Pages

Friday, May 16, 2014

සිගරැට්‌ රූපමය අවවාද : අධිකරණ තීන්දුව ගැන මා තෘප්තිමත් නැහැ. 80% දිනනතුරු සටන අතහරින්නේ නැහැ - මෛත්‍රිපාල


සිගරැට්‌ පැකට්‌ටුව මත සියයට පනහක හැටක ප්‍රමාණයකින් රූපමය සෞඛ්‍ය අවවාද ප්‍රදර්ශනය කිරීමට අවසර දෙමින් අධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් තමන් තෘප්තිමත් නොවන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිsරිසේන මහතා ප්‍රකාශ කළේය.

සිගරැට්‌ පැකට්‌ටුව මත රූපමය සෞඛ්‍ය අවවාද සියයට අසූවක ඉඩ ප්‍රමාණයක ප්‍රදර්ශනය කළ යුතු බවට පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් 225 දෙනා ජනාධිපතිවරයා සහ ඇමැති මණ්‌ඩලය විසින් අනුමත කර ඇතැයිද කී ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා කෙසේ වෙතත් අධිකරණය විසින් මෙවන් තීන්දුවක්‌ ලබාදීම පිළිබඳව ස්‌තුතිය පුදකරන බවද ප්‍රකාශ කළේය.

පුහුණුව ලැබූ හෙද හෙදියන් 2500 ක්‌ බඳවා ගැනීම වෙනුවෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ පැවැති උත්සවයකදී වැඩිදුරටත් ඇමැතිවරයා ප්‍රකාශ කළේ දුම්පානය නිසා දිනකට පුද්ගලයන් 65 - 70 ක්‌ අතර ප්‍රමාණයක්‌ මියයන බවය.

දුම්වැටි පැකට්‌ටුව මත සියයට අසූවක ප්‍රමාණයක පිළිකා රෝගියෙකුගේ රූප ඇතුළත් අවවාද ප්‍රදර්ශනය කිරීමට තීරණය කළේ විශාල ප්‍රමාණයක්‌ දුම්පානයෙන් මියයන නිසා බව කී ඇමැතිවරයා සියයට 80 ක තීන්දුව ක්‍රියාත්මක කරනතුරු තමන් ගෙන ගිය සටන අත් නොහරින බවද කීය.

එමනිසා ඉදිරියේදී මේ පිළිබඳ තීන්දු තීරණ ගණනාවක්‌ ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා කීවේය.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2014/05/15/news16.html

Pic Source

සබැඳි ලිපි කිහිපයක් -
[
ගැහැට දුක්‌ මැද්දෙන් සිගරැට්‌ පැකට්‌ටුවට රූපමය අවවාද එයි!http://denethharinna.blogspot.com/2014/02/blog-post_4342.htmlරට රැකුණේ මහා සංඝරත්නය නිසා - මතින් තොර සමාජයක්‌ යටතේ සඟ රුවනට සුව දැහැත් වට්ටියක් - මෛත්‍රීhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_5164.htmlඑංගලන්තයේ සහ ඇමෙරිකාවේ සුදු මහත්වරුන්ට අයිති සමාගම් අපේ අධිකරණයට ඇවිල්ලා සාකච්ඡා කරනවා. ගැසට් නිවේදනයට දෙයියන්ගේ පිහිටයි – මෛත‍්‍රීhttp://denethharinna.blogspot.com/2013/11/blog-post_5398.htmlදුම්කොළ අධිරාජ්‍යයේ යටත්වැසියන් වන අපි...http://denethharinna.blogspot.com/2013/11/blog-post_9187.htmlමේ ලෝකෙ පාලනය කරන්නෙ දේශපාලකයෝ නොවේ, බහු ජාතික සමාගම්! - මතට එරෙහි සටනේ රජරට විරුවා මෛත්‍රිපාලhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_8370.html80%ක් දුන්නොත් වෙළඳ ලකුණ පේන්නෙ නැහැලු. නියෝගය ඉවත්කරන්න. මුස්තාපාගෙන් ගල් පැලෙන තර්ක. සිගරට් සමාගම් වෙනුවෙන් ෆායිස් මුස්තාපා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි. 80% නියෝගය ශේ්‍රෂ්ඨාධිකරණය අත්හිටුවයි!http://denethharinna.blogspot.com/2013/09/80-80-80.htmlසිගරැට්‌ පැකට්‌වල රූපමය අවවාද ප්‍රදර්ශනය කිරීම ඉක්‌මන් කරන්න - ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5670.htmlහැම අතකම සිගරැට්‌ - ඇත්ත සඟවන දුම්වැටි මාෆියාව - දිවයින කතුවැකියhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9229.htmlදුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්http://denethharinna.blogspot.com/2013/09/blog-post_6542.html
]

0 comments: