Pages

Saturday, June 28, 2014

අලුත්ගම ගැන කොටි කිඹුල් කඳුළු

අලුත්ගම ඇතුළු දකුණේ ප්‍රදේශ කීපයකදී මුස්‌ලිම් වැසියන්ට විවිධ අන්දමේ හිරිහැර විඳින්නට සිදු වූ බව කියමින් විශාල පිරිසක්‌ වීදි බැස පොළපාලි ගියහ. මුස්‌ලිම් වැසියන්ගේ කඳුළු පිසිමින් උතුරේ දෙමළ වැසියෝද විශාල පිරිසක්‌ පසුගිය සතියේදී වීදි බැස සිටියහ.

අලුත්ගම දී හෝ ඒ ආසන්න නගරයකදී සිංහල වැසියන් කිසිවෙකුටත් කිසිදු ඇබැද්දියක්‌ සිදු වූ බවක්‌ නොපෙනෙන්නේ සිංහල වැසියන් වෙනුවෙන් වීදි බසින ලද පිරිස ඉතා අඩු නිසාවෙනි.

මා මෙසේ සටහන් කරනුයේ ජාතිවාදය ගැන කතා කිරීමට නොවේ. වසර තිහක යුද පරිසරයක යුද්ධය මැද ජීවත් වූ අත්දැකීම් ඇත්තෙමි. එදා යුද්ධයේදී මුස්‌ලිම් හෝ සිංහල සිවිල් වැසියන් බුරුතු පිටින් මියගිය විට ඒ වෙනුවෙන් විරෝධය පළකරමින් වීදි බැස ගිය පිරිස්‌ අපට හමුනොවිණි. ඇතැම් සංවිධාන විසින් කොළඹ සිට නිකුත් කරන ලද පුවත්පත් දැන්වීම් හෝ එවැනි වෙනත් දැන්වීමක්‌ උතුරේ සිට දුටුවෙමි.

අලුත්ගමදී මුස්‌ලිම් වැසියන්ට හිරිහැර සිදුවූ බව කියමින් උතුරේ පෙළපාලි ගියේ දෙමළ වැසියන්ය. මේ දෙමළ වැසියන්ට පෙළපාලි යැමට නායකත්වය ලබා දී තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුය. අලුත්ගම දී මුස්‌ලිම් වැසියන්ට රජය හා ආරක්‍ෂක අංශ සලකන ලද ආකාරය ඉතා නින්දිත බව කියමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙළපාලි ගියහ. නිවේදන නිකුත් කළහ. ඊට සහභාගි වූ විශාල දෙමළ පිරිසක්‌ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශවලට අත්පොළසන් තැබූහ. යුද සමයේදී යුද අපරාධ සිදු වූ බව කියමින් මහමගට බැස සිටින්නේද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ය. ජිනීවා යන්නේද ඔවුන්මය. නමුත් දෙමළ ජාතික සන්ධානයේ පිරිස එදා සිට මේ දක්‌වාම රඟපානු ලබන්නේ එල්.ටී.ටී.ඊ. යේ චරිත බව ඔවුන්ට අමතක වී ගොස්‌ ඇත්ද එසේ නොමැතිනම් අපට අමතක වී ඇත්ද යන්න ප්‍රශ්නයක්‌ වී තිබේ.

මුස්‌ලිම් වැසියන්ගේ වේදනාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය කඳුළු සලන විට මේ රටේ සිංහල වැසියන්ට කිසිදු දෙයක්‌ සිදු වී නොමැතිවා සේ පෙනෙයි. හරියටම මෙය අර සියඹලා ගෙනා කතාව මෙනි. අවසානයේදී අපට කීමට සිදුවන්නේ,

"එතකොට මුදලාලි අපි සියඹලා ගෙනාවෙ නැද්ද? යනුවෙනි".

සිංහලයන් පිළිබඳ කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයට මේ රටේ මුස්‌ලිම් වැසියන්ට සිදුවන හිරිහැර වෙනුවෙන් වස්‌ත්‍රයක්‌ ඇඳගෙන පෙනී සිටීමට හැකියාවක්‌ ඇත්දැයි යන්න යළි මතක්‌ කරලීම යුතුකමක්‌ යෑයි සිතේ.

ලෝකයේ සෑම රටකම මුස්‌ලිම් වැසියෝ ඒ රටේ බහුතරය විසින් භාවිත කරනු ලබන භාෂාව මුස්‌ලිම්වරුන්ගේ භාෂාව කරගනිති. නමුත් ශ්‍රී ලංකාවේදී මෙය කනපිට හැරී තිබේ. ශ්‍රී ලංකාවේ බහුතර ජනයා භාවිත කරනු ලබන භාෂාව දෙමළ භාෂාව නොවුණත් ශ්‍රී ලංකාවේ සිටින මුස්‌ලිම්වරුන් භාවිත කරනු ලබන්නේ දෙමළ භාෂාවයි.

ශ්‍රී ලංකාවේ මේ පද පෙරළිය ප්‍රයෝජනයට ගත් එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් තමන්ගේ ඊළාම් සටන ගෙනයන්නේ මේ රටේ දෙමළ භාෂාව කතාකරන සියලුම දෙනා වෙනුවෙන් බවට ප්‍රතිඥ දෙමිනි. එහෙත් ප්‍රභාකරන් මේ රටේ මුස්‌ලිම් වැසියන්ට ලබාදුන් කෙංගෙඩියක්‌ නැත. 1990 දී ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙන් මුස්‌ලිම් වැසියන් බුරුතු පිටින් පන්නා දැමීය. පැය විසිහතරක්‌ ඇතුළත උතුරෙන් මුස්‌ලිම් වැසියන් පිටමං කළ වේලුපිල්ලේ ප්‍රභාකරන් මුළු උතුරම දෙමළ ජාතිකයන්ගේ නිජබිමක්‌ පමණක්‌ බවට පත් කළේය.

මින් නොනැවතුනු වේලුපිල්ලේ ප්‍රභාකරන් නැගෙනහිර පළාතේ මුස්‌ලිම් ගම්මානවලට කඩාවැදී මුස්‌ලිම් වැසියන් සමූල ඝාතනයට ලක්‌කිරීමටද මුස්‌ලිම් දේවස්‌ථානවල ආගමික කටයුතු වල නිරතව සිටි සිය ගණනක්‌ වූ මුස්‌ලිම් වැසියෝද මරා දැමූහ. එදා මුස්‌ලිම් වැසියෝ ප්‍රභාකරන්ගේ මේ ම්ලේච්ඡ ක්‍රියාවට එරෙහිව පෙළපාලි නොගියහ. ඒ වෙනුවට මුස්‌ලිම් නායක රාවුෆ්න් හකීම් කළේ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ සමඟ අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කිරීමය. එනම් ප්‍රභාකරන්ගෙන් මුස්‌ලිම් වැසියන්ට කිසිදු අතුරු අන්තරාවක්‌ සිදුනොවන බවට ලියවිල්ලක්‌ අත්සන් කරගත්තේය.

රාවුෆ් හකීම් මුස්‌ලිම් නායකයා එදා ප්‍රභාකරන්ව කොතරම් විශ්වාස කළේද කියතොත් හලාල් ක්‍රමය පිළිබඳව ප්‍රභාකරන් කෙරෙහි කිසිදු සැකයක්‌ පහළ නොකොට ප්‍රභාකරන් විසින් රාවුෆ්න් හකීම්ට කිළිනොච්චියේදී පිළියෙල කොට දුන් දිවා ආහාරය ප්‍රශ්නයකින් තොරව භුක්‌ති වින්දේය.

මේ කෙටි ඉතිහාසය අද අමතක කිරීමට උත්සාහ දරන දෙමළ ජාතික සන්ධානය මුස්‌ලිම්වරු තමන්ගේ සහෝදර ජනතාවක්‌ ලෙස පෙන්වා දෙමින් ඔවුනට පක්‍ෂව හා රජයට විපක්‍ෂව පෙළපාලි යන්නට පටන් ගෙන තිබේ. මුස්‌ලිම්වරුද එය අනුමත කරන්නේ දෙමළ ජාතික සන්ධානයෙන් තමන්ට කිසිවක්‌ සිදු නොවූ පරිද්දෙනි. තම්බිගෙ තොප්පියේ කතාව අපට මෙහිදී මතකයට නැගෙන්නේ නිරායාසයෙනි.

එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේගේ දර්ශනයත්, දෙමළ ජාතික සන්ධානයේ දර්ශනයත් දෙකක්‌ නොව එකක්‌ බව 2003 දී කිළිනොච්චියේදී කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ වර්තමාන නායක ආර්. සම්බන්ධන්ය. ප්‍රභාකරන් අද ජීවතුන් අතර නැතත් දෙමළ ජාතික සන්ධානය ක්‍රියාකරන්නේ යළිත් ප්‍රභාකරන් විසින් ඔවුන්ට ලබාදුන් රාමුව අනුවය. මේ රාමුව යාන්තමට හෝ වෙනස්‌ කිරීමට උත්සහ දරන උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේස්‌වරන්ට ප්‍රභාකරන්ගේ හිතෛෂිවන්තයන් පහර පිට පහර එල්ල කිරීමට සූදානම් වන්නේ ඒ රාමුව වෙනස්‌ කිරීමට දෙමළ ජාතික සන්ධානය අකැමැති නිසාය.

මෙවැනි පසුබිමක්‌ හා පරිසරයක්‌ ඇති දෙමළ ජාතික සන්ධානය අතීතයේ දී මේ රටේ මුස්‌ලිම්වරුන්ට කළ විලම්බෑසිය අමතක කොට අද මුස්‌ලිම්වරුන්ගේ කඳුළු පිඹීමට තරම් කාරුණික වීම කපටි දේශපාලනයේ තවත් ලක්‍ෂණයක්‌ මිස සැබෑ ජාති ආලයක්‌ උදෙසා සිදු වූ දෙයක්‌ නොවේ.

මුස්‌ලිම්වරුන්ට අමතරව සිංහල වැසියන් බුරුතු පිටින් විනාශ කළ ප්‍රභාකරන් හා ඔහුගේ ගෝලයෝ කළ එම ම්ලේච්ඡ ක්‍රියාවන් ගැන අද කිසිවකු කතා නොකළද දෙමළ වැසියන්ට සිදුවූ යුද අපරාධ ගැන කතා කිරීමට නම් විශාල පිරිසක්‌ මේ රට තුළත් විදේශ රටවලත් බිහිවී සිටිති.

මේ කුමන කතාවක්‌ කියමින් හෝ අපි උත්සාහ කරන්නේ මේ රටේ යළිත් ජාතිවාදය ඇවිළවීමට නොවේ. වර්තමානයේ ඇවිළී ගිය ජාතිවාදයට යළි පිදුරු දැමීමටද නොවේ. නමුත් දේශපාලන වාසි තකා ඒ ඒ ජාතීන් බිල්ලට දීම කෙරෙහිත් තවත් ජාතීන්ට ඉස්‌මතු වීමටත් ඉඩදෙන "වාසි පැත්තට හෝයියා" දේශපාලනය රටට කරන්නේ මහා අයහපතකි. දෙමළ ජාතික සන්ධානය මේ අවස්‌ථාවේදී උත්සාහ කරන්නේ අවසන් යුද සමයේ දී දෙමළ ජනතාවට යුද අපරාධ මේ රජයෙන් සිදුවූයේ යෑයි යන කතාව යළි කියන අතර තුර මුස්‌ලිම් ජනතාව පීඩාවට පත්කිරීමටද රජය ක්‍රියා කරන බව හුවා දැක්‌වීමටය. ඒ අතරතුර යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේදී මුස්‌ලිම් ජනයාට වූ හිරිහැර මෙන්ම දෙමළ ජනයාට වූ හිරිහැර ගැනද සොයා බැලීමට පරීක්‍ෂණ පවත්වන මෙන් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටිනු ඇත.

ජිනීවා මානව හිමිකම් කමිටුවට අලුතින් පත්වන තැනැත්තා මුස්‌ලිම් ජාතිකයකු වීම නිසා මුස්‌ලිම් වැසියන් ඉදිරියට දමාගෙන ගෙනයන අරගලයට විශාල ජයග්‍රහණයක්‌ ලැබිය හැකි බව දෙමළ ජාතික සන්ධානය විශ්වාස කරනු ලබයි. නවනීදන් පිල්ලේගෙන් දෙමළ ජාතික සන්ධානයට ලැබුණු හා ලැබෙන සහයට අමතරව මුස්‌ලිම් නිලධාරියාගෙන් ලැබෙන සහායද හරියට ජාඩියට මූඩිය මෙනි. මේ සියලු දෙයින්ම වාසි ලබාගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය විසින් අටවනු ලබන උගුලේ සියලු දෙනාම හිරවෙති. එහෙත් කැබිතිගොල්ලෑවේදී, අරන්තලාවේදී, අනුරාධපුරයේදී, කෝංගොල්ලෑවේදී ආදී වශයෙන් සිංහලයන් ඝාතනය වූ ස්‌ථානවල යටගියාව පිළිබඳව ජිනීවා මානව හිමිකම් කමිටුවට කරුණු පැහැදිලි කිරීමට කිසිවෙකුත් නැත. එය හරියට බළලාගේ කරේ මිණිගෙඩියක්‌ බැඳීමට එකම මීයෙක්‌වත් ඉදිරිපත් නොවීම වැනි කතාවකි.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2014/06/29/feature03.html

සබැඳි ලිපි -
අලූත්ගම ජුම්මා මුස්ලිම් පල්ලිය අසලින් පෙට‍්‍රල් බෝම්බ 18ක් හමුවේ. කලින් බෝම්බ 56ක් හමු උනා. මූසලු සාමයට ජයවේවා!http://denethharinna.blogspot.com/2014/06/18-56.html
අලූත්ගම අහිංසක මුසලුවන් ලඟ ආයුධ ගබඩාවක්. බෝම්බ 56ක්.http://denethharinna.blogspot.com/2014/06/56.html
අහිංසක දර්ගා මුසලුවන් ලඟ පෙට්‍රල් බෝම්බ 17ක්
]

0 comments: