Pages

Wednesday, June 4, 2014

මාස තුනේ පිරිමි දරුවා සුන්නත් කළ පසු මියගිහින්

මාලිගාවත්ත ප්‍රදේශයේ බෙහෙත් ශාලාවකින් මාස තුනක්‌ වයසැති පිරිමි දරුවකුගේ ලිංගය සුන්නත් කිරීමට යැමේදී එම දරුවා අවාසනාවන්ත ලෙස මියගොස්‌ තිබේ.

මෙම ශල්‍යකර්මය සිදු කළ එම බෙහෙත් ශාලාවේ වෛද්‍යවරයකු යෑයි කියන පුද්ගලයාව මාලිගාවත්ත පොලිසිය මගින් ඊයේ (3 වැනිදා) අත්අඩංගුවට ගැනිණි.

කොළඹ ළමා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස්‌ ඇත්තේ වැල්ලම්පිටිය මීතොටමුල්ල පදිංචිව සිටි මොහොමඩ් හම්ඩාන් නමැති මුස්‌ලිම් ජාතික දරුවෙකි.

දරුවාගේ දෙමාපියන් වැල්ලම්පිටියේ සිට මාලිගාවත්තට පැමිණ ඇත්තේ චාරිත්‍රයක්‌ ලෙස සිදුකරන කුඩා දරුවාගේ ලිංගය සුන්නත් කිරීම සඳහාය. එහිදී බෙහෙත් ශාලාවට ගිය දෙමාපියන් එහි සිටි වෛද්‍යවරයාට දරුවා බාරදී තිබේ. එහිදී සැත්කම සිදුකරන අවස්‌ථාවේ හුස්‌ම හිර වී ඇත.

වෛද්‍යවරයාගේ වාහනයෙන්ම දරුවාව ළමා රෝහලට ගෙන ගොස්‌ ඇති අතර එහිදී ප්‍රතිකාර ලබද්දී දරුවා මිය ගොස්‌ තිබේ.

හතළිස්‌හය හැවිරිදි මෙහොමඩ් නියාස්‌ නමැති සැකකාර වෛද්‍යවරයාගෙන් පොලිසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතර මෙම මරණය සම්බන්ධයෙන් මූලික පොලිස්‌ පරීක්‍ෂණය කොළඹ අංක 04 මහෙස්‌ත්‍රාත් ඔගෙස්‌ටා අතපත්තු මහත්මිය විසින් පවත්වා ඇත.

මාලිගාවත්ත පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රොහාන් පෙරේරා මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක විමල් දේවනාරායන මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
http://www.divaina.com/2014/06/04/news30.html

Pic Source

සබැඳි ලිපි -
[
වැරදි ලිංගික විච්ඡේදනයකින් තෙමස් ළදරුවෙකු ජීවිතක්ෂයටhttp://denethharinna.blogspot.com/2014/06/see-more-at.html
]

0 comments: