Pages

Wednesday, May 21, 2014

දෙමාපියන්ගේ කුඹුරු උකස්‌ කර කුඹුර වැඩට නිමැවූ බහුකාර්යය යන්ත්‍රය 'භූතයා' ලෝක නව නිපැයුම් 2තැන දිනයි. තඹුත්තේගම සිසුවා මව්බිමට කීර්තිය ගෙනෙයි

ලෝක නව නිපැයුම් තරගයට ඇමෙරිකාවේ ලොස්‌ ඇන්ජලීස්‌ නගරයට ගිය ශ්‍රී ලාංකීය සිසුවා ලෝක වාර්තාවක්‌ පිහිටුවා මෙරටට කීර්තියක්‌ අත්කර දී ඊයේ (19 දා) දිවයිනට පැමිණියේය. මෙලෙස මෙරටට කීර්තියක්‌ හා ගෞරවයක්‌ අත්පත්කර දී ඇත්තේ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ සෝලම ගම්මානයේ පදිංචි ඩබ්ලිව්. ඒ. නාමල් උදාර පියසේන නමැති 17 හැවිරිදි සිසුවායි.

මෙම ශිෂ්‍යයා මුලින්ම සෝලම විදුහලටත් පසුව බෙල්ලන්කඩවල මහා විද්‍යාලයටත් ඇතුළත් වී අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිට 2012 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් සමත් වී තිබේ. මුලින් ඔහු අත්ට්‍රැක්‌ටරයක්‌ භාවිත කරමින් කුඹුරේ නියර බැඳීම, වී වල්දැත්ත කැපීම, නියර තැලීම ආදිය සඳහා ට්‍රැක්‌ටරයේ කොටස්‌ නිර්මාණය කොට ඒ සඳහා තරගවලට ඉදිරිපත් වී පේටන්ට්‌ බලපත්‍ර ලබාගෙන ඇත. පසුව නාමල් ශිෂ්‍යයා අ.පො.ස. (උ.පෙළ) හැදෑරීම පිණිස තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය.

එහිදී ඔහු තම දැනුම උපයෝගි කරගනිමින් කුඹුරේ ගොයම් කපා පාගා එවලේම ලබාගන්නා "භූතයා" නමැති යන්ත්‍රයේ එන්ජිම භාවිත කරගනිමින් කුඹුරම සීසෑමටත් නියර බැඳීමටත් නියර රැහීමටත් හී වැල් දැත්ත ඇරීමටත් නියරවල පස්‌ තද කිරීමටත් පෝරු ගෑමටත් පස්‌ කැපීමටත් යන්ත්‍රයේ කොටස්‌ නිර්මාණය කොට පළාත් තරගවලටත් ජාතික තලයේ තරගයටත් ඉදිරිපත් වී පේටන්ට්‌ බලපත්‍ර ලබාගෙන තිබේ. ඉකුත්දා ලෝක තරගයට සහභාගි වී ලෝකෙන්ම දෙවැනි ස්‌ථානයට තේරී ත්‍යාග සහ සහතික ලබාගෙන ඉකුත් 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණියේය. අනතුරුව ඔහු 19 වැනි දින ජනාධිපතිතුමා ද හමුවට යන ලදී. මෙවන් රටට කීර්තියක්‌ ලබාදුන් මෙම සිසුවා පිළිගැනීමේ උත්සවයක්‌ අද (20 දා) තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ. ඉන් අනතුරුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිට ඔහු උපන් ගමට රිය පෙරහැරකින් කැඳවාගෙන යැමට තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.

ජයග්‍රාහී නව නිපැයුම්කරු වන ඩබ්ලිව්. ඒ. නාමල් උදාර සිසුවා

සී. එම්. ආරියපාල - තඹුත්තේගම, නොච්චියාගම - එම්. එම්. පී. ජී. පෙරේරා
http://www.divaina.com/2014/05/20/news19.html

සබැඳි ලිපි -
[
දෙමාපියන්ගේ කුඹුරු අක්‌කර 2 1/2 උකස්‌ කර අනුරපුර සිසුවෙක්‌ නියර බඳින යන්ත්‍රයක්‌ නිපදවයි!http://denethharinna.blogspot.com/2014/02/2-12.html
]

0 comments: