Pages

Sunday, May 11, 2014

ඇමැතිගේ බලයට නීතිය යටව සිදුකරන නවතම මහා වන විනාශය - මන්නාරමෙනුත් ඇවිලෙන විල්පත්තුවේ ගින්න

සිතාසි භාර දුන්නත් උසාවි එන්නේ නෑ... 
ඇමැතිගේ බලයට නීතිය යටයි...
වන සංරක්‍ෂණයේ ඉහළ නිලධාරිනුත් කොල්ලයට හවුල්...

රටේ බොහෝ දෙනකු විල්පත්තු අභය භූමිය ගැන කතා කරති. ඒ මේ දිනවල එම අභය භූමියට පැමිණ සිටින අලුත්ම මාදිලියේ නව ආරක සතුන් පිළිබඳව නොවේ. විල්පත්තු අභය භූමියට අයත් ඉඩම් අක්‌කර සිය ගණනක්‌ ඩෝසර්වලට යටවෙමින් තැන තැන හතු පිපෙන්නාක්‌ මෙන් ඉදිවන නිවාස ව්‍යාපෘතියක්‌ පිළිබඳවය.

ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල, දෙමළ, මුස්‌ලිම් හා බර්ගර් යන ජාතීන් මතු නොව මෑතකදී ලාංකිකභාවය ලබාගෙන ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත් වන කවර හෝ ජනකොටසක්‌ වේවා ඔවුහු අපේ සහෝදරයෝ ය. එහෙත් සහෝදරයකු වුවද මේ රටේ සම්පත් කාබාසිනියා කරමින් තනිවම භුක්‌ති විඳීමට සූදානම් වීම උත්සාහ කිරීම සදාචාරාත්මක නැත.

දකුණේ බොහෝ පිරිස්‌ විල්පත්තු අභය භූමියට සිදුවන විනාශය ගැන කතා කිරීමට ඉදිරිපත් වීම ඉතා සතුටට කරුණකි. විල්පත්තු කැලය මෙන්ම අභය භූමිය ඉතා සුළු පටු භූමියක්‌ නොවේ. එහි අනෙක්‌ කෙළවර අවසන් වන්නේ මන්නාරම දිස්‌ත්‍රික්‌කයෙනි. අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට ද පුත්තලම් දිස්‌ත්‍රික්‌කයට ද මන්නාරම දිස්‌ත්‍රික්‌කයට ද මායිම්ව පිහිටන විල්පත්තු අභය භූමියට දැන් සතුරෝ පැති දෙකකින් ඇතුළු වී සිටිති.

පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ එක්‌ පැත්තකින් විල්පත්තු අභය භූමියට පිවිස මුස්‌ලිම් ජනාවාස ඇතිකර ගනිමින් පිරිසක්‌ අභය භූමිය විනාශ කරද්දී තවත් පිරිසක්‌ මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ මරිච්චිකට්‌ටු පළාතෙන් විල්පත්තු අභය භූමියට ඇතුළු වී තවත් ජනාවාස පෙළක්‌ ඇතිකර ගනිමින් සිටිති.

මන්නාරමේ මරිච්චිකට්‌ටු ගම්මානය ආශ්‍රිතව මේ වන විට නිවාස 46 ක්‌ ඉදිකොට අවසන්ව ඇති අතර තවත් නිවාස සියයකට ආසන්න සංඛ්‍යාවක්‌ ඉදිකිරීමට තැනින් තැන අවශ්‍ය කළමනා සකස්‌ වෙමින් පවතී.

මන්නාරමේ මරිච්චිකට්‌ටු පළාතේ මෙසේ අනවසරයෙන් ඉදිකිරීම් කරගෙන යන පවුල් දහයක්‌ අත්අඩංගුවට ගෙන ඔවුන්ව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට වන සංරක්‍ෂණ නිලධාරීන් පිරිසක්‌ සමත් වී සිටිති. මේ සියලුම වැසියන් මුස්‌ලිම් වැසියෝ ය. එහෙත් අධිකරණය මගින් නිසි ලෙස සිතාසි යවන ලද දස දෙනාගෙන් අධිකරණයට ඉදිරිපත් වී සිටියේ හතරදෙනකු පමණි. ඔවුන්ගෙන් එක්‌ අයෙකුට රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප නියම කළ මන්නාරම දිසා විනිසුරුවරයා මැයි මස විසි දෙවැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට ද නියෝග කළේය.

නඩු වෙනුවෙන් සිතාසි ලද නමුත් අධිකරණය වෙත නොපැමිණි ඉතිරි මුස්‌ලිම් වැසියන් හයදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ ඔවුන් විදේශ රටවල පදිංචි වී සිටින බවයි. නමුත් සිතාසි භාර දෙන ලද අවස්‌ථාවේදී ඔවුන්ගේ නමට වූ සිතාසි භාරදීමට පිස්‌කල් නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ. ඒ අනුව බලන විට ඔවුන්ට අධිකරණය මඟහැර සිටීමට තරම් බලයක්‌ කවරෙකුගෙන් හෝ ලැබී තිබේ.

මන්නාරම අධිකරණයට ගල්ගැසීමට තරම් වූ අදිසි බලයක්‌ මන්නාරමේ මුස්‌ලිම් වැසියන් සතුව තිබූ වකවානුවක මේ රටේ කැබිනට්‌ අමාත්‍යවරයෙකුට දුරකතනයෙන් විනිසුරුවරයාට තර්ජනය කොට නඩු තීන්දුව වෙනස්‌ කරණ මෙන් බලකිරීමටද අයිතියක්‌ තිබිණි. එවැනි අදිසි බලයක්‌ ක්‍රියාත්මක වන වටපිටාවක්‌ මත මුස්‌ලිම් වැසියන් හය දෙනෙකු මන්නාරම අධිකරණයට නොපැමිණ සිටීමට අවකාශ ඇතැයි කීම තුළ කිසිදු වරදක්‌ නොමැත.

මන්නාරම අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිඥයා ප්‍රකාශ කළ දේ සත්‍යයක්‌ නම් විල්පත්තු අභය භූමිය මන්නාරම ප්‍රදේශයෙන් විනාශ කරන පිරිස පිළිබඳව තවත් අලුත් මතවාදයක්‌ ද ගොඩ නැගෙමින් පවතී. සිතාසි ලද පිරිස සිටින්නේ විදේශ රටක පදිංචි වී නම් මන්නාරමේ මරිච්චිකට්‌ටු ප්‍රදේශයේ ඉඩම් ලබාදීමත් නිවාස ඉදිකිරීම සිදුවන්නේත් මේ රටේ පදිංචිව සිටින මුස්‌ලිම් වැසියන් වෙනුවෙන් නොව, විදේශ රටවල සිටින මුස්‌ලිම් වැසියන් වෙනුවෙන් බව ඉතා පැහැදිලිය.

මේ කතාවේ සත්‍යතාව පැහැදිලි කර ගැනීමට තවත් සැකයක්‌ මතුවෙමින් පවතී. එනම් මේ විල්පත්තු අභය භූමිය තුළ මුස්‌ලිම් ජනාවාස ඉදිකිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කරනු ලබන මුස්‌ලිම් අමාත්‍යවරයාගේ පෞද්ගලික ගිණුමකට මුස්‌ලිම් රටකින් රුපියල් කෝටි 47 කට ආසන්න මුදලක්‌ බැර වී තිබීමයි. යුද්ධයෙන් පීඩාවට පත් මුස්‌ලිම් වැසියන්ට නිවාස ඉදිකර දීම පිණිස මෙතරම් විශාල මුදලක්‌ විදේශීය රටක ක්‍රියාත්මක මුස්‌ලිම් සංවිධාන විසින් එවා ඇත්තේ එම මුදල ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා රජයට නොව කෙළින්ම මුස්‌ලිම් ජනාවාස ඇති කරනු ලබන අමාත්‍යවරයාටය. මේ අමාත්‍යවරයාට මුස්‌ලිම් රටකින් මෙතරම් විශාල මුදල් සම්භාරයක්‌ ලැබීම පිළිබඳව අපේ රටේ කැබිනට්‌ මණ්‌ඩලයේදී පවා කරුණු සාකච්ඡා වී ඇතත්, ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක්‌ හෝ අදාළ අමාත්‍යවරයා පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව මෙතෙක්‌ කිසිදු කතිකාවතක්‌ අති වී නොමැත.

නමුත් මන්නාරමේ මරිච්චිකට්‌ටු ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් කළ මුස්‌ලිම් පිරිසක්‌ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද වනජීවී නිලධාරීන් පිරිසකට නම් මේ වන විට විවිධ තර්ජන එල්ල වෙමින් පවතී. ඇතමෙකු මේ වනජීවී නිලධාරීන් පිරිස මාරු කොට යෑවීමට වෙහෙසෙද්දී තවත් පිරිසක්‌ ඔවුන්ට විවිධ අන්දමේ තර්ජන එල්ල කරමින් ඔවුන්ව බිය වද්දති. මෙහි ඇති ඉතාම කනගාටුදායක තත්ත්වය වන්නේ වනය ආරක්‍ෂා කිරීමට ප්‍රතිඥා දී එහි වගකීම භාරගෙන සිටින අමාත්‍යවරයා ඇතුළු සෙසු ඉහළ පෙළේ නිලධාරීන් ද ටොකු ඇනීමට පටන් ගෙන ඇත්තේ විල්පත්තු අභය භූමියේ මන්නාරම ප්‍රදේශයෙන් ජනාවාස ඉදිකළ පිරිසට නොව ඔවුන්ව අල්ලා අධිකරණයට ඉදිරිපත් කළ වන සංරක්‍ෂණ නිලධාරීන් වෙත වීමය. ඔවුන් ඉතා අවංකව හා කැපවීමකින් යුතුව කටයුතු කළත් දැන් ඔවුන් අයත් ඉහළ නිලධාරීන් තොණ්‌ඩුව දමන්නට උත්සාහ කරන්නේ ද එම නිලධාරීන්ට ය.

මන්නාරමේ මරිච්චිකට්‌ටු පළාතේ සිදුවන දේ පිළිබඳව තොරතුරු විමසීමේදී එක්‌ නිලධාරියෙකු කියා සිටියේ මේ පළාත තුළ අනවසර ඉදිකිරීම් දවසින් දවස වැඩිවෙමින් පවතින බවය.

අපිට තොරතුරු ලැබෙනවා ඔන්න දැන් ගෙවල් හදනවා. කැලේ කපනවා කියලා. නමුත් අපි වැටලීම් වලට යනකොට ඒ අය එතන නෑ. අපිට කෙළින්ම වැටලීම් වලට යන්න බෑ. ඉහළට දැනුම් දීලා අවසර අරගෙන තමයි අපි යන්න ඕනේ. අපි එහෙම යනකොට ඒ අයට අපි එනවා කියලා තොරතුරු ලැබිලා ඒ අය පැනලා ගිහිල්ලා. මේ දවස්‌ ටිකට අලුත් ඉදිකිරීම් 46 ක්‌ අපිට වාර්තා වෙලා තියෙනවා. අපි යනකොට තියෙන්නේ ගේ විතරයි. කවුරුවත් නෑ. මේක හරිම අවාසනාවන්ත තත්ත්වයක්‌.

එම නිලධාරියා මේ තත්ත්වය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්‌ ලෙස දුටුවද අපේ රටේ හැටියට එය අවාසනාවන්ත සිද්ධියක්‌ නොවේ. උඩවලව ඇත් අතුරු සෙවණට කඩාවැදී අලි පැටවකු හොරකම් කිරීමට තරම් අවස්‌ථාවක්‌ අපේ රටේ ඇත්නම් මන්නාරම කැලේ අනවසරයෙන් පැල්පතක්‌ ඉදිකිරීම යනු අර වෙහෙර වහන්සේ ගිලපු එකාට අග්ගලා ගෙඩියක්‌ ගිලීම' එතරම් අපහසු නැතැ යෑයි පැරණි ප්‍රස්‌තාව පිරුළ යළි සිහිපත් කිරීම පමණකි.

අලි පැටවකු යනු ඉඳිකට්‌ටක්‌ තරම් වූ පුංචි දෙයක්‌ නොවේ. පැටියෙකු වුවත් ඌ අලි පැටියෙකි. අලි පැටවෙකු හොරකම් කිරීමට පැමිණි පිරිස රැගෙන ආ වාහන පවා දමා ගොස්‌ තිබියදී ඒ හොරු පිරිස අත්අඩංගුවට ගැනීමට නොහැකි අපේ රටේ විල්පත්තු අභයභූමියම විනාශ වුවත් එය විනාශ කරපු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේ යෑයි සිතීම මහා අනුවණ ක්‍රියාවකි. මෝඩ කමකි. මෙවැනි දේ ලියන්නට පවා අදහස්‌ පහළ වීම එක්‌ පැත්තකින් විශාල අනුවණ කමකි. අපි පුරුද්දට මෙන් එම අනුවණකම හැමදාම කරමින් හිඳිමු.

දිනසේන රතුගමගේ
http://www.divaina.com/2014/05/11/feature01.html

Pic Source

සබැඳි ලිපි - 
[යුද්දෙත් ඉවරයි සන්නාර් රක්‍ෂිතයත් ඉවරයි. මුසලු ව්‍යාප්තවාදයේ නැවතුම කොතැනද?http://denethharinna.blogspot.com/2014/05/blog-post_7519.htmlවිල්පත්තුවෙන් පත්තු වූ රක්‍ෂිත වන විනාශයhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_3649.htmlවිල්පත්තු මුසලු ආක්‍රමණය - බලන් කඩතුරා හැර දෑසේ!http://denethharinna.blogspot.com/2014/04/blog-post_2205.htmlවිල්පත්තුවෙන් යන්න ඕන්නම් අක්කර 40ක් දෙන්නhttp://denethharinna.blogspot.com/2014/04/40.htmlඔබටත් ඉඩමක් ඕනෑනම්, රජයේ ඉඩමක බලෙන් පදිංචි වෙන්න! විල්පත්තු අනවසර පදිංචිකරුවන්ට මරිච්චිකට්‌ටුවෙන් අක්‌කර 50 ක්‌http://denethharinna.blogspot.com/2014/04/50.htmlවිල්පත්තුවේ තාවකාලික නිවාස 73ක්! මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ පිරිස පැටලේ. ගොලුවේ. පරස්පර කතා රැසක්! බද්යුදීන් පසුබසී...http://denethharinna.blogspot.com/2014/04/73.html
නැහැ කිව් අනවසර ඉඳි කිරීම් දැන් අනවසර වෙලා! අධිකරණ නියෝග ලද විගස විල්පත්තු අනවසර පදිංචි කරුවන් ඉවත් කරනවා - වන ඇමැතිhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_9313.htmlවිල්පත්තු සංහාරය - HOUSING COMPLEX - WILPATTU NATIONAL PARKhttp://denethharinna.blogspot.com/2014/04/housing-complex-wilpattu-national-park.htmlපාකිස්තානුවන් ආනයනය කර විල්පත්තුවේ පදිංචි කිරීමට බදුර්දීන් සුදානම්http://denethharinna.blogspot.com/2014/04/blog-post_7213.html
විල්පත්තුව පත්තුකරන දේශපාලන ඉඩම් හොරුhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_4994.html
අන්තවාදයෙන් මුසපත් වී උරුමය වැනසීම නොහොත් විල්පත්තුවේ ඉඩම් කොල්ලයhttp://denethharinna.blogspot.com/2014/03/blog-post_7055.htmlවසර 30000 ට එහා ඉපැරැණි ශිෂ්ටාචාර නෂ්ඨාවශේෂ වනසමින් ඇමැතිට හිතවත් පවුල් 150ක්‌ විල්පත්තුවේ බලෙන් පදිංචි වෙති. ඇමැතිවරයාගෙන් කෑම බීම!http://denethharinna.blogspot.com/2014/03/30000-150.htmlමුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලිමුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!http://denethharinna.blogspot.com/2014/01/blog-post_2967.htmlමුසලුවන්ට දහස් ගනණ් රජයේ සශ්‍රීක වන ඉඩම්. සිහලුන්ට අයිතිව තිබූ ඉඩම්වත් නැහැ. පාලකයෝ නිදි.http://denethharinna.blogspot.com/2013/08/blog-post_8346.html
සිහළුන්ගේ හිමි ඉඩම් අයිතිය නොදෙනා... රජයේ ඉඩම් ලක්ෂ ගණනින් මුසලුවන්ට බෙදනා...
http://denethharinna.blogspot.com/2013/04/blog-post_6041.html
උතුරෙන් මුසලුවන්ට අක්කර 1500ක්. පන්නා දැමූ සිහලුන්ට බිම් අඟලක් නැහැ.
http://denethharinna.blogspot.com/2013/04/1500.html
රිෂාඞ් බදුර්දීන්ගෙන් මුසළුවන්ට පමණක්‌ වෙන් වූ කලාප උතුර - නැගෙනහිර
http://denethharinna.blogspot.com/2013/03/blog-post_12.html
මුලතිව් රක්ෂිතයෙනුත් අක්කර 1300ක් බිලි
http://denethharinna.blogspot.com/2013/03/1300.html
මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමට රිෂාඞ් බදුර්දීන් වන සංහාරයක
http://denethharinna.blogspot.com/2013/03/blog-post_6737.html
මන්නාරමේ අවතැන්වූ සිංහලයන් 8170 න් පදිංචිකරවා ඇත්තේ 847 පමණයි
http://denethharinna.blogspot.com/2013/04/8170-847.html
උතුරේ රජයේ ඉඩම්වල කොටි පවුල් පදිංචි කරවලා
http://denethharinna.blogspot.com/2013/04/blog-post_16.html
]

0 comments: