Pages

Friday, May 16, 2014

මන්චී ජාතික ශූරතා වොලිබෝල් සුපර්ලීග් අවසන් සටන් හෙට

ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ සංවිධානයෙන් සහ සිලෝන් බිස්‌කට්‌ සමාගමේ අනුග්‍රහයෙන් කණ්‌ඩායම් 3407ක සහභාගීත්වයක්‌ ලැබූ මන්චී ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් අංශයේ අවසන් මහා තරග හෙට (17වැනිදා) මහරගම තරුණසේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

කණ්‌ඩායම් 16 ක්‌ තරග වැදුණු සුපර් ලීග් තරගාවලියේ අද පස්‌වරු 1ට යෙදී ඇති කාන්තා ශූරතාව සඳහා වන තරගයට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ කණ්‌ඩායම සුදුසුකම් ලබා සිටිති.

ඉන් අනතුරුව පැවැත්වීමට නියමිත සුපර්ලීග් පිරිමි අවසන් මහා තරගයට යුද හමුදාව සහ වරාය අධිකාරිය තරග වදිති. 

ගියවර මන්චී සුපර් ලීග් වොලිබොල් ශූරතා කාන්තා අවසන් මහා තරගයද විදේශ සේවා සහ ගුවන් හමුදාව අතරේ පැවැති අතර ඉකුත් වසරේ ගිලිහී ගිය ශූරතාව දිනාගැනීමේ අභියෝගය විදේශ සේවා කණ්‌ඩායම සතුවද, තවත් වසරක්‌ සඳහා ශූරතාව රැකගැනීමේ අභියෝගය ගුවන් හමුදාව සතුව තිබියදී හෙට තරගය ඇරඹෙනු ඇත. සුපර් ලීග් කතිර ක්‍රමයට පැවැත්වෙන තරග හෙවත් අවසන් පූර්ව මට්‌ටමේ තරගවලදී වරාය අධිකාරිය පරාජයට පත්කරමින් විදේශ සේවා කණ්‌ඩායමද නාවික හමුදාව පරාජයට පත්කරමින් ගුවන් හමුදාවද අවසන් මහා තරග වරම් ලැබීය. මෙවර සුපර්ලීග් තරගාවලියේදී මෙම කණ්‌ඩායම් දෙක මුණ නොගැසුණු බැවින් මෙවර ඔවුනොවුන්ට එරෙහිව පූර්ව දක්‍ෂතා පිළිබඳව තක්‌සේරුවක්‌ කිරීමේ අවස්‌ථාව අහිමි විය.

ඉන්ද්‍රජිත් සුබසිංහ 
http://www.divaina.com/2014/05/16/sports03.html

0 comments: