෙරට තුළ ජීවත්වන උභය ජීවින්ගෙන් අති බහුතරයක්‌ නිරිත දිග තෙත් කලාපයට අයත් වනාන්තර වල වාර්තා වන අතර එසේ වාර්තා වන වනාන්තර බිම්වලින් වන බිම් රැසක්‌ම මේ වනවිට විනාශ වී ගොස්‌ අවසන්ය. දැනට තෙත් කලාපය තුළ ඉතිරි වී ඇති වනජීවී ප්‍රමාණය ඉතාම සීමිත ප්‍රමාණයකි. නමුත් මේ බිම්ද මේ වන විට කැබලි වලට වෙන් වීමේ තර්ජනයට මුහුණ දී තිබේ.

දැනට කැබලි වෙමින් පවත්නා ප්‍රධාන වනාන්තර වන්නේ සිංහරාජය, නකල්ස්‌ හා ශ්‍රීපාද අඩවියයි. මින් සිංහරාජ අඩවියට පමණක්‌ ආවේනික උභය ජීවීන් 11 ක්‌ වාර්තා වීම විශේෂත්වයකි. එසේම දුම්බර හෙවත් නකල්ස්‌ රක්‍ෂිතයට එලෙසම උභය ජීවීන් 08 දෙනකු නකල්ස්‌ රක්‍ෂිතයට පමණක්‌ ආවේනික වී තිබීම මගින් පෙනී යන්නේ මෙකී පරිසර පද්ධති දෙක සංරක්‍ෂණය කිරීමේ වැදගත් කමයි. තෙත් කලාපයේ සිදුවන වනාන්තර විනාශ වී යැම හමුවේ ඇතැම් වනාන්තර සිතියම්වලට පමණක්‌ සීමා වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ වනාන්තර බිම් කැබලි වීම වහාම නවතා දැමිය යුතු බවයි. පළිබෝධනාශක භාවිතය ඉහළ යැමද උභය ජීවින් වඳ වී යැම කෙරෙහි ඉවහල්ව ඇති තවත් සාධකයක්‌ ලෙස හැඳින්විය හැකිය. වන බිම් ආශ්‍රිතව ව්‍යාප්තව ඇති වතු වගාවන් රැසකම භාවිතා කරනු ලබන අධි රසායනික හා පළිබෝධනාශක භාවිතය උභය ජීවින්ගේ පැවැත්මට දැඩි ලෙස හානිකර වී ඇත. එසේම ඉහළ කඳුකර වල ඇති තේ වගාවන් වැනි වතු වගාවන් සඳහා භාවිත කරන රසායනික හා පළිබෝධනාශක වැසි දිනයන්හිදී පහළ ජලාශ්‍රිත ප්‍රදේශවලට ගලාවිත් මුසුවීමෙන් උභය ජීවින්ට මෙන්ම ජලජ ජීවීන්ට අහිතකර ප්‍රතිඵල ගෙන දී ඇත. එසේම බෑවුම් ඉඩම්වල සිදුවන දැඩි පස සේදී යැම මගින් ජලජ පද්ධතිවලට සිදුවන හානිකර තත්ත්වයන් ගැන කිසිදු අවධානයක්‌ යොමු කර නැත. තවද වගුරු බිම් හා තෙත් බිම් ගොඩ කිරීමද මෙම විශේෂයට අයත් ජීවීන් වඳවී යැම කෙරෙහි බලපෑ තවත් සාධක අතර වේ.

http://www.divaina.com/2014/06/24/feature03.html

0 comments: