Pages

Wednesday, May 28, 2014

චක්‍රලේඛ අදාළ නැහැ | 'හාමුදුරුවරු මේ පැත්ත පළාතේ ගේන්න එපා. බෞද්ධ සැරසිලි හා බෞද්ධ කොඩි දාන්න එපා' - ගම්පොල සහිරා අන්තවාදී මුසලු විදුහල්පති | බෞද්ධ ගුරුවරු 62ක්‌ මාරුවීම් ඉල්ලති

අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛයට අනුව වෙසක්‌ සතියේ සිදු කළ බෞද්ධ වැඩසටහන්වලට බාධා කළ ගම්පොල සහිරා ජාතික පාසලේ විදුහල්පතිවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්‌ වූ එහි සිංහල බෞද්ධ ගුරුවරුන් ඉදිරියේදී පලිගැනීමට ලක්‌ විය හැකි බැවින් ඉක්‌මනින් මේ පිළිබඳව පරීක්‍ෂණයක්‌ කර සාධාරණය ඉටුකරන්නැයි එම විදුහලේ සිංහල බෞද්ධ ගුරුවරුන් හැට දෙදෙනෙකු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලිතව ඉල්ලා තිබේ.

එසේ නොමැති නම් තමන් සියලු දෙනාම වෙනත් පාසල්වලට අනුයුක්‌ත කරන්නැයි ද එම ලිපියෙන් ඉල්ලා තිබේ.

පාසලේ සිංහල ගුරුවරුන් හැට දෙදෙනෙකු අත්සන් කළ එම ඉල්ලීම් ලිපියකින් අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික පාසල් අධ්‍යක්‍ෂකවරයා ඇතුළු ආයතන ගණනාවකට යොමු කර වන බව එම ගුරුවරු අවධාරණය කර සිටිති.

චක්‍රලේඛයට අනුව වෙසක්‌ සතියේ වැඩසටහන් විදුහල්පතිවරයාගේ මූලිකත්වයෙන් සිදුකළ යුතු වූවත් ඔහු එසේ නොකළ බවත් ඒ අනුව පාසලේ බෞද්ධ සමිතිය මගින් එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සූදානම් වුවද ඒ සඳහා නිසි ස්‌ථානයක්‌ පවා නොදෙමින් විදුහල්පතිවරයා එදින පාසලේ වෙනත් උත්සවයක්‌ පැවැත් වූ බවත් ඔවුහු මෙම ලිපියේ සඳහන් කරති.

ශිල ව්‍යාපාරය යටතේ ධර්ම දේශනයට හා සිල් ලබාදීමට භික්‌ෂූන් වහන්සේ නමක්‌ වැඩම කර වීමට අවසර ලබා ගැනීමට උත්සහ ගැනීමේදී හාමුදුරුවරු මේ පැත්ත පළාතේ ගේන්න එපායෑයි පැවසූ විදුහල්පතිවරයා පසුව මාධ්‍ය නිවේදන නිකුත් කරමින් පාසලේ ආදි ශිෂ්‍ය සංගමය හරහා පාසලේ පිරිතක්‌ කියු බවත් ඒ සඳහා විදුහල්පතිවරයාද සහභාගී වී භික්‌ෂූන් වහන්සේලා වැඩම කරවූ බවත් සඳහන් කර අසත්‍ය තොරතුරු මාධ්‍යවල පළකොට තිබූ බවද මෙම ගුරුවරු එම ලිපියේ සඳහන් කරති. බෞද්ධ සංගමයේ ලේකම් නමින් පළ කර තිබු එම නිවේදනය සාවද්‍ය එකක්‌ බවත් එකී සංගමයේ සභාපතිනියගේ හෝ ලේකම්ගේ කිසිම සම්බන්ධයක්‌ එම ලිපියට නැති බවත් ගුරුවරු සඳහන් කරති. එය හුදෙක්‌ ඉදිරිපත් කර ඇත්තේ විදුහල්පතිවරයා ළඟින් ආශ්‍රය කරන ගුරුවරුන්ගේ උපදෙස්‌ මත බවද එහි සඳහන්ය. පාසලේ සිංහල මාධ්‍ය සිසුන් 900 දෙනකු හා සිංහල ගුරුවරුන් 65 දෙනකු අනධ්‍යන කාර්ය මණ්‌ඩලයේ සිංහල 09 දෙනකු සිටින අතර විදුහල්පතිවරයා හතර හා පහ ශ්‍රේණිවලට ගොස්‌ පවසා ඇත්තේ බෞද්ධ සැරසිලි හා බෞද්ධ කොඩි ප්‍රදර්ශනය නොකරන ලෙසය. එහිදී සිසුන්ගේ නිපුනතාවයට හා බෞද්ධ කොඩිය පිළිබඳව පාඩමක්‌ ඇති බව ගුරුවරුන් පෙන්වා දුන් පසු මේවා සංස්‌කෘතියට පටහැනි නිසා ප්‍රදර්ශනය නොකර ඉවත් කරන ලෙස විදුහල්පතිවරයා අවධාරණය කළ බවද ගුරුවරු මෙම ලිපියෙන් පවසති. 

මෙම සිද්ධිය අළලා ගම්පොල නගරයේ පැවැත් වූ උද්ඝෝෂණයට තම ගුරු මණ්‌ඩලය හවුල් නොවූ බවත් එය විදුහල්පතිවරයාගේ බෞද්ධ විරෝධී ක්‍රියාව හෙළා දැක්‌වීම සඳහා ප්‍රදේශවාසීන් හා භික්‌ෂූන් වහන්සේලා සිදු කළ එකක්‌ බවත් එය දඩමීමා කරගනිමින් විදුහල්පතිවරයා සෑම රාජ්‍ය ආයතනයකටම හා මහා නාහිමිවරුන් වෙත අසත්‍ය ලිපි යවා ගුරු මණ්‌ඩලය අපහසුතාවයට පත් කරන බවත් මෙම ලිපියෙහි දැක්‌වෙයි. තමන් කටයුතු කරන්නේ ජාති විරෝධී හෝ ආගම් විරෝධී ක්‍රියාවක නොවන බවත් අවශ්‍ය වන්නේ යහපත් මනසකින් ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමට අවශ්‍ය වාතාවරණයක්‌ සකස්‌ කර ගැනීමට බවත් එසේ නොමැති නම් සියලු දෙනා පාසලෙන් වෙනත් පාසල් සඳහා මාරු කර හරින ලෙසත් එම ගුරුවරුන් ලිතව ඉල්ලා තිබේ.

ගම්පොල සුරංග දිල්හාන්
http://www.divaina.com/2014/05/28/news12.html

Pic Source

සබැඳි ලිපි -
[
බියවැද්දීම් නතර කරනු..! ගම්පොළ බෞද්ධයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරනු..!! - ජාතික හෙළ උරුමයhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_22.html
]

0 comments: