Pages

Sunday, June 17, 2018

විමුක්‌තිකාමී ධර්මද්වීපවාසී අප අද කළ යුත්තේ කුමක්‌ද?

පළමුව අප අපේ මවුබිමේ සුවිශේෂ පිහිටීම සිහියට නඟා ගත යුතුය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුද නාමය ලැබූ ලංකාවට සමාන දිවයිනක්‌ ලොව කිසිම කලාපයක නැත. වර්ග සැතපුම් විසිපන්දහසක්‌ පමණ වූ කුඩා දිවයිනක්‌ වුවද අඩි හත් දහසක්‌ තරම් උස පිදුරුතලාගල වැනි කඳු සහ ලෝක පූජිත සිරිපා සටහන සහිත සමනොළ කඳු වැනි සුවිශේෂ සුන්දර කඳු ඇත්තේද ඉන්දියන් සාගරයේ මුතුඇටය වන් ලංකාද්වීපයේය. බුදු සිරිපා සටහන සහිත සමනළ කන්දට සම්බන්ධ කඳුවැටිය ගැන "සිංහලයේ කීර්ති රඳනා රන් සමනළ රක්‌ෂා කරනා සෙන්පති මුල වාගේ පෙනෙනා බෑණ සමනළ කුණු දිය පර්වත ගවරවිලේ මහ කන්දේ ඔද තෙජ මහසිහ රාජබැම්ම වාගේ එවැනි හෙළ මවුබිමේ උදාරත්වය පිළිබඳ ගැයෙන ගීතයන්ද ලියවී ඇත. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායකයාණන් වූ අමරදේවයන් විසින් ගයනු ලබන "සිරිපා පියුමේ රොන්සුණු විසිරේ නිවී පහන් වී ළය සැනහේ මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ බැන්ද වියන් සේ පුළුන්වළා පාවී යයි නිසංසලේ" වැනි ගීත පරිසරයේ සුන්දරත්වය හා පූජනීයත්වය ප්‍රකාශ කරන ගීතයන් වේ. බුදුන් වහන්සේට පිදූ දේශයේ පූජනීයත්වය සමඟ ලක්‌වැසි අප සැම නැවත නැවතත් සිහිපත් කළ යුත්තේ විදේශ ආක්‍රමණ දහසයකට මුහුණ දී ජාතික ආගමික සංස්‌කෘතික උරුමය රැකගන්නට සමත් වූ දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක වීරයන්ගේ උදාරත්වයයි. විදේශ ආක්‍රමණ දහසයකට තබා විදේශ ආක්‍රමණ දහයකටවත් මුහුණ දී තම උරුමය රැක ගන්නට සමත් වූ සිංහලයන් වැනි ජාතියක්‌ ගැන ලෝකයේ කිසිම කලාපයකින් අසන්නට නොලැබේ. 

 සුවිශාල ඉන්දියානු අර්ධ මහාද්වීපයේ උතුරු හා මධ්‍යම ප්‍රදේශවලින් බුදු සසුන අතුගා දමන්නට කිල්ජීභක්‌තියාර්ගේ ඉස්‌ලාමීය හමුදාවන්ට හැකි වුවද ඉන්දියන් සාගර කලාපයකට යටත් කළ මුණ්‌මඩි චෝල මණ්‌ඩල අධිරාජ්‍යයට පවා ලංකාවේ බුදු සසුන හා උතුම් හෙළ බොදු සංස්‌කෘතික උරුමය විනාශ කළ නොහැකි විය. පුංචි ශ්‍රී ලංකාව යටත් කර අඩ සියවසක්‌ ගත වන්නට පෙර මුණ්‌මඩි චෝල මණ්‌ඩල අධිරාජ්‍ය බලය පරදවා රට දැය සමය සුරැකිව රැකගෙන ඉන්දියන් සාගර කලාපයට අයත් සියලුම ජනතාවන්ට විමුක්‌තිකාමී විජයග්‍රහණයේ ආදර්ශය ලබාදෙන්නට කීර්ති විජයබාවන් ප්‍රමුඛ සිංහල දේශප්‍රේමීන්ට හැකි වූ බව නීලකණ්‌ඪශාස්‌ත්‍රී වැනි ඉන්දියානු ඉතිහාසඥයින්ගේ පවා ප්‍රශංසාවට ලක්‌ වී තිබේ. පුලහFථ, භාහිය, පිලයමාර හා පණයමාර ආදී පස්‌මහ දෙමළ ආක්‍රමණිකයන්ගේ පටන් පොළොන්නරුව ලේ විලක්‌ බවට පත් කර රජරට යකුන් නැටූ පිටියක තත්ත්වයට පත් කළ කාලිංග මාඝ ආදී කිසිදු ආක්‍රමණිකයකුට රුවන්මැලි මහා සෑයේ කොත් කැරලි ගලවාගෙන ගියද ධාතු ගර්භය දක්‌වා චෛත්‍යය බිඳින්නට නොහැකි වූ නිසාම ධාතු කරඬු පැහැරගත නොහැකි විය. අනුරාධපුර මහමෙව්නාවේ ලෝක ප්‍රකට සමාධි පිළිමය හෝ බුදු හිමියන්ගේ මහා පෞරුෂය නිරූපිත අවුකන බුදු පිළිමය බිඳහෙළන්නට පරසතුරු ආක්‍රමණිකයන්ට නොහැකි විය. පොළොන්නරුව ලේ විලක්‌ කළ කුරිරු ආක්‍රමණිකයා වූ කාලිංග මාඝට පවා ලෝක ප්‍රකට ගල් විහාර පිළිම විනාශ කළ නොහැකි වූයේ ඒ ශේ්‍රෂ්ඨ උරුමය රකින්නට කැපවුණු දේශප්‍රේමී ජාති හිතෛෂී ශාසනමාමක වීරයන්ගේ ආත්ම පරිත්‍යාගයන් නිසාය. ඉතිහාස යුග ගණනක්‌ තිස්‌සේ අවුකන පිළිමය වැනි ශේ්‍රෂ්ඨ නිර්මාණ රැක ගන්නට හැකි වූ නිසාම මහගමසේකර වැනි අපේ යුගයේ ගේය පද රචකයන්ට "ඉහළ නිල්වන් අහස විනිවිද නැඟෙන ඔබගේ යෝධ බදු බඳ මගේ කුදු බව පසක්‌ කරවයි" වැනි ගී ලියන්නට හැකි වූවා මෙන්ම "කෙළෙස්‌ මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආවෙමි පොළෝ තලයේ" යනුවෙන් සිත් සනසන ගායනාවන් කරන්නට අමරදේවයන්ට හැකි විය. 

 මහියංගන හා කැලණි විහාරවල පටන් තිස්‌සමහාරාම, සේරුවිල මංගල මහා චෛත්‍යය, රුවන්මැලි මහ සෑ, අභයගිරි හා ඡේතවන චෛත්‍ය දක්‌වාත් දඹදෙණි, යාපහුව, කුරුණෑගල රිදී විහාර ආදී දාගැබ් පිළිම නිර්මාණ දක්‌වාත් මධ්‍ය කඳුකරයේ ගඩලාදෙණි, ඇම්බැක්‌කේ හා දෙගල්දොරු විහාර දක්‌වාත් අස්‌ගිරි, මල්වතු විහාර හා දළදා මාලිගාව දක්‌වා වූ ශේ්‍රෂ්ඨ නිර්මාණයන් රැකගෙන ලොවම ආකර්ෂණය කරන මහා පෙරහැර පැවැත්වීමට සිංහල බෞද්ධයන්ට හැකි වූයේ විදේශ ආක්‍රමණ දහසයකට මුහුණදී සිංහලේ මහා සංස්‌කෘතික උරුමය රැක ගැනීම සඳහා දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක මුතුන්මිත්තන් විසින් කරන ලද උදාර පරිත්‍යාගයන් නිසාය. ධර්මද්වීපවාසී අප හැම අද පළමුවම කළ යුත්තේ ඒ ශේ්‍රෂ්ඨ ලෝක උරුමයන් රැකගන්නට දිවිපිදූ කෝටි සංඛ්‍යාත උතුම් මුතුන්මිත්තන්ගේ උදාර ආත්ම පූජාවන් සිහිකරමින් ඉතිහාසගත ඒ ශේ්‍රෂ්ඨයන්ගේ ආදර්ශය අනුව ඉදිරියට යන්නට අධිෂ්ඨාන සහගත වීමයි. ඉස්‌ලාම් ආක්‍රමණිකයන්ට මුහුණදී තම උතුම් උරුමය රැකගන්නට මැලේසියානු බෞද්ධයන්ට හා ලොව ලොකුම දුපත් රාජ්‍යය වූ ඉන්දුනීසියාවේ කෝටි සංඛ්‍යාත බෞද්ධයන්ට නොහැකි වුවද ශත වර්ෂ එකහමාරක්‌ තරම් වූ අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය පාලනයෙන් හෝ මිෂනාරි අධ්‍යාපනයෙන් අතිමහත් සිංහල බෞද්ධ බහුතරය වෙනස්‌ කළ නොහැකි විය. අවුරුදු සියයකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ නැවත නැවතත් කළ උඩරට ආක්‍රමණ මගින් සිංහලේ ජනගහනයෙන් තුනෙන් පංගුවක්‌ ඝාතනය කිරීමට කාලතුවක්‌කුකාර ලෝක බලවතා වූ පෘතුගිසීන්ට හැකි වුවද සිංහලයන් සියයට දහයක්‌වත් කතෝලක ආගමට හරවා ගන්නට කුරිරු පරංගි බලයට නොහැකි විය.

 ඉංගී්‍රසි ඉගෙන ගන්නට හා අධිරාජ්‍යවාදී පාලකයන්ගෙන් තාන්නමාන්න ලබා ගැනීම සඳහා එංගලන්ත සභාව, මෙතෝදිස්‌ත සභාව වැනි රෙපරමාදු ක්‍රිස්‌තියානි පාර්ශ්වයන්ට එක්‌ වූවන්ගෙන් වැඩි දෙනකු පවා නැවත සම්‍යක්‌ දෘෂ්ටි මාර්ගයට හරවා ගන්නට මහා සංඝරත්නයේ ආශීර්වාදය ලැබූ අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ ශාසන මාමක වීරයන්ට හැකි විය. හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ තුමා, බ්ලැවැට්‌ස්‌කි මැතිනිය හා මියුසියස්‌ හිsඟින්ස්‌ වැනි ඇමරිකානු, රුසියන් සහ ඉංගී්‍රසි ජාතික උතුමන්ට හා උතුමියන්ට අපේ උතුම් උරුමය වෙනුවෙන් සුවිශාල කැපකිරීම් කළ හැකි වී නම් පූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ධම්මාලෝක හිමි, වැලිගම සුමංගල හිමි හා වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි වැනි උතුම් හිමිවරුන්ගේ ආදර්ශය අනුව යන අපේ යුගයේ මහා සංඝරත්නයටද ජාතියේ අධ්‍යාත්ම ශක්‌ති උල්පත වූ බුදු සසුන නව පණ ගන්වන්නට හැකිවනු ඒකාන්තය. අවශ්‍ය වන්නේ ධර්ම ඥනය සමඟ උදාර ජාතික ඉතිහාසය පිළිබඳ දැනීම වර්ධනය කරගෙන සේවයට කැපවීමයි. බෙදුම්වාදයට ආධාර අනුබල දෙන නව යටත් විජිතවාදීන්ගේ කූටෝපාය මාර්ගයට යට නොවී රටත් ජාතියත් සිංහලේ මහා සංස්‌කෘතියත් මවුබිමේ සුන්දර පරිසරයත් රැකගෙන බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය ලෝක ජනතාවට නිවැරදි ලෙස පහදා දෙන්නට අපේ පරපුරින් මෙන්ම ඊළඟ පරම්පරාවලින්ද ධර්ම ඥනයෙන් පිරිපුන් සේවයට කැපවුණු ශේ්‍රෂ්ඨයන් සිය දහස්‌ ගණනක්‌ බිහි විය යුතුය. පුරා අවුරුදු හැටකට වැඩි කාලයක්‌ සේවයට කැපවීමේ අත්දැකීම් ඇති හැත්තෑහත් වැනි වියේ පසුවන මේ ලිපිය ලියන මට ලක්‌වැසි ජනතාවගේ ජාතික ඉතිහාසය හදාරා සිංහලේ මහා සංස්‌කෘතික උරුමය ගැඹුරින් අවබෝධ කරගෙන ලෝක ශාසන සේවය උදෙසා කැපවන්නැයි ඉල්ලා සිටීමේ අයිතියක්‌ තිබේ. මා එසේ කියන්නේ තමන් ආදර්ශවත් නොවී අන් අය නිවැරදි මගට හරවාගත නොහැකි හෙයිනි. 

 වත්මන් පරපුරේ සියලු දේශප්‍රේමීන් ජාතිහිතෛෂී ශාසනමාමක පින්වතුන් ජාතියේ මුරදේවතාවූන් වහන්සේලා වන සේවයට කැපවුණු මහා සංඝරත්නයත්, මහා සංඝරත්නයේ මාර්ගෝපදේශකත්වය අනුව යමින් තමන්ගේ ඉරිදා නිවාඩු දිනය දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා කැපකරන ලක්‌ෂය ඉක්‌ම වූ දහම් ගුරු භවතුනුත් පුද්ගලික පංතිවලට නොගොස්‌ රූපවාහිනි කාටූන් ආදී විගඩම්වලට යට නොවී ඉරිදා උදැසනින් දහම් පාසල් යන ලක්‌ෂ විසිපහ ඉක්‌ම වූ දරුවනුත් තමන් හරියට නොකා නොබී හෝ තියෙන දෙයක්‌ දරුවන්ට කන්නට බොන්නට දී දරුවන්aa සුදුවතින් සරසා දහම් පාසල් කරා යවන උතුම් දෙමාපියනුත් ආදර්ශයට ගත යුතුය. සේවයට කැපවුණු ආදර්ශවත් උතුම් මිනිසුන්ට කළ නොහැකි යහපත් දෙයක්‌ නැත. හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට විෙද්‍යාදය පිරිවෙන පිහිටුවා එහි ශාඛා පිහිටුවන්නට මගපාදමිනුත් රත්මලානේ ශ්‍රී ධම්මාලෝක, ධම්මාරාම හිමිවරුන්ට විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවා එහි ශාඛා රටපුරා ගොඩනඟන්නට ක්‍රියා කරමින් අධිරාජ්‍යවාදී මිෂනාරි අධ්‍යාපන අභියෝගය ජය ගන්නට හැකි වී නම් වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ට පානදුරාවාදය වැනි මහා වාද මගින් දේව නිර්මාණවාදී බටහිර චින්තනය පරාජය කළ හැකිවී නම් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වැනි ලෝක පූජිත ධර්මධර උතුමන්ගේ ආශීර්වාදය ලැබූ අනගාරික ධර්මපාලතුමාට ඇමරිකාවේ චිකාගෝ නුවර දාර්ශනික සමුළුවේ පැවැත්වූ ශේ්‍රෂ්ඨ දේශනයෙන් පටන්ගෙන ලොව පුරා ධර්මදූත මෙහෙවරක යෙදෙමින් බටහිර හා පෙරදිග රටවල් රැසක මහාබෝධි සමාගමේ ශාඛා පිහිටුවා බුදු දහමේ උතුම් පණිවුඩය ජාත්‍යන්තර මට්‌ටමට ගෙන යන්නට හැකිවී නම් මුද්‍රිත මාධ්‍ය, ගුවන්විදුලි, මාධ්‍ය හා රූපවාහිනි මාධ්‍ය ආදී විවිධ පහසුකම් තිබෙන යුගයක රට, දැය, සමය පුබුදුවා මාතෘ දේශයත්, ජාතියත්, බුදු සසුනත් ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරයත් රැකගෙන ජාතික හා ජාත්‍යන්තර මෙහෙවරක යෙදෙන්නට අපේ පරපුරටද හැකි විය යුතු වේ. 

 අනගාරිකව රට පුරා ධර්ම චාරිකාවේ යෙදෙමින් විද්‍යාල, මහා විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල ආදී ජාතික පාසල් ඇතුළු පාසල් දෙදහස්‌ ගණනකත් දහම් පාසල් දහසකට වැඩි ගණනකත් රටපුරා පිරිවෙන් සියයකට වැඩි ගණනකත් දේශන පවත්වා වරාය බෞද්ධ සමිතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බෞද්ධ සමිතිය, ඛනිජ තෙල් සංස්‌ථා බෞද්ධ සංගමය වැනි විවිධ වෘත්තීය ක්‍ෂේත්‍රයන්හි සංවිධාන රැසකත්, පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතන ගණනාවකත් ස( ණ( ස( ශාඛා සංවිධාන වැනි දීප ව්‍යාප්ත සංවිධානවලත් දේශන පවත්වා කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකා පුහුණු මූලස්‌ථානයේ කළ දේශනවල පටන් කළුතර සේරුපිට සිවිල් ආරක්‌ෂක හමුදා පුහුණු කඳවුර, කල්පිටිය සිවිල් ආරක්‌ෂක හමුදා පුහුණු කඳවුර, අම්පාර සිවිල් ආරක්‌ෂක හමුදා පුහුණු කඳවුර ආදී පුහුණු කඳවුරුවලත් දේශන කර තන්තිරිමලේ හමුදා කඳවුරේ පටන් තිරිකුණාමලේ දක්‌වා හමුදා සංවිධානවල මෙහෙයවීමෙන් හමුදා බල පිරිස්‌ දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසන මාමක හැඟීමෙන් පුබුදු කළ සමාජ ආර්ථික වශයෙන් දුප්පතෙකු වූ මේ ලිපිය ලියන මට ටාටා ඩීමෝ වාහනයේ යමින් රටපුරා රාජසිංහ පැණි වරකා කොස්‌ පැළ අසූදෙදහස්‌ ගණනක්‌ බෙදා දී ජාතික ආර්ථිකය හා පරිසරය සංවර්ධනය කිරීමේ මෙහෙවරක්‌ කළ හැකිවී නම් හොඳ වාහන හිමි සිය ගණන් ආචාර්ය මහාචාර්ය උගතුන්ටත් රටපුරා වන ලක්‌ෂ සංඛ්‍යාත ගුරුවරුන්ටත් ජනතාව දැනුවත් කර ජාතිය අවදි කර රට දැය සමය නඟා සිටුවා මවුබිමේ පරිසරයද සංවර්ධනාත්මක ලෙස පෝෂණය කළ හැකි බවට සැකයක්‌ නැත.

 ජාතික, ආගමික, සංස්‌කෘතික හා සොබා පරිසරවාදී සංවර්ධන සේවාව සඳහා කැපවීමේදී නව යටත් විජිතවාදී බටහිර රටවල තර්ජනවලට බිය යුතු නොවේ. අපේ ත්‍රිවිධ හමුදාවට හා පොලිස්‌ විශේෂ කාර්ය සිවිල් ආරක්‌ෂක හමුදාදී අංශවලට අයත් වූ දේශප්‍රේමීන්ට නව යටත් විජිතවාදී බලවතුන්ගේ ආධාර අනුබල ලැබූ දෙමළ ඊළාම් කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව අධිෂ්ඨාන සහගතව නැඟී සිටිමින් ජීවිත තිස්‌දහක්‌ තරම් සංඛ්‍යාවක්‌ පූජා කර දාසයදහස්‌ ගණනක්‌ තරුණ සෙබළුන් සදාකාලික ආබාධිතයන් වී රට එක්‌සේසත් කළ හැකිවී නම් දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක අප පසුබට විය යුත්තේ කුමකටද? පුංචි වියට්‌නාම් ජනතාවට ඇමරිකානු උත්තර බලවතාගේ හමුදාවන් පරදවා තම මවුබිමෙන් පලවා හරින්නට හැකිවී නම් ඇමරිකානු නව යටත් විජිතවාදී මූලස්‌ථානයට සැතපුම් සියයකට අඩු දුරකින් පිහිටි පුංචි කියුබාවේ ජනතාවට බටහිර ආධිපත්‍යය පරදවා ස්‌වෛරී, ස්‌වාධීන ජාතික ආරථිකයක්‌ මත පදනම් වූ සමාජවාදී මඟ ගත හැකිවීනම් නව යටත් විජිතවාදී ඇමරිකානු මූලස්‌ථානයේ සිට සැතපුම් දහස්‌ ගණනක්‌ දුරින් පිහිටි ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී අපට ඇමරිකානු තර්ජන පරාජය කළ හැකි බවට සැකයක්‌ නැත. අවශ්‍ය වන්නේ ලොවටම ආදර්ශයක්‌ වූ විමුක්‌තිකාමී අභිමානවත් ඉතිහාස උරුමය මත පදනම් වී නිවහල් අදීන ක්‍රියාමාර්ගයක සංවිධානාත්මකව ඉදිරියට යාමයි.

 අරන්තලාවේදී භික්‌ෂූන් වහන්සේලා තිස්‌ ගණනක්‌ කපා කොටා ඝාතනය කර ගර්භණි මවුවරුන් පවා ඝාතනය කරවා සිංහලයන් රජරටින් පලවා හැරීමේ කුරිරු ප්‍රයත්නයක යෙදුණු මිනීමරු ප්‍රභාකරන් මහත්මයකු ලෙස හඳුන්වන්නට තරම් ජාතිදොaහී වූ දේශපාලනඥයන් සිටියත් දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක අතිමහත් බහුතර ජනතාව ඒ දේශෙද්‍රdaහී ජාතිෙද්‍රdaහීන්ගේ අමන කතාවලින් සසල නොවී වඩාත් ධෛර්යවත්වනු නිසැකය. ඒ දේශෙද්‍රdaහී ජාතිෙද්‍රdaහී කතා අසන දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක ජනතාව සතුරු බලවේගයන් පරාජය කරන්නට එක හිතින් එකමුතුවනු ඒකාන්තය. මේ ලිපිය අවසන් කරන්නට "රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි යනුවෙන් ගැයෙන සමූහ ගායන ගීතයේ පදවැල් දෙක තුනක්‌ද මේ සමඟ ලියා දැක්‌විය යුතු බව මගේ විශ්වාසයයි. ඒ ගී පද වැල් මෙසේ වේ. 

 "මාණික්‍ය සේ පොළෝගැබේ නිධාන වී ඇත්තෙ ඒ අභීත දූපුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හෙළුE ලේ කඳයි."

 "ගංගා තරංග රාවදී රිදී වණින් පද්ම රේණුයෙන් සුගන්ධ වී රන්කරල් නමා නමා සිත් ප්‍රබෝධයෙන් පුරා එන්නෙ උන් හෙළුE ප්‍රාණ වායුවයි."

 ඉතිහාසගත ඒ කෝටි සංඛ්‍යාත වීරයන්ගේ ප්‍රාණ වායුව වත්මන් පරපුරේ අපේ සිත් සතන් පණගන්වන මහා බලවේගයක්‌ වනු ඒකාන්තය, නිසැකය. අධිරාජ්‍යවාදී වධක කඩුවට මුහුණදෙන මොහොතේ සතුරු හමුදා බලවතුන් පවා විශ්මයට පත් කරන අයුරින් තමමුවින් බුදු ගුණ ගාථා කියෑවෙද්දී එක පහරින් තම හිස සිඳින්නැයි වධකයාට පවා නියෝග කරන තරම් උදාර වූ කැප්පෙටිපොල ඇහැලේපොල වැනි උතුම් වීරයන් සිහිකරන ඒ උදාර වීරයන්ගේ ජීවිත පරිත්‍යාගයට දෙසිය වස පිරෙන මේ අවධියේ ජීවත්වන අප කැප්පෙටිපොල, පුරන්අප්පු මෙන් ආත්ම පූජාවේ මඟ ගන්නට අධිෂ්ඨාන සහගත විය යුතුය. ලොවටම ආදර්ශවත් වන තරම් උදාර වූ වසර දෙදහස්‌ ගණනක ඉතිහාසයෙන් පන්නරය ලැබූ අපේ ජයග්‍රහණය ඒකාන්තය, නිසැකය. 

 මාලේවන ධම්ම විජය හිමි (කලින් අනගාරික ධර්මසේකර තුමා)
http://divaina.com/sunday/index.php/visheshanga2/4297-2018-06-14-07-11-7

සිව් බුදුවරු වැඩම කළ මිහින්තලේ අනුහස්‌ - ලෝකයේ ඉපැරැණිම රෝහල ඉදිවුණේ මෙතැනයි...

අෂ්ටඵල බෝධීන් වහන්සේලාගේ පළමු පැළය රෝපණය කර ඇත්තේ මිහින්තලේ...

මිහින්තලේ මංසන්ධියේ ඉඳලා ඉන්දියාවට වැඩි දුරක්‌ නෑ

තුරු හිස්‌ තෙමන ඉදිකටු වැස්‌ස අවට සීත සළුවෙන් පොරවාගෙනය. තුරු, ගොමු අතරින් ඉගිලෙන සුළඟ ගත දැවටෙන විට සියොළඟම කිතිකැවිණි. විහඟුන්ගේ ගී නාදයට මුසු වූ ගහ කොළ නැළවෙන හඬ මගේ සිත ඒකාත්මික කිරීමට සමත් වූ බව සැබෑය. ගල් පඩි සිය ගණනක්‌ ඉහළට තරණය කළ ද ගතට කිසිදු විඩාවක්‌ නොදැනේ. අවට සොබාසිරිය සිත් පුරා විඳගනිමින්, දැන් අප මේ ගමන් කරමින් සිටින්නේ මෙරට බෞද්ධ සංස්‌කෘතියේ මහගෙදරටය. එනම් මිස්‌සක පව්වටය. මීට වසර දෙදහස්‌ තුන්සිය විසිහයකට පෙර පොසොන් පෝය දිනයේදී මිහිඳු හිමියන් සහ ඉට්‌ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන භික්‍ෂූන් ද සුමන සාමණේරයන් ද භණ්‌ඩුක උපාසක ඇතුළු ධර්ම දූත කණ්‌ඩායම වැඩම කළ අති උතුම් පුණ්‍ය භූමියටය. දඩ කෙළියේ නිරතව සිටි දේවානම්පියතිස්‌ස රජු ඇතුළු හතළිස්‌දහසක්‌ සේනාව පංචශීලයේ පිහිටුවමින් ධර්මය අවබෝධ කර දුන් පින්බිමටය.

හතළිස්‌දහසක සේනාවක්‌ ආයුධ බිම තබා පන්සිල් සමාදන් වූ ලෝකයේ ඇති එකම ස්‌ථානය මිහින්තලය පුද බිම පමණි. එමෙන්ම පංචශීලය පිහිටුවීම, පැවිදි කිරීම, උපසම්පදාව, ධර්ම දේශනාව යන සියලු පින්කම් එකම දිනයක, එකම ස්‌ථානයක මෙරට පළමු වරට සිදුකරනු ලැබුවේ ද මිස්‌සක පව්වේදීය. එදා මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත කණ්‌ඩායම දේවානම්පියතිස්‌ස රජුට දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව අදට ද මිස්‌සක පව්වේ රැව් පිළිරැව් දෙන බව සැබෑය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටි 'මිහිඳු කුටිය' ඒ පුණ්‍ය භූමියේ අදට ද ජීවමානය. මිහින්තලා පුදබිමේ පිහිටි අෂ්ටඵල බෝධිය, විෂ්ණු දේවාලය, කටුසෑය ආශ්චර්ය පිරුණු සිද්ධස්‌ථානය. ආරාධනාගල, මිහිඳු සෑය, මහා සෑය, කණ්‌ඨක චෛත්‍යය, ගිරිභණ්‌ඩ සෑය, අම්බස්‌තල වටදාගෙය, ඇත් වෙහෙර, පෝය ගෙවල්, අටසැට ලෙන්, ධාතු මන්දිරය, මනිනාග මන්දිරය එම පින්බිමේ ඇති සෙසු පූජනීය ස්‌ථානය. මැද මළුව, දාන ශාලාව, සන්නිපාත ශාලාව, පොත්ගුල, රාජගිරි ලෙන නටබුන්ව පැවතිය ද බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන සිද්ධස්‌ථානය. එමෙන්ම එම පින්බිමේ ඇති සිංහ පොකුණ, කළුදිය පොකුණ, නාග පොකුණ තිඹිරි පොකුණ, අදට ද දිය පිරුණු විසල් පොකුණුය. මැද මළුවේ දකුණු පසින් වූ ගොඩනැඟිල්ල, මිහින්තලය ප්‍රධාන පියගැට පෙළ, පැරැණි රෝහල, සහ උප ග්‍රන්ථය 1, සෙල්ලිපි, පූර්ව බ්‍රාහ්මීය සෙල්ලිපි, මහාදාඨික මහානාගගේ ගිරිලිපිය, ෂඪ වැනි මිහිඳුගේ පුවරු ලිපි ද්වය, උප ග්‍රන්ථය 2 ද මිහින්තලේ පුද බිමේ ඇති ඓතිහාසික වස්‌තූන්ය. එහෙත් එම සිද්ධස්‌ථාන සහ ඉපරැණි නටබුන් ගැන බෞද්ධ සමාජයේ කතාබහට ලක්‌වන්නේ ඉතාම අඩුවෙනි. බොහෝ බෞද්ධයන්ට මිහින්තලය සිහිපත් වන්නේ පොසොන් පෝය කිට්‌ටු වන විට පමණි. එහෙයින් අපි මිහින්තලේ රජමහා විහාරාධිපති ශාස්‌ත්‍රපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් සහ මිහින්තලේ පුරාණ ගම්වැසියන් හමු වී මෙරට බෞද්ධාගමේ තිඹිරිගෙදර ඉතිහාසය සහ ආශ්චර්ය ගැන සාකච්ඡා කළෙමු. මේ පෙළගැසෙන්නේ මිහින්තලේ ආශ්චර්යය ගැන කියෑවෙන කතාවය...

"මිහිඳු හාමුදුරුවෝ හිතුමතේ මිහින්තලයට වැඩම කළා නොවේ. බුද්ධගයාවේ බුදුවරු පහළ වන්නා සේම ලක්‌දිව බුද්ධ ශාසනය පිහිටුවනු ලබන්නේ මෙරට කේන්ද්‍රස්‌ථානය වූ මිහින්තලයේදී. ඒ වගේම මේ කල්පයේ පහළ වූ සිව් බුදුවරු මිශ්‍රක පව්වට වැඩම කර ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. සිව් බුදුවරු මිහින්තලයට වැඩම කළේ මේ බිමේ තියෙන ආශ්චර්යයට. අපි මිහින්තලේ ආශ්චර්යය ගැන කතා කරන්න ඕන ඒ ඉතිහාස කරුණුත් පාදක කරගෙනයි..." මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් අපේ කතාවට එසේ ප්‍රවේශයක්‌ ලබාගත්තහ.

"අනුරාධපුර අටමස්‌ථානය පිහිටුවන්න මිහිඳු මහරහතන්වහන්සේ දේවානම්පියතිස්‌ස රජුට උපදෙස්‌ දී ඇත්තේ මිශ්‍රක පව්වේ වැඩහිඳිමින්. අරිට්‌ඨ ඇමැති ඇතුළු ලාංකීය කුලදරුවන් හැට එක්‌දෙනකු සසුන්ගත කළේ මේ පින්බිමේදී. මිහිඳු හාමුදුරුවෝ ඇතුළු ධර්ම දූත කණ්‌ඩායමත්, සසුන්ගත කළ හැට එක්‌නමත් පළමු වස්‌ වැසීම සිදු කරන්නේ මිහින්තලා පින්බිමේ ඇති අටසැට ලෙන්වල. ඒ වගේම තිස්‌ස රජුගේ ඉල්ලීමක්‌ අනුව මෙරටට වැඩම වූ ධාතූන් වහන්සේලා සොළොස්‌මස්‌ථානයන්වලට බෙදා දී ඇත්තේ මේ පින්බිමේදී. (දළදා ධාතූන් වහන්සේ හැර) මිනිස්‌සු ගස්‌, ගල්වලට වැඳුම් පිදුම් කරනවා දැකලා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්‌ වැඩමවීමට මිහිඳු මහරහතන් වහන්සේට අදහස පහළ වෙන්නේ මේ පින්බිමේදී. ඒ අනුව මිහිඳු හාමුදුරුවෝ ඇතුළු ධර්ම දූත කණ්‌ඩායම වැඩම කරලා මාස හයක්‌ සම්පූර්ණ වෙනකොට සංඝමිත්තා තෙරණිය, කුල දහඅටක සේනාවක්‌ සමඟ ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවක්‌ මෙරටට වැඩමවාගෙන පැමිණියා. සංඝමිත්තා තෙරණිය වැඩම කිරීමත් සමඟ භික්‍ෂුණි ශාසනය ආරම්භ වුණා. ශාරීරික, උද්දේශික, පාරිභෝගික සියලු වස්‌තූන් මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර කෙරුණා. ඒ සමඟ තමයි මෙරට ආගම, දහම, සංස්‌කෘතිය සියලු සකලාංග බිහිවුණේ. හිත් පිත් නැති කළු ගල්වලට මෙත්තා, මුදිතා, කරුණා, උපේක්‌ඛා සතර බ්‍රහ්ම විහරණ ඔබ්බලා ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කෙරුණේ. මෙරට බෞද්ධ ජනතාව තුළ බෝසත් ගතිගුණ ඇති කළේ මිහිඳු හාමුදුරුවො. ඒ උත්තම හිමි වැඩ සිටි මිහිඳු කුටිය අදටත් ලෝක බෞද්ධයාගේ වන්දනාවට පාත්‍ර වෙනවා. අෂ්ඨඵල බෝධීන් වහන්සේ අදටත් විරාජමානයි. ශ්‍රී මහා බෝධියෙන් පැළ වූ අෂ්ඨඵල බෝධීන් වහන්සේලාගෙන් පළමු පැළය රෝපණය කරලා තියෙන්නේ මිහින්තලේ පූජා භූමියේ..."

"මිහිඳු හිමියන්ගේ කාලයේ නිර්මාණය කරපු මිහින්තලේ ඉස්‌පිරිතාලය ලෝකයේ පැරැණිම රෝහල. ඒ රෝහල් භූමියෙන් සොයාගත්ත මෙවලම් කොහෙන් ගෙනද්ද කියලා පුරාවිද්‍යා නිලධාරීන්වත් තවම නිගමනය කරලා නෑ. රෝහලේ තිබුණු ශල්‍ය උපකරණ වෙනත් ග්‍රහලෝකවලින් ගෙනත් ඇති බවට ජනප්‍රවාද පවතිනවා. ඒවා මහා විස්‌මිත දේවල්. ඒ වගේම තමයි මිහින්තලේ හතරමංහන්දිය. භූගෝලීය පිහිටීමට අනුව මිහින්තලේ හතරමං හන්දියේ ඉඳලා ඉන්දියාවට විශාල දුරක්‌ නෑ. ඒ වගේම මිහින්තලේ හන්දියේ ඉඳලා මෙරට සෑම දිසාවකටම යන්න පුළුවන්. මිහින්තලා පුද බිම කියන්නේ උත්තම පින්බිමක්‌. ඒ බිමේ තියෙන සෑම සිද්ධස්‌ථානයක්‌ම අනුහස්‌ පිරිලා. නටබුන් ලෙස ශේෂ වූ සිද්ධස්‌ථානවල පවා හරි පුදුම දේවල් වෙනවා..."

"මිහින්තලේ උඩමළුවේ, අෂ්ටඵල බෝධිය ළඟ විෂ්ණු දේවාලය අසල සුනඛයන්ට කැත කරන්න බෑ. වැරැදිලාවත් සුනඛයෙක්‌ හිටියොත් මහා රෑට කෑගහගෙන දුවනවා. ආයෙත් ඒ සතා පේන්නවත් එන්නේ නෑ. සමහර දවස්‌වලට උදේට අෂ්ටඵල බෝධිය වටා අතුගාන්න දෙයක්‌ නෑ. පොළොව පිරිමැද්ද ඉඳල් පාරවලුත් තියෙනවා. ඒත් පිරිමැදපු කෙනෙක්‌ නෑ. ඒ වගේම රෑ නවයට, දහයට දේවතා එළි පාත් වෙනවා නිතරම අපි දකිනවා. සමහර දවස්‌වලට රෑට විදේශිකයන් ඇවිත් ඡායාරූප ගන්නකොට ඒ පින්තූරවල එළි තියෙනවා. ඒවා දැකලා ඒ මිනිස්‌සුන්ටත් පුදුමයි. එක්‌දහස්‌ නවසිය පනස්‌ ගණන්වල මහා සෑයේ බුදුරැස්‌ විහිඳිලා තියෙනවා. ඉඳ හිට අෂ්ටඵල බෝධිය ළඟට විශාල සුදු නායෙක්‌ ඇවිත් පෙනිලා යනවා. කැලෑව ඇතුළෙන් මහා රෑට පිරිත් හඬ, හේවිසි හඬ ඇහෙනවා. රෑට සුදු ඇඳ ගත්තු අය ඇවිත් බෝධිය ළඟ භාවනා කරනවා පේනවා. ළඟට යනකොට කවුරුවත් නෑ. මස්‌ මාංශවලින් වැළකිලා බෝධීන් වහන්සේට පුද සත්කාර කරගෙන ඉන්න අයට ඔය දේවල් පේනවා. අපි දවසට හතර වරුවක්‌ තේවාව කරනවා. උදේ පාන්දර පහට, හතට බුද්ධ පූජාව, දවල් බුද්ධ පූජාව, හවස ගිලන්පස පූජාව කරනවා. සෙනසුරාදා, බදාදා දවස්‌ දෙකේ විෂ්ණු පූජාව පවත්වනවා..."

"විෂ්ණු දේවාලයත් අනුහස්‌ පිරුණු තැනක්‌. දවසක්‌ අපේ ප්‍රධාන දායක මහත්මයකුගේ කිරි හරක්‌ කිහිපදෙනෙක්‌ හොරකම් කරගෙන ගිහින්. හොරකම කරපු පුද්ගලයාව හොයාගෙන ගිහින් අපි කිව්වා පොලිසී ගානේ යන්නේ නෑ, අපිට හරක්‌ ටික දෙන්න කියලා. මිනිහා හොරකම් කළේ නෑ කියලා පරසක්‌වල ගැහුවා. ඊට පස්‌සේ මම කිව්වා මට කරන්න දෙයක්‌ නෑ, මේ මහත්තයා විෂ්ණු දේවාලයට ගිහින් පලි ගහයි කියලා. මම කිව්වා වගේම හරක්‌ අයිතිකරු විෂ්ණු දෙවියන් ඉදිරියට ගිහින් නඩුව කිව්වා. එදා රෑ දොළහ වෙනකොට කිහිපදෙනෙක්‌ හරක්‌ හොරකම් කරපු පුද්ගලයාව උස්‌සාගෙන පන්සලට ආවා. අත, පය පණ නෑ. අදටත් ඒ මනුස්‌සයාගේ අත, පය පණ නෑ. ඒ වගේ සිද්ධි අනන්තයි. විෂ්ණු දේවාලයට ගිහින් දුක කියලා බාරයක්‌ වුණොත් පිහිට අනිවාර්යයි. කටුසෑයෙත් එහෙමයි. නිරන්තරයෙන්ම අදෘෂ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙන තැනක්‌. කඩවර, සහ බහිරව හත්කට්‌ටුව හොඳට සහ නරකට දෙකටම ක්‍රියාත්මක වෙනවා. නරක පැත්තේ අත්දැකීම් මට නෑ. හොඳ පැත්තේ අත්දැකීම් මටත් තියෙනවා. සඵල නොවී කල්මැරෙන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා කටුසෑයට බාරයක්‌ වුණහම සතියෙන්, දෙකෙන් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අත්දුටුයි, ප්‍රත්‍යක්‍ෂයි. සෙනසුරාදා, බදාදාට කටුසෑය ළඟ ඉඩක්‌ නෑ සෙනඟ පිරිලා. ඒ සේරම එන්නේ බාර හාර වෙන්න. බලාපොරොත්තු සඵල වෙච්ච අය බාර ඔප්පු කරන්න. ඒ වගේම තමයි අෂ්ටඵල බෝධිය ළඟට ඇවිත් දුකක්‌, කරදරයක්‌ කියලා පිහිටක්‌ ප්‍රාර්ථනා කළොත් අනිවාර්යයෙන්ම ශාන්තියක්‌ අත් වෙනවා. බාබාලා පරක්‌කු අම්මලා ඇවිත් දින හතක්‌ බෝධී පූජා පැවැත්තුවම සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා කියලා මේ ගම්වල දායකයෝ මාත් එක්‌ක කියලා තියෙනවා. එහෙම පූජා පවත්වලා ප්‍රතිඵල ලබාගත්ත අය මටත් ඇවිත් පිං දීලා යනවා. ඒ දේවල් මිහින්තලේ පුරාණ ගම්වාසීන්ගෙන් ඇහුවම මට වඩා හොඳට කියයි..." අපේ කතාව වෙනත් මානයකට යොමු කරමින් ධම්මරතන හාමුදුරුවෝ නිහඬ වූහ.

අප අතර නිහඬතාවකි. අම්බස්‌තලය පීරාගෙන හමන සුළඟේ ඝෝෂාව නොඇසෙන්නට මැද මළුවේ කිසිදු හඬක්‌ නොනැඟෙයි. මගේ දෙනෙත් අම්බස්‌තලය සිසාරා දිවෙයි. නිල්ලෙන් දිළෙන වන පෙත මැද අඹ පිරුණු ගස්‌ තවමත් දෙනෙත්හි පැටලේ. තණ උලා කන මුව රංචු ඇස නොගැටුණාම නොවේ. මේ බිම ජාතියේ පිනටම පහළ වූ පින්බිමකි. එදා රට පාලනය කළ ඉංග්‍රීසිහු පවා අම්බස්‌තලයේ ජීවත් වන සතුන් මැරීම තහනම් කරමින් පූජා භූමිය පුරා තැන, තැන දැන්වීම් ප්‍රසිද්ධ කරමින් මේ පින්බිමට වැඳුම් පිදුම් කළහ. එහෙත් රටේ කරුමයකට අපේ නායකයන් මෙරට බෞද්ධ ආගමේ මහගෙදරට පැමිණෙන්නේ පොසොන් උත්සවයේ ආලෝක පූජාව විවෘත කිරීමට පමණි. මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හාමුදුරුවෝ පවසන පරිදි මිහින්තලේ පුදබිමේ අඩු පාඩු ගොඩකි. එමෙන්ම අපේ කාලේ මස්‌ වැද්දෝ අම්බස්‌තලයේ ජීවත් වන මුවන් මරාගෙන කති. එවැනි පාපකාරි තිරිසනුන්ට ඒ පව් මිහිපිටදීම පඩිසම් දෙන්නේය. ඒ බව අපිට කීවේ අත්දැකීම් සහිත ප්‍රදේශවාසියෙකි. ඒ කතාව ඇතුළුව මිහින්තලය පූජා භූමියේ අනුහස්‌ ලබන සතියේ ද පෙළගැස්‌වීමට අපගේ කැමත්තය...

තරංග රත්නවීර, මිහින්තලේ රංගචතූ
http://divaina.com/sunday/index.php/visheshanga1/4350-2018-06-15-05-44-30

කෝසල රාජධානිය සහ සැවැත්නුවර

 ගන්ද කුටිය

අපගේ ශාස්‌තෘ වූ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ 45 වසරක්‌ වූ සම්බුදු දිවියෙන් 25 වසරක්‌ ම වැඩවාසය කළේ සාවත්ථි හෙවත් සැවැත් නුවරයි. එහිදී වස්‌කාල 19ක්‌ අනේපිඬු සිටාණන් කරවූ ඡේතවනාරාමයේ ද, වස්‌කාල 06ක්‌ විශාඛා උපාසිකාව පිදූ පූර්වාරාමය හෙවත් මිගාරමාතු ප්‍රාසාදයේ ද වස්‌ වසා වැඩ වාසය කොට තිබේ. ශ්‍රාවස්‌ථි හෙවත් සැවැත්නුවර බුද්ධකාලීන දඹදිව සොළොස්‌ මහා ජනපදයන් අතරින් ප්‍රබල රාජ්‍යයක්‌ වූ කෝසල ජනපදයේ අගනුවර ය. එහි එකල පාලකයා වූයේ ප්‍රසේනජිත් කොසොල් රජතුමා ය. මෙම කෝසල ජනපදය, මගධ ජනපදයට වයඹින් ද, දකුණින් ගංගා නම් නදිය ද, නැගෙනහිරින් ගන්ඩන් හෙවත් නාරායනී නදිය ද උතුරු දෙසින් හිමාල කඳු වැටිය ද පිහිටන සේ සීමා මායිම් සළකුණු වී තිබිණි. ධර්මපට්‌ඨාන යන අපර නාමයකින් ද හැඳින්වූ සැවැත් නුවර පිහිටියේ කෝසල රාජධානියේ උතුරු පෙදෙසේ ය. සාවත්ථි නම් සෘෂිවරයාගේ වාසස්‌ථානය වූ හෙයින් ශ්‍රාවස්‌ථි නම් වී යෑයි ද ශ්‍රාවගේ පුත් යුවන්නාශ්ගේ මුණුපුරු ශාවස්‌ත විසින් පිහිටුවන ලද හෙයින් ශාවස්‌ති නම් වී යෑයි ද හරිවංශ මහාභාරතාදී ග්‍රන්ථවල සඳහන් වේ. මිනිසුන්ගේ උපභෝගය පරිභෝගය සඳහා අවශ්‍ය සියල්ල මෙහි තිබූ බැවින් සාවත්ථි නම් වී යෑයි අටුවාචාරීන් වහන්සේලා පවසති. මිනිසුන් එක්‌රැස්‌ව කුමක්‌ ඇද්දැයි විමසූ කල්හි සියල්ල ඇත (සබ්බං අත්ථි) යන වදන් පැවසූ හෙයින් සාවත්ථි නම් වී යෑයි මඡ්Cධිම නිකාය අට්‌ඨකතාවේ සඳහන් වේ. 

 ආනන්ද බෝධීය

යොදුන් තුන් සියයක්‌ (කිලෝමීටර් 3000ක්‌ පමණ) විශාල වූ පුරාණ සැවැත් නුවරට අයත් ගම් අසූ දහසකි. ජනගහනය කෝටි අටකි. පවුල් පනස්‌ දහසක්‌ එහි වාසය කළහ. අයෝධ්‍යාවෙන් සැතපුම් පනහක්‌ පමණ උතුරින් රප්ති නදියේ දකුණු ඉවුරෙහි වූ මෙකල සහේත්-මහේත් වශයෙන් හඳුන්වන පෙදෙස පුරාණ සාවත්ථිය ලෙස පුරා විද්‍යාඥයන් තහවුරු කරගෙන ඇත. වර්තමාන ඉන්දියාවේ ගෝණ්‌ඩා හා බහරිච් දිස්‌ත්‍රික්‌ක සීමාවේ පිහිටි සහේත් මහේත් වශයෙන් හඳුනාගෙන ඇති ශ්‍රාවස්‌ථිය පිළිබඳ ඡේතවනාරාම ශිලා ලේඛන කිහිපයකින් ද තහවුරු වී ඇත. වත්මන් සහේත්, මහේත් කොටස්‌ දෙකකින් සංයුක්‌ත ප්‍රදේශ දෙකකි. වඩා විශාල වූ Ñමහේත්' අක්‌කර හාරසියයක්‌ පමණ විශාල වූ ප්‍රධාන නගරය වශයෙන් හඳුනාගෙන ඇත. මෙයට සැතපුම් කාලක්‌ පමණ ඈතින් නිරිත දිගින් පිහිටි අක්‌කර තිස්‌ දෙකක්‌ පමණ වූ සහේත් 

 ඡේතවනාරාමය පිහිටි භූමියයි. වස්‌කාල විසිපහක්‌ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩසිටීම නිසා පරම පූජ්‍යභාවයට පත්වූ විහාර භූමිය විහාර, ස්‌ථූප, සංඝාරාම ආදියෙන් සමලංකෘතව පැවතුණි. ක්‍රි.ව. හතර වැනි සියවසේ ශ්‍රාවස්‌ථියට පැමිණි පාහියන් තෙරුන් තමන් දුටු ප්‍රතිමා ස්‌ථූප හා සංඝාරාම පිළිබඳව ද හත්වන සියවසේ පැමිණි හියුංසියැං තෙරුන් දුටු නටබුන් වූ විහාරාරාම, ස්‌ථූප, සංඝාරාම පිළිබඳව ද දේශාටන වාර්තාවේ සඳහන් කර ඇත. පුරාවිද්‍යාත්මක කැණීම්වලින් ක්‍රි.පූ. 3 වැනි සියවසට අයත් ස්‌ථූපයකින් බුදුරජාණන් වහන්සේගේ ම යෑයි තහවුරු කරන ලද ධාතූන් වහන්සේලා සොයාගත් අතර ක්‍රි.ව. පළමු වැනි සියවසේ ඉදිකරන ලද බුදුරජාණන් වහන්සේගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක්‌ ද හමුවී ඇත. තවද ධර්මාශෝක අධිරාජයාගේ සමයේ සිට දොළොස්‌ වැනි සියවස තෙක්‌ කරන ලද ඉදිකිරීම් රාශියක්‌ පුරාවිද්‍යාත්මක කැණීම්වලදී අනාවරණය කරගෙන ඇත.

 සැවැත්නුවර ඡේතවනාරාම පින්බිම

 බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ශ්‍රාවස්‌ථිය බුදු සසුනේ කේන්ද්‍රස්‌ථානය වූයේ සුදත්ත හෙවත් අනේපිඬු සිටුතුමා ඡේතවනාරාමය කරවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට පූජා කිරීමෙන් අනතුරුවය. මෙම භූමිය කොසොල් රජුගේ පුත්‍රයකු වූ ඡේත නම් කුමාරයකුට අයත්ව තිබූ උද්‍යානයකි. වෙළෙඳාම් කටයුත්තකට රජගහ නුවරට ගිය ගමනකදී සම්බුදු රජුන් සරණ ගොස්‌ සෝතාපන්න බවට පත්වූ අනේපිඬු සිටුතුමා මෙම භූමිය දහඅට කෝටියක්‌ රන් කහවණු අතුරා මිලදී ගන්නා ලදී. අනතුරුව 18 කෝටියක්‌ වැය කොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා විහාර, පිරිවෙන්, උපස්‌ථානශාලා, ගිනිහල්ගෙවල්, සක්‌මන් මළු, ළිං පොකුණු, මණ්‌ඩප, වැසිකිළි කැසිකිළි ආදී සියලු අංග සහිතව ආරාමයක්‌ ඉදි කළේය. ඡේත කුමරුගේ ඉල්ලීම පරිදි එය 

 ඡේතවනාරාමය ලෙස නම් කළ අතර විහාර පූජාවේදී ද අනේපිඬු සිටුතුමා 18 කෝටියක්‌ වියදම් කොට මහත් වූ උත්සවශ්‍රීයෙන් ආරාම පූජාව සිදුකළේය.

 බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සූත්‍ර දේශනාවන් දේශනා කිරීම ද විනය ශික්‌ෂාපද පැනවීම ද සිදුකළේ මෙම ඡේතවනාරාමයේදී ම ය. 

 මඡ්Cධිම නිකායේ සඳහන් සූත්‍ර දේශනා 152න් හැටපහක්‌ ම මෙහිදී කළ සදහම් දේශනාවන් ය. සංයුක්‌ත නිකායේ සහ අංගුත්තර නිකායේ ඇතුළත් දහස්‌ ගණනක්‌ වූ සූත්‍ර දේශනාවන්ගෙන් හතරෙන් තුනක්‌ පමණම 

 ඡේතවනාරාමයේදී කළ දේශනා ය. එමෙන්ම,

 * ප්‍රිය විප්‍රයෝගයෙන් සිහිවිකල්ව සිටි පටාචාරාව සහ කිසාගෝතමිය දහම් අසා සුවපත්ව සසුන් දායාදය ලැබීම.

 * දරුණු මිනීමරුවකුව සිටි අංගුලිමාලයන් දමනය කරවා සසුන් දායාදය ලබාදීම.

 * සුනීත, සෝපාක අසරණ දරුවන් හට සසුන් දායාදය ලබාදීම.

 * චූලපන්ථක තෙරුන් අරහත්වයට පත්වීම.

 * බාහිය දාරුචීරිය අරහත්වයට පත්වීම.

 * සුභා තෙරණියගේ ගැළවුණු ඇස සුවපත් වීම.

 * පූතිගත්තතිස්‌ස තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ සහ ආනන්ද තෙරුන් ගිලන් උපස්‌ථානය කිරීම.

 ආදී සුවිශේෂ ශාසනික සිදුවීම් රාශියක්‌ සිදුවී ඇත්තේ ඡේතවනාරාමය හා සැවැත් නුවර ඇසුරු කරගෙන ය.

 ගන්ධ කුටිය

 බුදුරජාණන් වහන්සේ වැඩවිසූ විහාරය ගන්ධ කුටිය හෙවත් ගඳකිළියයි. අනේපිඬු සිටුතුමා විසින් කුටියේ වහළ මුළුමනින්ම සුදු හඳුන් ලීයෙන් කරවා තිබූ හෙයින් ද, දෙවියන් විසින් නිරතුරු දිව්‍ය සුවඳින් සුවඳවත් කරවූ හෙයින් ද, මෙයට ගන්ධ කුටිය යෑයි ව්‍යවහාර විය. මෙය දේව විමානයක්‌ හා සමානව සුන්දරව තිබුණු බව සංයුක්‌ත නිකාය අට්‌ඨ කථාවේ සඳහන් වේ. එහි බුදුරජාණන් වහන්සේ වැඩසිටි ඇතුල් කුටිය දිග උඩි 8ක්‌ සහ පළල අඩි 7ක්‌ පමණ වන අතර අදට ද එහි පදනම දකින්නට තිබේ. ගන්ධ කුටියට පිටතින් පිළක්‌ වූ අතර එයට මඳක්‌ ඉහළින් දොරටුව පිහිටා තිබුණි. මෙයට නඟිනු පිණිස පඩි පෙළක්‌ තිබුණි. පිළට පහළින් එළිමහන් පිටියක්‌ වූ අතර මෙහි පිළ ගන්ධකුටි පමුඛ වශයෙන් හැඳින්වෙයි. දහවල් දන් වැළඳීමෙන් පසු ශාස්‌තෘන් වහන්සේ භික්‌ෂු සංඝයාට ධර්මය දේශනා කරන්නේ මෙම ස්‌ථානයේ සිටයි. දානයෙන් පසුව බුදුරදුන් මෙම පිළට වැඩිය පසු සියලු භික්‌ෂූහු භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරති. ඉන්පසුව බුදුරජාණන් වහන්සේ ගන්ධකුටියට වැඩම කරන සේක. ගන්ධකුටියේ පිළට පහළින් ඇති කොටසේ ගන්ධකුටි පිරිවෙන නමින් ශාලාවක්‌ විය. මෙබඳු පිරිවෙන් 3ක්‌ ඡේතවනාරාමයේ පිහිටා තිබූ අතර එවා දම්සභා මණ්‌ඩප ලෙස සැළකේ. ගන්ධ කුටිය ඉදිරිපිට බුදුරදුන් පැන් වැළ» ළිඳ පිහිටා තිබුණි. 

 පූර්වාරාමය හෙවත් මිගාරමාතු ප්‍රාසාදය

 සැවැත් නුවර නැගෙනහිර දොරටුවට පිටතින් විශාඛා උපාසිකාව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උදෙසා ගොඩනංවන ලද සංඝාරාමය පූර්වාරාමය හෙවත් මිගාර මාතු ප්‍රාසාදය යි. විශාඛා උපාසිකාව, තමන්ගේ මේල පළඳනාව නවකෝටි එක්‌ ලක්‌ෂයකට මිල කොට එම මුදල් යොදවා කරවූ මෙම දෙමහල් සංඝාරාමය කුටි දහසකින් සමන්විත විය. බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටු මැදුරෙන් දන් වළඳා, නොයෙක්‌ වර පූර්වාරාමයට වැඩ විවේක සුවයෙන් වැඩ සිටියහ. අග්ගඤ්ඤ, අරියපරියේසන, පාසාදකම්පන ආදී සූත්‍ර දේශනා වදාළේ ද ඇතැම් විටෙක කොසොල් රජතුමා සමඟ දහම් පිළිසඳරේ යෙදුණේ ද පූර්වාරාමයේදී ය. බුදුරජාණන් වහන්සේ හය වරක්‌ වස්‌ වසා වැඩසිටි පූර්වාරාමය ද ශාසනික අතින් වැදගත් පුණ්‍ය භූමියකි.

 අන්ධ වනය

 අන්ධ වනය පිහිටියේ සැවැත්නුවර ඡේතවනාරාමයට වයඹ දිගිනි. මෙම වනය කාශ්‍යප බුද්ධ කාලයේ ද මේ නමින් ම හැඳින්විණි. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි මෙහි විවේකය කැමති අය උදෙසා කූටාගාර ශාලාවක්‌ තනවා තිබුණි. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සමථ විදර්ශනා වැඩීම පිණිස භික්‌ෂු භික්‌ෂුණීහු බොහෝ විට මෙම අන්ධ වනයට වැඩම කළහ. 

 දම්සභා මණ්‌ඩපය

 මෙය තිබෙන්නේ ගන්ධ කුටිය සමීපයේ ම ය. දෙව්රම් වෙහෙරට පැමිණි පිරිසට සහ දෙව්රම් වෙහෙරේ වැඩ විසූ සඟ පිරිසට බුදුරජුන් දහම් දෙසූ ස්‌ථානය මෙය යි. මෙහි උස්‌ පීඨිකාව බුදුරජුන් දම් දෙසුමට වැඩසිටි ස්‌ථානයයි. එA අසල ම ඇති සමචතුරස්‍ර භූමිභාගය පිරිස ධර්ම ශ්‍රවණය කළ භූමියයි.

 සක්‌මන් මළුව

 දෙව්රම් වෙහෙරේදී බුදුරජුන් බොහෝ විට සක්‌මන් කරමින් වැඩසිටි ස්‌ථානය මෙය යි. සම්බුදු සිරිපා පහස ලද මේ භූමියේ පසුකාලීනව කරවූ පූජනීය ඉදිකිරීමක නටබුන් අද එහි දක්‌නට ඇත.

 ආනන්ද බෝධිය

 මෙම බෝධීන් වහන්සේ සැවැත් නුවර ඡේතවනාරාමය ඉදිරිපිට රෝපණය කරවන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවධියේ ම ය. දෙව්රම් වෙහෙරේ වැඩ විසූ භාග්‍යවතුන් වහන්සේ වස්‌ පවාරණය කොට භික්‌ෂු සංඝයා සමඟ චාරිකාවේ වැඩි සේක. ඇතැම් මනුෂ්‍යයෝ බුදුරජුන් බැහැදැකීම පිණිස දුර බැහැර ගෙවාගෙන මල්, සුවඳ ද්‍රව්‍ය හා පිරිකර රැගෙන දිනපතා ම පැමිණෙන්නට වූහ. එහෙත් බුදුරජුන් විහාරයේ නැති බැවින් ඔවුහු මහත් දුකට පත්ව රැගෙන ආ පූජා වස්‌තූන් පිදීමට තැනක්‌ සොයන්නට විය. දෙව්රම් වෙහෙරේ එබඳු තැනක්‌ නොතිබුණු හෙයින් ඔවුන් එම පූජා වස්‌තූන් ගන්ධකුටියේ ඉදිරිපස තබා ගියාහුය.

 මෙය දුටු අනේපිඬු සිටුවරයා ආනන්ද තෙරුන් හට මෙකරුණ සැළ කළේය. එවිට ආනන්දයන් වහන්සේ බුදුරජුන් සමීපයේ මෙය පවසා සිටියේය.

 'ස්‌වාමීනී, තථාගතයන් වහන්සේ නොමැති අවස්‌ථාවක, බුදුරජුන්ට පිදෙනා පූජාවන් පිදීමට සුදුසු චෛත්‍යයෝ තිබෙත්දැ'යි විමසූ විට, භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු වදාළ සේක. 'ආනන්දයෙනි, ශාරීරික, පාරිභෝගික හා උද්දේසික ලෙස චෛත්‍යයෝ තුනකි. ශාරීරික චෛත්‍යය යනු සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සම්බුද්ධ ශ්‍රී දේහයේ ධාතු නිධන් කරවා කරවන චෛත්‍යයන් ය. ආනන්දයෙනි, පාරිභෝගික චෛත්‍යයක්‌ වන බෝධීන් වහන්සේ, බුදුරජුන් ජීවමාන කල ම පිදීමට සුදුසු ය.'

 මෙය ඇසූ ආනන්දයන් වහන්සේ බුදුරජුන්ගෙන් අවසර ගෙන ගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බීජයක්‌ ගෙන්වා ගැනීමට මොග්ගල්ලාන තෙරුන් පිටත් කර හැරීය. මොග්ගල්ලානයන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් බීජයක්‌ ගෙන එය කොසොල් මහරජුට භාර දුනි. එය රජු විසින් අනේපිඬු සිටුවරයාට දුන් අතර එතුමා දෙව්රම් වෙහෙර ඉදිරිපිට රෝපණය කළේය. අසිරිමත් බුද්ධානුභාවයෙන් එකෙණෙහි ම අතුපතර විහිදී ගිය මහා බෝධි වෘක්‌ෂයක්‌ බවට පත් විය. භාග්‍යවතුන් වහන්සේ එදින රැය පහන් වන තුරු බෝධිය අසල සමවත් සුවයෙන් වැඩ හිඳ එහි පූජනීයත්වය වැඩි කළ සේක. 

 ආනන්ද ස්‌වාමීන් වහන්සේ මූලික වීමෙන් රෝපණය වූ නිසා මෙය ආනන්ද බෝධිය නම් වී යෑයි කියනු ලැබේ. එමෙන්ම බුදුරජුන් දෙව්රම් වෙහෙර නොසිටි අවස්‌ථාවල සැදැහැවතුන් මේ බෝධීන් වහන්සේ දැක දිවමන් බුදුරජුන් දුටුවා සේ ආනන්දයට පත් වූ බැවින්ද ආනන්ද බෝධිය නම් වී යෑයි කියනු ලැබේ. කෙසේ වුවද අද දක්‌වාම 2500 වසරකට අධික කලක්‌ පමණ පුද සත්කාර ලබමින් මේ පින්බිමේ උතුම් ආනන්ද බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව වැඩ සිටීම ආශ්චර්යයකි.

 ඡේතවන පොකුණ

 වරක්‌ කොසොල් රටට වර්ෂාව නොමැති වී යැම හේතුවෙන් වැව්, පොකුණු ආදිය සිඳී ගොස්‌ රටවාසීන් මහත් දුෂ්කරතාවයකට මුහුණ දුන් අවස්‌ථාවක අප බුදුරජාණන් වහන්සේ සියලු සතුනට අනුකම්පාවෙන් යුතුව වර්ෂාව වැසීමට අධිෂ්ඨාන කළ සේක.

 එහිදී මහා වර්ෂාවක්‌ ඇදහැලී ගිය අතර බුදුරජාණන් වහන්සේත් භික්‌ෂු සංඝයාත් වර්ෂා දියෙන් පිරීගිය මෙම පොකුණේ වර්ෂාවේ ම පැන් පහසු වූහ. මෙහිදී භික්‌ෂූන් විසින් පැන් පහසුවේදී නානකඩය පාවිච්චි කළ යුතු බවට සිල්පදය පැනවීම ද සිදු විය.

 රාජකාරාමය

 පසේනදී කොසොල් රජතුමා විසින් බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා කරවන ලද මෙම සුවිසල් විහාරයේ ඡේතවන විහාර සංකීර්ණය පසෙකින් තිබේ. බුදුරජුන් දහම් දෙසද්දී අන්‍යාගමික තීර්ථකයන්ගේ ආරාම මිනිසුන්ගෙන් හිස්‌ වන්නටත් ලාභ සත්කාර ආදිය පිරිහී යන්නටත් විය. මෙය භූමි ලාභයකියි සිතූ තීර්ථකයෝ පසේනදී කොසොල් රජුට රන් කහවණු ලක්‌ෂයක අල්ලසක්‌ දී සැවැත් නුවරට යාබදව අන්‍යාගමික ආරාමයක්‌ කරවන්නට පටන් ගත්තේය.

 මෙය අනාගතයට මහත් අර්බුදයක්‌ වන බව දුටු භාග්‍යවතුන් වහන්සේ මෙයින් අනවශ්‍ය ගැටුම් හටගන්නා බව රජු හට තේරුම් කරවීය. ඉන්පසු රජු විසින් එම ස්‌ථානයේ ම බුද්ධප්‍රමුඛ මහා සඟරුවන උදෙසා රාජකාරාමය කරවීය.

 සැරියුත් මහරහතන් වහන්සේගේ ස්‌ථූපය

 ගෞතම බුදු සසුනේ අග්‍රශාවක ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝ කලක්‌ ඡේතවනාරාමයේ වැඩවාසය කළ සේක. උන්වහන්සේ එA අවස්‌ථාවලදී භික්‌ෂූන් හට දහම් කතාවෙන් අනුග්‍රහ කළ සේක. සාරිපුත්තයන් වහන්සේගේ ධාතූන් වහන්සේලා නිධන් කොට තනවා තිබෙන ස්‌ථූපයක නටබුන් මෙහිදී දැකගත හැක.

 එමෙන්ම සාරිපුත්ත මහරහහන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, සීවලී මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ හා රාහුල මහරහතන් වහන්සේ ආදී රහතන් වහන්සේලා වැඩ සිටි කුටි ද නටබුන් අතරේ දැකගත හැකිය.

 අනාථපිණ්‌ඩික සිටු මාළිගය

 ඡේතවනාරාම භූමියේ සිට කිලෝමීටරයක්‌ පමණ දුරින් අනේපිඬු සිටු මාළිගයේ නටබුන් හමුවේ. ගෞතම බුදු සසුනේ අග්‍ර දායකයා වූ අනේපිඬු සිටුවරයාගේ සැබෑ නම සුදත්ත ය. පසුව දහම් ඇසීමෙන් සෝතාපන්න ඵලයට පත් සිටුවරයා බොහෝ ධනය බුදුසසුන වෙනුවෙන් නිර්ලෝභීව අත්හළේය. එහෙයින්ම අනේපිඬු යන නාමය පටබැඳිණි. මෙම සිටු මාළිගයේ දිනපතා භික්‌ෂූන් දෙදහසක්‌ උදෙසා දන් වැටක්‌ පවත්වාගෙන ගිය බව සූත්‍ර දේශනා තුළ සඳහන් වේ.

 අංගුලිමාල චෛත්‍යය

 අනේපිඬු සිටු මාළිගය අසල මෙය පිහිටා ඇත. දරුණු සොරෙක්‌ සහ මිනීමරුවකු වූ අංගුලිමාල සදහම් අසා බුදු සසුනේ පැවිදි උපසම්පදාවට පත්විය. දිනක්‌ පිඬු පිණිස වඩිනා උන්වහන්සේට දරු ප්‍රසූතියකදී දරුගැබ සිරවී වේදනාවෙන් සිටින ස්‌ත්‍රියක්‌ දැක මහත් අනුකම්පාවක්‌ හට ගත්තේය.

 බුදු රජුන්ගේ අවවාද ලැබූ අංගුලිමාල තෙරුන් වහන්සේ Ñනැඟණිය, මම ආර්ය ජාතියෙහි යම් දිනක උපන්නෙම් ද, එදා පටන් දැන දැන කිසිදු ප්‍රාණියෙකුගේ දිවි තොර කර නැත්තෙමි. මේ සත්‍යානුභාවයෙන් ඔබ සුවපත් වේවා... ඔබේ දරුවාගේ ප්‍රසූතිය සුවසේ වේවා...' යි සත්‍ය ක්‍රියා කරනවිට ම අසිරිමත් ලෙස සුවසේ දරු ප්‍රසූතිය සිදුවිය. එම ස්‌ථානයේ ඉදිකරන ලද ස්‌ථූපය අංගුලිමාල චෛත්‍යය ලෙස හඳුන්වයි. අද එහි නටබුන් දක්‌නට ඇත.

 ගණ්‌ඩම්බ චෛත්‍යය

 ඡේතවනාරාමයට කිලෝමීටරයක්‌ පමණ දුරින් ප්‍රධාන මාර්ගය අසල මෙය පිහිටා ඇත. සැවැත්නුවර මහසිටුතුමා විසින් ඉතා උස කණුවක්‌ මත සඳුන් පාත්‍රයක්‌ තබා සෘද්ධිමත් රහතුන් සිටී නම් මෙය අහසින් පැමිණ ගනිත්වා යි අභියෝග කළේය. රහතුන් යෑයි කියාගෙන සිටි අන්‍යාගමික පිරිස කිසිවක්‌ කරකියාගත නොහැකිව සිටියදී පිණ්‌ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ අහසින් වැඩ මහා පෙළහර පා සඳුන් පාත්‍රය ගත් අතර මෙකරුණට ගර්හා කළ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ලාභ සත්කාර පිණිස ගිහි පිරිසට සෘද්ධි ප්‍රාතිහාර්ය පෑම නොකළ යුතු බවට ශික්‌ෂාපදයක්‌ පැනවූ සේක.

 මෙය ඇසූ අන්‍ය තීර්ථකයෝ 'දැන් ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවකයන්ගේ තටු සිඳිලා' යෑයි ගරහන්නට වූහ. එකල්හී බුදුරජුන් එයට පිළිතුරු ලෙස යමක මහා පෙළහර සහිතව අසිරිමත් පෙළහර දැක්‌වීමක්‌ සිදුකළ ස්‌ථානය මෙයයි. ගණ්‌ඩ නම් උයන්පල්ලා පූජා කළ අඹ ගෙඩිය වළඳා එහි ඇටය මේ ස්‌ථානයේ රෝපණය කරවූ බුදුරජාණෝ පාත්‍රය සෝදා එ මතට පැන් වත්කළ විගස ම සුවිසල් අඹ ගසක්‌ ඇති විය. එය ගණ්‌ඩම්බ රුකයි. එ මූලයේ පෙළහර පෑ අප බුදුරජාණන් වහන්සේ 7 වෙනි වස එළැඹීමට තව්තිසාවට වැඩම කළ සේක.

 මේ ස්‌ථානයේ පසුකාලීනව ස්‌ථූපයක්‌ ඉදිකරවා තිබේ. එය ධර්මාශෝක රජ දවස කරවූවකි. එනමුත් අද එහි ඇත්තේ විනාශ වී ගිය ස්‌ථූපය තිබූ තැන පස්‌ ගොඩක්‌ පමණි.

 මීට අමතරව සැවැත් නුවරදී නව ඡේතවන විහාරය (ශ්‍රී ලංකාරාමය), දේවදත්තයන් හා චිංචිමානවිකාව පොළොව පැලී නිරයට ගිය ස්‌ථාන දැකබලා ගත හැකිය.

 මෙතරම් ලේඛනගත හා ඉතිහාසගත සාක්‌ෂි තිබියදී, ආනන්ද බෝධිය වැනි ජීවමාන සාධක පවා තිබියදී, සැවැත් නුවර යනු ලංකාවේ රිටිගල යෑයි පවසන අමූලික ආර්යෝපවාද මුසාවාදයට නොරැවටෙත්වා! සැබෑ සම්බුදු පුදබිම් සැදැහැයෙන් වන්දනා මාන කොට පින් රැස්‌කර ගනිත්වා!

 පූජ්‍ය යටිබේරියේ  සෝමඤාණ ස්‌වාමීන් වහන්සේ
 ඡායාරූප - ප්‍රසන්න බ්‍රාහ්මණ 
http://divaina.com/sunday/index.php/visheshanga2/4298-2018-06-14-07-11-8

හෙළ සමාජය විනිවිදි කලාවේ විශිෂ්ටත්වය - සෝමවීර සේනානායකයන්

පුරා දශක හතරක්‌ මෙරට සාහිත්‍ය ලෝකය නේක වර්ණයෙන් ඒකාලෝක කළ සෝම තාරකාව නිවී ගියේය. 1966 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබ ඇරඹූ සිය ශාස්‌ත්‍රීය සහ නිර්මාණ යුග මෙහෙවර මෙරට ගම් දනව් සිසාරා පතුරුවා ජන හදවත් නිවා පසුගිය නව වැනිදා අලුයම ඔහු දැයෙන් සමුගත්තේය.

ඔහුගේ ශාස්‌ත්‍රීය සහ නිර්මාණ යුග මෙහෙවර පිළිබඳ මේ වන විටත් බොහෝ දේ ලියෑවී කියෑවී තිබුණද සෝමවීර සේනානායකයන් අපේ ගමේ වීරයකු බවට පත්වන්නේ ඔහු සිය ප්‍රථම නවකතාව ලිවීමත් සමගය. 'ආදරයට බය මිනිස්‌සු' ලොකු අයියාගේ පළමු නවකතාව අපේ ගමේ කෙනෙකු ලිවූ මුල්ම නව කතාව විය. ඉනික්‌බිති අඹු සැමියෝ, මවකගේ ගීතය, එක්‌ටැම් ගෙවල්, මතු දවස, ඉරහඳ පායන ලෝකය, යශෝරාවය, මැණික්‌ නදිය ගලා බසී සහ බලදේවගේ ලෝකය ඔහු අතින් ලියෑවෙන විට ඔහු තුළ වූ දැවැන්ත නිර්මාණ ප්‍රතිභාව මෙරට සාහිත්‍ය කලා ක්‌ෂේත්‍රය පුරා පැතිරී හමාරය. ඔහු 'බලදේවගේ ලෝකය' නිර්මාණය කළ අවදියේ සිට වෘත්තීය පුවත්පත් කලාවේ නිරතවූවකු මෙන්ම ඔහුගේ සමීප ඥාතියකු ලෙස ඔහු ඇසුරේ රැඳෙන්නට මට අවකාශ ලැබිණ. සෝමවීර සේනානායකයන් වඩාත් යොමුව සිටියේ පුවත්පත් විශේෂාංග අංශයට බැවින් ඔහු ඇසුරේ ගුරුහරුකම් ලැබීමට මම භාග්‍යවන්තයෙක්‌ වීමි. නවකයන් නිවැරදි මගෙහි යොමු කරවන්නට ඔහු සිය අත්දැකීම් උපයෝගී කරගත්තේය. 1999 වසරේ දිනක වත්මන සඟරාව සඳහා ලිපියක්‌ ලිවීමට ඔහුගෙන් වේලාවක්‌ වෙන්කරගත් මම කාර්යාලයේ වාහනය ප්‍රමාද වීම නිසා ඔහුගේ නිවසට යන විට මඳක්‌ පමාවිය. සාකච්ඡාව ඇරඹීමට පෙර මට ඔහුගේ අත්දැකීමකට සවන් දීමට සිදුවිය.

ලේක්‌හවුස්‌ එකේ මම වැඩකරන කාලෙ විශේෂාංග ලිපියක්‌ සඳහා සාකච්ඡාවක්‌ කරන්න මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයගෙන් වෙලාවක්‌ ඉල්ල ගත්ත. කාර්යාලයෙන් වාහනයක්‌ නොලැබුණ හින්ද මම නුගේගොඩ පීටර්ස්‌ ප්ලේස්‌ එකට යන විට ටිකක්‌ පරක්‌කු වෙලා. පරණවිතාන මහත්තය පුටුවක වාඩිවෙලා ඇස්‌දෙක පියාගෙන ඉන්නවා. මම 'සර්' කියලා කතා කළා.

"ආ.. ඔහේ ආවද"

"ඔව් සර්... කාර්යාලයෙන් වාහනයක්‌ හම්බ වුණේ නෑ. බස්‌ එක ටිකක්‌ පරක්‌කු වුණා"

"ඇයි ඔහේට බයිසිකල් පදින්න බැරිද?"

පරණවිතාන මහත්තය ඇස්‌ දෙක පියාගෙනම මගෙන් ඇහැව්ව. බයිසිකලයක්‌ පැදගෙන හරි වෙලාවට පැමිණීමේ වැදගත්කම මම අවබෝධ කරගත්තෙ එදා."

අත්දැකීම් ඇසුරෙනුත් නිවැරදිව අභීතව අපක්‍ෂපාතීව කටයුතු කිරීමෙනුත් සෝමවීරයන් සමාජයට ආදර්ශයක්‌ විය. අපේ රටට රූපවාහිනියේ ආගමනයත් සමග නවකතාකරණයෙන් ඔහු හෙළි කළ සාරවත් ජීවන දෘෂ්ටිය රූප මාධ්‍යයට නැගුවේය. දේශීය නව කලා සම්ප්‍රදායකට අත්පොත් තැබූ පළිඟු මැණිකේ, මැණික්‌ නදිය ගලා බසී, මවකගේ ගීතය, යශෝරාවය, දූදරුවෝ වැනි ටෙලි නාට්‍ය රැසක්‌ රචනා කරමින් නිවසේ ආලින්දයට ඔහු ජීවිතය රැගෙන ආවේය.

කාලය හා යුගය විසින් සියල්ල උඩු යටිකුරු කරද්දීත් සෝමවීරයෝ ඒ මහා ප්‍රවාහය හමුවේ නොසැලී සිය නිර්මාණ මෙහෙවර එයට එරෙහිව උඩුගම් බලා මෙහෙයවූහ. "වෙනත් රටවල ටෙලි නිර්මාණ කලාව පහළම තැනකින් පටන් අරගෙනයි ඉහළට ගියේ. අපේ රටේ මේ කලාව ඉහළම තැනකින් පටන් අරන් පහළටම ගියා." අපේ රටේ වර්තමාන ටෙලි නිර්මාණ කලාව පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය සමග පැවති සාකච්ඡාවකදී ඔහු සිත් වේදනාවෙන් කතා කළේය. ටෙලි නාට්‍ය රචනය පිළිබඳ එදා අප අතර පැවති එම සාකච්ඡාව ඔහුගේ නිර්මාණ ජීවිතයේ ඇරඹුම දක්‌වාම ගලා ගියේය.

"මේ කලාව අපට දායාද කළේ අපේ ආතා. මාත් එක්‌ක ගමේ පන්සලට ගිහින් මං ලවා සිල් ඇත්තන්ට ජාතක පොත කියෙව්ව ආතා කොළඹ ඇවිත් ටවර් හෝල් එකෙන් නාට්‍ය බලල ඒවා හිතේ තියාගෙන ගෙදර ගිහින් මටත් ගමේ අයටත් චරිත දීල නාට්‍ය හැදුවා. අපේ තාත්ත ළඟ තිබුණු ග්‍රැමපෝනයෙන් පැරණි ගීත අහන්න මට අවස්‌ථාව ලැබුණා. සමහර පැරණි ගීත අඩංගු එච්. එම්. වී තැටි මට ගෙනත් දුන්නේ ඒ කාලේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ රැකියාව කළ පොඩි බාප්පා. ආතා හදපු නාට්‍යත් ග්‍රැමපෝනයෙන් අහපු ගීතත් මගේ ලේඛන කලාවට බලපෑවා."

ටෙලි නාට්‍ය රචනයත් සමගම පෙති ගෝමර චිත්‍රපටයේ තිර රචනය ලිවීමෙන් චිත්‍රපට තිර රචනා කලාවට අවතීර්ණ වූ සෝමවීරයන් සිය 12 වැනි චිත්‍රපට තිර රචනය ලෙස ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරීස්‌ අධ්‍යක්‌ෂණය කළ අම්මාවරුණේ චිත්‍රපටයේ තිර රචනය ලියමින් සිනමාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නියෑලුණේය.

"මගේ තිර රචනා ජීවිතයේ නොමැකෙන සිහිවටනය ලෙස්‌ටර් මහත්තය සමග වැඩ කිරීමයි."

ගිරය ටෙලි නාට්‍යය පිළිබඳ අප සෝමවීරයන් සමග කළ කතා බහක දී ඔහු සඳහන් කළේය. ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරීස්‌ සිනමාවේදියාණන් සහ ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන් පිළිබඳ සෝමවීරයන් සිය මතක අවදි කළේ දැඩි අභිරුචියකිනි.

"චරිත තුනක්‌ ටෙලි නාට්‍යයට සංගීතය නිර්මාණය කළේ ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන්. ඒක කරන්න අපි පේරාදෙණියට ගියා. එදා රෑ මමත් තිලක්‌ ගුණවර්ධනයනුත් අමරදේවයනුත් නිදාගත්තෙ එකම කාමරයක. නින්දට වැටුණු ගමන් තිලක්‌ ගොරවන්න ගත්තා. අපි දෙන්නම එළිවෙනකම් හිටියෙ අවදියෙන්. උදේ නැගිටපු තිලක්‌ 'නින්ද නම් ෂෝක්‌ නේද'යි අපෙන් ඇහුවා. අපි කතා නැතිව ඉන්නැද්දි 'ෂෝක්‌ ෂෝක්‌' කියාගෙනම මිනිහ එළියට ගියා. ඔහු දෙස බලා සිටි අමරදේවයන් 'ගෙරවිල්ලට රිද්මයක්‌ තිබුණ නම් එළිවෙනකන් වුණත් අහගෙන ඉන්න තිබුණා' යෑයි කීවේ එළිවෙන තුරු නොනිදා සිටීමට සිදුවීමටත් වඩා තිලක්‌ගේ ගෙරවිල්ලට රිද්මයක්‌ නොමැතිවීම ගැන කනගාටුවෙන්."

නොයෙක්‌වර අප මුණගැසුණු විට අප උපන් ගමේ අතීත සිදුවීම් සහ වර්තමාන සමාජ සිදුවීම් පිළිබඳ ඔහු කළ කතා බහ අප පුදුමයටත් සතුටටත් පත්කළේය. ඩී. එස්‌. සේනානායක පරපුර සමග අපේ ඥාතිත්වයක්‌ ඇතැයි වරක්‌ සිය නිවසේ දී ඔහු මා සමග පැවසීය.

"ඩී. එස්‌. සේනානායක මහත්තය අපේ ළඟම ඥාතියෙක්‌ කියලයි ආතා කියන්නෙ. එතුමාගේ පියාගේ පියාත් අපේ ආතගේ ආතත් එක කුස උපන් සහෝදරයෝලු. ආතගෙ ආත බෝතලේ වලව්වෙ අයට නොගැළපෙන තක්‌කඩිකම් කළ හින්ද පවුලෙන් පලවා හැර තිබෙනවා. ඔහුගේ නම නෝනිස්‌ සේනානායක. අපේ නම්වලට නෝනිස්‌ නාමය ඇවිත් තියෙන්නේ එහෙමයි."

දේශපාලනය පිළිබඳ උනන්දුවක්‌ නැත්තේ මන්දැයි එවැනි අවස්‌ථාවක මම ඔහුගෙන් ඇසුවෙමි.

"ඔය ප්‍රශ්නය දවසක්‌ ටී. බී. ඉලංගරත්නයනුත් මගෙන් ඇහුවා. ඒ ළසඳා නවකතාව ගැන ලිපියක්‌ ලියන්න සාකච්ඡා කරන්න ගිය වෙලාවක. ඒ වෙනකොට ඉලංගරත්න ඇමතිවරයෙක්‌. දේශපාලනය ගැන මගෙ කිසිම උනන්දුවක්‌ නෑ කියල මම කිව්වා. මම මේ ඔබතුමා ළඟට ආවෙත් ඇමැතිවරයෙක්‌ ළඟට එන හැඟීමෙන් නෙමෙයි ලේඛකයෙක්‌ ළඟට එන හැඟ මෙන් කියල මම කිව්වම බොහෝම හොඳයි කියල ඔහු හිනාවුණා."

දේශපාලනය පිළිකෙව් කළ සෝමවීරයන් අපක්‌ෂපාතීව සිය අදහස්‌ නිරවුල්ව ප්‍රකාශ කරමින් නිර්මාණකරණයේ නියෑලුණේය. බෞද්ධ දර්ශනය සමග අත්වැල් බැඳගත් සාහිත්‍ය නිර්මාණ කාර්යයෙහි පුරෝගාමී මෙහෙවරක නියෑලුණු සෝමවීර සේනානායකයන් මෙරට ධර්ම සාහිත්‍ය කලා විෂයෙහි සිදුකරනු ලැබූ සේවය වෙනුවෙන් ශ්‍යාමෝපාලීවංශික මහා නිකායේ අස්‌ගිරි පාර්ශවීය සංඝ සභාව 2002 වසරේදී ධර්ම සාහිත්‍ය කලා චූඩාමණී ගෞරව නාමය ඔහුට පිරිනැමුවේය.

නවකතාකරණයෙන් රූපවාහිනී මාලා ටෙලි නාට්‍ය රචනයටත්, ජනකතා සහ ජාතක කතා ඇසුරෙන් පාරමිතා සහ සිත නිවන කතා ලෙස ඒකාංග ටෙලි නාට්‍ය රචනයටත්, ඉන් අනතුරුව චිත්‍රපට තිර කතා රචනයටත් පිවිසි සෝමවීරයන් බෞද්ධ ධර්ම සාහිත්‍ය කලා විෂයෙහි නිර්මාණ රැසක්‌ බිහි කළේය. සිය ජීවිත කතාව වන අපි තවමත් සංසාරේ කෘතිය දශක හතරක්‌ ඉක්‌ම වූ ඔහුගේ සාහිත්‍ය කලා නිර්මාණ චාරිකාවේ අවසන් මංසලකුණ විය.

එම කෘතියේ අවසන් සෝදුපතත් රැගෙන ඔහු ගංගොඩවිල විශ්වවිද්‍යාලය අසල පිහිටි අප නිවසට පැමිණියේය.

"ඔක්‌කොම හරි..." සිය සුපුරුදු අවිහිංසක සිනහවෙන් මුව සරසාගත් ඔහු අවසන් සෝදුපත මේසය මත තබා ආලින්දයෙන් ඈත පෙනෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වහළ දෙස බලා සිටියේය.

"මගේ විශ්වවිද්‍යාල ජීවිතයත්, නිර්මාණ ජීවිතයත් පටන් ගත්තෙ මෙහෙන්. හැට ගණන්වල විඡේරාම හංදියේ මම මුද්‍රණාලයකුත් පටන් අරගෙන තිබුණ. නුපුරුදු දේවල් කරන්න ගිහිං බංකොලොත් වුණා. පුරුදු කලාව මිසක්‌ අපට වෙන දෙයක්‌ හරි යන්නේ නෑ"

ඔහු සෙමින් නිවසේ පියගැටපෙළ බැස්‌සේය. පසුදා උදයෙන්ම ඔහු ගියේ එදා කුඩා දරුවකු ලෙස ජාතක පොත හිසින් ගෙන තම ආතා සමග ගිය තම උපන්ගම වූ කුඩගම පන්සලේ ඔහුගේ බාල සොහොයුරු වෛද්‍යාචාර්ය පැරකුම් සේනානායකගේ ප්‍රධානත්වයෙන් ගම්වාසීන්ගේ ද උපකාර ඇතිව ඉදිකරන චෛත්‍යයේ කොත පැළඳවීමටය. තම ගතට දැනුණු කිසියම් අපහසුතාවක්‌ නිසා කොත පැළඳවීම සිය බාල සොහොයුරාටම පැවරූ සේනානායකයෝ ආපසු ආහ.

හෘදයාබාධයක්‌ වැළදී පසුදින රාත්‍රියේ ඔහු රෝහල් ගත කෙරිණි.

කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ දී ජීවිතය යන්ත්‍රයකට බාර කොට දින කිහිපයකින් යළි පියවි සිහිය ලද විගස 'මල්ලී, අපේ පොතේ වැඩ කොහොමදැයි ඔහු මගෙන් විමසා සිටියේය. ජීවිතය දිනාගත් මිනිසකුගේ රූපකාය ඒ මොහොතේ මම ඔහු වෙතින් දුටුවෙමි.

දෛවයේ තීරණයට කිසිවකුටත් පිටුපෑ නොහැකි බව දැඩි සේ විශ්වාස කළ සෝමවීරයෝ නිහඬ මුවින් හා නිසල දෙනතින් ඊට අවනත වූහ.

පාලිත සේනානායක
http://divaina.com/sunday/index.php/visheshanga2/4348-2018-06-15-05-44-28

ප්‍රභාකරන්ට දෙවියෙක්‌ කියූ හිටපු කොටි සාමාජිකයන් අද දෙවියා කියන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රියට! කිළිනොච්චිය කඳුළින් තෙත් කළ ලුතිනන් කර්නල්

* ප්‍රභාකරන්ට දෙවියෙක්‌ කියූ හිටපු කොටි සාමාජිකයන් අද දෙවියා කියන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රියට
* උතුරු නැගෙනහිර තරුණ තරුණියන් 15000 ක්‌ සිවිල් ආරක්‌ෂක බළකායට බැඳීම ස`දහා පෝලිමේ

ඉකුත් වර්ෂයේදී ජාතීන් අතර පැවතිය යුතු "සංහිඳියාව" පිළිබඳ කදිම ආදර්ශයක්‌ රට හමුවේ ප්‍රදර්ශනය වූ එක්‌තරා සිදුවීමක්‌ උතුරෙන් වාර්තා විය. යාපනය මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන් මහතාගේ "විනිසුරු දැසින් " කඳුළු ගලනු දුටු රටම ඉන් කම්පනයට පත්වූ අතර විනිසුරුවරයාගේ සිත වෙඬරු පිඬක්‌ මෙන් උණුව යන්නේ තම ආරක්‌ෂකයා වූ සිංහල ජාතික පොලිස්‌ නිලධාරියාගේ අකල් මරණය වාවාගත නොහැකිව වූ තැනය.

 එය ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව නැතැයි පවසමින් ජිනීවාහි පිහිටි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට පෙත්සම් ලියන "කුක්‌කන්" හැර රටම සංවේදී කළ මොහොතක්‌ විය.

 එම සිදුවීම නිමාවට පත්ව මේ වනවිට කෙටි කලක්‌ ගතවී ඇත. ඉතිහාසය යළි යළිත් ප්‍රතිනිර්මාණය වන්නක්‌ය. ඒ බව සනාථ කළ තවත් සිදුවීමක්‌ ඉකුත් දිනක උතුරු ප්‍රදේශයෙන් වාර්තා විය. එය සිංහල සහ ද්‍රවිඩ ජාතීන් අතර නැතැයි යනුවෙන් ඇතැමුන් චෝදනා කරන "සංහිඳියාව" ඇතැයි යනුවෙන් ප්‍රදර්ශනය කළ ජීවමය දසුන් පෙළක්‌ වූ අතර එහි ඇති විශේෂය වන්නේ කලක්‌ කොටි මර්මස්‌ථානයක්‌ව පැවැති කිළිනොච්චිය ප්‍රදේශය මුල් කර ගනිමින් එම පුවත ලෝකය හමුවේ නිරාවරණය වීමය.

 ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තු නිලධාරියෙකු වන ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු වසර හයකට ආසන්න කාලයක්‌ සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුව යාපනය, මුලතිව්, කිළිනොච්චිය ඒකාබද්ධ අණදෙන නිලධාරීවරයා ලෙස කටයුතු කොට ස්‌ථාන මාරුවක්‌ ලබා එම ප්‍රදේශයෙන් නික්‌ම යැම මූලික කොට සංවිධානයක කර තිබූ උත්සව මාලාවක්‌ අතර එම සංවේදි දසුන් පෙළ දැක බලා ගැනීමට හැකිවිය.

 උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව විසින් සංවිධානය කරන ලද එම උත්සව මාලාව ජාතීන් දෙකක්‌ අතර මේ වනවිට පවතින "සංහිඳියාව" පිළිබඳ පරමාදර්ශයක්‌ බ`දු විය. ලුතිනන් කර්නල්වරයාගේ ස්‌ථාන මාරුව පිළිබඳ කම්පාවට පත්ව හඬා වැටුණ පිරිස අතර කලක්‌ ප්‍රභාකරන් යනු දෙවියකු යෑයි ඇදහු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බොහෝ දෙනෙක්‌ විය. පසු කලෙක එම දුර්මතයෙන් බැහැරවූ ඔවුන්ට ලුතිනන් කර්නල් රත්නප්‍රිය යනු දෙවියකු බඳු පුද්ගලයෙක්‌ විය. ඔහුගේ වෙන්ව යැම උතුර- නැගෙනහිර පදිංචි ලොකු කුඩා කාගේත් සිත් සසල කළ සිදුවීමක්‌ බවට පවත්වන්නේ එබැවින්ය. එය මාධ්‍ය මගින් දැක බලා ගැනීමට බොහෝ දෙනකුට හැකි වූ අතර ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු සම්බන්ධව වැඩි වැඩියෙන් සමාජ කතාබහක්‌ ගොඩ නැඟීම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. 

 ලුතිනන් කර්නල් රත්නප්‍රිය උතුරේ ජනතාව තුළ කෙතරම් ජනප්‍රිය පුද්ගලයෙක්‌ දැයි මීට පෙර මෙම ලියුම්කරු ඇතුළු තවත් මාධ්‍යවේදීන් පිරිසකට දැක ගැනීමේ අවස්‌ථාවක්‌ උදාවිය. ඒ මීට මාස තුනකට පමණ එපිට එක්‌තරා දිනයකදීය. මාධ්‍ය සංචාරය සංවිධානය කරනු ලැබුවේ සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය විසින්ය. එම සංචාරයේ අරමුණක්‌ බවට පත්ව තිබුණේ උතුරු නැගෙනහිර ප්‍රදේශය මුල් කරගනිමින් සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නඟා ඇති සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව රට දැනුවත් කිරීමය. එහිදී උතුරු නැගෙනහිර ස්‌ථාන රැසක සංචාරය කිරීමේ අවස්‌ථාව උදාවූ අතර ලුතිනන් කර්නල් රත්නප්‍රිය යනු උතුරු නැගෙනහිර ජනතාව තුළ කෙතරම් ජනප්‍රිය පුද්ගලයකු ද යෑයි මාධ්‍යවේදීන්ට දැක බලා ගත හැකි විය.

ඒ වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි පමණක්‌ ද්‍රවිඩ තරුණ තරුණියන් 3500 කට ආසන්න ප්‍රමාණයක්‌ සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තු භටයන් ලෙස රාජ්‍ය සේවයට එක්‌ව සිටි අතර ඉන් සියයට අනූවක්‌ පමණ හිටපු කොටි සාමාජික සාමාජිකාවන්ය. ඔවුන් අතර කලක්‌ කොටි සංවිධානය හා එක්‌ව සිටි මරාගෙන මැරෙන බළකායට අයත් බොහෝ දෙනෙක්‌ වූ අතර කොටි ප්‍රාදේශීය නායක නායිකාවන් ලෙස කටයුතු කළ ද්‍රවිඩ තරුණ තරුණියන් ද ඒ අතර වූහ. ඒ වන විට ඔවුහු ලුතිනන් කර්නල් රත්නප්‍රියගේ නායකත්වය යටතේ ඒ වන විට රට සංවර්ධනයේ කොටස්‌කරුවන් බවට පත්වූ පිරිසක්‌ව සිටියහ.

 වසර 30 ක්‌ පුරා පැවැති යුද්ධයත් අවසන්ව වසර දෙක තුනක්‌ ගතවන්නට මත්තෙන් ජාතීන් දෙකක්‌ අතර හටගත් අමනාපකම් සමහන් කිරීම යනු තරමක්‌ බැරෑරුම් කරුණක්‌ය. ලුතිනන් කර්නල් රත්නප්‍රිය යනු එම අසීරු අභියෝග උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සැබෑවක්‌ බවට පත්කළ මිනිසකු විය. ඔහු ජාතිවාදයේ "විස" උතුරු පොළොවෙන් අතුගා දැමූ යුද හමුදා නිලධාරියකු බවට උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව අතර මතයක්‌ ගොඩනැඟී ඇත්තේ එබැවින්ය. තත්ත්වය එසේ වූවද ඒ බව පිළිගැනීමට අකමැති ස්‌වල්ප පිරිසක්‌ද තවමත් උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි වෙසෙති.

උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් යනු ඉන් එක්‌ අයෙකි. ද්‍රවිඩ සංධානය නියෝජනය කරනු ලබන ඔහු ලුතිනන් කර්නල්වරයාගේ ස්‌ථාන මාරුව සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වමින් කියා සිටින්නේ ලුතිනන් කර්නල්වරයාගේ ස්‌ථාන මාරුව සම්බන්ධයෙන් කඳුළු සැලූ කිළිනොච්චි වැසියන් කර ඇත්තේ බරපතළ වරදක්‌ බවකි. ඒ හරහා නිජ බිමක්‌ වෙනුවෙන් සටන් කොට මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට අපහාසයක්‌ සිදුකළ බවට චෝදනා නගන සිවාජිලිංගම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ ඒ හරහා තවදුරටත් යුද හමුදාව උතුර නැගෙනහිර රැඳී සිටිය යුතු බවට කිළිනොච්චි වැසියන් විසින් ලෝකය හමුවේ වැරදි චිත්‍රයක්‌ නිර්මාණය කළ බවකි.

 උතුරු නැගෙනහිර දෙපළාතේ සාමාන්‍ය වැසියන් තේරුම් ගනිමින් සිටින "සැබෑව" පිළිබඳ නොතේරුම් සහිතව පසුවන සිවාජිලිංගම් ඇතුළු සුළු පිරිස සම්බන්ධව අපට ඇත්තේ කනගාටුවකි. තිස්‌වසරක්‌ පුරා පැවැති යුද්ධයේ කටුක බව පිළිබඳ මේ වන විට උතුරු නැනෙනහිර ජනතාව තුළ ඇත්තේ වෙනම මතයකි. ඔවුහු පටු ජාතිවාදී හැඟීම සහ අවස්‌ථාවාදී දේශපාලනයෙන් අත් මිදෙමින් සිටිති. සිවාජිලිංගම් ඇතුළු ජාතිවාදී ද්‍රවිඩ දේශපාලකයන් පවසන පරිදි ශ්‍රී ලංකාව යුද අපරාධ කරන ලදැයි පැවසෙන අභූත චෝදනා උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවගේ මුවෙන් පිට නොවෙති. ඔවුන් උස්‌ හඬින් ඉල්ලා සිටින්නේ නිදහස්‌ සාමකාමී ජීවිතයක්‌ පමණි. සිංහල ජාතියට අයත් යුද හමුදා නිලධාරියෙක්‌ වූ රත්නප්‍රිය සම්බන්ධයෙන් ඔවුන් හැඟීම්බර වන්නෙත් ඔහුට උපහාර දක්‌වන්නෙත් එබැවිනි. සිවාජිලිංගම් කුමන ආකාරයේ අදහස්‌ නිකුත් කළද ඉකුත්දා කිළිනොච්චියෙන් රට හමුවේ වාර්තාවන්නේ "සංහිඳියාව" පිළිබඳ කිසිවකුටත් බැහැර කළ නොහැකි ඇත්ත සිදුවීම් පෙළකි.

 ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු යනු මේ වන විට වසර 29 ක රාජකාරි අත්දැකීම් සහිත යුද හමුදා නිලධාරියෙකි. ගලේවෙල ප්‍රාථමික විදුහලේ සහ මාතලේ ශාන්ත ජෝන් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන හේ වසර 10 ක්‌ යුද හමුදා විශේෂ බළකායට අනුයුක්‌තව සේවය කොට ඇති පළපුරුදු නිලධාරියෙකි. කලක්‌ සිවිල් ආරක්‌ෂක බළකා පුහුණු අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කර ඇති ඔහු නැවත සිවිල් ආරක්‌ෂක බළකා යාපනය, කිළිනොච්චිය, මුලතිව්, ඒකාබද්ධ අණදෙන නිලධරියා ලෙස පත්ව එන්නේ යුද්ධය අවසන්ව වසර තුනක්‌ ගතවීමත් සමගිනි. 2012. 09.13 වන දින එවකට සිවිල් ආරකAෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් වරයාව සිටි රියාර් අද්මිරාල් සරත් වීරසේකරගේ ඉල්ලීම පිට රාජකාරි කටයුතු භාර ගන්නා ලුතිනන් කර්නල්වරයා තමන් එතෙක්‌ දිනක්‌ සේවය කළ 53 වන සේනාංකය (මාන්කුලම්) සිට කිළිනොච්චිය බලා පිටත්ව යන්නේ ඔහු වෙත පවරණ ලද අභියෝග රැසක්‌ මහ පොළොව මත ඇත්තක්‌ බවට පත් කිරීමේ දැඩි අදිටනෙන් යුතුවය.

 ඒ වන විට යුද්ධය නිමාවට පත්ව ගතව තිබුණේ තෙවසරක්‌ පමණි. එම වකවානු යනු යුද්ධයෙන් බැටකන ලද සහ පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් යළිත් තම උපන් ගම් බිම් කරා නැවත පදිංචිය පිණිස පැමිණෙමින් සිටි අවදියකි. එවකට එම ප්‍රදේශවල දකින්නට ලැබී ඇත්තේ වසර 30 ක්‌ පුරා යුධ නායකත්වය විසින් මෙහෙයවන ලද ජනතාවත් නැවත සමාජ ගත කිරීමේදී ලබාදිය යුතු නායකත්වයේ රික්‌තකයකි. යුද බිම මෙන්ම සාමාන්‍ය සමාජය පිළිබඳ අවබෝධයකින් පසුවූ ලුතිනන් කර්නල්වරයා ඒ බව මනාව වටහාගනිමින් පළමුව කිළිනොච්චිය ප්‍රදේශයේ වැසියන් මුල්කර ගනිමින් නායකත්වයේ ගමනක්‌ අරඹන අතර එය නිමාවට පත්වන්නේ වසර 6 ට ආසන්න කාලයක්‌ පුරා පැවැති තම සේවා කාලය නිමාකොට වෙනත් ප්‍රදේශයක්‌ කරා ස්‌ථාන මාරුවක්‌ ලබා ඉකුත්දා එම ප්‍රදේශයෙන් පිටත්ව යැමත් සමගිනි.

 ඉහත සඳහන් කළ පරිදි අප එම ප්‍රදේශයන්හි සංචාරය කරන අතරතුර ලබාගත් තොරතුරුවලට අනුව ඔහු රාජකාරිය බාර ගන්නා අවදිය යනු එම ප්‍රදේශයන්හි සාමාන්‍ය ජන ජීවිතය මුළු මනින්ම අඩාල ව පැවැති අවදියකි. එහිදී ඔහු වෙත පැවරෙන ප්‍රධානතම වගකීම වන්නේ ප්‍රදේශයේ සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සහ පුනරුත්ථාපනය ලබන ලද ද්‍රවිඩ තරුණ තරුණියන් සිවිල් ආරක්‌ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගනිමින් ප්‍රදේශය නැවත සංවර්ධනය කිරීම පිණිස ඒ හරහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමය.

 ලුතිනන් කර්නල් රත්නප්‍රිය විසින් කිළිනොච්චිය දෙවන වරටද දිනාගැනීමේ මෙහෙයුම ආරම්භ කරනු ලබන්නේ එතැන් සිටය. එය අසීරු අභියෝගයක්‌ වී ඇත. වසර 30 ක්‌ එල්. ටී. ටී. ඊ. යුද නායකත්වයක්‌ යටතේ දිවි ගෙවූ ද්‍රවිඩ වැසියන් හා රජය අතර සුහදතාවය වර්ධනය කිරීම එහි වූ පළමු අභියෝගය වී ඇත. මේ වන විට කිළිනොච්චිය ප්‍රදේශයේ පිහිටි ඒකාබද්ධ අණදෙන මූලස්‌ථානය එකල හැඳින්වූවේ "කැස්‌ත්‍රො බේස්‌" යනුවෙන්ය. කොටි නායකයෙකු වූ කැස්‌ත්‍රෝගේ නමින් හැඳින්වූ එම ස්‌ථානය එකල තිබී ඇත්තේ මුළුමනින්ම සුන්බුන් ගොඩක්‌ බවට පත්වය. එවැනි තත්ත්වයක්‌ තුළ 2012.01.10 වන දින පළමු සිවිල් ආරක්‍ෂක භට කණ්‌ඩායම බදවා ගන්නා ලෙස කර්නල් රත්නප්‍රිය වෙත ඉහළ හමුදා නායකත්වය විසින් අණක්‌ නිකුත් කරන අතර ඒ වන විට උතුරේ ද්‍රවිඩ තරුණ තරුණියන් තුළ සිංහල ආරක්‍ෂක හමුදා කෙරෙහි තිබී ඇත්තේ සැක උපදවන සුලු හැඟීම් සමුදායක්‌ය. ඒ සඳහා හේතු වූ තවත් කාරණා රැසක්‌ද ඒ වන විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ වන විට ගොඩනැඟෙමින් තිබුණ අවදියකි. විවිධ රාජ්‍ය නොවන සංවිධාන හා ජාතිවාදී ද්‍රවිඩ දේශපාලන පක්‍ෂ විසින් විවිධ කටකතා පතුරවමින් සිවිල් ජනතාව ආරක්‍ෂක හමුදාවන්ගෙන් දුරස්‌ කිරීම පිණිස එවැනි කටකථා නිර්මාණය කොට තිබුණි.

 ඒ පිළිබඳව යම් වටහා ගැනීමක්‌ සිදු කරන ලුතිනන් කර්නල් රත්නප්‍රිය දින කීපයක්‌ ඇතුළත එම ප්‍රදේශවල ජනතාවගේ ආගම සංස්‌කෘතිය, කලාව, ආචාර ධර්මයන්, විශ්වාසයන් සහ ඇදහිලි පිළිබඳ අධ්‍යයනයක්‌ සිදුකර ඇති අතර ද්‍රවිඩ ජනතාව දෙවන වරටත් දිනා ගැනීමේ දෙවැනි මෙහෙයුම අරඹා ඇත්තේ ඒ පදනම මතය. පැය 72 ක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ කරන ලද අධ්‍යයනයකින් අනතුරුව 2012/09/18 වන දින ද්‍රවිඩ තරුණ තරුණියන්ගෙන් සමන්විත පළමු සිවිල් ආරක්‍ෂක බළකා භට පිරිස බඳවා ගන්නා ලුතිනන් කර්නල් රත්නප්‍රිය ඒ සඳහා හිටපු ජ්‍යෙෂ්ඨ කොටි සාමාජිකයන් පිරිසක්‌ද ඇතුළත් කරගෙන ඇත්තේ මනුෂ්‍යත්වයේ භාෂාවෙන් ඔවුන් සමඟ කළ කථා බහක ප්‍රතිඵලයක්‌ ලෙසිනි. ඒ අතර සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය යටතේ කැස්‌ත්‍රෝ බේස්‌හි අලුතින් ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමට සමත් වන රත්නප්‍රිය ඇතුළු එකල රාජකාරියේ නිරතව සිටි ආරක්‍ෂක භට පිරිස්‌ තම පළමු උත්සාහය සාර්ථකව නිම කර ඇත්තේ තිබිය යුතු අවම පහසුකම් පවා අහිමි තත්ත්වයක්‌ තුළය.

 සැකබිය පහව ගිය වටපිටාවක්‌ තුළ ද්‍රවිඩ වැසියන් යළි නඟා සිටුවීමේ මෙහෙයුම ආරම්භ කළද එකල විවිධ බලපෑම්වලින්ද අඩුවක්‌ තිබී නැත. රාජ්‍ය නොවන සංවිධාන යම් යම් ජාත්‍යන්තර සංවිධාන සහ වෙනත් දේශපාලන සංවිධාන තුළින් විවිධ අභියෝග ඉදිරිපත් වන්නට ගන්නා අතර ඔවුන් විසින් එල්ල කරන ලද ප්‍රධාන අභියෝගය වී ඇත්තේ හැකිනම් ශ්‍රී ලංකා හමුදාවන් වෙත උතුර නැගෙනහිර ද්‍රවිඩ තරුණ තරුණියන් සිය දෙනෙකු බඳවා ගන්නා ලෙසය. ලුතිනන් කර්නල් රත්නප්‍රිය ඇතුළු එම පළාතේ රාජකාරී කළ ආරක්‍ෂත අංශයන්හි ඉහළ නිලධාරීන්ට එය තව දුරටත් අභියෝගයක්‌ බවට පත්වී නැත. ඒ සඳහා පෙරමුණ ගනු ලබන්නේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය විසින්ය. ජනපදනම ගොඩනැඟීමට පෙර ජන මනස ජයගත යුතු බව තරයේ විශ්වාස කළ ඔහු පළමුව උතුරු නැගෙනහිර ජනතාවගේ මිතුරකු බවට පත් වන්නේය.

 රාජකාරී ගිනි අවිය පසෙකින් තබන හේ කළු පැහැති අව් කන්නාඩි යුගලයකින් ඝන දිප්ත වර්ණ ඇඳුමින් සැරසී ජනතාව අතරට යන අතර ඒ හරහා ඔහු ද්‍රවිඩ ජාතිකයන් සමඟ ගොඩනඟා ගෙන ඇත්තේ දැඩි මිත්‍ර සමාගමකි. ඒ හරහා එතෙක්‌ කලක්‌ ආරක්‍ෂක හමුදා කෙරෙහි ද්‍රවිඩ වැසියන් තුළ පැවැති අමනාපකම අමතක කරවන ලුතිනන් කර්නල්වරයා අප එහි සංචාරය කරන ලද අවදිය වන විට පමණක්‌ ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන් 3500 ට ආසන්න සංඛ්‍යාවක්‌ සිවිල් ආරක්‍ෂක බලකායට සම්බන්ධ කර ගැනීමට සමත්කම් දක්‌වා තිබුණි. ජලය විදුලිය, දුරකථන පහසුකම් ආදී කිසිවකින් තොරව ආරම්භ කරන ලද සිවිල් ආරක්‍ෂක බළකා කිළිනොච්චි මූලස්‌ථානය අද වන විට අංග සම්පූර්ණ ගොඩනැඟිලි සංකීර්ණයක්‌ සහිත බළකා මූලස්‌ථානයකි. මෙහි ලියා තැබිය යුතු තවත් වැදගත් කාරණාවක්‌ වන්නේ මේ වන විට උතුර නැගෙනහිර පිහිටි රාජ්‍ය ආයතන අතර ජනප්‍රියම රාජ්‍ය ආයතනය බවට පත්ව ඇත්තේ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව බවකි.

 අපි එහි සංචාරය කළ අවස්‌ථාවේ ඒ බව මනාව දැකගත හැකි වූ අතර සමස්‌ත කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයත් මුලතිව් හා යාපනය යන දිස්‌ත්‍රික්‌ දෙකත් මුල් කරගෙන මේ වන විට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති රාශියකි. මේ වන විට එම කටයුතු බළකා අණ දෙන නිලධාරීන් යටතේ ක්‍රියාත්මක වන අතර එහි සම්බන්ධීකරණ කටයුතු ඒ වන විටද මෙහෙයවන ලද්දේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු විසිනි.

 මේ වන විට මුලතිව් සහ කිලිනොච්චි සිවිල් ආරක්‍ෂක බළකා මුලස්‌ථාන මුල්කොට ක්‍රියාත්මක කර ඇති සංවර්ධන ව්‍යාපෘතීන් අතර තල් අල, රටකජු, රබර්, උක්‌, වී ගොවිතැන, පළතුරු සහ එළවළු මුල් තැනක්‌ ගන්නා අතර එක්‌ කන්නයකදී පමණක්‌ ඉන් රජයට උපයා දෙනු ලබන ආදායම රුපියල් මිලියන ගණනකි. එහි අස්‌වනු සරුවන්නේ කලක්‌ කොටි සංවිධානය හා එක්‌ව වෙනම රටක්‌ පැතූ ද්‍රවිඩ ජාතික තරුණ තරුණියන්ගේ දහදිය මහන්සියෙනි.

 ඊට අමතරව එම දිස්‌ත්‍රික්‌ මුල් කරගනිමින් ආරම්භ කොට ඇති විශේෂ ව්‍යාපෘතින් රාශියක්‌ද වේ. ඒ අතරින් මූර්ති නිර්මාණය, අත්කම් නිෂ්පාදන, රූපලාවන්‍ය වැඩසටහන්, අභ්‍යාස පොත් නිෂ්පාදනය, මැහුම්, ගෙතුම්, බ්ලොක්‌ ගල්, පපඩම්, පොල් ආශ්‍රිත නිෂ්පාදන, සත්ත්ව පාලනය, ආහාර ඇසුරුම් කරණය ප්‍රමුඛ වේ. මේ සියලු කටයුතු හරහා උතුරු නැගෙනහිර සාමාන්‍ය ජන ජීවිතය යහපත් ඉසව්වක්‌ කරා රැගෙන යැමට නායකත්වය සපයන ලද්දේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු විසිනි. ඊට අමතරව වඩාත් යහපත් අනාගතයක්‌ සහිත පරපුරක්‌ බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක පෙර පාසල් අධ්‍යාපනය ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දුගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක සාර්ථක වැඩ සටහනකි. ගත වූ වසර පහ තුළ පමණක්‌ ඉන් පෙර පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරන ලද දරු දැරියන් සංඛ්‍යාව හැට දහසකි. ඔවුන් සියල්ලන්ම මේ වන විට ශ්‍රී ලාංකික ජාතික කොඩිය හා ජාතික ගීය හඳුනන පිරිසක්‌ බවට පත්ව සිටිති.

 මෙම සියලු සාර්ථක ප්‍රයත්නයන් පිටුපස ශ්‍රී ලංකා යුධ හමුදාවත් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවත් සිටින අතර ඒ සඳහා එම ආයතන දෙක මගින් ලබාදෙනු ලබන අනුග්‍රහය වෙසෙසින් අගය කළ යුත්තකි. ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු යනු මෙම වෙහෙසකර වෑයම උතුරු නැගෙනහිර මහ පොළොව මත යථාර්ථයක්‌ බවට පත්කළ පෙරගමන් කරුවෙකි.

රුවන් ජයවර්ධන
http://divaina.com/sunday/index.php/main-news/4382-2018-06-15-13-38-50

නන්දිකඩාල් රවිප්‍රිය හා කිළිනොච්චියේ රත්නප්‍රිය

කීර්ති තෙන්නකෝන් සමාජ ක්‍රියාකරු විසින් රණවිරු රත්නප්‍රිය බන්දු උතුරෙන් මාරුවීමක්‌ ලැබ යැම ගැන වඩාත්ම දුක්‌වූයේ ඒ පළාතේ දෙමළ වැසියන් බව සටහන් කර තිබුණි. 

 යුද්ධය අවසන් වීමට මාස හයකට පමණ පෙර ඉතාලියේ තානාපතිවරයා වශයෙන් මා සිටිනා කාලයේ ශ්‍රී ලංකා ත්‍රස්‌ත විමර්ශන ඒකකය හා ඉතාලි තානාපති කාර්යාලය ද එංගලන්තයේ LTTE විරෝධී දෙමළ, සිංහල පුරවැසියන්ගෙන් ද ලංකාවේ රත්නප්‍රිය බන්දු, රවිප්‍රිය සහ රණප්‍රිය අබේසිංහ යන සියලු දෙනාම සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාව මූලික කර ගනිමින් විශේෂ කාර්යාලයක්‌ පිහිටුවීමට මට හැකිවිණ. ඒ වන විටත් ඉතාලියේ විසූ LTTE ත්‍රස්‌තයන්ගෙන් ඉතාලියේ රාජ්‍ය ආරක්‌ෂාවට තර්ජනයක්‌ විය හැකි බවද ඉතාලිය LTTE සංවිධානයේ තෝතැන්නක්‌ නොවිය යුතු බව ද අප විසින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක්‌ වශයෙන් නිලධාරීන් පස්‌දෙනකුගෙන් පමණ සමන්විත කුඩා කාර්යාංශයක්‌ ඉතාලියේ ත්‍රස්‌ත විරෝධී අංශයේ සිට ක්‍රියා කරවනු ලැබිණි. මේ අතර එංගලන්තයේ LTTE ත්‍රස්‌ත විරෝධී සංවිධානයක ප්‍රධානියකු වන සුසන්ත ගුණසේකර මා සමඟ ඊ මේල් පණිවිඩ මගින් සම්බන්ධ විය. අපේ එකම අරමුණු වූයේ LTTE යෙන් මේ රට මුදවා ගැනීමට කැපවී සිටින රජයට සෑම අතින්ම ආධාර උපකාර කිරීමය. සුසන්ත ගුණසේකර මගින් රණප්‍රිය අබේසිංහ නැමති ත්‍රිවිධ හමුදාවේ මේජර්වරයකු වූ අපට සම්බන්ධ කරනු ලැබීය. රණප්‍රිය අබේසිංහ මහතා වැනි අති දක්‌ෂ නිලධාරීන් හඳුනා ගැනීමට ආරක්‌ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්‌ෂට හැකි විණ. ආරක්‌ෂක ලේකම්වරයාගෙන් අතිශයින් රහසිගත බුද්ධි තොරතුරු අංශයක්‌ පිහිටුවන ලෙස කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක්‌ ලෙස ඔහු වහාම ක්‍රියාත්මක වී මේජර් රණප්‍රිය අබේසිංහ මහතාව ද තවත් කිහිප දෙනෙක්‌ ද, ඔවුන් එවකට දැරූ නිලයන් සහ තනතුරු ගැසට්‌ පත්‍ර මාර්ගයෙන් ඉවත් කොට අවලංගු කොට විශේෂ පුහුණුවක්‌ සඳහා දකුණු අප්‍රිකාවට යවනු ලැබීය. මේජර් රණප්‍රිය අබේසිංහගේ කාර්ය භාරය වූයේ ඉතාම රහසිගතව අපි ඉතාලියේ LTTE විරෝධී ත්‍රස්‌ත විමර්ශන අංශයෙන් ලබාගන්නා අතිශය රහසිගත තොරතුරු ලංකා යුද හමුදාව අතට පත්කිරීමයි. ඔහුගේ ප්‍රයත්නය නිසා දැනට ද්‍රවිඩ ජනතාවගේ මහත් වූ ගෞරවයට භාජනය වී සිටින කර්නල් රත්නප්‍රිය බන්දු හා කර්නල් රවිප්‍රිය යන යුද හමුදාවේ නිලධාරීන් සම්බන්ධීකරණය කරගැනීමට හැකි විය. 

 ඉතාලියේ මෙම ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් මට පෞද්ගලිකව දෙන ලද තොරතුරු මටම අදහා ගැනීමට නොහැකි විය. ලංකාවේ ප්‍රබල රජයේ දේශපාලනඥයන් කිහිප දෙදෙනකුම මෙම LTTE මුදල් ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කර විශාල කොමිස්‌ මුදලක්‌ ගෙන නැවත LTTE යට භාර දෙන හැටි මට ඔවුන් දැනුම් දුන්නේය. 

 ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා මට දන්වා සිටියේ ප්‍රභාකරන් ඉතා කලාතුරකින් දුරකථනයක්‌ පාවිච්චි කළත් එය ද චන්ද්‍රිකා දුරකථනයක්‌ බැවින් ඔහුගේ කථාවලට සවන්දිය නොහැකි වුවද එම පණිවිඩ ක්‍රමයෙන් පහතට ගලාගියේ වෙනත් ප්‍රබල ආධාරකරුවන් මගින් බවද ඔවුන් හෙළි කරන ලද්දේය. 

 මේ අතර යුද්ධය අවසන් විය. යුද්ධය අවසන් වීමට නම් ප්‍රභාකරන් මිය යා යුතුමය. ලංකාවෙන් ලැබුණ ඉතාම වැදගත් තොරතුර වූයේ යුද්ධය අවසානයේදී ප්‍රභාකරන් ඇතුළු පිරිසක්‌ ගිලන් රථයකින් පලා යන අතරතුර එම ගිලන් රථය යුද හමුදාව මගින්, තර්මොබාධිරික, බෝම්බ ප්‍රහාරයක්‌ මගින් එය විනාශ කළ බවය. එම ගිලන් රථය තුළ ප්‍රභාකරන්, පොට්‌ටු අම්මාන් ඇතුළු තව කිහිප දෙනකු සිටි බවද යුද හමුදාව මගින් ප්‍රකාශ කළේය. අපි පසු දින ජය සැමරීමට සූදානම් වෙද්දී මට ඉතාලියේ ත්‍රස්‌ත විමර්ශන අංශයෙන් හදිසි දුරකථන පණිවිඩයක්‌ ලැබිණි. ඔහු කියා සිටි දෙයින් මම තුෂ්නිම්භූත වීමි. ප්‍රභාකරන් තවමත් ජීවත් වන බවත් ඔහු දැනටමත් ඉන්දියානු හා ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ කතාකරමින් ඔහුට යටත් වීමට අවස්‌ථාව සලසා දෙන ලෙසත් ඒ වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක්‌ ලබා දෙන බවටත් ඔහු පෞද්ගලිකවම පොරොන්දු වී ඇති බවත් එම නිසා ප්‍රභාකරන් මියගිය පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක්‌ බවත්ය. 

 මේ අවස්‌ථාවේදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‌ෂ සිටියේ ජොර්දානයේ සම්මන්ත්‍රණයකට සහභාගිවෙමිනි. මෙම අමිහිරි ප්‍රවෘත්තිය එතුමාට කෙසේ දන්වන්නේ දැයි සිතමින් ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් නොහැකි වූ නිසා ඇති එකම විකල්පය වූ එවකට විදේශ ඇමැතිව සිටි, බොහෝ දෙනා නොදන්නාමුත් යුද්ධය ජය ගැනීමට විශාල සේවයක්‌ කළ විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම මහතාව සම්බන්ධ කර ගැනීම බවය. මම එතුමාට කථාකර කියා සිටියේ ජනාධිපතිතුමාට ලංකාවට නොඑන ලෙසට දන්වන ලෙසත් මන්ද ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවත් බොහෝ විට බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රාජ්‍යයන්ට අවශ්‍යව තිබුණේ ප්‍රභාකරන් ජීවත්කරවීම බැවින් මුහුදු මගින් පලා යැමට සූදානම්ව සිටින බවයි. ඒ අවස්‌ථාවේදීම එම දුරකථන පණිවිඩය ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයාට කියනු මට ඇසුනි. ඒත් ඔහු ජයග්‍රහණය සැමරීමට ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රභාකරන්ගෙන් සහ ත්‍රස්‌තවාදයෙන් තොරව ලංකාව මුදාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොළෝ තලය වැඳ නමස්‌කාර කොට ගිය ආකාරය සිය දහස්‌වරක්‌ අපි මාධ්‍ය මගින් දැක ඇත. 

ප්‍රභාකරන් තවමත් ජීවත් වන බවට මා වෙත ලැබුණ තොරතුර කිසිවකු පිළිනොගන්නා හෙයින් මම වහාම ලංකාවේ සිටින අපේ රහස්‌ සංවිධානයේ නියෝජිතයා වන රණප්‍රිය අබේසිංහට කතාකොට කියා සිටියේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහුගෙන් රට බේරා ගැනීම ඒ අයගේ යුතුකම බවත්ය. ඒ අවශ්‍යතාවේ මට කළ හැකි වෙන කිසිවක්‌ නොවිනි. මා දන්නා පරිදි මහින්ද රාජපක්‌ෂ යුද හමුදාවේ තොරතුරු සම්පූර්ණයෙනම විශ්වාස කළ අතර එතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කරන විට ද ප්‍රභාකරන් රටින් පැන යැමට සියල්ල සූදානම් කර තිබුණි. මා දැනගත් පරිදි මේ සැකය රණප්‍රිය අබේසිංහ එවකට එම ප්‍රදේශයේ මෙහෙයුම් භාරව සිටි කර්නල් රවිප්‍රියට දන්වා ඇත. මින් පසු සිදුවූ දේ ගැන මම පසුව සටහනක්‌ තැබීමට බලාපොරොත්තු වෙමි. 

 ඊට පසු ප්‍රභාකරන්ගේ මළ සිරුර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කථාවෙන් පසු විද්යුත් මාධ්‍යයෙන් දැක ගැනීමට හැකි විය. 

 මගේ මේ කථාව ලිවීමේ අරමුණ මතු සඳහන් කරුණු ඔබ හමුවේ තැබීම නොව අපේ රණවිරුවන් කරන ලද මහා මානුෂික මෙහෙයුමේ මා දකිනා පැත්ත පෙන්වීමටය. යුද්ධයේ ජයග්‍රහණය සමරමින් සොල්දාදුවන් ජයඝෝෂා කරන අතර මට හදිසි දුරකථන පණිවිඩයක්‌ ලැබිණි.

 ඒ කර්නල් රත්නප්‍රිය බන්දු මහතාගෙනි. අහිංසක සිවිල් ජනතාව දස දහස්‌ ගණනින් කළපුවෙන් එගොඩ වී අපේ පැත්තට එනවා දරුවන් අධික විජලනයෙන් මියයනවා. ඒ පළාතටම ඇත්තේ එක වතුර ටැංකියයි. ජනතාව වතුර සෙවීමට වතුර ටැංකිය කඩා බි`ද දමා තිබෙනවා එහි වතුර බින්දුවක්‌වත් නැහැ. මේ අහිංසක මිනිසුන් මැරෙනවා මට බලා ඉන්න බැහැ. යුද්ධයේදී මා දුටු බිහිසුණුම දර්ශනය මෙයයි. අපේ පිහිට පතාගෙන එන අහිංසක ජනතාවට වතුර සැපයීමට අපට හැකියාවක්‌ නැහැ. අනේ තානාපතිතුමනි මේ ප්‍රශ්නය විසඳන්න, 

 ඉන්පසු මා වහාම එවකට ලංකාවේ සිටි ප්‍රබල ඇමතිවරයකුට දුරකථනයෙන් කතාකොට මා මේ විස්‌තරය කීවෙමි. මොවුන් මෙතෙක්‌ කල් කොහොමද ජීවත් වුණේ, යෑයි අසා එතුමා දුරකථනය විසන්ධි කළේය. ඒත් මම නැවත වරක්‌ ඔහුට කථා කොට අපේ මානුෂික මෙහෙයුමේ අවසානය මෙසේ විය යුතු දැයි ප්‍රබල දේශපාලනඥයකු වශයෙන් සිතිය යුතු බව මා කියා සිටියෙමි. ඉන් පසු විශාල යුද හමුදාව සතු ටැංකි මගින් එම ස්‌ථානයට වතුර සපයනු ලැබීය. මෙම දරුවන් දෙමාපියන්ගේ අතේ මියයන හැටි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා කඳුළු පෙරමින් ප්‍රකාශ කළ අන්දම මට හිතා ගත නොහැකි විය. සෑම දෙමළ වැසියෙක්‌ම, දරුවෙක්‌ම, බේරා ගැනීමට ඔහු කළ සේවය කොතරම් දැයි මට සිතාගත හැකි වූයේ ලංකාවට පැමිණ ඔහු හමුවීමට මා කඳවුරට ගිය අවස්‌ථාවේදීය. සිය දහස්‌ ගණන් මිනිසුන් ඒ අවස්‌ථාවේදී කඳවුරට පැමිණියේ මා ඔවුන්ට වතුර සැපයීම සම්බන්ධයෙන් මූලික වී ක්‍රියාකිරීම ගැන පින් දීමටය. අද කිළිනොච්චියේ ද, වව්නියාවේ ද ඕනෑම උතුරේ නගරයක රත්නප්‍රිය බන්දු ගැන දුක්‌වන්නේ, හඬන්නේ අහිංසක දෙමළ දෙමාපියන්ය. මොහු ඔවුන්ගේ ආරක්‌ෂකයකු වී සිටියේය. සංහිඳියාවක්‌ ඇති නම් එය පටන්ගත යුත්තේ යුද හමුදාව මගිනි. 

 මේ සිද්ධිය හොඳ හැටි දන්නා යාපනයේ අණදෙන නිලධාරී රවිප්‍රිය කර්නල් රත්නප්‍රිය සහ රණප්‍රිය අබේසිංහ තවමත් ජීවතුන් අතර සිටියි. අපගේ විජයග්‍රහණය කොටි ත්‍රස්‌තයන් පරාජය කිරීම පමණක්‌ නොවේ. මෙම අහිංසක ජනතාව ආරක්‌ෂා කිරීමට රත්නප්‍රිය බන්දු වැනි නිලධාරීන් කළ කැපවීමයි. අද බටහිර ප්‍රජාව සිංහල හමුදාව විසින් දෙමළ ජනතාව සමූල ඝාතනය කළ බවටත් එම ඝාතකයන් වරදකරුවන් ලෙසත් සරත් ෙµdන්සේකා, ගෝඨාභය රාජපක්‌ෂ සහ මහින්ද රාජපක්‌ෂ මෙහි වරදකරුවන් කිරීමටත් දරා ඇති ප්‍රයත්නය නවතා නොමැත. 

 යුදෙව්වන් යුරෝපයෙන් ඉවත් කිරීම තමා විසින් ආර්ය වංශිකයන්ට කරන මහත්වූ මහත්ඵල මහානිසංස ලබාදෙන ක්‍රියාවක්‌ යෑයි නිර්මාංශික හිට්‌ලර් බිහි වූයේද මුළු යුරෝපීය සංගීතයේ අයිතිකරුවන් වන බිතෝවන් සහ මෝසාඩ් වැනි සංගීතඥයන් බිහිකළ ලෝකයේම ශිෂ්ට සම්පන්න ජාතියක්‌ ලෙස සලකන ජර්මන් ජාතිකයන් යුදෙව්වන් මිලියන ගණනක්‌ ගෑස්‌ උදුන්වල දමා ජනසංහාරයක යෙදුනේ ඔවුන්, යුදෙව්වකු, ජර්මන් ජාතිකයකු උදේ වැසිකිළියකට ගොස්‌ හෙලන මළපහ තරම්වත් නොවටින්නේය, යන සංකල්පය මතය. 

 එලෙසම අප්‍රිකාවේ රුවන්ඩා ජනසංහාරයේදී හුටු ගෝත්‍රිකයන් තුච්ච ජාතිකයන් මරා දැමුවේ ඔවුන් කැරපොත්තන්ට සමාන කරමිනි. ළමුන් සහ කාන්තාවන් මරා දැම්මේ හිසට යකඩ යෂ්ටියකින් පහර දීමෙන් පමණක්‌ බව ඔවුන්ට උගන්වා තිබිණ. මන්ද වෙඩි උණ්‌ඩයක්‌ පාවිච්චි කරන්නට තරම් වත් මොවුන් නොවටිනා බැවිණි. එලෙසම යුගෝස්‌ලෝවියාව කෑලිවලට කැඩුන පසු සර්බරින්කා ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතිකයන් අටදහසක්‌ පමණ මරා සමූහ මිනී වළවල්වලට දැමූ අතර ඒ සියලුම දෙනා අහිංසක මුස්‌ලිම් ජාතික සිවිල් පුරවැසියන් වූහ. ඒත් අපේ රටේ සිදුවූයේ ද්‍රවිඩ කොටි ත්‍රස්‌තයන් විසින් තමන්ගේම වර්ගයා වන අහිංසක දෙමළ ජනතාව ඔවුන්ගේ ගැලවුම්කාරයා ඔවුන්වම මැරීමට අණ දෙන විට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යටතට පත් නොකොට එය වැලැක්‌වීමයි. ඒත් ඔබ නොදන්නවා වුවද මෙසේ නන්දිකඩාල් කලපුවෙන් මුදා ගන්නා ලද එක්‌ ද්‍රවිඩ කාන්තාවක්‌ හමුදා කඳවුර තුළදීම තමා ඇඳ සිටි බෝම්බ කට්‌ටලය පුපුරවා ගත්තේ තමා බේරාගත් කාන්තා සෙබළියන්වද ඒ ස්‌ථානයේම ජීවිතක්‌ෂයට පත් කරවමිනි. අපේ හමුදාව අතින් යම්කිසි අපරාධයක්‌ සිදුවූ බව අපි ප්‍රතික්‌ෂේප නොකරන්නෙමු. එහෙත් මෙවැනි මෙහෙයුමක්‌ ලෝක ඉතිහාසයේ කොතැනක සිදුවී ඇත්දැයි අපට, ජන ඝාතකයන් යෑයි කියන සහ ජන ඝාතන යුද අපරාධය කළා යෑයි චෝදනා කරන අයගෙන් විමසමු. රත්නප්‍රිය බන්දු සහ යාපනයේ ඉලෙච්ලියන් මහාධිකරණයේ දී, බෞද්ධ විහාරයක්‌ අත්තනෝමතික ලෙස බුල්ඩෝසර් කිරීමට එරෙහිව විනිශ්චය දුන් දෙමළ විනිසුරු තුමිය වැනි අය ජනසංහිඳියාවේ හොඳම උදාහරණය බව දැනගත යුතුය. 

 ප්‍රභාකරන් අල්ලාගත් එහි නියම විරුවා දැනට උතුරේ අණසක පතුරන රවිප්‍රිය බව මා නැවත වරක්‌ මතක්‌ කරන අතර නන්දිකඩාල් කළපුවෙන් ගැලූ ඉහවහා ගිය අපේ හමුදාවේ උතුම් මිනිස්‌ ගුණාංග පිළිබිඹු කරන අනෙක්‌ රණවිරුවා රත්නප්‍රිය බන්දු යෑයි මම සිතමි. 

 ප්‍රභාකරන් පෙර දින මියගියේ යෑයි මුළු ලොවටම හඬගා කියද්දී නැවත සත්‍ය ප්‍රභාකරන් සොයාගෙන ඔහුව ඝාතනය කළේ කෙසේ දැයි දන්නේ දැනට යාපනයේ ආරක්‌ෂාව භාර රවිප්‍රිය හා රත්නප්‍රිය බන්දු යන තවත් කිහිප දෙනකු බව මම නැවත වරක්‌ ප්‍රකාශ කර සිටිමි. 

 සත්‍යය වශයෙන් දෙමළ ජනතාවගේ සංහිඳියාව ගැන රජය සිතුවේ නම් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා යටතේ සැබෑ සංහිඳියා ඒකකයක්‌ පිහිටුවා අනර්ග වැඩපිළිවෙළක්‌ සකස්‌කර දියත්කර රට වනසන N.G.O කරුවන්ට බාර නොදීම රජයේ යුතුකම වන්නේ යෑයි අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට මතක්‌කර දෙමි. 

 තවද මේ ලිපිය ලිවීමෙන් කර්නල් රත්නප්‍රිය බන්දු රණවිරුවාට කිසිදු ඇබැද්දියක්‌ නොවේවා යෑයි මම ඉතසිතින් පතමි!

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසරිය 
http://divaina.com/sunday/index.php/visheshanga1/4390-2018-06-15-13-38-58

Friday, June 15, 2018

මුසලුවෝ වටකර පොලිසියට හා සිවිල් ආරක්‍ෂකයන්ට පහරදී ආරුගම්බේදී ඇල්ලූ බීමත් සැකකරු මුදා ගනිති

පොතුවිල් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරකයන් ගැවසෙන හෝටලයක්‌ අසල බීමත්ව අශෝභනව හැසිරුණු පුද්ගලයෙක්‌ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ එම පුද්ගලයාගේ කණ්‌ඩායමේ පිරිසක්‌ පැමිණ පොලිස්‌ නිලධාරීන්ට සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තුන් දෙනකුට පහරදී අත්අඩංගුවට ගත් සැකකරුට පැනයාමට ඉඩ සලසා ඇතැයි පොතුවිල් පොලිසිය පවසයි.

ඉකුත් 12 වැනිදා සවස 6.30 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී තිබේ. එම අවස්‌ථාවේ ඒ අවට සිටි මුස්‌ලිම් ජනතාව 50 ක්‌ පමණ ඒකරාශී වූ බවත් සැකකරුගේ කණ්‌ඩායමේ හත්දෙනකු ආරක්‍ෂක නිලධාරීන්ට හෙල්මට්‌වලින් සහ අතින් පයින් පහර දුන් බව සිද්ධිය දුටුවෝ පැවසූහ. ප්‍රහාරයට ලක්‌වූ පොලිස්‌ නිලධාරියා සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන් තිදෙනා පොතුවිල් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

මෙසේ ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ පොතුවිල් උල්ල පොලිස්‌ මුරපළේ සේවය කරන පො. කො. (8216) වැදිවෙල මුදියන්සේලාගේ නුවන් චාමර, සිවිල් ආරක්‍ෂක බළකායේ එම්. ඕ. (27625) ඥනරත්න චමින්ද එම්. ඕ. (27395) සුදුබණ්‌ඩා ප්‍රේමසිරි එම්. ඕ. (13720), හීන්නිළමේ වික්‍රමරත්න, ගාමිණි වික්‍රමරත්න යන නිලධාරීන් ය.

පහරදුන් සැකකරුවන් ගෙන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉතිරි සැකකරුවන් සොයා පොතුවිල් සහකාර පොලිස්‌ අධිකාරී වැලිසරගේ මහතාගේ උපදෙස්‌ පරිදි පොතුවිල් පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත කුමාර මහතාගේ මූලිකත්වයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.

එම ප්‍රහාරයට ලක්‌වූ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරියෙකු සඳහන් කළේ බීමත්ව සිටි සැකකරු පාලනය කළ නොහැකි වූ හෙයින් මාංචු දමා පෞද්ගලික ත්‍රී රෝද රථයකින් පොලිසියට රැගෙන යන අවස්‌ථාවේ මග හරස්‌ කර ත්‍රී රෝද රථය නවතා අපේ කොල්ලා බේරගන්න එන්න කියා පිරිසක්‌ කෑ ගැසූ බවයි. ඉන්පසු 100 ක්‌ පමණ එකතු වූ බවද සැකකරු පොලිසියේ රාළහාමි ළඟ සිටි බවද පිරිස රාළහාමි වෙනම කොටු කරගත් බවද ආරක්‍ෂකයින් වෙනම කොටු කරලා බිම දමා ගැසු බවද හෙතෙම පැවසීය.

රාළහාමිගේ අත් දෙකට ගැහුවම සැකකරු අතහැරුණා. ඉන් පසු ඔවුන් සැකකරු උස්‌සන් ගියා යෑයි සිවිල් ආරක්‍ෂක නිලධාරියා කියා සිටියේය.

පානම - දිනේෂ් චන්ද්‍රපාල

බරපතල වැඩ ඇතිව ඥානසාර හිමි මාස 6ක්‌ හිරේ... එක්‌නැලිගොඩ බිරිඳට 50.000ක්‌ වන්දි ගෙවීමටත් නියෝග!

ජනවාරි 25 වැනිදා හෝමාගම උසාවිය තුළදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට බැණ තර්ජනය කිරීම හා හෝමාගම උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත වරදකරු බවට නිගමනය කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ ඇතිව මාස 6 ක සිරදඬුවම් හා රුපියල් 1500 බැගින් රුපියල් 3000 ක දඩයක්‌ ද එක්‌නැලිගොඩ බිරිඳට රුපියල් 50,000 ක වන්දියක්‌ ගෙවීමට ද හෝමාගම දිසා අධිකරණයේ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් උදේශ් ගුණරත්න මහතා නියෝග කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධිය මත පොලිස්‌ අපරාධ විමර්ශන කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ නඩුව හෝමාගම දිසා අධිකරණයේ විභාග වෙමින් තිබියදී මෙම සිදුවීම විය.

එදින නඩුව අවසාන වීමත් සමඟ ඥනසාර හිමියන් තමාට තර්ජනය කළ බවට සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මිය විසින් මෙම නඩුව පවරා තිබිණි.

විත්තිකාර හිමියන්ට දඬුවම් නියම කිරීම ඊයේ (14 වැනිදා) සිදුවූ අතර විත්තිය වෙනුවෙන් කරුණු දැක්‌වූ නීතිඥ මංජුල මාකුඹුර මහතා මෙසේ පැවැසීය.

අවුරුදු 30 ක්‌ මේ රටේ යුද්ධයක්‌ තිබුණා. ඒක දැන් හැමෝටම අමතකයි. එදා යුද්ධය තිබුණු කාලේ ඉඳන් මේ විත්තිකාර හාමුදුරුවෝ රට බේරාගන්න බොහෝ දේ කළා. සටන් පෙරමුණට ගියා. ඔවුන්ට ශක්‌තිය දුන්නා. බොදුබල සේනා සංවිධානය කියන්නේ ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ නෙවෙයි. ජනතාවට උදව් කළ ජාතීන් අතර සමගිය ඇති කරන්න ක්‍රියා කළ සංවිධානයක්‌. ජාතිය විපතට පත්වන විට ඊට එරෙහිව හඬ නැඟූ සංවිධානයක්‌. එදා උසාවියේදී සිදුවූ සිදුවීම හිතා මතා කළ දෙයක්‌ නෙවෙයි. බුද්ධි අංශ නිලධාරීන් නැවත රිමාන්ඩ් භාරයට පත්වෙද්දී ඔවුන්ගේ ඇස්‌වල කඳුළු දැකලා උපන් සංවේගයෙන් වූ දෙයක්‌.

ජාතික ආගමික, සමාජයීය මෙහෙවරක්‌ කළ මෙවන් අයකුට දඬුවම් දීම ඉතා විමසිලිමත්ව කළ යුතු දෙයක්‌. කෙනෙක්‌ සිරගත කළ යුතු වන්නේ ඔහු සමාජයට අහිතකර පුද්ගලයෙක්‌ නම්, සමාජයට හිරිහරඞ කරන්නෙක්‌ නම් පමණයි. සිරගත කිරීම හැර වෙනත් දඬුවමක්‌ ලබාදීමට නොහැකි නම් පමණයි.

මේ හාමුදුරුවෝ එහෙම කෙනෙක්‌ නෙවෙයි. මේ වරදට දෙවරක්‌ සමාව ඉල්ලා සිටියා. එක වරක්‌ මහෙස්‌ත්‍රාත්වරයා කැමති වුණේ නෑ. දෙවැනි වර මේ පැමිණිලිකාරිය කැමති වුණේ නෑ. මෙය සමථ මණ්‌ඩලයෙන් විස¹ ගත හැකිව තිබුණ ප්‍රශ්නයක්‌.

රට ජාතිය, ආගම, ශාසනය වෙනුවෙන් කැපවෙන මෙවන් අය කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ නිසා අවම දඬුවමක්‌ ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

මෙහි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙසේ කීය. උසාවියක්‌ තුළදී මේ ප්‍රශ්නය විස¹ ගැනීමට පැමිණි කාන්තාවකට බැණවැදී තර්ජනය කිරීම සුළු වරදක්‌ නොවෙයි. ඒක බරපතළ වරදක්‌. මේක මුළු උසාවියටම නීති පද්ධතියටම කළ නිග්‍රහයක්‌. මේ චූදිතයාට දඬුවම් නොකළොත් අනාගතයේ උසාවිවල වැඩ කරගෙන යන්න බැරිවේවි. නීතිය තියෙන්නේ මිනිස්‌සුන්ගේ විනය හදන්නයි. විනය පිරිහුණ දා සියල්ල විනාශ වෙනවා.

මේ අය කළ වරදට 346 වගන්තිය යටතේ වසර දෙකක සිරදඬුවම් හා දඩයක්‌ පැනවිය හැකියි. 486 වගන්තිය තුළත් ඒ දෙයම කියනවා. මා මේ උසාවියෙන් ඉල්ලා සිටින්නේ අනාගතයේ කවුරු හරි මේ වරද කරන්න ඉන්නවානම් නැවත සිතන්න සිතා කරන්න මොහුට දඬුවම් පමුණුවන ලෙසයි. වින්දිත තැනැත්තියට වන්දි මුදලක්‌ ද ලබාදෙන ලෙසයි. මේ අධිකරණයෙන් මොහුට උපරිම දඬුවම ලබා දෙන්නැයි ඉල්ලා සිටිනවා.

දඬුවම ප්‍රකාශයට පත්කරමින් මහෙස්‌ත්‍රාත්වරයා මෙසේ කියා සිටියේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බලමින් නැවත අනාගතයේදීත් මෙවැනි වැරදි සිදුනොකරන්නට චෝදනා ලැබූ කරුණු 2 ටම වැරදිකරු වූයෙන් මාස 6 ක බරපතළ සිරදඬුවම්, වැරදි දෙකටම ලබාදෙන අතර එය එකවර මාස 6 කින් ගෙවී යැමට සිදුවිය යුතුයි. ඊට අමතරව එක්‌ වරදක්‌ සඳහා රුපියල් 1500 බැගින් වැරදි දෙකට රුපියල් 3000 ක්‌ද, වින්දිත තැනැත්තියට රුපියල් 50000 ක වන්දියක්‌ ද ගෙවන ලෙසත් එසේ නොකරන්නේ නම් තවත් මාස 3 ඩී?සිරදඬුවමක්‌ හිමි වන බවත් නියම කරනවා. එසේත් නැත්නම් දඩයක්‌ ලෙස අය කරගන්නා බවත්ය.

නඩු තීන්දුව අවසානයේ විත්තිකූඩුවේ සිටි ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් "මේ අධිකරණයක්‌ද? යුක්‌තිය මේකදැයි" අසද්දී මහෙස්‌ත්‍රාත්වරයා මම තීන්දුව දීලා ඉවරයි. ඒකට ඔබවහන්සේට ඇපැල් කරන්න පුළුවන් ආයෙත් ප්‍රශ්න ඇතිකරන්න එපා යෑයි පැවැසීය.

නඩු තීන්දුව අවස්‌ථාවේ උසාවිය අවට විශේෂ කැරලි මර්දන කණ්‌ඩායම් 2 ක්‌, ජල ප්‍රහාරක වාහන 2 ක්‌ සහ පොලිස්‌ කණ්‌ඩායම් 3 ක්‌ යොදා දැඩි ආරක්‍ෂාව සලසා තිබුණි.

හෝමාගම - ජයසිරි කාරියවසම්, ඔරුවල - සරත් ද සිල්වා
http://divaina.com/daily/index.php/main-news/12952-2018-06-14-10-49-50

සබැඳි ලිපි -
[
උසාවි ගිනි තැබූවන්ට නැවෙන කසාවතට සෘජු වන ලංකාවේ නීතිය..!
http://yukthiyawenuwen.blogspot.com/2018/06/blog-post.html
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
http://yukthiyawenuwen.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://yukthiyawenuwen.blogspot.com/2012/07/blog-post_25.html
]

ත්‍රස්‌තයන්ට වන්දි ගෙවීම

පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී.එම්.ස්‌වාමිනාදන් මහතා පසුගිය කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමට ඉදිරිපත් කරනු ලැබූ කැබිනට්‌ පත්‍රිකාව මහත් ආන්දෝලනයකට ලක්‌ විය. මෙයට ඇමැතිවරු කිහිප දෙනෙක්‌ම විරුද්ධ වී ඇති බවක්‌ මාධ්‍ය වාර්තාවල දැක්‌විණි. මේ ආන්දෝලනාත්මක කැබිනට්‌ පත්‍රිකාව කුමක්‌ද? මියගිය කොටි සාමාජිකයන් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීම ස`දහා වූ පත්‍රිකාවකි. මෙලෙස ලංකා රාජ්‍යය දෙකඩ කිරීමට සටන් වැදුණු ත්‍රස්‌තයන්ට වන්දි ගෙවිය හැකිද? ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය කළ කොටි මරාගෙන මැරෙන බෝම්බකරුවාගේ ඥතීන්ට ද සහන සැලසිය යුතු ද ? ශ්‍රී මහා බෝධියට, දළදා මාලිගාවට පහර දුන් ත්‍රස්‌තයන්ට ද වන්දි ගෙවිය යුතු ද ? කොටි සාමාජිකයන් යුද්ධ කළේ ලංකාව දෙකඩ කිරීම වෙනුවෙනි. ලංකා රාජ්‍යයට එරෙහිව සටන් කළවුන්ට ලංකා රාජ්‍යයේ බදු ගෙවන්නන්ගේ මුදලින් වන්දි දීම කවර සදාචාරයක්‌ද ? තිස්‌ වසරක යුද්ධය නිසා ලක්‌ෂයකට අධික පිරිසක්‌ ඝාතනය විය. 

කොළඹ නගරයේ කොටි ත්‍රස්‌තවාදී බෝම්බ නිසා කෑලි කෑලිවලට කැඩී ගිය ජීවිත වෙනුවෙන් වන්දි ගෙවීම ගැන කිසිඳු සඳහනක්‌ නොමැතිව ස්‌වාමිනාදන් ඇමැතිවරයා මේ කැබිනට්‌ පත්‍රිකාව සකස්‌ කර ඇත්තේ කවර අරමුණින් ද යන්න අපට නො වැටහේ. එය සමස්‌ත ලාංකීය ජාතියටම නිග්‍රහයක්‌ බව පැහැදිලිව සටහන් කළ යුතුය. මෙය ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශයක්‌ ද නැද්ද යන්න පැහැදිලි නැත. කවරකුගේ යෝජනාවක්‌ වුවද මෙය කිසිසේත් සිදු කළ යුතු නැත. මියගිය කොටින්ටත් වන්දි පිරිනමන්නේ නම් රණවිරු උපහාර සැමරුම් පැවැත්වීම ද තේරුමක්‌ නැත. මන්ද මේ වන්දි ගෙවීම මගින් ත්‍රස්‌තයා මෙන්ම රණවිරුවා අතර වෙනසක්‌ නැතිව යයි. රට බේරා ගැනීමට සටන් කළේ කවුදැයි ස්‌වාමිනාදන් ඇමැතිවරයාට තවමත් නොවැටහීම කනගාටුවට කරුණකි.

ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල මාවෝවාදීන් එරට ආරක්‌ෂක අංශවලට එරෙහි සන්නද්ධ කැරැල්ලක්‌ සිදු කරති. මෙම ගැටුම්වලින් මිය යන මාවෝවාදීන්ට දිල්ලි ආණ්‌ඩුව වන්දි පිරිනමන්නේ නැත. කාශ්මීරයේ අන්තවාදීන් ඉන්දීය හමුදාව සම`ග ගැටේ. එලෙස මියයන සටන්කාමීන්ට වන්දි ලබාදීම ගැන ඉන්දියාවේ ආණ්‌ඩුව සිහිනෙකින්වත් සිතන්නේ නැත. ඇµaගන් ආණ්‌ඩුව තලේබාන්වරු සම`ග දරුණු ගැටුමක නිරත වේ. එහෙත් මියගිය තලේබාන් සාමාජිකයන්ට වන්දි දීමට කාබුල් ආණ්‌ඩුව කටයුතු කර නැත. ඇමෙරිකාව අල්ඛයිඩා ත්‍රස්‌තයන්ට එරෙහිව ලොව පුරා මෙහෙයුම් සිදු කළේය. ත්‍රස්‌තයන්ට එරෙහිව බෝම්බ හෙළුවද වන්දි නම් ලබා දුන්නේ නැත. එසේ නම් මියගිය කොටින් වෙනුවෙන් වන්දි දීම මේ රටේ ස්‌වාධිපත්‍යය මෙන්ම භෞමික අඛණ්‌ඩතාව ද පාවා දීමකි. වන්දි ලබා දිය යුත්තේ කොටි සාමාජිකයන්ගේ ඥාතීන්ට නොව කොටින්ට එරෙහිව සටන් කර ජීවිත පූජාකළ දෙමළ වැසියන්ගේ ඥතීන්ටය. මවුබිමට එරෙහි වූවන්ට නොව මවුබිමට ගරු කළ යුත්තන්ට සදා උපහාර කළ යුතුය. එසේ නොවන්නේ නම් එය මියගිය දේශප්‍රේමීන්ට කරන බලවත් නිග්‍රහයකි. ස්‌වාමිනාදන්ගේ මේ කැබිනට්‌ පත්‍රිකාව අනුව ප්‍රභාකරන් වෙනුවෙන් වන්දි ලබා ගැනීමට උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම්ට හැකිය. මන්ද සිවාජිලිංගම් ප්‍රභාකරන්ගේ මස්‌සිනා යෑයි කියනා නිසාය. 

ඇත්තෙන්ම ලංකා ඉතිහාසයට නිග්‍රහ කරන මේ කැබිනට්‌ පත්‍රිකාව ඉරා විසි කළ යුතුය. මෙය සම්මත වුවහොත් මවුබිම වෙනුවෙන් දිවි පිදූවන්ගේ පරිත්‍යාග සියල්ල වැළලී යනු ඇත.

http://divaina.com/daily/index.php/kathuwakiya/12935-2018-06-14-10-49-33

උසාවි ගිනි තැබූවන්ට නැවෙන කසාවතට සෘජු වන ලංකාවේ නීතිය..!

උසාවි බිමේදී සිංහල කොටියෙකුගේ බිරිඳට තම සැමියා සිංහල කොටියෙකු බැව් මතක් කළ නිසා සිරගතවන්නට සිදුවූ, කසාවත ඉදිරියේ සිංහ වෙස් ගත් නීතිය, මුසලු ඇමතියා උසාවි ගිනි තැබූ කළ සැඟව ගියේ කොහේද?

නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය

පසුගිය 18 (2012/7/18) වැනිදාද සුපුරුදු උදෑසන 9.30 සිට අධිකරණ කටයුතු ආරම්භ වී තිබිණි. ඒ අතර අධිකරණ භූමියෙන් පිටත යම් පිරිසක්‌ බැනර් පුවරු රැගෙන සටන් පාඨ කිය කියා කෑ ගසමින් සිට ඇත. මේ පිළිබ`දව සොයා බැලීමට නීතිඥවරුන් කීහිප දෙනෙක්‌ අධිකරණ භූමියෙන් පිටතට ගොස්‌ ඔවුන් විසුරුවා හරින ලෙස පොලීසියෙන් ඉල්ලා තිබිණි. එහෙත් පොලිස්‌ නිලධාරීන් කිසිම ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත. මේ හේතුව නිසාම නීතිඥවරු දෙපළක්‌ නැවතත් උද්ඝෝෂකයින් වෙත ගිය විට ඔවුන් දැක තිබුණේ මේ පිරිස ඔසවාගෙන සිටින්නේ මන්නාරම මහෙස්‌ත්‍රාත් වරයාට පුද්ගලිකව අපහාස වන පාඨ බවය. ඔවුහු මහෙස්‌ත්‍රාත්වරයාට පුද්ගලිකව අපහාස වන පරුෂ වචනයෙන් නින්දිත ලෙස බණිමින් සිටියහ. නීතිඥවරු වහාම මේ ගැන මහෙස්‌ත්‍රාත්වරයාගේ අවධානය යොමුකළ පසු අධිකරණ කටයුතු වහාම අත්හිටුවා තිබිණි. මේ සිදුවීම වන්නේ උදෑසන 11ට පමණය.

අනතුරුව මහෙස්‌ත්‍රාත්වරයා ස්‌වකීය නිල කාමරයට ගොස්‌ වව්නියා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරීවරයා හා මන්නාරම පොලිස්‌ අධිකාරීවරයා කැ`දවා මෙම උද්ඝෝෂණකරුවන් වහාම විසුරුවා හැරීමට නියෝග කර තිබිණි. එහෙත් ඒ නියෝගය ක්‍රියාත්මක වී තිබුණේ නැත. එම නිසා නැවතත් තම නියෝගය ක්‍රියාත්මක කරන ලෙස නියෝග කිරීමට මහෙස්‌ත්‍රාත්වරයාට සිදුවී යෑයි වර්තාවිය. පසුව පොලීසිය ක`දුළු ගෑස්‌ ප්‍රහාරය එල්ලකර උද්ඝෝෂකයන් පලවා හැරීමට කටයුතු කළේය. උද්ඝෝෂකයෝ පොලිස්‌ නිලධාරීන්ටත්, පසුව අධිකරණයේ ගොඩනැගිලිවලටත් ගල් ගසා විනාශ කරන්නට වූහ. මේ මිනිසුන් අධිකරණ භූමියටත් පැමිණ හානි කරන්නට ඇති ඉඩකඩ ගැන සලකා බැලූ විනිසුරුවරයා අධිකරණ දොරටුව අසලට පැමිණ කැරලිකරුවන්ගේ දණහිසින් පහළට හෝ වෙඩි තබා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබුණේ ඉන් පසුවය. අනතුරුව තත්ත්වය පාලනය වන්නේ යුද හමුදාවද මැදිහත් වීමෙනි.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ දුරකථන ඇමතුම

මන්නාරමේ නීතිඥවරුන්ගේ ලිත දැනුම් දීමට අනුව බදියුදීන් ඇමැතිවරයාගෙන් මන්නාරම මහෙස්‌ත්‍රාත් වරයාවෙත දුරකථන ඇමතුමක්‌ ලැබෙන්නේ ඔවුන් සියලූ දෙනා ඉදිරිපිටදීය. උද්ඝෝෂණය මැඬපැවැත්වීමෙන් අනතුරුව මහෙස්‌ත්‍රාත්වරයාත් නීතිඥවරුත් සිදු වූ හානිය පිළිබ`ද තක්‌සේරු කිරීම ස`දහා ගමන් කරමින් සිටියදී මේ ඇමතුම ලැබී තිබිණි. ඒ අවස්‌ථාවේදී මහෙස්‌ත්‍රාත්වරයා "ඇමැති, මම ඔයාට කලින්ම කීව නේද නඩුව සම්බන්ධව මාත් එක්‌ක කතා කරන්න එපා කියලා. ආයෙමත් ඔයා මට මේ වගේ දුරකථන ඇමතුම් ගත්තොත් මම ඔයාට විරුද්ධව නීත්‍යනුකූලව ක්‍රියා කරනවා" යෑයි පවසා දුරකථනය විසන්ධි කර සිද්ධිය නීතිඥවරුන් වෙත පවසා ඇත. ඔහුට අනුව ඒ ඇමතුම ගෙන තිබුණේ රිෂාඩ් බදියුදීන්ය. මීට පෙර දින මේ ආකාරයේම ඇමතුමක්‌ ගත් හෙතෙම මහෙස්‌ත්‍රාත්වරයාට පවසා ඇත්තේ මෙම ධීවරයින්ට විරුද්දව චෝමනා ප්‍රකාර තීන්දුවක්‌ දුනහොත් මන්නාරම ගිනි ගැනීමට නියමිත වගය. ඒ මොහොතේ යළිත් ඔහු කතා කර තිබුණේ තමා කලින්ම මහෙස්‌ත්‍රාත්වරයාට දැනුම් දුන් පරිදි මන්නාරම නගරය ගිනි ගන්නවා දුටුවාදැයි විමසන්නටය. බදියුදීන් ඇමැතිවරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නව හමු වී මන්නාරම මහෙස්‌ත්‍රාත් මාරු කරන ලෙස බලපෑම් කරන්නේ ඉන් අනතුරුවය.


සබැඳි ලිපි -
[
නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය

http://yukthiyawenuwen.blogspot.com/2012/07/blog-post_30.html
මන්නාරම් පිටිවැල්ලේ, නීතිය අමු හෙළුවැල්ලේ
http://yukthiyawenuwen.blogspot.com/2012/07/blog-post_25.html
]


ඇමැතිගේ 'අධිකරණ තර්ජනයට' එරෙහිව නීතිඥ වර්ජනයක්
2012 ජූලි 19
https://www.bbc.com/sinhala/sri_lanka/2012/07/120719_mannar_risath
අධිකරණයේ නියෝග අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා පමුණුවමින් රජයේ අමාත්‍යවරයකු බලපෑම් කරන බවට චෝදනා නගමින්, උතුරේ උසාවි හතරක නීතිඥවරු වැඩ වර්ජනයක් දියත් කළහ.

ඔවුන්ගේ විරෝධය එල්ල වී ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුතු භාර අමාත්‍ය රිසාත් බදියුද්දීන් වෙතයි.

නඩු තීන්දුවක් ඉවත් කරගන්නා ලෙස බලකරමින් අමාත්‍ය බදියුද්දීන් මන්නාරම මහේස්ත්‍රාත් වරයා හට 18 වැනි බදාදා රාත්‍රියේ තර්ජනය කළ බවයි වවුනියාව, මන්නාරම, මුලතීව් හා කිලිනොච්චි නීතිඥ සංගම් වල චෝදනාව.

අමාත්‍ය වරයාගේ බලපෑම මන්නාරම මහේස්ත්‍රාත් අන්තෝනිපිල්ලේ ජූඩ්සන් විසින් නීතිපති වරයාටත් දැනුම් දී ඇති බවයි, නීතිවේදීන් සමග 19 වැනි බ්‍රහස්පතින්දා අධිකරණ භූමිය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී සිටි වවුනියාව නීතිඥ සංගමයේ සභාපති වරයා ප්‍රකාශ කළේ.

වවුනියාවේ උසාවියට ගල් මුල් ගසා සිදු කළ හානියෙන්
නීතිඥ සංගම් සභාපති ඇන්ටන් පුනිදනායගම් ප්‍රකාශ කළ පරිදි, ධීවර ගම්මානයකට පහර දී විනාශයක් සිදු කළ බවට සැක කැරෙන දහසය දෙනකු අත් අඩංගුවට ගැනීමට දුන් නියෝගයක් ඉල්ලා අස් කරගන්නා ලෙස බදියුද්දීන් අමාත්‍ය වරයා මන්නාරම මහේස්ත්‍රාත් වරයා ට දුරකතනයෙන් තර්ජනය කොට තිබේ.

මන්නාරම උප්පුකුලමේ, කෝන්දෙයිපිටි ධීවර ගම්මානයට කඩා වැදී පැල්පත් කඩා බිඳ ගිනි තැබීමයි ඒ පිරිසට එරෙහි චෝදනාව.

අමාත්‍ය බදියුද්දීන්
මේ පිලිබඳව බී බී සී සංදේශය කළ විමසීමේදී තමන් මහේස්ත්‍රාත් වරයා ඇමතීය යන්න අමාත්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.

ධීවර පවුල් 67 ක් 2002 දී කෝන්දෙයිපිටියට පදිංචියට පැමිණ ඇත්තේ විඩුත්තල්තීවූ එල් ටී ටී ඊ පාලනයේ පැවති සමයේ.

ඔවුන් ආපසු යැවීම සම්බන්ධයෙන් ලබන මස මුලදී රජයේ බලධාරීන් සමග එකඟතාවකට එළඹෙන තුරු එම ධීවර පවුල් කෝන්දෙයිපිටියේම පදිංචි කොට තැබිය යුතු බව අධිකරණය මීට ඉහතදී නියෝග කොට තිබිණි.

මන්නාරමේ උප්පුකුලමේ අධිකරණ විරෝධී උද්ඝෝෂණය
අධිකරණ තීන්දුවට විරෝධය පාමින් උප්පුකුලමේ උද්ඝෝෂණයක් පැවැති 13 වැනි දායි කෝන්දෙයිපිටියේ පැල්පත් ගිනි තැබීම සිදුවී ඇත්තේ.

අනතුරු ඇඟවීමක්
එම ප්‍රහාරයේදී පැල්පත්, බෝට්ටු හා දැල් ඇතුළු ධීවර ආම්පන්න වලට අලාභ හානි පැමිණවීමේ චෝදනා යටතේ පොලිසිය කළ පැමිණිල්ලක් අනුවයි සැකකරුවන් 16 දෙනකු අත් අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කොට තිබුනේ.

මහේස්ත්‍රාත් තීන්දුවට විරෝධය පා බදාදා එල්ල කරන ලද ගල් මුල් ප්‍රහාරයකින් වවුනියාවේ අධිකරණ දේපළට ද හානි සිදුවී තිබුණි.

මන්නාරම විනිසුරු වරයාට කළ බලපෑම අධිකරණයට සෘජුව හා වක්‍රව කලක් තිස්සේ එල්ල කැරුණු දේශපාලන ප්‍රහාර මාලාවේ තවත් එකකැ'යි පවසන ආසියානු මානව හිමිකම් කොමිසම "නීතිය හා එය ක්‍රියාවේ යෙදැවීම මුළුමනින්ම අභාවයට නොයන්නට නම්, මන්නාරමේ සිදුවීම් බරපතල කොට සැලකිය යුතු," බව 19 වැනි දා නිකුත් කළ නිවේදනයකින් අනතුරු අඟවා සිටී.