ඉන්දියාවේ අශෝක අධිරාජයාණන්ගේ ශේ්‍රෂ්ඨත්වය මෙන්ම ඉන්දු ශ්‍රී ලංකා සංස්‌කෘතික සබඳතාවන්හි චිරන්තන බැඳීම ද සිහිපත් කෙරෙන පොසොන් පසළොස්‌වකට ඇත්තේ තව දින කීපයකි. සිංහල බෞද්ධ සංස්‌කෘතියේ සමාරම්භය සනිටුහන් කෙරෙන මහින්දාගමනයෙන් පසු අපගේ මාතෘභූමිය තුළ සිදු වූ භෞතික හා ආධ්‍යාත්මික පරිවර්තනයන් ද බොහෝය.
එදා අනුරාධපුරයෙන් ඇරඹුණු ඒ මහඟු සංස්‌කෘතික හා ආධ්‍යාත්මික ප්‍රබෝධය විනාශ කිරීමට අධිරාජ්‍යවාදීන් මෙන්ම වෙනත් ආක්‍රමණිකයන් විසින් දරන ලද ප්‍රයත්නයන් බොහෝ වුවද ඔවුන්ට සපුරා මේ රට විනාශ කළ නොහැකි විය. අපගේ සංස්‌කෘතික අධ්‍යාත්මය සපුරා බිඳ දැමීමටද නොහැකි විය.
බුදුදහම තුළින් විකසිත වූ ජාතික චින්තනයක් හා හර පද්ධතියක් ද අපට වෙයි. එහෙත් මේ රට මෙහෙයවන නායකයන්ට බොහෝ විට එය අමතක වන බව ද පෙනේ. සංවර්ධනය සඳහා අපගේ සංස්‌කෘතික පදනම වෙනස් කළ යුතු යෑයි කියන පිරිසක් ද සිටිති. එහෙත් එය බටහිර අනුකරණවාදී මෙන්ම ගෝලීය ධනවාදී මනස් පුතුන්ගේ මුග්ධ සිතිවිල්ලක් විනා සත්‍යය නොවන බව ද අප කිව යුතුය.
අපගේ දීර්ඝකාලීන සංස්‌කෘතික මිතුරා වන ඉන්දියාවට ද පසුගිය වකවානුව තුළ අපට වඩා බටහිර නරුමයන් ප්‍රිය වූ අවස්‌ථා ද විය. එහෙත් අපට එරෙහිව නැඟී සිටින ඒ දුෂ්ට බලවේග ඉන්දියාව සමග හදවතින් බැඳී නො සිටින බව ද පැහැදිලිය. ඉන්දියාවෙන් අප ලද නිර්මල බෞද්ධ දායාදයේ පූජනීය උරුමයන් සුරකින සුජාත භූමිය දඹදිව නොහොත් ඉන්දියාවමයි.
බුදුන් වහන්සේ හා සමඟ බැඳුණු ඒ සියලු සැමරුම් අද ඓතිහාසිකව ද තහවුරු වෙමින් තිබේ. ලොව පුරා විසිරී සිටින බෞද්ධයන් ඉන්දියාවට එන්නේ ද, ඒ බුදුන්ගේ දේශයේ ඓතිහාසික උරුමය පහන් සිතින් දැක බලා ගැනීමටය.
බටහිරයන්ට අද වුවමනා වී ඇත්තේ මේ ඓතිහාසික භූමිය තුළින් උපත ලද බුදුන් වහන්සේගේ සනාතන ගැඹුරු දහම විනාශ කිරීමය. ඉන්දියාවේ බෞද්ධ උරුමයන් ඔවුන්ට සංචාරක මෙවලම් සමුදායක් පමණි.
මේ තත්ත්වය මැනවින් පසක් වන්නේ අද බටහිර අධිරාජ්‍යවාදීන් විසින් ශ්‍රී ලංකාවට කරනු ලබන දුෂ්ට ක්‍රියාකාරකම් දෙස විමසා බැලීමෙන් පමණි. ශ්‍රී ලංකාව යනු ථෙරවාදී බුදුදහමේ කේන්ද්‍රස්‌ථානයකි. ශ්‍රී ලංකාවේ ප්‍රතිෂ්ඨාපනය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට මෙන්ම මහනුවර වැඩ වසන ශ්‍රී දළදා වහන්සේට ද ප්‍රභාකරන්ගේ ෆැසිස්‌ට්‌වාදීන් විසින් එල්ල කරන ලද ප්‍රහාර අපට මතකය. එමතු නොව පසුගියදා සිහිපත් කළ අරන්තලාවේ භික්‍ෂු ඝාතනය ද එයට සාක්‍ෂි වේ.
ඉන්දියාවට කලින් තමිල්නාඩුව කුලප්පු කර එවීම අද බටහිරයන්ගේ ක්‍රමවේදයකි. සිය මාංශ ශරීරයේ ප්‍රමාණයට දේශපාලන ප්‍රඥව නොවැඩුණු ජයලලිතා මහ ඇමැතිනිය අද ක්‍රියා කරන්නේ කාගේ න්‍යාය පත්‍රයකටද? ඇගේ මුවින් පිට වන වාග් මාලාවේ හිමිකම් කාගේද?
ඉන්දියාව සමග සසඳන විට අප ඇතෙක් ළඟ සිටින වටුවකු වැන්න. එහෙත් අප ඉතිහාසය මුළුල්ලේම පැමිණි ජව සම්පන්න වූද අදීන වූද ගමනක් තිබේ. ඒ ගමනට බාධා කිරීමට ඉන්දියාවට ද සදාචාරාත්මක අයිතියක් නැත. බුදුදහම තුළින් අප ලද අදීනත්වය අභිමානය සමග අප ඉදිරියටත් ඒ ගමන නැවතී තිබෙන තැන් සිට ඇරඹිය යුතුය. අපට බුදුදහමේ පණිවිඩය එවූ ඉන්දියාව අපේ ගමනට ආශිර්වාද කළ යුත්තේ ද එනිසාය. ඉන්දියානු ලේබලය එතූ 13 වැනි සංශෝධනය මර උගුලක් බව අප දකින්නේ ද ඒ පසුබිම තුළය. අශෝක අධිරාජයාණන් විසින් අපට දෙන ලද ඒ උතුම් සංස්‌කෘතික ත්‍යාගය අපි අද, හෙට මෙන්ම මතුවට ද සුරකිමු. එහෙත් පසුකාලීනව අපට ඉන්දියාව බලහත්කාරයෙන් දුන් රජීව්ගේ 13 තෑග්ග ආපසු රැගෙන යන ලෙස අපි නූතන ඉන්දියාවට කියමු.
Pic Source

0 comments:
Post a Comment