Pages

Thursday, May 22, 2014

චීනය-රුසියාව ඉතිහාසගත බලශක්ති ගිවිසුමකට































දස වසරක සාකච්ඡවකින් පසුව රුසියානු ගැස්ප්‍රොම් සමාගම සහ චීන ජාතික පෙට්‍රෝලියම් සංස්ථාව අතර ඓතිහාසික බලශක්ති ගිවිසුම අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

ගැස්ප්‍රොම්හි ප‍්‍රධාන විධායක නිලධාරි ඇලෙක්සේයි මිලර් පවසා ඇත්තේ එකගතාවයේ වටිනාකම ඩොලර් බිලියන 400ක් වන බවයි.

චීනය වෙත ස්වභාවික වායු ලබාදෙන මිල වාණිජ රහසක් ලෙස පවත්වාගන්නා බව ඔහු පවසා තිබේ.  මින් පෙර පුටින් විසින් පවසන ලද්දේ ගෑස් මිල වෙළඳපොළ මට්ටමෙහි ලා පවත්වාගන්නා බවයි.  කෙසේවෙතත් විචාරකයින් පවසන්නේ තීරණය වූ ගෑස් මිල ඝන මීටර් 1000කට ඩොලර් 350ක් වන බවයි.

ගෑස් සැපයුම 2018දී ආරම්භ කිරීමට ඉලක්ක කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය නළ මාර්ග සහ වෙනත් යටිතල පහසුකම් සඳහා රුසියාව විසින් ඩොලර් බිලියන 55ක් සහ චීනය විසින් බිලියන 22ක් වැය කිරීමට නියමිතව ඇත.  මෙය ගැස්ප්‍රොම් සමාගමේ විශාලතම ගණුදෙනුව බව පැවසේ.

සයිබීරියානු බලය නළ මාර්ගය හරහා රුසියාවේ නැගෙනහිර ප‍්‍රදේශ සිට චීනයේ අතිශය ජනාකීර්ණ ඊසානදිග කොටසට වසරකට ඝන මීටර් 38ක ප‍්‍රමාණයක් ගෑස් සැපයෙනු ඇති අතර අල්ටායි නළ මාර්ගල ඉදිකළහොත් එය ඝන මීටර බිලියන 68 දක්වා වර්ධනය කළ හැකිවනු ඇතැයි පැවසේ.

ගැස්ප්‍රොම් ප‍්‍රධාන විධායක ඇලෙක්සේයි මිලර් සහ චීන ජාතික පෙට්‍රෝලියම් සංස්ථාවේ ප‍්‍රධානි සූ ජිපින් අතර අවසන් සාකච්ඡ වටයෙන් පසු දෙරටේ ජනපතිවරුන් විසින් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බවද වාර්තා වේ.

http://lankacnews.com/sinhala/foreign-news/116056/

0 comments: