Pages

Tuesday, June 10, 2014

මොහොමඩ් ඝාතනයට මොහොමඩ්ලා 4 ගස්

මැදියම් රැයේ තම නිවස කරා යමින් සිට ව්‍යාපාරිකයකුට හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සහ නීති විරෝධී රංචු ගැසීම යන චෝදනා යටතේ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වරදකරුවන් වූ මීගමුව මහ නගර සභාවේ (එ.ජ.නි.ස.) හිටපු නාගරික මන්ත්‍රීවරයකු, ඔහුගේ බාල සොහොයුරුට සහ එම නාගරික මන්ත්‍රීවරයාගේ හිතවතුන් දෙදෙනකුට (විත්තිකරුවන් සිව්දෙනාට) බස්‌නාහිර පළාත් මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ. ගපූර් මහතා විසින් ඊයේ (9 දා) මරණ දඬුවම නියම කරන ලදී.

මරණ දඬුවම නියම වූ විත්තිකරුවන් වූයේ කොච්චිකඩේ පෝරුතොට පදිංචිකරුවන් වූ හිටපු නාගරික මන්ත්‍රී හුස්‌නිරාස්‌ මොහොමඩ් හුසේන්, ඔහුගේ බාල සොහොයුරු සියාම් රාස්‌ මොහොමඩ් හුසේන් සහ හිතවතුන් වන මොහොමඩ් සුබෙයියර් සහ මොහොමඩ් හාරිස්‌ නමැත්තන්ය.

2001 ජුනි මස 24 වැනි දින කොච්චිකඩේ පෝරුතොටදී මොහොමඩ් ලියාබ්දීන් මොහොමඩ් තකිප්දීන් (38) නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවෝ අධිචෝදනා ලැබ සිටියහ.

මෙහි පළමු, දෙවැනි සහ සිව්වැනි විත්තිකරුවන් මහාධිකරණ නඩු විභාගය ආරම්භයේදීම විදේශ රටවලට පලාගොස්‌ තිබූ අතර ඔවුන් තිදෙනා නොමැතිව නඩු විභාගය පැවැත්විණි.

අධිකරණය හමුවේ පෙනී සිටියේ නඩුවේ තෙවැනි විත්තිකරු වන මොහොමඩ් සුබෙයීර් නමැත්තා පමණි.

මෙහි ප්‍රධාන විත්තිකරු වන හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් හුස්‌නිරාස්‌ නමැත්තා මේ වන විට ත්‍රස්‌තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වී මැලේසියාවේ බන්ධනාගාරගත කොට ඇත. ඔහුගේ මලනුවන් වන මොහොමඩ් සියාම්රාස්‌ නමැත්තා සහ ඔහුගේ මිතුරු මොහොමඩ් හාරිස්‌ නමැති විත්තිකරුවෝ ඉන්දියාවේ සැඟවී සිටිති.

අධිකරණයේ පෙනී සිට මරණ දඬුවම නියම වූ මොහොමඩ් සුබෙයීර් නමැති තෙවැනි විත්තිකරු වසර 50 ක්‌ වියෑති දෙදරු පියෙකි. රජයේ අධිනීතිඥ ෂෙහාන් සිල්වා මහතා පැමිණිල්ල මෙහෙයවිය.

මීගමුව සමූහ - විමල් කීර්ති
http://www.divaina.com/2014/06/10/news03.html

Pic Source

0 comments: