Pages

Monday, May 26, 2014

ග‍්‍රෑන්ඞ්පාස් පල්ලිය සංවර්ධන කටයුතු ඉක්මනින් අවසන් කරනවා - නි.ඇමති මුස්තෆා

පසුගිය වසරේ කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියක් සම්බන්ධයෙන් ඇතිවු ගැටථවකට තිරසාර විසදුමක් ලබාදිමට ආගමික කි‍්‍රයා කරකම් වලට අදාල පැමිනිලි සහ ක‍්‍රියාකරකම් වලට සම්බන්ධ කටයුතු කිරීමේ විශේෂ ඒකකය බාරව සිටින බස්නාහිර පළාත් ජේෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ ආයෝජන ප‍්‍රවර්ධන නියොජ්‍ය අමාත්‍ය සහ මැද කොළඹ ශ‍්‍රී ලංකා නිදිහස් පක්ෂ සංවිධායක ෆයිසර් මුස්තෆා මැතිතුමා අද ස්වර්නචෛත්‍ය පාරේ මෝලවත්ත ජනතාව සහ එම ප‍්‍රදේශයේ පංසල් වල නායක ස්වාමින් වහන්සේලා සමග සාකච්චාවක නිරත විය

එහිදි අමාත්‍යවරයා කියා සිටියේ මෝලවත්ත පල්ලියේ සංවර්ධන කටයුතු හැකි ඉක්මනින් අවසන් කරන බවත්, එම කටයුතු සාර්තක කර ගැනීම සදහා ප‍්‍රදේශයේ පංසල් වල නායක ස්වාමින් වහන්සේලා සහ ජනතාවගේ පූර්ණ සහයෝගය ලැබෙන බවයි.

එහිදි අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති තුමා ප‍්‍රකාශකලේ මේ ප‍්‍රතිසංස්කරනය කරනු ලබන පල්ලිය කිසිසේත් වෙනත් ස්ථානයකට රැගෙන නොයන බවත් මුස්ලිම් ජනතාවට තමන්ගේ ආගම ඇදහීමට අවශ්‍ය සියළුම පහසුකම් මේ ප‍්‍රතිසංස්කරනය කිරීම තුලින් ලැබෙන බවත්ය.

තව දුරටත් අදහස් දැක්වු අමාත්‍ය වරයා ප‍්‍රකාශ කලේ මෙහිදී ජනතාව තමා වෙත තබා ඇති විස්වාසය කිසිසේත් අඩුවීමට ඉඩ නොතබන බවත් ජාති අගම් බේද දුරලා සියළු දෙනා එකමුතුවෙන් කටයුතු කරන ලෙසත්ය.

http://lankacnews.com/sinhala/news/116263/

1 comments:

Anonymous said...

KONDA pananethi nayakayo ididdi ape rata vinashai ............