චීනයේ නව නිර්මාණ අතරට පැයට සැතපුම් 12ක වේගයෙන් ගමන් කළ හැකි විද්යුත් සූට්‌කේසයක් නිෂ්පාදනය වී ඇත.
මෙය නිපදවා ඇත්තේ හේ ලියෑන්ග්කායි නැමැත්තෙකි. මෙම සූට්‌කේසයේ තමන්ගේ ගමන් බඩු ඇසිරිය හැකි අතර එහි වාඩි වී විගස ගුවන් තොටුපලට යැමටද හැකිය.
රාත්තල් 15 ක් බරැති මේ විද්යුත් සූට්‌කේසයට බලය ලැබෙන්නේ කුඩා බැටරියකිනි.
හේ ලියෑන්ග්කායි මෙම විද්යුත් සූට්‌කේසයෙන් චීනයේ යුනාන් ප්‍රදේශයේ සිට සැතපුම් 7 ක් දුරැති දුම්රිය ස්‌ථානය වෙත කඩිනමින් පැමිණ වාර්තාවක්‌ද පිහිටුවා ඇත.
http://www.divaina.com/2014/05/30/forign02.html
කලාව යනු විවිධ වූ ඉසව් කරා ගලායන සෞන්දර්යාත්මක වු විෂය පථයකි. ඡායාරූපකරණයත් මේ තුළ දොලනය වන කලාවකි. මේ විෂය තුළ දීර්ඝ ගමනක් ගොස් ඒ පිළිබඳ මනා අවබෝධයක් ලැබූ ප්‍රද්ගලයෙක් ලෙසට ඉන්ද්‍රනාථ තේනුවරයන් හඳුන්වා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රකට මෙන්ම සම්මානනීය ඡායාරූප ශිල්පියෙක් වන ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රතිබිම්බ සහ දෘශ්‍ය කලා අංශයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරයි.
ඒ ප්‍රතිරාමුවෙන් මිදුනු කල ඡායාරූප ශිල්ප ගුරුවරයෙක්, ලේඛකයෙක්, දේශකයෙක් වන ඔහු අතින් මේ වන විට ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් ලියවුණු ග්‍රන්ථ ගණන දහයකි.
මෙවර ඔහුගේ මේ වෑයම හතරවන ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය සහ පොත එළිදැක්‌වීමටයි. එළඹෙන ජුනි මස 13 වැනි දින සවස 4.30 සිට ජුනි මස 16 වන දින සවස 6.00 දක්‌වා කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ, ඡේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී පැවැත්වෙන ඉන්ද්‍රනාථ තේනුවරයන්ගේ සිව්වන ඒක පුද්ගල ප්‍රදර්ශන පිළිබඳ කතා බහකි මේ.
කලාව ඔබේ ජීවිතයේ කොටසක් වන්නේ කොයි කාල වකවානුව තුළද?
මගේ පියා තේනුවර ගුණතිලක ප්‍රකට චිත්‍ර ශිල්පියෙක්. ඒ නිසා කුඩා කල සිටම කලාව මූලික වුණු සමාජ වටපිටාවක් වටා තමයි මම ජීවත්වුණේ. මේ දේවල් නිසා මම වගේම මගේ සහෝදරයින් දෙදෙනාත් කුඩා අවධියේ පටන් චිත්‍ර ඇඳීමට සහජ දක්‍ෂතාවන් දැක්‌වූවා.
කුඩා අවධියේ පටන් චිත්‍ර ඇඳීමට දක්‍ෂයෙක් වුවත්, චිත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ලබන්නේ ඔබවත් නොසිතන මොහොතක?
ඇත්තටම ඔව්, එතකොට මට වයස අවුරුදු හතරක් විතර ඇති. ඒ කියන්නේ 1965 දී විතර. "සත්සමුදුර" චිත්‍රපටය බලන්න අවස්‌ථාවක් උදා වුණා. එදා තමයි චිත්‍රය පිළිබඳ අවබෝධයක් වගේම වයසින් කුඩා දරුවෙක් වුණත් චිත්‍රපටයක් කරනවා කියන හැගීම මගේ හිතේ ඇතිවුණේ. ඒ වනතෙක් මගේ හිතේ ආසාව තිබුණේ ගුවන් නියමුවෙක් වෙන්න. නමුත් පන්තිකාමරය තුළ කා අතරත් මම ජනප්‍රිය වුණේ රචනා රචකයෙක් හැටියට.
රචනා රචකයා ඡායාරූපකරණයට පිවිසෙන්නේ?
1977 දී විතර. ඒ වෙද්දි මට වයස අවුරුදු 16ක් විතර ඇති. වෙළෙඳ සැලක නාම පුවරුවක් ඇඳලා ඒකෙන් ලැබුණු සල්ලිවලින් මුලින්ම කැමරාවක් ගත්තේ. ඒ කැමරාවේ සුවඳ මට තාම මතකයි. කැමරාවෙන් මුලින්ම ගත්ත පින්තූර මමම තනියෙම ඩිවෙලෙප් කරලා එන්ලාඡ් කරලා ප්‍රින්ට් කරගත්තා.
පාසලේ අධ්‍යාපන කටයුතුවලට මේවා බාධාවක් වුණේ නැද්ද?
නැහැ. මගේ තාත්තා චිත්‍ර ශිල්පියෙක් වගේම විදුහල්පතිවරයෙක්. ඒ නිසා කුඩා අවධියේ පටන් රටේ විවිධ ප්‍රදේශවල අපි ජීවත් වුණා. ගම අම්බලන්ගොඩ වුණාට මගේ මුල්ම පාසල වුණේ අම්පාරේ උහන මහා විද්‍යාලය. එතනින් පස්‌සේ අම්පාර කනිෂ්ඨ විද්‍යාලයත් අම්පාර සද්ධාතිස්‌ස විද්‍යාලයටත් ශිෂ්‍යත්වය ඉහළින් සමත් වුණ නිසා කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයටත් ඇතුල්ව අධ්‍යාපන කටයුතු හොඳින් කළා. ඒ අතරේ මිල්ටන් හේවා පතිරණ මහතාගේ ජායාරූපකරණය පිළිබඳ පාඨමාලාව හැදැරුවා. එහි දී විෂය පිළිබඳ ජයග්‍රහණ රැසක් ලැබුවා. ඒ අතරේ ලාල් හෑගොඩයන් විසින් ලියූ ඡායාරූපකරණය පිළිබඳ පුවත් පතක පළවුණු ලිපි පෙළක් තුළිනුත් මම දැනුම එකතුකරගත්තා.
ගුරුවරයෙක් ලෙසට කටයුතු කරන අතරේ ඔබ මාධ්‍ය ආයතන කිහිපයක ඡායාරූප ශිල්පියෙක් ලෙසට කටයුතු කළා.
ඔව්, 1979 දී තමයි මට ගුරු පත්වීම ලැබුණේ. ටික කාලයක් විජය ප්‍රකාශන ආයතනයට සම්බන්ධව එහි රූ රටා සංස්‌කාරක ධුරයත් වගේම තවත් සඟරා කිහිපයකම ටික කාලයක් ප්‍රධාන රූ රටා සංස්‌කාරක වගේම ප්‍රධාන ඡායාරූප ශිල්පී තනතුරු දැරුවා.
ඡායාරූපකරණය තුළ වර්තමානය දක්‌වා දුර ගමනක් පැමිණීමට හේතු පාදක වුණේ?
අලුතෙන් දෙයක් කරනවා කියන හැඟීම තමයි මගේ හිත හැමදාම දිරිමත් කළේ. ඒ හරහා තමයි අද පවතින කීර්ති නාමය හදාගත්තේ.
මේ වන විට ඔබ ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශන තුනක් පවත්වා තිබෙනවා.
1992 දී ඡායාරූප, චිත්‍ර සහ පොත් කවර නිර්මාණ සහිතව "සොබා රූ" නමින්, කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වූ ප්‍රදර්ශනය, 1997 දී කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ම පවත්වන ලද "මංගල්‍ය උත්සව ඡායාරූප" ප්‍රදර්ශනය, 2010 වසරේ දී, කොළඹ, ජාතික කලාභවනේදී පවත්වන ලද "පැනෝරාමා" ඡායාරූප ප්‍රදර්ශනය එය මෙතෙක් ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු විසින්, ශ්‍රී ලංකාව තුළ පවත්වන ලද ප්‍රථම පැනෝරාමා ඡායාරූප ප්‍රදර්ශනයයි.
මෙවර සූදානම් වන ඡායාරූප ප්‍රදර්ශනය නම් කර තිබෙන්නේ?
මේ මගේ සිව්වන ඒක පුද්ගල ඡායාරූප ප්‍රදර්ශනයයි. මෙය ගෘහස්‌ථ විදුලි පන්දම් ආධාරයෙන් ආලෝකවත් කළ, පෞරාණික සහ ඓතිහාසික ස්‌ථාන කිහිපයක ඡායාරූප ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙසටයි නම් කර තිබෙන්නේ.
මෙම ඡායාරූප ප්‍රදර්ශනයේ ඇති විශේෂත්වය වන්නේ?
මෙම සියලුම ස්‌ථාන, ගෘහස්‌ථ විදුලි පන්දම් ආධාරයෙන් ආලෝකවත් කළ, දැනට ලෝකයේ ඇති එකම සහ ප්‍රථම ඡායාරූප එකතුව මෙම ප්‍රදර්ශනයේ ඇති ඡායාරූප පමණක් වීමයි. තව දුරටත් පැහැදිලි කළොත් හිස් අවකාශය තුළ විදුලි පන්දම් (ටෝච්) එළිය පාදක කරගනිමින් පින්තාරු කළ ඡායාරූප කොටසින් කොටස ගෙන එකට එකතු කර ඡායාරූපය නිර්මාණය කර තිබෙන්නේ. ඒ වගේම ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු විසින්, ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන ප්‍රථම ආලෝක පින්තාරු ඡායාරූප ප්‍රදර්ශනය මෙය වීමයි.
නවීන තාක්‍ෂණය හමුවේ ඡායාරූපකරණයට පහරක් එල්ලවෙලා කිව්වොත්?
ඩිජිටල් හාරහා ෆොටෝග්‍රැෆි නැති වුණා කියලා සමහරු දොස් කියනවා. ඒකට ප්‍රධාන හේතුව වුණේ ෆිල්ම් කැමරාවට පස්‌සේ සම්පූර්ණ ස්‌වයංක්‍රීය කැමරාවේ ආගමනය. ඒකේ ප්‍රතිඵලය තමයි පින්තූර ගොඩක් තියෙනවා. නමුත් ඡායාරූප තියෙන්නේ ටිකයි. ඒ තත්ත්වයට හේතු පාදක වෙලා තියෙන්නේ ඩිජිටල්වල තියෙන ගැජට් හොයනවා ඇරෙන්න ඒකෙන් කරන්න පුළුවන් දේ හොයන්නේ නැහැ.
ලක්‌මිණි අතුකෝරල
http://www.divaina.com/2014/05/30/cineart01.html
බෞද්ධාගම සහ සිංහල ජාතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මකව ඇති බවත් එම කුමන්ත්‍රණය පරදා සිංහල ජාතිය හා බෞද්ධාගම බේරා ගැනීම සඳහා සිංහල ජාතිය එකතු වන්නැයි ඉල්ලමින් ජනතාව දැනුවත් කිරීමේ උද්ඝෝෂණ පා ගමනක් බොදුබල සේනා සංවිධානය මගින් පෙරේදා (28 දා) හවස බදුල්ල නගරයේදී පැවැත්වීය.
බදුල්ල මුතියංගණ විහාරස්‌ථානය අසලට එක්‌වූ බොදු බල සේනා සංවිධානයේ සාමාජික පිරිස පා ගමනින් බදුල්ල නගර මධ්‍යය හරහා ගමන් කර බදුල්ල පළාත් සභාව ඉදිරිපිට ප්‍රධාන බස්‌රථ නැවතුම්පළ අසලට පැමිණ එහිදී ජනතාව දැනුවත් කළහ.
බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්‌වීම පැවැත්වූ අතර මෙම උද්ඝෝෂණ පෙළපාලියට ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි වූහ.
බොදුබල සේනා සංවිධානයේ බදුල්ල දිස්‌ත්‍රික් සංගමය මගින් මෙම උද්ඝෝෂණ පෙළපාලිය සංවිධානය කර තිබිණි.
කරුණාරත්න පල්ලේගම - බණ්‌ඩාරවෙල, බෝගොඩ - රත්නායක
http://www.divaina.com/2014/05/30/news11.html
කෝට්‌ටේ නාග විහාරාධිපති ගරුතර මාදුළුවාවේ සෝභිත නායක ස්‌වාමීන් වහන්සේගේ හැත්තෑ දෙවැනි ජන්ම දිනය ඊයේට යෙදී තිබිණි. මෙම කෙටි සටහන ඒ වෙනුවෙනි.
සෝභිත හිමියන් මෙරට භික්‌ෂු සමාජයෙහි විශේෂයෙන් කැපී පෙනෙන්නට හේතුව උන්වහන්සේ සතු අද්විතීය වාග් චාතුර්යයයි. මෙරට භික්‌ෂු ඉතිහාසයෙහි හමුවන විශිෂ්ටතම කථිකයා වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ය. මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ කථිකත්වය පිළිබඳ විදේශිකයකු වූ හෙන්රි ජීබල් ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි. "උන්වහන්සේගේ කටහඬ සමුද්‍ර ඝෝෂාව බඳුය. රළ නංවයි. ඈතට ඇසෙයි" මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ගෙන් පසු ශ්‍රී ලාංකික භික්‌ෂු වංශයෙහි අද්විතීය කථිකයෝ කීප දෙනෙක් පහළ වූහ. ඒ අතරින් මාදුළුවාවේ සෝභිත හිමියන්ට හිමිවන්නේ ප්‍රමුඛස්‌ථානයකි. සෝභිත හිමියන්ටම අනන්‍ය ගැඹුරු කටහඬ, දේශනා ශෛලිය, උච්චාරණ විලාසය, උන්වහන්සේ අන් සියලු දේශකයන්ගෙන් කැපී පෙනේ.
උන්වහන්සේ ධර්මාසනයේදී සැදැහැවතුන්ගේ නොමඳ සාධුවාද පූර්වක සම්භාවනාවටත්, දේශපාලන වේදිකාවේදී සටන්කාමී දේශප්‍රේමීන්ගේ නොමඳ අත්පොළසන් නාදයටත් එකසේම බඳුන් වෙති.
සෝභිත හිමියන් සිය දේශනවලදී ඉදිරිපත් කරන මනගස්‌කාන්ත උපමා උපමේය අතිශය විචිත්‍රය. ක්‍ෂණිකව මතුවන කවීත්වයෙන් පිරි කියුම් අතිශයින් සියුම්ය. හාස්‍යය, උපහාසය මෙන්ම අර්ථවත් අදහස්‌වලින්ද යුක්‌ත දේශන ශෛලිය නිසා සෝභිත හිමියෝ මෙරට ජන හද වැදගත් ජනකාන්ත භික්‌ෂු චරිතයක් වී තිබේ. පුරා වසර 72 ක ජීවිත කාලය තුළ රට, දැය, සමය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ මේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේට, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය මෙන්ම දිගාසිරිද ප්‍රාර්ථනා කරමු.
- සමුද්‍ර
http://www.divaina.com/2014/05/30/news14.html
Pic
Source
88, 89 කාලයේදී අපේක්‍ෂා නොකළ දේවල් ජවිපෙ අතින් සිදුවීම පිළිබඳව බරපතළ කම්පනයක් සහ කනගාටුවක් තිබෙන බවත් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත.
ජවිපෙ නායකයා මේ දිනවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වන අතරතුර බී බී සී සංදේශය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මේ බව පවසා තිබේ.
එම සමයේදී එජාපය සිය බලලෝභීත්වය වෙනුවෙන් ජනතා විමුක්‌ති පෙරමුණ තහනම් කළ බැවින් තහනම මැද දේශපාලනය කිරීමට යැමේදී සන්නද්ධ අරගලයකට යැමට සිදුවූ බව ඒ මහතා මෙහිදී පවසා ඇත.
අපේක්‍ෂා නොකළ පරිදි එවැනි සන්නද්ධ අරගලයකට යැමට සිදුවීම නිසා අනපේක්‍ෂිත දේවල් සිදුවූ බැවින් ඒ පිළිබඳ ජවිපෙ දැඩි කම්පනයකින් පසුවන බවද හෙතෙම ප්‍රකාශ කර තිබේ.
සිදු නොවිය යුතු දේවල් ජවිපෙ අතින් සිදුවූ බවත් ඒ පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් ජවිපෙ නායකයා පවසා ඇත.
එහිදී ජවිපෙ - සාමාජිකයන් ද විශාල ප්‍රමාණයක් ඝාතනය වූ අතර ඒ පිළිබඳව ශ්‍රී ලනිපයෙන් හෝ එජාපයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම අමනෝඥ ක්‍රියාවක් බවත් ජනතා අධිකරණයකින් ඊට සාධාරණය ඉටු විය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.
අකිත පෙරේරා
http://www.divaina.com/2014/05/30/news07.html
ඉස්‌ලමාබාද්
පාකිස්‌තානයේ සුසාන භූමියක් වෙත යමින් සිටි ඇමරිකානු හෘද රෝග විශේෂඥයකු ඝාතනය කර ඇත.
පන්ජාබ් ප්‍රාන්තයේ රබාවා නගරයේදී යතුරුපැදියකින් පැමිණි ඝාතකයන් දෙදෙනකු මෙම ඝාතනය සිදුකර තිබේ.
මියගිය වෛද්‍යවරයා වේහේදි අල් ඕමාර් යෑයි ඇමරිකානු බලධාරීහු පවසති.
හෘද රෝගීන්ට නොමිලයේ ප්‍රතිකාර කිරීම සඳහා ඔහු පකිස්‌තානයට පැමිණ සිටි බව හෙළිවිය.
http://www.divaina.com/2014/05/30/news06.html
Pic
Source
දේශයේ අනන්‍යතාව සුරකිමින් පරම පවිත්‍ර වූ සිල්වත් බවත් ගුණවත් බවත් පරහිතකාමීත්වය මෙන්ම පරෝපකාරයත් වෙනුවෙන් නිබඳ කැපවීම් සිදුකරන අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියෝ ජාතියේ පුණ්‍යවන්ත දායාදයක් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහ නාහිමියන්ගේ උපන් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
එම පණිවුඩය මෙසේය.
මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ උත්තරීතර මහානායක, මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේගේ 70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.
ඓතිහාසික මාතලේ දිසාවේ කොහොන්සිය පන්තුවේ තිබ්බටුවාව නම් සුන්දර ගම් පියසේදී වර්ෂ 1944 මැයි මස 30 වැනි දාවක ජන්ම ලාභය ලද අපේ මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ, එවකට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමන් විසින් ඉතිහාසයේ ප්‍රථම වරට මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක පදවියට පත් කරනු ලැබූ අති උත්තම තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිතාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවත එන පරම පූජනීය මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ නමකි.
සම්බුද්ධ ශාසනයේ මතු පැවැත්මත්, සරණක් අවැසි සුවහසක් අසරණ මිනිසුන්ගේ හදවත් සදහම් සිසිලසින් පුරවාලීමේ මහා කාරුණික සිතිවිල්ලත් තම ඒකායන අධිෂ්ඨානය කර ගත් අපේ මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ, තම දිවියට දහතුන් වසරක් සපිරෙන දා මල්වතු මහා විහාරීය මංගල උපෝෂථාගාර පුදබිමෙන් සසුන් කෙතට පා තැබූහ.
වර්ෂ 1964 ජුනි මස 10 වැනිදා ශ්‍රේෂ්ඨ "වාහලනාග" නාමයත් සමඟින් උතුම් උපසම්පදා සම්පත්තිය ළඟා කර ගත් අපේ මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ, තමන් වහන්සේගේ ස්‌ථිරසාර වූ ශාසනික පැවිදි මෙහෙවරේ නිම් වළලු වඩ වඩාත් පුළුල් කරමින්, දිවයිනේ සතර දිග් භාගයේ වෙසෙන දනන් සියල්ලන්ගේම හිත සුව පිණිස අරුත්බර දහම් කරුණු කාරණා අවබෝධ කරවාලීමේ මා හැඟි උත්තුංග කර්තව්‍යය ඇරඹීය.
අපරිමිත මුණිගුණ නිබඳව සිත්හි දරා මහත් වීර්යයකින් මෙන්ම දැඩි අධිෂ්ඨානයත් පෙරදැරිව ඇරඹි ඒ ගමන් මඟ ඔස්‌සේ ගමන් ගත් අපේ මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ, එතරම් කලක් ගත වන්නටත් මත්තෙන් හෙළයේ මහා මුදුන් මල්කඩ වන් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ තේවාව භාර නායක ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ වීමේ භාග්‍යය ද හිමි කරගන්නට තරම් මහා වාසනාවන්ත වූයේ ඔබවහන්සේගේ පැවිදි දිවියේ තවත් එක් අමරණීය මං සලකුණක් සනිටුහන් කරවමිනි.
"යො මුඛසඤ්ඤතො භික්‌ඛු - මත්තභාණි අනුද්ධතො
අත්ථං ධම්මං ච දිපෙතී - මධුරං තස්‌ස භාසිතං"
යම් භික්‍ෂුවක් තමන් වහන්සේගේ කට තැන්පත් කරගත්තේ ද, තමන්ගේ පමණ දැන කථා කරයි ද, සන්සුන් සිත් ඇත්තේ ද, එමෙන්ම අර්ථයත්, ධර්මයත් මනාව ප්‍රකාශ කරයි ද, එම භික්‍ෂුවගේ කථා විලාසය මිහිරි වේ යන උතුම් සම්බුදු වදන් පෙළ අපේ මහානායක මහා ස්‌වාමීන්ද්‍රයාණන් වහන්සේ සැබැවින්ම යථාර්ථයක් කළා වූ ආදර්ශවත් මහා තෙර නමකි.
ශාන්ති නායක අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමස්‌ත ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවකින් පෙන්වා වදාළ, සවිඤ්ඤාණක - අවිඤ්ඤාණක වූ සියල්ලෙහිම ඇති අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණය දැන, තථාගතයාණන් වහන්සේ පහදා දුන් ඒ උතුම් වූ සද්ධර්මාවබෝධය ලෝකයාට පසක් කරවීමේ භික්‍ෂුවක් සතු උත්තුංග කාර්යය සැබැවින්ම ඔබවහන්සේගෙන් විරාජමාන වන්නා සේම, ප්‍රශංසනීය ද වේ.
අද දිනයේ ඔබවහන්සේ තම දිවියේ 70 වැනි ජන්ම දිනය මහත් අභිමානයකින් යුතුව සමරන්නා සේම, ඔබවහන්සේගේ පැවිදි දිවියේ ස්‌වර්ණමය අභිෂේකය වූ ස්‌ව නිකායත්‍රයේ මහානායක මහා පදවිය ලබා දස වර්ෂ පූර්ණය ද එළැඹෙන ජුනි මස 21 වැනිදා සපිරීම මහත් භාග්‍යයකි.
දේශයේ අනන්‍යතාවය සුරකිමින්, පරම පවිත්‍ර වූ සිල්වත් බවත්, ගුණවත් බවත්, පරහිතකාමීත්වය මෙන්ම පරෝපකාරයත් වෙනුවෙන් නිබඳ කැපවීම් සමුදායක් ඉෂ්ට සිද්ධ කරන ඔබවහන්සේ, සැබැවින්ම ජාතියේ පුණ්‍යවන්ත දායාදයකි. ඔබ වහන්සේගේ අනභිබවනීය වූ ශාසන මාමකත්වයට මා ඇතුළු සමස්‌ත ජාතියම මේ සුවිශේෂී වූ මොහොතේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබන්නේ, එවන් වූ දීප්තිමත් සඟ මෙහෙවරක් ඉදිරියටත් ඔබවහන්සේගෙන් විද්‍යමාන වනු ඇතැයි යන බලාපොරොත්තු දල්වා ගත් දැසිනි.
තම දිවියෙන් පුරා පණස් හත් වසරක්‌ම ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ම පූජා කළ අපේ අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මහා ස්‌වාමින්ද්‍රයාණන් වහන්සේට, බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ පිහිට ලබා, උතුම් දළදා වහන්සේගේ හා විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අනුහසින්, ශ්‍රී පාදස්‌ථානයේ, අටමස්‌ථානයේ, සොළොස්‌මස්‌ථානයේ පිහිටෙන්, දඹදිව සම්බුදු පා පහස ලද සිද්ධස්‌ථානයන්හි පිහිට හා ආශිර්වාදය ලබා, සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණින්, නිදුක් නීරෝගීව, තවත් චිරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය ඒකාලෝක කිරීමට අවශ්‍ය කායික හා මානසික ශක්‌තිය ලැබේවා· යි මෙත් සිත් පෙරටුව මම ප්‍රාර්ථනා කරමි.
http://www.divaina.com/2014/05/30/news30.html
Pic
Source
සබැඳි ලිපි -
[
තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමි ඡන්ම දිනය අදhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_1750.html
]
මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරාධිපති අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහනායක මහා ස්‌වාමීන් වහන්සේගේ හැත්තෑවන ඡන්ම දිනය අදට (30 වැනිදා) ට යෙදී තිබේ.
මල්වතු පාර්ශ්වයේ මහනායක පදවියට පත්ව ලබන 21 වැනිදාට දස වසරක් සපිරෙන දින මහනායක හිමිපාණන් වෙනුවෙන් පිංකම් රැසක් රටපුරා විහාරස්‌ථාන වලදී පැවැත්වේ.
මාතලේ දිසාවේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාව නම් සුන්දර ගමේදී 1944 මැයි 30 වැනිදා ඡන්මලාභය ලද උන්වහන්සේ මල්වතු පාර්ශ්වයේ මහානායක පදවියට පත්වූ අති උත්තම තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්තාභිධාන මහනායක හිමිපාණන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවැතෙන සංඝ පීතෲවරයෙකි. 1964 ජුනි මස 10 වැනිදා උන්වහන්සේ උපසම්පදාව ලැබූහ.
සිරිල් විමලසුරේන්ද්‍ර
http://www.divaina.com/2014/05/30/news15.html
Pic
Source
නරේන්ද්‍ර මෝදිගේ රාජ්‍ය ඇමැතිවරයකු වූ ජිතේන්ද්‍ර සිං මේ සතියේදී මුල්ම දේශපාලන බෝම්බයක් පුපුරුවා හැරියේය. ඒ ජම්මු කාශ්මීරය විශේෂ ප්‍රාන්තයක් ලෙස ඉන්දීය ව්‍යවස්‌ථාවේ 370 නැමැති තාවකාලික වගන්තිය ඉවත් කිරීම ගැන සාකච්ඡා අරඹන බව පැවසීම ය.
ජම්මු කාශ්මීරය ඉන්දියාවේ ප්‍රාන්තයක් බවද හෙතෙම කියා සිටියේය.
ජම්මු කාශ්මීරයේ උදම්පූර් ආසනයේ භාරතීය ජනතා මන්ත්‍රී වූ ජිතේන්ද්‍ර සිං කළ ප්‍රකාශයට ජම්මු කාශ්මීරයේ මහ ඇමැති ඕමාර් අබ්දුල්ලා දැඩි ලෙස විරෝධය දැක්‌වීය.
ජිතේන්ද්‍ර සිං කළ මේ ප්‍රකාශය නිසා ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂය හා සී. පී. අයි. හෙවත් කොමියුනිස්‌ට් පක්‍ෂයද විරෝධතාවයන් පළ කරනු ලැබීය.
ජම්මු කාශ්මීරයේ ව්‍යවස්‌ථාපිත සභාවේ අවසරය නැතිව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 370 වගන්තිය අහෝසි කළ නොහැකි බවද මහ ඇමැති ඕමාර් අබ්දුල්ලා තවදුරටත් කියා සිටියේය.
මෙයට ප්‍රතිචාර දැක්‌වූ ආර්. එස්. එස්. හෙවත් රාෂ්ටි්‍රය ස්‌වයං සේවා සංවිධානය පැවසූවේ ව්‍යවස්‌ථාවේ අංක 370 වගන්තිය අහෝසි කළත් නැතත් ජම්මු කාශ්මීරය ඉන්දියාවේ කොටසක් බවයි. ජම්මු කාශ්මීරය ඕමාර් අබ්දුල්ලාගේ මව්පියන්ගේ වතුයාය කියා සිතන්නේද යෑයි ආර්. එස්. එස්. සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ ගැන පීපල්ස් ඩිමොක්‍රටික් පක්‍ෂයේ නායිකා මෙහෙබූබා මුප්ටි පැවසූවේ ජිතේන්ද්‍ර සිං ගේ මේ ප්‍රකාශය තුළින් දැඩි අනතුරුදායක තත්ත්වයක් මතු වන බවයි.
මෙම අර්බුදය සමනය කර ගැනීම සඳහා නරේන්ද්‍ර මෝදි මැදිහත් විය යුතු බවද මුප්ටි පළ කළාය.
මෙහි 370 වැනි වගන්තිය යටතේ ආරක්‍ෂක විදේශ කටයුතු, මුදල් සහ සන්නිවේදන කටයුතු හැර අනිකුත් නීතිරීති මහ ඇමැති ඕමාර් අබ්දුල්ලා යටතේ ක්‍රියාත්මක වේ.
මෙකී වගන්තිය මත යුද්ධයක් හෝ විදේශ ආක්‍රමණයක් මත මිස ජම්මු කාශ්මීරයේ හදිසි නීතිය ප්‍රකාශ කළ නොහැකිය. දැන් ජම්මු කාශ්මීරයේ ඇති වී තිබෙන තත්ත්වයම ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයටත් ලබා ගැනීමට මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් උත්සාහ කරයි.
13 වැනි සංශෝධනයෙන් ඔබ්බට ගිය බලතල පවා ඔහු ඉල්ලා සිටියි. ආරක්‍ෂක කටයුතු බලතල ජම්මු කාශ්මීරයට දී නැතත් උතුරට පොලිස් බලතල ඉල්ලා සිටී. එසේම සන්නිවේදන කටයුතුවල බලතල පවා හිමි වී ඇත්තේ නවදිල්ලි රජයටය.
ඉන්දීය නව අගමැති මෝදි මෑතකදී ශ්‍රී ලංකා ජනාධිපති සමග 13 වැනි සංශෝධනය ගැන සාකච්ඡා කළ බව ඉන්දීය මාධ්‍ය කියා සිටී. ජනාධිපති රාජපක්‍ෂ මහතා සමග ඉන්දියාවට ගිය යාපනය නගරාධිපතිනිය පවසන්නේ 13 සංශෝධනයෙන් ඔබ්බට බලතල දිය යුතු යෑයි මෝදි පැවසූ බවයි. එහෙත් ජම්මු කාශ්මීරය ගිනි බෝම්බයකි. එකී ප්‍රාන්තයට ආරක්‍ෂක බලතල දුන්නා නම් දැනටමත් බරපතළ අරගල ආරම්භ වනු ඇත.
ඉන්දීය ව්‍යවස්‌ථාවේ 370 වගන්තිය මත විශේෂ ප්‍රාන්තයක් බවට ජම්මු කාශ්මීරය නම් කිරීමේ ප්‍රතිඵලයට කොන්ග්‍රස් නායිකා සෝනියා ගාන්ධිද මුහුණ පෑවාය.
ඇයට ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් ගුවන් තොටුපළින් එළියට ඒමට මහ ඇමැති ඕමාර් අබ්දුල්ලාගෙන් අවසර ගැනීමට සිදු විය.
එවැනිම තත්ත්වයක් මුම්බායි නගරයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයේදී මතු විය. නවදිල්ලියේ සිට කමාන්ඩෝ භට කණ්‌ඩායමක් මුම්බායි වෙත එවීම සඳහා පැය 6 ක් ගත වූයේ මහ ඇමැති සතු බලතල නිසාය.
මෑතකදී චෙන්නායිහි දුම්රියක බෝම්බ පිපිරීම් සිදුවිය. නවදිල්ලිය පරීක්‍ෂණ කණ්‌ඩායමක් එවීමට උත්සාහ කළත් මහ ඇමැතිනී ජය ලලිතා ඊට ඉඩ දුන්නේ නැත.
මේ පසුබිම මැද ජම්මු කාශ්මීරයට ආරක්‍ෂක බලතල නැත්නම් උතුරු පළාත් සභාවට පොලිස් බලතල දිය යුතුද?
උතුරට 13 වැනි සංශෝධනය ප්‍රකාර පොලිස් බලතල දුන්නොත් සිදුවන්නේ මෙවැනි ක්‍රියාදාමයන්ය.
1.පොලිස් දෙපාර්තමේන්තුව කැබලි ගණනකට කැඩීයාම
2. ත්‍රස්‌තවාදී හෝ වෙනත් අපරාධ ගැන විමර්ශන පැවැත්වීම සඳහා උතුරට යැමට රහස් පොලිසියට නොහැකි වීම.
3. රටේ නායකයන්ට හා හමුදා ප්‍රධානීන්ට පලාලි ගුවන්තොටුපළින් එළියට ඒමට ඉඩ නොලැබීම
4. වර්ධරාජා පෙරුමාල් මෙන් ද්‍රවිඩ පොලිස් ඒකකයක් ආරම්භ කර ගැනීමට මහ ඇමැති විග්නේශ්වරන්ට ඉඩ ලැබීම.
මේ හැර වෙනත් ප්‍රශ්න රැසකට මුහුණ දීමට රජයට හා ආරක්‍ෂක අංශවලට සිදු වනු නියතය.
මෙයට කලකට පෙර ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් හා ඉන්දීය රජයේ බලධාරීන් අතර නවදිල්ලියේදී ඉහල පෙළේ සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසූවේ ප්‍රාන්තවලට පොලිස් බලතල දීමෙන් ඉන්දීය පොලිසිය දැඩි ප්‍රශ්න රැසකට මුහුණ පා ඇති බවයි.
මේ තත්ත්වය මත ජම්මු කාශ්මීරය සම්බන්ධව බරපතළ ප්‍රශ්නයක් ඉන්දීය රජය හමුවේ පවතී. දැනටමත් බලතල පැවරීමකින් තොරව උතුරු පළාත් සභාව රජයටත් හමුදාවටත් එරෙහිව යෝජනා රැසක් සම්මත කරගෙන ඇත.
එසේම ආණ්‌ඩුකාර චන්ද්‍රසිරි ඉවත් කළ යුතු බවද කියා සිටී. මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමටද ක්‍රියාකරනු ලැබීය. මෙය දැඩි අනතුරුදායක පෙරනිමිති බව දැක්‌විය හැකිය.
පෙරේදා (28දා) සවස කිළිනොච්චියේදී ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන් ඇතුළු පිරිසක් හමුදාවට එරෙහිව විරෝධතා පළ කළේය.
ප්‍රභාකරන් විසින් මියගිය ත්‍රස්‌තවාදීන් සමරමින් මහාවිරුදින දේශනය පැවැත්වූ ඉඩම හමුදාවෙන් අත්පත් කර ගැනීම එකී පිරිසගේ අරමුණ විය.
පොලිස් හා ඉඩම් බලතල ඉල්ලන්නේ කුමකට දැයි මෙකී විරෝධතාවලින් සනාථ වේ.
නරේන්ද්‍ර මෝදි රජය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත් වී නැතත් ජම්මු කාශ්මීරයේ තත්ත්වය ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේත් ස්‌ථාපිත කරලීම ද්‍රවිඩ සන්ධානය හා උතුරු පළාත් සභාවේ අරමුණ වී ඇත.
උතුරු පළාත් සභාවේ මහ ඇමැතිවරයා වූ විග්නේෂ්වරන් මෑතකදී පැවසූවේ රජයේ චින්තනය මත කටයුතු කිරීමට පළාත් සභාව ක්‍රියා නොකරන බවයි.
එසේ නම් එකී පළාත් සභාවේ ඉලක්‌කය කුමක්‌ද? ජම්මු කාශ්මීර් මහ ඇමැතිගේ ප්‍රාන්ත රජය කාශ්මීර් ත්‍රස්‌තවාදීන් සැමරීමට ක්‍රියා නොකළත් උතුරු පළාත් සභාව ත්‍රස්‌තයන් සමරා ඇත.
එය රජයට හා හමුදාවට එල්ල වූ අභියෝගයක් පමණක් නොව ඉදිරියේ සිදු වීමට නියමිත සතුරු ක්‍රියාවල පූර්වාදර්ශයක් ලෙස සැලකිය හැකිය.
මැලේසියානු කොටි තිදෙනා අසු වූයේ එවන් පසුබිමක් මතය. එකී කොටින්ගේ ඉලක්‌කයද මෙරට බෙදුම්වාදය යළි නගාසිටුවීම බව සනාථ විය. මේ සිදුවීම් අනාගත අනතුරු ඇඟවීම්ය.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/05/30/feature01.html
Pic
Source
ගම්පොළ සහිරා පාසලේ විදුහල්පතිතුමා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් හටගෙන තිබේ. ආරංචියේ හැටියට පසුගිය වෙසක් උත්සවය නිමිත්තෙන් එම විදුහලේ පැවැති බෞද්ධ වැඩසටහන්වලට එතුමා බාධා කර ඇත. වෙසක් සතිය පුරා රජයේ පාසල්වල වැඩසටහන් පැවැත්වීම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛයක් අනුව සිදු කරනු ලැබේ. සහිරා යනු ඉස්‌ලාමීය නමක් වුවද එනමින් හැඳින්වෙන පාසල පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් නොව රජයේ ජාතික පාසලකි. එම පාසලේ ඉස්‌ලාමීය දරුවන් බහුතරයක් හිටියත් ඇතත් නැතත් ආණ්‌ඩුවේ නියමයට අනුව වෙසක් උත්සවයට අදාළ දාන, ශීල, භාවනා ආදී ක්‍රියාකාරකම් පැවැත්විය යුතුම ය. එසේම මහම්මත්තුමාගේ ශුද්ධෝත්පත්තිය සිහිපත් කෙරෙන ආගමික උත්සවයේදී ඊට අදාළ ක්‍රියාකාරකම් ද කළ යුතු ම ය. නත්තලට කැරොල් උත්සව හෝ දේවමෙහෙයයන් පැවැත්විය යුතුම ය. ආණ්‌ඩුවේ චක්‍රලේඛයට අනුව ක්‍රියා කරන්නට බැරි නම් කළ හැකි දේවල් දෙකක් තිබේ. එයින් පළමුවැන්න අස්‌වී ගෙදර යැම ය. දෙවැන්න තමන්ගේ පෞද්ගලික මුදල් වැය කර ඉස්‌කෝලයක් පටන් ගැනීමය. ඉස්‌කෝලයක් පටන් ගැනීම යනු ඉතා පහසු දෙයකි. කිසියම් නමක් සොයා එයට ඉන්ටර්නැෂනල් ස්‌කූල් යන්න එකතු කර සමාගම් ලියාපදිංචි කරන ආයතනයේ හෝ පළාත් සභාවේ ලියාපදිංචි කර ඉස්‌කෝලයක් පටන් ගත හැකි අතර එබඳු ඉස්‌කෝල ඕනෑ තරම් මේ රටේ තිබේ. ඉස්‌කෝලය අයිතිකාරයාගේ ජාතික හැඳුනුම්පතත්, ව්‍යාපාරයේ පිහිටීම ඔප්පු කෙරෙන ග්‍රාමසේවක සහතිකයත් හැර වෙනත් කිසිවක් මේ ජාවාරමට අවශ්‍ය වන්නේ ද, ඒ වූ කලී පෙර කී මූලික කටයුතුවලට අවශ්‍ය මුදල් පමණි. මෙසේ කටයුතු කරන ලෙස සහිරා පාසලේ විදුහල්පතිගෙන් ද ඉල්ලා සිටිනු ලැබේ. ඉස්‌කෝලයක් පටන් ගැනීමට ඔහුට තැනක් නැත්නම් සති අන්ත පත්තරවල ලුහුඬු දැන්වීම් තීරුවේ ඇති ඉඩකඩම් විකිණීමට කොටස බලා ඉඩමක් මිලට ගැනීමට හැකි බව වැඩිදුරටත් කියමු.
වෙසක් සතිය නිමිති කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ තිබෙන චක්‍රලේඛයෙහි සඳහන් වන පරිදි අදාළ වැඩසටහන් සියල්ලම විදුහල්පතිවරයාගේ මූලිකත්වයෙන් කළ යුතුය. මෙය එතරම් ප්‍රායෝගික නැත. විදුහල්පති ඉස්‌ලාම් භක්‌තිකයෙක් නම් චක්‍ර ලේඛ එකක් නොව එක උඩ එක හතක් ආවත් පෙර කී නියෝගය ක්‍රියාත්මක කළ නො හැක. මන්ද ඉස්‌ලාම් භක්‌තියේ තිබෙන දැඩි නීති රීතිවලට අනුව එවැන්නකට ඉඩ නැත. සෞදි අරාබිය, පාකිස්‌තානය වැනි රටක මෙවැන්නක් කර හසු වනවාට වඩා පණ පිටින් අපාගත වීම ලෙහෙසි ය. එහෙත් වෙසක් වැඩසටහනක් හෝ කතෝලික නැත්නම් හින්දු ආගමික වැඩසටහනක් හෝ ක්‍රියාත්මක කිරීම නැවැත්වීමට විදුහල්පතිට අයිතියක් නැත. මෙන්න මෙවැනි වැඩ කරන විදුහල්පතිලා, පණ පිටින්ම අපායට ඇරලවීමට අපට වුව සිත් දෙන්නේ ය.
ගම්පොළ සහිරා විදුහලේ විදුහල්පතිතුමා ස්‌ථර වශයෙන් ම අබෞද්ධ ගුරුවරයෙක් විය යුතු ය. ඔහු සිංහල බෞද්ධයන් සහ මුස්‌ලිම් සහෝදරයන් අතර පවතින ඉපැරැණි සහෝදර බන්ධනය විනාශ කිරීමට තලේබාන්, අල්කයිඩා, බොකෝහරාම් වැනි සංවිධානවලින් කොන්ත්‍රාත්තුවක් ගත් කෙනෙක්‌ද? මෙය සැකයක් පමණි. සහිරා විදුහල්පති එවැනි කොන්ත්‍රාත්තුවක් ගෙන නැත්නම් ඒ සම්බන්ධයෙන් පවතින අපගේ සැකය පවා ඉල්ලා අස්‌කර ගනු ලැබේ. එහෙත් ඔහු එවැනි කොන්ත්‍රාත්තුවක් ගෙන ඇත්නම් අප මෙතැන් සිට ඔහු පසු පස ය.
http://www.divaina.com/2014/05/29/editor.html
Pic
Source
සබැඳි ලිපි -
[
චක්‍රලේඛ අදාළ නැහැ | 'හාමුදුරුවරු මේ පැත්ත පළාතේ ගේන්න එපා. බෞද්ධ සැරසිලි හා බෞද්ධ කොඩි දාන්න එපා' - ගම්පොල සහිරා අන්තවාදී මුසලු විදුහල්පති | බෞද්ධ ගුරුවරු 62ක් මාරුවීම් ඉල්ලති
http://denethharinna.blogspot.com/2014/05/62.html
බියවැද්දීම් නතර කරනු..! ගම්පොළ බෞද්ධයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරනු..!! - ජාතික හෙළ උරුමයhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_22.html
]
කිනියාවේ නයිරෝබි නුවර සාප්පු සංකීර්ණයට ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමට සම්බන්ධ සමන්තා ලෙවින්වේට් නමැත්තිය සෝමාලියාවේ ෂබාබ් ත්‍රස්‌ත කණ්‌ඩායමේ නායක හසන් මාලිම් සමග විවාහ වී ඇත.
ඇගේ ආරක්‍ෂාවට මරාගෙන මැරෙන ත්‍රස්‌තයන් පිරිසක් යොදවා ඇතැයි වාර්තා වේ.
සමන්තා ලෙවින්වේට් රටවල් 200 කට අවශ්‍ය ත්‍රස්‌තවාදී නායිකාවකි.
ඇය බ්‍රිතාන්‍යයේ පදිංචිකාරියකි.
http://www.divaina.com/2014/05/29/forign02.html
පාකිස්තානයේ ලාහෝර් නුවර මහාධිකරණ ගොඩනැගිල්ල අසලදී පවුලේ සාමාජිකයන් විසින් ගැබිණි කාන්තාවකට පහර දී මරා දමා තිබේ.
මරණයට පත් කාන්තාව පවුලේ අවසරයෙන් තොර විවාහයක් කර ගත් බවට ඇයගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කරති.
නඩු විභාගයට සහභාගි වීම පිණිස මිය ගිය කාන්තාව අධිකරණ ගොඩනැගිල්ලට ඇතුළු වන විට ඇයගේ පියා ඇතුළු පවුලේ සාමාජිකයන් ඇය අල්ලා ගෙන ගොස් ගඩොල් සහ පොලුවලින් හිසට පහර දී ඇති බව පොලිසිය පවසයි.
කාන්තාව මරා දැමීමෙන් අනතුරුව ඇයගේ පියා හැර සෙසු සැකකරුවන් සියල්ල පැන ගොස් තිබේ.
පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශවල කාන්තාවන් සිය කැමැත්ත මත ස්වාමිපුරුෂයකු සොයා ගැනීම සංස්කෘතියට පටහැණි ක්‍රියාවක් සේ සලකන බව බීබීසී වාර්තාකරු පවසයි.
- BBC
http://lankacnews.com/sinhala/foreign-news/116405/
Pic
Source
May 28, 2014
සිංහල ජාතිය වඳවී යැමේ තර්ජනයකට මුහුණදී සිටිනවා. එදා බටහිර ගැති අදූරදර්ශී පාලකයන් විසින් සමාජගත කරන ලද පුංචි පවුල රත්තරන් වැනි සංකල්ප නිසයි මෙම තත්ත්වය උද්ගතවී ඇත්තේ මෙය සම්බුද්ධ ශාසනයටත් දැඩිලෙස බලපා තිබෙනවා. භික්‍ෂුන් වහන්සේ නොමැතිකම නිසා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ පමණක් විහාරස්‌ථාන හාර සියයක් පමණ අද වැසී ගොස් තිබෙනවා.
ඉබ්බාගමුව ශාසනාරක්‍ෂක ප්‍රාදේශීය බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරි ගනේගොඩ සීලානන්ද හිමියෝ එසේ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ ඉබ්බාගමුව, නැෂනල්වත්ත ශ්‍රී පඤඤාසාර දහම් පාසලේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවයේදීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්‌වූ සීලානන්ද හිමියෝ මෙසේද පැවසූහ.
යහගුණපිරි යහපත් පුරවැසියන් බිහිකරන එකම ස්‌ථානය දහම් පාසලයි. එහෙත් අවාසනාවකට මෙන් අපේ බොහෝ දෙමාපියන් මෙම තත්ත්වය තේරුම්ගෙන නැහැ. ඉරිදා දිනයේත් උපකාරක පංති පැවැත්වීම දහම් පාසලට මහත් තර්ජනයක් තම දරුවා දහම් පාසලට එවනවාට වඩා උපකාරක පංතියට යෑවීමට බොහෝ දෙමාපියන් පෙළැඹී සිටිනවා. ඉරිදා දිනයේදී උපකාරක පංති නතර කිරීම සඳහා අප දැනට කටයුතු කරගෙන යනවා. එය පළාත් සභාව හරහා නීති මගින් කළ යුතු දෙයක්.
අද තාත්තා දුව හඳුනන්නේ නැහැ. අයියා නංගී හදුනන්නේ නැහැ. ඒ තරමට සමාජයේ සාරධර්ම පිරිහිලා. අද දරුවෙකුට බනින්න බැහැ. ගහන්න බැහැ. ඒ තරමටම දෙමාපියන් හා දරුවන් අතර බැඳීම දුරස්‌වෙලා.
නැෂනල්වත්ත ශ්‍රී පඤඤාසාර දහම් පාසලේ අධිපති, ශ්‍රී බෝධිමළු විහාරාධිපති මුල්ලේගම සුමනවංස හිමි සහ ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමිත් වීරසිංහ මහතාද මෙහිදී අදහස් දැක්‌වූහ.
ගොකරැල්ල - රණවීර මනුකුලසූරිය
http://www.divaina.com/2014/05/28/provin03.html
Pic
Source
May 28, 2014
ඉකුත් සතියේ ඉරිදා දිනෙක විශේෂ බස් රථයකින් ජපන් තරුණ කාන්තාවන් විශාල පිරිසක් හපුතලේ ඉරිදා පොළට පැමිණියෝය.
මේ අය අත සටහන් පොත්ද තිබුණු අතර ඉරිදා පොළ පිටිය පුරා ඇවිද දර්ශන ඡායාරූපගත කරමින් වෙළෙදුන්ගෙන් එළවළුවල මිල ගණන් විමසන්නට විය.
මෙහිදී ගමේ ගොඩේ සිට එන මැදිමහළු වෙළෙඳුන් කාටත් අලෙවි කරන එළවළු, පලතුරු මිල ඔවුන්ට පවසන ලදී.
ඔවුන් ඉතා සතුටින් ඒවා සටහන් කරගෙන ඇත. මෙම වෙළෙඳුන් වර්ෂාවට අටවාගෙන තිබුණ කූඩාරම්ද ජපන් කාන්තාවන් විසින් චිත්‍ර මගින් සටහන් කර ගත්තාය.
මෙසේ මිල ගණන් අසමින් ඇවිද ගිය තවත් ජපන් කාන්තාවක් දෙමළ තරුණයකුගෙන් ද, මුස්‌ලිම් තරුණයකුගෙන්ද තොරතුරු විමසුවාය.
මෙහිදී මුස්‌ලිම් තරුණයා සිතුවේ තමන්ගේ එළවළු ටික මේ අවස්‌ථාවේ දී වැඩිම මිලකට අලෙවි කර ගැනීමට හැකි වෙතැයි යනුවෙනි.
බෝංචි කිලෝ එකක් කීයද රු. 250.00 යි මුස්‌ලිම් තරුණයා ඉංගී්‍රසියෙන්ම කීය.
එවිට ජපන් තරුණිය ගොත ගසමින් හැම තැනම රු. 100.00 යි ඔයාගේ බෝංචිවල විශේෂය මොකක්‌ද කියා ඇසුවාය.
මුස්‌ලිම් තරුණයා මුහුණ රතුකරගෙන නිහඬ වූවේය. අවට සිටි වෙළෙඳුන් මේ තරුණයාට හොඳට බැන්නේ විදේශිකයන් මුලාකර වෙළෙඳාම් කරන්න යැම හොඳ නැති බව කියමිනි. මින් ඉදිරියට මෙවැනි පහත් වැඩ නොකරන මෙන් ඔහුට වෙළෙදුන් විසින් අවවාද කරනු ලැබීය.
හල්දුම්මුල්ල - එස්. සෙනෙවිරත්න
http://www.divaina.com/2014/05/28/provin07.html
Pic
Source